දුල් හජ් මස මුල් දින දහයේ මහිමය
ප්‍රවර්ග / වර්ගීකරණයන්
Full Description
දුල් හජ් මස මුල් දින දහයේ මහිමය
] සිංහල – Sinhala –[ سنهالي
මාහිර් රම්දීන්
2013 - 1434
فضائل عشر ذي الحجة
« باللغة السنهالية »
ماهر رمدين
2013 - 1434
සංස්කරණය
මව්ලවි ටී. ඩී. රම්ඩීන් මාහිර් (නූරී)
සියලු ප්‍රශංසා අල්ලාහ් සතුයි. ශාන්තිය හා සමාදානය උත්තම නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් වෙත හිමි වේවා !
නැමදුම් කිරීම සඳහා කාලයන් වෙන් කර තිබීම උත්තරීතර අල්ලාහ් තම ගැත්තන්ට පිරිනමා අති මහත් වරප්‍රසාදයකි. ඔවුන් එහි අධික වශයෙන් යහපත් ක්‍රියා වල නිරත වෙයි. තම පරමාධිපතිට සමීප වීමේ මඟ සොයයි. භාග්‍ය වන්තයා මෙම කාලයන් තුළ උපරිම ප්‍රයෝජන නෙළා ගනියි. එය නිකරුණේ ගෙවී යන්නට ඉඩ නොහරියි. මෙවැනි භාග්‍ය සම්පන්න කාලයන් අතුරින් දුල් හිජ්ජා මස මුල් දින දහය ද අඩංගු වේ. එය අල්ලාහ්ගේ රසූල්වරයා හජ් සඳහා සහභාගී වූ ලොව දින අතුරින් උතුම් දින ලෙස සැලකූ කාල පරිච්ඡේදයකි. එතුමා මෙම කාලය තුළ දැහැමි ක්‍රියාවන් වල නිරත වන මෙන් ජනයා දිරි ගැන්වීය. එපමණක් නොව උත්තරීතර අල්ලාහ් මේ පිළිබඳව දිවුරා දේව පණිවිඩ ප්‍රකාශ කර ඇත. මෙයම එහි වැදගත්කම හා මහිමය පෙන්වා දීමට තරම් ප්‍රමාණවත් සාධකයකි. මහා බලවතා බලවත් දෙයකින් මිස බල රහිත දෙයකින් දිවුරා ප්‍රකාශ නොකරයි.
එම කාලය වෙනුවෙන් කැප වීමටත් එහි දැහැමි ක්‍රියාවන් කිරීමටත් යහපත් අයුරින් එයට මුහුණ දීමටත් එහි ඵල ප්‍රයෝජනය නෙළා ගැනීමටත් ඒ වෙත අප කැඳවයි. ඒ අනුව මෙම ලිපියෙන් පැහැදිලි කරනුයේ දුල් හිජ්ජා මස මුල් දින දහයේ මහිමය, එහි සිදු කරන ක්‍රියා වල මහිමය හා එම දිනයන්හි කිරීමට දිරිගන්වා ඇති සුදුසු කරුණු පිළිබඳවය. මෙම විශේෂිත දින දහයෙන් පෝෂණය ලැබීමටත් අල්ලාහ්ගේ තෘප්තිය ලැබෙන අයුරින් එහි ප්‍රයෝජනය නෙළා ගැනීමටත් අපි අල්ලාහ්ගෙන් ඉල්ලා සිටිමු.
දුල් හිජ්ජා මස මුළු දින දහය පිළි ගත යුත්තේ
කවර ක්‍රියාවලියන් තුළින් ද?
පොදුවේ නැමදුම් කරන කාලය තුළ තමන් තැන්පත් සිතින් කල් ගත කළ යුතු වේ. ඒ අතුරින් දුල් හිජ්ජා මාසයේ පහත සඳහන් කරුණු තුළින් එය ලබා ගත හැකිය.
1. පසුතැවිලි වී සමාව අයැද සිටීම.
