×
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: නුඹලා මා සිහිපත් කරනු. මම ද (ඉතා කාරුණිකව නුඹලා සිහිපත් කරන්නෙමි. (අල්-බකරා: 152 ) උවදුරු වලින් ආරක්ෂාව ලැබීමට දුක් කරදර වලින් මිදීමට බියෙන් තොර වීමට සිතෙහි පීඩාව අඩු කිරීමට ජීවිතයේ විශ්වාසය ගොඩනැගීමට

    ü උවදුරු වලින් ආරක්ෂාව ලැබීමට

    ü දුක් කරදර වලින් මිදීමට

    ü බියෙන් තොර වීමට

    ü සිතෙහි පීඩාව අඩු කිරීමට

    ü ජීවිතයේ විශ්වාසය ගොඩනැගීමට

    ü සිත සන්සුන් වීමට

    ü සිතට ශක්තිය ද මනසට ධෛර්ය ද ලැබීමට

    ü සියල්ලට වඩා අල්ලාහ්ගේ ආදරය හා කරුණාව හිමි කර ගැනීමට

    ü දෙව් ලොවෙහි ජය ලැබීමට

    දික්ර් පිළිබඳව අල්-කුර්ආන්

    قال الله تعالى : { فَاذْكُرُونِي أَذْكُرْكُمْ وَاشْكُرُوا لِي وَلَا تَكْفُرُونِ } سورة البقرة : 152.

    උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: නුඹලා මා සිහිපත් කරනු. මම ද (ඉතා කාරුණිකව නුඹලා සිහිපත් කරන්නෙමි. (අල්-බකරා: 152 )

    දික්ර් පිළිබඳව හදීස්

    عَنْ عَبْدِ اللَّهِ بْنِ بُسْرٍ رَضِيَ اللَّهُ عَنْهُ أَنَّ رَجُلًا قَالَ يَا رَسُولَ اللَّهِ إِنَّ شَرَائِعَ الْإِسْلَامِ قَدْ كَثُرَتْ عَلَيَّ فَأَخْبِرْنِي بِشَيْءٍ أَتَشَبَّثُ بِهِ قَالَ "لاَ يَزَالُ لِسَانُكَ رَطْبًا مِنْ ذِكْرِ اللَّهِ" (الترمذي)

    අබ්දුල්ලාහ් බින් බුස්රි (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ වාර්තා කරයි. ‘කෙනෙක් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ, ‘අල්ලාහ්ගේ දූතයාණනි, ආගමික වගකීම් මට (මාගේ හැකියාවට වඩා) අධික වී ඇත. ඒවායින් ප‍්‍රධාන වශයෙන් මා ඉටු කළ යුතු දෙයක් ගැන කියා දෙනු මැනව! යනුවෙන් කීය. එවිට නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ “නිතර ඔබේ දිව අල්ලාහ් සිහිපත් කිරීමෙහි තෙත්ව තබන්න” යැයි පිළිතුරු දුන්හ. (තිර්මිදි, ඉබ්නු මාජාහ්)

    අල්-කුර්ආනයේ හා හදීස් හි සඳහන් ප්‍රාර්ථනාවන් මෙහි සඳහන් කර ඇත. ඒවා අධික කුසල් රැස් කර දෙන ජීවිතයේ සියලු අවශ්‍යතා සඳහා උර දෙන මොලොවට හා මතුලොවට ප්‍රයෝජන ගෙන දෙන වැදගත්ම දික්ර් හා පැතුමන් වේ. එබැවින් එම පැතුමන් හි මහිමය ද අවබෝධයෙන් කියවන්නට උත්සාහ දැරිය යුතුයි. ආරබි බසින් කියවීමට නොහැකි අයට පහසුව පරිදි සිංහලෙන් පරිවර්තනය කර ඇත. එබැවින් මෙම කුඩා පොත් පිංචය මගින් මෙලොව හා මතු ලොව ජයග්‍රහණය ලැබීමට අල්ලාහ් අපට උදව් කරත්වා!

    අල්හම්දු ලිල්ලාහි වහ්දහූ වස්සලාතු වස්සලාමු අලා මන්ලා නබියිය බඃදහූ.

    තේරුම : සියලු ප‍්‍රශංසා අල්ලාහ්ටමය. ඔහු එක්කෙ‍නෙකි. (අල්ලාහ්ගේ) ආශිර්වාදය හා සමාදානය අවසාන (දහම් දූතයාණන් වූ) නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ට හිමි වේවා!

    සටහන : අනස් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ දැනුම් දෙයි. ෆජ්ර් සලාතයේ සිට හිරු උදා වන තෙක් අල්ලාහ් මෙනෙහි කරන පිරිසක් සමග මා වාඩි වී සිටීම ඉස්මායිල් (අලෙයිහිස් සලාම්) තුමාගේ දරුවන් සිව්දෙනකු නිදහස් කරනවාට වඩා මම ප‍්‍රිය කරමි. තවද අසර් සලාතය අවසානයේ සිට හිරු බසින තෙක් දෙවියන් සිහි කරන පිරිසක් සමග මා වාඩි වී සිටීම එම හතර දෙනෙකු නිදහස් කිරීමට වඩා මම ප‍්‍රිය කරමියි යනුවෙන් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ ප‍්‍රකාශ කළහ. (අබූ දාවූද්)

    الْحَمْدُ لِلهِ رَبِّ الْعَالَمِينَ ، الرَّحْمَنِ الرَّحِيمِ ، مَالِكِ يَوْمِ الدِّينِ ، إِيَّاكَ نَعْبُدُ وَإِيَّاكَ نَسْتَعِينُ ، اهْدِنَا الصِّرَاطَ الْمُسْتَقِيمَ ، صِرَاطَ الَّذِينَ أَنْعَمْتَ عَلَيْهِمْ غَيْرِ الْمَغْضُوبِ عَلَيْهِمْ وَلَا الضَّالِّينَ . آمِيْنْ

    බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. අල්-හම්දු ලිල්ලාහි රබ්බිල් ආලමීන්. අර්-රහ්මානිර් රහීම්. මාලිකි යව්මිද් දීන්. ඉය්යාක නඃබුදු වඉය්යාක නස්තඊන් ඉහ්දිනස් සිරාතල් මුස්තකීම්. සිරාතල්ලදීන් අන්අම්ත අලෙයිහිම් ගයිරිල් මග්ලූබි අලෙයිහිම් වලල් ළාලීන්. ආමීන්

