‘ෂියා’ දහම පිළිබඳ විමසුමක්
ප්‍රවර්ග / වර්ගීකරණයන්
Full Description
'ෂියා' දහම පිළිබඳ විමසුමක්
الشيعة
< اසිංහල >
අබු ෆාතිමා
أبوفاطمة
Reviser's name: මුහම්මද් අසද්
ترجمة:
مراجعة: محمد آساد
'ෂියා' දහම පිළිබඳ විමසුමක්
අබු ෆාතිමා
මෑතක සිට ලංකාව තුළත් කලක පටන් අනෙකුත් රටවල්වලත් 'ෂියා' දහම පිළිබඳ නිවැරදි අවබෝධයකින් තොර වූ ව්‍යාකුලත්වයක් දක්නට ඇත. එහෙයින් කටයුත්තක් ඒ පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක් ඉදිරිපත් කිරීම කාලෝචිත හා වැදගත් ලෙස අපි දකින්නෙමු.
'ෂියා' යන පදයෙන් අර්ථවත් වන්නේ කුමක් ද?
'ෂියා' යනු අරාබි පදයක් වන අතර එහි සමීප සිංහල අර්ථය කණ්ඩායම, පක්ෂය, සමූහය, පිරිස, පාර්ශවය යන පදයන්ගෙන් ගෙන හැර දැක්විය හැකිය. මෙයට සමාන තවත් පදයක් අරාබි භාෂාවේ දක්නට ඇත. 'හිස්බ්' යන ඒක වචනයෙන් හා එහි බහුවචනය වූ 'අහ්සාබ්' යන පදයන්ගෙන් බොහෝ දුරට අදහස් වන්නේ මෙම පදයට සමාන අර්ථයකි.
ثُمَّ لَنَنْزِعَنَّ مِنْ كُلِّ شِيعَةٍ أَيُّهُمْ أَشَدُّ عَلَى الرَّحْمَنِ عِتِيًّا (٦٩)
“පසුව සෑම කණ්ඩායමකින් ම පරම කරුණාභරිතයාණන්ට විරෝධතාවෙහි දැඩි ව සිටියවුන් ව අපි සැබවින් ම ඉවත් කරන්නෙමු". (අල් කුර්ආන් 19 : 69)
وَدَخَلَ الْمَدِينَةَ عَلَى حِينِ غَفْلَةٍ مِنْ أَهْلِهَا فَوَجَدَ فِيهَا رَجُلَيْنِ يَقْتَتِلانِ هَذَا مِنْ شِيعَتِهِ وَهَذَا مِنْ عَدُوِّهِ فَاسْتَغَاثَهُ الَّذِي مِنْ شِيعَتِهِ عَلَى الَّذِي مِنْ عَدُوِّهِ فَوَكَزَهُ مُوسَى فَقَضَى عَلَيْهِ قَالَ هَذَا مِنْ عَمَلِ الشَّيْطَانِ إِنَّهُ عَدُوٌّ مُضِلٌّ مُبِينٌ (١٥)
“එම නගර වැසියන් නොසැලකිලිමත් ව සිටි මොහොතේ ඔහු නගරයට පිවිසියේය. එවිට එහි මිනිසුන් දෙදෙනෙකු එකිනෙකා දබර කරමින් සිටිනු ඔහු දුටුවේය. එකෙකු ඔහු(මුසා)ගේ පාර්ශවය අතුරින්ය. අනෙකා ඔහුගේ සතුරන්ගෙනි. ඔහුගේ සතුරන් අතුරින් වූ තැනැත්තාට එරෙහි ව ඔහුගේ පාර්ශවය අතුරින් වූ තැනැත්තා ඔහුගෙන් උදව් ඉල්ලා සිටියේය. එබැවින් මුසා ඔහුට පහරක් දුන්නේය. එසැණින් ඔහු කෙරෙහි (මරණය) තීන්දු විය. 'මෙය ෂෙයිතාන්ගේ ක්‍රියාවකි. සැබැවින්ම ඔහු පැහැදිලි නොමඟ යවන සතුරෙකි' යැයි ඔහු පැවසුවේය". (අල් කුර්ආන් 28 : 15)
ඉහතින් උපුටා දැක්වූයේ 'ෂියා' යන පදය අල් කුර්ආනයේ යෙදී ඇති අවස්ථා කිහිපයකි. මෙවන් වැකි රාශියක් අල් කුර්ආනයේ දැකිය හැක.
අලි හා මුආවියා (අල්ලාහ්ගේ තෘප්තිය මෙම දෙදෙනා කෙරෙහි ඇතිවේවා) යන දෙදෙනා අතර මතභේදයක් ඇති වූ අවස්ථාවේ මෙම දෙදෙනාගේ කණ්ඩායම් දෙක හඳුන්වනු ලැබුවේ 'ෂියාතු අලි' හා 'ෂියාතු මුආවියා' යනුවෙනි. එහෙයින් 'ෂියා' යන පදය ආරම්භක කාලවකවානුවේ සිට උපයෝගී වී ඇති බව පැහැදිලිය.
අලි හා මුආවියා තුමන් (මෙම ශ්‍රේෂ්ඨයින් දෙදෙනා වෙත අති උතුම් අල්ලාහ්ගේ තෘප්තිය ඇති වේවා) දෙදෙනා අතර ඇති වූ මතභේදය ආගමික පදනමකින් වූ එකක් ද?
සහතික වශයෙන් ම නැත. ගැටුමක් ආරම්භ වන්නේ මුහම්මද් ධර්ම දුතයාණන්ගෙන් (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා ආශිර්වාදය අත්වේවා) පසු ඉස්ලාමීය රාජ්‍යයේ තුන්වන පාලකයා (කාලිෆ් වරයා) බවට පත් වූ උත්මාන් බින් අෆ්ෆාන් තුමාගේ ඝාතනය සමගය. උත්මාන් තුමාගේ ඝාතකයින් අලි තුමාගේ කඳවුරේ සිටියේ යැයි පවසන චෝදනාව මෙයට හේතු වූ බව සඳහන් වේ. නමුත් අලි තුමා මේ පිළිබඳ ව පවසා ඇති කරුණු කෙරෙහි අවධානය යොමු කිරීමෙන් සත්‍යය අවබෝධ කර ගැනීමට හැකි වේ යැයි විශ්වාස කරන්නෙමු.
