×
ස්විට්සර්ලන්තයේ මස්ජිද් ඉදි කිරීම තහනම් කර ලෙස ඝෝෂා කළ දේශපාලක නායකයෙක් ඉස්ලාමයේ සත්යරය අවබෝධ කරගෙන ඉස්ලාමය තුළට පිවිසෙයි.

    මිනාරතය තහනම් කරන්නැයි ඝෝෂා කළ සුවිස් දේශපාලකයා යථාර්ථය අවබෝධ කර ගනී

    [සිංහල – Sinhala –[ سنهالي

    සවූදි අරාබියේ ඇරබ් නිවුස් පුවත් පතේ 2013. ඔක්තෝබම් මස 11 වන දින පළ වු පුවත

    සිංහල පරිවර්තනය

    ජාසිම් ඉබ්න් දඉයාන්

    2013 - 1435

    رجل سياسي معارض لوجود المسلمين في أوروبا اعتنق الإسلام وأسبابه

    « باللغة السنهالية »

    ترجمة: جاسم بن دعيان

    2013 - 1435

    මිනාරතය තහනම් කරන්නැයි ඝෝෂා කළ සුවිස් දේශපාලකයා යථාර්ථය අවබෝධ කර ගනී.

    සවූදි අරාබියේ ඇරබ් නිවුස් පුවත් පතේ

    2013. ඔක්තෝබම් මස 11 වන දින පළ වු පුවත

    ස්විට්සර්ලන්තයේ දේශපාලකයෙකු වන ඩැනියෙල් ස්ට්‍රෙච්, ඔහුගේ මව් බිමේ මුස්ලිම් මස්ජිද් ඉදි කිරීමට බලවත් විරෝධය දැක් වීමෙන් මහත් ප්‍රසිද්ධියක් ලැබීය. තමා අපහස කළ ආගම තුළට ඔහු දැන් පිවිසී ඇත. ඔහුගේ කථාවයි මේ.

    ස්විට්සර්ලන්තයේ, ෆ්‍රිබර්ග් පාලන ප්‍රදේශයට අයත් බූල් ගම්මානයේ උපත ලැබු ඩැනියල් ස්ට්‍රෙච්, ස්විටිසර්ලන්තයේ ස්විස් මහජන පක්ෂ (SVP) සාමාජිකයෙකි. සුප්‍රකට දේශ පාලකයෙකු වන ඩැනියෙල් ස්ට්‍රෙච් ස්විස් රටේ මිනාරත් (මස්ජිද්) ඉදි කිරීම තහනම් කරන ලෙස උද්ඝෝෂණයට නායකත්වය දුන් පුද්ගලයෙකි. ස්විට්සර්ලන්තය පුරා මුස්ලිම් විරෝධි මතයක් ගොඩ නගන්නට ඔහු උද්යෝගිමත් ව ක්‍රියා කරන ලදී.

    ඉස්ලාමයට එරෙහිව නොකඩවා සිදු කළ ඔහුගේ ව්‍යාපාරය පදනම් කර ගෙන ස්විස් යුද්ධ හමුදාවේ උසස් නිලධාරියෙකු බවට ඔහුට පත්වීමක් දෙන ලදි. ඩැනියල් ස්ට්‍රෙච් ප්‍රදේශයේ ප්‍රජා සභාවේ සාමාජිකයෙක්ද විය.

    ස්විස් මහජන පක්ෂයේ “ගෘයේරස්“ අංශය ස්ථාපනය කර 2003 සිට 2007 දක්වා එහි සභාපති ධුරය හෙඹවීය. කතෝලික ආගමට දැඩි ලෙස ඇල්ම කළ ඔහු, ඉස්ලාමයට අපහාස කර, කුර්ආනය අපකීර්තියට පත් කිරීමේ එකම අරමුණින් කුර්ආනය අධ්‍යයනය කළේය. මෙම ක්‍රියා මාර්ගයේ නිරත වී සිටින විට මෙම ක්‍රිස්තු භක්තිකයා, කුර්ආනයේ නිවේදන බොහෝමයක් සමඟ නොදැනුවත්වම එකඟ වන්නට පටන් ගත්තේය.

    ඉස්ලාමිය ඉගැන්වීම් ඔහුගේ සිත් තුළ බලවත් වෙනසක් සිදු කරන ලදී.