    තේරුම: කරුණාභරිත පරම කරුණාභරිත ගුණාංග යෙන් යුක්ත අල්ලාහ්ගේ නාමයෙන් ආරම්භ කරමි. සියලු පැසසුම් සමස්ත විශ්වයේ රබ්(පරමාධිපති) වූ සැමට කරුණාභරිත හා පරම කරුණාභරිත වූ විපාක පිරිනමන දිනයේ අධිපති වූ අල්ලාහ්ටමය සියලු පැසසුම්. අපි ඔබවම පමණක් නමදින්නෙමු. ඔබගෙන්ම පමණක් උපකාර පතන්නෙමු. අපව ඍජු මඟට රැගෙන යනු මැනව! (එය කෙසේ ද යත්) ඔබ කවුරුන් කෙරෙහි ආහිර්වාද කළෙහි ද ඔවුන්ගේ මඟයි. ඔබගේ උදහසට ලක්වූවන්ගේ හා වැරදි මාර්ගයෙහි ගියවුන්ගේ මඟ නොවේ. ආමීන්

    لِلهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ وَإِنْ تُبْدُوا مَا فِي أَنْفُسِكُمْ أَوْ تُخْفُوهُ يُحَاسِبْكُمْ بِهِ اللهُ فَيَغْفِرُ لِمَنْ يَشَاءُ وَيُعَذِّبُ مَنْ يَشَاءُ وَ اللهُ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ، آمَنَ الرَّسُولُ بِمَا أُنْزِلَ إِلَيْهِ مِنْ رَبِّهِ وَالْمُؤْمِنُونَ كُلٌّ آَمَنَ بِاللهِ وَمَلَائِكَتِهِ وَكُتُبِهِ وَرُسُلِهِ لَا نُفَرِّقُ بَيْنَ أَحَدٍ مِنْ رُسُلِهِ وَقَالُوا سَمِعْنَا وَأَطَعْنَا غُفْرَانَكَ رَبَّنَا وَإِلَيْكَ الْمَصِيرُ، لَا يُكَلِّفُ اللهُ نَفْسًا إِلَّا وُسْعَهَا لَهَا مَا كَسَبَتْ وَعَلَيْهَا مَا اكْتَسَبَتْ رَبَّنَا لَا تُؤَاخِذْنَا إِنْ نَسِينَا أَوْ أَخْطَأْنَا رَبَّنَا وَلَا تَحْمِلْ عَلَيْنَا إِصْرًا كَمَا حَمَلْتَهُ عَلَى الَّذِينَ مِنْ قَبْلِنَا رَبَّنَا وَلَا تُحَمِّلْنَا مَا لَا طَاقَةَ لَنَا بِهِ وَاعْفُ عَنَّا وَاغْفِرْ لَنَا وَارْحَمْنَا أَنْتَ مَوْلَانَا فَانْصُرْنَا عَلَى الْقَوْمِ الْكَافِرِينَ

    ලිල්ලාහි මා ෆිස් සමාවාති වමා ෆිල් අර්ළි වඉන් තුබ්දූ මා ෆී අන්ෆිසිකුම් අව් තුහුෆූහු යුහාසිබ්කුම් බිහිල්ලාහු ෆයග්ෆිරු ලිමයි යෂාඋ වයුඅද්දිබු මයි යෂාඋ වල්ලාහු අලා කුල්ලි ෂෙයිඉන් කදීර්. ආමනර් රසූලු බිමා උන්සිල ඉලෙයිහි මර් රබ්බිහී වල් මුඃමිනූන්. කුල්ලුන් ආමන බිල්ලාහි වමලාඉකතිහි වකුතුබිහි වරුසුලිහි ලා නුෆර්රිකු බයින අහදින් මිර් රුසුලිහි. වකාලූ සමිඃනා වඅතඃනා ගුෆ්රාන රබ්බනා වඉලෙයිකල් මසීර්. ලා යුකල්ලිෆුල්ලාහු නෆ්සන් ඉල්ලා වුස්අහා ලහා මා කසබත් වඅලෙයිහා මක්තසබත්. රබ්බනා ලා තුආකිද්නා ඉන් නසීනා අව් අක්තඃනා රබ්බනා වලා තුහම්මිල් අලෙයිනා ඉස්රන් කමා හමල්තහූ අලල්ලදීන මින් කබ්ලිනා රබ්බනා වලා තුහම්මිල්නා මාලා තාකත ලනා බිහි වඃෆු අන්නා වග්ෆිර්ලනා වර්හම්නා අන්ත මව්ලානා ෆන්සුර්නා අලල් කව්මිල් කාෆිරීන්.

    තේරුම : රසූල් වරයා තමන්ගේ පරමාධිපතිගෙන් තමන් වෙත පහළ කරනු ලැබූ දෑ පිළිබඳව විශ්වාස කළ අතර මුඃමින්වරු ද (විශ්වාස කළහ.) සියල්ලෝම අල්ලාහ්ව ද ඔහුගේ මලක්වරුන්ව ද ඔහුගේ ග්‍රන්ථයන් ද ඔහුගේ රසූල්වරුන්ව ද විශ්වාස කළහ. ඔහුගේ රසූල් වරුන්ගෙන් කිසිවකු අතර අපි ප්‍රභේදයන් ඇති නොකළෙමු. තවද අපි ශ්‍රවණය කළෙමු. අවනත වූවෙමු. අපගේ පරමාධිපතියාණනි, ඔබගේ සමාව (අයැදිමු) අවසානයේ යොමු වන ස්ථානය ඔබ වෙතමය. යැයි ඔවුහු පැවසුවෝය.

    අල්ලාහ් කිසිම ආත්මයකට එහි හැකියාවන්ට අනුව මිස බල නොකරනු ඇත. එ(ම ආත්ම)යට එය (යහපතින්) උපයාගත් දෑ සතුය. තවද එය (පාපයෙන්) අත් විඳි දෑ ද සතුය. ‘අපගේ පරමාධිපතියාණනි, අපට (යම් දෙයක්) අමතක වූයේ නම් හෝ අපට වැරදුණේ නම් හෝ (එයට වරද කරුවන් ලෙස) අපව ග්‍රහණය නොකරනු මැනව. අපගේ පරමාධිතියාණනි, අපට පෙර සිටියවුන් මත (වගකීම් වලින් යුත්) බරක් තැබුවාක් මෙන් අප මත බරක් නොතබවු. තවද අපට දරා ගැනීමට ශක්තියක් නොමැති දෙයක් අප වෙත නොපටවනු මැනව! අපගේ (වරදට) සමාව දෙනු මැනව! අපට පාපක්ෂමාව දෙනු මැනව. අපට කරුණාව දක්වනු මැනව! ඔබමය අපගේ භාරකරු වන්නේ. ප්‍රතික්ෂේප කරන පිරිසට එරෙහිව අපට උපකාර කරනු මැනව!