“සියල්ල මේ අයුරින් ආරම්භ විය. සිරියානුවන් හා අප එකිනෙකාට විරුද්ධ ව නැගී සිටිය ද අල්ලාහ් කෙරෙහි වූ පොදු ආගමික විශ්වාසය, එකම සත්‍යය ධර්ම දුතයාණන් පිළිබඳ විශ්වාසය, එකම ආගමික ග්‍රන්ථය පිළිබඳ විශ්වාසය හා එකම ආගමික පිළිවෙත් පිළිබඳ ඔවුන් හා අප අතෙරේ කිසිදු වෙනස්කමක් නොතිබුණේය. අල්ලාහ් හා මුහම්මද් ධර්ම දුතයාණන් (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා ආශිර්වාදය අත්වේවා) පිළිබඳ කිසිදු වෙනස් විශ්වාසයක් ඇති කර ගැනීමක් අපි ඔවුන්ගෙන් අපේක්ෂා නොකළෙමු. එලෙසම ඔවුන් ද අපගේ ආගමික විශ්වාසයෙහි වෙනසක් අපේක්ෂා නොකරති. දෙපාර්ශවයම මෙම කරුණු පිළිබඳ එක්සත් ව සිටිති. දෙපාර්ශවය අතර මත භේදයට හේතුව උත්මාන් තුමාගේ ඝාතනය පිළිබඳ ප්රශ්නයයි. අප අතරේ බෙදීමක් ඇති කිරීමට හේතු වූයේ මෙම ප්රශ්නයයි. මෙම ඝාතනයේ වගකීම මගේ දොරකඩ තබන්නට ඔවුන්ට අවශ්‍ය විය. සහතික වශයෙන් ම ඔවුන්ගේ චෝදනා වලින් පරිපුර්ණ ලෙසම මා නිදොස් ය". (මුලාශ්‍රය: Nahjul Balaghah, letter 58, p. 474)
අලි තුමා විසින් ම මෙම මත භේදය ආගමික එකක් නොවන බවත් එතුමාගේ දේශපාලන සතුරන් ප්රතික්ෂේපකයින් (කාෆිර්) ලෙස හැඳින්වීමට කටයුතු නොකළ බවත් වර්තමාන 'ෂියා' දහමේ අනුගාමිකයින්ගේ පිළිගැනීමට ලක් වී ඇති මුලාශ්‍ර අනුව ම පැහැදිලි ව දකින්නට ඇත. මෙම ප්රකාශනයෙන් වර්තමාන 'ෂියා' දහමේ මුලික පදනම බිඳ වැටෙන බව පිළිගන්නට සිදුවෙනවා නොවේ ද? වර්තමාන 'ෂියා' දහමේ අනුගාමිකයින් සත්‍යය වශයෙන් ම අලි තුමාණන් ව අනුගමනය කරන්නේ නම් එතුමාණන්ගේ ඉහත ප්රකාශනය අනුව කටයුතු කළ යුතු නොවේ ද? මෙයට අමතර ව අලි තුමාණන් තමන්ගේ අනුගාමිකයින් අමතා කළ ප්රකාශනය කෙරෙහි අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටින්නෙමු.
“නුඹලා ඔවුන්ට බැන වැදීම මම පිළිකුල් කරන්නෙමි. ඔවුන්ගේ ක්‍රියා හා ස්ථාවරය පිළිබඳ පැහැදිලි කර දීම කථනයට වඩාත් සුදුසු පිළිවෙතක් ලෙසත් කරුණු ඒත්තු ගැන්වීමට වඩාත් සුදුසු විවාද පිළිවෙතක් ලෙසත් දකින්නෙමි. ඔවුනට බැන වැදීම අතහැර 'අපගේ හා ඔවුන්ගේ රුධිරය ආරක්ෂා කර දෙනු මැනව! ඔවුන් හා අප අතර සමාදානය ඇති කර දෙත්වා! ඔවුන්ගේ නොමග යෑමෙන් ඔවුන් ව ඉවත් කොට නොදැනුවත් ව සිටියවුන් හට එමගින් සත්‍යය දැන ගැනීමට අවස්ථාව උදා කර දෙත්වා! කැරලි ගැසීමටත් විරුද්ධතාව දැක්වීමටත් පෙළ ගැසුණු පිරිස එයින් ඉවත් කර දෙත්වා!' යැයි මහා කාරුණික අල්ලාහ්ගෙන් ඇයද සිටින්න". (මුලාශ්‍රය : Nahjul Balaghah Sermon 204)
වර්තමාන 'ෂියා' දහම අනුගමනය කරන්නන් ඉහත අලි තුමා විසින් දෙන ලද ශ්‍රේෂ්ඨ උපදෙස් පිළිපදින්නන් ව සිටින්නේ ද? සැබැවින්ම නැත. අප ඔවුන්ගෙන් ශ්‍රවණය කරමින් සිටින්නේ මහා කාරුණික අල්ලාහ් විසින් තම අවසාන ධර්ම දුතයාණන්ගේ (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා ආශිර්වාදය අත්වේවා) මිතුරන් හා සහගාමීන් ලෙස තෝරා ගත් අබුබකර් සිද්දීක් උමර් බින් කත්තාබ් (අල්ලාහ්ගේ තෘප්තිය මෙම දෙදෙනා කෙරෙහි ඇතිවේවා) වැනි මිනිසුන් අතුරින් ශ්‍රේෂ්ඨතම මිනිසුන් පිළිබඳ ව කරන්නා වූ නින්දා අපහාස අවලාද හා ශාප කිරීම් පමණි. මෙම පිරිස අති උතුම් අල්ලාහ්ගේ නිවැරදි මඟ පෙන්වීමෙන් හා මුහම්මද් ධර්ම දුතයාණන්ගේ පිළිවෙතින් කෙතරම් දුරට නොමග ගොස් ඇත්තේ ද යන්න අවබෝධ කර ගැනීමට මෙම සාධකය පමණක් ප්‍රමාණවත් යැයි විශ්වාස කරන්නෙමු.
මුහම්මද් ධර්ම දුතයාණන් (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා ආශිර්වාදය අත්වේවා) ජීවත් ව සිටි කාලයේ 'ෂියා' දහම පැවතියේ ද?
'ෂියා' දහම මුහම්මද් ධර්ම දුතයාණන්ගේ (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා ආශිර්වාදය අත්වේවා) අනුමැතිය ඇතිව එම කාල වකවානුවේ පැවතියේ යැයි යමෙක් පවසන්නේ ද ඔහු නියත වශයෙන්ම ඉතා භයානක මුසාවාදියෙක් යැයි සහතික කොට කිව හැක. 'ෂියා' දහම වර්තමානයේ අනුගමනය කරන්නන් අතර ම මෙහි ආරම්භක කාල වකවානු පිළිබඳ මත භේද පවතී. මුහම්මද් තුමාණන්ගේ (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා ආශිර්වාදය අත්වේවා) කාලයේ මෙම නොමග ගිය මතවාදය පැවති බවට ඇති පදනම් විරහිත අසත්‍යය සාක්ෂියක් පහතින් උපුටා දක්වා ඇත්තෙමු.
