කාන්තා පිරිසිදුකම
පරිවර්තන කරුණු
- فارسی دری - Unnamed
- پښتو - Pashto
- हिन्दी - Hindi
- suomi - Finnish
- தமிழ் - Tamil
- اردو - Urdu
- română - Romanian
- മലയാളം - Malayalam
- Tiếng Việt - Vietnamese
- বাংলা - Bengali
- Bahasa Indonesia - Indonesian
- português - Portuguese
- Wikang Tagalog - Tagalog
- فارسی - Persian
- অসমীয়া - Assamese
- lietuvių - Lithuanian
- ελληνικά - Greek
- bosanski - Bosnian
- Malagasy - Malagasy
- ไทย - Thai
- Èdè Yorùbá - Yoruba
- አማርኛ - Amharic
- Hausa - Hausa
- Кыргызча - Кyrgyz
- తెలుగు - Telugu
- Kurdî - Kurdish
- ಕನ್ನಡ - Kannada
- svenska - Swedish
ප්‍රවර්ග / වර්ගීකරණයන්
මූලාශ්‍ර
Full Description
- කාන්තා පිරිසිදුකම
- رسالة في الدماء الطبيعية للنساء
- පෙරවදන
- හැඳින්වීම
- අල්ලාහ් තආලා මෙසේ පවසයි.
- පළවෙනි සාක්ෂිය:
- තෙවන සාක්ෂිය :
- සිව්වන සාක්ෂිය:
- පස්වන සාක්ෂිය:
- ගර්භණී ස්ත්‍රීයකගේ ඔසප් වීම පිළිබද විස්තර
- සැලැකිය යුතුයි :
- 03 - ඔසප් වීමෙහි ඇතිවන වෙනස්වීම්
- 4. ඔසප් වීම සම්බන්ධව පවතින නීති රීති
- ඔසප් වූ තත්වයේ පසුවන කාන්තාවන් අල්කුර්ආනය පාරායනය කිරීම.
- වෙනත් නීතිරීතීන්
- 5 - ඉස්තිහාදා
- මුස්තහාදා තත්වය හා සමාන කෙනෙක් අනුගමනය කල යුතු කරුණු.
- මුස්තහාදාවට අදාල නීති රීති
- 6 - නිෆාස් යනු කුමක්ද?
- නිෆාසයට අදාල නීති රීති
- 7 - ඔසප් වීම වළක්වාගැනීම - උපත් පාලනය හා ගබ්සාව
- අවසාන වශයෙන් වචනයක්
- 8 - ප්‍රශ්න හා ඒ සඳහා පිළිතුරු
කාන්තා පිරිසිදුකම
رسالة في الدماء الطبيعية للنساء
පෙරවදන
දැරියක මල්වරවීමෙන් පසු ඇතිවන ඔසප් වීම මාසයකට වරක් සිදුවන බැවින් මේ සඳහා මාස් සුද්ධිය, මාසික ආර්තවය, මාසික ඔසප් වීම සහ මාසය මාරුවීම ලෙසද හැඳින්වේ. ඔසප් වීම කාන්තාවකගේ සෞඛ්‍ය සම්පන්න බව කියාපාන ලක්ෂණයක්. ඉස්ලාමීය වත්පිලිවෙත් හා වන්දනාමාන කටයුතු ඉටු කිරීමේදී සහ මෙම කාලය තුල එදිනෙදා කටයුතු ඉටුකිරීමේදී මේ සම්බන්ධව ඉස්ලාමීය කාන්තාවක් විශේෂ සැලකිල්ලක් දක්වන බැවින් ඉස්ලාමීය ඉගැන්වීම් යනුවෙන් වරදවා සිතා වැරැදි දේ කරමින් අනවශ්‍ය ලෙස අපහසු තත්ත්වයට පත්වන කාන්තාවන් ගැන අසන්නට ලැබී තිබෙනවා.
එබැවින් මෙම විෂය සම්බන්ධව ඔබ දෝතෙහි ඇති මේ පොත් පිංච ප්‍රධාන පෙළේ ඉස්ලාමීය ශාස්ත්‍ර විශාරද අශ්ශෙයික් මුහම්මද් බින් සාලිහ් අල් උසයිමීන් (රහ්) විසින් අල්කුර්ආනය සහ හදීස් පදනම් කරගෙන කාන්තාවක් මෙම කාලය තුල අනිවාර්යයෙන්ම දැන ගතයුතු කරුණු විස්තර සහිතව පැහැදිලි කර ඇත.
මුල් පොතෙහි ඇති පාදසටහන් පරිවර්තක විසින් පරිවර්තනය නොකර එහි අරුත ඒ ඒ තැන්හිදී විස්තර කර ඇත.
මුස්ලිම් කාන්තාවන් මෙයින් නිසි ප්‍රයෝජනය ලබාගනු ඇතැයි අප විශ්වාස කරමු.
සියඵ ප්‍රශංසා අල්ලාහ්ටම හිමිය .
ප්‍රකාශකයෝ
2016 – 05- 25
රියාද්
හැඳින්වීම
මහා කාරුණික අති දයාන්විත අල්ලාහ්ගේ නාමෙයනි.
සියඵ ප්‍රශංසා හිමිවන්නේ අල්ලාහ්ට පමණයි. අපි ඔහු ප්‍රශංසාකර ඔහුගේ සහාය ද අපගේ පාපයන් හට සමාව ද අයැද සිටිමු. අති ශ්‍රේෂ්ඨ වූ අල්ලාහ්ගෙන් අපේ පව් සදහා සමාව අයද සිටිමු. ඔහු විසින් යහ මගපෙන්වන්නා නොමග යන්නේ නැත. ඔහු විසින් නොමග යවන්නා යහමග යන්නේ නැත. නැමදීමට සුදුස්සා අල්ලාහ් හැර අන් කිසිවෙකු නැත යනුවෙන් හා මුහම්මද් නබි තුමාණන් අල්ලාහ් ගේ දූතයෙකු හා වක්තෘ වහන්සේ කෙනෙකු ලෙස සාක්ෂි දරමි.
ස්ත්රීන්ගේ ඔසප් පිටවීම තුන් ආකාරයකින් සිදුවේ .
1. නිශ්චිත කාලය තුල සිදුවෙන ඔසප් පිටවීම්.
2. ඉස්තිහාදා හෙවත් නියමිත කාලයට අමතරව ලේ පිටවීම.
3. නිෆාස් හෙවත් දරු ප්‍රසුතියට පසු ලේ පිටවීම.
අල් කුර්ආන් සහ සුන්නාහ් තුලින් මේ සදහා අවශ්‍ය සාධක ලබා ගැනීම අවශ්‍ය වේ. කුමක් නිසාද යත්
අ. අල්ලාහ්ගේ මග පෙන්වීම් ලබා ගත හැකි මාර්ග නම් අල්කුර්ආන් සහ අස්සුන්නාහ් වීම.
ආ. මේ තුලින් ඕනෑම අවශ්‍යතාවයක් සදහා විස්තර ලබා ගැනීමේදී හරිදේ කල බවට හිතේ සැනැසීමක් සහනයක් ඇතිවීම.
ඇ. අල්කුර්ආන් සහ සුන්නාහ් පමණක් වෙනත් මාර්ගයන් සඳහා සාදකයන් ලෙස ගත හැකි අතර වෙනත් මාරගයන් අල්කුර්ආන් සහ සුන්නාහ්වට සාදකයන් ලෙස ගත නොහැක.
මෙම මගපෙන්වීම් දෙක හැරුණු විට මෙම විෂයට සම්බන්ධව නබි තුමාණන්ගේ සහාබාවරුන්ගේ සහ වෙනත් විද්වතුන්ගේ අදහස් ගැන සොයාබැලිය හැක. එනමුදු ඒවා මෙම මූලාශ්‍ර දෙකට එකඟනම් පමණක් පිළිගත යුතු වේ.
අල්ලාහ් තආලා මෙසේ පවසයි.
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ أَطِيعُواْ ٱللَّهَ وَأَطِيعُواْ ٱلرَّسُولَ وَأُوْلِي ٱلۡأَمۡرِ مِنكُمۡۖ فَإِن تَنَٰزَعۡتُمۡ فِي شَيۡءٖ فَرُدُّوهُ إِلَى ٱللَّهِ وَٱلرَّسُولِ إِن كُنتُمۡ تُؤۡمِنُونَ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِۚ ذَٰلِكَ خَيۡرٞ وَأَحۡسَنُ تَأۡوِيلًا ٥٩
යම් කිසි විෂයක් ගැන ඔබලා අතර මත භේදයක් හටගත් විටක, අල්ලාහ් සහ කියාමත් දිනය ඔබලා විශ්වාස කරන්නේ නම් එය අල්ලාහ් සහ නබිවරයා වෙත යොමු කරන්න.එයම එකම නිවැරදි මග සහ උචිත මාර්ගය වේ. ( 4 – 59)
එබැවින් පහත සදහන් කාන්තා පිරිසිදු කම පිළිබද කරුණු ඉහත දැක්වූ මගපෙන්වීම් යටතේ විස්තර කරමි.
1. ඔසප් වීම යනු කුමක්ද?
2. ඔසප් වීම සිදුවෙන කාලය
3. එහි වෙනස්කම්
4. එහි නීති රීති
5. ඉස්තිහාදා පිළිබද විස්තර
6. නිෆාස් සහ එහි නීති රීති
ඔසප් වීම යනු කුමක්ද?
ඔසප් වීම යන්නෙහි අරාබි යෙදුම :
ගලායෑම වැගිරීම සහ වහනය වීම යනුවෙන් විස්තර කිරීමට හැක.
ඉස්ලාමිය රාමුව තුල :
බාහිර හේතුවක් නොමතිව ස්වභාවික ලෙස නියමිත කාලයක් තුල කාන්තාවන්ගේ ගර්භාෂය තුලින් පිටවන රුධිරය මෙසේ ඔසප් වීම යනුවෙන් හදුන්වමු. වෙනත් රෝගයක්, ගබ්සාවක්, හෝ දරු ප්‍රසූතියක් තුලින් පිට වෙන රුධිරය ඔසප් පිටවීම සමග සන්සන්දනය කරීම නොකල යුතුයි.
මෙම ඔසප් වීම් ස්වභාවය ස්ත්‍රීන්ගෙන් ස්ත්‍රීයකට වෙනස් වන අවස්ථා ඇත. ඒවා ඔවුන්ගේ ශාරීරික ස්වභාවය පරිසරය සහ විවිධ හේතූන් නිසා ඇති වන බලපෑම් නිසා වෙනස් වේ.
සැලකිය යුතුයි:
මවකගේ ගර්භාෂය තුළ ඇති එම කළලයට අල්ලාහ් දෙවිඳුන් හැර කෙතරම් කරුණාවන්යෙක් වූවද එක් වේලක පොෂ්යදායක ආහාරයක් සැපයිය නොහැකිය යන්න අප වටහා ගත යුතුයි.උන්වහන්සේ විසින් මෙවන් තත්වයක ලේ ගමන් කිරීමේ නිසි පිළිවෙළක් ගර්භාෂය තුළ ඇති කර ඇත්තේය.මෙම නිසි පිළිවෙළ තුළින් ආහාරය පෙකිනි වැල ඔස්සේ ගර්භාෂයේ ඇති කළලයට ලැබෙන්න සලස්වා ඇත.කාන්තාවක් ගැබ්ගත් විට මාස් ශුද්ධිය නතර වීමට හේතුව මෙය වේ.මෙම කාල පරිච්ඡේදයේ කාන්තාවකට මාස් ශුද්ධිය ඇති වන්නේ කලාතුරකිනි.එසේම කාන්තාවක් කිරි පොවන කාල පරිච්ඡේදයේ තුලද මාස් ශුද්ධිය ඇති වන්නේ ඉතා අවමය.
ඔසප් වීම ඇතිවෙන සහ නවතින කාලය.
1. වයස් සීමාව :
ඔසප් වීම් සාමාන්‍ය යෙන් අවුරුදු 12 ත් 50ත් අතර සිදුවේ. එනමුදු ඔවුන්ගේ ශාරීරික ස්වභාවය පරිසරය සහ විවිධ හේතූන් නිසා ඇති වන බලපෑම් නිසා නියමිත කාලයට පෙර හෝ පසු සිදුවීමට හැක.
ඉස්ලාමීය විද්වතුන් අතර ඔසප් වීම් ඇතිවෙන කාල සීමාවන් සම්බන්ධයෙන් සහ සාමාන්‍ය යෙන් පිටවෙන නියමිත කාලයට පෙර හා පසු පිටවෙන රුධිරය ඔසප් වීමට අදාල වේද නොවේද යන්නෙහි වෙනස් වූ අදහස් දරති.
ඉමාම් දාරමීගේ අදහස : වයස ගැන නොතකා ඔසප්වීම් වලට අදාල නීති රීති ගැන සැළකිලිමත් විය යුතුයි.අදාල කාල සීමාවක් තුල රුධිරය පිට වීම හේතුවෙන් ඒවා ඔසප් වීම නිසා පිට වූ රුධිරය ලෙස අප විසින් පිලිගත යුතු වේ. ෂෙයිහුල් ඉස්ලාම් ඉබ්නු තෛමියාද මෙම අදහස සමග එකග වෙයි.
ස්ත්‍රීයකට ඇයගේ වයස 9 ට වඩා අඩු වුවද 50 ට වඩා වැඩි වුවද රුධිරය පිටවීමේදී ඒවා ඔසප් වීම නිසා පිට වූ රුධිරය ලෙස පිලිගත යුතු වේ. මන්ද ඔසප් වීම ඇතිවෙන සහ නවතින කාලය ගැන කිසිවක් අල්ලාහ් හෝ නබි තුමා පවසා නැත.මෙයට අදාල වයස් සීමාවක් ගෙන දැක්වීමට නම් අල් කුර්ආනයේ හා අල් හදීස් වලින් සාධක ලබා ගැනීම අනිවාර්ය වේ.නමුත් ඒවායේ කිසිඳු සාධකයක් දක්නට නැත.
2. ඔසප් වීම පවතින කාල සීමාව
ඔසප් වීම ඇතිවීමෙන් පසු එය කොපණම කාලයක් පවතින්නේ ද යන කරුණ සම්බන්ධයෙන් ඉස්ලාමිය විද්වතුන් අතර විවිධ මත දක්නට ඇත. ඔවුහු මෙයට අදාල දින ගනණ මෙපමණයි යනුවෙන් සීමාවක් දක්වා නැත. මෙම පොතහි කතෘ මේ ගැන ඉමාම් දාරමීගේ අදහස සහ ෂෙයිහුල් ඉස්ලාම් ඉබ්නු තෛමියාගේ අදහස සමග එකග වෙයි. මන්ද මේ අදහස් අල් කුර්ආන් සහ සුන්නාහ් වලට අදාල බැවිනි.
පළවෙනි සාක්ෂිය:
අල්ලාහ් මෙසේ පවසයි.
وَيَسَۡٔلُونَكَ عَنِ ٱلۡمَحِيضِۖ قُلۡ هُوَ أَذٗى فَٱعۡتَزِلُواْ ٱلنِّسَآءَ فِي ٱلۡمَحِيضِ وَلَا تَقۡرَبُوهُنَّ حَتَّىٰ يَطۡهُرۡنَۖ فَإِذَا تَطَهَّرۡنَ فَأۡتُوهُنَّ مِنۡ حَيۡثُ أَمَرَكُمُ ٱللَّهُۚ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلتَّوَّٰبِينَ وَيُحِبُّ ٱلۡمُتَطَهِّرِينَ ٢٢٢
ඔවුහු ස්ත්රීන්ගේ මාස් ශුද්ධිය ගැන විමසති. ඒ සදහා මෙසේ පවසන්න. එය අපිරිසිදු වූ තත්ත්වයකි. එබැවින් ස්ත්රීන්ගේ මාස් ශුද්ධ කාලයේ ඔවුන්ගේන් ඈත් වී සිටින්න.
කාන්තාවන් ඔසප් පවතින කාලය තුල අපිරිසිදු තත්වයේ පසුවන බැවින් සිය ස්වාමිපුරුෂයන් සෘජු ලිංගික සංසර්ගයෙන් වැලකී සිටිය යුතු බවට අල්ලාහ් නියෝග කර ඇත. මේ සදහා දවසක් දෙකක් හෝ සතියක් යනුවෙන් අල්ලාහ් කාල සීමා පනවා නැත.
දෙවන සාක්ෂිය :
ආඉෂා තුමියගේ ප්‍රකාශය
උම්රා වෙනුවෙන් ඉහ්රාම් තත්වයට පත්වීමෙන් පසු ඔසප් වීම ඇතිවූ විටක කුමක් කල යුතුද යනුවෙන් ආඉෂා තුමිය ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් මුහම්මද් නබි ( සල්) තුමාණන් මෙසේ පිළිතුරු දුන්හ.
උම්රා සදහා වන්දනා කරුවකු ඉටුකල යුතු කාර්යයන් සියල්ල කරන්න. එහෙත් ඔසප් වීමෙන් පිරිසිදු වන තුරු තවාෆ් නොකරන්න. මම නහ්ර් දින දුල් හජ් 10 වෙනි දින පිරිසිදු තත්වයට පත් වුනෙමි යැයි ආඉෂා තුමිය පැවසුවාය.
මූලාශ්‍රය : මුස්ලිම් වැකි අංක 1211.
තවත් හදීසයක මෙසේද සදහන් වේ.
නබි සල්ලල්ලාහු අලෛහිව සල්ලම් තුමාණෝ (සිය බිරිද) ආඉෂා තුමිය අමතා මෙසේ පැවැසුවේය. ඔබ ඔසප් ඇතිවීමෙන් පසු පිරිසිදු වෙන තෙක් සිටින්න. පසුව අත්තන්ඊම් ( මක්කාවේ පිහිටි ස්ථානයක්) වෙත යන්න එහිදී ඉහ්රාම් ඇද උම්රා ඉටු කල පසු අප සමග (හජ් කටයුතු පවත්වාගෙන යාම සදහා) එක්වන්න.
මූලාශ්‍රය : බුහාරි වැකි අංක 305
මෙහිදී නබි තුමාණන් විසින් ආඉෂා තුමියව තාවකාලිකව හජ් කටයුතු කිරීමෙන් වලක්වාලීමට පාදක වූයේ ඇය කෙරෙහි පැවැතුන පවිත්‍රතා පිළිබද කරුනු බව පැහැදිලිය. මේ සදහා කාල සීමාවක් නබි තුමාණන් විසින් පවසා නැත. එබැවින් ඔසප් විම පිලිබඳ නීති රීති ඒවා ඇති වීම සහ නැවතීම යන කාලය අතරට සීමා වී ඇති බව පැහැදිලි වේ.
තෙවන සාක්ෂිය :
ඔසප් වීම ඇතිවෙන පවතින කාලය පිළිබද තක්සේරු කිරීම.
සමහර විද්වතුන් ඔසප් වීම සිදුවන පවතින නවතින කාලය පිලිබද උපකල්පනය මගින් තක්සේරුවක් කර ඇත. නමුත් මේ ගැන කිසිවක් අල්කුර්ආනයේ සහ සුන්නාහි සඳහන් වී නැත. අල්ලාහ් සහ ඔහුගේ රසූල් තුමා පහත දැක්වෙන ඉස්ලාමිය වතාවන් පිලිබද මෙසේ විස්තර කර ඇත.
· සලාතය - මෙහි රකඅත් ගණන, වේලාව රුකූඋ සුජූද් යනාදිය
· සකාත් - මෙය ලැබීමට සුදුසු පංතිය, මේ සදහා වූ සම්පත් සහ නිසාබ් හෙවත් ප්‍රමානය.
· උපවාසය - කාලය වේලාව යනාදිය
· හජ් - අනිවාර්ය යුතුකම් සහ ක්‍රම වේද
එදිනෙදා දෛනික ජීවිතයට අදාල නීති රීති හිමිදිරි උදෑසන නින්දෙන් අවදවීමේ සිට( ආහාර පාන ගැනීම්, අඹු දරුවන්ගේ වගකීම් ඉටුකිරිම් යනාදිය) නින්දට යාම දක්වා මේ ආකාරයට කෙනෙකුගේ උපත සිට විපත දක්වා සිය ජීවිතය ගොඩ නගා ගැනීම සදහා මග පෙන්වා දී ඇත.
අල්ලාහ් මෙසේ පවසයි.
وَنَزَّلۡنَا عَلَيۡكَ ٱلۡكِتَٰبَ تِبۡيَٰنٗا لِّكُلِّ شَيۡءٖ ٩
නබි තුමාණෙනි ! සියලු දේ ඉතා මනා ලෙස පැහැදිලි කරන මෙම ග්‍රන්ථය ඔබ වෙත පහළ කලෙමු..( 16 – 89)
مَا كَانَ حَدِيثٗا يُفۡتَرَىٰ وَلَٰكِن تَصۡدِيقَ ٱلَّذِي بَيۡنَ يَدَيۡهِ وَتَفۡصِيلَ كُلِّ شَيۡءٖ وَهُدٗى وَرَحۡمَةٗ لِّقَوۡمٖ يُؤۡمِنُونَ ١١١
මෙහි ඇති කරුණු ගොතා පවසන ලද්දක් නොවේ. මෙය මෙයට පෙර අනාවරණය කළ දිව්‍ය ග්රන්ථ සත්‍ය බවට සාක්ෂි දැරීමක් ද සියලු දේ විස්තර කිරීමක් ද වෙයි. (යූසුෆ් -111)
සමහර විද්වතුන් විසින් ඔසප් වීම සිදුවන පවතින නවතින කාලය පිලිබද උපකල්පනය මගින් තක්සේරුවක් කර ඇති නමුත් එය කිසිවක් අල්කුර්ආනයේ සහ සුන්නාහි සදහන් වී නැත. එබැවින් ඒ කෙරෙහි අවධානය යොමු කර ඒවා ප්‍රතික්ෂේප කිරීම වටී. අවශ්‍ය වන්නේ ඔසප් සම්බන්ධයෙන් රුධිරය පිටවී ඇත්ද නැත්ද යන්න සාධක කරගෙන ඒ අනුව අල් කුර්ආන් සහ සුන්නාහ් අනුව කටයුතු කිරීමයි.
අප විසින් මතක තබා ගත යුතු වැදගත් කරුණක් වන්නේ අල් කුර්ආන් අල් හිදීස් ඉජ්මා කියාස් යටතේ හැර වෙනත් කරුණු පදනම් කරගෙන කිසිදු ඉස්ලාමීය තීරණයක් අනුමත නොකල යුතු බවයි.
ෂෙයිහුල් ඉස්ලාම් ඉබ්නු තයිමියියාගේ වැදගත් තීරණය
ඔසප් වීම් සම්බන්ධව අල්කුර්ආන් සහ අල් හදීස් තුලින් බොහෝ විස්තර ලබා ගත හැක. නමුත් මෙය සම්බන්ධයෙන් අඩු වැඩි වශයෙන් කාල සීමාවක් ගෙන හැර දක්වා නැත. එබැවින් මේ සඳහා කාල සීමාවක් ඇති කරන්නේ නම් එය අල් කුර්ආනයට සහ අස්සුන්නාවට අදාල නොවේ.