    අවසානයේ සත්‍යතාව වටහා ගෙන 2005 වසර ඉස්ලාමය තුළට පිවිසිය. ඔහු මෙලෙස වෙනස් වීම ගැන මෙසේ පවසයි. “මම අලුතින් සොයා ගත් ඉස්ලාම් දහම, මගේ සිත් තුළ තිබුණු වැදගත් ජීවිත ප්‍රශ්නයන්ට යුක්ති සහගත පිළිතුරු ලබා දුනි.“

    තම දේශපාලන පක්ෂයේ ඇතැම් “අන්තවාදී ස්ථාවර“ නිසා, විශේෂයෙන්ම අලුත් මස්ජිද් ඉදි කිරීම් තහනම් කිරීමේ ව්‍යාපාරය සම්බන්ධව අපහසුතාවට පත්වීමේ හේතු වෙන්, 2007 සිට තම සභාපති ධූරයෙන් ඉල්ලා අස් විය. ඔහුට මුස්ලිම් මිතුරන් බොහෝ දෙනෙක් සිටි බව 2007 වසරේදී පැවසු ස්ට්‍රෙච් තම ආගම වෙනස් වීමේ තොරතුර 2009 වසර නොවැම්බර මස ආරම්භයේ පක්ෂයෙන් ඉල්ලා අස් වන තුරු ප්‍රකාශ කළේ නැත. ඔහු එසේ ඉල්ලා අස් වූයේ 2009 නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත මස්ජිද් ඉදි කිරීම සම්බන්ධව ජනමත විචාරණයේදී ස්විස් මහජන පක්ෂයේ ව්‍යාපාරයට විරෝධය දක්වමින්ය. ඉන් පසුව මධ්‍යස්ථ මතධාරී ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (Conservataive Party) පාලන ප්‍රදේශ අංශය (ශාඛාව) ආරම්භ කිරීමට ඔහු සහභාගි විය.

    ස්ට්‍රෙච්ගේ මේ සියලු ව්ස්තර “20 Minuten“ නම් එම රටේ අති ජනප්‍රිය ප්‍රවෘත්ති පත්‍රරයෙහි නොවැම්බර මස 23 වන දින හෙළි දුටු අතර, ජනමත විචාරණයට සතියකට පෙර ඉතා ජනප්‍රිය බ්ලික් (Blick) නම් ප්‍රමාණයෙන් කුඩා පුවත් පතෙහි පසු දින යළි පළ විය.

    ස්විස් ජනතා පක්ෂයෙහි ස්ට්‍රෙච් වැදගත් සාමාජියෙකි. එම පක්ෂය ප්‍රතිපත්ති සැක සීමේ දී නිතරම ප්‍රමුඛ ස්ථානයක් දරමින් එම කාර්යයෙහි ඔහු දක්වන බලපෑම කොපමණ දැයි දැන ගැනීමෙන්, ඔහුගේ වැදගත්කම වටහා ගත හැක. ආරම්භයේ දී මිනරාත් ඉදි කිරීමට එරෙහිව ඔහු ව්‍යාපාරයක් දියත් කළේ දේශපාලන අවශ්‍යතාව හා ජනතාවගේ අවධානය දිනා ගනු පිණිසයි. ස්විස් යුද හමුදාවේ උපදේශක තනතුරද ලබා ගත්තේ ඔහුගේ ජනප්‍රියතාවය හේතු කොටගෙනයි. ස්විස් ජනතා පක්ෂයට අවංකව කැප වී ඔහු සේවය කළ අතර, බූල් පාලන ප්‍රදේශය මැතිවරණයටද ඉදිරිපත් විය.

    කලකට පසුව, ඉස්ලාම් දහමට පිවිසීම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ ඔහු පක්ෂ සාමාජි කත්වයෙන්ද දේශ පාලන ක්‍රියාවලියෙන්ද ඉවත් විය. මුස්ලිම්වරුන්ට එරෙහිව සිදු කරන ස්විස් ජනතා පක්ෂයේ ක්‍රියා මාර්ගය සාතාන්ගේ යැයි ඔහුම එම අවස්ථාවේ ප්‍රකාශ කළේය.

    අතීතයේ නිතරම බයිබලය කියවා විටින් විට දේව ස්ථානයට පූජාවට යන ස්ට්‍රෙච්, දැන් කුර්ආනය පාරායනය කරන බවද, දිනකට පස් වතාවක් මස්ජිදයට ගොස් නැමදුම් කරන බවද පවසයි.

