×
රැවටීම සහ වංචා කිරීම වැනි පහත් ක්රි යාව ශිෂ්ට සම්පන්න පුද්ගලයෙකුට නොගැළපෙන පිළිකුල් සහගත ලක්ෂණයකි. අන් අය වැරදි මාර්ගයේ යොමු කරනු පිණිස සත්යරය දැනුවත්වම විකෘති කිරීම අවංකභාවයේ වටිනාකමට එරෙහි ක්රි යාවකි.

    රැවටීම සහ වංචා කිරීම ඉතාමත් දරුණු පාපයකි

    ] සිංහල – Sinhala – [ سنهالي

    2014 මැයි 2 වන දින සවූදි අරාබියේ අරබ් නිව්ස් පුවත් පතේ පළ වු ලිපිය

    සිංහල පරිවර්තනය

    ජාසිම් ඉබ්න් දඉයාන්

    2014 - 1435

    معصية الكذب والخيانة وآثارهما

    « باللغة السنهالية »

    جريدة العرب الإنجليزي في يوم 02 مايو 2014م

    ترجمة: جاسم بن دعيان

    2014 - 1435

    රැවටීම සහ වංචා කිරීම ඉතාමත් දරුණු පාපයකි

    අරබ් නිවුස් පත්‍රයේ 2014 මැයි මස 2 වැනි දින පළ කරන ලදී

    රැවටීම සහ වංචා කිරීම වැනි පහත් ක්‍රියාව ශිෂ්ට සම්පන්න පුද්ගලයෙකුට නොගැළපෙන පිළිකුල් සහගත ලක්ෂණයකි. අන් අය වැරදි මාර්ගයේ යොමු කරනු පිණිස සත්‍යය දැනුවත්වම විකෘති කිරීම අවංකභාවයේ වටිනාකමට එරෙහි ක්‍රියාවකි. කෙනෙක් අවංකවීම සඳහා සෘජුභාවය සහ සාධාරණත්වය අවශ්‍ය වන අතර, එහි දී බොරු පැවසීම, ප්‍රෝඩාව, රැවටිලි වැනි ක්‍රියාවන්ට ඉඩ නැත. මුස්ලිම් හෝ මුස්ලිම් නොවන කෙනෙක් ව ඉලක්ක කර ගත් වංචනික ක්‍රියාවන් ඉස්ලාමයේ තහනම් කළ බව ප්‍රකාශ කරන වාක්‍යයන් බොහෝමයක් අල් කුර්ආනයේ සහ මුහම්මද් (සල්) තුමාණන්ගේ සුන්නාහ්වෙ හි දක්නට තිබේ.

    ඉස්ලාමීය ඉගැන්වීම් පිළිගත් කෙනෙකු සද්භාවය කරා රැගෙන යනු ලබන අතර, එමගින් බොරු, වංචාව, ද්‍රෝහිකම වැනි ක්‍රියාවන්ගෙන් ඉවත්වෙයි. “අපට එරෙහිව ආයුධ අතට ගත් කෙනෙක් අපට අයත් නොවන අතර, අපට එරෙහි ව වංචා කරන්නෙක් අපට අයත් නොවන්නේය.” යනුවෙන් නබි (සල්) තුමාණන් ප්‍රකාශ කළහ. (මූලාශ්‍රය සහීහ් මුස්ලිම්)

    තවත් හදීසයක, දිනක් වෙළඳ පොළේ අලෙවි කිරීම සඳහා තිබු ධාන්‍ය තොගයක් පසු කර ගෙන ගිය නබි (සල්) තුමාණන් එම ගොඩ තුළ අත ඔබා, එහි තෙතමනය තිබෙන බව දුටුහ. “ධාන්‍ය ගොඩ හිමිකරුවනි! මෙය කුමක් දැ? ” යි විමසුහ. එවිට වෙළෙන්ඳා “වර්ෂාව නිසා තෙත් වුණා අල්ලාහ්ගේ රසුල් (සල්) තුමාණනි.” යැයි පිළිතුරු දුන්නේය. “වැස්සට තෙත් වූ ධාන්‍ය පාරිභෝගික යන්ට දැක ගත හැකි අයුරින් උඩින් නොදමන්නේ ඇයි? අපව මුළා කරන අය අපට අයත් නොවෙති.” යැයි ඔහුට පැවසුහ. (සහීහ් මුස්ලිම්)

