×
බිලියන් 1.5 සංඛ්යාلත මුස්ලිම් ජනතාව පසුගිය වසර 200 වැනි කාලයේ හිංසාව ට පමණක් නොව ඝාතනය ට පවා මුහුණ දුන්හ. මෙයට එකම හේතුව ඔවුන් මුස්ලිම්වරුන් වීම යි. මෙයට මුහුණ දීම පිණිස මුස්ලිම්වරුන් සමගි විය යුතු යැයි අල්ලාහ් අණ කරයි. එවිට මුස්ලිම් වරු ජය ලැබ ඉස්ලාමය දහම ලොවේ සදා පවතිනු ඇත.

    ඉස්ලාම් දහම ලොවෙ හි සදා පැවතීමට අල්ලාහ් සලස්වයි

    ] සිංහල – Sinhala –[ سنهالي

    හාරුන් යහ්යා

    සවූදි අරාබියේ 2014 අගෝස්තු මස 8 දින අරබ් නිව්ස් පුවත් පතේ පළ වූ ලිපිය

    සිංහල පරිවර්තනය

    ජාසිම් ඉබ්න් දඉයාන්

    2014 - 1436

    الاسلام سوف ينتشر فى كل العالم

    « باللغة السنهالية »

    هارون يحيى

    ترجمة: جاسم بن دعيان

    2014 - 1436

    ඉස්ලාම් දහම ලොවෙ හි සදා පැවතීමට අල්ලාහ් සලස්වයි

    හාරුන් යහ්යා

    අරබ් නිව්ස් පුවත් පත්රයේ

    2014 අගෝස්තු මස 8 වන දින පළ විය.

    සිංහල පරිවර්තන

    ජාසිම් ඉබ්නු දඉයාන්

    අත්ලාන්තික් සාගරයේ බටහිර වෙරළ තීරයේ සිට පෙර දිග පැසිෆික් සාගර තීරයේ ඉන්දුනීසියා දක්වා ඉස්ලාමිය ලොව පැතිරී ඇත. මෙවැනි අතිවිශාල භූමිප්රදේශයෙ හි වාසය කරන බිලියන්1.5 සංඛ්යාත මුස්ලිම් ජනතාව ට පසුගිය වසර 200 වැනි කාල වකවානුවේ විවිධ පහර දීම්, හිංසා පමණක් නොව ඝාතනය ට පවා මුහුණ දෙන්න ට සිදු විය. මෙම පීඩාවට එකම හේතුව ඔවුන් මුස්ලිම්වරුන් වීම යි. මෑත කාලයේ දී පලස්තීනය, සිරියාව , ඉරාකය සහ ලෝකයේ අනෙකුත් ඉස්ලාමිය රටවල සිදුවන ක්රියාවන් හි සෘණාත්මක බව පෙනෙන නමුත්, ඉස්ලාම් මුළු ලොවෙ හි පැතිර පවතිනු පිණිස අල්ලාහ් විසින් සූදානම් කරනු ලැබු බව අප අමතක නොකළ යුතුය.

    إِنَّ اللَّـهَ يُحِبُّ الَّذِينَ يُقَاتِلُونَ فِي سَبِيلِهِ صَفًّا كَأَنَّهُم بُنْيَانٌ مَّرْصُوصٌ ﴿٤﴾

    “සැබැවින් ම අල්ලාහ් ඔහු ගේ මාර්ගයේ පෙළ ගැසී සටන් වඳින්නන් ව ප්රිය කරන්නේ ය. සැබැවින් ම ඔවුන් එකිනෙක ට බැඳුණු (බලගතු) ගොඩනැගිලි මෙනි." යනුවෙන් සූරා අස් සෆ් 61:4 ප්රකාශ කරයි. මුස්ලිම්වරුන් එකම ජාතියක් හෝ සමාජයක් බව අල්ලාහ් සලකයි. මෙම අණ ට එකඟ ව ලොවෙ හි ඕනෑම ස්ථානයක සිටින මුස්ලිම්වරුන් ට යම් හානියක් සිදු වුයේ නම් සියලු මුස්ලිම්වරුන් සන්ධානයක් පිහිටු වීම අනිවාර්යය ක්රියාවකි. මෙම වගකීම සහ අණ ඉහත සඳහන් කුර්ආන් වැකිය සනාථ කරයි.