සිව්වන සාක්ෂිය:
අල්ලාහ් ඔසප් වීම වේදනා සහගත තත්වයක් බවත් අපිරිසිදු වීමක් සිදුවෙන බවත් සදහන් කර ඇති අතර පිරිමින් අමතා එවැනි කාන්තාවන් සමග සංසර්ගයේ නොයෙදිය යුතු බවටත් ප්‍රකාශයක් නිකුත් කර ඇත. ඔසප් සිදු වූ කල පළමු දින සහ දෙවෙනි දින අතරත් නැත්නම් සිවිවන දින සහ තෙවෙනි දින අතර දහසය වෙනි හා පහළොස්වෙනි දින අතර , යනාදි වශයෙන් කිසිදු වෙනසක් දක්වා නැත. ඔසප් වීම ඇති කල්හි සෑම දිනයකම ඒකාකාර ව ඇත්තා වූ තත්ත්වයකි.
පස්වන සාක්ෂිය:
ඔසප් වීම සම්බන්ධව යම් කාල සීමාවක් නියමකොට දෙන අයගේ අදහස් ඉජ්තිහාද් හෙවත් ඉස්ලාමීය විද්වතුන් ඉස්ලාමීය මූලාශ්රයන්ට සරිලන සේ ගන්නා තීරණයන් තුළින් ලබා ගත් ඒවාය.මේවා වැරදි හෝ නිවැරදි විය හැක.මෙවැනි මතයන් ඇති දේ සඳහා අල් කුර්ආනය හා අල් හදීස් වෙත යොමු විය යුතුය.
මේවායින් මනාව පැහැදිලි වන්නේ ඔසප් වීම් සම්බන්ධයෙන් නිවැරදි මතයනම් තුවාල වැනි යම් කිසි භාහිර බලපෑමකින් තොරව ස්වභාවයෙන් පිටවන රුධිර වන ඔසප් වීම් එයට අඩු වැඩි කාල සීමාවක් නැති බවය.එහෙත් රුධිර පිටවීම නොනැවතේ නම් නැතහොත් මසකට දවසක් දෙකක් රුධිර පිටවීමෙන් පසුව එය නවතී නම් එය ඉස්තිහාදා බවට තීරණයක් ගත යුතුය.මේ හා සම්බන්ඳ කරුණු පහළින් විග්රහ කරණු ලැබේ.
ෂෙයිහුල් ඉස්ලාම් ඉබ්නු තයිමියා (රහ්) තුමා මෙසේ පවසයි:
ඉස්තිහාදා බවට තීරණයක් ගැනීමට නොහැකිනම් ඒ සදහා සාක්ෂියක් නොලැබුණා නම් එසේ රුධිර පිටවීම් ඔසප් වීමක් ලෙස පිළිගත යුතුයි. එනම් එය තුවාලයක් නිසා හෝ වෙනත් රුධිර වහනයක් නිසා සිදු නොවන්නේ නම් එය ඔසප් වීමක් ලෙස සලකා ඒ අනුව කටයුතු කල යුතුයි.
මෙම ඉහත සදහන් අදහස අනෙක් සියළුම අදහස්වලට වඩා අනුමත කළ හැකි අදහසක් වන අතර පිළිපැදීමටද ඉතා පහසුය.
අල්ලාහ් මෙසේ පවසයි -
ﭐﱡﭐ ﲙ ﲚ ﲛ ﲜ ﲝ ﲞ ﲟ ﲠ ﲡﲢ ﳄ ﱠ الحج: ٧٨
(දහම්) කර්තව්‍ය පිණිස ඔහු ඔබ තෝරාගෙන ඇත. ඔහු ආගම් කටයුතු සම්බන්ධයෙන් ඔබට දුෂ්කරතාවයක් ඇති කර නැත. (22-78)
මුහම්මද් නබි (සල්) තුමාණන් මෙසේ පැවැසූහ:
සත්‍ය වශයෙන්ම මෙම දහම පිළිපැදීමට ඉතා පහසුය. කෙනෙකු මෙය පිලිපැදීමෙහිලා අනවශ්‍ය බරක් ඇති කරගන්නේද එවිට ඔහුට මෙය නොකඩවා පිලිපැදීමට නොහැක.
මූලාශ්‍රය : සහීහුල් බුහාරි වැකි අංක 39
තවද මුහම්මද් නබි තුමාණන් මෙවෙනි පුරුද්දක් දක්නට ලැබුණි. එනම් එකම මොහතක අනුගමනය කිරීමට නිවැරදි විකල්ප දෙකක් තිබෙන්නේ නම් එයින් ලෙහෙසි විකල්පය තෝරාගනී.
මූලාශ්‍රය : සහීහුල් බුහාරි වැකි අංක 3560/ මුස්ලිම් 2327.
ගර්භණී ස්ත්‍රීයකගේ ඔසප් වීම පිළිබද විස්තර
ස්ත්‍රීයක් ගර්භණී තත්ත්වයට පත්වීමත් සමගම ඇයගේ ඔසප් වීම නතර වන බව අපි දනිමු.
ඉමාම් අහ්මද් (රහ්) තුමා මෙසේ පවසා ඇත:
විවාහක ස්ත්‍රියකගේ ඔසප් වීම නතර වී තිබෙන්නේ නම් ඇය ගර්භණී තත්තවයට පත් වී ඇති බවට සාක්ෂියකි. දරු ප්‍රසූතියට ස්වල්ප වේලාවකට පෙර රුධිර වහනයක් සිදු වන්නේ නම් එය නිෆාස් ගනයට අයත් රුධිරය වේ. (අල් මුග්නී 01/444)
සැලැකිය යුතුයි :
ගර්භණී කාන්තාවකට ස්වල්ප වේලාවකට පෙර වේදනාවක් සහිතව රුධිරය පිටවන්නේ නම් එය නිෆාස් ගනයට අයත් රුධිරය වේ. එසේ නොමැතිව ප්‍රසූතියට දින කිහිපයකට පෙර හෝ ස්වල්ප වේලාවකට පෙර කිසිදු වේදනාවකින් තොරව සාමාන්‍ය තත්ත්වයේ පසුවන විට රුධිරය පිටවෙන්නේ නම් එය නිෆාස් ගනයට අයත් රුධිරය නොවේ.
එනමුත් එය ඔසප් වීමක්ද නැත්නම් රෝගයක් හේතුවෙන් පිවෙන රුධිරද යන ගැටඵව සම්බන්දයෙන් විද්වතුන් අතර මත භේද ඇත. මේ සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් වී ඇති නිවැරදි මතය නම් ඔසප් වීමක් යැයි නිගමනය කිරීමට කිසියම් හෝ බාදාවක් නොතිබුණේ නම් මෙය ඔසප් වීම නිසා ඇති රුධිරය යන්නයි. ගර්භණී කාන්තාවකට ඔසප් වීමක් සිදු නොවන බවට කිසිදු සාධකයක් අල් කුර්ආනයේ හෝ සුන්නාහ් වේ සදහන් නොවීම මෙම තීරණයට ඇති පදනමයි. මාලික් , ෂාෆී ,අහ්මද් යන මද්හබයේ මතය මෙන්ම ෂෙයිහුල් ඉස්ලාම් ඉබ්නු තයිමියා (රහ්) තුමාද මෙම මතයට එකග වෙති.
සාමාන්‍ය ස්ත්‍රියට ඔසප් සම්බන්ධයෙන් පවතින නීති රීති ගර්භණී තත්ත්වයේ පසුවන කාන්තාවකටද අදාල වේ. නමුත් අවස්ථා දෙකක් හැරයි. ඒවා නම්:
අ.) ගර්භණී නොවූ ස්ත්‍රියක් ඇය ඔසප් තත්තවයේ සිටියදී දික්කසාද නොකල යුතුයි. ගර්භනී ස්ත්‍රියක් සම්බන්ධයෙන් ඇය දික්කසාද කිරීම සදහා ඇයගේ ඔසප් වීම බාධාවක් වන්නේ නැත. එයට හේතුව නම් ගර්භණී නොවූ ස්ත්‍රියක් ඇය ඔසප් තත්තවයේ සිටියදී දික්කසාද කිරීම මෙම පහත සඳහන් අල් කුර්ආන් වැකියට පටහැනිය.
අල්ලාහ් තආලා මෙසේ පවසයි :
يَٰٓأَيُّهَا ٱلنَّبِيُّ إِذَا طَلَّقۡتُمُ ٱلنِّسَآءَ فَطَلِّقُوهُنَّ لِعِدَّتِهِنَّ وَأَحۡصُواْ ٱلۡعِدَّةَۖ ١
ඔබ ස්ත්රින් දික්කසාද කරන්නේ නම් ඔවුන්ගේ ඉද්දා (කාලය තීරණය) කළ හැකි පරිදි ( ඔසප් කාලය නොමැති කාලවල) දික්කසාද කරන්න. ( අල් කුර්ආන් (65 – 1)
එනමුත් ගර්භනී ස්ත්‍රියක් ඇයව දික්කසාද කිරීම මෙම අල්කුර්ආන් වැකියට විරුද්ධ වන්නේ නැත.එයට හේතුව නම් ගර්භනී තත්වයේ සිටින කාන්තාවකගේ ඉද්දා කාලය ඇය ගර්භණී ත්ත්වයේ සිටින සම්පූර්ණ කාල පරිච්ඡේදයයි. දරු ප්‍රසූතිය සිදුවීමත් සමගම අවසන් වේ.
ආ.) අල්ලාහ්ගේ අණ පරිදි ගර්භනී ස්ත්‍රියකගේ ඉද්දාව ඇයගේ දරු ප්රසූතයත් සමග නිම වේ. එම කාල සීමාව තුල ඇයට ඔසප් වීම තිබුණත් නොතිබුණත් මෙම නීතිය ක්‍රියාත්මක වේ.
අල්ලාහ් තආලා මෙසේ පවසයි.
وَأُوْلَٰتُ ٱلۡأَحۡمَالِ أَجَلُهُنَّ أَن يَضَعۡنَ حَمۡلَهُنَّۚ وَمَن يَتَّقِ ٱللَّهَ يَجۡعَل لَّهُۥ مِنۡ أَمۡرِهِۦ يُسۡرٗا ٤
තවද ගර්භණීන්ට ඇති ඉද්දා සීමාව ඔවුන්ගේ දරු ප්රසූතයක් සමග නිම වෙයි. (65 – 4) .
03 - ඔසප් වීමෙහි ඇතිවන වෙනස්වීම්
ඔසප් වීමෙහි විටින් විට යම් වෙනස්වීම් ඇති වේ.
පළමුව : වැඩිවීම හෝ අඩුවීම
සාමාන්‍යයෙන් දින හයකට පමණක් සීමාවෙන ඔසප් වීමේ කාලය දින හතකට දික්වීම නැතහොත් දින හත වන තෙක් තිබිය යුතු ඔසප්වීම දින හයකින් නැවතීම යනාදිය උදාහරණයක් වශයෙන් ගත හැක.
දෙවනුව : නියමිත කාලයට පෙර හෝ පසුව ඇතිවීම.
උදාහරණයක් වශයෙන් ස්ත්‍රියකට සෑම මාසයකම අවසානයේ දී ඔසප් වීම ඇතිවෙයි. පසුව ඇයට මාසයේ ආරම්භයේ දී හෝ ඊට ප්‍රති විරුද්ධ ව එය සිදුවිය හැකිය.
මෙම තත්තවයන් දෙක සම්බන්ධ ව ඉස්ලාමයේ තීරණය කුමක්ද යන්නෙ හි විද්වතුන් අතර මතභේද ඇත. මේ සම්බන්ධව වු නිවැරදි මතය කුමක්දයත් ඇය කුමන අවස්ථාවක රුධිර පිටවීම දකින්නේ ද එම අවස්ථාවේ සිට ඇයට ඔසප් වීම පටන් ගත් බවත්, කුමන අවස්ථාවක රුධිර පිටවීම නවතින්නේ ද එම අවස්ථාවේදී ඇයගේ ඔසප් වීම නතරවී , ඈ පිරිසුදු වූ බවත් අදහස් කළ යුතුය. ඉමාම් ෂාෆිඊ (රහ්) හා ඉමාම් ඉබ්නු තයිමියියාහ් (රහ්) තුමාණන්ගේ මතයද මෙය වේ.මුග්නි යන කෘතියෙහි කතෘද එම මතය ස්ථීර කරන අතර මෙසේද පවසයි(ඉහත නීතිය හැරෙන්නට වෙනත් නීතියක් මෙම තත්වයට තිබුනේ නම් එය නබි (සල්) තුමාණන් පැහැදිලි කරන්නට තිබුණි.එනමුත් එවන් අලුත් නීතියක් නබි (සල්) තුමාණන් නීතිගත කලේ නැත.
මේ හැර ඔසප් වීමෙහි වැඩිවීම හෝ අඩුවීම ගැන හෝ නියමිත කාලයට පෙර හෝ පසුව ඇතිවීම ගැන හෝ සිත් තැවුලට පත් නොවිය යුතුය. මන්ද යත් මීට පළමු විස්තරකළ පරිදි, ඔසප් වීම සම්බන්ධයෙන් පවතින ඉස්ලාමීය නීති ඔසප් වීමෙහි ස්වභාවය මත රදා පවතී.
තෙවනුව : කහ පාටට හුරු හෝ කුද්රාහ් නම් කහ පාට හා කඵ පාට අතර පැහැයක් සහිත යමක් පිටවීම.
ඔසප් වීම පවතින කාලයේදී මෙසේ යමක් පිට වෙයි නම් හෝ නැතහොත් ඔසප් වීම නැවතී පිරිසිදු වීමට පෙර මෙසේ යමක් පිටවෙයි නම්, එය ඔසප්වීමක් හැටියට අදහස් කරනු ලැබේ. මේ සම්බන්ධයෙන් පවතින නීතිය ඔසප් වීම සම්බන්ධයෙන් පවතින නීතිය වශයෙන් සළකා කටයුතු කළ යුතුයි.
ඉහත සදහන් තත්ත්වය ඔසප් වීමෙන් පිරිසිදු වූ පසුව පිට වෙයි නම් එය ඔසප් තත්ත්වයෙහිලා සළකනු නොලැබේ යනුවෙන් උම්මු අතියියාත් (රලියල්ලාහු අන්හා තුමිය) ගේ අදහස වේ.
එතුමිය මෙසේ ප්‍රකාශ කළහ.
පිරිසිදු වූවායින් පසුව කහ පාටට හුරුව පිටවෙන කිසිවක් ඔසප් වීම මෙන් අප සිතුවේ නැත.
මූලාශ්‍රය : සහීහුල් බුහාරී වැකි අංක 326.
සිවිවැන්න : ඔසප් වීමෙහි යම් පිළිවෙළක් නොවීම.
එනම් පිළිවෙලකින් තොරව දිනයක් හැර දිනයක් ඔසප් වීම. මෙහිදී කරුණු දෙකක් කෙරෙහි අවධානය යොමුකළ යුතුවේ.
පළමුව -
මෙවැනි පිළිවෙළක් නොවීම සෑම වේලාවන් හිම ඇතිවේ නම් එකල්හි පිටවෙන රුධිර ඉස්තිහාදා වශයෙන් සළකනු ලැබේ. ඉස්තිහාදාට අදාල නීති රීති සියල්ල මෙයටද අදාල වේ.
දෙවනුව -
මෙම පිළිවෙළක් නොවීම වනාහි සමහර වේලාවන් හි පමණක් ඇති වේ එනමුත් පිරිසිදුව සිටින කාලය කොපමණද කියා පැහැදිලි දැන ගත හැකි වීම.
මේ කාලය සම්බන්ධ ව විද්වතුන් අතර මත භේද ඇත. එනම් එය ඇත්තෙන්ම ඔසප් වීමට අදාළ නීති රීතීන් නොයෙදන පිරිසිදු ව ඇති කාලයක් ද? නැතිනම් එය ඔසප්වීම ඇති කාලයට අයත් කොටසක්ද යනාදි වශයෙන් මේ සම්බන්ධව මත භේද ඇති වී ඇත. මේ සම්බන්ධයෙන් පවතින මත පහත සදහන් වේ.
· ෂාෆී හා හනෆි මද්හබයේ ස්ථීර අදහස හා ෂෙයිහුල් ඉස්ලාම් ඉබ්නු තෛමියියා තුමා , (අල්ෆාඉක්) හෙවත් කෘතියෙහි කතෘ යන විද්වතුන්ගේ මතය අනුව මෙම තත්ත්වය ඔසප් වීමේ කොටසකි.
· හන්බලී මද්හබයේ ඉතා ප්‍රකට මතය නම් රුධිර පිටවුවහොත් එය ඔසප් වීම වන අතර රුධිර පිට නොවන කාලය පිරිසිදු කාලය යන්නය.
එහෙත් ඔසප්වූ කාලය ද පිරිසිදුව සිටින කාලය ද එක් වී ඔසප්වීම කෙරෙහි අධික කාලයක් (දින පහළොවක්) ගත වුවහොත් එවිට එම තත්ත්වය ඉස්තිහාලාහ් බවට සැලකිය යුතුයි.
හන්බලී මද්හබයේ ෆික්හ් (නීතිවිද්යාවට අදාල ) ග්‍රන්ථය වන අල් මුග්නී හි කතෘ මෙසේ පවසයි. දිනකට වඩා අඩුව රුධිර පිටවීම නවතී නම් ඇය පැහැදිලි සාක්ෂියක් නොදුටු විට එය පිරිසිදු තත්ත්වයක් බවට කිව නොහැක.
මෙම ග්‍රන්ථයේ කතෘ අල් මුග්නිගේ අදහස ඉහත සදහන් අදහස් දෙකට වඩා මධ්යස්තවූ අදහසක් බව පවසයි. යහපත් දේ දන්නේ අල්ලාහ් පමණයි.
පස්වැනි තත්වය : වියලි ස්වභාවයක් ගත් රුධිර.
තෙත්වූ යමක් පමණක් පිටත් වන බව ස්ත්‍රියක් දුටුවේ නම් මෙසේ ඔසප්ව සිටින අවස්ථාවේදී හෝ පිරිසිදු වීමට පෙර සිදුවන්නේ නම් මෙය ඔසප් වීම වේ. පිරිසිදු වීමෙන් පසුව සිදුවන්නේ නම් එය ඔසප් වීමක් ලෙස සලකනු නොලැබේ.
4. ඔසප් වීම සම්බන්ධව පවතින නීති රීති
ඔසප් වීම සම්බන්ධ නීති රීති බොහෝ ඇත. මේ අතරින් ඉතා අත්‍යවශ්‍ය කරුණු පමණක් මෙහිදී සදහන් කරමු.
සලාත් ඉටු කිරීම.
ඔසප් වී සිටින කාලය තුල කිසිදු සලාතයක් ඉටු කිරීම තහනම් කර ඇත. ඒවා (ෆර්ළ්) අනිවාර්ය හෝ (සුන්නත්) අනිවාර්ය නොවන සලාත් යනුවෙන් බේදයක් නැත. යම් කිසි සලාතයක් ඉටු කිරීමේ නියමිත වේලාව එළඹී තිබියදී රකඅත් එක (වටය) ක් ලබාගන්නට තරම් වු අවස්තාවක් හැරෙන්නට එම අදාල සලාතය ඉටු කිරීම ඇයට අනිවාර්ය නොවේ. මෙම තත්ත්වයන් පහත සදහන් ආකාරයට විවරණය කල හැක.
පළමුව - හිරු බැස යාමෙන් පසු ස්ත්‍රියකට ඔසප් වීම සිදුවේ. උදාහරණයක් ලෙස මග්රිබ් සලාතයෙහි එක් රකඅතයක් ඉටු කිරීමට හැකි කාල ප්‍රමාණයක් ඇය පිරිසිදු තත්ත්වයෙහි සිටියේනම් ඇය සම්පූර්ණයෙන් පිරිසිදු වීමෙන් පසු එම මග්රිබ් සලාතය ඉටු කල යුතු වේ.
දෙවනුව - ඉර උදාවීමට පෙර ඔසප් වීම නතර වේ. උදාහරණයක් ලෙස ෆජ්ර් සලාතයේ එක් රකඅතයක් පමණක් ඉටු කිරීමට වේලාව ඉතිරිවී ඇත. මෙහිදී ඇය සම්පූරණයෙන්ම පිරිසිදු වීමෙන් පසු ෆජ්රු සලාතය ඉටු කිරීම අනිවාර්ය වේ.
ඉහත සදහන් කරුණු අනුව පැහැදිලිවන්නේ අදාල සලාතය සඳහා කාල වේලාව නොලැබුන අවස්ථාවක එම සලාතය ඉටු කිරීම අනිවාර්ය නොවන බවයි.
නබි (සල්) තුමාණන් පැවැසූ හදීසයක මෙසේ සඳහන් වේ. ඉර බැස යෑමට පෙර එක් රකඅතයක් කෙනෙකුට ලබා ගැනීමට හැකි වන්නේ නම් ඔහු සලාතය සම්පූර්ණයෙන් ලබාගත් අයකු වන්නේය.
(බුහාරී වැකි අංක 580/ මුස්ලිම් වැකි අංක 607)
සමහර විට යම් ස්ත්‍රීයකට අසර් නැතහොත් ඉෂා සලාතයේ රක්අත් එකක් එම සලාතය ඉටු කළ යුතු අන්තිම වේලාව තුළ ලබා ගත හැකි වේ.එවිට ඇය ළුහර් සලාතය අසර් සලාතය සමඟ ඉටුකළ යුතු අනිවාර්ය තත්වයකට එළඹෙන්නේද? නැතහොත් එම ස්ත්‍රීය ඉෂා සලාතයේ රක්අත් එකක් එම සලාතය ඉටු කළයුතු නියමිත වේලාව තුළ ලබා ගත හොත් ඇය මග්රිබ් සලාතය ඉෂා සලාතය සමග ඉටු කළ යුතු අනිවාර්ය තත්වයක් එළඹෙන්නේද?
මේ පිලිබදව විද්වතුන් අතර මතභේද ඇත.එහෙත් නිවැරදි මතය නම් ඇයට කිනම් සලාතය ඉටු කිරීමට හැකි වන්නේද එම සලාතය පමණක් ඉටු කළ යුතුයි යන්නය.මෙය මාලික් හා හනෆී ඉමාම් වරුන්ගේ මතයද වේ.
අල්ලාහ් සිහි කිරීම සදහා වූ වදන් තෙපලීම
කාන්තාවක් ඔසප් තත්ත්වයේ සිටියදී එදිනෙදා කටයුතු වලදී අල්ලාහ් සිහි කිරීම සදහා වූ තක්බීර් තස්බීහ් තහ්මීද් තෙපලීම උදා. කෑම බීම අනුභව කරන විටදී බිස්මි කීම අල් කුර්ආන් පාඨ උසිරිම හදීස් ඉගෙන ගැනීම් යනාදිය ඉස්ලාමය විසින් අනුමත කර ඇත.
"මම ඔසප් තත්ත්වයේ සිටියදී මුහම්මද් නබි තුමාණන්ගේ ඔඩොක්කුවේ හාන්සි වී අල් කුර්ආනය පාරායනය කළෙමි " යනුවේන් ආයිෂා තුමිය පැවැසුවාය.
(ග්‍රන්ථය- බුහාරි මුස්ලිම්)
නබි (සල් ) තුමා පැවසූ බව උම්මු අතියියා (රලි) තුමිය මෙසේ වාර්තා කරයි.
අපි යුධබිමේදී තුවාලකරුවන්ට ප්‍රතිකාර කළෙමු.එසේම ලෙඩ්ඩුන්ට සාත්තු සේවා කළෙමු.එවිට නබි (සල්) තුමාණන්ගෙන්.කාන්තාවකට පැළඳීම සඳහා ඇඳුමක් නැති විට ඇය අවුරුදු සලාතය සඳහා සහබාගි නොවී සිටිම වරදක්ද?යනුවෙන් මා විමසුවෙමි.එවිට නබි තුමාණන් අනෙක් කාන්තාවක් ඇයට ඇඳුමක් දී උදව් කළ යුතුය. ඇය යහපත් කාර්යයන්හි නිරත විය යුතුයි. තවද ඉස්ලාමිය විද්වතුන්ගේ ආගමික රැස්වීමවලට ද සහභාගි විය යුතුයි.