    කවරෙකු සූරා අල්-බකරාවෙහි අවසන් වැකි දෙක එක් රාත්‍රියක පාරායනය කරන්නේ ද එය ඔහුට ප්‍රමාණවත් වෙයි.

    අල්ලාහු ලාඉලාහ ඉල්ලාහුවල් හයියුල් කයියූම් ලා තඋහුසුහු සිනතුව් වලා නව්මුල් ලහූ මා ෆිස්සමාවාති වමා ෆිල්-අර්ලි මන් සල්ලදී යෂ්ෆඋ ඉන්දහු ඉල්ලා බි ඉද්නිහි යඃලමු මා බයින අයිදීහිම් වමා කල්ෆහුම් වලා යුහීතූන බි ෂෙයිඉන් මින් ඉල්මිහි ඉල්ලා බිමාෂාඅ වසිඅ කුර්ෂියියුහුස් සමාවාති වල්-අර්ළ වලා යඌදුහු හිෆ්ලූහුමා වහුවල් අලියියුල් අලීම්.

    තේරුම : පලවා හරිනු ලැබූ ෂෙයිතාන්ගේ (උවදුරු වලින්) ආරක්ෂාව පතමි. සැමට කරුණාභරිත පරම කරුණාභරිත අල්ලාහ්ගේ නාමයෙනි.

    අල්ලාහ්, ඔහු හැර නැමදුමට වෙනත් දෙවිඳෙකු නොමැත. (ඔහු) සදා ජීවමානය. සර්ව පෝෂකය. මඳ නින්දක් හෝ තද නින්දක් හෝ ඔහුව හසු නොකරයි. අහස් හි ඇති දෑ ද මිහිතලයේ ඇති දෑ ද ඔහු සතුය. ඔහුගේ අනුමැතියෙන් මිස ඔහු අබියස (තව කෙනෙකු වෙනුවෙන්) අයැදීමක් කළ හැක්කේ කවරෙකුට ද? ඔවුනට ඉදිරියෙන් හා ඔවුනට පසු පසින් ඇති දෑ ඔහු මැනවින් දන්නේය. ඔහු (අල්ලාහ්) අභිමත කළේ නම් මිස ඔවුහු ඔහුගේ දැනුමෙන් කිසිවක් පරිග්‍රහණය කර නොගනිති. ඔහුගේ කුර්සිය්ය (අසුන) අහස් හි හා මිහිතලයෙ හි ව්‍යාප්තව ඇත. ඒවා ආරක්ෂා කිරීම ඔහුව වෙහෙසට පත් නොකරන්නේය. තවද ඔහු උත්තරීතරය පරමෝත්තමය.

    (සෑම සලාතයක් අවසානයේ මෙය කියවිය යුතුයි)

    සටහන : යමෙක් මෙය උදෑසන කියවයි නම් සවස දක්වා ද සවස කියවයි නම් පසුදා උදෑසන දක්වා ද නපුරු බලවේගයන්ගෙන් ආරක්ෂා වෙයි. (හාකිම්, අල්බානි)

    තේරුම : සැමට කරුණාභරිත පරම කරුණාභරිත අල්ලාහ්ගේ නාමයෙනි.

    (නබිවරය) පවසනු, ඔහු අල්ලාහ් ඒකීයය. කිසි දෙයක අවශ්‍යතාව ඔහුට නැත. සියල්ලන්ටම ඔහුගේ කරුණාව අවශ්‍යය. ඔහුව වදනු ලැබුවේ ද නැත. ඔහු වැදුවේද නැත. ඔහුට සමාන කිසිවකු ද නැත.

    තේරුම : සැමට කරුණාභරිත පරම කරුණාභරිත අල්ලාහ්ගේ නාමයෙනි.

    (නබිවරය) පවසනු, මවන ලැබූ දෑහී හානියෙන් ද රාත‍්‍රියේ අඳුර පැතිරී යන විට ඇති වන කළුවරෙහි හානියෙන් ද ගැට වල මතුරා පිඹින ස්ත‍්‍රීන්ගෙන් සිදු වන හානියෙන් ද ඊර්ෂ්‍යයා කරන අය ඊර්ෂ්‍යයා කරන විට සිදු වන හානියෙන්ද අරුණෝදයේ පරමාධිපතියාණන්ගෙන් ආරක්ෂාව පතමි.

    තේරුම : සැමට කරුණාභරිත පරම කරුණාභරිත අල්ලාහ්ගේ නාමයෙනි.

    (නබිවරය) පවසනු, පසු පසින් සැඟ වී සිට (සිත් වල) සැකයක් ඇති කරවන ෂෙයිතාන්ගේ හානියෙන් මිනිසුන්ගේ පරමාධිපතිවූ ද මිනිසුන්ගේ රජුවූ ද (අල්ලාගේ) ආරක්ෂාව අයැද සිටිමි. ඔහු (ෂෙයිතාන්) මිනිසුන්ගේ සිත් තුළ බොරු සැක ඇති කරවන්නේය. මෙවැන්නන් මිනිසුන් අතරේද ජින් (වර්ගයා) අතරේද සිටිති.

