×
1. පරිසරය පිරිසිදු තිරීම සහ මිනිසාගේ කය සහ සිත පිරිසිදු කිරීම

    පරිසරය සුරකිමු

    ] සිංහල – Sinhala –[ سنهالي

    එම්.එස්.එම්. ඉම්තියාස් යූසුෆ්

    පරිවර්තණය: මාහිර් රම්ඩීන්

    2014 - 1435

    حفظ البيئة

    « باللغة السنهالية »

    محمد إمتياز يوسف

    ترجمة: ماهر رمدين

    2014 - 1435

    අවට පරිසරය සුරකිමු

    එම්. එස්. එම් ඉම්තියාස් යූසුෆ්

    සිංහලෙන් මව්ලවි මාහිර් ටී.ඩී. රම්ඩීන්

    මිනිසා තමන් හා තමන් අවට ඇති පරිසරය පිරිසිදුව හා සුරක්ෂිතවය තබා ගැනීමට ඉස්ලාම් දිරිමත් කරයි. එය දේව විශ්වාස සංකල්පයේ එක් කොටසක් බව අවධාරණය කරයි.

    පිරිසිදුකම ඊමානයේ අඩකි යැයි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා පැවසූහ. (මූලාශ්රය: මුස්ලිම්)

    මිනිසාගේ එදිනෙදා ජීවිතයෙ හි සෑම විෂයක්ම පැහැදිලි කරමින් මඟ පෙන්වන ඉස්ලාම් පිරිසිදුකම හා සනීපාරක්ෂකතාව පිළිබඳව ද තරයේ ප්රකාශ කර සිටියි. දේව විශ්වාසය ඇත්තෙකු පිරිසිදුකම සුරැකිය යුතු වන්නේමය.

    ශරීර පිරිසිදුකම

    ශරීර පිරිසිදුකම ගැන සලකා බැලීමේ දී දත් මැදීම කිහිලි හා ඉකිළි රෝම ඉවත් කිරීම ලිංග ඡේදනය උඩු රැවුල කැපීම යටි රැවුල වැවෙන්නට හැරීම නියපොතු කැපීම ඇගිලි කරු අතර සේදීම නාසය පිරිසිදු කිරීම මල මූත්රා කිරීමෙන් පසුව පිරිසිදු කිරීම වැනි දෑ නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් විසින් පිළිපදින මෙන් අවධාරණය කළ පිරිසිදු කිරීම් වේ. (මූලාශ්රය: මුස්ලිම්)

    දත් මැද පිරිසිදු කිරීම යනු නින්දෙන් අවදි වූ විට පමණක් නොව සෑම සලාතයක් සඳහාම සූදානම් වන විට පවා දත් මැදීම සුනානාවක් බවට පත් කර ඇත.

    නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා නිවසට ඇතුළු වූයේ නම් (ප්රථමයෙන්ම) දත් මදින්නේ යැයි එතුමාගේ බිරිය ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී. (මූලාශ්රය: මුස්ලිම්)

    මිනිසා සමඟ කතා බහ කරන විට මුඛයෙන් දුගද හමන අවස්ථාවේ පිරිසිදු කරනවාක් මෙන්ම අල්ලාහ් සමඟ සලාතයේ දී කතා කරන විට දුග ද නොහමන අයුරින් මුඛය පිරිසිදු කර ගත යුතු වේ.

    එමෙන්ම හිසකෙස් පීරා පිළිවෙළට සැකසීම තෙල් ගෑම සුවඳ විලවුන් (අත්තර්) තැවරීම දෑසට සුරුමා තැවරීම වැනි දෑද පිළිපදින මෙන් මුහම්මද් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ පැවසූහ. (මූලාශ්රය: තිර්මිදි බුහාරි)

    සිකුරාදා දින ස්නානය කිරීම අනිවාර්ය අතිරේක ක්රියාවක් බවට පත් කළාක් මෙන්ම සුළු හා මහා කිලිටි වලට භාජනය වූ විට ද (ස්ත්රී පුරුෂ දෙපාර්ශවයටම) අනිවාර් වන ස්නානය පිළිබඳව ද නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ අවධාරණය කළහ. එම ස්නානය (පිරිසිදුකම) කවර ආකාරයකින් ඉටු කළ යුතු දැයි ද පැහැදිලි කළහ. (මූලාශ්රය: බුහාරි හා මුස්ලිම්)

    පලදින පාවහන් ඇතුළු ඇදුම් පැලඳුම් කවදත් පිරිසිදුව තබා ගන්නා මෙන් ද ඉස්ලාමය අවධාරණය කර සිටියි. ජීවත් ව සිටිය දී පිරිසිදු ව සිටින්නැයි පැවසුවාක් මෙන්ම මිය ගිය පසුව ද දේහය පිරිසිදු කරන මෙන් හා එයට සුවඳ විලවුන් ගල්වන මෙන් ද ඉස්ලාම් නියම කරයි.