“මෙම 'ෂියා' බීජය ඉස්ලාමයේ රෝපණය කළ පළමු පුද්ගලයා අන් කිසිවෙකු නොව මුහම්මද් තුමාණන් ය. වෙනත් වචන වලින් පවසන්නේ නම් 'ෂියා' බීජය හා ඉස්ලාමයේ බීජය සමාන අයුරින් රෝපණය කරන ලදී. එය රෝපණය කළ තැනැත්තා (මුහම්මද් තුමාණන්) එයට නිසි සාත්තු කිරීම් ලබා දෙමින් එය ශක්තිමත් අයුරින් වැඩෙන්නට තම ජීවිත කාලය තුළ කටයුතු කළ අතර එතුමාගේ මරණයෙන් පසු එය මල්ඵල දරන්නට පටන් ගත්තේය". (Aal Khasif al Ghataa – 'Asl al Shia wa Usooliha' – page 87)
මෙය කිසිදු සැකයකින් තොර පරිපුර්ණ මුසාවාදයක් බව සහතික කොට පැවසිය හැක්කකි. ඉහත අසත්‍ය ප්රකාශනය සනාථ කිරීම පිණිස තවත් අසත්‍යයන් කිහිපයක් ඔවුන් ඉදිරිපත් කරති. අසත්‍ය නබි වදනක් බුහාරී හා මුස්ලිම් හදීස් ග්රන්ථයන් හි සඳහන් යැයි අසත්‍ය ලෙස පවසා එය ගෙන හැර දැක්වීම ඔවුන්ගේ පළමු උත්සාහයයි. වර්තමාන බොහෝ 'ෂියා' ලේඛකයින් නබි වදනක් ලෙස අසත්‍ය ලෙස ගෙන හැර දක්වන ප්රකාශනය නම් “ජයග්‍රාහකයින් වන්නේ අලි හා ඔහුගේ ෂියා වරුන් ය". ඔවුන්ගේ බේගල් සාධාරණීය කිරීම පිණිස හා තමන්ගේ අනුගාමිකයින් හා පාඨකයින් නොමග යැවීම පිණිස හදීස් ග්රන්ථයන් උපයෝගී කර ගනිමින් නබි වදන් විකෘත කොට ඉදිරිපත් කිරීම මහා ඛේදවාචකයක් ලෙස අපි දකින්නෙමු. මේ පිළිබඳ ව 'ෂියා' දහමේ විද්වතෙක් ලෙස සැලකෙන ඉබ්න් අබිල් හදීද් (හිජ්රි 586 – 656) විසින් පවසා ඇති කරුණු පහතින් උපුටා දක්වා ඇත්තෙමු.
“සද්ගුණය පිළිබඳ අසත්‍ය හදීස් ගෙතීම ආරම්භ වුයේ 'ෂියා' වරුන්ගෙනි. ආරම්භයේ තමන්ගේ ඉමාම් වරුන් පිළිබඳ ශ්රේෂ්ඨකම් උලුප්පා දැක්වීම පිණිස මෙලෙස හදීස් යැයි පවසමින් අසත්‍ය ගෙතීම් සිදු විය. තමන්ගේ ප්‍රතිපාක්ෂිකයින් සමග තිබු එදිරිවාදිකම් පිරිමැසීම පිණිස ඔවුන් විසින් මෙලෙස කරන ලදී". (See Sharh Nahjul Balaghah Vol 1, Page 783 – Quoting from al Shia wat Tashayyu Page 19)
'ෂියා' දහම සැබැවින් ම ආරම්භ වුයේ කවදා ද?
'ෂියා' ඉතිහාසඥයින් අතර මේ පිළිබඳ බොහෝ බරපතළ පරස්පරයන් දැකිය හැක. ප්‍රසිද්ධ 'ෂියා' ඉතිහාසඥයෙකු වූ අබූ ඉෂ්හාක් ඉබ්න් අල් නදීම් (හිජ්රි 297 – 385) පවසන පරිදි මෙය සිදු වුයේ 'ඔටු සටන' ආරම්භ වීමත් සමගය. ඔහුගේ අදහස් පහතින් උපුටා දක්වා ඇත්තෙමු.
“තල්හා සහ අස් සුබයිර් අලිගේ ස්ථාවරය සමග එකඟ නොවී උත්මාන්ගේ ඝාතකයන්ට දඬුවම් දීම හැර අන් කිසිවක් පිළි ගත නොහැකිය යන මතය දැරූ අවස්ථාවේ ඔවුන් සමග සටන් කිරීම පිණිස අලි විසින් ඔහුගේ බලඇණි මෙහෙය වන ලදී. එම අවස්ථාවේ අලි අනුගමනය කළ පිරිස 'ෂියා' වරුන් යැයි සඳහන් කරන ලදී". ('Al Fihrist' – Ibn Al Nadim – Page 249, from Ash Shia wat Tashayyu – Ehsan Elahi Zaheer – Page 25)
තවත් ෂියා ලේඛකයෙකු වූ කාමිල් මුස්තෆා අල් ෂයිබි මේ පිළිබඳ ව සඳහන් කරන්නේ කුමක් ද යන්න විමසා බලමු.
“ස්වාධීන ලෙස 'ෂියා' යන පදය භාවිතයට එන්නේ අල් හුසයින් ඝාතනය කිරීමෙන් පසුවය. මෙම පදයට නිශ්චිත අර්ථයක් ලැබෙන්නේ මෙම සිදුවීමෙන් පසුවය". ('The Link Between Sufism and Shiaism' – Mustafa Kamil al Shaybi – Page 23 – Quoted from Ash Shia wat Tashayyu – Ehsan Elahi Zaheer – Page 26)
'ෂියා' දහමේ උපත පිළිබඳ ඔවුන්ගේ විද්වතුන් ලේඛකයින් හා ඉතිහාසඥයින් අතර ම පවතින ගැටුම්කාරී මතයන් දෙස විමසිලි ඇසින් බලන විට මහා කාරුණික අති උතුම් අල්ලාහ්ගේ සත්‍ය දහම 'ෂියාකරණයට' (අසත්‍ය මත පදනම් වී භේද කොට කැබලි කිරීමට) ලක් කිරීමේ උත්සාහය අසාර්ථක අවසානයකට පාත්‍ර වී සහතික වශයෙන් ම පරාජයට පත් වනු නිසැකය.
'ඉන්ෂා අල්ලාහ්' මීළඟ ලිපියෙන් ඓතිහාසික කරුණු හා සාධක පදනම් කර ගනිමින් 'ෂියා' දහමේ ආරම්භක කර්තෘවරුන් කවුරුන් දැයි විමසා බලමු.
ෂියා දහමේ ආරම්භක කර්තෘවරුන් කවුරුන්ද?
සෑම දහමක් සම්බන්ධයෙන්ම මිහිතලය මත යම් ආරම්භක ශාස්තෘවරයෙකු හෝ එයට මුල් වූ ධර්ම දුතයෙකු හෝ පිරිසක් හෝ පිළිබඳ සඳහනක් ඇත. මෙම ආරම්භක කර්තෘවරුන් පදනම් කර ගෙන එම දහමේ ස්වභාවය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම පහසු කරුණකි. මෙම මතය මුල් කර ගෙන ෂියා දහමේ ආරම්භක කර්තෘවරුන් කවුරුන් දැ'යි විමසුමක යෙදීමෙන් එම දහමේ අරමුණු, ස්වභාවය මෙන්ම අපේක්ෂාවන් කුමක් ද යන්න පිළිබඳ ව අවබෝධයක් ලබා ගැනීම පහසු වනු ඇත.