    කවරෙකු මෙය තුන් වරක් උදේ හා සවස පවසන්නේ ද (ඔහුගේ) සියලු කටයුතු වලට එය ප‍්‍රමාණවත් වෙයි. (අබූ දාවූද්, නසාඊ, තිර්මිදි)

    أَصْبَحْنَا وَأَصْبَحَ الْمُلْكُ ِللهِ، وَالْحَمْدُ لِلهِ لاَ إِلَهَ إِلاَّ اللهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ رَبِّ أَسْأَلُكَ خَيْرَ مَا فِيْ هَذَا الْيَوْمِ وَخَيْرَ مَا بَعْدَهَا وَأَعُوذُ بِكَ مِنْ شَرِّ مَا فِيْ هَذَا الْيَوْمِ وَشَرِّ مَا بَعْدَهَا رَبِّ أَعُوذُ بِكَ مِنْ الْكَسَلِ وَسُوءِ الْكِبَرِ رَبِّ أَعُوذُ بِكَ مِنْ عَذَابٍ فِي النَّارِ وَعَذَابٍ فِي الْقَبْرِ

    අස්බහ්නා වඅස්බහල් මුල්කු ලිල්ලාහ් වල්හම්දු ලිල්ලාහ් ලා ඉලාහ ඉල්ලාහු වහ්දහූ ලා ෂරීකලහූ ලහුල් මුල්කු වලහුල් හම්දු වහුව අලා කුල්ලි ෂෙයිඉන් කදීර් රබ්බි අස් අලූක කෛර මා ෆී හාදල් යව්බි ව ෂර්රි මා බඃදහා අඌදුබික මින් ෂර්රි මා ෆී හාදල් යව්මි වෂර්රි මා බඃසහා රබ්බි අඌදුබික මිනල් කසලි වසූඉල් කිබරි රබ්බි අඌදු බික මින් අතාබින් ෆින් නාරි වඅදාබින් ෆිල් කබ්රි.

    තේරුම : අපි උදෑසන අවදි වූයෙමු. පාලන බලතල අල්ලාහ්ටම හිමි විය. සියලූ ප‍්‍රශංසා අල්ලාහ් සතුය. නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර අන් කිසිවෙක් නැත. ඔහු ඒකීයය. ඔහුට කිසිදු හවුල්කරුවෙකු නොමැත. පාලනය ඔහු සතුය. සියලු ප‍්‍රශංසා ද ඔහුටය. ඔහු සියලූ දේ කෙරෙහි තම බලය පවත්වයි. මගේ පරමාධිපතියාණනි, අද දවසෙ හි යහපත ද අදින් පසු සිදු විය හැකි යහපත ද මම ඔබෙන් අයද සිටිමි. තවද අද දවසෙහි හානියෙන් ද අදින් පසුව සිදු විය හැකි හානියෙන් ද ආරක්ෂාව ඔබෙන් පතමි. මාගේ පරමාධිපතියාණනි, උදාසීනත්වය හා මහලු වයෝවෘද්ධ භාවයෙන් (විය හැකි හානි වලින්) ආරක්ෂාව ඔබෙන් පතමි. මගේ පරමාධිපතියාණනි, මිනී වළේ (කබ්රයේ) හා අපායේ සිදු විය හැකි වේදනාවන්ගෙන් ද ආරක්ෂාව ඔබෙන් පතමි. (මුස්ලිම්)

    සටහන : සැන්දෑ කාලයේ දී

    තේරුම : අපි සැන්දෑ කාලයට පැමිණියෙමු. පාලන බලතල අල්ලාහ්ටම හිමි විය.

    තවද

    යනුවෙන්ද කිවය යුතුයි.

    තේරුම : මගේ පරමාධිපතියාණනි, මෙම රාත‍්‍රියේ ඇති යහපතද ඉන් පසුව ද සිදු විය හැකි යහපත ද මම ඔබෙන් පතමි. තවද මෙම රාත‍්‍රියෙහි සිදු විය හැකි හානියෙන් ද ඉන් පසුව සිදු විය හැකි හානියෙන් ද මම ආරක්ෂාව ඔබෙන් පතමි.

    තේරුම : යා! අල්ලාහ්, ඔබේ උපකාරයෙන් අපි උදෑසනට පිවිසියෙමු. එලෙසම සවස් කාලයට ද පිවිසෙන්නෙමු. ඔබ නිසාම ජීවත් ව සිටින්නෙමු. ඔබ නිසාම මරණයට පත් වන්නෙමු. (මරණයෙන් පසු) නැවත පැමිණෙන්නේත් ඔබ වෙතටමය.

    සටහන : ඉහත සඳහන් ප‍්‍රාර්ථනාව උදේ කාලයේ කිව යුතු අතර සවස් කාලයේ පහත සඳහන් අයුරින් කිව යුතුය.

    තේරුම : යා! අල්ලාහ්, ඔබේ උපකාරයෙන් අපි සවස් කාලයට පිවිසියෙමු. ඔබ නිසාම උදෑසනට පිවිසියෙමු. ඔබ නිසාම ජීවත් ව සිටින්නෙමු. ඔබ නිසාම මරණයට පත් වන්නෙමු. (මරණයෙන් පසු) නැවත පැමිණෙන්නේත් ඔබ වෙතටමය. (තිර්මිදි)

    اللَّهُمَّ أَنْتَ رَبِّي لاَ إِلَهَ إِلاَّ أَنْتَ خَلَقْتَنِي وَأَنَا عَبْدُكَ وَأَنَا عَلَى عَهْدِكَ وَوَعْدِكَ مَا اسْتَطَعْتُ أَعُوذُ بِكَ مِنْ شَرِّ مَا صَنَعْتُ أَبُوءُ لَكَ بِنِعْمَتِكَ عَلَيَّ وَأَبُوءُ لَكَ بِذَنْبِي فَاغْفِرْ لِي فَإِنَّهُ لاَ يَغْفِرُ الذُّنُوبَ إِلاَّ أَنْتَ

    අල්ලාහුම්ම අන්ත රබ්බී ලා ඉලාහ ඉල්ලා අන්ත හලක්තනී වඅන අබ්දුක වඅන අලා අහ්දික වවඃදික මස්තතඃතු අඌදු බික මින් ෂර්රිමා සනඃතු අබූඋ ලක බිනිඃමතික අලෙයිය වඅබූඋ බිදන්බී ෆඃෆිර්ලි ෆඉන්නහූ ලා යඃෆිරුද් දුනූබ ඉල්ලා අන්ත.

    තේරුම : යා! අල්ලාහ්, ඔබ මාගේ පරමාධිපතිය. නමැදුමට සුදුස්සා ඔබ හැර අන් කිසිවෙකු නැත. ඔබ මා මැව්වේය. මා ඔබේ ගැත්තාය. මට හැකි පමණින් ඔබ හා වුණු ගිවිසුම හා පොරොන්දුව ඉටු කරමි. මම කළ දෑහි හානියෙන් ආරක්ෂාව ඔබෙන් පතමි’ ඔබ මට ලබා දුන් දායාදයන් මගින් ඔබ වෙතට මා නැඹුරු වන්නෙමි. තවද මා කළ පාපයන් මම පිළි ගනිමි. එබැවින් මට සමාව දෙනු මැනව! නියත වශයෙන්ම, ඔබ හැර පාපයන්ට සමාව ලබා දීමට කිසිවෙකු නැත.

