×
ශරීරය රෝගාතුරවනවාක් මෙන්ම සිත ද රෝගාතුර වෙයි. නිසි අයුරින් ඒ සඳහා ප්‍රතිකාර නොකළ විට එය විනාශ වී යන්නට විවිධ අවස්ථාවන් උදාවෙයි. නිරතුරුව රෝගී භාවයට පත්වන සිත් සුව කිරීම පිණිස ඉස්ලාම් පෙන්වා දෙන ක්‍රමවේදයක් වශයෙන් පස්වේල සලාතය, රමළාන් මාසයේ උපවාසය ඇතුළුව සියලු ඉස්ලාමීය වත්පිළිවෙත් පිහිටා ඇත. එම වගකීම් ක්‍රමවත් අයුරින් ඉටු කිරීම නිසි ප්‍රතිකාර සඳහා නියමිත වේලාවට බෙහෙත් බොනවාක් මෙනි.මෙය එම මාතෘකාව යටතේ ලියවුණු පොත් පිංචයකි.