ෂියා දහමේ ආරම්භකයින් පිළිබඳ ව විමසුමක යෙදීමේදී යුදෙව් ඉතිහාසය ගැන එක්තරා ප්‍රමාණයක දැනුමක් ලබා ගැනීම වැදගත් සාධකයක් ලෙස අපි දකින්නෙමු. 'යුදෙව්වාදී කුමන්ත්‍රණ' නමින් පළ කොට ඇති ග්‍රන්ථයෙන් පහත සඳහන් කොටස උපුටා දක්වන්නට කැමැත්තෙමු.
“යුදෙව් කුමන්ත්රණකරුවන් ඉස්ලාමය අඩපණ කිරීමට අවස්ථා බල බලා කල් මැරූ බව ඉතිහාසය පෙන්වා දෙයි. විශේෂ පුහුණුවක් ලද ඇතැම් යුදෙව්වෝ මුස්ලිම් සමාජයට බැඳී එහි ආගමික විශ්වාසය කෙලසීමේ අදහසින් අනිටු නවීකරණ ද ධර්ම විරෝධී සංකල්ප ද යෝජනා කළහ. ඒවා සිදු කෙරුණේ ඉතා සූක්ෂම ආකාරයෙනි. එහෙත් ඔවුන්ගේ කුමන්ත්‍රණ කෙතරම් සාර්ථක වූවා දැ'යි කිවහොත් ඒකීය දෙවියාගේ අවසන් දූත මුහම්මද් තුමාණන්ගේ අභාවයෙන් පසු මුස්ලිම් සමාජයෙහි සිදු වූ යම් මතභේදකාරී කරුණු ගැන අදට ද විවාද කෙරේ. යුදෙව් අනුග්‍රහයෙන් මුස්ලිම් සමාජයට වෑහුණු ව්‍යාජ අදහස් සහ අණ පනත් ඉවත් කිරීමට බොහෝ මුස්ලිම් විශාරදයෝ සිය කාලය වියදම් කර දැඩි වෙහෙසක් දැරූහ. අවාසනාවකට දෝ මුස්ලිම් සමාජයට කෙරුණු අති සූක්ෂම යුදෙව් විනාශ කිරීම් වලින් එහි ඉතිහාසය පිරී ඉතිරී ඇත. මුස්ලිම් ඉතිහාසයෙහි මුණ ගැසෙන සියලු උපද්‍රවයන්ට යම් ආකාරයක යුදෙව් බලපෑමක් ඇත. වෙනත් ජාතීන්ට ආගම් වලට හා මුස්ලිම් සමාජය සමඟ ගැටුම් ඇති වීමට යුදෙව්වෝ උපකාර කළහ. මුස්ලිම් සමාජයට හානි කිරීමට ඉදිරියට ආ අරාබි පිළිම වන්දනාකරුවන්ට ඔවුහු සහයෝගය දැක්වූහ". (“යුදෙව්වාදී කුමන්ත්‍රණ" - සංස්කාරක ආචාර්ය ඒ. කරුණාරත්න - පිටු 10 – 11)
යුදෙව්වන්ගේ ඉතිහාසය මෙන්ම වර්තමාන ක්‍රියාකාරකම් දෙස විමසා බැලීමේදී අපට එක් වැදගත් කරුණක් පැහැදිලි ව දකින්නට ඇත. ඔවුන්ගෙන් බහුතරයක් තම අරමුණු හා අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීම පිණිස විවිධ ආකාරයේ කපටි හා කුහක උපක්‍රම උපයෝගී කර ගැනීම ඔවුන් අතර පිළිගත් සම්ප්රදායක් ව පවතී. විශ්වයේ අධිපති මහා කාරුණික අල්ලාහ් විසින් ඊසා ධර්ම දුතයාණන් වෙත පහළ කරන ලද 'ඉන්ජීල්' දේව පණිවිඩය එම යුගයේ ජනයා අතරේ ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන්නට වූ අවස්ථාවේ එය මැඩපැවැත්වීමට බලය යෙදීම අසාර්ථක බව අවබෝධ කර ගත් යුදෙව්වන් මෙම සත්‍යය දහම විනාශ කිරීම පිණිස අලුත් උපායක් ක්‍රියාත්මක කළහ. මේ අනුව ඊසා ධර්ම දුතයාණන්ගේ දහම අභ්‍යන්තරයෙන් විනාශ කිරීම පිණිස නව වැඩපිළිවෙළක් සකස් කොට ක්‍රියාත්මක කිරීමට උපාය සකස් කළහ. ඊසා ධර්ම දුතයාණන් මෙලොවින් ඉවත් ව දෙවිඳුන් වෙත ගියායින් පසුව එම දහමේ වගකිව යුත්තෙක් ලෙස Paul නොහොත් Saul යන නම් වලින් හැඳින් වූ පාවුලු නම් වූ තැනැත්තා ව ඇතුළත් කොට ඊසා ධර්ම දුතයාණන් මගින් පහළ කරන ලද සත්‍යය දහම එම දහමේ ඇතුළාන්තයේ සිට විකෘති කිරීමට කටයුතු කරන ලදී. සත්‍යය දහම අවබෝධ කර ගෙන සිටි අවංක පිරිස කොතෙක් විරුද්ධතාවන් දැක්වුව ද නිරතුරු ව යුදෙව්වන්ගෙන් ලද නොමද සහයෝගය මත පාවුලුගේ විකෘති කිරීම් සාර්ථක අයුරින් ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අද අප වෙත ලැබී ඇත්තේ ඊසා ධර්ම දූතයාණන් දේශිත දහමට වඩා පාවුලුගේ විකෘති කිරීම් අන්තර්ගත කිතුනු දහමය.