එනමුදු ඔසප් වූ තත්වයේ පසුවන කාන්තාවන් සලාත් කරන ස්ථානයෙන් බැහැරව සිටිය යුතුයි.යනුවෙන් වදාලහ.
(බුහාරි වැකි අංක 324/මුස්ලිම් 890).
ඔසප් වූ තත්වයේ පසුවන කාන්තාවන් අල්කුර්ආනය පාරායනය කිරීම.
· ඔසප් තත්වයේ සිටින කාන්තාවන් අල් කුර්ආනය බලා සිතෙන් පාරායනා කිරීමෙන් කිසිඳු ගැටළුවක් නැත .උදාහරණයක් ලෙස අල්කුර්ආන් පොත ඉදිරිය තබා මුවෙන් පාරායනා නොකර සිතෙන් පාරායනා කිරීම වැනිය.මෙසේ පාරායනා කිරීම සම්භන්ධව කිසිඳු මත භේදයක් නොමැති බව ඉමාම් නවවි තුමාණන් අල් මජ්මූ නැමති තම කෘතියේ සඳහන් කර ඇත.
· ශබ්ද නගා පාරායනා කිරීම :
1) බොහෝ විද්වතුන් එසේ ශබ්ද නගා පාරායනා කිරීම තහනම් යනුවෙන් අදහස් පල කරති.
2) ඉමාම් බුහාරි (රහ්) තුමා, ඉමාම් ජරීර් අත්තබරී (රහ්) ඉබ්නු අල් මුන්දිර් (රහ්) ඉමාම් ෂාෆී (රහ්)(එතුමාණන්ගේ පැරණි ආගමික මතය) තුමා මෙම තත්වයේ සිටින කාන්තාවන් අල්කුර්ආන් වැකි පාරායනය කිරීම අනුමත කර ඇත.
ඉමාම් ඉබ්නු තයිමියා (රහ්) තුමා ඇය අල් කුර්ආනය පාරායනා කිරීම වළක්වාලන හදීසයක් නොමැත යනුවෙන් වාර්තා කර ඇත.
ඔසප් වී සිටින කල ස්ත්‍රියක් හා ජනාබත් ඇත්තාවු කෙනෙක් කුර්ආනයේ ඇති කිසිවක් පාරායනය නොකළ යුතුයි යන හදීසය දුර්වල එකකි. හදීස් කලාවේ ගැඹුරු දැනුම් ඇති සියලු දෙනාගේම ඒකමතික නිගමනය ද මෙය ම වේ. තවද නබි තුමාගේ කාලයේ ජීවත් වූ කාන්තාවන්ට අල් කුර්ආනය පාරායනා කිරීම නොකළ යුතු නම් එය එතුමා අනුගාමිකයින්ට පැහැදිලිවම විස්තර කර දෙන්නට තිබුණි.
එනමුත් නබි (සල්) තුමා මෙය තහනම් කළ බව කවුරුන් හෝ වාර්තා නොකර තිබියදී අද මෙය තහනම් කළ නොහැකිය.මේ අනුව කුර්ආනය මුවින් පාරායනා කිරීම හරාම් නොවේ.
සාරාංශය
ඔසප් තත්ත්වයේ සිටින කාන්තාවක් අල් කුර්ආනය කියවීම සම්බන්ධව විද්වතුන් අතර මත භේද පවතින බැවින් අධ්‍යාපනික කටයුතු සම්බන්ධව හෝ එවැනිම හේතුවක් මුල් කරගෙන හැර වෙනත් අවස්ථාවන්හිදී අල් කුර්ආනය ශබ්ද නගා කියවීමෙන් වැළකී සිටීම ඉතා යහපත්ය.
1. අස්සව්ම්
ඔසප් තත්ත්වයේ සිටින කාන්තාවක් අනිවාර්ය හෝ සුන්නත් වූ සවිම්හි නිරත වීමට අනුමැතිය නොමැත. ඔසප් තත්ත්වයේ සිටින විටදී අනිවාර්ය සව්ම් අත්හැරුනේ නම් පිරිසිදු වීමෙන් පසුව එසේ අත්හැරුණු උපවාස දිනයන් වෙනත් දිනයන්හිදී නැවත ඉටුකිරීම අනිවාර්ය වේ.
මේ සම්බන්ධව ආඉෂා තුමියගේ මෙසේ සඳහන් කරයි:
අපි ඔසප් වූ කාලය පසු කළෙමු. එවිට අත්හැරුණු උපවාසය පූර්ණ කිරීම සදහා නැවත උපවාසයෙහි යෙදීමට අණ කරන ලදි. නමුත් අතපසුවූ සලාතයන් නැවත ඉටුකිරීමට එසේ අප අණ කරනු ලැබුවේ නැත.
(සහීහ් බුහාරී වැකා අංක 315/සහීහ් මුස්ලිම් වැකි අංක 335).
උපවාසයේ යෙදී සිටින කාන්තාවකට ඉර බැස යෑමට සුඵ මොහොතකට පෙර ඔසප් වීම සිදු වුවද එම උපවාසය අවලංගු වී යන්නේය. එම උපවාසය අනිවාර්ය එකක් නම් එය නැවත වෙනත් දිනයක ඉටු කිරීම අනිවාර්ය වේ.
ඉර බැස යාමට සුඵ වේලාවකට පෙර ඔසප් වීම ඇතිවෙන බවට හැගීමක් ඇතිවී උපවාසයෙ මිදෙන වේලාවෙන් පසු රුධිර පිට වේ නම් මෙවැනි තත්වයකදී ඇයගේ උපවාසය අවලංගු වන්නේ නැත.
යම් කාන්තාවකට සිහිනෙන් ධාතු පිටවූවොත් ස්නානය කල යුතුද යනුවෙන් නබි (සල්) තුමාගෙන් ප්‍රශ්න කල විටදී ඔව් ඇයට යමක් පිටවෙනවා නම් ස්නානය කල යුතුයි යනුවෙන් පිළිතුරු දුන්හ.
(සහීහුල් බුහාරී 130/සහීහ් මුස්ලිම් 311)
මේ අනුව පැහැදිලි වෙන්නේ නබි (සල්) තුමාණන් යමක් පිටවීම හරිහැටි දැකීම අනුව (ජලස්නානය කල යුතුයි) යනුවෙන් තීරණයක් ලබා දුන්නා මිස වෙනත් කාරණා මුල් කරගෙන තීරණයක් දී නැත යනුවෙන් පැහැදිලි වේ.
එබැවින් ඔසප් වීම සම්බන්ධ නීති රීති සකස්වෙන්නේ යෝනි මාර්ගයෙන් යමක් පිටවීම නිසියාකාරව දැකීම සාදක කරගෙනයි. ඒ සදහා වූ නීති ක්‍රියාත්මක වෙන්නේ පහත සදහන් ආකාරයටයි.
1. යම් ස්ත්‍රියකගේ ඔසප්වීම ඉර උදාවීමෙන් (ෆජ්රයට) පසුවත් නොනැවතුණේ නම් එදින ඇගේ උපවාසය පිළිගත නොහැකි ය .ඉර උදාවී මොහොතකින් පසුව ඇය පිරිසිදු වුවද එදින උපවාසය පිළිගනු නොලැබේ.
2. ඇය ෆජ්රයට කලින් (ඔසප්වීමෙන්) පිරිසිදු වී උපවාසයේ යෙදෙන්නේ නම් ෆජ්රය පසුවී අනිවාර්ය (ෆර්ල්) ස්නානය නොකළත් ඇයගේ උපවාසය පිළිගනු ලැබේ. ජනාබත් වී සිටින්නෙකුගේ තත්ත්වයට මෙය සමාන වේ. කෙනෙක් උපවාසයේ යෙදීමේ චේතනාවෙන් (නියියතයෙන්) යුතුව ෆජ්රයට පසුවත් ඔහු හෝ ඇය අනිවාර්ය (ෆර්ල්) ස්නානය නොකළත් ඔහුගේ හෝ ඇයගේ එදින උපවාසය පිළිගත හැකිය. මෙය පහත සඳහන් හදීසයට එකග වේ.
ආඉෂා තුමිය මෙසේ පැවැසුවාය.
නබි (සල්) තුමා ජනාබත් ව (එනම් එතුමා තමාගේ භාර්යාවන් සමග සංසර්ගයේ යෙදීමෙන් පසු) ඇති තත්ත්වයේ අවදි වී රමළාන් මාසයේ උපවාසයේ යෙදුණේය.
(සහීහුල් බුහාරී 1931/ මුස්ලිම් 1109).
3. තවාෆ් (කාබාව වටේ ගමන් කිරීම)
ඔසප් වී සිටින කල ස්ත්‍රීන් (අනිවාර්ය හෝ අනිවාර්ය නොවන කිසිදු තවාෆයන් ඉටු කිරීම තහනම් කොට ඇත. ආයිෂා (රලි) තුමිය හජ් සමයෙහි ඔසප් වීමට පත් වී සිටියාය. එවිට එතුමියට නබි (සල්) තුමා මෙසේ පැවසුවේය.
හජ් සමයෙහ් හාජි කෙනෙක් ඉටු කළ යුතු කාර්ය සියල්ලම ඉටු කරන්න. එහෙත් ඔසප්වීමෙන් පිරිසිදු වන තුරු කාබාව තවාෆ් කිරීම පමණක් නොකරන්න.
මේ හැර හජ් කර්තව්‍යයට අයත් අනෙක් කාර්යයන්හි යෙදීමට අවසර ඇත. එහෙයින් යම් ස්ත්‍රියක් පිරිසිදුව සිටින අවස්ථාවේදී තවාෆ් කල පසු හෝ සඊ (සෆා මර්වා කඳුගැට අතර සක්මන් කිරීම) නම් වූ කාර්යයෙහි යෙදෙන අවස්ථාවේදී ඇයට ඔසප්වීම ඇති වුවහොත් ඇය ඉටුකළ මෙම කාර්යයන්ට කිසිදු හානියක් වන්නේ නැත.
4. සමුගැනීමේ තවාෆය (තවාෆුල් විදා)
ඔසප් වී සිටින කාන්තාවකට සමුගැනීමේ තවාෆය නොමැත.
යම් ස්ත්‍රියක් හජ් සම්බන්ධ වූ කර්තව්‍යයන් සියල්ලම ඉටුකිරීමෙන් පසුව තම නිවස හෝ රට නගරය කරා යෑමට පෙර ඔසප්වීම ඇතිවී මෙම ඔසප් වීම ඇයගේ ගමනාන්තය දක්වා දික්ගැසිමට ඉඩ කඩ ඇත්නම් ඇය සමුගැනීමේ තවාෆය ඉටු නොකර ම පිටත් ව ගිය හැක.
ඉබ්නු අබ්බාස් (රලි) තුමා දන්වා සිටින හදීසයක් මෙයට සාක්ෂියක් වේ. එතුමා මෙසේ පැවැසුවේය.
ඔසප් වීම ඇතිවූ ස්ත්රින් හැර අන් සියලු දෙනාම (මක්කාවෙන්) පිටවීමට පෙර ඇති අන්තිම කර්තව්‍යයන් වශයෙන් තවාෆ් අල් විදා (සමුගැනීමේ තවාෆ්) ඉටුකළ යුතු බවට අණ කරනු ලැබුවේය. ( ඔසප් වීම ඇති වීම නිසා සමුගැනීමේ තවාෆය ඉටු කිරීමට නොහැකි වූ ) ස්ත්රින් ඒ සදහා සමාව දිය යුත්තෝ වෙති.
(බුහාරි 1755/මුස්ලිම් 1328)
ඔසප් වීම ඇති වූ ස්ත්‍රියක් ශුද්ධ වූ මස්ජිදයට ලඟාවී දුආ ප්‍රාර්ථනා කිරීම නුසුදුසු ය. මෙයට හේතුව මෙය නබි (සල්) තුමාගේ ප්රකාශයන්හි සදහන් නොවීමය. මේ ගැන වාර්තා වී ඇත්තේ අනිවාර්ය තවාෆය වන තවාෆුල් ඉෆාදා ව ඉටුකිරීමෙන් පසුව ඔසප් වීම ඇතිවුවහොත් එතැනින් පිටවි යන්න යනුවෙන් සෆියියා තුමියට නබි (සල්) තුමා පැවසූ බවයි.
(බුහාරි 4401/මුස්ලිම් 1211)
එහෙත් තවාෆ් අල් ඉෆාදා ව හෝ උම්රාවට අදාළ තවාෆය ඉටුකිරීමට පෙර යම් ස්ත්‍රියකට ඔසප් වීම ඇතිවුවහොත් ඇය පිරිසිදු වීමෙන් පසුව මෙම තවාෆයන් ඉටුකළ යුතුයි.
5. මස්ජිදයෙහි නැවතී සිටීම
ඔසප් වීම ඇති වූ යම් ස්ත්‍රියක් මස්ජිදයෙහි හෝ ඊද් නම් වු උත්සව දිනයේදී සලාත් ඉටුකරන ස්ථානයෙහි පවා නැවතී සිටීම තහනම් කොට ඇත. නබි (සල්) තුමා පැවසූ බව උම්මු අතියියා (රලි) තුමිය වාර්තා කරන හදීසයක් මෙයට සාක්ෂියක් වේ. ඇය මෙසේ පැවැසුවාය.
බොහෝ විට අවිවාහක ස්ත්‍රීන් හෝ ඔසප් වූ තත්වයෙහි පසුවන ස්ත්‍රීන් හෝ (නිවසින්) පිටත ඇවිත් යහපත් කාර්යයන්හි හවුල් විය යුතුය. එමෙන් ම ආගමික රැස්වීම්වලට සහභාගි විය යුතුයි මෙසේ කියාගෙන ආ නබි (සල්) තුමා එහෙත් ඔසප් වී සිටින කල ස්ත්රින් මුසල්ලාවෙන් එනම් සලාත් කරන ස්ථානයෙන් ඈත්වී සිටිය යුතුයි යනුවෙන් කියා නිහඩ වුයේය. (බුහාරි 980/මුස්ලිම් 890) .
6. නීත්‍යානුකූලව සංසර්ගයේ යෙදීම
ස්වාමි පුරුෂයෙක් තම භාර්යාව ඔසප් වී සිටින කල ඇය සමග සංසර්ගයේ යෙදීම තහනම් කොට ඇත. එමෙන් ම එවැනි ආශ්වාදයක් ලබාගැනීමට ඇය අවස්ථාවක් සලසා දීමට ද අනුමතිය නොමැත.
අල්ලාහ් මෙසේ පවසයි.
وَيَسَۡٔلُونَكَ عَنِ ٱلۡمَحِيضِۖ قُلۡ هُوَ أَذٗى فَٱعۡتَزِلُواْ ٱلنِّسَآءَ فِي ٱلۡمَحِيضِ وَلَا تَقۡرَبُوهُنَّ حَتَّىٰ يَطۡهُرۡنَۖ ٢٢٢
“ඔවුහු ස්ත්‍රින්ගේ මාස් ශුද්ධිය ගැන විමසති. ඊට මෙසේ පවසන්න. එය අපිරිසිදු තත්ත්වයකි. එහෙයින් ස්ත්‍රින්ගේ මාස් ශුද්ධි කාලයේ ඔවුන්ගෙන් ඈත් වී සිටින්න. ඔවුන් පිරිසිදු තත්ත්වයට යළි එළඹෙනතුරු ඔවුන් වෙත නොයන්න. ,,
අල් කුර්ආන් (2-222)
මෙහි ඔසප් වීමේ කාලය ගැන සදහන්කොට ඇත. තවද ස්ත්‍රියගේ යෝනි ප්‍රදේශ මෙහි තහනම් කර ඇත. නබි (සල්) තුමා ලිංගික සංසර්ගය හැර අන් සියලු දේ කරන්න යනුවෙන් පවසා ඇත. (මුස්ලිම් 302).
ඔසප් වී සිටින කල ස්ත්‍රිය සමග සෘජු ලිංගික සංසර්ගයේ යෙදීම තහනම් කොට ඇති බව මුස්ලිම් විද්වතුන් සියල්ලෝම ඉජ්මා වූ ඒකමතික තීරණයට එකග වෙති.
අල්ලාහ් සහ විනිශ්චය දිනය කෙරෙහි ස්ථීර විශ්වාසයක් ඇති කවරෙකු හෝ මෙම කාර්යයෙහි යෙදෙන්නේ ද ඔහු හෙතෙම අල්ලාහ්ට හා ඔහුගේ නබි (සල්) තුමාට අවනත නොවී ඊමාන්ධාරීන්ගේ මාර්ගය හැර අන් මාර්ගයක් අනුගමනය කරන්නෙක් වෙයි.
ඉමාම් ෂාෆී (රහ්) තුමා පැවසූ බව ඉමාම් නවවි තුමා මෙසේ වාර්තා කරයි.
කවරෙක් මෙම කාර්යයෙහි යෙදෙන්නේද ඔහු මහා පාප ක්‍රියාවක් කළ කෙනෙක් වෙයි. මෙතුමාගේ මද්හබයට අයත් සෙසු විද්වතුන් මෙසේ පවසා ඇත. යම් කෙනෙක් ඔසප් වී සිටින කල ස්ත්‍රියක් සමග ලිංගික සංසර්ගයේ යෙදීම අනුමත කළ බව සිතන්නේද හෙතෙම කුෆ්රයේ ( ඉස්ලාමය ප්‍රතික්ෂේප කරන තත්ත්වයෙහි) වැටුණු කෙනෙක් බව අදහස් කළ යුතුය. (අල් මජ්මූ 2/ 359).
කෙනෙකුගේ ලිංගික ආවේග හා රාගික හැගීම් අඩුකර ගැනීමට ඔහු ඔසප් වී සිටින කල තම බිරිඳගේ තහනම් කළ රහස් ප්‍රදේශයන් හැර සිප වැළද ගැනීමට ඇය සමග තුරුල් වී සුරතල් බස් දෙඩීමට අනුමතිය ඇත.
එහෙත් අපි අමතක නොකළ යුතු වැදගත් කාරණයක් ඇත. එනම් යම් ස්වාමි පුරුෂයෙක් තම භාර්යාව ඔසප් වී සිටින කල ඇගේ පෙකනියටත් දණහකිස් දෙකටත් අතර ඇති ස්ථානයන්හි යම් දෙයකින් නොවසා සමීප නොවිය යුතුයි.
ආඉෂා (රලි) තුමිය පවසන විදිහට මා ඔසප් වී සිටියදී නබිවරයා ඉණෙන් පහළ අදින ඇදුමක් අදින ලෙස නියම කොට ඉන්පසුව මා සමග තුරුල් වී සුරතල් කරයි යනුවෙන් පැවැසුවාය.
(සහීහුල් බුහාරී වැකි අංක 295).
7- දික්කසාදය
යම් කෙනෙක් තම භාර්යාව ඔසප් වු තත්ත්වයේ පසුවෙද්දී දික්කසාද කිරීම තහනම් කොට ඇත. අල්ලාහ් මෙසේ පවසයි.
يَٰٓأَيُّهَا ٱلنَّبِيُّ إِذَا طَلَّقۡتُمُ ٱلنِّسَآءَ فَطَلِّقُوهُنَّ لِعِدَّتِهِنَّ ١
“ඔබ ස්ත්‍රීන් දික්කසාද කරන්නේ නම් ඔවුන්ගේ ඉද්දා කාලය තීරණය කරන්නට හැකි පරිදි දික්කසාද කරන්න,, (අල්කුර්ආන් 65-01)
මෙයින් අදහස් කරනු ලබන්නේ ස්ත්‍රීන් දික්කසාද කරන අවස්ථාවෙහි ඔවුහු තමාගේ ඉද්දාව තීරණය කරගත හැකි තත්ත්වයෙහි සිටිය යුතු බවය. එනම් එක්කෝ ඔවුහු (සංසර්ගයේ නොයැදුන) පිරිසිදුව නැතිනම් ගැබ් ගෙන සිටිය යුතුයි.
එයට හේතුව නම් ස්ත්‍රියක් ඔසප් වී සිටියදී දික් කසාද කළහොත් ඇයගේ ඔසප් වීම නියමිත ඉද්දාවේ එක් කොටසක් බව ගණන් ගනු නොලැබේ. එයින් ඇයට ඇයගේ ඉද්දාව නිවැරදි ව ගණන් ගැනීමට නොහැකි වෙයි.
තවද ඇය තම සැමියා සමග සංසර්ගයේ යෙදෙනු පසු දික්කසාද කරනු ලබයි නම් එවිට ඇය ගැබ් ගෙනද නැද්ද යන ස්ථීර අදහසක් නොමැති නිසා ඇයගේ ඉද්දාව කුමන එකක් ද යනු පැහැදිලිව තීරණය කළ නොහැකි තත්තවයක් මතු වේ.
මෙසේ ඇයගේ ඔසප් තත්තවය සලකා ඉද්දාව තීරණය කරන්නේද නැතහොත් ගැබිණි තත්වය සලකා ඉද්දාව තීරණය කරන්නේද?යනුවෙන් පැහැදිලිව තීරණය කළ නොහැකි තත්තවයක් මතු වන හේතුවෙන් එය පිළිබඳ පැහැදිළි වනතෙක් ඇයව දික්කසාද කිරීම තහනම් කොට ඇත.
ඉබ්නු උමර් (රලි) තුමා තමාගේ භාර්යාව ඔසප් වී සිටියදී දික්කසාද කළහ. මෙම ආරංචිය ගෙන ආ උමර් ඉබ්නුල් කත්තාබ් (රලි) තුමා වෙත ඇය නැවත ආපසු භාර ගත යුතු ය යනුවෙන් නබි (සල්) තුමාණන් පැවැසූ අතර මෙසේ අන කළහ : ඔහු තමාගේ භාර්යාව ඔසප් වී පිරිසිදුවන තෙක් තමා යටතේ තබාගන්නා අතර ඊලග ඔසප් වීම ඇති වෙනතුරු ඉවසීමෙන් සිටිය යුතුය. ඉනික්බිති ව ඇය පිරිසිදු වූවායින් පසුව ඇය සමග සංසර්ගයේ නොයෙදී සිටින තත්ත්වයක ඈ සමග මින් ඉදිරියටත් පවුල් ජීවිතයක් ගත කරන්නේද නැතහොත් දික්කසාද කරන්නේ ද යන තීරණ දෙකෙන් එකකට එළඹිය යුතුය.
(බුහාරි 5251/මුස්ලිම් 1471)
මේ අනුව යම් කෙනෙක් තමාගේ භාර්යාව ඔසප් වි සිටියදී දික්කසාද කරන්නේ නම් එය පාප ක්‍රියාවකි.එයට පශ්චාත්තාපයට පත් වී අල්ලාහ් ගෙන් පවි සමාව අයැද යුතුය. ඉන්පසු ඉහත හදීසයේ සදහන් වූ ආකාරයට දික්කසාද කල යුතුය.
පහත සඳහන් අවස්ථා තුන හැර ඔසප් වී සිටියදී ස්ත්‍රියක් දික්කසාද කිරීම තහනම්.
පළවෙනි අවස්ථාව :
ස්වාමි පුරුෂයෙක් තමාගේ භාර්යාව සමග සංසර්ගයේ යෙදීමට පෙර ඔහු ඇයව දික්කසාද කරන්නේ නම් එම තත්ත්වයේ ඇයට ඉද්දාව කියා යමක් නැත. තවද ඇයගේ දික්සාදය “ ඔවුන්ගේ ඉද්දා කාලය තීරණය කරන්නට හැකි පරිදි දික්කසාද කරන්න.,, (අල් කුර්ආන් 65-01) යන අල්ලාහ්ගේ අණට එරෙහි වන්නේ ද නැත.
