×
නබිවරුන් ගේ උරුමක්කාරයන් වශයෙන් නබිවරුන් ගේ මාර්ගය අනුගමනය කරන හේතුවෙන් ආගමික විද්වතුන්ට ඉස්ලාමය උසස් ගෞරවයක් දක්වයි.

    ආගමික විද්වතුන් නබිවරුන් ගේ උරුමක්කාරයෝ වෙති

    ] සිංහල – Sinhala –[ سنهالي

    ෂෙයික් අබ්දුල්බාරි අත් තුබෙයිති

    සවූදි අරාබියේ 2014 පෙබරවාරි 28 වන දින පළ වු ලිපිය

    සිංහල පරිවර්තනය

    ජාසිම් ඉබ්න් දඉයාන්

    2015 - 1436

    العلماء ورثة الأنبياء

    « باللغة السنهالية »

    الشيخ عبد الباري بن عواض الثبيتي

    جريدة عرب نيوس 28فبراير 2014م

    ترجمة: جاسم بن دعيان

    2015 - 1436

    ආගමික විද්වතුන් නබිවරුන් ගේ උරුමක්කාරයෝ වෙති

    ෂෙයික් අබ්දුල්බාරි අත් තුබෙයිති

    මස්ජිදුන් නබවි යෙහි ඉමාම්වරයෙකි

    සවුදි අරාබියේ අරබ් නිවුස් පුවත් පත්‍රයේ 2014 පෙබරවාරි 28 වන දින පළ වු ලිපිය

    නබිවරුන් ගේ උරුමක්කාරයන් වශයෙන් නබිවරුන් ගේ මාර්ගය අනුගමනය කරන හේතුවෙන් ආගමික විද්වතුන්ට ඉස්ලාමය උසස් ගෞරවයක් දක්වයි. ඇත්ත වශයෙන්ම මෙම විද්වතුන් ගේ ගෞරවය හා ශ්‍රේෂ්ඨ භාවය හේතු කොට ගෙන, අල්ලාහ් ඔහුගේ නාමය ද මලාඉකා වරුන් ද සම්බන්ධ කර මෙම විද්වතුන් ගැන අල් කුර්ආන් වාක්‍ය යෙහි සඳහන් කරයි.

    شَهِدَ اللَّـهُ أَنَّهُ لَا إِلَـٰهَ إِلَّا هُوَ وَالْمَلَائِكَةُ وَأُولُو الْعِلْمِ قَائِمًا بِالْقِسْطِ ۚ لَا إِلَـٰهَ إِلَّا هُوَ الْعَزِيزُ الْحَكِيمُ ﴿١٨﴾

    (අල්ලාහ්) ඔහු හැර (අන්) දෙවියෙක් නැතැයි අල්ලාහු ද මලාඉකාවරුන් ද යුක්තියෙහි ස්ථීර වූ දැනුමැතියන් ද සාක්ෂි දරති. ඔහු හැර (අන්) දෙවියෙක් නැත. ඔහු බලසම්පන්නය. නුවණැතිය.” සූරා 3:18.

    අල්ලාහ් ගේ ආශීර්වාදය කියනු ලැබීමේ සුදුසුකම හිමි වීම ආගමික විද්වතෙකුට මහත් ගෞරව සම්මානයක් වන අතර, අල්ලාහ් ගේ මලාඉකාවරුන් ද, ස්වර්ගයේ හා මිහිකලය මත සිටින සියලු දෙනාම ද ආගමික විද්වතෙකු ට ආශීර්වාද කරන ලෙස අල්ලාහ්ගෙන් උපදෙස් දෙනු ලැබීම ආගමික විද්වතෙකු ට හිමි වන මහත් ගෞරව සම්මානයක් වේ.

    අල්ලාහ් ගේ රසූල් (සල්) තුමාණන් මෙසේ වදාළහ. “සැබැවින් ම, ජනතාව ට හොඳ දේ උගන්වන්නේ කවරෙකු ද, ඔහු ට අල්ලාහ් ආශීර්වාද එවන්නේය. තවද, ස්වර්ගයේ සහ මිහිතලය මත වසන ජනතාව ද, හුඹස් හි කූම්බින් ද. (ජලයේ සිටින) මත්ස්‍යයන් ද ඔහු (මිනිසා) ට ආශීර්වාද කරන ලෙස අල්ලාහ්ගෙන් ඉල්ලා සිටිති.

    ආලිම් වරු අල්ලාහ් ගේ මිතුරන් වන අතර, අල්ලාහ් ට සැබැවින් ම බිය වන්නේ ද ඔවුන්මය, යනුවෙන් අල් කුර්ආනය ප්‍රකාශ කරයි.

