×
1. සතුරන් සමඟ සටන් වදින්න, නමුත් සීමාව නොඉක්මවන්න. 2. සටන් බිමේ සහභාගි වුවන් සමඟ පමණක් සටන් කරන්න. 3. සතුරන් වුවත් සාමයට කැමති අයට හිරිහැර නොකරන්න. 4. ජිනීවා ප්රතකාශය සනාථ කළේ මෙයයි

    යුද්ධයක ඉස්ලාමිය හැසිරීම

    ] සිංහල – Sinhala –[ سنهالي

    සංස්කරණය

    එම්. එස්. එම් ඉම්තියාස් යූසුෆ් සලෆි

    පරිවර්තනය

    මාහිර් රම්ඩීන්

    2014 - 1435

    أخلاق الحرب في الإسلام

    « باللغة السنهالية»

    محمد إمتياز يوسف

    ترجمة: ماهر رمدين

    2014 - 1435

    දුටු තැන මරා දමනු!!!

    කුර්ආන් පවසන සැබෑ පණිවිඩය

    කුමක් ද?

    මව්ලවි මාහිර් රම්ඩීන්

    ඉස්ලාම් දහම මුල් කර ගනිමින් නොයෙකුත් චෝදනා හා මඩ ගැසීම් මේ වන විට අධික ලෙස සිදු වෙමින් පවතී. ඉන් එකක් වනුයේ 'දේව ප්රතික්ෂේපකයින්ව දුටු තැන මරා දමන්නැ'යි කුර්ආනය දිරි ගන්වන්නේය යන චෝදනාව. මෙම චෝදනාව තුළින් ඉස්ලාමය ත්රස්ත හා මිලේච්ඡ දහමක් බව හුවා දැක්වීම ඇතැමුන්ගේ අරමුණ වී ඇත.

    යුරෝපයේ ඉස්ලාමීය වර්ධනය හා දියුණුව දැක දරා ගත නොහැකි ඇතැමුන් මෙම චෝදනාව බොහෝ කාලයක සිට එල්ල කරමින් සිටිති. පසු ගිය වසරක සැප්තැම්බර් මාසයේ ඇමරිකාවට එල්ල වූ ත්රස්ත ක්රියාව සිහිපත් කිරීමේ වැඩ සටහන් මාලාව සැලසුම් කරන විට එක් කිතුනු පූජකයෙකු 'අල්-කුර්ආනය පුලුස්සා දැමිය යුතුයි. එය ත්රස්තවාදය උගන්වන්නේය' යැයි පවසා සිටීය. නෙදර්ලන්තයේ පාර්ලිමෙන්තු මන්ත්රී වරයෙකු අල්-කුර්ආනය තහනමට ලක් කළ යුතු යැයි පවසා සිටීය. මෙලෙස බොහෝ දෙනෙක් විවිධ චෝදනා එල්ල කරති.

    මොවුන්ගේ මෙවැනි ප්රචාරක කටයුතු උත්සන්නව තිබියදීත් යුරෝපයේ දිනෙන් දින ඉස්ලාමය වර්ධනය වෙමින් පවතී. ඒ වන විටත් මුස්ලිම්වරු කිසිදු දේව ප්රතික්ෂේපකයෙකුව මරා නොදැමූහ. ත්රස්ත ක්රියා කරමින් ඉස්ලාමයට බලෙන් ඈඳා ගත්තේ ද නැත.

    කිසි කෙනෙකුට ප්රයෝජනයක් නොමැති ඇතැම් ප්රචාරයන් අප රටේ පවා ඇතැම් කණ්ඩායම් විසින් ප්රචාරය කරමින් සිටිති. නමුත් මේ සියලු දෙනාම එක් කරුණක් පිළිබඳව අවධානය යොමු කිරීමට අමතක කර ඇත.

    දිනකට පස් වේලාවක් අනිවාර්යයෙන් සලාතය ඉටු කළ යුතු යැයි ඉස්ලාමය අණ කර ඇති බැවින් මුස්ලිම්වරු සලාතය ස්ථාපිත කරමින් පසු වෙති. සකාත් නම් දුගී බදු ගෙවන්නේ මුස්ලිම්වරුන්ට එය අනිවාර්ය ක්රියාවක් ලෙස පත් කළ හේතුවෙනි. එසේම දේව ප්රතික්ෂේප කයින් ඝාතනය කළ යුතු යැයි අණ කර ඇත්නම් එය මුස්ලිම්වරු තමන්ගේ වත් පිළිවෙත් වලින් එකක් ලෙස පිළිපදින්නට තිබුණි. එවිට කතා කරන මොවුන් කිසිවෙකු ඉතිරි නොවනු ඇත.