    ක්‍රිස්තියානු දහමේ සොයා ගන්නට නොහැකි වූ සත්‍ය ඉස්ලාම් දහම තුළ සොයා ගත් බව ඔහු තව දුරටත් පවසයි.

    “වසර ගණනාවක් සොයා ගත නොහැකි වූ වැදගත් ජීවිත ප්‍රශ්නයන්ට ඉස්ලාම් යුක්ති සහගත පිළිතුරු දුන්නේය.“ යනුවෙන් ස්ට්‍රෙච් පවසයි. ඔහු දැන් මස්ජිදයට යන, අල් කුර්ආනය පාරායනය කරන, පස් වේල අල්ලාහ්ට නැමදුම් කරන්නට කැපවු මුස්ලිම්වරයෙකි.

    ස්විට්සර්ලන්තයේ මිනරාතය තහනම් කිරීමේ පනත නීති මාර්ගයෙන් අනුමත කිරීම පිණිස, ඒ පිළිබඳව ජනමත විචාරණයක් ඒ රටේ පැවැත්විණි.

    එම ඡන්ද විමසීමේ ප්‍රතිඵලයට අනුව මිනරාතයට පක්ෂව 42.5% ක් ඡන්දය දුන් අතර, මිනාරතය තහනම් කිරීමට පක්ෂව 57.5%ක් ඡන්ද දුන්හ. මෙහි වැදගත් දෙයක් වන්නේ ස්විට්සර්ලන්තයේ ජීවත් වන මුස්ලිම් වරුන්ගේ සංඛ්‍යාව 6% පමණි. එහෙත් ස්විස් වැසියන්ගෙන් 42.5% සංඛ්‍යාව මිනරාතය තහනම් කිරීමට එරෙහිව, එනම් 6% පමණක් වන මුස්ලිවරුන්ට පක්ෂව ජන්දය ප්‍රකාශ කිරීමයි. මෙම මහජන විචාරණය පිළිබඳව විශ්ලේෂනය කළ විද්වතුන්, මිනරාතය සහ ඉස්ලාමිය වතාවත් තහනම් කිරීමේ වෑයම නිසා, රට වැසියන්ගෙන් බොහෝ දෙනෙකුගේ අවධානය ඉස්ලාමය වෙත යොමු වී තිබෙන බව අදහස් ප්‍රකාශ කළහ.

    ස්ට්‍රෙච් මහතාද ෆ්‍රෙයිබර්ග් පාලන ප්‍රදේශයේ මධ්‍යස්ථ මතධාරී ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (Conservative Party) ශක්තිමත් කිරීමේ කටයුතු වලට දැන් සහභාගි වෙයි.

    ස්ට්‍රෙච්ගේ අලුත් පක්ෂයේ ව්‍යාපාරය, ඔහුගේ පැරණි ප්‍රතිපත්තියට හාත්පසින් වෙනස් වු එකකි. ස්විට්සර්ලන්තයේ මිනරාත් ඉදි කිරීමේ තහනම දැන් නීති ගත වී අවසාන නමුත් ආගම් අතර සාධාරණත්වය සහ සාමදාන සහජීවනය ස්විස් රටවැසියන් අතර ප්‍රචලිත කිරීමට ඔහු දැන් කටයුතු කර ගෙන යයි.

    මිනරාතයේ තහනමට දැන් ඔහු දැඩි ලෙස විරුද්ධ වන අතර, යුරෝප මහා ද්වීපයේ ඉතාමත් අලංකාරවත් මස්ජිදයක්, ස්විට්සර්ලන්තයේ පස් වන මස්ජිදය වශයෙන් ඉදි කිරීමට ඔහු බලාපොරොත්තු වෙයි.

    මේ අතර, ඔහුගේ පැරණි දේශපාලන පක්ෂය වන ස්විස් ජනතා පක්ෂය, ස්ට්‍රෙච් මුස්ලිම් බවට පත්වීමෙන් පසු, ස්විට්සර්ලන්ත යුද හමුදාවේ ඔහු උපදේශක වරයෙක් ලෙස කටයුතු කිරීම ගැන තම අප්‍රසාදය රජයට දන්වා ඇත.

    3,000ක් හා 5,000ක් අතර සංඛ්‍යාවක ඉතාලි ජාතීන් කතෝලික දහමේ සිට ඉස්ලාමය තුළට පිවිසී ඇති බව යුරෝපයේ ක්‍රියාත්මක වන ඉස්ලාමිය සංවිධානයන්හි සමුළුව පවසයි.