    إِنَّمَا يَخْشَى اللَّـهَ مِنْ عِبَادِهِ الْعُلَمَاءُ ۗ إِنَّ اللَّـهَ عَزِيزٌ غَفُورٌ ﴿٢٨﴾

    “සැබැවින් ම අල්ලාහ් ට ඔහු ගේ ගැත්තන් අතරින් බිය වන්නේ ආලිම් වරු (දැනම ඇත්තන්) මය.“ සූරා ෆාතිර් 35:28. ඔවුන් දැනුම උසුලන්නේ අල්ලාහ් කෙරෙහි තිබෙන බිය බැතිමත්කම නිසාය.

    جَزَاؤُهُمْ عِندَ رَبِّهِمْ جَنَّاتُ عَدْنٍ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا ۖ رَّضِيَ اللَّـهُ عَنْهُمْ وَرَضُوا عَنْهُ ۚ ذَٰلِكَ لِمَنْ خَشِيَ رَبَّهُ﴿٨﴾

    “ඔවුන් ගේ වේතනය ඔවුන් ගේ පරමාධිපති ගේ සන්නිධානයෙහි වු අද්න් නමැති (සදාකල් පවතින) ස්වර්ගය වේ.එහි යටින් ගලා බසින ගංගා ය. ඔවුහු එහි සදාකල් වෙසෙන්නෝය. අල්ලාහ් ඔවුන් කෙරෙහි සංතෘප්ත වෙයි, ඔවුන් ද අල්ලාහ් කෙරෙහි සංතෘප්ත වෙති. - මෙය තමාගේ පරමාධිපති ට බිය බැතිමත් අයට ය.” සූරා අල් බය්යිනා 98:8.

    ෂෙයික් ඉබ්නු අල් කය්යිම් (රහි) මෙසේ පහදා දුන්නේය. “ඉස්ලාම් හි (දැනුම ඇති) ආලිම්වරු සහ ජනතාව ට ෆත්වා ( ආගමික උපදෙස්) සපයන්නන් - කුර්ආනය සහ හදීස් වදන් තුළින් නිගමනය කිරීම ට හැකි ඔවුන්, නීති සහගත සහ නීති විරෝධි කරුණු පිළිබඳ ව ජනතාව ට පහදා දෙනු පිණිස තම කාලය වැය කරන්නන්, අහස ට අලංකාර සපයන තාරුකාවන් මෙන් පොළොව ට ඔවුන් (සේවය කරන්නන්) වෙති. අවුල් තත්ත්වය ට පත් වූ ජනතාව ට යහ මඟ දෙනු ලබන්නේ ඔවුන් ගේ මාර්ගයෙනි. දැනුම ඇති මෙම විද්වතුන් ජනතාව ට ආහාර හා පානය ට වඩා බොහෝ අවශ්‍ය පිරිසකි.

    يَا أَيُّهَا الَّذِينَ آمَنُوا أَطِيعُوا اللَّـهَ وَأَطِيعُوا الرَّسُولَ وَأُولِي الْأَمْرِ مِنكُمْ ۖ

    “අහෝ විශ්වාසවන්තයිනි! අල්ලාහ්ට ද රසූල්වරයා ට ද ඔබගෙන් අධිකාරීන් ට ද කීකරු වනු.” යැයි සූරා අන් නිසා 4:59 වාක්‍ය යෙන් අල්ලාහ් පවසන්නේ දැනුම ලත් විද්වතුන් ට අවනත වීම, දෙමාපියන් ට අවනත වීම ට වඩා වැදගත් බව සනාථ කරමින් ය. සමාජයේ මහත් විපතක් සිදු වන අවස්ථාවෙහි ආලිම් වරු ජනතාව ට සරණ වෙති. අන්ධකාර යේ සිටින බොහෝ දෙනා ආලිම් වරුන් ගේ මාර්ගයෙන් යහ මඟ ලැබුවෝය. ආලිම්වරුන් ගේ මාර්ගයෙන් බොහෝ සුන්නාවන් සමාජය තුළ යළි පන ගන්වන ලදු ව, බොහෝ බිද්ආවන් (පදනම් විරහිත නවක දේ) සමාජයෙන් ඉවත් කරන ලදී.

