×
මුහර්රම් මාසයේ ආෂූරා සුන්නා උපවාසයේ යෙදීමේ වැදගත්කම

    මුහර්රම් මාසයේ ආෂූරා උපවාසය

    ] සිංහල – Sinhala –[سنهالي

    මුහම්මද් ඉම්තියාස් යූසුෆ් සලෆි

    පරිවර්තණය: මාහිර් රම්ඩීන්

    2013 - 1434

    شهرالله المحرم والصيام فيه

    « باللغة السنهالية »

    محمد إمتياز يوسف السلفي

    ترجمة: ماهر رمدين

    2013 - 1434

    මුහර්රම් මාසයේ ආෂුරා උපවාසය

    කර්තෘ ඉම්තියාස් යූසුෆ් සලෆි

    පරිවර්තණ මව්ලවි මාහිරි ටී.ඩී. රම්ඩීන්

    මුහර්රම් යනු ගෞරවනීය මාසය යන අදහස වේ. මුහර්රම් මාසය ඉස්ලාමීය චන්ද්‍ර දින දර්ශනයේ පළමු වන මාසයයි. මෙම මාසය අල්ලාහ් විසින් ගෞරවයට ලක් කරනු ලැබූ මාස අතුරින් එකකි.

    إِنَّ عِدَّةَ الشُّهُورِ عِنْدَ اللَّهِ اثْنَا عَشَرَ شَهْرًا فِي كِتَابِ اللَّهِ يَوْمَ خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ مِنْهَا أَرْبَعَةٌ حُرُمٌ ذَلِكَ الدِّينُ الْقَيِّمُ فَلَا تَظْلِمُوا فِيهِنَّ أَنْفُسَكُمْ وَقَاتِلُوا الْمُشْرِكِينَ كَافَّةً كَمَا يُقَاتِلُونَكُمْ كَافَّةً وَاعْلَمُوا أَنَّ اللَّهَ مَعَ الْمُتَّقِينَ:

    අල්ලාහ්ගේ ලේඛනයෙහි ඇති පරිදි අහස් හා මිහිතලය මැවූ දින සිට සැබැවින්ම මාස ගණන අල්ලාහ් අබියස මාස දොළොසකි. ඒවායින් ශුද්ධ වූ මාස හතරකි. මෙයයි ඍජු දහම වන්නේ. ඒවායෙහි නුඹලා නුඹලාට අපරාධ කර නොගනිවු. (එම මාසයන්හි) ඔවුන් නුඹලා සමඟ පූර්ණ ලෙස යුද වදින්නාක් මෙන් නුඹලා ද (එවිට) ඔවුන් සමඟ පූර්ණ ලෙස යුද වදිවු. සැබැවින්ම අල්ලාහ් බියභක්තිකයින් සමඟය. (අල්-කුර්ආන් 9:36)

    මෙම වැකියෙහි මාස හතරක් ගෞරවනීය මාස ලෙස පවසා ඇත.

    එම මාස හතර පිළිබඳව නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පැහැදිලි කරන අවස්ථාවේ මුහර්රම්, රජබ්, දුල් කඃදා දුල් හජ් යන මාස යැයි පැවසූහ. මෙම මාස හතරෙහි යුද ඇරඹීම මුස්ලිම්වරුන් කෙරෙහි තහනම් කරන ලදී. සතුරන් මුස්ලිම්වරුන්ට එරෙහිව යුද මෙහෙයුම් ඇරඹුවේ නම් එලෙසින්ම ආත්ම ආරක්ෂාව සඳහා පමණක් ඒ සඳහා සටන් කිරීමට අනුමැතිය ලබා දී ඇත. අඥාන යුගයේ පටන් මෙම මාසය ගෞරවනීය මාසයක් බව සැලකූ අතර ඒ අයුරින් කටයුතු ද සිදු විණ.

    කුරෙයිෂ්වරු උපවාසයේ නියැළීම.

    මුහර්රම් මාසයේ උපවාසය දස වැනි චන්ද්‍ර දිනයෙහි යෙදී ඇත. මෙය ආෂූරා උපවාසය යැයි හැඳින් වේ. ජාහිලියා යුගයේ කුරෙයිෂ්වරු පවා මෙම උපවාසයෙහි යෙදුණු අතර නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ද එම උපවාසයෙහි නියැළුණහ. රමළාන් උපවාසය අනිවාර්ය කරනු ලැබීමට පෙර ආගමික පිළිවත වූයේ ආෂූරා උපවාසයයි. රමළාන් උපවාසය අනිවාර්ය කරනු ලැබීමත් සමඟම ආෂූරා උපවාසය වෛකල්පික අමතර උපාවසයක් බවට පරිවර්තනය විය.

    عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا،: أَنَّ قُرَيْشًا كَانَتْ تَصُومُ يَوْمَ عَاشُورَاءَ فِي الجَاهِلِيَّةِ، ثُمَّ أَمَرَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِصِيَامِهِ حَتَّى فُرِضَ رَمَضَانُ، وَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «مَنْ شَاءَ فَلْيَصُمْهُ وَمَنْ شَاءَ أَفْطَرَ

    ජාහිලිය්යා යුගයේ කුරෙයිෂ්වරු ආෂූරා දින උපවාසයේ නියැළෙමින් පසු වූහ. රමළාන් උපවාසය අනිවාර්යය කරනු ලබන තෙක් එම උපවාසයෙහි නියැළෙන මෙන් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් විධානය කළහ. රමළාන් උපවාසය අනිවාර්යය කරනු ලැබුවාත් සමඟම ආෂූරා උපවාසය, එය කැමති අය උපවාසයේ නියැළිය හැක. කැමති අය එය අත හැර දැමිය හැක යැයි එතුමාණෝ පවසා සිටියහ. (මූලාශ්‍රය: බුහාරි)

    යුදෙව්වන් උපවාසයේ නියැළීම.

    නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් මදීනාවට හිජ්රත් හෙවත් දේශ තරණය කළ පසු මෙම උපවාසයෙහි නිරත වන මෙන් මුස්ලිම්වරුන්ට අණ කළහ. එමෙන්ම යුදෙව්වන් පවා මෙම ආෂූරා උපවාසයෙහි නිරත වනු එතුමා දුටුහ. මේ පිළිබඳව ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමාණන් පහත සඳහන් අයුරින් වාර්තා කරයි.

    عَنِ ابْنِ عَبَّاسٍ رَضِيَ اللَّهُ عَنْهُمَا، قَالَ: قَدِمَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ المَدِينَةَ فَرَأَى اليَهُودَ تَصُومُ يَوْمَ عَاشُورَاءَ، فَقَالَ: «مَا هَذَا؟»، قَالُوا: هَذَا يَوْمٌ صَالِحٌ هَذَا يَوْمٌ نَجَّى اللَّهُ بَنِي إِسْرَائِيلَ مِنْ عَدُوِّهِمْ، فَصَامَهُ مُوسَى، قَالَ: «فَأَنَا أَحَقُّ بِمُوسَى مِنْكُمْ»، فَصَامَهُ، وَأَمَرَ بِصِيَامِهِ

    නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් මදීනාවට පැමිණි අවස්ථාවේ යුදෙව්වන් ආෂුරා උපාවසයෙහි නිරත වනු දුටුහ. මේ සඳහා හේතුව කුමක් දැ?යි යුදෙව්වන්ගෙන් එතුමාණෝ විමසා සිටියහ. මෙය යහපත් දිනයකි. මෙදින මූසා අලෙයිහිස් සලාම් තුමාණන්ව හා ඉස්රාඊල් දරුවන්ව අල්ලාහ් ඔවුන්ගේ සතුරන්ගෙන් ආරක්ෂා කළේය. ඒ වෙනුවෙන් මූසා නබි තුමා උපවාසයෙහි නියැළුණහ.

    මෙය ඇසූ නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් මූසා සම්බන්ධයෙන් වූ මෙම විෂයෙහි ඔබට වඩා මම උරුමක්කරුවෙකු වෙමි යැයි පවසා තමන් ද උපවාසයෙහි නිරත වී ජනතාවට ද උපවාසයේ නිරත වන මෙන් අණ කළහ.

    (වාර්තාකරු: ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)

    ආෂූරා දින යුදෙව්වන් උපවාසයේ නිරත වූවා පමණක් නොව එදින උත්සවයක් මෙන් සමරමින් පසු වූහ. එබැවින් ඔවුන්ගේ එම ක්‍රියාවට වෙනස් ලෙස කටයුතු කිරීමක් වශයෙන් යුදෙව් දහම හා ඉස්ලාම් දහම එකක් නොවන බව ඇඟවීමට ආෂූරා දින හා ඊට පෙර දින ද උපවාසයේ නිරත වන මෙන් අණ කළහ.