දෙවෙනි අවස්ථාව :
සමහර විට ස්ත්‍රියක් ගැබ් ගෙන සිටිය දී ඔසප් වීමට පත්වුවහොත් කළින් විස්තර කළ පරිදි ඇගේ ඉද්දාව ඇයගේ ඔසප් වීම සමග නොව ඇයගේ ගැබ් ගැනීම සමග සම්බන්ධ වී තිබේ.එහෙයින මේ අවස්ථාවේදීද දික්කසාද කල හැක.
තුන්වෙනි අවස්ථාව :
අල් කුල්හ් ලබාගෙන දික්කසාද කිරීම :
උදාහරණයක් නම් අඹු සැමි යුවල අතර විසදිය නොහැකි ආකාරයේ නොකඩවා ආරවුල් පවතීනම් හෝ ඇය හිංසා පීඩා හා වෙනස්කම් යනාදියට ලක්වේ නම් ඇය ඔහුගෙන් වෙන්විය හැක. මේ සදහා ඉබ්නු අබ්බාස් (රලි) තුමා දක්වන හදීසයක සාක්ෂි ඇත.
“ සාබිත් බින් කයිස් බින් ෂමාස් නැමැත්තාගේ භාර්යාව නබි (සල්) තුමා වෙත පැමිණ යා රසූලුල්ලාහ් මම සාබිත් වෙත ඇති කල්කිරියාවන්හි හා ඔහුගේ ආගමික වත් පිළිවෙත් හි ඇති අඩු පාඩු ගැන දොස් නොකියමි . එහෙත් මුස්ලිම් කාන්තාවක් වූ මම ඔහු සමග තවත් ජීවත් වීමෙන් ඉස්ලාමයට විරුද්ධව හැසිරෙන්න නම් කැමති නැහැ යි කීවාය . මෙයට සවන් දුන් නබි (සල්) තුමා ඔබට ඔබේ ස්වාමි පුරුෂයා මහ්ර් වශයෙන් දුන් ඉඩම් ඔහුට ආපසු දෙනවාද? යනුවෙන් විමසීය. එසේ යැයි ඇය පිළිතුරු දුන්නාය. පසුව නබි (සල්) තුමා සාබිත් දෙසට හැරී සාබිත් ඔබගේ ඉඩම ලබාගන්න ඇය ව එක්වරක් දික්සාද කරන්න. යනුවෙන් පැවසුවේය. ,, (බුහාරි 5273)
මෙහිදී අපගේ අවධානය යොමුවිය යුතු කරුණක් ඇත. එනම් නබි (සල් ) තුමා මෙම අවස්ථාවේදී ඇය ඔසප් වී සිටිනවාද නැද්ද යනුවෙන් විමසුවේ නැත. මෙවැනි සාධාරණ හේතු කොට ගෙන යම් භාර්යාවක් තම ඔසප් වීම ගැන නොසලකා දික්කසාදය ඉල්ලා සිටිය හැක. තවද ස්ත්‍රියක් ඔසප් පවත්නා කාලය තුළ දික්කසාද කිරීමෙන් ඇය ඉද්දාව සිටිය යුතු කාලය දීර්ඝ වන අතර අල් කුල්හ් ලබා ගැනීම යනු ඇයට පවුලේ කෙරෙන වෙනස්කම් නොයෙකුත් හිංසා පීඩා කිරීම් නිසාය.මෙසේ කුල්හ් ලබා ගැනීම ඇයට ඇති වන ප්‍රශ්න ආදිය සමග සසදා බලන විට ඉතා සුඵපටු වේ. මෙවැනි අවස්ථාවක දික් කසාදයට අනුමැතිය දීමෙන් මෙම අයහපත් තත්වය මගහරවා ගැනීම ඉතාමත් ඉක්මනින් කළයුතු වැදගත් කාර්යයක් වන්නේය. මෙම හේතුව නිසා නබි (සල්) තුමා සාබිත් බින් කයිස්ගේ භාර්යාවගෙන් ඇයගේ ඔසප් වීම ගැන නොවිමසා සිටියේ.
සැළකිය යුතුයි :
ඔසප් තත්ත්වයේ සිටින ස්ත්‍රියක් සමග විවාහ කිරීම ගැනීම තහනම් යැයි කීමට කිසිදු සාදකයක් නොමැති නිසා ඇය සමග විවාහ සබදකම් ඇති කරගැනීමට ඉස්ලාමය විසින් අනුමත කොට ඇත. නමුත් ඇය විවාහකර ගන්නා ස්වාමි පුරුෂයා ඔහුගේ ලංගික හැගීම් මැඩපවත්වා එය පාලනය කරමින් ඇයගේ ඔසප් නතර වී ඈ පිරිසිදුවනතෙක් ඇය සමග ලිංගික සංසර්ගයේ යෙදීමෙන් වැළකී සිටිය යුතුයි.
8 . දික්කසාදයට අදාළ ඉද්දාව හා ඔසප් වීම
ස්වාමි පුරුෂයෙක් තමාගේ භාර්යාව සමග සංසර්ගයේ යෙදීමෙන් පසු ඔහු විසින් ඇය දික්කසාද කරනු ලැබුවහොත් ඇය ඉද්දා වශයෙන් සිටිය යුතු ආකාරය පහත සඳහන් පරිදිය.
1.පොදුවේ ඔසප් වන කාන්තාව :
ඔසප් වාර තුනක කාලයක් සම්පුරණයෙන් රැදී සිටිය යුතුය. එයින් ඇය ගැබ් නොගත් ඔසප් වීම ඇතිවෙන ස්ත්‍රියක් බවට පැහැදිළි වෙයි. මෙය අල්ලාහ්ගේ පහත සදහන් අල්කුර්ආන් වාක්‍යයට එකගවන්නේය.
وَٱلۡمُطَلَّقَٰتُ يَتَرَبَّصۡنَ بِأَنفُسِهِنَّ ثَلَٰثَةَ قُرُوٓءٖۚ ٢٢٨
“දික්කසාද වූ ස්ත්රින් මාස් ශුද්ධි තුනක් (සිදුවෙන) තෙක් බලාපොරොත්තුවෙන් සිටිය යුතුය.,, (අල් කුර්ආන් 2- 228)
2. ගැබිනි කාන්තාව :
ඇයගේ ඉද්දාව දරු ප්‍රසූතිය කරා දික්ගැසෙයි. ඇය අඩු මාසයේ හෝ මාස් ගණන සම්පුර්ණ වූ ගැබිනියක් වූවද නියමය මෙයම වේ.
මේ ගැන අල්ලාහ් තආලා මෙසේ පවසයි.
وَأُوْلَٰتُ ٱلۡأَحۡمَالِ أَجَلُهُنَّ أَن يَضَعۡنَ حَمۡلَهُنَّۚ وَمَن يَتَّقِ ٱللَّهَ يَجۡعَل لَّهُۥ مِنۡ أَمۡرِهِۦ يُسۡرٗا ٤
“තවද ගැබිනියන්ගේ ඉද්දා සීමාව ( ඔවුහු දික්කසාද කරනු ලැබ හෝ ඔවුන්ගේ ස්වාමි පුරුෂයන් මරණයට පත්වී ඇති විටක) ඔවුන්ගේ දරු ප්‍රසූතියක් සමග අවසන් වේ.
(අල් කුර්ආන් 65-04)
3. වැඩිවියට පත් නොවු ස්ත්‍රීය නැතහොත් ඔසප් වීමේ වයස් සීමාව ඉක්මවා ගිය විට හෝ ශල්‍ය කර්මයකින් ඇයගේ ගර්භාශය ඉවත් කළ කාන්තාවන් .
ඇයගේ ඉද්දාව හරියටම මාස තුනක් වේ. අල්ලාහ් තආලා මෙසේ පවසයි.
وَٱلَّٰٓـِٔي يَئِسۡنَ مِنَ ٱلۡمَحِيضِ مِن نِّسَآئِكُمۡ إِنِ ٱرۡتَبۡتُمۡ فَعِدَّتُهُنَّ ثَلَٰثَةُ أَشۡهُرٖ وَٱلَّٰٓـِٔي لَمۡ يَحِضۡنَۚ ا ٤
ඔබගේ ස්ත්‍රීන්ගෙන් කවරෙකු ඔසප් වන වයස ඉක්මවා සිටින්නේද ඔවුන් සම්බන්ධ ව ඔබට යම් බලාපොරොත්තු සුන් වීමක් ඇතවුවහොත් ඔවුන්ගේ ඉද්දා කාලය මාස තුනක් වේ. තවද කිනම් ස්ත්‍රින්ට මේ දක්වා ඔසප් වීම ඇති නොවුනේද ඔවුන්ට අදාළ සීමා කාලය ද මෙයම වේ.
( අල් කුර්ආන් 65-04).
4.ඔසප් ඇතිවෙන යම් ස්ත්‍රියකට යම් ලෙඩ රෝග හා ළදරුවන්ට මව්කිරි දීම යනාදී හේතු නිසා ඔසප්වීම නවතින කාන්තාවන්.
මෙහිදී ඇය තමාට නැවත ඔසප්වීම ඇතිවනතෙක් එය දීර්ඝ කාලයක් වුවත් ඉද්දා සිටිය යුතුයි.
5.ඔසප් ඇති නොවීමට හේතුවූ එම තත්තවය වෙනස් වූ පසුවත් ඔසප් වීම ඇති නොවූ කාන්තාවන්.
එම තත්වය වෙනස් වූ කාලය පටන් සම්පූර්ණ අවුරුද්දක් ඇය ඉද්දාවේ සිටිය යුතුය. මෙයයි ඉස්ලාමීය නීති පද්ධතියට සරිලන අදහස ද වන්නේ . ඇයගේ මෙම තත්ත්වය ඔසප් වීම නැවතීමට හේතුව කුමක් ද යනුවෙන් නොදන්නා ස්ත්‍රියකගේ තත්තවයට සමාන වේ. ඇගේ ඉද්දා කාලය සම්පුර්ණ අවුරුද්දකි .
6.ඔසප් වීම නැවතීමට හේතුව කුමක් ද යනුවෙන් නොදන්නා කාන්තාවන්.
සම්පූර්ණ අවුරුද්දක් ඇය ඉද්දාවේ සිටිය යුතුය'( සාමාන්‍ය යෙන් දරු ප්‍රසූතිය වෙනුවෙන් ප්‍රමාණවත් බව තක්සේරු කරනු ලබන) මාස නවයක කාලය ද ඇයගේ නියම ඔසප් වීම සදහා වූ කාලය වන මාස තුනක කාලය ද මෙහි අඩංගු වේ.
7.යම් ස්ත්‍රියකට විවාහ ගිවිසුමක් කරනු ලැබ ඇත. නමුත් ඇය තම ස්වාමි පුරුෂයා සමග සංසර්ගයේ යෙදුනේ නැත . මෙවැනි තත්ත්වයක ඔවුනතර දික්සාදයක් වේනම්:
ඇය කිසිදු ඉද්දාවක් රැකිය යුතු නැත. අල්ලාහ් මෙසේ පවසයි.
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِذَا نَكَحۡتُمُ ٱلۡمُؤۡمِنَٰتِ ثُمَّ طَلَّقۡتُمُوهُنَّ مِن قَبۡلِ أَن تَمَسُّوهُنَّ فَمَا لَكُمۡ عَلَيۡهِنَّ مِنۡ عِدَّةٖ تَعۡتَدُّونَهَاۖ ٩
ඊමාන්ධාරිනී ! දේව (ඊමාන්) විශ්වාසය ඇති ස්ත්රින් ඔබ විවාහ කරගැනීමෙන් පසුව ඔවුන් ව ස්පර්ශ කරන්නට පෙර ඔවුන්ව දික්කසාද කළේ නම් ඔවුන්ට ඉද්දා සිටිය යුතු කාලයක් නැත. (අල් කුර්ආන් 33-49)
9- නිදහස් ගර්භාශය
එනම් ගැබ් ගැනීමෙන් නිදහස් වීම. එයට ආවේනික වූ ඉස්ලාමීය නීතිරීති ඇත.
උදාහරණයක් වශයෙන් විවාහ වූ යම් ස්ත්‍රියකගේ සැමියෙකු මිය යන බව සිතා ගනිමු. ඔහු විශේෂයෙන් උරුම වූ දේපොළ ඇත. මෙම පළවෙනි සැමියා මිය ගිය පසු මෙම කාන්තාව වෙනත් විවාහ ගිවිසුමක් කර ගත්තේ නමි ඇයගේ නව ස්වාමි පුරුෂයා පහත සදහන් කරුණු මනාසේ පැහැදිලි වනතෙක් ඇ සමග සංසර්ගයේ නොයෙදී සිටිය යුතුය.
අ) ඇය ඔසප් වීම ඇතිවෙන තැනැත්තියක් නම් ඇයගේ එම තත්ත්වයෙහි ගර්භාශය නිදහස් ව ඇතිහෙයින් (ගර්භාෂයේ ළඳරුවෙක් සිටියේ නම්) උරුමවන දේපොළ සදහා සුදුසුකමක් නැති බව පැහැදිලි කර ගැනීම.
ආ) එම දේපොළ උරුම වූ තැනැත්තා මරණයට පත්වන විට, ඇය ගැබ්ගෙන් ඇති බව ඔප්පු වීම . මෙම අවස්ථාවෙහි උරුමවන දේපොළ බෙදා දෙනවිට අලුතින් ඉපෙදෙන ළදරුවා ද සැලකිල්ලට යොමුවිය යුතුය.
10 - ගුස්ල් හෙවත් ජල ස්නානය අනිවාර්ය වීම
ඔසප් වීමට පත් වූ යම් ස්ත්‍රියක් එය නතර වූවාට පසුව එනම් ඔසප් වීමෙන් පිරිසිදු වූවාට පසුව ජල ස්නානය කිරීම අනිවාර්ය වේ. මේ සම්බන්ධ ව අබූ හුබෛස්ගේ දුව වන ෆාතිමා (රලි) හට නබි (සල්) තුමා මෙසේ පැවසූවේය.
ඔබගේ ඔසප් වීම පටන් ගැනුණු විට සලාතය අත් හරින්න. එනම් සලාත් නොකර ඉන්න. ඔසප් වීම නැවතුණු පසු ව ඔබගේ ශරීරයේ තැවරී ඇති රුධිර මනාසේ සෝදා සම්පුර්ණ ජල ස්නානයක් කිරීම තුළින් පිරිසිදු කර ගන්න. පසුව සලාතය ආරම්භ කරන්න.
(සහීහුල් බුහාරී වැකි අංක 320/මුස්ලිම් 333).
ජල ස්නානය කිරීමේ දී අවම වශයෙන් ඉටුකළ යුතු යුතුකම් නම් හිස් මුදුන ඇතුඵ ව සම්පුර්ණ ශරීරයම හොද හැටි සේදීම වේ. මෙම ජල ස්නානය නියමාකාරව කෙසේ කළ යුතුද යනාදී කරුණු නබි (සල්) තුමාගේ ආදර්ශයෙන් ලබා ගත හැක.
අස්මා බින්ති ශකල් (රලි) තුමිය අනිවාර්ය ජල ස්නානය ගැන නබි (සල්) තුමාගෙන් විමසූ විට එතුමා පහත සදහන් ලෙස පැවසූ බවට හදීස් හි වාර්තා වේ.
ඔබගෙන් සෑම කෙනෙක් ම සිද්ර් ගසේ කොළ කලවම් වූ ජලයෙන් හොද හැටි ශුද්ධ කරගත යුතුය. පසුව ඇය තමාගේ හිස මත ජලය වත්කර හිස කෙස් හි ආරම්භය සිට අවසානය දක්වාම එම ජලය ගලා යන සේ හොද හැටි පිරිමැදිය යුතුය. පසුව ජලය ගෙන ශරීරයේ වත්කර ගත යුතුය. ඊට පසු කස්තූරි තැවරු කපු රෙදි කැබැල්ලක් ගෙන එයින් ශුද්ධ කරගත යුතුය. යනුවෙන් නබි (සල්) තුමා පැවසුවේ ය. එවිට ඒවායින් කෙසේ ශුද්ධ කරගනිමිද? යනුවෙන් අස්මා (රලි) විමසූ විට නබි (සල්) තුමා සුබ්හානල්ලාහ් යනුවෙන් පැවසූ පසු නැවතත් ශුද්ධ කරගත යුතුය යනුවෙන් පැවසීය.ඉන්පසු රුධිර තැවැරුණු ලකුණු ඉවත්වන තුරු ශුද්ධ කරන්න. යනුවෙන් නබි (සල්) තුමාගේ භාර්යාව වන ආයිෂා (රලි) තුමිය රහසෙන් පිළිතුරු දුන්හ. (සහීහ් මුස්ලිම් වැකි අංක 332).
ඔසප් වූ ස්ත්‍රියක් තමාගේ හිසකෙස් හි යටි පැත්ත දක්වා ම ජලය යැවීම වළක්වන සේ ඉතාමත් තදව හිසකෙස් ගොතා ඇත්තේ නම් අනිවාර්ය ජල ස්නානය කරනවිට හිසකෙස් (මුදා) කඩා දැමීම අනිවාර්ය වේ.
උම්මු සලමා (රලි) තුමිය නබි (සල්) තුමාගෙන් මෙසේ විමසුවාය.
මා මාගේ හිසකෙස් ඉතා තදව ගොතා ඇති ස්ත්‍රියකි. එමනිසා සංසර්ගයේ යෙදුණු බැවින් නැතහොත් -තවත් වාර්තාවක් අනුව- ඔසප් වීමට පත් වූ හෙයින් ජල ස්නානය කිරීමට මගේ හිසකෙස් මුදා කඩා හැරිය යුතුද? මෙයට පිළිතුරු දුන් නබි (සල්) තුමා “නැත,, ඔබගේ අත්හි පුරවා ගත් ජලය තුන්වරක් ගෙන හිසමත වත්කර ගතහොත් සෑහේ. පසුව ඔබගේ ශරීරය මත ජලය වත්කරගන්න. මෙසේ කිරිමෙන් ඔබ පිරිසිදු වන්නේය. යනුවෙන් පැවසුවේය.
(සහීහ් මුස්ල්ම් වැකි අංක 330).
වෙනත් නීතිරීතීන්
· ඔසප් වීමට පත්වූ ස්ත්‍රියක් යම් සලාතයකට අදාළ වේලාවක් අතරතුර පිරිසිදු වන්නේ නම් පමා නෙකර අනිවාර්ය ජල ස්නානයක් ගත යුතුය. එලෙස ජල ස්නානයක් කිරීමෙන් සලාතය පමා නොකර නියමිත වේලාවට ම ඉටුකළ හැකිය.
· සමහර විට ඇය ගමනක යෙදි සිටියි, ජලය ද නොලැබෙයි. නැතහොත් ජලය ලැබුණත් එය පාවිචිචි කිරිමෙන් ඇයට යම් පීඩාවක් ලෙඩ රෝග හෝ වෙනත් බාධාවක් ඇතිවෙයි යන බයක් ඇත්තේ නම් ඇය තයම්මුම් කළ හැකිය. පසුව ජලය ලැබුනු විට ජල ස්නානය කළ හැකිය.
· යම් සලාතයකට අදාළ වේලාවක් අතරතුර පිරිසිදු වන යම් ස්ත්රින් සිටිති. ඔවුහු ජල ස්නානය කිරීම පමා කරන්නෝ වෙති. මේ සදහා ඔවුහු කියන හේතුව නම් එම සලාතයට අදාළ අවස්ථාව තුළ තමා පිරිසිදු කරගැනීම අපහසු බවය. උදාසීන තත්ත්වක් යටතේ නම් මෙය තමා වෙත පැවරී ඇති වගකීම පැහැර හරින ක්‍රියාවකි. ඇත්ත වශයෙන් ඔවුහු තමන් පිරිසිදු කර ගැනීමේ අනිවාර්ය ජල ස්නානයට අදාළ අනිවාර්ය කටයුතු නිසිලෙස කරගැනීමටත් එම සලාතය නියමිත වේලාවෙහි ඉටු කිරීමට ප්‍රමාණවත් කාල වේලාවක් ඇත. පසුව ඔවුන්ට සම්පූර්ණ නිදහස් වේලාවක් ලැබණු විට අංග සම්පූර්ණ ජල ස්නානයක් කළ හැක.
5 - ඉස්තිහාදා
ඉස්තිහාදා යනු කාන්තාවකෙගේ යෝනිය තුලින් නොකඩවා පිට වෙන රුධිර වේ. මෙය වර්ග දෙකකි.
1 - මාසයක් පුරාම නොනැවතී පිට වෙන රුධිරය:
ආඉෂා තුමිය විසින් දැනුම් දෙන හදීසයක මෙසේ සදහන් වේ.
ෆාතිමා බින්ත් අබී හුබෛස් තුමිය නබි (සල්) තුමා වෙත පැමිණ මෙසේ පැවැසුවාය. රුධිරය පිටවීම නොකඩවා පවතී යනුවෙන් පැවැසුවාය.(බුහාරි වැකි අංක 228/මුස්ලිම් වැකි අංක 333)
2 - මාසයක දවසක් දෙකක් හැර අනෙකුත් සෑම දිනකම නොකඩවා පිට වෙන රුධිර :
නබි (සල්) තුමා වෙත පැමිණි හම්නාහ් බින්ත් ජහ්ශ් තුමිය - මගේ ඔසප් වීම ප්‍රමාණයෙන් වැඩිව පවතින බව පැවැසුවාය.
(අබූ දාවූද් 287/තිර්මිදි 128).
ඉස්තිහාදාවෙහි විවිධ තත්වයන්.
ප්‍රථම තත්වය :
ඉස්තිහාලාවට පෙර එනම් ස්ත්‍රියකගේ ඔසප් විමේ තත්වය තුල එක් තරා කාල සටහනක් ඇත. එනම් නියමිත කාලය තුල ඇයට ඔසප් වීම් සිදු වෙයි.
මෙහිදී ඔසප් වීම් සම්බන්ධයෙන් පවතින සලාත් සහ සව්ම් ඉබාදතයන්ට අදාල නීති රීති ඇය විසින් පිළිපැදීම අවශ්‍ය වේ. ඔසප් වීම සිදු වෙන කාලය හැරුනුවිට අන් කාලයෙහි පිට වන රුධිර ඉස්තිහාදා යනුවෙන් ඉස්ලාමීය නීති කලාව තුල හදුන්වනු ලැබේ.
උදාහරනයක් ලෙස කාන්තාවක් ඇයට සාමාන්‍ය වශයෙන් ඔසප් පිටවීම දින 6 තුල සිදුවෙනවා යැයි සිතමු. නමුත් එක්තරා මාසයක එම දින චක්‍රයට අමතරව නොකඩවා රුධිර වහනය වීමක් සිදු වෙයි. එබැවින් කාන්තාවක් ඇයට සාමාන්‍ය වශයෙන් දින කිහිපයක් තුල පිටවන රුධිරය ඔසප් වීම ලෙසත් අතිරේක ලෙස දවස් ගනනාවක් නොනැවතී පවතින රුධිරය ඉස්තිහාලා ලෙසත් හදුන්වමු.
ආඉෂා තුමිය විසින් දැනුම් දෙන හදීසයක මෙසේ සදහන් වේ.
ෆාතිමා බින්ත් අබී හුබෛස් තුමිය නබි (සල්) තුමා වෙත පැමිණ මෙසේ පැවැසුවාය.