    අල්ලාහ් ගැන අවබෝධය සහිත ආලිම් වරුන් බැතිමත්කම පිළිබඳ ව මඟ පෙන්වන නායකයන් වෙති. ඔවුන් මෙලොවෙ හි අලංකාරය සහ උසස් තනතුරු ප්‍රිය කළේ නම් ඒවා සියල්ල ඔවුන් වෙත අවනත වී පැමිණෙනු ඇත. එහෙත් මෙම ආලිම්වරුන් තම දැනුම සහ කුසල් ක්‍රියාවන් පමණක් සමඟ සතුටින් ජීවිතය ගෙවුහ. මෙවැනි සතුට ලෞකික ජීවිතයේ උසස් තනතුරු සහිත ව ජීවත් වන ජනතාව භුක්ති විඳින සතුට ට වඩා අධික ය. එයට හේතුව ආලිම් වරුන් ගේ සම්පූර්ණ ජීවිතය ම අල්ලාහ් සහ අල්ලාහ් ගේ රසූල් (සල්) තුමාණන් වටා පමණක් ගමන් කිරීමයි. ඔවුන් දැනුම ලබන්නේ අලංකාරයක් ලෙස ලොව ට පෙන්වනු පිණිස නොව, එම දැනුමෙන් ජීවිතය ට අවශ්‍ය යහපත් දේ සෙවීම ට පමණි. නිසරු භූමියක් මත ඔවුන් ගමන් කළේ නම් එම වියළි පොළෝව සාර බවට පත් වනු ඇත. අන්ධකාරය වෙලා ගත් පළාතක ඔවුන් පා තැබුවේ නම්, එය ආලෝකයෙන් බැබළෙන්නේය. ඔවුන් ගේ බල පෑම් එතරම් ශක්තිමත් බව සලකන්න.

    ආලිම් වරයෙක් ලෞකික ජිවිතයේ නොයෙක් උසස් අධ්‍යාපනික සහතික සහ විවිධ උපාධි පට්ටම් සහිත කෙනෙක් නොවේ. එසේ නොව, ඔහු දැනුම, ස්ථාවර හා ගැඹුරු දේව විහ්වාසය, තම පරමාධිපති ට අවනත විම සහ අධික නැමදුම් ක්‍රියාවන් යන සියල්ල මිශ්‍ර වූ පුද්ගලයෙකි. මෙවැනි දැනුම ලත් ජනතාව පිළිබඳ ව අල්ලාහ් සඳහන් කරන්නේ ඔවුන් හා කිසිවෙක් සමාන කළ නොහැකි බවයි.

    قُلْ هَلْ يَسْتَوِي الَّذِينَ يَعْلَمُونَ وَالَّذِينَ لَا يَعْلَمُونَ ۗ إِنَّمَا يَتَذَكَّرُ أُولُو الْأَلْبَابِ ﴿٩﴾

    “දැනුම ඇත්තන් හා දැනුම නැත්තන් සමානවන්නේ ද?” සූරා අද් දාරියාත් 39:9.

    “සැබෑ දැනුම ලත් කෙනෙකු හඳුනා ගන්නේ කෙසේ දැ?” යි ඉබ්නු අල් මුබාරක් තුමාගෙන් විමසනු ලැබු විට, “මෙලොව ජීවිත යේ ඔහු ශ්‍රමණයෙක් වන අතර මරණයෙන් පසු කටයුතු වල තම කාලය යොදවන කෙනෙකි.” යනුවෙන් එතුමා පිළිතුරු දුන්හ. ආලිම් වරුන් අඩුපාඩු, වැරදි හෝ දෝෂ වැනි කිසිවක් නොමැති අංග සම්පූර්ණ පිරිසක් බව සැලකිය නොහැක. මෙය ඉතාමත් දුර්ලභය. කෙසේ වෙතත්, දැනුම ලත් ආලිම් වරුන් ගේ වැරදි සෙවීමෙහි නිරත වීම සුදුසු නැත. එයට හේතුව, ඇතැම් විට එම ආලිම් වරයා ට හෝ අපට හෝ නොදන්නා වරදක් ඔහු වෙත තිබිය හැක. එමෙන් ම එම දෝෂය ට අප ට වටහා ගත නොහැකි යම් හේතුවක් ද තිබිය හැක.