    සටහන : ඉර බසින අවස්ථාවක දැඩි විශ්වාසයෙන් යුතුව ඉහත සදහන් පරිදි යමෙක් ප‍්‍රකාශ කර රාත‍්‍රියේ මිය යන්නේ ද ඔහුට ස්වර්ගය හිමි වෙයි. උදෑසන ප‍්‍රකාශ කර දවල් කාලයේ මිය යන්නේ ද එහි ප‍්‍රතිඵල ද එසේම වෙයි. (බුහාරි)

    තේරුම : යා! අල්ලාහ්, ඔබ මත සාක්ෂි දරමින් ද ඔබේ අර්ෂය දරා සිටින මලක්වරු හා ඔබේ සියලුම මැවීම් මත ද සාක්ෂි දරමින් මම උදෑසනට පිවිසුණෙමි. සැබැවින්ම ඔබමය අල්ලාහ්. ඔබ හැර වෙනත් දෙවියකු නොමැත. සැබැවින්ම මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ඔබේ ගැත්තාය දහම් දූතයාය.

    සටහන : යමෙකු උදෑසන හෝ සවස් කාලයේ මෙය සිව් වරක් පවසයි නම්, ඔහුව අල්ලාහ් නිරයෙන් මුදවන්නේය. (අබූ දාවූද්, බුහාරි, නසාඉ)

    තේරුම : යා! අල්ලාහ්, මම කවර ආශිර්වාදයකින් අවදි වුව ද එය ඔබ වෙතින්ය. ඔබ ඒකීය. තවද අසම සමය. එබැවින් සියලු ප‍්‍රශංසා ඔබටමය. කෘතඥතාව ද හිමි විය යුත්තේ ඔබටමය.

    සටහන : සවස් කාලයේ

    යනුවෙන් පටන් ගෙන අවසන් කළ යුතුය. (අබූ දාවූද්, නාසඉ)

    අල්ලාහුම්ම ආෆිනී ෆී බදනී අල්ලාහුම්ම ආෆිනී ෆී සම්ඉ අල්ලාහුම්ම ආෆිනි ෆී බසරි ලා ඉලාහ ඉල්ලා අන්ත අල්ලාහුම්ම ඉන්නී අඌදු බික මිනල් කුෆ්රි වල් ෆක්රි වඅඌදුබික මින් අදාබිල් කබ්රි ලා ඉලාහ ඉල්ලාහ් අන්ත. (තුන් වරක් පවසන්න)

    තේරුම : යා! අල්ලාහ්, මගේ ශරීරයට නිරෝගිභාවය ලබා දෙත්වා! යා! අල්ලාහ්, මගේ කන් වලට නිරෝගිභාවය ලබා දෙත්වා! යා! අල්ලාහ්, මගේ ඇස් වලට නිරෝගිභාවය ලබා දෙත්වා! නැමදුමට සුදුස්සා ඔබ හැර අන් කිසිවෙක් නැත. යා! අල්ලාහ්, (ඔබව) ප‍්‍රතික්ෂේප කිරීමෙන් ද, දිළිඳු කමින්ද ආරක්ෂාව ඔබෙන් පතමි. කබ්රයේ (මිනී වළේ) වේදනාවෙන් ද මම ආරක්ෂා ඔබෙන් පතමි. නැමදුමට සුදුස්සා ඔබ හැර අන් කිසිවෙක් නැත. (අබූ දාවූද්, අහ්මද්, නසාඉ, බුහාරි)

    තේරුම : අල්ලාහ්ම මට ප‍්‍රමාණවත්ය. නමැදුමට සුදුස්සා ඔහු හැර වෙන කිසිවෙක් නැත. (මගේ සියලූම කාර්යයන්) මම ඔහුටම භාර කරමින් විශ්වාසය තබමි. ඔහු උත්තරීතර අර්ෂ්හි පරමාධිපතිය.

    සටහන : උදේ සවස මෙය හත් වරක් ප‍්‍රකාශ කරන්නේ නම් ඔහුගේ (එලොව හා මෙලොව ජීවිතයේ) වැදගත් දෑ සඳහා ප‍්‍රමාණවත් වෙයි. (ඉබ්නු සුන්නි, අබූ දාවූද්)

    اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ الْعَافِيَةَ فِي الدُّنْيَا وَالْآخِرَةِ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ الْعَفْوَ وَالْعَافِيَةَ فِي دِينِي وَدُنْيَايَ وَأَهْلِي وَمَالِي اللَّهُمَّ اسْتُرْ عَوْرَتِي – عَوْرَاتِي- وَآمِنْ رَوْعَاتِي اللَّهُمَّ احْفَظْنِي مِنْ بَيْنِ يَدَيَّ وَمِنْ خَلْفِي وَعَنْ يَمِينِي وَعَنْ شِمَالِي وَمِنْ فَوْقِي وَأَعُوذُ بِعَظَمَتِكَ أَنْ أُغْتَالَ مِنْ تَحْتِي

    අල්ලාහුම්ම ඉන්නී අස්අලුකල් ආෆියත ෆිද් දුන්යා වල්-ආහිරා අල්ලාහුම්ම ඉන්නී අස්අලුකල් අෆ්ව වල් ආෆියත ෆී දීනී වදුන්යාය වඅහ්ලී වමාලී අල්ලාහුම්මස්තුර් අව්රාති වආමින් රව්ආතී අල්ලාහුම්මහ් ෆල්නී මින් බයිනි යදයිය වමින් කල්ෆි වඅන් යමීනී. වඅන් ෂිමාලී වමින් ෆව්කී ව අඌදු බි අළමතික අන් උග්තාල මින් තහ්තී.