    'ඉස්ලාමය බලහත්කාරය යොදා නොගන්නා දහමක් යැයි පැවසීම'ම එයට ප්රමාණවත් සාක්ෂියකි. කෙසේ වෙතත් මොවුන් ඉදිරිපත් කරන වැකියේ විග්රහය කුමක් ද යන්න විමසා බැලිය යුතුව තිබේ.

    ඉස්ලාමය වැලඳ නොගත් දේව ප්රතික්ෂේපකයින්ව දුටු තැන මරා දමන්නැයි ඍජුව හෝ වක්රව හෝ පවසන කිසිදු වදනක් අල්-කුර්ආනයේ කිසිදු තැනක නොමැත. මොවුන් තම ප්රකාශය තහවුරු කිරීම පිණිස අල්-කුර්ආන් දෙවන පරිච්ඡේදයේ 191 වැනි වැකිය වැරදියට ව්යාකූල ලෙස අර්ථවත් කරති.

    191 වැනි වැකියේ සම්බන්ධතාව 190 වන වැකියේ සිට ආරම්භ වේ. එබැවින් 190 වැනි වැකිය ඇතුළුව 191 වැන වැකිය ද ප්රථමයෙන් මුළුමණින්ම දැන ගත යුතු වේ.

    අල්-කුර්ආනය මෙසේ ප්රකාශ කරයි.

    وَقَاتِلُوا فِي سَبِيلِ اللهِ الَّذِينَ يُقَاتِلُونَكُمْ وَلَا تَعْتَدُوا إِنَّ اللَّهَ لَا يُحِبُّ الْمُعْتَدِينَ (190)

    وَاقْتُلُوهُمْ حَيْثُ ثَقِفْتُمُوهُمْ وَأَخْرِجُوهُمْ مِنْ حَيْثُ أَخْرَجُوكُمْ وَالْفِتْنَةُ أَشَدُّ مِنَ الْقَتْلِ وَلَا تُقَاتِلُوهُمْ عِنْدَ الْمَسْجِدِ الْحَرَامِ حَتَّى يُقَاتِلُوكُمْ فِيهِ فَإِنْ قَاتَلُوكُمْ فَاقْتُلُوهُمْ كَذَلِكَ جَزَاءُ الْكَافِرِينَ (191)

    فَإِنِ انْتَهَوْا فَإِنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ (192)

    “කවරෙකු නුඹලා සමඟ යුද වදින්නේ ද ඔවුන් සමඟ නුඹලා ද අල්ලාහ්ගේ මාර්ගයේ යුද වදිවු. නමුත් නුඹලා සීමාව ඉක්මවා නොයවු. සැබැවින්ම අල්ලාහ් සීමාව ඉක්මවා යන්නන්ව ප්රිය නොකරයි.

    නුඹලා ඔවුන් දුටු තැනක ඔවුන්ව ඝාතනය කරවු. ඔවුන් නුඹලාව පිටුවහල් කළ ස්ථානයෙන් නුඹලා ද ඔවුන්ව පිටුවහල් කරවු. ඝාතනයට වඩා අක්රමිකතාව (ෂිර්ක්) දරුණුය. (කෙසේ නමුත්) මස්ජිදුල් හරාම් අබියස, ඔවුන් නුඹලා සමඟ එහි යුද වදිනා තෙක් නුඹලා ඔවුන් සමඟ යුද නොවදිවු. ඔවුන් නුඹලා සමඟ යුද වදින්නේ නම් නුඹලා ද ඔවුන්ව ඝාතනය කරවු. එලෙසය ප්රතික්ෂේපකයින්ගේ ප්රතිවිපාකය වනුයේ.