    ගෞරවය ලැබීම සඳහා නබි වරුන් ට හිමිකමක් තිබේ නම්, නබි වරුන් ගේ උරුමක්කාරයන් ට එවැනි ගෞරවයෙන් කොටසක් හෝ ලැබිය යුතු ය. “සැබැවින්ම, (දැනුම ලත්) ආලිම්වරුන් නබිවරුන් ගේ උරුමක්කාරයෝ වෙති.”යනුවෙන් රසූල් (සල්) තුමාණන් පැවසුහ. මූලාශ්‍ර අබු දාවූද් සහ වෙනත් අය. ඒ හේතුවෙන් ආලිම් වරුන් ට ආදරය දැක්වීම, නිවැරදි දැයෙ හි ඒ අය අනුගමනය කිරිම, ඒ අය රැක ගැනීම, ඒ අය අතර මරණය ට ලක් වූවන් සඳහා අල්ලාහ් ගේ කරුණාව පැතීම වැනි දේ ඉටු කිරීම අප ගේ යුතුකම වේ. දැනුම ලත් ආලිම්වරයෙකු කෝපය ට පත් කරන කෙනෙක්, අල්ලාහ් ගේ රසූල් (සල්) තුමාණන් ව කෝපය ට පත් කළේය. රසූල් (සල්) තුමාණන් කෝපය ට පත් කළ කෙනෙක් අල්ලාහ් ව කෝපය ට පත් කළේය.” යනුවෙන් ඉබ්නු අබ්බාස් (රළි) පැවසීය.

    ආලිම් වරයෙකු ගේ අභාවය, මුස්ලිම් සමාජය ට පිරිමැසිය නොහැකි විශාල පාඩුවකි. අභාවය ට පත් වූ ආලිම් වරුන් ට සමාව දෙන ලෙස ද, ජීවතුන් අතර සිටින ආලිම් වරුන් ගේ දැනුමෙන් අපට යහපතක් සිදු කරන ලෙස අල්ලාහ්ගෙන් දුආ කරමු.

    ආලිම්වරයෙකු ගේ අභාවය නිසා දෑසින් කඳුළු සැලීම ද, හදවත් හී වේදනා හට ගැනීම ද වැළැක්විය නොහැකි සැබෑවකි. එහෙත්, සිදු වූ අවාසිය හෝ පාඩුව අප ගේ කඳුළු නිසා වෙනස් කළ නොහැක. ඇත්ත වශයෙන් ම, ආලිම් වරයෙකු ගේ අභාවයෙන් පසුව, දුබල සිතුවිලි සහිත අය ගේ ප්‍රතික්‍රියාවන් කඳුලු සැලීම, විලාප දීම වැනි කාර්යයන් ට පමණක් සීමාවී එයට වඩා ඉක්මවා යන්නේ නැත. එහෙත් උසස් අරමුණ සහිත, සත්‍යය අවබෝධ කර ගත් දැනුම ලත් අය මෙම සීමිත ක්‍රියාවන් පසු කර ගෙන යති. දැනුම ලත් අභාවය ට පක් වූ ආලිම් වරුන් පෙන් වු මාර්ගයේ ජිවත් විම, දැනුමෙන් සහ ක්‍රියාවෙන් ආදර්ශයක් වීම, බැතිමත්කම සහ නිහතමානී ව මඟ පෙන්වන්නන් වීම, ඉවසීම සහ උට්ඨාන වීර්ය්‍ය කෙරෙහි නිරූපකයන් වීම, උදාරත්වය සහ පරිත්‍යාග කිරීමෙන් ඉදිරියෙන් සිටීම වැනි යහ කාර්යයන් පිළිබඳ ව තවමත් ජීවත් ව සිටින ආලිම් වරුන් හොඳ හැටි දනිති. ආලිම් වරුන් ගේ සැබෑ ගුණාංගය මෙය වන අතර, ඒ අයට ආදරය කරන පිරිස ගේ ගුණාගය ද මෙය විය යුතුය.

    ආලිම්වරු යන පුද්ගලයින් මෙලොව බිහි වුයේ ඔවුන් ගේ ගුණ වර්ණනා ගැන ලිවීම හා ගී ගැයීම සඳහා නොවේ. ඉබ්‍රාහිම් ඉබ්නු හබීබ් මෙසේ පැවසීය. “මගේ පුතේ! ආලිම් වරු වෙතට ගොස්, ඔබ හදිස් වදන් බොහෝමයක් (ආචාර විධි රහිත ව) කට පාඩම් කරගන්නවා ට වඩා ආලිම් වරුන් ගේ යහපත් ආචාර විධි, යහ ගුණාංග, යහ මඟ යන දේ ඔවුන්ගෙන් ඉගැන ගැනීම මම අගේ කොට සලකමි.” යනුවෙන් මගේ පියාණන් පැවසීය.

    නිමි.

    ඔබ ගේ අගනා අදහස් අප ට දනවන්න.

    www.sinhala@islamhouse.com