නැමදුම් කිරීමේ කාල වල පොදුවේ පශ්චාත්තාපයේ නියැළීමෙන් හා අල්ලාහ් වෙත නැවත යොමු වීම කෙරෙහි දැඩි විශ්වාසයකින් යුතුව එම කාලයන් පිළිගැනීම මුස්ලිම්වරයෙකුගේ වගකීම වෙයි. තව්බාවෙ හි නියැළීමෙහි මෙලොව හා මතුලොව ජයග්‍රහණය රැඳී ඇත. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
وَتُوبُوا إِلَى اللَّهِ جَمِيعًا أَيُّهَا الْمُؤْمِنُونَ لَعَلَّكُمْ تُفْلِحُونَ
විශ්වාසවන්තයින් නුඹලා ජයග්‍රහණය ලබනු පිණිස නුඹලා සියල්ලෝම අල්ලාහ් වෙත පශ්චාත්තාප වවු. (අල්-කුර්ආන් 24:31)
2. මෙම දිනයන්හි උපරිම ඵල නෙළා ගැනීම සඳහා යහපත් අධිෂ්ඨානයන් ඇති කර ගැනීම.
මුස්ලිම්වරයෙකු යහකම් කිරීමෙන් හා යහ වදන් කතා කිරීමෙන් මෙම දින ජීවමාන කිරීම උදෙසා දැඩි ආශාවක් ඇති කර ගත යුතු වේ. යම් විෂයක් කෙරෙහි කෙනෙකු දැඩි අධිෂ්ඨානයක් ඇති කර ගත්තේ නම් අල්ලාහ් ඔහුට උදව් කරනු ඇත. එමෙන්ම එම කටයුත්ත සාර්ථකව ඉටු කිරීම සඳහා ද උපකාර කරනු ඇත. කවරෙකු අල්ලාහ්ව සත්‍යය කරන්නේ ද අල්ලාහ් ඔහුව සත්‍යය කරවයි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
وَالَّذِينَ جَاهَدُوا فِينَا لَنَهْدِيَنَّهُمْ سُبُلَنَا
ඔවුහු කවරහු ද යත් අප විෂයෙහි ඔවුන් කැපවෙති. සැබැවින්ම අපි ඔවුනට අපගේ මාර්ගය පෙන්වන්නෙමු.
(අල්-කුර්ආන් 29:69)
3. පාපයන්ගෙන් දුරස් වීම
අවනත වීම අල්ලාහ් වෙත සමීප වීමේ සාධකයක් වනවාක් මෙන්ම පාපකම් කිරීම අල්ලාහ්ගෙන් දුරස්වීමටත්, ඔහුගේ කරුණාව අහිමි වීමටත් සාධකයක් වෙයි. තමන් කරන පාපය හේතුවෙන් අල්ලාහ්ගේ කරුණාව මිනිසාට අහිමි වී යයි. එබැවින් ඔබ ඔබගේ පාපයට සමාව පතන්නේ නම් එමෙන්ම ඔබ නිරයෙන් ආරක්ෂාව පතන්නේ නම් මෙම දිනවලත් වෙනත් දිනවලත් පාපයට ඇද දමන කටයුතු වලින් වැළකී සිටිය යුතුයි. ඔහු පතන දේ කුමක් දැයි මැනවින් හදුනා ගත්තේ නම් එය ක්‍රියාත්මක කිරීමට ඔහු කෙරෙහි පහසු වේ.
එබැවින් මුස්ලිම් සහෝදරවරුණි, මෙම දිනයන්හි මහිමයන් අතපසු වී ඔබ ඒ පිළිබඳව දුකට පත්වීමට පෙර යහපත් දේ කිරීමටත් යහ ප්‍රතිඵල නෙළා ගැනීමට ආශාව ඇති කරගන්න.
දුල් හිජ්ජා දින දහයේ වැදගත්භාවය
1. අල්ලාහ් මෙම දිනයන් මත දිවුරා සිටීම
අල්ලාහ් යම් දෙයක් ගැන දිවුරා සිටියේ නම් එය එම වස්තුවේ මහිමය එහි උදාරත්වය හා වැදගත්කම පෙන්වා දීමකි. එනම් බලවතා බලවත් දෙයකින් මිස වෙනත් දෙයකින් දිවුරා නොසිටියි. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි.