    තේරුම : යා! අල්ලාහ්, මොලොව හා පරලොව නිරෝගීභාවය ඔබෙන් පතමි. යා! අල්ලාහ්, මගේ ආගම මගේ ලෞකික ජීවිතය මගේ පවුල හා මගේ සැප සම්පත් වලට ඔබේ සමාව ද යහපත ද අයැද සිටිමි. යා! අල්ලාහ්, මගේ අඩුපාඩු වසං කරනු මැනව! මගේ බිය තුරන් කරනු මැන! මගේ ඉදිරිපස, පසුපස, දකුණු පස, වම්පස, ඉහළ හා පහළ යන පැතිකඩ වලින් ආරක්ෂාව සලසනු මැනව! මට පහළින් විය හැකි අනතුරු ඔබේ ශ්‍රේෂ්ඨත්වයෙන් මඟ හරවනු මැනව! (අබූ දාවූද්, ඉබ්නු මාජාහ්)

    اللَّهُمَّ فَاطِرَ السَّمَوَاتِ وَالْأَرْضِ عَالِمَ الْغَيْبِ وَالشَّهَادَةِ أَنْتَ رَبُّ كُلِّ شَيْءٍ وَالْمَلَائِكَةُ يَشْهَدُونَ أَنَّكَ لاَ إِلَهَ إِلاَّ أَنْتَ فَإِنَّا نَعُوذُ بِكَ مِنْ شَرِّ أَنْفُسِنَا وَمِنْ شَرِّ الشَّيْطَانِ الرَّجِيمِ وَشِرْكِهِ وَأَنْ نَقْتَرِفَ سُوءًا عَلَى أَنْفُسِنَا أَوْ نَجُرَّهُ إِلَى مُسْلِمٍ

    අල්ලාහුම්ම ෆාතිරස් සමාවාති වල් අර්ලි ආලිමල් ගයිබි වෂ්ෂහාදති අන්ත රබ්බු කුල්ලි ෂෙයිඉන් වල්මලාඉකතු යෂ්හදූන අන්නක ලා ඉලාහ ඉල්ලා අන්ත ෆඉන්නා නඌදු බික මින් ෂර්රි අන්ෆුසිනා වමින් ෂර්රිෂ් ෂෙයිතානිර් රජීම්. වෂිර්කිහි වඅන් නක්තරිෆ සූඅන් අලා අන්ෆුසිනා අව් අව් නජුර්රහූ ඉලා මුස්ලිමින්.

    තේරුම : ගුප්ත හා අදෘශ්‍යමාන දෑ දන්නාවූ ද අහස් හා පොළොව මැවූවා වූ ද යා ! අල්ලාහ්, ඔබ සියලු දෑහි පරමාධිපතිය. නියත වශයෙන්ම නැමදුමට සුදුස්සා ඔබ හැර අන් කිසිවෙක් නොමැති බවට මලක්වරු සාක්ෂි දරති. එබැවින් අපගේ ආත්මාවන් හි හානියෙන් ද ෂෙයිතාන්ගෙන් ඇති විය හැකි හානියෙන්ද (ඔබට) යමක් සම කිරීමේ පාපයෙන් ද ආරක්ෂාව ඔබෙන් පතන්නෙමු. අපි අපටම හානි කරගැනීමෙන්ද වෙනත් මුස්ලිම් වරයෙකුට අපෙන් සිදු විය හැකි අයහපත් ක‍්‍රියාවන්ගෙන් ද අපි ආරක්ෂාව පතන්නෙමු. (තිර්මිදි, අබූදාවූද්)

    බිස්මිල්ලාහිල්ලදී ලා යළුර්රු මඅස්මිහි ෂෙයිඋන් ෆිල් අර්ලි වලා ෆිස්සමාඉ වහුවස් සමීඋල් අලීම්’

    (තුන් වරක් පවසන්න)

    තේරුම : පොළොවෙ හි හෝ අහසෙ හි හෝ ඔහුගේ නාමය සමග කිසිම වස්තුවකට ගැටිය නොහැකි (අනතුරක් කළ නොහැකි) වූ අල්ලාහ්ගේ නාමයෙන් ආරක්ෂාව පතමි’ ඔහු සියල්ල අසන්නාය. සියල්ල දන්නාය.

    සටහන : කවරකු හෝ උදේ සවස මෙය තුන් වරක් ප‍්‍රකාශ කරයි නම් ඔහුට කිසිවකින් කිසිදු අනතුරක් සිදු නොවේ. (අබූදාවූද්, තිරිමිදි, ඉබ්නු මාජාහ්, අහ්මද්)

    (තුන් වරක් පවසන්න)

    තේරුම : අල්ලාහ්ව පරමාධිපති ලෙස ද ඉස්ලාමය දහම ලෙස ද මුහම්මද් තුමා වක්තෘවරයාණන් ලෙස ද මම පිළිගනිමි.

    සටහන : යමෙකු උදේ සවස තුන් වරක් මෙය ප‍්‍රකාශ කරයි නම්, ඔහුව පරලොවදී තෘප්තියට පත් කිරීම අල්ලාහ්ගේ වගකීම බවට පත්වෙයි. (අහ්මද්, නසාඉ, ඉබ්නු සුන්නි)

    යා හය්යු යා කයියූම්, බිරහ්මතික අස්තගීසු අස්ලිහ් ලී ෂඃනී කුල්ලහූ වලා තකිල්නී ඉලා නෆ්සී තර්ෆත අයිනින්.

    තේරුම : සදා ජීවමානයාණනි, ඔබේ කරුණාවෙන් මා ආරක්ෂාව පතමි. මගේ කටයුතු සියල්ල මනා ලෙස ඉටු කිරීමට මට පහසු කරනු මැනව! මගේ ඇසි පිය හෙළන තරම් කාලයක් හෝ ඔබෙන් ඈත් වීමට ඉඩ නොදෙනු මැන. (හාකිම්)

    තේරුම : අපි උදෑසනට පිවිසියෙමු. පාලන බලතල විශ්වයේ පරමාධිපති වන අල්ලාහ්ටම සතු විය. යා! අල්ලාහ්, මෙදින යහපත ජයග‍්‍රහණය උපකාරය ආලෝකය අභිවෘද්ධිය සෘජු මාර්ගය යනාදි සියල්ලක්ම ඔබෙන් ඉල්ලා සිටිමු. තවද මෙදින හානියෙන් ද ඉන්පසුව සිදුවිය හැකි හානියෙන් ද මම ඔබෙන් ආරක්ෂාව පතමි. (අබූ දාවූද්)

    සටහන: සවස් කාලයේ අස්බහ්නා වඅස්බහල් මුල්කු

    වෙනුවට අම්සයිනා වඅම්සල් මුල්කු යනුවෙන් ද

    හාදල් යව්මි වෙනුවට හාදල් ලයිලති යනුවෙන් පවසන්න.