විශ්වයේ අධිපති දෙවිඳුන් විසින් මුහම්මද් ධර්ම දුතයාණන් වෙත අල් කුර්ආනය පහළ කොට මුළු මහත් මනුෂ්‍ය වර්ගයාටම අදාළ ලොව අවසානය දක්වා පවතින දෙවිඳුන්ගේ අවසාන දිව්‍යමය මාර්ගෝපදේශය ලබා දුන් විට යුදෙව්වන් නැවතත් මෙම දහම තිඹිරි ගෙයිදීම ගෙල සිඳ දමන්නට විවිධ කුමන්ත්රණකාරී ක්‍රියාවන් හි නියැලුණහ. මෙම කුමන්ත්‍රණ විවිධ පැතිකඩයන් ඔස්සේ ක්‍රියාත්මක කරන ලදී. මෙම උත්සාහයන් හි කොටසක් ලෙස ආරම්භයේ මුහම්මද් තුමාණන් ව ඝාතනය කිරීමට විවිධ උපක්‍රම යෙදුහ. මෙම උපක්රමයන් අතරතුර ඉස්ලාමයට හා මුස්ලිම් ප්‍රජාවට එරෙහි ව සන්නද්ධ ක්‍රියාවන් හි ද නියැලුණහ. තවත් විටෙක මුස්ලිම් ප්‍රජාව සමග සාමය හා සහයෝගීතා ව පිළිබඳ ගිවිසුම් අත්සන් කොට මුස්ලිම් ප්‍රජාවට එරෙහි ව යුද කිරීමට එන සතුරාට රහසිගත ව උපකාරී කිරීමට ද ඔවුන් විසින් කටයුතු කොට ඇති අවස්ථා ඉතිහාසයේ පිටු අපට හඬ නගා පවසමින් සිටියි. මෙවන් සියලු කුමන්ත්රණකාරී එදිරිවාදිකම් මගින් ඊසා ධර්ම දුතයාණන් වෙත පහළ කරන ලද සත්‍යය දහම විනාශ කිරීමට වෙර දරා එම සියලු උත්සාහයන් අසාර්ථක වූ විට එම දහම අභ්‍යන්තරයේ සිට විකෘති කොට විනාශ කිරීමට පාවුළු කෙනෙකු උපයෝගී කර ගත් අයුරින් ම යුදෙව්වන් විසින් ඔවුන්ගේ නියෝජිතයෙකු මගින් ඉස්ලාමය විකෘති කොට විනාශ කිරීමට කටයුතු කරන ලදී. මෙමගින් ඉස්ලාමයේ සත්‍යය මඟ පෙන්වීම විකෘති කිරීම හා මුස්ලිම් ප්‍රජාව භේදබින්න කිරීම ඔවුන්ගේ අරමුණ වූ බව පැහැදිලි ව දකින්නට ඇත. පාවුළු විසින් ඊසා ධර්ම දුතයාණන් සම්බන්ධයෙන් ක්‍රියා කළ ලෙස ම යෙමෙනයේ සිට පැමිණි අබ්දුල්ලා බින් සබා නම් වූ යුදෙව්වෙකු ව ඉස්ලාමිකයෙකු ලෙස කටයුතු කිරීමට සලස්වා ඔවුන්ගේ කුහක න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට සැලසුම් සහගත ව ඉදිරිපත් වූහ.
මුළුමහත් මනුෂ්‍ය වර්ගයාටම ලොව අවසන් වනතුරු පවතින සත්‍යය දහම ලෙස අල් කුර්ආනය මගින් පහළ කරන ලද අවසාන දිව්‍යමය මාර්ගෝපදේශය සුවිශේෂී ලක්ෂණයන්ගෙන් යුක්ත වූවකි. විශ්වයේ අධිපති මහා කාරුණික දෙවිඳුන් විසින් අල් කුර්ආනයට පෙර පහළ කරන ලද සියලු දිව්‍යමය මාර්ගෝපදේශයන් එක් යුගයකට හෝ එක් ජන කොට්ඨාසයකට පමණක් සීමා වූවකි. මෙම හේතුව නිසාම එම දිව්‍යමය මාර්ගෝපදේශයන් සදා සුරක්ෂිත ව තබා ගැනීමේ අවශ්‍යතාව මතු නොවීය. අල් කුර්ආනය ලොව අවසන් වනතුරු සුරක්ෂිත කිරීමේ අවශ්‍යතාව ඇති අතර එය එලෙසම සුරක්ෂිත කිරීමේ වගකීම විශ්වයේ අධිපති මහා කාරුණික දෙවිඳුන් විසින් සහතික කොට ඇත.
“සැබවින්ම මෙනෙහි කිරීම (අල් කුර්ආනය) පහළ කළේ අපමය. තවද සැබවින්ම එය ආරක්ෂා කරන්නන් වන්නේ ද අපමය". (අල් කුර්ආන් 15 : 9)
ඉහත අල් කුර්ආන් වැකිය සැබෑ කරමින් යුදෙව් හෝ අන් කිසිදු කුමන්ත්‍රණයකට ඊසා ධර්ම දුතයාණන්ගේ දිව්‍යමය පණිවිඩය විකෘති කළාක් මෙන් අල් කුර්ආනය විකෘති කිරීමට හැකියාවක් කිසිවෙකුටවත් ලැබී නොමැත. මෙය ලොව අවසන් දිනය දක්වා එලෙසම සුරක්ෂිත ව පවතිනු ඇත. නමුත් අබ්දුල්ලාහ් බින් සබා උත්මාන් බින් අෆ්ෆාන් තුමාගේ රාජ්‍ය පාලන කාලයේ මදීනා නගරයට පැමිණ ඉස්ලාමිකයෙකු ලෙස වෙස්වලා ගෙන දෙවිඳුන්ගේ සත්‍යය දහම අනුගමනය කළ පිරිස අතර භේද ඇති කිරීමේ කටයුතු ආරම්භ කරන ලදී. ෂියා දහමේ මුල් බීජය වැපිරීමේ කටයුතු සිදු වන්නේ අබ්දුල්ලාහ් බින් සබා නම් වූ ඉස්ලාමිකයෙකු ලෙස වෙස්වලා ගත් මෙම යුදෙව් වංචනික හා කුහකයාගේ කපටි ක්‍රියා ආරම්භ කිරීමත් සමගය.
ෂියා දහම ඉස්ලාමයේ ප්‍රභේදයක් ලෙස හුවා දැක්වීමට වෙර දරන ෂියා නායකයින්ට තම ආගමික සංකල්පයේ නායකයා වූ මෙම අබ්දුල්ලාහ් බින් සබා කුහකයාගේ ඉතිහාසය අති බරපතළ අවමානයක් වී ඇති හෙයින් මෑතක දී ඇතැම් ෂියා නායකයින් විසින් අබ්දුල්ලාහ් බින් සබා නමින් කිසිවෙකු ඉතිහාසයේ නොසිටි බවත් එය සැබවින් ම මනඃකල්පිත චරිතයක් පමණක් බවත් දක්වා ඇත. ෂියා දහමේ ආගමික සංකල්පයේ නායකයා වූ අබ්දුල්ලාහ් බින් සබා ඔවුන්ට ඉමහත් අවමානයක් බව අපි පිළිගන්නෙමු. අපගේ ප්රශ්නය වී ඇත්තේ ශත වර්ෂ දාහතරක් තිස්සේ ඔවුන්ගේ සියලු ආගමික විද්වතුන් විසින් මෙම චරිතය පිළිබඳ මුණිවත රැක ෂියා දහම ඇති කිරීමේ ක්‍රියාවලියේ දී ඔහුගේ කාර්යභාරය පිළිබඳ කිසිදු මත වෙනසක නොසිටියේ කුමන හේතුවක් නිසාද යන්නය. අබ්දුල්ලාහ් බින් සබා ඓතිහාසික ව මිත්‍යා චරිතයක් බව හුවා දක්වන්නට වෙර දරන ෂියා දහමේ නායකයින්ගේ මතවාදයන් හා ඒ පිළිබඳ ෂියා දහමේ මුලාශ්‍ර ම උපයෝගී කර ගනිමින් මෙම මතවාදයන් හි අර්ථ ශූන්‍යත්වය ඔප්පු කරන තොරතුරු පහත සඳහන් වෙබ් සම්බන්ධකයෙන් සවිස්තරාත්මක ව ලබා ගත හැක.
http://www.shia.bs/series/the-founder-of-the-shia-sect-is-abdullah-bin-saba-al-yahudi.cfm
අබ්දුල්ලාහ් බින් සබා සහතික වශයෙන් ම ඓතිහාසික සත්‍යය චරිතයක් බවත් ෂියා දහම බිහි කිරීමේ කටයුත්තේ දී ඔහුගේ දායකත්වය පිළිබඳ අදහස් දක්වන ඔවුන්ගේ ආගමික විද්වතුන් හා කිසි විටෙක වැරදි සිදු විය නොහැකි යැයි ඔවුන් විශ්වාස කරන ඔවුන්ගේ මෙම ඉමාම් වරුන් පිළිබඳ ව මෙම නුතන ෂියා මතවාදීන් දක්වන ස්ථාවරය කුමක් ද යන්න ගැන ද දැනගන්නට කැමැත්තෙමු.