    ඔවුන් (අල්ලාහ්ට අදේශ තැබීම) අත හැර දමන්නේ නම් සැබැවින්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය. පරම කරුණා භරිතය.“ (අල්-කුර්ආන් 2:190,191,192)

    මෙම වැකිය මැනවින් කියවා වටහා ගත්තෙකු මෙහි පවසා ඇති කරුණු පිළිබඳව ධනාත්මක තීරණයකට එළැඹෙනු ඇත.

    නුඹලාට එරෙහිව නුඹලා සමඟ යුද වදින දේව ප්රතික්ෂේපකයින් සමඟ යුද වදින මෙන් අල්-කුර්ආනය පවසයි. එනම් එය නියෝග කරනුයේ කවරෙකු එරෙහි වන්නේ ද ඔවුනට එරෙහිව යුද වදින මෙන්ය. ඒ හැර කිසිදු වරදක් නොකළ දේව ප්රතික්ෂේපකයින්ව ඝාතනය කරන මෙන් නියෝග කර නොමැත.

    කිසිදු වගකිව යුතු රජයක් වේ නම් තම පුරවැසියන් සතුරන්ගෙන් ආරක්ෂා කර ගැනීමට මෙම නියෝගය ක්රියාත්මක කරනු ඇත. තම වැසියන් විනාශ කර දමා රට ආක්රමණය කිරීමට පැමිණෙන පිරිස දෙස බලා කිසිදු රජයක් අත් බැඳ ගෙන නොසිටියි. යුද්ධයක අවශ්යතාව ඇති වූ විටෙක එයට එරෙහිව නැගී සිටිය යුතුයි යන්න සියලු දෙනා පිළි ගත් පොදු න්යායයකි. මෙම න්යායයම අල්-කුර්ආනය මෙහි ද උපයෝගී කර ඇත.

    ඉස්ලාමය හා මුස්ලිම් වරුන්ට එරෙහිව තම මව්බිමෙන් පිටුවහල් කර ආක්රමණය කිරීමට පැමිණෙන සතුරන්ගෙන් දේශය බේරා ගෙන ඔවුන්ව පිටුවහල් කරන මෙන් ද යුද පිටියේ එරෙහිව නැගී සිට යුද වදින මෙන් ද යුද පිටියේ දුටු තැන මරා දමන මෙන් ද අල්ලාහ් මෙම වදනින් අණ කර සිටියි.

    එමෙන්ම යුද අවස්ථාවන් වල දී සීමාව ඉක්මවා කටයුතු නොකළ යුතුයි යැයි ද සීමාව ඉක්මවා යන්නන් අල්ලාහ් ප්රිය නොකරන්නේ යැයි ද දැඩි ලෙස අණ කරයි. මෙය යුද්ධ ධර්මයේ උච්ච මට්ටමේ න්යායයකි. ඉස්ලාමයට හැර වෙන කිසිවෙකුට මෙම විධි ක්රම අනුව ක්රියා කළ නොහැක.

    දේව ප්රතික්ෂේපකයින් ඝාතනය කරන්නැයි අණ කර ඇත්නම් මුස්ලිම්වරු එය තම ආගමික වතාවක් බවට පත් කර ගන්නට තිබුණි.

    යුද පිටියේ නැගී සිට යුද වදින විට සීමාව ඉක්මවීම පිළිබදව කිසිදු සේනාවක් සැලකිල්ලට නොගනිති. විරුද්ධවාදීන්ගේ සම්පත් විනාශ කර දමා මෘත දේහයන් විනාශ කර දැමීමට ප්රිය කරති. අල්ලාහ්ගේ සෙනෙහස වෙනුවෙන් ජීවත් වන මුස්ලිම් වරුන්ට මෙය තහනම් කරන ලද්දකි.

    යුද්ධයේ දී ළමුන්, කාන්තාවන්, වයෝවෘද්ධයින් ඝාතනය නොකළ යුතුයි. මෘත දේහයන් විනාශ නොකළ යුතුයි. ගොවි බිම්, ආගමික ස්ථාන විනාශ නොකළ යුතුයි. මෙවැනි ක්රියාදාමයන් ඉස්ලාමය අනිවාර්යය කර ඇත. මෙම සීමාවන් තුළ සිට යුද්ධ කිරීමට ඉස්ලාම් අනුමැතිය ලබා දෙයි.