    මුස්ලිම් වරුන් එක්සත් ව සිටීම සහ ඉස්ලාමීය සමූහය පිළිබඳ ව මෙම වාක්ය සඳහන් කරන බව සලකන්න.

    ආගම නොමැතිකම නිසා සමාජයේ පැන නගින දූෂණය නවත්වා ලීම පිණිස මුස්ලිම්වරුන් එක්සත් ව සන්ධානයක් බිහි කරන විට, අල්ලාහ් ගේ අනුමැති යෙන් සමාජයෙන් දූෂණය ඉවත් වෙයි. මුස්ලිම් වරුන් එක්සත් නොවන සමාජයක බිහි වන බරපතළ දූෂණය පිළිබඳ ව අල් කුර්ආන් මෙසේ අවවාද කරයි.

    وَالَّذِينَ كَفَرُوا بَعْضُهُمْ أَوْلِيَاءُ بَعْضٍ ۚ إِلَّا تَفْعَلُوهُ تَكُن فِتْنَةٌ فِي الْأَرْضِ وَفَسَادٌ كَبِيرٌ ﴿٧٣﴾

    “ප්රත්ක්ෂේප කළ අය - ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකු ට ආරක්ෂකයෝ ය. ඔබ මෙලෙස නොකරන්නහු නම් භූමියෙ හි කැලැඹිල ද මහත් අපරාධ ද සිදුවෙයි." 8:73

    මෙහි දී මුස්ලිම් වරුන් සමගි විය යුතු යැයි අල්ලාහ් අණ කරන විට, එය ඉස්ලාමයේ අනෙකුත් අනිවාර්ය ක්රියාවන් වන නැමදුම සහ උපවාසය මෙන් අනිවාර්ය ක්රියාවක් බව ට පත් වෙයි. මෙම වැකි සියලුම මුස්ලිම් වරුන්ට ම අදාළ වේ. සමගි වනු යැයි අණ කරන වාක්ය ය ද සියලු මුස්ලිම් වරුන් ට ම අදාළ ය.

    ඇතැම් ජනතාව සහ ඇතැම් මුස්ලිම් රාජ්යයන් අල්ලාහ් ගේ අණ නොසලකා හරිති. එහෙත්, මුස්ලිම්වරුන් එක්රැස් වීම සහ සමූහයක් වශයෙන් ක්රියා කිරීම අල්ලාහ් නිතර අනුමත කරයි. සිකුරාදා ජුම් ආ සහ අනිකුත් නැමදුම් කර්තව්යය, රමදාන් මාසයේ ඉෆ්තාර් නම් උපවාසය අවසන් කරන මොහොත, වෙනත් ආගමික උත්සව හා නිවාඩු මෙහි නිදසුන් වේ.

    අසරණ මුස්ලිම් වරුන් සඳහා මුස්ලිම්වරුන් සුළු පිරිසක් විසින් එකතු කරන ලද මුදල් වැනි සුළු පුමාණයේ සහන හෝ තම රට තුළ මුහුණ දෙන අනතුරෙන් මිදීම පිණිස, රට හැර පලා යන මුස්ලිම් වරුන් ට සරණාගත කඳවුරු ඉදි කර දීම වැනි තාවකාලික ක්රියාවන් මුස්ලිම් ලොව මුහුණ දෙන අභියෝග වල ට සුදුසු විසඳුම් වන්නේ නැත. ජාත්යනාතර වශයෙන් මුස්ලිම් ජනතාව මුහුණ දෙන ප්රශ්න වලට මෙවැනි තාවකාලික විසඳුම් ඉතාමත් අල්ප සහ දුර්වල බව සලකන්න. මෙවැනි ප්රශ්න විසඳනු පිණිස අත්යවශ්ය යෙන් ගත යුතු පියවර පිළිබඳ ව අල්ලාහ් අල් කුර්ආන යේ මෙසේ පවසයි.