    අස්බහ්නා අලා ෆිත්රතිල් ඉස්ලාමි වඅලා කලිමතිල් ඉක්ලාසි වඅලා දීනි නබියියිනා මුහම්මදින් සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම. වඅලා මිල්ලති අබීනා ඉබ්රාහීම් අලෙයිහිස් සලාම් හනීෆන් මුස්ලිමන් වමා කාන මිනල් මුෂ්රිකීන්.

    තේරුම : ඉස්ලාම් ආගම ශුද්ධ වූ කලිමාව අපගේ නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ ආගම හා අප පියා වූ නබි ඉබ්රාහිම් තුමාගේ ආගම සමග අපි උදෑසනට පිවිසියෙමු. එතුමා (ඉබ්රාහිම් අසත්‍ ආගම් වලින් ඈත් වී) සත්‍ය කරා යොමු වූ මුස්ලිම් වර‍යෙකු විය. තවද අල්ලාහ්ට යමක් සම කළ අයකු නොවීය. (අහ්මද්)

    සටහන: සවස් කාලයේ අම්සෙයිනා අලා ෆිත්රතිල් ඉස්ලාමි යැයි පවසන්න. (අහ්මද් අල්-ජාමිඋ)

    තේරුම : අල්ලාහ් සුවිශුද්ධය. ඔහුගේ ශ්‍රේෂ්ඨත්වය තුළින් ඔහුව ප‍්‍රශංසා කරමි.

    සටහන : උදේ සවස මෙය සිය වතාවක් යමෙක් කියයි නම් ඔහුට වඩා වටිනාකමකින් යුත් දෙයක් කිසිවෙකු මතු ලොවට ගෙන එන්නේ නැත. නමුත් එලෙසම කී තැනැත්තකු හෝ ඊට වඩා වැඩියෙන් කී තැනැත්තෙකු හැර. (මුස්ලිම්)

    ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීකලහූ ලහුල් මුල්කු වලහුල් හම්දු වහුව අලා කුල්ලි ෂයිඉන් කදීර්.

    තේරුම : නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් කිසිවෙක් හෝ කිසිවක් නොමැත. ඔහු ඒකීයය. අසම සම වූ ඔහුට පාලන බලතල හිමි වන්නේය. ප‍්‍රශංසා සියල්ල ඔහුටමය. සෑම දෙයක් කෙරෙහිම ඔහුගේ ශක්තිය බලපවත්වන්නේය.

    සටහන:

    1. 10 (දස) වරක් පවසන්න (නසාඉ)

    2. උදාසීන අවස්ථා වල එක් වරක් පවසන්න. (අබූ දාවූද්, ඉබ්නු මාජාහ්, අබූ දාවූද්)

    3. මෙය උදෑසන සිය වරක් පවසයි නම්, වහලුන් දස දෙනෙකු නිදහස් කළ පිනක් හා තවත් පින් සියයක් සටහන් වෙයි. පාපයන් සියයක් ඉවත් වෙයි. තවද එමගින් ෂෙයිතාන්ගෙන් රැකවරණය සවස් කාලය දක්වා හිමි වනු ඇත. ඔහුට වඩා වටිනාකමක් යුත් දෙයක් කිසිවෙකු මතු ලොවට රැගෙන එන්නේ නැත. නමුත් එලෙසම කී තැනැත්තකු හෝ ඊට වඩා වැඩියෙන් කී තැනැත්තෙකු හැර. (බුහාරි මුස්ලිම්)

    සුබ්හානල්ලාහි වබිහම්දිහි අදද කල්කිහි. වරිළා නෆ්සි හි වසිනත අර්ෂිහි වමිදාද කලිමාතිහි.

    (උදෑසන තුන්වරක්)

    තේරුම : අල්ලාහ් පිවිතුරුය. ඔහුගේ ප‍්‍රශංසාවේ තරමට ඔහුගේ මැවීම් වල ප‍්‍රමාණයට ඔහුගේ පිළි ගැනීමේ ප‍්‍රමාණයට ඔහුගේ අර්ෂ් (සිංහාසනයේ) බර ප‍්‍රමාණයට ඔහුගේ වචන ලියවුණ ප‍්‍රමාණයට ඔහු පිවිතුරුය. (එබැවින් මම ඔහුව පිවිතුරු කරමි.)

    අල්ලාහුම්ම ඉන්නී අස්අලුක ඉල්මන් නාෆිඅන් වරිස්කන් තයියිබන් වඅමලන් මුත කබ්බලා

    (උදෑසන ප‍්‍රකාශ කරන්න.)

    තේරුම : යා! අල්ලාහ්, ප‍්‍රයෝජනවත් අධ්‍යාපනය ද පිරිසිදු (පාපයෙන් තොර) ආහාර ද පිළි ගනු ලබන ක‍්‍රියාවන් ද මම ඔබෙන් පතමි. (ඉබ්නු සුන්නී, ඉබ්නු මාජාහ්, සාදුල් මආද්)

    තේරුම : අල්ලාහ්ගෙන් පාප ක්ෂාම අයැදිමි. ඔහු වෙතට පශ්චාත්තාප වී නැඹුරු වෙමි. (බුහාරි, මුස්ලිම්)

    තේරුම : අල්ලාහ්ගේ සම්පූර්ණ වූ වදන් තුළින් ඔහුගේ මැවීම් වලින් සිදු විය හැකි හානි වලින් ආරක්ෂාව පතමි.

    සටහන : සවස් කාලයේ මෙය යමෙක් තුන් වරක් ප‍්‍රකාශ කරයි නම් ඔහුට රාත‍්‍රියේ විසකුරු සතුන්ගෙන් අනතුරු සිදු නොවේ.

    (අහ්මද්, නසාඉ, ඉබ්නු සුන්නී, තිර්මිදි, ඉබ්නු මාජාහ්)

    තේරුම : යා! අල්ලාහ්, අපගේ නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා වෙත ඔබේ කරුණාව හා ශාන්තිය පහළ කරත්වා!