    මුස්ලිම් වරුන්ව තම මව්බිමෙන් පිටුවහල් කර ඔවුන්ගෙන් ඇතමුන්ව පීඩාවට ලක් කර ඔවුන්ගේ දේපොළ මංකොල්ල කෑ අපරාධ කළවුන්ය, මක්කාහ්වේ ජීවත් වූ අරාබි ප්රතික්ෂේපකයින්. ඔවුන්ගේ වද හිංසාවෙන් මිදී පලා ගොස් අසල් වැසි නගරයක් වූ මදීනාවෙ හි තම වාසස්ථාන ඇති කර ගනිමින් කිසිවෙකුට කිසිදු හානියක් නොකර ඉතා සාමකාමීව ජීවත් ව පැමිණි උදවියයි මක්කාවාසී මුස්ලිම්වරු.

    මුස්ලිම් වරුන්ව අත හැර නොදැමිය යුතුයි. මුළුමණින්ම විනාශ කළ යුතු යැයි මක්කාහ්වේ ප්රතික්ෂේපකයින් යුද්ධය සඳහා පැමිණි විට ඔවුන්ව යුද පිටියේ දුටු තැන මරා දමවු යනුවෙන් පැවසීම කෙතරම් යුක්ති සහගත කරුණක් දැයි බුද්ධිමතුන් සිතා බැලිය යුතුයි.

    කිසිදු යුක්ති ධර්මයකින් තොරව මුස්ලිම් වරුන් විනාශ කිරීමට පැමිණි අපරාධ කරුවන් යුද පිටියේ දුටු තැන මරා දමවු යැයි නොපැවසුවේ නම් සතුරන් මුස්ලිම් වරුන්ව සහමුලින්ම විනාශ කර දමා දේපොළ මංකොල්ල කා දේශය ද ආක්රමණය කරනු ඇත.

    යුද සේනාධිපති තම යුද භටයන්ට කවර අණක් විධානයක් කරන්නේ ද එම විධානයම මෙම වැකියෙහි ඉස්ලාම් නියෝග කර ඇත. ත්රස්තවාදයට එරෙහිව යුද වදින්නන් පවා ක්රියා කරනුයේ මෙලෙසමය. ඉස්ලාමය යුද්ධය ප්රිය කර එය ක්රියාත්මක කරන මෙන් ප්රකාශ කළේ නැත. එමෙන්ම කිසිදු යුක්ති සහගත හේතුවකින් තොරව යුද වදින්නට පැවසුවේ ද නැත. සමාදානය ස්ථාපිත කිරීමය, එය ප්රිය කරන්නේ. එබැවිනි, අක්රමිකතා ඇති කිරීම ඝාතනය කිරීමට වඩා දරුණු යැයි ප්රකාශ කර ඇත්තේ.

    පාරිශුද්ධ ගෘහය වන මස්ජිදුල් හරාම් හි ඔබ සමඟ යුද වදින තෙක් ඔබ යුද නොවැදිය යුතු යැයි පවසා යුද ගිනි නිවා දමන්නේය, අල්-කුර්ආනය. තවද ඔවුන් යුද්ධයට නොපැමිණ ඉන් දුරස් වන්නේ නම් නුඹලා ද යුද නොවැදී දුරස් විය යුතු යැයි මුස්ලිම්වරුන්ට අණ කරයි. යුද්ධය පොළොඹවන දහමක් නම් මෙම ඔවදන් අල්-කුර්ආන් ඉදිරිපත් නොකරනු ඇත.

    මෙම වැකියන්හී ඉස්ලාමය පිළි නොගෙන සිටින දේව ප්රතික්ෂේපකයින් දුටු තැන මරා දමන්නැයි අල්-කුර්ආන් නියෝග නොකළ බව ඉතා පැහැදිලි කරුණකි. එසේ තිබිය දීත් පෙර හා පසු පවසන වදන් හා එහි පසුබිම සම්බන්ධ කර සම්පූර්ණයෙන් අවබෝධ නොකොට යුද පිටියේ දුටු තැන මරා දමවු යැයි පවසන වැකිය පමණක් මුල් කර ගනිමින් පවසා ඇති සත්යය ව්යාජ කොට දේව ප්රතික්ෂේපකයින් දුටු තැන මරා දමන ලෙස උපකල්පනය කිරීම ඉතා නින්දා සහගත වරදකි; අකටයුත්තකි; අක්රමිකතාවයකි.