    سَمِعْتُ عَبْدَ اللهِ بْنَ عَبَّاسٍ رَضِيَ اللهُ عَنْهُمَا، يَقُولُ: حِينَ صَامَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَوْمَ عَاشُورَاءَ وَأَمَرَ بِصِيَامِهِ قَالُوا: يَا رَسُولَ اللهِ إِنَّهُ يَوْمٌ تُعَظِّمُهُ الْيَهُودُ وَالنَّصَارَى فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «فَإِذَا كَانَ الْعَامُ الْمُقْبِلُ إِنْ شَاءَ اللهُ صُمْنَا الْيَوْمَ التَّاسِعَ» قَالَ: فَلَمْ يَأْتِ الْعَامُ الْمُقْبِلُ، حَتَّى تُوُفِّيَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ

    නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ආෂූරා උපවාසයෙහි නිරත වී ජනයාට ද එම උපවාසය නිරත වන මෙන් අණ කළහ. එවිට ජනයා අල්ලාහ්ගේ දූතයාණනි, යුදෙව්වන් හා කිතුනුවක් එදින ගෞරවටය පත් කොට සමරති. (තවත් වාර්තාවක ආගමික උත්සවයක් ලෙස සමරති.) යැයි පවසා සිටියහ. එවිට නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ ලබන වසරේ මා ජීවතුන් අතර සිටියේ නම් නව වන දිනත් උපවාසයෙහි නිරත වෙමි යැයි පැවසූහ. නමුත් ඊළග වසරේ නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ජීවතුන් අතර නොවූහ. එතුමාණන් මරණයට පත් වූහැයි ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමාණන් වාර්තා කරයි. (මූලාශ්‍රය: මුස්ලිම්)

    ඇත්තෙන්ම මූසා නබි තුමා හා ඊසා නබි තුමා ගෙන ආ දූත මෙහෙවරයම නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ද ගෙන ආහ. මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පිළිබඳව මූසා (අලෙයිහිස් සලාම්) හා ඊසා (අලෙයිහිස් සලාම්) යන නබි වරුන් තව්රාත් හා ඉන්ජීල් හි පෙර සඳහනක් කර ඇත. නමුත් මෙම සත්‍යය පිළිනොගත් ඊට පටහැනි සංකල්පයක් යුදෙව්වන් හා කිතුනුවන් පිළිපදින හෙයින් ද ඔවුන්ට හා ඔවුන්ගේ අවුරුදු උත්සව දිනට වෙනස් බව පෙන්වා දීමටත් මෙම දෙදින උපවාසයෙහි නිරත ව වන මෙන් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ අණ කර ඇති බව මෙයින් වටහා ගත යුතුයි. තවත් පිරිසකගේ සංස්කෘතියක් පිළිපැදීමෙන් වැළකී සිටීමට මෙය පෙන්වා දෙයි.

    උපවාසයේ මහිමය

    ආෂූරා උපවාසය මුහර්රම් මස නව වැනි හා දස වැනි දින නිරත වන උපවාසයන් බව ඉහත සඳහන් නබි වදන් මඟින් තහවුරු වෙයි.

    عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللهُ عَنْهُ، قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «أَفْضَلُ الصِّيَامِ، بَعْدَ رَمَضَانَ، شَهْرُ اللهِ الْمُحَرَّمُ، وَأَفْضَلُ الصَّلَاةِ، بَعْدَ الْفَرِيضَةِ، صَلَاةُ اللَّيْلِ

    රමළානයට පසු ඉතා ශ්‍රේෂ්ඨතම උපවාසය අල්ලාහ්ගේ මාසය වන මුහර්රම් මාසයේ නිරත වන උපවාසයයි. අනිවාර්යය කරනු ලැබූ සලාත් නැමදුම් වලට පසු ඉතා ශ්‍රේෂ්ඨතම නැමදුම වනුයේ රාත්‍රී කාල සලාතය වේ යැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පවසා සිටියහ.

    (වාර්තාකරු: අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) මූලාශ්‍රය: මුස්ලිම්, අහ්මද්)

    ආෂූරා දින උපවාසයේ නියැළීම වැදගත් සුන්නාහ්වක් බව මෙම හදීසය පැහැදිලි කරයි.

    عَنْ أَبِي قَتَادَةَ، أَنَّ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «صِيَامُ يَوْمِ عَاشُورَاءَ، إِنِّي أَحْتَسِبُ عَلَى اللَّهِ أَنْ يُكَفِّرَ السَّنَةَ الَّتِي قَبْلَهُ

    ආෂූරා දිනයෙහි උපවාසයෙහි නියැළීම පෙර වසර සඳහා වූ පාපයන් වලට වන්දියක් වනු ඇත යැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පැවසූහ.

    (වාර්තාකරු: අබූ කතාදා, මූලාශ්‍රය: තිර්මිදි)

    මෙම උපවාසයෙහි මහිමය ලබා අල්ලාහ්ගේ ආශිර්වාදය ලබමු.