රුධිරය පිටවීම නොකඩවා පවතී. එසේ හෙයින් මම අපිරිසිදු වෙමියි. එබැවින් මම සලාතය අත්හරින්නද යනුවෙන් ප්‍රශ්න කලාය. එවිට නබි තුමාණන් ඇය අමතා මෙය රුධිර වහනයක් නිසා ඇතිවන්නෙකි. එබැවින් ඔසප් වීම් සිදුවෙන දිනයන් හිදී පමණක් සලාතය නොකරන්න. පසුව අනිවාර්ය ජලස්නානය කර සලාතය ඉටු කරන්න යනුවෙන් පැවැසුවේය. ( මූලාශ්‍රය සහීහුල් බුහාරි වැකි අංක 325/මුස්ලිම් 333) .
වෙනත් හදීසයක මෙසේ සදහන් වේ.
නොකඩවා රුධිර වහනය වීමක් සිදු වෙමින් පැවති උම්මු හබීබ් බින්ති ජහ්ශ් තුමියට නබි (සල්) තුමා මෙසේ පැවසුවේය.
ඔසප් සිදුවෙන කාලය තුල සලාත් ඉටුකිරීමෙන් වැළකී සිටින්න. ඔසප් වීම් නැවතීමෙන් පසු අනිවාර්ය ජලස්නානය කර සලාත් ඉටු කරන්න.
(මුස්ලිම් 334).
ඔසප් වීම් නැවතීමෙන් පසු අනිවාර්ය ජලස්නානය කර සලාත් ඉටු කිරීමෙන් පසු ඉස්තිහාලාවට අයත් රුධිර වහනය සිදු වීමෙන් ඇයට කිසිඳු ගැවළුවක් නොමැත.
දෙවන තත්වය.
ඉස්තිහාදා සිදුවීමට පෙර ඔසප් වීම් සම්බන්ධව කාන්තාවකට පැහැදිලි කාල දින චක්‍රයක් පවතින්නේ නැත්නම් ගත යුතු ක්‍රියා මාර්ගය.
මෙහිදී ඔසප් කාලය තුල පවතින රුධිරයෙහි ස්වභාවය සහ ඉස්තිහාදා කාලයෙහි පිටවෙන රුධිරයෙහි ස්වභාවය ගැන හදුනා ගැනීමට මෙවැනි කාන්තාවන් සැළකිලිමත් විය යුතුයි.
එනම් ඔසප් වීම් කාලයේ පිටවෙන රුධිරය අදුරු පැහැයක් ගන්නා අතර එම රුධිරය උකු ගතියෙන් හා දුඟදෙන් යුක්තය. මෙවැනි ගතිගුණ නොමැතිව පැමිණන රුධිර ඉස්තිහාදා කාලයෙහි පිටවන රුධිර යැයි සැළකිය යුතුය.
උදාහරණයක් වශයෙන් :
කාන්තාවක් ඇයට දිගින් දිගටම රුධිර පිටවෙන බව දකී.එම රුධිර මාසයේ මුල් දින දහය තුල අඳුරු රතු පැහැයෙන් තිබෙනවා ඇය දකීයි.නැතහොත් මාසයේ මුල් දින දහය තුල උකු ගතියෙන් හා ඉතිරි දිනයන්හි දියාරුවටත් යනවා දකීයි.එසේත් නැත්නම් මුල් දින දහය තුල පිටවෙන රුධිරවල ඔසප් වීම් සමයේ රුධිර වල තිබෙන දුඟදය ඇති අතර අනෙක් දිනයන්හි කිසිදු දූඟදක් නැති බව ඇයට වැටහෙයි.මේ අනුව ඇයගෙන් පිටවන රුධිර අඳුරු රතු පැහැයෙන් ,උකු ගතියෙන් නැතහොත් ඳුගදයක් සහිතව තිබේ නම් එය ඔසප් වීමේ කාලයයි.මෙසේ නොමැතිව පිටවන රුධිරය ඉස්තිහාලා වෙහි රුධිරය වේ.
නබි තුමාණන් ෆාතිමා බින්ත් අබී හුබේශ් අමතා මෙසේ පැවැසුවේය.
ඔසප් වීම් කාලයේ පිටවෙන රුධිරය අදුරු පැහැයක් ගන්නේ නම් එය ඔසප් වීම නිසා පිට වෙන රුධිරය ලෙස සලකා ( ඒ කාලය තුල) සලාතයෙන් ඈත් වී එය ඉටුනොකර සිටින්න. එහෙත් යම් කිසි වෙනසක් ඇති වී රුධිරය පිටවෙන්නේ නම් වුදූ හෙවත් අර්ධ දෝවනය කර සලාතය ඉටුකරන්න. මක්නිසාද යත් එම අමතර රුධිරය පිටවෙන්නේ යම් කිසි ( රෝග ලක්ෂන) හේතුවක් නිසාය. (අබූ දාවූද් 304/නසාඊ 215).
තුන්වන තත්වය :
කාන්තාවක් ඔසප් වීම් කාලය සඳහා පැහැදිලි කාල චක්‍රයක් නොදකී. පිටවෙන රුධිරය හයිද් හෙවත් ඔසප් නිසාද ඉස්තිහාදා හෙවත් අමතර ලෙස පිටවීම් නිසාද යනුවෙන් වෙනසක් නොදකී. එවැනි අවස්ථාවක සාමාන්‍ය වශයෙන් කාන්තාවන් සඳහා ඔසප් රුධිරය සේ දින 6 -7 ක් ඔසප් වීමට අදාළ දිනයන් සේ සලකා ඒ සදහාවූ නීති රීති අනුගමනය කල යුතු වේ. මේ දිනයන්ට වැඩියෙන් පිට වන රුධිරය ඉස්තිහාලා වශයෙන් සලකා ඒ සදහාවූ නීති රීති අනුගමනය කල යුතු වේ.
වරක් හම්නාහ් බින්ත් ජහ්ශ් (රලි) තුමිය නබි (සල්) තුමා වෙත පැමිණ මෙසේ පැවැසුවාය. රුධිරය පිටවීම නොකඩවා පවතී. මෙය ඉවසිය නොහැකිය. එසේ හෙයින් මම අපිරිසිදු වෙමියි. එබැවින් එය මගේ සලාතය සහ සව්මය වලක්වාලයි. යනුවෙන් පැවැසුවාය. මුහම්මද් නබි (සල්) තුමා ඇයට මෙලෙස පිළිතුරු දුන්නේය.
ඔබ කපු රෙදි කැබැල්ලක් ඔබගේ රහස් ප්‍රදේශයේ තබන්න.එවිට ඇය එහි පිටවෙන රුධිර ඉතා අධිකව පිට වෙයි යැයි කීවාය.එයට පිළිතුරු දුන් නබි (සල්) තුමාණන් මෙසේ කීය.මෙම ෂෛයිතාන්ගේ ක්‍රියාවකි එම නිසා ඔබගේ ඔසප් වීම ඇතිවන දින ගණන හයක් හෝ හතක් මෙන් සලකන්න.පසුව සෝදා පිරිසිදු වන්න ඉන්පසු දින විසිතුනක හෝ විසි හතරක රෑ දවල්හි සලාතය ඉටු කරන්න.තවද උපවාසයේද යෙදෙන්න.මෙය ඔබට ප්‍රමාණ වේ.
මෙහි නබි (සල්) තුමා දින හයක් හෝ හතක් ලෙස පවසා ඇත්තේ කැමති දිනයක් තෝරා ගැනීමට නොව එලෙස පැවසුවේ අනෙක් කාන්තාවන්ගෙන් තමාගේ වයසට හා ශාරීරක තත්වයට සමාන වය අය සමඟ තම තත්වය සසඳා බැලීමටය.එසේ සසඳා බලනවිට ඇයට සමාන වන කාන්තාවන්ගේ ඔසප් වන කාලය දින හයක් නම් ඇයද දින හයක් යැයි අදහස් කල යුතුයි. එසේ සසඳා බලනවිට ඇයට සමාන වන කාන්තාවන්ගේ ඔසප් වන කාලය දින හතක් නම් ඇයද දින හතක් යැයි අදහස් කල යුතුයි.
මුස්තහාදා තත්වය හා සමාන කෙනෙක් අනුගමනය කල යුතු කරුණු.
කාන්තවකගේ යෝනිය තුලින් අසාමාන්‍ය ලෙස රුධිරය පිට වීමට ගර්භාශයේ සිදු කරනු ලබන ශල්‍ය කර්මයන් හෝ වෙනත් හේතූන් තිබිය හැක. මේ අතුරින් කරුනු දෙකක් අපට පැහැදිලි කළ හැක.
පළවෙනි කරුණ : ශල්‍ය කර්මයක් සිදුවීම නිසා ඔසප් රුධිරය පිටවීමේ ප්රවනතාවය නැවැතීම.
එනම් ගර්භාශය හෝ එහි ඇති බාධක ශල්‍ය කර්මයකින් ඉවත් කිරීම වැනි සිදුවීම් නිසා මෙසේ සිදුවිය හැක. මෙවැනි අවස්ථාවන්හිදී ඇයට ඉස්තිහාදා නීතිය වලංගු නොවන අතර මෙහිදී ස්ත්‍රියකට කහ පාටට හෝ තෙතමන සහිත දෙයක් පිටවීමෙහිලා අනුගමනය කල යුතු නීති වලංගු වේ. තවද සලාතය ඉටුකිරීම, උපවාසයේ යෙදීම යනාදි නැමදීම් වලින් වැළකී සිටීමට නොහැක. ඒවා නිසියාකාරව ඉටු කළ යුතුවේ. සලාතයට පෙර අදාල ස්ථාන පිරිසිදු කර එම ස්ථානයෙහි රුධිරය පිටවීම වලක්වාගැනීම සදහා පුඵන් හෝ කපුරෙදි කෑල්ලක් තබා ගැනීම වඩාත් සුදුසු වේ.
පසුව කුමන සලාතයන් සඳහා වේලාවක් අවශ්‍යද එවෙනි සලාතයේ වේලාව පැමිණීමෙන් පසු වුඵ දෝවනය කර ඒ ඒ සලාතයන් ඉටු කල යුතුයි.එසේ වේලාවක් අවශ්‍ය නොවන සලාතයක් නම් තමන් සලාතය කිරීමට පෙර වුළු කල යුතුයි. කාන්තාවක් මෙවැනි තත්වයක සිටියදී ඇයට තම ස්වාමියා සමග සංසර්ගයේ යෙදීම වරදක් නොවේ. මෙසේ පිටවෙන රුධිරය හේතුවෙන් අනිවාර්ය ජලස්නානය කිරීම අවශ්‍ය නොවේ.
දෙවෙනි කරුණ : ශල්‍ය කර්මයක් සිදුවීම නිසා ඔසප් රුධිරය පිටවීම නතර වෙයි යනුවෙන් නිශ්චිතවම කිව නොහැකි වීම.
එනම් ඔසප් වීම සිදුවිය හැකිය. මෙවැනි අයට මුස්තහාලාවට අයත් නීති රීති අනුගමනය කල යුතු වේ. පහත සදහන් හදීසය මෙයට සාධකයක් වේ.
නබි (සල්) තුමා ෆාතිමා බින්ත් අබී කුබෛස් තුමියට මෙසේ පැවැසුවේය.
එය රුධිර වහනයක් නිසා සිදු වේ. එබැවින් ඔසප්වීම සිදු වුවහොත් සලාතය කිරීමෙන් වැළකී සිටින්න. පසුව ඔසප් වීම නතර වූවානම් ඔබගේ ශරීරයේ එනම් අදාල ස්ථානයේ රුධිරය ඉවත් වෙන තෙක් සෝදා ජලස්නානය කර සලාතය ඉටු කරන්න. (බුහාරි 306/මුස්ලිම් 333)
මෙහි නබි (සල්) තුමා (ඔසප් වීම සිදු වුවහොත්) යැයි සඳහන් කිරීම තුලින් මුස්තහාලා වට අයත් කාන්තාවගේ නීතිරීතීන් තම නියමිත කාලයට පෙර හෝ පසු සිදුවිය හැකි කාන්තාවටත් සුදුසු වන බව පැහැදිලි වේ.
මුස්තහාදාවට අදාල නීති රීති
ඉස්තිහ්ලාහ්වට සහ ඔසප් පිටවීමට අදාල නීති රීති ඒ ඒ අවස්ථාවන්හිදී පිටවෙන රුධිරයේ ස්වභාවය අනුව රඳා පවතී. ඔසප් වීමට අදාල නීති රීති පෙර සදහන් කළෙමු. ඉස්තිහාලාවට අදාල නීති රීති පිරිසිදුව සිටින කාන්තාවන්ට තිබෙන නීති රීතින් හා සමානය.පහත සදහන් කරුණු හැර. ඒවා නම් :
1. මුස්තහාදාවට අදාල ස්ත්‍රීන් එක් එක් සලාතයන් සදහා වෙන වෙනම වුඵ දෝවනය කර ගැනීම අනිවාර්ය වේ. නබි (සල්) තුමා ෆාතිමා බින්ත් අබී හුබෛස් තුමියට මේ සම්බන්ධයෙන් නියෝග කලේ එසේය: එක් එක් සලාතයන් සදහා වෙන වෙනම වුඵ දෝවනය කරන්න.
(බුහාරි228)
මෙසේ නියෝගය කිරීමෙන් අදහස් වන්නේ යම් සලාතයක් සදහා එහි වේලාව ඇතුල් විය යුතුව තිබේද එවෙනි සලාතයන් සඳහා එහි වේලාව ඇතුල් වූ පසු වුඵ කල යුතු බවයි.ඊට අමතරව වේලාවක් නියම නොවූ සලාතයක් නම් එම සලාතය ආරම්භ කිරීමට පෙර වුළු දෝවනය කළ යුතුය.
2. වුළු කරගැනීමට පෙර ශරීරයේ තැවරී ඇති ලේ පැල්ලම් සෝදා ඉවත් කල යුතුයි. තවද අදාල ස්ථාන පිරිසිදු කර එම ස්ථානයෙහි රුධිරය පිටවීම වලක්වාගැනීම සදහා පුඵන් හෝ කපුරෙදි කෑල්ලක් තබා ගැනීම වඩාත් සුදුසු වේ.
නබි (සල්) තුමා හම්නාහ් බින්ත් ජහ්ස් තුමියට මෙසේ පැවැසුවේය.
තවද ඔබ විසින් අදාල ස්ථානයෙහි රුධිරය පිටවීම වලක්වාගැනීම සදහා පුඵන් හෝ කපුරෙදි කෑල්ලක් තබා ගැනීම වඩාත් සුදුසුය. මන්ද මේ තුලින් ලේ උරාගැනීමක් සිදුවේ. එවිට ඇය ඉතා අධිකව රුධිරය පිටවේ යනුවෙන් පැවැසුවාය.
එවිට එතුමාණෝ -තරමක් ලොකු රෙදි කැබැල්ලක් තබන්න යනුවෙන් පවැසුහ. එවිටද ඇය නබි තුමා අමතා ඉතා අධිකව රුධිරය පිටවේ යනුවෙන් පැවැසුවාය. එවිට එතුමාණෝ එසේ නම් තලජ්ජම් කරන්න එනම් රුධිරය පිටවීම වළක්වා ගැනීම පිණිස කපු සහිත ආරක්ෂක තුවායක් (Pad) තදව තබා ඉණ වටේ පටියක් ද දමා ගන්න. ඉන් පසු පිටවෙන රුධිර බිංදු නිසා ඔබේ සලාතයට හානියක් වන්නේ නැත.(අබූ දාවූද් 287/තිර්මිදි 128)
මෙසේ කිරීමෙන් පසූත් රුධිරය පිටවීමෙන් කිසිඳු හානියක් සිදුවන්නේ නැත.
ෆාතිමා බින්ත් හුබෙයිස් තුමියට නබි (සල්) තුමා මෙසේ නියෝග කළේය.
මාස් ශුද්ධී කාලයේදී සලාතය කිරීමෙන් වළකින්න.එම කාළය අවසන් වූ පසු ස්නානය කරන්න .ඉන්පසු සෑම සලාතයන් වෙනුවෙන් වුළු කර සලාතය ඉටු කරන්න.එවිට රුධිරය පැදුර මත වහනය වූවද කිසිදු හානියක් නොමැත. (ඉබ්නු මාජා 624 /අහ්මද් 24145).
3. සංසර්ගයේ යෙදීම . (මෙසේ සංසර්ගයේ නොයෙදීමෙන් දුරාචාරයේ නියැලිය හැකි යන භිය නොමැති නම්) මෙය සඳහා අනුමැතිය දීමේදී විද්වතුන් අතර විවිධ මත පල වී ඇත. නිවැරදි මතය නම් සංසර්ගයේ යෙදිය හැකි යන්නය.එයට හේතුව නම් නබි තුමාගේ කාලයේදීද බොහෝ ස්ත්‍රීන් ඉස්තිහාදා තත්ත්වයේ සිටියහ. නමුත් අල්ලාහ් හෝ ඔහුගේ නබි ඔවුන් තම සැමියන් සමග සංසර්ගයේ යෙදීම වැළැක් වූයේ නැත.
අල්ලාහ් මසේ පවසයි - මාස් ශුද්ධි කාලයේදී ඔවුන්ගෙන් ඈත් වී සිටින්න. 3 – 323
මාස් ශුද්ධි කාලයේදී ඔවුන් සමග සංසර්ගයේ යෙදීමෙන් වැළකී සිටීම අනිවාර්ය වන බවට ඉහත අල්කුර්ආන් වදන සාක්ෂියක් ලෙස ගත හැක. ඉස්තිහාලා තත්ත්වයේ සිටින කාන්තාවන්හට සලාතය කිරීමට අනුමැතිය ලබා දී ඇති බැවින් එම තත්ත්වයේ එම කාන්තාවන්ට සිය සැමියන් සමග සංසර්ගයේ යෙදීමද වරදක් නැත.
6 - නිෆාස් යනු කුමක්ද?
නිෆාස් යනු ගර්භණී ස්ත්‍රීයකගේ දරු ප්‍රසූතියෙන් පසු පිටවෙන රුධිර සදහා හදුන්වනු ලබන නමකි. මෙය දරු ප්‍රසූති කාලයෙහි හෝ ඊට පසුව හෝ ඊට පෙර දින දෙක තුනකට පෙර ප්‍රසූතියේ වේදනාව ඇතිවිටක හෝ පිටවිය හැකිය.
ෂෙයිහුල් ඉස්ලාම් ඉබ්නු තයිමියියාහ් (රහ්) තුමා මෙසේ පවසයි :
ස්ත්‍රියකට ප්‍රසූතියේ වේදනාවත් සමගම රුධිර පිටවුවහොත් එය නිෆාස් වෙයි.(ෆතාවා ඉබ්නු තයිමියා 10/240).
මෙහිදි මෙතුමාණන් එය දින දෙක තුනකට කියා සීමා කොට නැත. තවද මෙතුමාණන් අදහස් කරන්නේ ප්‍රසූතියේ වේදනාවත් සමගම දරු ප්රසූතියද සිදු වේ නම් එය නිෆාස්ය. එසේ නැතිවිට පිටවූ රුධිර නිෆාසයට සම්බන්ධ නොවෙයි.
නිෆාස් සම්බන්ධයෙන් එය පිටවෙන කාල සීමාවක් තිබේද යනුවෙන් විද්වතුන් අතර මත භේද තිබේ.
සෙයිහුල් ඉස්ලාම් ඉබ්නු තයිමියියාහ් (රහ්) තුමා මෙසේ පවසයි.
නිෆාසයට අඩු හෝ වැඩි වශයෙන් කාලය පිළිබද සීමාවක් නැත. ස්ත්‍රියක් තමාට දින හතළිහකට හැටකට හෝ හැත්තෑවකට අධික කාලයක් රුධිර පිටවෙනවා දකියි. පසුව එය තවතියි නම් මෙය නිෆාසයට අදාල රුධිරය වේ. මෙසේ පිටවෙන ලේ නොනැවතී යයි නම් එවිට එයට නිෆාස් වශයෙන් දින හතළිහක සීමාවක් තබනු ලැබේ. මෙයට හේතු බොහෝ ස්ත්‍රීන් සමාන්‍යයන් ගෙවන කාල ප්‍රමාණය මෙය වීමය. (ෆතාවා ඉබ්නු තයිමියා 19/240)
මෙම ග්‍රන්ථයේ කතෘගේ විග්‍රහය.
ස්ත්‍රියකට දින හතළිහකට අධික කාලයක් රුධිර පිටවෙන බව සිතමු. එවැනි අවස්ථාවකදී ( ඇය පෙර සිදුවූ ප්‍රසූතියන් මුල් කරගෙන හෝ වෙනත් සළකුණු අනුව) ඇයගේ රුධිර පිටවීම නැවතෙන යම්යම් සලකුණු දකින්නට ලැබෙයි නම් එය නැවතෙනතෙක් ඇය බලාපොරොත්තුවෙන් සිටිය යුතුය. ස්ත්‍රියකට මෙවැනි ලකුණු කිසිවක් නොදකින්නට ලැබුනු කල්හි බොහෝ ස්ත්රීන්ගේ තත්ත්වය අනුව දින හතළිහක් සම්පූර්ණ කොට ජලස්නානය කර පිරිසිදු විය යුතුයි.
තවද එම දින හතළිහ සම්පූර්ණ කිරීමත් සමගම ඇයට ඔසප් වීම ඇතිවුවහොත් එය නවතින තෙක් ඇය ඉවසීමෙන් සිටිය යුතුය. එහෙත් ඇයගේ නියම ඔසප් වීමේ කාලයත් ඉක්මවා රුධිර පිටවීම සිදුවේ නම් එවිට ඇය මුස්තහාලාහ් ව සිටින බව සැලකිය යුතුය. මෙකල්හි ඇය ඉස්තිහාලාහ්වට අයත් නීති රීති පිළිපැදිය යුතුවේ.
සාමාන්‍ය ලෙස ගණන් ගත් දින හතළිහට පෙර ඇයගේ නිෆාසය නැවතී පිරිසිදු තත්ත්වයට පත් වන්නේ නම් නොපමාව ජල ස්නානය කර සලාතය ඉටු කිරීමටත් උපවාසයේ යෙදීමටත් පුඵවන. තවද ඇය තම සැමියා සමග සංසර්ගයේ යෙදීමට ද පුඵවන. එනමුත් එක් දිනකටත් වඩා අඩු කාලයක් ඇගේ රුධිර පිටවීම නැවතීමෙන් ඇය පිරිසිදු වූ බව අදහස් කළ නොහැක. (අල්මුග්නී 1/252)
ස්ත්‍රියක් පැහැදිලි ශාරීරික ලක්ෂණ ඇති මිනිස් ජීවයක් ප්‍රසූති කරනතෙක් ඇයගේ නිෆාසය ස්ථිර කළ නොහැකිය.
ඉතා කුඩා ශරිරයක් ලැබුනේ ද එය වැඩුනු මිනිස් ජීවයක ලක්ෂණයන් පැහැදිලි ව නොපෙන්වන්නේ නම් ඒ සමග පිටවන රුධිර නිෆාසයට අයත් බව කිව නොහැක. එය ඉර්ක් හෙවත් රෝගයක් මාර්ගයෙන් පිටවන රුධිර බව සැලකිය යුතුයි. මෙහි නීතිය ඉස්තහාලාවට අදාල නීතිරීතිය.මිනිස් ජීවයක් ගර්භාශය තුළ පිළිසිදගෙන වැඩීමට එය පිළිසදගත් දින පටන් අඩු වශයෙන් දින අසූවක් වෙයි .වැඩි වශයෙන් දින අනූවක් වේ. දින 80 ක් හෝ 90 කට පෙර වේදනාවෙන් යුතුව රුධිර පිටවෙන බව දුටුවොත් ඒ ගැන කලබල නොවිය යුතු අතර එම දින 80 ක් හෝ 90 කට පසු වේදනාවෙන් යුතුව රුධිර පිටවෙන බව දුටුවොත් ඇය සලාතය ඉටු කිරීම උපවාසයේ යෙදීම යනාදියෙන් බැහැර වී සිටිය යුතුයි.