අබ්දුල්ලාහ් ඉබ්න් සබා පිළිබඳ ඉස්ලාමීය, බටහිර හෝ ප්‍රාචීනවේදීන්ගේ මුලාශ්‍ර උපුටා නොදක්වා ෂියා දහමේ විශ්වාසය අනුව මිහිතලය මත අල්ලාහ්ගේ නියෝජිතයින් හා කිසි විටෙක වැරදි සිදු විය නොහැකි යැයි ඔවුන් විශ්වාස කරන ඔවුන්ගේ ඉමාම් වරුන් දරන මතයන් පහතින් උපුටා දක්වා ඇත්තෙමු. විශ්වයේ අධිපති මහා කාරුණික අල්ලාහ් පිළිබඳ මෙවන් අභූත මත ලියන්නට සිදුවීම පිළිබඳ අල්ලාහ්ගේ සමාව ඇයද සිටින්නෙමු.
පළමුව ෂියා දහමේ අති දැවැන්ත නායකයෙකු, ඉතිහාසඥයෙකු හා වැරදි සිදුවීමෙන් සුරක්ෂිත යැයි විශ්වාස කරන ෂියා ඉමාම් වරයෙකු වූ අබූ මුහම්මද් අල් හසන් බින් මූසා අල් නුබක්ති පිළිබඳ අනෙකුත් පිළිගත් ෂියා නායකයින් පවසන දෑ විමසා පසුව ඔහු අබ්දුල්ලාහ්හ බින් සබා ගැන දක්වන අදහස් විමසා බලමු.
“හිජ්රි වර්ෂ 300 ට පෙර හා පසු භාෂා දැනුමෙන් ශ්‍රේෂ්ඨයෙකු වූ අබූ මුහම්මද් අල් හසන් බින් මූසා අල් නුබක්ති ඔහුගේ සියලු සමකාලිකයින් අබිබවා ගිය අයෙකු විය". (Al Fihrist: Al Najashi, Page 47 – From Ash Shia was Sunnah Page 22)
“අබූ මුහම්මද්, භාෂා විශාරදයෙක්, දාර්ශනිකයෙක්, (ෂියා) ඉමාම් වරයෙක්, ආගමික විශ්වාසය පිළිබඳ අවංක ලෙස කටයුතු කරන්නෙක්, අති විශ්වසනීයත්වයකින් යුක්ත වූවෙක් හා විද්වතුන් අතුරින් ප්රමුඛයෙකු ද විය". (Al Fihrist: At Tusi, Page 98 – From Ash Shia was Sunnah Page 22)
“අල් හසන් බින් මූසා මෙම ආගමික සම්ප්රදායේ කීර්තිමත් පුද්ගලයෙකු වන අතර එහි ශ්‍රේෂ්ඨ විද්වතෙකු ද වෙයි. එතුමා භාෂා විශාරදයෙකු වන අතර මෙම ආගමික විශ්වාසයේ ඉමාම් වරයෙකු ද වෙයි". (Majaalis al Mumineen – Nurallah At Tasturi – Page 177 – from Ash Shia was Sunnah Page 22)
ෂියා මුලාශ්‍ර පදනම් කර ගනිමින් අබූ මුහම්මද් අල් හසන් බින් මූසා අල් නුබක්ති නම් වූ මෙම ෂියා ඉතිහාසඥයා, විද්වතා හා වැරදි සිදුවීමෙන් සුරක්ෂිත යැයි විශ්වාස කරනු ලබන මෙම ෂියා ඉමාම් වරයා විසින් අබ්දල්ලාහ් බින් සබා පිළිබඳ ව පවසා ඇති දෑ විමසා බලමු.
“අබ්දල්ලාහ් බින් සබා විසින් අබු බක්ර්, උමර්, උත්මාන් සහ මුහම්මද් තුමාණන්ගේ අනෙකුත් සහගාමීන් (සමීප මිතුරන්) ගැන අපවාද නගමින් ඔවුන් ව ප්‍රතික්ෂේප කරන ලදී. මෙලෙස අපවාද නගන ලෙස ඔහු ව දිරිගන්වුයේ අලි තුමා විසින් යැයි ද ඔහු පවසා සිටියේය. අලි තුමා විසින් ඔහු ව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී ඔහුට එරෙහිව තිබු චෝදනා පිළිගත් අතර අවසානයේදී ඔහුට මරණ දඬුවම නියම කරන ලදී. මේ අවස්ථාවේ අවට සිටි පිරිස 'අහෝ විශ්වාසවන්තයින්ගේ නායකයාණෙනි! ඔබතුමා කෙරෙහි හා නබි තුමාණන්ගේ නිවැසියන් වෙත සෙනෙහස හා ඔබතුමාට පක්ෂපාතිත්වය වෙත ජනයා ඇරයුම් කරන්නෙකු කෙරෙහි කෙලෙස නම් මරණ දඬුවම නියම කරන්නේ දැ'යි හඬ නගමින් අසා සිටින්නට වූහ. අලි තුමා විසින් අබ්දල්ලාහ් බින් සබා ව අල් මදායින් (එවකට ඉරානයේ අග නුවර) නගරයට පිටුවහල් කරන ලදී. අලි තුමාගේ දැනුම් තේරුම් ඇති සහායකින් පවසා සිටියේ අබ්දල්ලාහ් බින් සබා යුදෙව්වෙකු වූ අතර ඉස්ලාමය වැලඳ ගැනීමෙන් පසු අලි තුමාට පක්ෂපාතී ව කටයුතු කළ බව ය. ඔහු යුදෙව්වෙකු ව සිටි අවධියේ ඔහුගේ මතය වූයේ මූසා නබි තුමාණන්ට පසුව වගකීම් පැවරිය යුතු ව තිබුණේ යූෂා බින් නූන් (Yusha Bin Noon – Biblical name Joshua) වෙත බවය. එලෙසම ඉස්ලාමය වැලඳ ගත්තායින් පසු මුහම්මද් තුමාණන්ගේ අභාවයෙන් පසු අලි තුමාණන්ට නායකත්වය දිය යුතු බව ඔහු විසින් හඬ නගන ලදී. අලි තුමාණන්ට (දැනට ෂියා දහමේ ඇති ඉමාම් සංකල්පය අනුව) ඉමාමත්වය ප්‍රසිද්ධියේ පවසා සිටින ලද්දේත් ඔහු විසිනි. එවක් පටන් ෂියා දහමට එරෙහි වන්නන් එම දහමේ මුලාරම්භය යුදෙව් දහමේ පිහිටා ඇති බව පවසති". (Firaq Al Shia – Nubakthi Pages 43 – 44)
වැරදි කිරීමෙන් හා සිදුවීමෙන් සුරක්ෂිත යැයි ෂියා දහමේ අනුගාමිකයින් විසින් විශ්වාස කරනු ලබන ඉහත අබූ මුහම්මද් අල් හසන් බින් මූසා අල් නුබක්ති නම් වූ ෂියා ඉමාම් වරයා විසින් අබ්දල්ලාහ් බින් සබා පිළිබඳ ව පවසා ඇති දෑ අනුව අපට එළඹිය හැකි නිගමනයන් වෙත අවධානය යොමු කරමු.