    සෑම මුස්ලිම්වරයෙකු කෙරෙහි පවිත්‍ර හැඟීම්, ආදරය, අවංක භාවය සහ දුන් පොරොන්දුව ඉෂ්ඨ කිරීම මත මුස්ලිම් සමාජය පදනම් කර තිබේ. එහි සාමාජිකයන් බිය බැතිමත්කම, සත්‍යතාව සහ අවංක භාවය සහිත අය වෙති. මුස්ලිම්වරයෙකුගේ උදාර ගුණාංගයන්ට කපටිකම සහ වංචාව කිසිසේත්ම ගැලපෙන්නේ නැත. ගසා කන්නන්ට, වංචා කරන්නන්ට, කපටියන්ට, හෝ ද්‍රෝහිකම් කරන්නන්ට එහි ඉඩ නැත.

    රැවටීම සහ මුළා කිරීම මහත් සාහසික පාපයන් බව ඉස්ලාම් සලකයි. එම පාපය ඉටු කරන්නාට මෙලෙවෙ හි සහ මරණයෙන් පසු ව නින්දාවට හේතුවක් බව එය පත් වෙයි.

    මෙවැනි පාපය සිදු කළ තැනැත්තා මුස්ලිම් සමාජයෙන් මෙලොව පමණක් බැහැර කරනු ලබන බව රසූල් (සල්) තුමාණන් ප්‍රකාශ කළේ නැත. විනිශ්චය දිනයේ සෑම ද්‍රෝහියෙක්ම තම පාවාදීම ක්‍රියාවේ ධජය ඔසවාගෙන නැගිටු වනු ලබන බව එතුමාණන් ප්‍රකාශ කළහ.

    විනිශ්චය සිදු කරන අති විශාල විනිශ්චය පිටියේ, ඇරයුම් කරුවෙක් සෑම ද්‍රෝහියෙකු දෙස අත දිගු කොට, “සෑම ද්‍රෝහියෙකු යළි නැගිටු වනු ලබන දිනයේ ධජයක් දෙනු ලබන අතර, මොහි විශ්වාසය කඩ කළේ මේ අයුරිනි.” යනුවෙන් ප්‍රසිද්ධ කරනු ලබයි. (සහීහ් බුහාරි)

    එවැනි බිහිසුණු දිනයේ අති කාරුණික නබි (සල්) තුමාණන් මුණ ගසන ඔවුන්ගේ අවනම්බුව තව තවත් අධික වනු ඇත. ඔවුන් කළ පාපයේ ප්‍රමාණය නිසා අල්ලාහ්ගේ අසීමිති කරුණාව සහ නබි (සල්) තමාණන්ගේ මැදිහත් වීම ඔවුන්ට අහිමි වෙයි.

    “යළි නැගිටුවන දිනයේ දී තුන් පිරිසකට මම එරෙහි වන්නෙමි. පොරොන්දුවක් දී එය කඩ කළ අය, ස්වාධීන පුද්ගලයෙකු වහල් භාවයට අලෙවි කර, එයින් ලැබු මුදල තබා ගත් කෙනෙක්, සේවකයෙකු කුලියට ගෙන ඔහුගේ සේවයෙන් ප්‍රයෝජනය ලැබ, ඔහුගේ වේතනය නො ගෙවු කෙනෙක් යන අය වේ.” යැයි අති උතුම් අල්ලාහ් පවසන බව නබි (සල්) තුමාණන් පැවසුහ. මූලාශ්‍ර සහීහ් අල් බුහාරි.