කෙසේ වෙතත් ඇය තමාගේ ළදරුවා ප්‍රසූති කළවිට එය වැඩුණු මිනිස් ජීවයක හැඩරුව ගෙන සිටියේ නම් එක්ල්හි දින 80 ක් හෝ 90 කට පෙර වූ ඇයගේ රුධිර පිටවීම නිෆාස් බව අදහස්කොට ඇයට අතහැරුණු සලාත් සහ උපවාසය යනාදිය නැවත සම්පූර්ණ නොකල යුතුයි.සමහර විට එසේ ඉපදුණු ළදරුවා වැඩුණු මිනිස් ජීවයක හැඩරුව දක්නට නොලැබෙන්නේ නම් එවිට ඇයගේ රුධිර පිටවීම නිෆාස් බව අදහස් කළ නොහැක. ඉස්තිහාලාවෙහි රුධිරය යැයි සලකා අතහැරුණු සලාත් හා උපවාසයන් නැවත ඉටු කිරීම අවශ්‍ය වේ.
එනමුත් නිසි පැහැදිලිතාවයක් නොමැති විට නිෆාස් යැයි සලකා අතහැරුනු සලාත් හා උපවාසය යනාදිය නැවත සම්පූර්ණ නොකල යුතුයි යැයි ඉබ්නු තයිමියා තුමාණන් පවසා ඇත.
නිෆාසයට අදාල නීති රීති
පහත සදහන් කරුනු හැර, නිෆාසයට අදාළ නීතිරීති ඔසප් වීමට අදාළ නීතිරීති හා සමානය.
1. ඉද්දාව නිෆාසයට සම්බන්ධ වූවක් නොවේ. එහෙත්, දික්කසාදයට අදාළ නීතිරීති සමග සම්බන්ධ වූවකි. උදාහරණයක් වශයෙන් තලාක් (දික්කසාදය) දරු පුසූතියට පෙර දැන්වූවහොත් ඉද්දාව එම පුසූතියත් සමග නිමාවෙයි. ඒ හැර එයට නිෆාසයේ කාලය සමග කිසිදු සම්බන්ධයක් නැත. සමහර විට තලාක් ( දික්කසාදය) ප්‍රසූතියට පසුව දැන්වූවහොත් ඇය තමාගේ ඔසප් වීම ඇතිවෙනතුරු බලාපොරොත්තුවෙන් සිට ඒ අනුව මින් ඉහත විස්තර කළ පරිදි ඉද්දාව ගණන් බැලිය යුතුය.
2. ඊලා සඳහා වූ කාල සිමාව තුල ඔසප් කාලය අඩංගු වන අතර නිෆාසයෙහි කාලය මෙහි අඩංතු නොවේ.
ඊලා යනු ස්වාමි පුරුෂයකු කාල සීමාවකින් තොරව (නැත්නම් මාස හතරකට අධික ව) සිය භාර්යාව සමග සංසර්ගයේ නො යෙදෙන බවට දිවිරීම වෙයි. මෙවැනි අවස්ථාවකදී එම භාර්යාව තමන් සමඟ සංසර්ගයේ යෙදිය යුතු බවට ඉල්ලා සිටියේ නම් එම ස්වාමි පුරුෂයා දිවුරුම් දුන් දින සිට මාස හතරක කාලයක් ඔහු සදහා නියම කළ යුතුය. මෙම කාල සීමාව තුල සංසර්ගයේ නොයෙදී එම කාලය නිමවූයේ නම් ( මුස්ලිම් විනිශ්චය කාරයෙකු විසින්) ඔහුගේ භාර්යාව සමග සංසර්ගයේ යෙදෙන ලෙස හෝ ඔහුගේ භාර්යාවගේ ඉල්ලීමට අනුව වෙන්වීම ඉටුකරන ලෙස හෝ නියෝග කරනු ලබයි.
නිෆාසයේ කාලයේදී ඊලා හෙවත් දිවුරුම්දීම් සිදු වූවහොත් මෙම කාලය ගණන් නොකර වෙනම මාස හතරක කාලයක් මෙම ස්වාමි පුරුෂයාට නියම කරනු ලැබේ.
3. වැඩිවියට පත්වීම -කාන්තාවක් වැඩිවියට පත් වන්නෙ නිෆාස් වලින් නොව මාස් ශුද්ධිය ඇති වීමෙන් බව පැහැදිලිය. ස්ත්‍රියකට ඩිම්බ කෝෂයෙන් ඩ්ම්බ මෝචකය වන තත්ත්වය ඇතිවීමට පෙර ගැබ් නොගනියි.
4. මාස් ශුද්ධිය ඇති වුනු පසු එම රුධිරය නැවතී ඉන් පසු නැවත වහනය වූයේ නම් එය මාස් ශුද්ධියට අදාල රුධිරය බව සැළකිය යුතුයි.නිදසුනක් ලෙස කාන්තාවකට පොදුවේ දවස් අටක කාලයක් රුධිරය වහනය වේ නම් ඇයට දවස් තුන හතරක කාලයක් රුධිරය වහනය වී නතර වූ පසු (පොදුවේ ඇයට රුධිරය වහනය වන කාලය වන) දවස් අටක තුල නැවතත් රුධිරය වහනය වුයේ නම් මෙය නිසැකව මාස් ශුද්ධි රුධිරය යැයි කිව හැක.ඒ හා සම්බන්ධ නීති රීතීන් අනුගමනය කළ යුතුය.සමහර විට නිෆාසයට අදාළ රුධිර පිටවීම දින හතළිහක් තුළ නැවතී, නැවත එම දින හතළිහ තුල පිටවෙන්නේ නම් එයට කුමක් කිව යුතුද යන ප්‍රශ්නයක් මතුවීමට පුඵවන. ඇය නියමිත කාලයන්හි සලාතය උපවාසය යනාදිය ඉටුකළ යුතුය. අනිවාර්ය වූ වතාවත් හැරෙන්නට මාස් ශුද්ධිය ඇති වු කාන්තාවකට තහනම් වන සියළු කරුණු මෙම කාන්තාවට තහනම් වන නමුත් පිරිසිදු වූ පසු මෙම කාලයේදි කල සෑම සලාතයන් හා උපවාසයන් නැවතත් ඉටු කළ යුතුය.
මෙම මතය හන්බලි මද්හබයේ විද්වතුන් දරන මතය වේ.එනමුත් නිවැරදි මතය නම්:
· මෙම නිෆාස් රුධිරය නතර වී නිෆාස් යැයි කිව හැකි කාලයක් තුල නැවතත් රුධිර පිටවූයේ නම් එය නිෆාසයට අදාල රුධිරය වේ.
· එසේ එය නිෆාස් යැයි කිව හැකි කාලයක් තුල නැවත වහනය නොවුනේ නම් එය මාස් ශුද්ධියට අදාල රුධිර වේ.
· එහෙත් එය නොනැවතී පිටවෙන්නේ නම් එවිට එය ඉස්තිහාලාහ්වට අදාල රුධිර බව අදහස් වෙයි.
මෙම මතය අල් මුග්නී යන කෘතියේ සදහන් වන මතයට සමීප වූවකි. ඉමාම් මාලික් (රහ්) තුමා පැවසූ බව මෙම ග්රන්ථයෙහි මෙසේ සදහන්කොට ඇත. ඇයගේ රුධිර පිටවීම නැවතී දින දෙක තුනකට පසුව නැවතත් පිටවෙයි නම් එය නිෆාසයේ රුධිරය වේ. නැතහොත් එය ඔසප් වීමේ රුධිරය වේ. ෂෛයිහුල් ඉස්ලාම් ඉබ්නු තෛමියියාහ් (රහ්) තුමාගේ තේරීම ද මෙම මතය ම වෙයි. ඇත්තෙන්ම මෙම රුධිර සම්බන්ධව සැකයක් තිබිය නොහැක. එනමුත් මිනිසුන්ගේ ඥානය, වටහා ගැනීම යනාදිය පදනම්කොට ගෙන මේ ගැන වවිධ අදහස් ඔවුන් තුළ ඇත. අල්ලාහ් අනාවරණය කළ අල්කුර්ආනය, ඔහුගේ නබි මුහම්මද් (සල්) තුමාගේ හදීස් වැකි වල සියළු දෑ ඉතා පැහැදිලිව සඳහන් වී ඇත.
අල්ලාහ් දෙවිඳුන් උපවාසයේ යෙදීම, තවාෆය ඉටුකිරීම යනාදී කර්තව්‍යයන් ඉටුකිරීමේ දී පළමු වතාවට යම් වැරදීමක් ඇතිවුවොහොත් හැර එම කර්තව්‍යයන් දෙවරක් ඉටු කළ යුතුයි යැයි අනිවාර්ය කර නැත.
එහෙත් කවරෙකු හෝ වේවා ඔහුගේ හෝ ඇයගේ ශක්තියේ තරමට ඔවුන් අනිවාර්ය වූ නැමදුම් හා අනෙකුත් ක්‍රියාවන් ඉතා යහපත්ව ඉටුකරන්නේ නම් ඔහු හෝ ඇය තමාගේ වගකීමෙන් නිදහස් වන්නේය.
අල්ලාහ් මෙසේ පවසයි.
لَا يُكَلِّفُ ٱللَّهُ نَفۡسًا إِلَّا وُسۡعَهَاۚ ٢٨٦
කිසිදු මනුෂ්‍යයකුට දැරිය නොහැකි අන්දමේ බරක් අල්ලාහ් නොපවරයි. (අල් කුර්ආන් 2-286) .
අල්ලාහ් මෙසේද පවසයි.
فَٱتَّقُواْ ٱللَّهَ مَا ٱسۡتَطَعۡتُمۡ ١٦
එබැවින් ඔබට හැකි පමණින් අල්ලාහ්ට බිය (භක්ති) ව ජීවත් වන්න. (අල් කුර්ආන් 64-16)
5. යම් ස්ත්‍රියකට සාමාන්‍ය වශයෙන් ඔසප් වීම ඇතිවී පිරිසිදු වන කාලයට පෙර ඇය පිරිසිදුවන්නේ නම් ඇය සමග සංසර්ගයේ යෙදීමට අවසර ඇත.
නමුත් නිෆාසය සම්බන්ධව හන්බලී මද්හබයේ පැහැදිලි මතය අනුව සංසර්ගයේ යෙදීමට කැමැත්තක් දක්වා නැත. මේ සම්බන්ධ ව ඇති නිවැරදි මතය නම් මෙයට අවසරයක් ඇත යන්නය . මෙය ද බොහෝ මුස්ලිම් විශාරදයින්ගේ මතය වෙයි. යම් කරුණක් සම්බන්ධව කැමැත්තක් හෝ අවසරයක් නැති බවට තිරණය කිරීමට නම් ඒ සදහා ඉස්ලාමීය නීති රීතීන් තුළින් සාක්ෂි අවශ්‍ය වන්නේය.
මේ සම්බන්ධව ඉමාම් අහ්මද් තුමා වාර්තා කරන පහත සඳහන් දෑ හැර වෙනත් සාක්ෂි කිසිවක් නොමැත.
එතුමා වාර්තා කරන්නේ මෙයයි :
අබී අල් ආස්ගේ පුත් උස්මාන් වෙත ඔහුගේ භාර්යාව ඇයගේ (නිෆාසයේ) දින හතළිහේ කාල සීමා සම්පූර්ණ වීමට පෙර ඔහු වෙතට සමීපවෙයි. එවිට ඔහු (ස්වාම පුරුෂයා වන උස්මාන්) එපා! යනුවෙන් කීවේය.
මෙම ස්ද්ධිය එම කාන්තාවගේ ක්‍රියාව ඇගේ ස්වාමි පුරුෂයා විසින් තරයේ ප්‍රතික්ෂේප කළ බවට පැහැදිලි සාක්ෂියක් නොවේ. ඔහු එලෙස කීමට ඇය නිෆාසයෙන් පිරිසිදු වුයේ ද නැද්ද යනුවෙන් නොදන්නවා විය හැකි බව සිතන්නට ඇත. නැතහොත් ඇය සමග සංසර්ගයේ යෙදීමෙන් නැවතත් රුධිර පිටවෙන්න පුඵවන් බව සිතන්නට ඇත. නැතහෝ වෙන් හේතූන් තිබිය හැකිය.
අල්ලාහ් සියඵ දේ දනී.
7 - ඔසප් වීම වළක්වාගැනීම - උපත් පාලනය හා ගබ්සාව
ඔසප් වීම වළක්වාගැනීමට යොදාගන්නා උපක්‍රම කොන්දේසි දෙකක් යටතේ පිළිගත හැක.
පළමු කොන්දේසය.
මෙම ක්‍රමය ස්ත්‍රීයකට හානියක් නොවිය යුතුයි.
අල්ලාහ් මෙසේ පවසයි.
وَلَا تُلۡقُواْ بِأَيۡدِيكُمۡ إِلَى ٱلتَّهۡلُكَةِ وَأَحۡسِنُوٓاْۚ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلۡمُحۡسِنِينَ ١٩٥
තවද ඔබගේ ම දෑතින් ඔබගේ විනාශය හැඩ ගස්වා නොගන්න. (අල් කුර්ආන් 2 : 195)
අල්ලාහ් මෙසේද පවසයි..
وَلَا تَقۡتُلُوٓاْ أَنفُسَكُمۡۚ ٢٩
තවද ඔබ විසින්ම ඔබේ සිය ජීවිතය නසා නොගන්න. සත්‍ය වශයෙන්ම දැනගන්න. අල්ලාහ් ඔබ කෙරෙහි අපරිමිත කරුණාව දක්වන්නේය. (අල් කුර්ආන් 4: 29)
දෙවෙනි කොන්දේසිය.
ඔසප් වීම වළක්වාගැනීමට යොදාගන්නා ද්‍රව්‍ය භාවිතා කිරීම මාර්ගයෙන් සවාමි පුරුෂයාට අවහිරයක් හෝ අනිසි බලපෑමක් ඇති වෙන්නේ නම් ඇය විසින් සිය ස්වාමි පුරුෂයාගේ අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වේ.
උදාහරණයක් ලෙස ස්ත්‍රියක් (දික්කසාදයක් නිසා) ඉද්දාවේ නිරත වී සිටින්නේ නම් ඇයගේ වියහියදම් ඇයගේ ස්වාමි පුරුෂයා විසින් දැරිය යුතුයි. මෙවැනි අවස්ථාවකදී අයුතු ප්‍රයෝජන ලබා ගැනීමේ අරමුණෙන් අධික මුදල් ලබාගැනීමේ අදහසින් ඔසප් වීම වළක්වන දේ භාවිතා කර ඉද්දා ව දීර්ග කිරීමට අනුමැතිය නැත. මේ සදහා සිය ස්වාමි පුරුෂයාගේ අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වේ.
මෙවැන්නක් භාවිතා කිරීම නිසා පිළිසිද ගැනීමට බාධාවක් ඇති කරයි නම් මේ සම්බන්ධයෙන් සිය ස්වාමි පුරුෂයා දැනුවත් කර මේ සදහාද ඔහුගේ අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වේ.
එබැවින් ඉහත සදහන් කොන්දේසි යටතේ පමණක් ඔසප් වීම් වලක්වාගැනීම සඳහා අදාල දෑ භාවිතා කල යුතුයි. එනමුත් මේ සදහා අවශ්‍යතාවයක් ඇති වූ විටක පමණක් වලක්වාගැනීම සදහා අදාල දෑ භාවිතා කිරීම ඉතා උචිතය. එයට හේතුව නම් ස්වභාවික වූ ක්‍රම අනුගමනය කිරීම තමන්ගේ සෞඛ්‍යය ආරක්ෂාව යනාදියට ඉතා සුදුසුය.
· ඔසප් වීම ඇතිවීම පිණිස බෙහෙත් භාවිතය කොන්දේසි දෙකක් යටතේ අනුමත කල හැක.
පළමුව - අල්ලාහ් තආලා උදෙසා ඉටුකල යුතු සලාත් සහ උපවාසයේ යෙදීම් වැනි ඉබාදතයන්ගෙන් තමන්ව වලක්වා ගැනීමේ අදහසින් මෙම බෙහෙත් හෝ වෙනත් දෑ භාවිතා කිරීම නොකල යුතුයි.
දෙවනුව - ස්වාමි පුරුෂයා දැනුවත් කර මේ සදහාද ඔහුගේ අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වේ. මෙම බෙහෙත් භාවිතය නිසා නොකඩවා හට ගන්නා ඔසප් වීම් තුලින් සිය ස්වාමි පුරුෂයාට ඇය සමග සංසර්ගයේ සතුට ලබාගැනීම ඇති ඉඩකඩ නැතිවී යන්නේය .එහෙයින් ඔහුගේ අයිතිය උල්ලංඝනය වන පරිදි කිසිවක් නොකළ යුතුයි.
ස්ත්‍රියක් දික්කසාදයක් නිසා ඉද්දාවේ නිරත වී සිටින්නේ නම් මෙවැනි බෙහෙත් භාවිතය නිසා ඉද්දාවේ කාලය බොහෝ සුඵ කාලයකින් නිමාවට පත්වේ. (ස්වාමි පුරුෂයා තම බිරිඳ සමග නැවත සංසර්ගයේ යෙදීමට අනුමැතිය ලබා දී ඇති අන්දමේ) ඉද්දාවක නිරතවී සිටින විටක එම ඉද්දා කාලය අවසන් වීමට පෙර ස්වාමිපුරුෂයාට සිය බිරිඳ සමග සංසර්ගයේ යෙදි පනවා ඇති ප්‍රාථමික ඉද්දාව අවලංගු කිරීමට ඇති අවස්ථාව මගහැරී යයි.
· උපත් පාලන ක්රමයන් අනුගමනය කිරීම
පළමුව - ගැබ් ගැනීම සම්පූර්ණයෙන් ම වළක්වාලීම සදහා අනුගමනය කරන්නේ නම් මේ සදහා අනුමැතියක් නැත. හේතුව :
අ) මුස්ලිම් වරුන්ගේ ජනගහනය වැඩි කර ගැනීමයි. මෙම ක්‍රමය ජනගහනයේ වර්ධනය අඩුකරයි.
ආ) දූ දරුවන් කොපමණ සිටියත් ඔවුන්ගේ ජීවිත පැවත්ම අවිනිස්චිතය. එබැවින් අනාගතය ගැන අවධානම් සහිතව ජීවත් විය යුතු අතර ගැබ් ගැනීම නතර කිරීම ගැන ප්‍රවේසම් විය යුතුයි.
දෙවනුව - තාවකාලික ව ගැබ් ගැනීම වළක්වාලීම පිණිස කීප වරක් ම ගැබ් ගත් ස්ත්‍රියක් විසින් නැවත නැවත ගැබ් ගැනීමෙන් ඇය දුර්වල තත්වයකට පත්වෙන බව හැගෙන්නේ නම් එවැනි අවස්ථාවකට මෙය සුදුසු වන්නේ ය. තවද ස්ත්‍රියක් තමාගේ ගැබ් ගැනීම අවුරුදු දෙකකට වරක් බැගින් ක්‍රමවත් ලෙස පවත්වාගෙන යන අතර ඇයගේ සැමියාද එයට අවසර දුන්නේ නම් සහ ඇය අනුගමනය කරන්න යන උපත් පාලන ක්‍රම නිසා ඇයට හානියක් නැති බවට විශ්වාසයක් ඇත්තේ නම් ඇයට ඒ සදහා අනුමැතිය දිය හැකිය.
සහාබාවරු සංසර්ගයේදී ශුක්‍ර ධාතු තම භාර්යාවන්ගේ යෝනිය තුලට ඇතුල්වීම වැළැක්වූහ. නබි තුමා මොවුහු මෙසේ කිරීම වැළැක්වූයේ නැත.මෙයට අස්zල් යැයි කියනු ලැබේ.අස්zල් යනු යම් කෙනෙක් තම භාර්යාව සමග සංසර්ගයේ හැසිරෙන සමයෙහි ධාතු පිටවෙන්නට යන බව හැගෙන කළ තම ශිශ්නය ඇයගේ යෝනියෙන් පිටතට ගෙන ධාතු පිට කිරීම අරාබියෙන් අස්ල් යනුවෙන් කියනු ලැබේ.
· ගබ්සා කිරීම මෙය කොටස් දෙකකට වර්ග කළ හැකිය.
පළමුව - මවකගේ ගර්භාෂය තුළ ඇති කළලය ඉවත් කිරීමට සිතීම .
ගර්භාෂය තුළ ඇති කළලයට හුස්ම දුන් පසුව මෙසේ කිරීමට අදහස් කරන්නේ නම් එය නීති විරෝධි ක්‍රියාවක් බවට කිසිදු සැකයක් නොමැත. හේතුව එක් ජීවයක් මැරීමේ භයානක ක්‍රියාවක් වීමය. මෙය කුර්ආන් සුන්නාහ් ඉජ්මා ආදියේ අදහසට අනුකූල වූ අදහස වේ.
සමහර විට ගර්භාෂය තුළ ඇති කළලයට ජීවය දීමට පෙර ගබ්සා කරනු ලබන්නේ නම් :
1. එය අනුමත කළ හැකි බව සමරහර විද්වතුන් පවසයි.
2. තවත් සමහරු එය අනුමත් නොකරයි.
3. සමහර විද්වතුන් එය අලකා හෙවත් ලේකැටියක්ව පරිවර්තනය වීමට පෙර එසේ කිරීමට හැකි බව පවසයි. එනම් ගැබ් ගෙන දින 40 කට අඩු කාලයකදී එසේ කල හැකි බව ඔවුන්ගේ අදහසයි.
4. වෙනත් සමහර විද්වතුන්ගේ අදහස් අනුව කළලය මිනිස් හැඩරුව ගන්නා තුරු මෙය අනුමත කල හැකි බව පවසයි.
ඒ කෙසේ වෙතත් සාධාරන හේතුවකින් තොරව එසේ නොකල යුතු බව ඉස්ලාම් විද්වතුන්ගේ මතතයි. එය නිවැරදි මතයක් ලෙස පිළිගැනීමට හැකි වේ. උදාහරණයක් ලෙස ගර්බනී කාන්තාවට ලෙඩරෝගයක් ඇති වීම වැනිය.මෙම අවස්ථාවේදී කළලය මිනිස් හැඩරුවක් නොගත්තේ නම් ගබ්සා කල හැක.එසේ නොමැති නමු ගබ්සා කල නොහැක.
දෙවනුව - ගර්භාෂයේ බීජය නැති කිරීමේ චේතනාවක් නොවීම.
ශල්‍ය කර්මයක් අවශ්‍යවුවහොත් ඒ සදහා අපගේ අවධානය යොමු කළයුතු කරුණු හතරක් ඇත.