    وَقَاتِلُوهُمْ حَتَّىٰ لَا تَكُونَ فِتْنَةٌ وَيَكُونَ الدِّينُ كُلُّهُ لِلَّـهِ ۚ فَإِنِ انتَهَوْا فَإِنَّ اللَّـهَ بِمَا يَعْمَلُونَ بَصِيرٌ﴿٣٩﴾

    “අක්රමය (සමාජයෙන්) නැති වන තුරු ද, සත්ය දහම අල්ලාහ්ට ම වන තුරු ද ඔවුන් හා සටන් කරවු. ඔවුහු වැළෙකෙන්නේ නම් සැබැවින් ම අල්ලාහ් ඔවුන් කරන දැය දන්නේය." 8:39

    උද්යෝගිමත් භාවය ට දුෂ්කරතාවය සහය වෙයි

    ජනතාව පීඩනය ට පත් වීම අල්ලාහ් ප්රිය නොකරයි. තම ගැත්තන් ට හොඳම දේ ඔහු නිතර ප්රිය කරයි. මුස්ලිම් වරුන් ට පහර දීම ඔවුන් ප්රචණ්ඩත්වය ට, හිංසාව ට, මර්දනය ට ලක් වීම යන දේ සිදු වන්නේ මුස්ලිම් වරුන් ගේ උද්යෝගිමත් භාවය වර්ධනය කිරීමේ හේතුන් වශයෙන් ය. අල්ලාහ් මෙවැනි සිදුවීම් හට ගැන්වුයේ නැතිනම්, මේවා මෙලොව ජීවිතයේ පරීක්ෂාවන් බව අමතක කර, මුස්ලිම් වරුන් එක්තරා උදාසීනත්වය ට පත් වනු ඇත. අලස බව, උදාසිනත්වය, ආත්මාර්ථකාමය, මසුරුකම වැනි ගති පැවතුම් මිනිසා තුළ අල්ලාහ් මවා ඇත. එහෙත් මුස්ලිම්වරුන් ආගම වෙනුවෙන් දිවි පුදන්න ට සිදුවන විට, කාන්තාවන් හා කුඩා දරුවන් සහ මහලු අය ප්රචණ්ඩත්වය ට ලක් වීම සිදුවන විට, මුස්ලිම් වරුන් ගේ උද්යෝගිමත් භාවය වර්ධනය වෙයි.

    මෙවැනි ඉස්ලාමිය උද්යෝගිමත් භාවය වර්ධනය වීම ට හේතුව මිනිස් ආත්මය තුළ අල්ලාහ් ගේ ආරක්ෂා පිළිබඳ හැඟීම් මවා ඇති හෙයිනි. මෙම මානුසික හැඟීම් හේතුවෙන්, අහිංසක හෝ ශිෂ්ට සම්පන්න හෝ කායික ව දුබල අයගෙන් අයුතු ලෙස ප්රයෝජන ගැනීම සහ ඔවුන් ට පීඩන කිරීම ද තමන් ව ආරක්ෂා කර ගන්න ට නොහැකි ජනතාව ඝාතනය කිරීම වැනි පහත් ක්රියාවන් නිසා හෘදය සාක්ෂි සහිත ජනතාව පිරිසක් කෝපය ට පත් වන අතර, මෙවැනි අසාධාරණය ට එරෙහි ව එක්සත් වීමට තිබෙන ආශාව ඔවුන් තුළ හට ගනී. අසරණ ජනතාව පීඩනය ට පත් වනු දකින විට මුස්ලිම් වරුන් තුළ හට ගත යුතු බලපෑම් ගැන අල් කුර්ආනයේ මෙසේ සඳහන් කර ඇත.

    وَمَا لَكُمْ لَا تُقَاتِلُونَ فِي سَبِيلِ اللَّـهِ وَالْمُسْتَضْعَفِينَ مِنَ الرِّجَالِ وَالنِّسَاءِ وَالْوِلْدَانِ الَّذِينَ يَقُولُونَ رَبَّنَا أَخْرِجْنَا مِنْ هَـٰذِهِ الْقَرْيَةِ الظَّالِمِ أَهْلُهَا وَاجْعَل لَّنَا مِن لَّدُنكَ وَلِيًّا وَاجْعَل لَّنَا مِن لَّدُنكَ نَصِيرًا ﴿٧٥﴾