    සටහන : උදේ සවස දස වරක් බැගින් යමෙක් මට ආශිර්වාද කරයි නම් මළවුන් කෙරෙන් නැගිටු වනු ලබන දින දී මම ඔහු වෙනුවෙන් පෙනී සිටින්නෙමි. (තබරානි)

    اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ الْهَدْمِ وَأَعُوذُ بِكَ مِنْ التَّرَدِّي وَأَعُوذُ بِكَ مِنْ الْغَرَقِ وَالْحَرَقِ وَالْهَرَمِ وَأَعُوذُ بِكَ أَنْ يَتَخَبَّطَنِي الشَّيْطَانُ عِنْدَ الْمَوْتِ وَأَعُوذُ بِكَ أَنْ أَمُوتَ فِي سَبِيلِكَ مُدْبِرًا وَأَعُوذُ بِكَ أَنْ أَمُوتَ لَدِيغًا

    අල්ලාහුම්ම ඉන්නී අඌදු බික මිනල් හද්මි වඅඌදු බික මිනත් තරද්දී වඅඌදු බික මිනල් ගරකි වල් හරකි වල් හදමි වඅඌදු බික අයි යතහබ්බතනිෂ් ෂෙයිතානු ඉන්දල් මව්ති වඅඌදු බික අන් අමූත ෆී සබීලික මුද්බිරන් වඅඌදු බික අන් අමූත ලදීගා.

    තේරුම : යා! අල්ලාහ්, (ගොඩනැගිලි) ගරා වැටීමෙන් මම ඔබෙන් ආරක්ෂාව පතමි. තවද (කඳු වැනි උස් ස්ථාන වලින්) වැටීමෙන් මම ඔබෙන් ආරක්ෂාව පතමි. තවද දුක, (ජලයේ) ගිලීම ගින්නෙහි දැවීම වයස්ගත වීම වැනි දැයින් ද ආරක්ෂාව පතමි. තවද මරණ අවස්ථාවේ ෂෙයිතාන් මා ස්පර්ශ කිරීමෙන් ද ආරක්ෂාව ඔබෙන් පතමි. ඔබගේ මාර්ගයෙ හි පසු බසින්නෙකු සේ මිය යෑමෙන් ද මම ඔබෙන් ආරක්ෂාව පතමි. (විෂකුරු සත්වයින්) දෂ්ට කර මිය යෑමෙන් ද මම ඔබෙන් ආරක්ෂාව පතමි. (අබූ දාවූද්, නසාඊ, අහ්මද්)

    (අධික වාර ගණනාවක්)

    සුබ්හානල්ලාහි වබිහම්දිහි සුබ්හානල්ලාහිල් අළීම්.

    තේරුම : අල්ලාහ්ගේ ප්‍රශංසාව තුළින් ඔහුව පිවිතුරු කරමි. සර්ව බලධාරී අල්ලාහ්ව පිවිතුරු කරමි.

    සටහන : අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ ප්‍රකාශ කළහ. දිවට ඉතා පහසු වූ ද මීසාන් හෙවත් තුලාවෙහි ඉතා බර වූ ද රහ්මාන්ට ඉතා ප්‍රිය මනාප වූද වචන දෙක වනුයේ මෙයයි.

    (අධික වාර ගණනාවක්)

    තේරුම : අල්ලාහ් පිවිතුරුය. තවද සියලු ප‍්‍රශංසා අල්ලාහ් සතුය. අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැත. අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය.

    සටහන : අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ ප්‍රකාශ කළහ. අල්ලාහ්ට ඉතා ප්‍රිය මනාප වදන් හතරකි. ඒවායෙන් කුමන දෙයක් ගෙන ආරම්භ කළ ද වරදක් නොවේ. එනම් ඉහත සඳහන් වචන පෙළයි. (ඉබ්නු මාජා)

    اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ الْهَمِّ وَالْحَزَنِ وَأَعُوذُ بِكَ مِنْ الْعَجْزِ وَالْكَسَلِ وَأَعُوذُ بِكَ مِنْ الْجُبْنِ وَالْبُخْلِ وَأَعُوذُ بِكَ مِنْ غَلَبَةِ الدَّيْنِ وَقَهْرِ الرِّجَالِ

    අල්ලාහුම්ම ඉන්නී අඌදු බික මිනල් හම්මි වල්-හදනි වඅඌදු බික මිනල් අජ්සි වල්-කස්ලි වඅඌදු බික මිනල් ජුබ්නි වල්-බුහ්ලි වඅඌදු බික මින් ගලබතිද් දෙයිනි වකහ්රිර් රිජාල්

    තේරුම : යා අල්ලාහ්, දුක් කරදර වලින් හා දොම්නසින් ආරක්ෂාව ඔබෙන් පතමි. තවද නොහැකියාව හා මැළිකමින් ආරක්ෂාව ද ඔබෙන් පතමි. පසුබැස්මෙන් හා මසුරුකමින් ආරක්ෂාව ද ඔබෙන් පතමි. ණය බරින් හා මිනිසුන්ගේ බලපෑමෙන් ආරක්ෂාව ද ඔබෙන් පතමි. (අබූ දාවූද්)

    اللَّهُمَّ أَصْلِحْ لِي دِينِي الَّذِي هُوَ عِصْمَةُ أَمْرِي وَأَصْلِحْ لِي دُنْيَايَ الَّتِي فِيهَا مَعَاشِي وَأَصْلِحْ لِي آخِرَتِي الَّتِي فِيهَا مَعَادِي وَاجْعَلْ الْحَيَاةَ زِيَادَةً لِي فِي كُلِّ خَيْرٍ وَاجْعَلْ الْمَوْتَ رَاحَةً لِي مِنْ كُلِّ شَرٍّ

    අල්ලාහුම්ම අස්ලිහ් ලී දීනී අල්ලදී හුව ඉස්මතු අම්රී. වඅස්ලිහ් ලී දුන්යාය අල්ලතී ෆීහා මආෂී. වඅස්ලිහ් ලී ආකිරතී අල්ලතී ෆීහා මආදී. වජ්අලිල් හයාත සියාදතන් ලී ෆී කුල්ලි කයිරින් වජ්අලිල් මව්ත රාහතන් ලී මින් කුල්ලි ෂර්රින්.

    තේරුම : යා! අල්ලාහ්, මාගේ කරුණු වලට ආරක්ෂා ලෙස පවතින මාගේ දහම මා හට යහපත් කර දෙනු මැනව! තවද මාගේ ජීවිතය පවතින මාගේ ලෞකික ජීවිතය ද යහපත් කර දෙනු මැනව! මා නැවත යොමු වන මාගේ මතු ලොව ජීවිතය ද මා හට යහපත් කර දෙනු මැනව! යහපත ඇති සියලු දෑහී මාගේ ජීවිතය අභිවෘද්ධිමත් කරනු මැනව! සියලු උවදුරු වලින් නිදහස් ලබා දෙන්නක් බවට මාගේ මරණය පත් කරනු මැනව! (මුස්ලිම්)