    වර්තමාන සමාජයේ පවතින රැවටිලි සහ වංචාවන්ගෙන් සෑම කෙනෙකුම නිදහස් වි සිටිය යුතුය. විභාගය, වෙළෙඳ ගනු දෙනු, සැමියා සහ බිරිය අතර පවා වංචා කිරීම බහුල ව සිදු වනු ඇත. ස්වදේශිය නිෂ්පාදන භාණ්ඩයකට බොරු ලේබලයක් අලවා, එය විදේශයෙන් ආනයනය කළ බව පෙන්වීම මෙවැනි ප්‍රෝඩාවකි.

    නුගත් කෙනෙක් උපදෙස් පතන විට, ඔහුට වැරදි උපදෙස් දී, ඔහු යහපත් උපදෙස් ලබන බව ඔහුට අඟවා අවසානයේ ඔහු මුළා කිරීම ඇතැම් අයගේ ක්‍රියා මාර්ගය වේ.සේවකයෙක් තමා ලබන වේතනය සඳහා වංචා හෝ රැවටිලි නොමැති ව තම රාජකාරිය නිසි ලෙස ඉටු කළ යුතුය. දේශපාලකයෝ මැතිවරණයක දී ඡන්ද සොරකම් කර මුළු ජාතිය මුළා කරති. විවාහ වු යුවළ එකිනෙකාට වංචා කරමින් විවාහයෙන් බැහැර ව අසම්මත සම්බඳතා පවත් වන ආකාරය නවීන සමාජයේ දැක ගත හැක. මුස්ලිම් වරයෙක් තම වටිනාකම කුමක් දැයි හඳුනා ගෙන, මුළා කරන ප්‍රෝඩාකරුවන්ගේ සමාජයට සම්බන්ධ වී නබි (සල්) තුමාණන් සඳහන් ආත්ම වංචනික පිරිස හා සමාන කෙනෙක් නොවීමට වග බලා ගත යුතුය. “මෙවැනි ආත්ම වංචනික අයට විශේෂ ලක්‍ෂ්ණ හතරක් තිබේ. ඒවා සියල්ල හෝ එවායින් එක ලක්‍ෂණයක් හෝ තිබේ නම් ඔහු එය අත හරින තුරු සැබෑ ආත්ම වංචනිකයෙක් බව පවතී.

    1. ඔහු වෙත විශ්වාසය තැබුව හොත් ඔහු විශ්වාසය කඩ කරයි.

    2. ඔහු යමක් පවසන විට අසත්‍ය පවසයි.

    3. ඔහු යමක් පොරොන්දු වුවහොත් එය ඉෂ්ට නොකරයි.

    4. ඔහු ආරවුල් කරන විට අපහාසාත්මකව කථා කරයි. මූලාශ්‍ර සහීහ් බුහාරි සහ සහීහ් මුස්ලිම්.

    එනිසා සැබෑ ඉස්ලාමීය හැඟීම් සහිත මුස්ලිම් වර යෙක් වංචාව, රැවටිලි, විශ්වාසය කඩ කිරීම සහ අසත්‍ය කථා කිරීම වැනි සියලු පහත් ක්‍රියාවල යෙදීමෙන් කෙතරම් ලාභයක් හෝ වාසියක් ලැබුණත් ඒවායින් ඉවත් වී ජිවත් විය යුතුය. මෙයට හේතුව මෙවැනි පාප ක්‍රියාවන් හි යෙදෙන කෙනෙක් මුනාෆික් නම් ආත්ම වංචනික අයගේ සමාජයට අයත් වන බව ඉස්ලාම් අවවාද කර ඇති නිසාය.

    මෙම යහ කියා මාර්ගය ආරම්භ කිරීමට සහ එමගින් අල්ලාහ්ගේ ආදරය දිනාගෙන අවසාන දිනයට සූදානම් වීමට එළඹෙන රමදාන් මාසය ඉතාමත් සුදුසු මාසයක් බව තොරා ගත යුතුය.

    ඔබේ අදහස් පහත සඳහන් ලිපිනයට ඉදිරි කළ හැක.

    [email protected]