    පරිසර සංරක්ෂණය.

    පරිසරය ගැන සලකා බැලීමේ දී පිරිසිදුව හා සුරක්ෂිතව තබා ගත යුතුයි.

    ජනයාට හා පරිසරයට හානිදායක දෑ ඉවත් කිරීම හෝ පිරිසිදු කිරීම දානයක් (සදකාවක්) වන්නේ යැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ප්රකාශ කළහ.

    ජනයාට හානි පමුණු වන දෑ මාර්ගයෙන් ඉවත් කිරීමත් දානයකි. යැයි නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ පැවසූහ. (මූලාශ්රය: මුස්ලිම්)

    නැමදුම් සඳහා වේලාවන් වෙන් කර දී අල්ලාහ්ගේ ආදරය හා කරුණාව හිමි කර ගැනීමට ඉදිරිපත් වනවාක් මෙන්ම ජනයාට කරදර ගෙන දෙන හානි පමුණුවන කරුණු ඉවත් කිරීමට ද වේලාවන් වෙන්කර ගෙන කටයුතු කළ යුතුයි. මෙය ද නැමදුමක් ලෙස නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මෙම හදීසය මගින් පැහැදිලි කළහ.

    මිනිසෙකු මාර්ගයේ ගමන් කරන විට කටු අත්තක් දැක එය එතැනින් ඉවත් කළේය. ඔහුගේ එම යහ ක්රියාව අල්ලාහ් පිළිගත්තේය. ඔහුට සමාව පිරිනැමුවේය. ස්තූති කළේය යැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ පැවසූහ. (වාර්තාකරු: අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) මූලාශ්රය: බුහාරි)

    අල්ලාහ්ගේ සමාවට ද ස්තුති පුද කිරීමට ද ලක් වන ඉතා උසස් කර්තව්යයක් බවට පරිසර පරිසිදුකම අර්ථ ගන්වා ඇත.

    ජනයා ගැවසෙන ජීවත් වන ස්ථාන සුරක්ෂිතව නොපැවතුණේ නම් නොයෙකුත් ලෙඩ රෝග හා බලපෑම් වලට අප ලක් වන බව කවුරුත් දන්නා කරුණකි.

    අද රටේ ඩෙංගු ව්යාප්ත වීමටත් බොහෝ දෙනා මරණයට පත්වීමටත් පරිසරය පිරිසිදුව නොතිබීම ප්රධාන හේතුවක් වී ඇත.

    එමනිසා ජලය රැඳෙන ස්ථානයන් වසා දැමීම

    විසි කරනු ලබන ටින්, කිරි හට්ටි යෝගට් කෝප්ප පොල්කටු ටයර් කුරුම්බ ප්ලාස්ටික් බදුන් වැනි දෑහි ජලය රැස් නොවන පරිදි විනාශ කර දැමීම.

    ඒවා නියමිත කුණු ගොඩවල් වලට දැමීම.

    කානු වලින් ජලය ගලා යන පරිදි පිරිසිදු කර ගැනීම වැනි දෑ අනිවාර්යයෙන් කළ යුතු යැයි රජය විසින් නිවේදනය කර ඇත.

    ශ්රමදාන මෙහෙයුම් මගින් සෑම ස්ථානයක්ම පිරිසිදු කිරීමේ සේවය දියත් කරමින් සිටියි.

    මුස්ලිම්වරයෙකු මෙම සේවයේ නිරත වන විට ඔහු අල්ලාහ්ගේ පාපක්ෂමාවට හා කෘතඥතාවට හිමිකම් ලබන සේවාවක නියැළෙයි. ජනයාගේ දැක්මට අනුව ඔහු ශ්රමදානයක නිරත වූවත් ඉස්ලාමයේ දැක්මෙන් නැමදුමක් ඉටු කිරීමේ භාග්යය ඔහු ලබයි. එම නිසා අපව ද අප අවට පරිසරය ද රටේ පරිසරය ද කවදත් ආරක්ෂා කර ගැනීමට ඇප කැප වෙමු.

    ඉන්ෂා අල්ලාහ්.