    “අප ගේ පරමාධිපතියාණනි! අල්ලාහ් ගේ මාර්ග යෙහි ද, අපරාධකරුවන් වසන මේ ගමින් ද අප බැහැර කරනු. ඔබගේ සන්නිධානයෙන් ආරක්ෂක යෙකු සලස්සනු. තවද, ඔබ ගේ සන්නිධානයෙන් උදව්කරුවෙකු සලස්වනු යැයි කියමින් සිටින පුරුෂයන්ගෙන් ද, ස්ත්රීන්ගෙන් ද ළදරුවන්ගෙන් ද 'දුර්වල වුවන්' මිදීමෙහි ද සටන් නොකරන්නේ කුමක් නිසා ද?" 4:75

    හිංසා කිරීම, කුරිරු කම, අකාරුණිකකම යන සියල්ල අල්ලාහ් දැනුවත් ව මැවුවේ, ඔහු ගේ ගැත්තන් පරීක්ෂණය ට පත් කිරීම පිණිස ය. ඇත්ත වශයෙන් ම තම ගැත්තන් ව මැවු අල්ලාහ්, ඔවුන් කළේ කුමක් ද, ඔවුන් අනාගතයෙ හි කරන්න යන්නේ කුමක් ද යන්න හොඳ හැටි දනී. සීමාවක් නොමැති දීර්ඝ කාල අවකාශයක් අල්ලාහ් මොහොතකින් මැවු අතර, එම මොහොතෙ හි සියලු දේ තිරණය කර අවසාන ය. ඔහු ගේ ගැත්තා, “අල්ලාහ් ගේ මාර්ගයේ මම මහත් පරිශ්රමයක් දැරුවෙමි. මම බොහෝ පීඩාව ට සහ කරදර වලට ලක් වුයෙමි. අල්ලාහ් වෙනුවෙන් බොහෝ පරිත්යාග කර ඉවසීම සහ උදාරත්වය ප්රදර්ශන කෙළෙමි." යැයි සතුටින් පවස යි. ඉස්ලාමීය ලෝකය තුළ ද, දුෂ්කරතාව සහ හිංසා කිරීම ආරම්භයේ අල්ලාහ් මැවුවේ ය. ඉන් පසුව වෙනත් ඉස්ලාමීය පාලනය ගෙනැවිත් ඒ මාර්ගයෙන් පිඩාවන් ඉවත් කරනු ලැබු බව මිනිසුන් ට පෙන්වා, මිනිසුන් ගේ සිත් තුළ මහත් ළැදිකමක් සිදු කරයි.

    ඉස්ලාමීය ආධිපත්යය බිහි කරනු පිණිස, අධර්මිෂ්ඨ පාලකයන් ද, ඔවුන් ගේ පාලනය යටතේ අරාජිකතාව, ත්රාසජනක ප්රචණ්ඩතාව යන සිදුවිම් සියල්ල අල්ලාහ් මවයි. මෙවැනි සෘණාත්මක ලෙස පෙණෙන කරුණු සියල්ල අලංකාරවත් අවසානයක් ලොවට ගෙන දෙන්නේය. එය යහපත් පාලනය යි. වසර ගණනාවක් යුද්ධය හා ගැටුම් හි භයානක දර්ශන දැක පළිගැනීම වෙනුවෙන් බලපෑම් නිසා සාමය තෝරා ගැනීම ට ජනතාව ට සිදු වීම, නොහොත් දීර්ඝ කාලයක ගැටුම් අවසානයේ රැකවරණයේ ආශීර්වාදය වටහා ගැනීමෙන් ලැබෙන සාමය යන දෙකින් කුමන එකක් වුවත්, මේ සියලු දේ අල්ලාහ් මැවු වේ ඔහු නියම කළ ඉරණම කරා යෑමේ විශේෂ හේතුවක් ලෙස ය. යහපත් ජනතාව ශක්තිමත් බව ට පත් කර ලොවේ යහ පාලනය ස්ථාපික කරන බව වග බලා ගන්නේ අල්ලාහ් යැයි අප මතකයේ තබා ගත යුතුය. මේ හේතුවෙන්, “මගේ වෑයමෙන් කිසිවක් වෙනස් කළ නොහැක" යනු පැවසීම, ෂෙයිතාන් ගේ උගුලට හසු වීමකි. කෙනෙක් මෙලෙස පැවසීම තම වගකීම නිසියාකාර ව ඉටු කිරීමෙන් මඟ හැරීමක් යැයි පහදා ගත යුතුය.