وَالْفَجْرِ. وَلَيَالٍ عَشْرٍ.
අලුයම මත දිවුරා දස රාත්‍රීන් මත දිවුරා. (අල්-කුර්ආන් 24:31)
මෙහි දී දස රාත්‍රීන් යනු දුල් හජ් මාසයේ දින දහය වේ. අල්-කුර්ආන් අටුවාචාරීන් බහුතරයකගේ මයත ද මෙයම වෙයි. ඉබ්නු කසීර් තුමා තම විවරණයේ එය නිවැරදි බව පවසා සිටියි.
2. එය අල්ලාහ්ව මෙනෙහි කිරීම සඳහා නියම කරනු ලැබූ දිනයන් වීම
උත්තරීතර අල්ලාහ් පවසයි.
وَيَذْكُرُوا اسْمَ اللَّهِ فِي أَيَّامٍ مَعْلُومَاتٍ عَلَى مَا رَزَقَهُمْ مِنْ بَهِيمَةِ الْأَنْعَامِ
ගොවිපළ සතුන්ගෙන් ඔහු ඔවුනට පිරි නැමූ දෑ වෙනුවෙන් නියම කරන ලද දිනයන්හි අල්ලාහ්ව මෙනෙහි කරනු පිණිසයත්ය. (අල්-කුර්ආන් 22:28)
3. ලොවෙහි දිනයන් අතුරින් උතුම්ම දිනයන් බවට අල්ලාහ්ගේ රසූල් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් සාක්ෂි දැරීම.
عن جابر رضي الله عنه عن النبي صلى الله عليه وسلم قال :"فضل أيام الدنيا أيام العشر ـ يعني عشر ذي الحجة ـ قيل: ولا مثلهن في سبيل الله؟ قال : ولا مثلهن في سبيل الله إلا رجل عفر وجهه بالتراب "رواه البزار وابن حبان وصححه الألباني
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බවට ජාබිර් රළියල්ලාහු අන්හු තුමාණන් විසින් වාර්තා කරන ලදී. මෙලොව දිනවලින් උතුම් වනුයේ දින දහයයි. එනම් දුල් හිජ්ජා මස දින දහයයි. අල්ලාහ්ගේ මාර්ගයේ කැපවීම මේ හා සමාන නොවන්නේ දැයි විමසනු ලැබීය. එවිට එතුමාණෝ අල්ලාහ්ගේ මාර්ගයේ කැපවීම මේ හා සමාන නොවන්නේය. නමුත් පසින් තම මුහුණ ආවරණය කළ පුද්ගලයෙකු හැර. (මූලාශ්‍රය: අල්-බස්සාර්, ඉබ්නු හිබ්බාන්, ඉමාම් අල්බානිතුමා විසින් මෙය සනාථ කොට ඇත.)
4. එහි අරෆා දිනය පිහිටා තිබීම.
අරෆා දිනය හජ් හි මහා දිනයයි. පාපයන්වලට සමාව ලැබෙන දිනයයි. නිරයෙන් නිදහස් කරනු ලබන දිනයයි. අරෆා දිනය පමණක් දුල් හිජ්ජා දින දහයේ මහිමයට ප්‍රමාණවත් වෙයි. නබි තුමාණන් වරෙක හජ් යනු අරෆාව යැයි සඳහන් කළේය.
5. එහි සත්වයෙකු කැප කිරීමේ දිනය පිහිටා තිබීම.
ඇතැම් විද්වතුන් පවසනුයේ එය වසරේ දින අතුරින් ශ්‍රේෂ්ඨතමය දිනයක් බැවිනි.
قال صلى الله عليه وسلم "أعظم الأيام عند الله يوم النحر، ثم يوم القر"
رواه أبو داود والنسائي وصححه الألباني
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් මෙසේ දන්වා සිටියේය. අල්ලාහ් අබියස දින අතුරින් ශ්‍රේෂ්ඨතම දිනය වන්නේ “යව්මුන් නහ්ර්‘“ හෙවත් සත්වයෙකු කැප කිරීමේ දිනයයි. පසුව යවුමුල් කර් හෙවත් ඊළඟ දිනයයි. (මූලාශ්‍රය අබූ දාවූද්, අන්-නසාඊ)
6. සියලු ප්‍රධාන නැමදුම් එකවර ඉටු කළ හැකි දිනයන් වීම.