1. ෂියා දහමේ වර්තමාන අනුගාමිකයින් විසින් අබ්දල්ලාහ් බින් සබා අනුගමනය කරමින් මහා කාරුණික දෙවිඳුන්ගේ අවසාන ධර්ම දුතයාණන් වූ මුහම්මද් තුමාණන්ගේ ඉමහත් ගෞරවයට හා ආදරයට පාත්‍ර වූ එතුමාණන්ගේ මිතුරන් වූ අබූ බක්ර්, උමර් උත්මාන් හා අනෙකුත් සහාබාවරුන් (නබි තුමාණන්ගේ සමීප මිතුරන්) හට අපහාස කිරීම ප්‍රසිද්ධියේ කර ගෙන යති. මෙම කරුණ සම්බන්ධයෙන් වර්තමාන ෂියා දහමේ සාමාජිකයින් කිසිදු පැකිලීමකින් තොර ව අබ්දල්ලාහ් බින් සබා ව අනුගමනය කරමින් සිටිති.
2. අබ්දල්ලාහ් බින් සබා කළාක් මෙන් වර්තමාන ෂියා අනුගාමිකයින් ඉතා වංචනික අයුරින් තමන්ගේ ඉස්ලාම් විරෝධී ක්‍රියාවන් සඳහා අලි තුමාගේ නම යොදා ගනිති. ෂියා දහමේ නායකයා වූ අබ්දල්ලාහ් බින් සබා එවකට මෙලෙස කටයුතු කළ ද අලි තුමාණන් ඉතා පැහැදිලි ලෙස ම තමන් ව මෙම කුමන්ත්රණකාරී ක්‍රියාවන්ගෙන් දුරස්ථ කරගත් බව ඔහුට දුන් දඬුවම් මගින් පැහැදිලි ලෙස ම දක්නට ඇත.
3. වර්තමාන ෂියා දහමේ ඇති මූලික සංකල්පයක් වූ සියලු වැරදි සිදුවීමෙන් හා කිරීමෙන් සුරක්ෂිත යැයි විශ්වාස කරනු ලබන 'ඉමාමත්' තනතුර පළමු වරට ලොවට ඉදිරිපත් කරන ලද්දේ අබ්දල්ලාහ් බින් සබා විසින් බව ඉහත ෂියා ඉමාම් වරයාගේ ප්රකාශනයෙන් පැහැදිලි ලෙස ම ඔප්පු වෙයි.
4. ෂියා දහමේ අනුගාමිකයින්ගේ ප්‍රතිපත්තියක් වූ දහම සම්බන්ධ ව සත්‍යය වසන් කොට අසත්‍ය ප්‍රකාශ කිරීමේ 'අල් තක්යා' පිළිවෙතේ නිර්මාතෘවරයා ද වන්නේ අබ්දල්ලාහ් බින් සබා බව ඉහත කරුණු ඔප්පු කරයි.
මෙම කරුණු සියල්ල වෙත අවධානය යොමු කිරීමේදී ෂියා දහමේ ආරම්භකයා සහතික වශයෙන්ම කුමන්ත්රණකාරී මෙන් ම ඉතා වංචනික අයුරින් කටයුතු කළ යුදෙව්වකු ව සිටි අබ්දල්ලාහ් බින් සබා බව කිසිදු සැකයකින් තොරව ඔප්පු වන සත්‍යයකි. මෙම මතය ඔප්පු කිරීමට ඉහත සාක්ෂි ප්‍රමාණවත් නොවේ යැයි යමෙක් තර්ක කරන්නේ නම් ඔවුන්ගේ අවධානය පිණිස ෂියා සම්ප්රදායේ පිළිගත් සාක්ෂි අති විශාල ප්‍රමාණයක් ඉදිරිපත් කළ හැක. එයින් තවත් එක් වැදගත් සාක්ෂියක් පහතින් ඔබගේ අවධානය පිණිස උපුටා දක්වා ඇත්තෙමු.
අබු අම්ර් බින් අබ්දුල් අසීස් අල් කෂි, ෂියා දහමේ ආරම්භක චරිතාපදාන ගත් කතුවරයෙකු වන අතර ඔහු විසින් ලියන ලද 'රිජාල් අල් කෂි' නම් ග්රන්ථයට හැඳින්වීමක් සපයන්නා විසින් ඔහු පිළිබඳ ව ලියා තිබු කරුණු කෙරෙහි පළමු ව අවධානය යොමු කරමු.
“ඔහු විශ්වාසවන්තය, නිපුණතාවන්ගෙන් යුක්තය, සාම්ප්‍රදායන් හා පුද්ගල විස්තර පිළිබඳ විශේෂඥවරයෙකි, (ෂියා) දහම පිළිබඳ අවංක ලෙස කටයුතු කරන්නෙකි. චරිතාපදාන පිළිබඳ වැදගත් ග්රන්ථ හතරකි. මේ අතුරින් වඩාත් ආරම්භක යුගයට අයත් ග්‍රන්ථය නම් 'මාරිෆත් අල් නඛීලීන් අනිල් අයිමාහ් අස් සාදිඛීන් නම් වූ ග්‍රන්ථය වන අතර එම ග්‍රන්ථය පොදුවේ ජනයා අතර ප්‍රසිද්ධ වී තිබුණේ රිජාල් අල් කෂි නමිනි." (Rijaal Al Kashshi – Introduction by Al Najaashi).
මෙලෙස අප උපුටා දක්වන්නට තෝරා ගනු ලැබූ විද්වතා පිළිබඳ ෂියා දහමේ ඇති විශ්වසනීයත්වය පැහැදිලි ලෙස ස්ථාපිත කර ගැනීමෙන් පසු මෙම ෂියා විද්වතා දක්වන අදහස් වෙත අපගේ අවධානය යොමු කරමු.