    ඉස්ලාමය ට එරෙහි සතුරුකම

    මැවීම් ක්රියාව ප්රතික්ෂේප කරන අධර්ම ජීවීන් පිරිස මුළු විශ්වයම සිතා මතා සිදු නොකළා වූ, අහම්බෙන් සිදු වු සිද්ධියක් යන අදහස ට අනුබල දෙති. අල්ලාහ් ගේ පැවැත්ම ප්රතික්ෂේප කිරීම තුළින් අල්ලාහ් කෙරෙහි බිය බැතිමත් කම සහ ඔහු වෙත විශ්වාසය තැබීම ප්රතික්ෂෙප කිරීම පිණිස පදනමක් බව ට ඔවුන් පත් කර ගනිති. එවැනි මතයක් දරන කෙනෙක්, විද්යාත්මක පදනමක් නොමැති වුවද, නොනැසී ඉතිරි වීම පිණිස මිනිසා නිත්ය අරගලයක නිරත වන බව ද, අවසානයේ බලවත් කෙනා බෙලහීන තැනැත්තා ව විනාශ කරන බව ද තරයේ විශ්වාස කරයි.

    ජාතීන් හෝ ශිෂ්ටාචාරයන් - ඉස්ලාමීය ලෝකයේ හෝ බටහිර ලෝකයේ හෝ වේවා, නායකයින් ලේ පිපාසයෙන් පෙළෙන ඉස්ලාම් විරෝධි සාහසිකයන් බව ට පත් නොකරන බව ද, එය සිදු කරන්නේ එක් එක් කෙනෙකු ගේ විකෘති වූ දෘෂ්ටිය විසින් බව ද මෙම සිද්ධාන්තය පෙන්වයි. මෙවැනි විකෘති වු දෘෂ්ටිය බොහෝ ජාතීන් අතර ව්යාප්ත වී පවතින්නට ද, ඒ හේතුවෙන් දාමරිකකම සහ දුෂ්ට පාලනය සිදු වන්නට ද ආරම්භ වී අවසානයි.

    මේ හේතුවෙන් අධර්මය ට එරෙහි ව බුද්ධිමය අරගලයක් අරම්භ කිරීම ඉතාමත් වැදගත් බව දැන් පත් ව තිබේ. අධර්මය යනු දේව විශ්වාසයෙන් මිනිසා ව ඉවත් කොට ඔහු ව අපාය කරා ගෙන යන ශක්තියක් පමණක් නොව, මුළු ලොව ම යුද හා කැලඹීම් සිදු වන ස්ථානයක් බව ට පත් කිරීම ඔවුන් ගේ අවශ්යතාව වේ. මෙම යුද වාතාවරණයේ ඔවුන් ගේ ප්රධාන ඉලක්කය මුස්ලිම් වරුන් බව අපි අවබෝධ කර ගත යුතුය.

    උත්තරිතර අල්ලාහ් මෙවැනි දේ සිදු කළේ මුස්ලිම් වරුන් දූෂණය ට එරෙහි ව ඉදිරිපත් කරවනු පිණිස ය. තම දේව විශ්වාසය වෙනුවෙන් මුස්ලිම් වරුන්ගෙන් විශාල සේවයක් බලා පොරොත්තු වන අතර, දූෂණය ට එරෙහි ව බුද්ධිමත් හා විද්වත් ජනතාව මගින් සංස්කෘතික ව්යාපාරයක් ද ආරම්භ කරන ලෙස අල්ලාහ් අනුබල දෙයි. ඔවුන් ව පොලොඹවනු පිණිස මේ කටයුතු සඳහා ස්වර්ගය දෙන බව ද අල්ලාහ් පොරොන්දුවක් දෙයි. එම අරගලය තුළින් මෙලොවේ ජීවිතය ද ස්වර්ගය හා සමාන ස්ථානයක් පවට පත් වනු ඇත.

    ඔබ ගේ අගනා අදහස් අප ට දනවන්න.

    [email protected]