අ) මව හා ඇගේ ගර්භාෂය තුළ සිටින නූපන් දරුවා ද ජීවත් ව ඇත්නම් : මෙවැනි අවස්ථාවක ඇත්තෙන්ම ශල්‍ය කර්මයක් අවශ්‍යවුවහොත් පමණක් එය අනුමත කල හැක. එනම් දරු ප්‍රසූතියේදී අනතුරුදායක තත්ත්වයක් ඇති වෙන බවට බියක් ඇති විටක එය අනුමත කල හැක. යහපතක් උදෙසා මිස වෙනත් හේතූන් මුල්කරගෙන ශල්‍ය කර්ම නොකල යුතුයි. එයට හේතුව නම් මිනිසාගේ ශරීරය යනු සර්වබලධාරී අල්ලාහ් දෙවිදුන් විසින් ලබා දුන් එක් වරප්රසාදයකි.එය ආරක්ෂා කල යුතුය.එහෙයින් අත්‍යවශ්‍ය වූවානම් පමණක් මෙසේ ශල්‍ය කර්මයක් කල හැක.
ආ) මව සහ ගර්භාෂයේ සිටින දරුවා මරණයට පත් වී සිටින්නේ නම් :මෙවැනි ශල්‍ය කර්මයක් අවශ්‍යවන්නේ නැත.
ඇ) මව ජීවත්ව සිටියදී ගර්භාෂයේ සිටින දරුවා මරණයට පත් වී සිටින්නේ නම් : මෙවැනි අවස්ථාවක ශල්‍ය කර්මයක් කර දරුවා ඉවත් කිරීම සඳහා ශල්‍ය කර්මයක් අවශ්‍ය වේ.මෙසේ ශල්‍ය කර්මයක් කිරීමෙන් හැර කළලය ඉවත් කළ නොහැක.මෙසේ ශල්‍ය කර්මයක් නොකර කළලය මවගේ කුසෙහි රඳා පවතී නම් ඇයට අනාගතයේදී ගැබ් ගැනීමේ අවස්ථාව ලැබීමට නොහැකි වන අතර වෙනත් අතුරු ආබාධද ඇති විය හැක.
ඈ) මව මරණයට පත්ව සිටියදී ගර්භාෂයේ සිටින දරුවා ජීවතුන් අතර සිටී යැයි බලාපොරොත්තු වූයේ නම් මෙවැනි අවස්ථාවක දරුවා බේරාගැනීම සදහා ශල්‍ය කර්මයක් කර දරුවා ඉවත් කිරීම අවශ්‍ය වේ.එසේ නොමැති විට ශල්‍ය කර්මයක් නොකළ යුතුයි.
ඉහත සඳහන් කළ ආකාරයට එම දරුවා ජීවතුන් අතර සීටී යැයි බලාපොරොත්තු වන අවස්ථාවක ගත යුතු පියවර නම් :
v එම දරුවාගේ ශරීරයෙන් කොටසක් ගර්භාෂයෙන් පිටතට පැමිණ තිබුණේ නම් ශරීරයේ අනෙකුත් අවයවයන් පිටතට ගැනීම සඳහා ශල්‍ය කර්මයක් කළ යුතුයි.
v එම දරුවාගේ ශරීරයෙන් කොටසක් ගර්භාෂයෙන් පිටතට නොපැමිණ තිබුණේ නම් මද්හබ් විද්වතුන්ගේ මතයට අනුව ශල්‍ය කර්මයක් නොකළ යුතුයි.එයට හේතුව නම් මෙසේ කිරීමෙන් එම දේහයට වද දිමක් ඇති වන නිසාය.
එනමුත් නිවැරදි මතය නම් එම දරුවාගේ ශරීරයෙන් කොටසක් ගර්භාෂයෙන් පිටතට නොපැමිණ තිබුණේ නම් මෙම අවස්ථාවේදී ශල්‍ය කර්මයක් කළ හැකිය.ඉබ්නු හුබෙයිරා නැමැති විද්වතාගේ මතයද මෙය වේ.මෙම මතය ඉතා සුදුසුයි යනුවෙන් අල් ඉන්සාෆ් නැමැති කෘතියෙහි සඳහන් කර ඇත.
මෙම කෘතියෙහි කතෘ වරයා මෙසේ පවසයි:
විශේෂයෙන් මේ කාලයට මෙම මතය ඉතා ගැලපේ.එයට හේතුව නම් ශල්‍ය කර්මයක් යනු වද දීමක් නොවේ.මිය ගිය තැනත්තාගේ ගෞරවයට වඩා ජීවතුන් අතර සිටින මෙම දරුවා ඉතා වටින්නේය.ඒ විතරක් නොව කිසිම පවක් නොකරපු ජීවතුන් අතර සිටින මෙම දරුවා ආරක්ෂා කළ යුතුව ඇත.
සැළකිය යුතුයි
ගබ්සා කිරීම අනුමත කරන සෑම අවස්ථාවක ම සිය සැමියාගේ අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වේ.
සියළු දෑ දන්නා අල්ලාහ්ය.
අවසාන වශයෙන් වචනයක්
මෙම ග්රන්ථයට අදාල මාතෘකාව යටතේ මෙහි අදහස් දක්වා ඇත. මෙහි අඩංගු වී ඇත්තේ මෙයට අදාල මූලික අදහස් පමණී. මෙයට අදාල අතිරේක කරුනු මෙහි සඳහන් නොකලෙමි. යහපත් චේතනාවෙන් මෙහි ඇති අදහස් හොදින් වටහාගෙන ඉතා හොදින් එවෙනි අතිරේක කරුනු මෙහි ඇති මූලික අදහස් සමඟ සංසන්දනය කර ඒවා ක්‍රියාවට නංවන්නට හැකිවේ යැයි මගේ විශ්වාසයයි.
මුෆ්තී හෙවත් ආගමික තීරණය ජනයා වෙත ලබා දෙන්නා යනු අල්ලාහ්ගේ සහ ඔහු වක්තෘගේ නියමයන් ජනතාවට ඉදිරිපත් කරන කෙනෙක් පමණක් බව වටහාගත යුතුයි.
ඔහු අල්ලාහ්ගේ අල් කුර්ආනය සහ මුහම්මද් නබි (සල්) තුමාණන්ගේ සුන්නාහ් මගපෙන්වීම උපයෝගී කරමින් ඔහු ජනයින් වෙත පවසන සෑම මතයක් සඳහාම ඔහුම වගකිව යුතුය. මෙය හැරන්නට කිසිවක් අනුගමනය කිරීමට උත්සහ නොකළ යුතුය. මුෆ්තී විසින් අල්ලාහ්ගේ අල් කුර්ආනය සහ මුහම්මද් නබි (සල්) තුමාණන්ගේ සුන්නාහ් යන විෂයන් දෙක ගැන මනා අවබෝධයකින් යුක්ත විය යුතු අතර ඒවා සම්බන්ධව නිසි පර්යේෂණයක් කිරීමත් තමන් තීරණයක් ගැනීමට යන විෂය වෙනත් විද්වතුන්ගේ අදහස් සමග සැසදිය යුතුය. කෙසේ වෙතත් යහපත් චෙතනාවකින් අල්කුර්ආන් සහ අස්සුන්නාහ් වෙත සමීප වී ඒවා පාදක කරගෙන තීරණ ගැනීමේදි එය සඳහා අල්ලාහ් දෙවිඳුන්ගෙන් උදව් උපකාර පැතිය යුතුයි.
අල්කුර්ආනයට සහ අල්සුන්නාහ්වට එකග නොවන යමක් ප්‍රකාශ කර ඇත්නම් හෝ ඒ සම්බන්ධව ලියවී ඇත්නම් එවැනි වැරදි කිසිවක් ක්‍රියාවට නැගීමට හෝ අනුගමනය කිරීමට හෝ උත්සහ නොවිය යුතුය. යම් මුජ්තහිද් කෙනෙක් විසින් ගෙන හැර දැක්වූ තීරණයක් හෝ නිගමනයක් එය වැරදි බව නිශ්චිත ලෙස දැන ගතහොත් ඔහු එය ක්‍රියාවට නැංවීමෙන් වැළකී සිටිය යුතුය.
කෙනෙකුට යම්කිසි කරුණක් පිළිබඳව මනාව පැහැදිලි කරගැනීම සඳහා තමන් හට තිබෙන ඉස්ලාමීය නුවණට අනුව විද්වතුන්ගේ අදහස් සොයා එයින් තම හෘදය පිළිගත් උත්තර ඔහුට සොයා ගැනීමට නොහැකි වන අවස්ථාවක අල්කුර්ආනය හා අල්හදීසය වෙත පැමිණීමෙන් ඔහුට එම කරුණ පිළිබඳ මනා අවබෝධයක් ලබා ගැනීමට හැකි වේවි.
තීරණයක් ගැනීමේදී මුෆ්ති කෙනෙකු විසින් හදිසි නොවිය යුතුය. ආගමික තීරණයක් දිමට ඉක්මන් නොවිය යුතුය. ආගමික ප්‍රශ්නයක් ඔහු වෙත ඉදිරිපත් කරනු ලැබූ විට ඒ ගැන මනා ලෙස අධ්‍යයන කර කරුණු සොයා බැලීම අවශ්‍ය වේ. ඉක්මන් තීරණ අයහපත් විපාක ඇති කිරීමට මග පාදයි.එක් මුෆ්ති වරයෙකුගේ නුවණ හා ඔහුගේ නිවැරදි භාවය හඳුනා ගත් පසු මිනිසුන් ඔහුව විශ්වාස කිරීමට ආරම්භ කරති.
කිනම් හෝ විශයක් පිළිබඳව ඔහු වෙත කරුණු කාරනා ඉදිරිපත් වන අවස්ථාවකදී මොහු ඉක්මන් තීරණයක් ගැනීමට තැත් කළේ නම් මිනිසුන් ඔහු මත තබා ඇති විශ්වාසය මගහරිනු ඇත.
මෙවන් මුෆ්ති වරයෙකුගේ ඉක්මන් තීරණ ගැනීමෙන් හා වැරදි තීරණ ගැනිමෙන් අනෙකුත් සාමාන්‍ය මිනිසුන් නොමග යෑමට හැක.එහෙයින් ඉතා උත්කෘෂ්ට වූ අල්ලාහ් වෙත අප හා අපගේ මුස්ලිම් සහෝදර සහෝදරියන් යහමග යවනමෙන් ප්‍රාර්ථනා කර සිටිමි. තව ද ඔහුගේ ආරක්ෂාව අප සැමට ලබා දෙන මෙන්ද වැරදි හා පාප ක්‍රියාවන් හි යෙදීමෙන් රැකගන්නා ලෙසද අයැදිමි. ඔහු ඉතාමත් ත්යාගීශීලීය. ඔහුගෙන් අයද සිටින්නන් හට නොපසුබටව පිහිට වන්නේය.
අල්ලාහ්ට යටහත් මම මුහම්මද් බින් සාලිහ් අල් උථෛමීන් හිජ්රි 1392 ෂඅබාන් මස 14 වන දින සිකුරාදා මෙම කර්තව්‍යය පරිපූර්ණ කලෙමි.
8 - ප්‍රශ්න හා ඒ සඳහා පිළිතුරු
මෙම පොතහි මාතෘකාව යටතේ විවිධ කරුණු සම්බන්ධව සෙයික් මුහම්මද් බින් සාලිහ් අල් උතෛයිමීන් තුමාගෙන් අසන ලද ප්‍රශ්න හා එතුමා දුන් පිළිතුරු පහත සදහන් වේ. මෙය හොදින් වටහාගෙන පිලිපැදීම අවශ්‍ය වේ.
ප්‍රශ්න අංක 01:
ඔසප් වීම හටගත් කාන්තාවක් පිරිසිදු වී ෆජ්ර් සලාතයෙන් පසු ස්නානයද කර සලාතය කිරීමෙන් පසු එදිනට අදාල උපවාසය සම්පූරණ කරන්නේ නම් ඇය නැවත එම උපවාසය ඉටු කල යුතුද?
පිළිතුර :
රමධාන් මාසයේදී කාන්තාවක් ෆජ්ර් සලාතයේ වෙලාවට විනාඩියකට පෙර පිරිසිදු වුවද ඇය කෙරෙහි එදිනට අදාල උපාවාසයේ යෙදීම අනිවාර්ය වේ. ඇයගේ උපවාසය පිළිගනු ලැබේ. ඇය විසින් එම උපවාසය නැවැත ඉටුකිරීම අවශ්‍ය නොවේ. කුමක් නිසාද යත් ඇය ෆජ්ර් සලාතයට පසුව ජලස්නානය කලද පිරිසිදු තත්ත්වයේ සිටින විටදී ඇය විසින් උපවාසයේ යෙදී ඇත. මේ සම්බන්ධව ඇයට කිසිදු වරදක් සිදු නොවේ. තවද මෙයට සමාන සිදුවීමක් මෙසේ විස්තර කල හැක. ජලස්නානය කිරීම අනිවාර්ය වූ කෙනෙකු සහර් වේලාවේදී ආහාරය අනුභව කර උපවාසය සදහා නියියතයද පිහිටුවා ගත් පසු ෆජ්ර් වේලාවෙන් පසු ජලස්නානය කිරීමට සමාන වේ. මෙහිදී ඔහුගේ උපවාසය පිළිගනු ලැබේ.මෙහිදී කාන්තාවකට අදාල කරුණක් විස්තර කිරීම වැදගත් වේ. කාන්තාවක් උපවාසය යෙදුනු දිනයකදී උපවාසයෙන් මිදීමෙන් පසු ඉෂා සලාතය ඉටු කිරීමට පෙර ඔසප් වීම සිදුවුනේ නම් එදාට අදාල ඇයගේ උපවාසය අවලංගු වන බව සමහරුන්ගේ අදහසයි. මෙය පදනම් විරහිතයි. තවද මග්රිබ් වෙලාවට විනාඩියකට පසු ඔසප් සිදු වුවද ඇය විසින් යෙදුනු උපවාසය සම්පුර්ණ වේ.
ප්‍රශ්න අංක 02:
නිෆාස් හෙවත් දරු ප්රරසූතිය පසු රුදිරය පිටවූ කාන්තාවක් දවස් 40කට පෙර පිරිසිදු වුනේ නම් ඇය සලාතය ඉටු කිරීම සහ උපවාසයේ යෙදීම අවශ්‍යද?
පිළිතුර :
සැබෑව. ඇය පිරිසිදුවෙන්නේ කවදාද එවිට ඇය විසින් සියඵ වගකීම් ඉටු කල යුතුයි. පිරිසිදු වූ මොහොත රමධාන් කාලය නම් උපවාසයේ යෙදීම අනිවාර්ය වේ. එසේම නියමිත කාලයේදී උපවාසයේ යෙදීම අනිවාර්ය වේ. ඇයගේ ස්වාමි පුරුෂයාට ඇය සමග සංසර්ගයේ යෙදීමට හැක. ඇය පිරිසිදු වීමෙන් පසු උපවාසය යෙදීම, සලාතය ඉටුකිරීම, සංසර්ගයේ යෙදීම යනාදියෙන් වැලකී සිටීමට ඇයට කිසිදු හේතුවක් නැත.
ප්‍රශ්න අංක 03 :
කාන්තාවකගේ සාමාන්‍ය ඔසප් කාලය දවස් 08ක් හෝ 07ක් වේ . නමුත් දෙතුන් වරක් හෝ එයට අදිකව නොකඩවා ලේ වහනය වේ නම් මේ සම්බන්ධයෙන් ඇති ආගමික නීතිය කුමක්ද?
පිළිතුර :
කාන්තාවකගේ සාමාන්‍ය ඔසප් කාලය දවස් 06ක් හෝ 07ක් වී ඊට වඩා වැඩි කාලයක් එනම් 8 ,9, ,10, 11, යනාදි වශයෙන් එක දිගට ලේ පිටවීම සිදු වේ නම්, මේ කාලය තුල එම කාන්තාව සලාතය ඉටු නොකර උපවාසයේ නොයෙදී පිරිසිදු වෙන තුරු ඉවසා සිටිය යුතුයි. කුමක් නිසාද යත් නබි (සල්) තුමාණන් ඔසප් වීමේ කාලය සීමා කොට විස්තර කලේ නැත.
අල්ලාහ් තආලා මෙසේ විස්තර කරයි.
وَيَسَۡٔلُونَكَ عَنِ ٱلۡمَحِيضِۖ ٢٢٢
මාසික ශුද්ධිය ගැන ඔවුහු ඔබගෙන් ප්‍රශ්න කරති. එය අපවිත්‍රවූ (කිල්ලට අදාල) කාලයක් යැයි පවසනු. ( 222 අල් බකරා)
එබැවින් රුධිරය පිවවෙමින් පවතින කාලය මුළුල්ලේම ඉවසගෙන සිට පවිත්‍ර වීමෙන් පසු ජලස්නානය කර සලාතය ඉටු කල යුතුයි. ඊලග මාසයේදී පෙර මාසයට වඩා අඩුවෙන් ලේ පිටවීම සිදුවී පිරිසිදු තත්ත්වයට පත්වන්නේ නම් එවිට ජලස්නානය කල යුතුයි. පසුගිය මාසෙහි ගණන නොසලකා හැරිය යුතුයි.එබැවින් කාන්තාවක් සඳහා රුධිරය වහනය වන කාලය පසුගිය මසට වඩා වැඩිඅඩු වුනද පිවවෙමින් පවතින කාලය මුඵල්ලේම ඉවසගෙන සිට පවිත්‍ර වීමෙන් පසු ජලස්නානය කර ඒ ඒ වගකීම් ඉටු කල යුතුයි යන්න මෙහි අදහසයි.
ප්‍රශ්න අංක 04 :
කාන්තාවක් තුල හිරු බැස යාමට කලින් ඔසප් හට ගන්නා ආකාරයේ හැගීමක් ඇති වේ. නමුත් එය හිරු බැස යාමෙන් පසු සිදුවේ. නැතහොත් ඔසප් හටගන්නා අවස්ථාවක ඇතිවෙන වේදනාවක් ඇයට දැනේ නම්. මෙවැනි තත්වයක පසුවන කාන්තාවකගේ උපවාසය නිවැරැදිද?නැතහොත් ඇය නැවත උපවාසය රැකිය යුතුද?
පිළිතුර :
හිරු බැසයාමට පෙර කාන්තාවකට ඔසප් හට ගන්නා ආකාරයේ හැගීමක් දැනුනද එය හිරු බැසයාමෙන් පසු සිදුවුනේ නම් හෝ එවැනි වේදනාවක් ඇති වුවද , හිරු බැස යාමෙන් පසු ඔසප් පිට වීම සිදු වුනේ නම් ඇය එදින සදහා යෙදුනු උපවාසය වලංගු වේ. එය අනිවාර්ය වූ උපවාසයක් නම් එය නැවැත ඉටු කල යුතු නොවේ. එය අනිවාර්ය නොවන උපවාසයක් නම් ඒ සදහා වූ කුසල නොඅඩුව ලැබේ.
ප්‍රශ්න අංක 05 :
කාන්තාවක් රුධිරය පිටවීම දකී, නමුත් එය මාසික ඔසප් විමක්දැයි ඇයට තහවුරු කර ගැනීමට නොහැකි වේ. මේ තත්වය යටතේ ඇය විසින් ඉටු කල උපවාසය වලංගු වේ ද
පිළිතුර :
මාසික ඔසප් වීම යනුවෙන් තහවුරු වෙන තුරු කාන්තාවක් ඇයගේ තත්වය පිරිසිදු තත්වයෙහිලා සලකනු ලැබේ. ඒ අනුව එදින ඇය විසින් ඉටු කල උපවාසය වලංගු උපවාසයක් සේ සලකනු ලැබේ.
ප්‍රශ්න අංක 6:
කාන්තාවක් ඇයට ඔසප් පිටවන කාලය තුල එක් දිනකදී ඇයට රුධිරය පිට වන අතර ඊට පසු දින දිවා කාලය පුරාම රුධිරය පිට නොවී පවතී. මේ තත්වය යටතේ ඇය පිළිපැදිය යුතු මග කුමක්ද?
පිළිතුර:
පොදුවේ ඔසප්වීම් කාලයේදී පිරිසිදු වීම රුධිරය පිටවීම නැවතීම යනාදිය මාසික සෘතු කාලයේදී සිදුවන ලක්ෂණයයි. මේ අනුව මාසික ඔසප්වීම කාලයේදී කාන්තාවක් විසින් වැළකී සිටිය යුතු සියඵම කරුණුවලින් මෙම තත්ත්වයේ සිටින කාන්තාවද වැළකී සිටිය යුතුයි. මේ සම්බන්ධයෙන් වෙනත් ආගමික විශාරදයින් මෙසේ පවසා ඇත. එනම් කාන්තාවකට එක් දිනකදී රුධිරය පිට වන අතර තවත් දිනකදී රුධිරය පිට නොවී පවතී නම්. මේ තත්වය යටතේ දවස් 15 ක් දක්වා වූ රුධිරය පිට වන කාලය හයිද් හෙවත් මාසික ඔසප් පිටවන කාලය ලෙසද රුධිරය පිට නොවන කාලය පිරිසිදු කාලය ලෙසද පිළිගත යුතුයි. මෙයට වඩා වැඩි කාලයක් රුධිරය පිටවෙන්නේ නම් එම කාලය ඉස්තිහාදා කාලය ලෙස සලකා ඒ නීතියට අනුව කටයුතු කිරීම අවශ්‍ය වේ. මෙම අදහස ඉමාම් අහ්මද් ඉබ්නු හම්බල් තුමාගේ ප්‍රසිද්ධ අදහසයි.
ප්‍රශ්න අංක 07:
කාන්තාවක් ඇය මාසික ඔසප් කාලයේ අවසාන භාගයේදී රුධිරයේ ලක්ෂණ දකින්නේ නැත. එසේම පිරිසිදු වීම සදහාවූ සුදු ද්වාර ලක්ෂණයද පැහැදිලිව දකින්නේ නැත. මෙම කාලවලදී ඇය විසින් උපවාසයේ යෙදීම අවශ්‍ය වේද? ඇය විසින් කල යුත්තේ කුමක්ද?
පිළිතුර :
මාසික ඔසප් පිටවී නිමාවන කාලයේදී සුදු ද්වාර පිටවීම සිදුවේ. මෙම තත්වය හට නොගන්නා කාන්තාවක් වේ නම් ඇය විසින් උපවාසයේ යෙදීම අනිවාර්ය වේ. නැත්නම් සුදු ද්වාර ලක්ෂණ දකිනා තුරු උපවාසයේ රැකීමෙන් වැළකී සිටිය යුතුයි.
ප්‍රශ්න අංක 08:
හයිද් කාලයේදී හෝ නිෆාස් කාලයේදී කාන්තාවක් අල්කුර්ආනය කටපාඩමින් හෝ අල්කුර්ආනය බලා පාරායන කිරීම සම්බන්ධයෙන් පවතින නීතිය කුමක්ද? (උදාහරන ලෙස ශිෂ්‍යාවකට හෝ ගුරුවරියකට අවශ්‍ය වූ විටකදී)
පිළිතුර :
ගුරුවරියක් හෝ දෛනිකව අල්කුර්ආනය පාරායනා කරන ශිෂ්‍යාවක් වැනි කාන්තාවන් අපවිත්‍රව සිටින විට අවශ්‍ය වූ විටකදී අල්කුර්ආනය පාරායනය කිරීම වරදක් නොවේ. නමුත් සාමාන්‍ය ලෙස කුසල් ලබා ගැනීමේ අදහසින් පාරායනය කරන්නේ නම් එම තත්වයෙන් වැළැකී සිටීම වඩාත් සුදුසුය. මන්ද බොහෝ ආගමික විද්වතුන් ඔසප් තත්වයේ සිටින කාන්තාවන් අල්කුර්ආනය පාරායනය කිරීමෙන් වැළකී සිටිය යුතුයි යනුවෙන් පවසා ඇත.