“දැනුම් තේරුම් ඇති පිරිස පවසා සිටියේ අබ්දල්ලාහ් බින් සබා යුදෙව්වෙකු වූ අතර ඉස්ලාමය වැලඳ ගැනීමෙන් පසු අලි තුමාට පක්ෂපාතී ව කටයුතු කළ බව ය. ඔහු යුදෙව්වෙකු ව සිටි අවධියේ ඉතා අන්තවාදී ලෙස කටයුතු කරමින් අදහස් දක්වා ඇති බව සඳහන් වේ. ඔහුගේ මතය වූයේ මූසා නබි තුමාණන්ට පසුව වගකීම් පැවරිය යුතු ව තිබුණේ යූෂා බින් නූන් (Yusha Bin Noon – Biblical name Joshua) වෙත බවය. එලෙසම ඉස්ලාමය වැලඳ ගත්තායින් පසු මුහම්මද් තුමාණන්ගේ අභාවයෙන් පසු අලි තුමාණන්ට නායකත්වය දිය යුතු බව පවසා සිටිනු ලැබුවේ ඔහු විසිනි. අලි තුමාණන්ට (දැනට ෂියා දහමේ ඇති ඉමාම් සංකල්පය අනුව) ඉමාමත්වය ප්‍රසිද්ධියේ පවසා සිටින ලද්දේත් ඔහු විසිනි. ඔහුගේ විරුද්ධවාදීන් සමග ඔහු විවාද කළ අතර ඔහුගේ මතවාදයන්ට එරෙහි වූවන් ව ඔහු විසින් ප්රතික්ෂේපකයින් (කාෆිර්) ලෙස හඳුන් වන ලදී. එවක් පටන් ෂියා දහමට එරෙහි වන්නන් එම දහමේ හා එහි ප්‍රභේදයක් වූ රාෆිදා වරුන්ගේ මුලාරම්භය යුදෙව් දහමේ පිහිටා ඇති බව පවසති". (Rijal Al Kashshi – Abu Amr Bin Abdul Aziz Al Kashshi – Page 101).
ඉහතින් ගෙන හැර දක්වන ලද ෂියා දහමේ පිළිගත් ඉමාම් සහ තවත් විද්වතෙකුගේ කරුණු දැක්වීම් අනුව ෂියා දහමේ ආරම්භකයා හා ආදී කර්තෘ වරයා අන් කිසිවෙකු නොව යුදෙව්වෙකු වූ අබ්දල්ලාහ් බින් සබා නම් වංචනික හා කුමන්ත්රණකාරී යුදෙව්වා බව පැහැදිලි ලෙසම ඔප්පු වන කරුණකි. යමෙකුට මේ පිළිබඳ මෙයට වඩා සාක්ෂි අවශ්‍ය නම් තවත් නොබිඳිය හැකි ෂියා මුලාශ්‍රයන්ගෙන් කරුණු ගෙන හැර දක්වන්නට සූදානමින් සිටින්නෙමු.
ඉහතින් ගෙන හැර දැක් වූ විස්තරයන් සනාථ කරන තොරතුරු 'යුදෙව්වාදී කුමන්ත්‍රණ' නම් වූ ග්‍රන්ථයෙන් උපුටා දක්වන්නට කැමැත්තෙමු.
“යුදෙව්වෝ එක් අපකාරයකින් තවත් අපකාරයකට පිවිසෙමින් කාර්ය බහුල වූහ. එහෙත් පාලක උමර් තුමාගේ කාලයේ අග ඔවුහු සමාජ දූෂණ පැතිර වීමට බල රහිත වූහ. මුල් මුස්ලිම් තෙවැනි පාලක උත්මාන් තුමාගේ කාලයේ දී ඔවුහු නැවත ක්‍රියාශීලී වූහ. ඔවුන් අතින් සමාජය නොමඟ යවන ලදී. ඉක්බිති බනු හාෂිම් සහ බනු උමය්යද් යන මුස්ලිම් ගෝත්‍ර අතර ගෝත්රවාදී අරගලයක් උපදවීමට අවස්ථාවක් එවක යුදෙව් නායක අබ්දල්ලාහ් බින් සබාට සහ ඔහුගේ කල්ලියට පිරිනැමිණි. එහි දී ඔවුන් යෙදුණේ අහිංසක ලීලාවෙනි. ඔවුහු ඒකීය දෙවියාගේ අවසන් දූතයාගේ අනුප්රාප්තිකයින්ගේ නීත්‍යනුකුලභාවය ගැන විමසූහ. ඉන් ඉපදුණු අරගලය නිසා පාලක උත්මාන් තුමා ඝාතනය කෙරිණි. ඉක්බිති ව පත් පාලක අලි තුමා ද මුස්ලිම් සහෝදරත්වයේ කෙලසීමෙන් දුක් වින්දේය. නොයෙක් ගැටුම් වල දී මුස්ලිම් සහෝදරත්වයේ කල්ලිවාදයෙන් ඔහු අපහසුතාවකට ලක් විය. මුස්ලිම් ලේ වැගිරීම් වල අවසානය දුටුවේ අලිගේ ඝාතනයෙනි. එතැනින් යුදෙව් පළිගැනීම් හමාර නොවීය. මුල් මුස්ලිම් යහ මඟ ලද පාලන හතර හෙවත් අබු බක්ර්, උමර්, උත්මාන් සහ අලි ගේ පාලන ඉස්ලාමීය විශ්වාසයේ වර්ධනයට ද එහි පැවැත්මට ද වැදගත් ය. යුදෙව් නායක අබ්දල්ලාහ් බින් සබා එය වැනසීමට යෙදිණ. දූෂිත උමයියද් පාලන සමයේ දී ඉස්ලාමීය මූල ධර්ම වලින් ඉවතට ගිය නායක ග්‍රහණයට මුස්ලිම් පාලනය හසු කරවීමට සබා කුමන්ත්‍රණ කළේය. අවාසනාවකට දෝ ඔහු ජය ගත්තේය". (“යුදෙව්වාදී කුමන්ත්‍රණ" සංස්කාරක ආචාර්ය ඒ. කරුණාරත්න - පිටු 9 – 10).
ෂියා දහමේ පියවරුන් යුදෙව්වන් බවත් එම යුදෙව්වාදී කුමන්ත්රණයන් හි ප්‍රතිඵලයක් වශයෙන් ෂියා දහම බිහි වූ බවත් ඉහත කරුණු අපට පැහැදිලි අයුරින් කරුණු ඔප්පු කර පෙන්වයි. වර්තමානයේදී ද මෙම යුදෙව්වාදී කුමන්ත්‍රණ අප සමාජය තුළ ක්‍රියාත්මක වීමට වෙර දරමින් සිටින බව දකින්නට ඇත. නිවැරදි මඟ අනුගමනය කරමින් සිටි පිරිසෙන් අල්පයක් ජනයා ඔවුන්ගේ කපටි උපක්‍රම හා මුදලට යට වීමේ ප්‍රතිඵලයක් ලෙස නොමග ගොස් ඇති බව ද දකින්නෙමු. මෙලෙස වැරදි පිළිවෙතට පිවිසි අල්පයක් ජනයා කෙරෙහි සානුකම්පිත ලෙස කටයුතු කොට ඔවුන් ව නිවැරදි මෙන්ම මොලොව හා මරණින් මතු ලොව ජය අත්පත් කර ගැනීමට ඇති සත්‍යයේ එකම මාවතට ආරාධනා කරන්නට කටයුතු කරමු. මෙම ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට විශ්වයේ අධිපති මහා කාරුණික අල්ලාහ්ගේ උපකාරය නිරතුරුව ඇයද සිටින්නෙමු.