ප්‍රශ්න අංක 09:
රමළාන් මාසයේ ජනයින් සමඟ එකතු වී උපවාසය රැකීම සඳහා ඔසප් පාලන පෙති භාවිතය පිළිබඳ ඔබේ අදහස කුමක්ද?
පිළිතුර :
ඔසප් පාලන පෙති භාවිතා කිරීම මා අනුමත කරන්නේ නැත.මෙයින් අතුරු ආබාධ රාශියක් ඇති වන බව තහවුරු කරන වෛද්‍ය වාර්තාද මා සතුව ඇත.ඔසප් වීම යනු ආදම්ගේ දූදරුවන් වන කාන්තාවන් සඳහා අල්ලාහ් දෙවිඳුන් තීරණය කළ නියමයකි.එහෙයින් කාන්තාවන් මෙම නියමයට අවනත විය යුතුයි.තවද තහනම් නියෝග නොතිබෙන කාල වකවානුව තුල සලාතය ,උපවාසය වැනි වන්දනාමන කර ,තහනම් නියෝග තිබෙන වකවානුවේදී සර්වබලධාරී අල්ලාහ්ට අවනත වී එයින් තෘප්ථියට පත් වී උපවාසය අත් හැරිය යුතුයි.
ප්‍රශ්න අංක 10:
සමහර කාන්තාවන් සඳහා මාස් ශුද්ධිය නොනැවතී වහනය වෙමින් පවතී.සමහරක් අවස්ථාවන්වලදී දින දෙක තුනක් වහනය නොවී නැවත වරක් වහනය වේ.මෙවැනි අවස්ථාවන්වලදී කාන්තාවක් සලාතය ,උපවාසය වැනි වන්දනාමාන වල නිරත වීමේ නීතිය කුමක්ද?
පිළිතුර :
බහුතර විද්වතුන්ගේ ප්‍රබල මතය නම් මෙවැනි කාන්තාවක් සඳහා ඔසප් වීම අවසාන වීමට නියමිත කාලයක් තිබුණේ නම් එම නියමිත කාලයට පසු සුපුරුදු පරිදි ඇය ස්නානය කර වන්දනාමාන වල නිරත විය යුතුයි.නියමිත කාලයට පසුව දවස් දෙකක් හෝ තුනක් වැනි කාලයක් වහනය වන රුධිරය ඔසප් විමේ රුධිරය යැයි නිගමනය කල නොහැක.මෙසේ මොවුන් තීන්දු කිරීමට හේතුව නම් මෙම බහුතර විද්වතුන්ගේ අදහස වන්නේ කාන්තාවක් එක් මාසයක පිරිසිදුව සිටීමේ අවම ප්‍රමාණය දවස් දහතුනක් නිසාය.
තවත් සමහර විද්වතුන්ගේ මතය නම් කාන්තාවක් ඔසප් වීම් දෙකක් අතරතුර දින දහතුනක් තොතිබුනද රුධිරය වහනය වීම දකින තාක්කල් එම රුධිරය ඔසප් වීමෙහි රුධිරය යන නිගමනයකට ඇය පැමිණිය යුතු අතර රුධිරය වහනය නොවෙන තාක්කල් ඇය පවිත්‍රතාවයෙන් පසුවන බවද තීරණය කල යුතුයි යන්නයි.
ප්‍රශ්න අංක 11:
කාන්තාවක් තමාට උපවාසය අනිවාර්ය වු දා පටන් උපවාසය රැකු නමුත් ඔසප් කාලයේ මග හැරුනු උපවාසයන් නැවත රැකීමට උනන්දුවක් දැක් වූයේ නැත.මගහැරුනු උපවාසයන් කොපමණද කියා නියමිත ප්‍රමාණයක් නිශ්චය කිරීමටත් නොහැකි අවස්ථාවකදී ඇය හා සම්බන්ඳ නීති රීති කුමක්ද?
පිළිතුර :
අල්ලාහ් දෙවියන් විශ්වාස කරන අපගේ කාන්තාවන් අතුරින් මෙවැනි කාන්තාවන් සිටීම ඉතා කණගාටුදායක සිදුවීමකි.මෙය සමහරක් විට නොදැනුවත් කම නිසා හෝ උදාසීනත්වය , කම්මැලිකම නිසා හෝ විය හැක.මෙසේ නොදැනුවත්ව සිටිනවා නම් එයට විකල්පය වන්නේ ඒ පිළිබඳ විස්තර හරිහැටි දැන ගැනීමයි.කම්මැලිකමෙන් හා උදාසීනත්වෙයන් පෙළෙනවානම් එයට විකල්පය වන්නේ අල්ලාහ් දෙවිඳුන්ගේ දඬුවමට බිය වීමයි. මේ සදහා වෙනත් විකල්පයක් නැත.එහෙයින් මෙවන් කාන්තාවන් අල්ලාහ් තආලා ඉදිරියේ පාපොච්චාරනය කර තමාට හැකි තරම් අතහැරුනු උපවාසයේ දින ගණන් නිරීක්ෂණය කර ඒ වෙනුවෙන් වෙනත් දිනයන්හි උපවාසයේ යෙදීම ඇයගේ යුතුකමකි.ඇයගේ පාපොච්චාරනය අල්ලාහ් දෙවිදුන් පිළිගත්වා යනුවෙන් අපි බලාපොරොත්තු වෙමු.
ප්‍රශ්න අංක 12:
කාන්තාවක් සඳහා වහනය වන සුදු හෝ කහ පාටට හුරු දියරය පිරිසිදුද? මෙම දියරය නොකඩවා වහනය වන්නේ නම් වුළු හෙවත් අර්රධ දෝවනය කළ යුතුද? එසේ නොමැතිව විටින් විටින් වහනය වූයේ නම් එහි නීතිය කුමක්ද? විශේෂයෙන් ගුරුවරියන් හා බහුකර කාන්තාවන් මෙය වුළු නොකල යුතු ස්වභායෙන් වහනය වන දියරයක් මෙන් සලකති.
පිළිතුර :
කාන්තාවක් සඳහා වහනය වන මෙවන් දියරය මුත්‍රාශයෙන් වහනය නොවී ගර්භාෂයෙන් වහනය වේ නම් මෙම දියරය මාගේ පර්යේෂණයට අනුව පිරිසිදු දියරයකි.එනමුත් මෙසේ සිදු වීමෙන් වුළු නිෂ්ඵල වේ.එයට හේතුව නම් වුළු හෙවත් අර්රධ දෝවනය නිෂ්ඵල වීමට නම් ලිංගික අවයවයන් වලින් පිට වන වස්තුව අපිරිසිදු විය යුතුයි යන්න කිසිදු කොන්දේසියක් නොවන බැවිනි.තවද වාතය පිට වීම තුලින්ම අර්රධ දෝවනය නිෂ්ඵල වේ නම් මෙවෙනි දියරයක් වහනය වීම තුලින්ද ඇයගේ වුළු නිෂ්ඵල වීම සාමාන්‍යය දෙයකි.ඇය නැවතත් අලුතින් වුළු කළ යුතුයි.
එනමුත් මෙම දියරය නොකඩවා වහනය වේ නම් මෙවැනි අවස්ථාවන් වල වුළු නිෂ්ඵල නොවේ.ඇය කල යුත්තේ සෑම සලාතයක් සඳහාම එම සලාතයේ නියමිත වේලාව පැමිණ පසු ,එම සලාතය ඉටු කරන අවස්ථාවේදී වුළු කර ගැනීමයි.කෙනෙකුට මුත්රාව නොකඩවා පිට වේ නම් ඔහු ක්‍රියා කළ යුත්තේ කෙසේද යන්න විද්වතුන් ඉතා පැහැදිලිව විග්රහ කර ඇති ආකාරයට මෙවැනි ලිංගාශ්රෙයන් දියරය නොකඩවා වහනය වන කාන්තාවන්ටද සලාතයේ නියමිත වේලාව පැමිණ පසු එම සලාතය ඉටු කරන අවස්ථාවේදී වුළු කර එම කාලයට අයත් අනිවාර්ය වූ සලාතය ඉටු කිරීම,තමන්ට හැකි පමණින් සුන්නත් හා නෆිල් වැනි අමතර සලාතයන් ඉටු කිරීම,අල් කුරආනය පාරායනා කිරීම යන ක්‍රියාවන් කිරීමට අනුමැතිය ඇත.
ඉහත සඳහන් වූ විස්තර ඉතා කෙටියෙන්.
මෙවැනි දියරය පිරිසිදුද ?නැතහොත් අපිරිසිදුයිද? කියා විමසුවේනම් එය පිරිසිදුයි.
මෙයින් වුළු නිෂ්ඵල වේද,නොවේද කියා විමසුවේ නම් මෙයින් වුළු නිෂ්ඵල වේ.
නොකඩවා වහනය වේ නම් වුළු නිෂ්ඵල නොවේ.එනමුත් සෑම සලාතයක් සඳහාම එම සලාතයේ නියමිත වේලාව පැමිණ පසු අර්රධ දෝවනය කර එම සලාතය ඉටු කල යුතු අතර ඇයගේ රහස් ප්‍රදේශයේ යම් ආරක්ෂක වෙළුමක් තබා ගත යුතුයි.
මෙවැනි දියරය නොකඩවා නොව විටින් විටින් පිටවූවහොත් මෙසේ පිට වී සලාතයේ නියමිත කාලයේදී නතර වීමේ පුරුද්දක් තිබේ නම් එම දියරය නතර වෙන තෙක් සලාතය ප්‍රමාද කල යුතුයි.එනමුත් සලාතයේ නියමිත කාලය අවසන්වේ යැයි හැඟී ගිය හොත් වුළු කර රහස් ප්‍රදේශයේ යම් ආරක්ෂක වෙළුමක් තබා සලාතය ඉටු කල යුතුයි.
මෙසේ පිට වන දියරය රහස් ප්‍රදේශයෙන් පිට වන නිසාවෙන් එහි ප්‍රමාණය කොපමණ වූවද එයින් කිසිදු වෙනසක් නොමැත.එහෙයින් එය ප්‍රමාණයෙන් අඩු වැඩි වූවද වුළු නිෂ්ඵල වේ.එනමුත් ශරීරයේ වෙනත් අවයවයන් මගින් පිට වන රුධිරය ,වමනය වැනි දැයින් ප්‍රමාණය කොපමණ වූවද වුළු නිෂ්ඵල නොවේ.
මෙය වුළු නොකල යුතු ස්වභායෙන් ඇති වන දියරයක් මෙන් සලකන සමහර කාන්තාවන් සඳහා ඉමාම් ඉබ්නු හසම් (රහ්) තුමාණන්ගේ එක් මතයක් හැර වෙනත් පිලිගත හැකි කිසිදු සාදකයක් නෙමැත.තවද ඔහුගේ එම මතය සඳහා ඔහු විසින්ද කිසිදු සාදකයක් පෙන්වා දී නොමැත. ඉස්ලාම් දහමේ පිළිගත හැකි මූලාශ්‍ර වන අල් කුර්ආන් , නබි වදන් හා සහාබාවරුන්ගේ ප්‍රකාශ වලද මෙම මතයට අනුබල දීම සඳහා කිසිදු ප්‍රකාශයක් සඳහන් වී නෙමැත.
ස්ත්‍රියක් අල්ලාහ්ට භිය වී පවිත්රත්වය හා සම්බන්ධ කරුනු පිළිබඳ විමසිල්ලෙන් සිටිය යුතුයි.කුමක්නිසාදයත් පවිත්‍ර නොවී සිය වතාවක් සලාතය ඉටු කළද ඒවා ප්‍රතික්ෂේප වන බැවිනි.තවද කවරෙකු ඕනෑකමින් වුළු නොගෙන සලාතය ඉටු කරන්නේද , ඔහු අල්ලාහ් දෙවිදුන් විසින් ධර්මානුගත කළ කරතව්‍යක් පරිහාසයට ලක් කල හේතුවෙන් ඉස්ලාම් දහමෙන් බැහැර යන්නෙකු මෙනි යනුවෙන් විද්වතුන් සමහරක් පවසා ඇති බව මෙහි සඳහන් කිරීම ඉතා උචිතය.
ප්‍රශ්න අංක 13:
පොදුවේ කාන්තාවක් සඳහා ඔසප් වීම ඇති වීමට දිනක් හෝ දිනකට වැඩි හෝ අඩු කාලයකදී වැලි පාටට හුරු යමක් පිට වේ නම් එහි නීතිය කුමක්ද?එසේ පිටවන ලද දියරය සමහරක් අවස්ථාවලදී කළු පාටට හුරු හෝ දුඹුරු පාටට හුරු පැහැයක් සහිත සිහින් නූලක් හැඩැතිවද පිට වේ.
මෙවැනි දියරය ඔසප් වීම පවතින කාලයට පසුවද වහනය වේ නම් එහි නීතිය කුමක්ද?
පිළිතුර :
මෙම දියරය ඔසප් වීම ආරම්භ වීමට පෙරසලකුණක් නම් මෙයද ඔසප් රුධිරය මෙන් සැළකිය යුතුයි.මෙය පොදුවේ ඔසප් වන කාන්තාවන්ට ඇති වන වේදනාවෙන් ඇයට දැනගත හැක.
ඔසප් වීම පවතින කාලයට පසු කුද්රාහ් නම් වැලි පාටට හුරු යමක් පිට වේ නම් එම දියරය නතර වෙන තෙක් රැඳී සිටිය යුතුය.එයට හේතුව නම් ඔසප් වීමත් සමඟම පැමිණෙන මෙම දියරයද ඔසප් විමට අයත් දියරයක් බැවිනි.
සුදු පැහැති දියරය දකින තෙක් කලබල නොවන්න යන ආයිෂා (රළි) තුමියගේ නබි වදන මෙයට සුදුසු සාදකයකි.(බුහාරි1/ 320).
ප්‍රශ්න අංක 14:
උම්රාවක් සඳහා චේතනාව තැබූ කාන්තාවක් මක්කාවට ඇතුල් වූ පසු ඇයට ඔසප් වීම ඇති වේ.ඇයත් සමඟ ඇයගේ කිට්ටු ඥාතියෙක් (මහ්රම්) වන පිරිමි සහායකයාද කඩිමුඩියේ මක්කාවෙන් පිටත් වීමේ හදිසි මොහොතක සිටීයි.එපමණක් නොව ඇයට මක්කාවේ යම්කිසි කිට්ටු ඥාතියෙක් (මහ්රම්) වන පිරිමි සහකාරයෙක්ද නොමැත.මෙවැනි අවස්ථාවකදි ඇය අනුගමනය කල යුතු ආකාරය කුමක්ද?
පිළිතුර :
මෙම ගැටළුව දෙආකාරයකින් විසඳිය හැක.
· පළමු ආකාරය: සවුදි අරාබියාවේ පදිංචි කාන්තාව.
මෙවැනි කාන්තාවක් කල යුත්තේ ඔහුත් සමඟ පිට වී යාමයි.පිරිසුදු වූ පසු නැවත පැමිණ ඇය උම්රාහ් කර්තව්‍ය සම්පූර්ණ කල යුතුයි.මෙයට හේතුව නම් මෙසේ සවුදි අරාබියාව තුල පදිංචි වූවන් නැවත පැමිණීමෙන් අධික බලපෑමක් හෝ වෙහෙසක් ඇති නොවන බැවිනි.තවද මැයට වීසා හා ගමන් බලපත්‍ර වැනි සංචාරක ගැටළු කිසිවක්ද ඇති නොවේ.
· දෙවන ආකාරය: වෙනත් රටකින් සවුදි අරාබියාවට සංචාරය කර පැමිණි කාන්තාව.
මෙවැනි කාන්තාවක් කළ යුත්තේ ඇයගේ රහස් ප්‍රදේශයෙහි රෙදි කැබැල්ලක් වැනි ආරක්ෂක වෙළුම් පටියක් තබා තවාෆ්,සඊ,හිසකෙස් සිඳීම යන උම්රාහ් කර්තව්‍යයට අයත් වන්දනාමාන එවලේම සම්පූර්ණ කිරීමයි.මෙයට හේතුව නම් මෙවැනි හදිසි අවස්තාවන්හිදී ඉස්ලාම් දහම තුල තහනමට ලක් වූ සෑම කරුණක්ම පාහේ ක්‍රියාවට නැංවීමේ අවසරය ඉස්ලාම් දහම ලබා දී ඇති බැවිනි.
ප්‍රශ්න අංක 15:
මා හජ් වන්දනාමානයෙහි නිරතවී සිටින අවස්ථාවේ ඔසප් තත්ත්වයට පත් වුනි. ලැජ්ජාව නිසා මේ ගැන කිසිවෙකුට නොපැවසූ අතර මා මස්ජිද් හරාමයට පිවිස සලාත් තවාෆ් සඊ යනාදී වන්දනාවන්හි යෙදුනෙමි.මේ හා සම්බන්ධ නීති රීති මොනවාද? මෙම මාස ශුද්ධිය ඇති වූයේ නිෆාස් හෙවත් දරු ප්‍රසූතියෙන් වහනය වන රුධිරය අවසන් වූ පසුවය.
පිළිතුර :
නිෆාස් හෝ ඔසප් තත්ත්වයේ සිටින කාන්තාවක් නිවසේදී හෝ මස්ජිද් හරාමයේදී හෝ වෙන ඕනෑම ස්ථානයක සලාත් ,සව්ම්, තවාෆ් ,සඊ ඉටු කිරීමෙන් වැළකී සිටිය යුතුය. මුහම්මද් නබි සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාණන්ගේ හදීසයක මෙසේ සඳහන් වේ (ස්ත්‍රීයක් සඳහා ඔසප් වීමක් සිදු වූහොත් ඇය සලාතයේ හෝ උපවාසයේ නිරත වීමට නොහැකී නෑද?)(වාර්තා කරු : අබු සඊද් අල් කුද්රි (රළි) බුහාරි 304/මුස්ලිම් 80).
ස්ත්‍රියක් ඔසප් වීමෙන් පසු ඉහත සදහන් ඉබාදතයන්හි යෙදීමෙන් වැළැකී සිටිය යුතුයි යනු සියඵ ඉස්ලාමීය විද්වතුන්ගේ තීරණය වේ. එබැවින් ඉහත සදහන් කාන්තාවගේ සලාත් තවාෆ් යනාදී වන්දනාවන් වලංගු නැත. නොදැනුවත්ව කල ඒ ක්‍රියාවට ඇය අල්ලාහ් තආලාගෙන් සමාව අයද සිටිය යුතුයි. ඇය ඔසප් වීම පවතින කාලයදී කල තවාෆය වලංගු නැත.
තවද හජ් සමයේ තවාෆ් කිරීමට පෙර සඊ කිරීම යන මතය ඉතා ප්‍රබල මතයක් නිසාවෙන් ඇය ඉටු කල සඊ වන්දනාව වලංගු වේ.එනමුත් හජ් වන්දනාවේ ඉතා වැදගත් වන්දනාවක් වන තවාෆය ඇය නැවත ඉටු කල යුතුමය.මෙය ඉටු නොකිරීමෙන් හජ් සඳහා (ඉහ්රාම්) චේතනාව තැබූ පසු තහනම් වන කිසිදු කරුනක් ඇයට කල නොහැකිය.විවාහක කාන්තාවක් නම් අනිවාර්ය වූ මෙම තවාෆය නැවත ඉටු කරන තෙක් සිය සැමියා සමඟද සංසර්ගයේ නොයෙදිය යුතුයි. විවාහ නොවූ කාන්තාවක් නම් තවාෆය ඉටු කරන තුරු විවාහ ගිවුසුම් පවා ඇයට තහනම් වේ. සියළු දෑ දන්නා අල්ලාහ් පමණී.
ප්‍රශ්න අංක 16:
තමන් හා තමන්ගේ සිය බිරිඳ යන්බූ නම් වූ ප්‍රදේශයෙන් උම්රා ඉටු කිරීම පිණිස මක්කාවට පැමිණි අතර එහිදි සිය බිරිඳට මාස්ශුද්ධිය ඇති වූ හේතුවෙන් තමන් පමණක් උම්රා වන්දනාව අවසන් කොට ඇත.ප්රශ්නය නම් තමාගේ සිය බිරීඳ හා සම්බන්ද නීතිරීතීන් කුමක්ද යන්නයි.
පිළිතුර :
ඔසප් තත්වයේ සිටින මෙම කාන්තාව මෙම තත්වයෙන් මිදෙන තුරු රැඳී සිටි පසු උම්රා වන්දනාව සම්පූර්ණ කල යුතුයි.එයට හේතුව නම් මෙවැනි සිදුවීමක් මක්කාවේදී සෆියියා (රළි) තුමියටද සිදු වුණි.එම අවස්ථාවේදි නබි තුමාණන් ඇය අපව මක්කාවෙන් පිටවී යාමෙන් වැළක් වූවාද? යැයි ප්‍රකාශ කළහ.එම මොහොතේ අනිවර්ය වූ තවාෆය සම්පූර්ණ කල පසුවයි ඇයට මෙසේ සිදු වූ බව දන්වනු ලැබුනි.එසේනම් කිසිදු බලපෑමක් නොමැත , ඇයට පිටවී යා හැක යනුවෙන් නබි තුමාණන් සඳහන් කළේය.(දන්වන්නා : ආඉෂා (රලි) . මූලාශ්‍රය : බුහාරි 4401 / මුස්ලිම් 1211
ඇය අපව මක්කාවෙන් පිටවී යාමෙන් වැළක් වූවාද?යන විමසීම වනාහි කාන්තාවක් සඳහා අනිවාර්ය වූ තවාෆය සම්පූර්ණ කිරීමට පෙර ඔසප් වීමක් සිදු වේ නම් ඇය පිරිසුදු වන තෙක් රැඳි සිට ඉන් පසු තවාෆ් කල යුතුයි යන අදහස අවධාරනය කරයි. හජ් වන්දනාවෙහි තවාෆ් කිරීම කෙතරම් වැදගත් වන්නේද එතරම් උම්රා වන්දනාහි තවාෆයද ඉතා වැදගත් වූවකි.ඒ අනුව උම්රා වන්දනාවේ තවාෆය සම්පූර්ණ කිරීමට පෙර කාන්තාවක් ඔසප් තත්වයට භාජනය වූයේ නම් ඇය ඔසප් තත්වයෙන් පිරිසිදු වන තෙක් ඉවසීමෙන් රැඳි සිට ඉන්පසු තවාෆය සම්පුර්ණ කිරීම අනිවාර්ය වේ.
සියළු පැසසුම් අල්ලාහ්ට හිමිවේ !
ඉස්ලාමීය වත්පිලිවෙත් හා වන්දනාමාන කටයුතු ඉටු කිරීමේදී සහ මෙම කාලය තුල එදිනෙදා කටයුතු ඉටුකිරීමේදී මේ සම්බන්ධව ඉස්ලාමීය කාන්තාවක් විශේෂ සැලකිල්ලක් දක්වන බැවින් ඉස්ලාමීය ඉගැන්වීම් යනුවෙන් වරදවා සිතා වැරැදි දේ කරමින් අනවශ්‍ය ලෙස අපහසු තත්ත්වයට පත්වේ. එබැවින් මෙම විෂය සම්බන්ධව ඔබ දෝතෙහි ඇති මේ පොත් පිංච ප්‍රධාන පෙළේ ඉස්ලාමීය ශාස්ත්‍ර විශාරද අශ්ශෙයික් මුහම්මද් බින් සාලිහ් අල් උසයිමීන් (රහ්) විසින් අල්කුර්ආනය සහ හදීස් පදනම් කරගෙන කාන්තාවක් මෙම කාලය තුල අනිවාර්යයෙන්ම දැන ගතයුතු කරුණු විස්තර සහිතව පැහැදිලි කර ඇත.