හාෆිල් ඉබ්නු හජ්ර් තුමා විසින් දැනුම් දෙන ලදී. දුල් හිජ්ජා දින දහයේ ජයග්‍රහණයට හේතුව එහි සියලු ප්‍රධාන නැමදුම් ක්‍රම එකම කාලය තුළ ඉටු කිරීමට හැකියාව ලැබීමයි. එනම් සලාතය උපවාසය සදකාව හජ් යන ප්‍රධාන නැමදුම් වේ. මේවා වෙනත් කාලවලදී එකට කිරීමේ හැකියාව නොලැබෙන්නේය.
දුල් හිජ්ජා දින දහයේ නැමදුම් කිරීමේ මහිමය.
عن ابن عباس رضي الله عنهما قال: قال رسول الله صلى الله عليه وسلم: "ما من أيام العمل الصالح فيها أحب إلى الله من هذه الأيام ـ يعني أيام العشر ـ قالوا: يا رسول الله، ولا الجهاد في سبيل الله؟ قال: ولا الجهاد في سبيل الله، إلا رجل خرج بنفسه وماله ثم لم يرجع من ذلك بشيء" (رواه البخاري)
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමාණන් විසින් වාර්තා කරන ලදී.
මෙම දින හැර අල්ලාහ්ට වඩාත් ප්‍රිය කරන යහපත් ක්‍රියාවන් කිරීමේ වෙනත් දින නැත. එනම් එම දින දහය වේ. අල්ලාහ්ගේ දූතයාණනි, අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කිරීමත් මෙයට සමාන නොවන්නේ දැ?යි විමසා සිටියහ. එවිට නැත. අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කිරීම ද මෙයට සමාන නොවේ. නමුත් මිනිසෙකු තම ජීවිතය, තම ධනය රැගෙන ජිහාදය වෙත ගොස් කිසිවක් රැගෙන නැවත නොපැමිණෙන අය හැර. යැයි පැවසූහ. (මූලාශ්‍රය බුහාරි)
وعن عبد الله بن عمر رضي الله عنهما قال: "كنت عند رسول الله صلى الله عليه وسلم قال: فذكرت له الأعمال فقال: ما من أيام العمل فيهن أفضل من هذه العشرـ قالوا: يا رسول الله، الجهاد في سبيل الله؟ فأكبره. فقال: ولا الجهاد إلا أن يخرج رجل بنفسه وماله في سبيل الله، ثم تكون مهجة نفسه فيه" (رواه أحمد وحسن إسناده الألباني)
අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හු) තුමාණන් විසින් වාර්තා කරන ලදී. මම අල්ලාහ්ගේ දූතයාණන් සමඟ සිටියෙමි. මම යහපත් ක්‍රියාවන් පිළිබඳව එතුමාණන් සමඟ මෙනෙහි කරමින් සිටියෙමි. එවිට එතුමාණෝ මෙම දින වලට වඩා යහපත් ක්‍රියාවන් කිරීමේ උතුම් දින වෙනත් නැත යැයි ප්‍රකාශ කළහ. එවිට අල්ලාහ්ගේ දූතයාණනි, අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කිරීමත් එලෙසද එය අති මහත් දෙයක් නොවේ දැයි ඔවුහු විමසූහ. එවිට එතුමා එසේය ජිහාද් පවා ඊට සමාන නොවන්නේය. නමුත් මිනිසෙකු තම ජීවිතය තම ධනය රැගෙන අල්ලාහ්ගේ මාර්ගයේ පිටත් වෙයි. පසුව ඔහු එහි මරණයට පත් වෙයි එවැනි මිනිසෙකු හැර යැයි ප්‍රකාශ කළහ.
මෙම හදීස් දෙක හා ඊට අදාළ වෙනත් හදීසයන් පෙන්වා දෙනුයේ දුල් හජ් මස දින දහයේ කරන සෑම යහ ක්‍රියාවක්ම ඒ හැර වෙනත් දිනයන් හි ඉටු කරන්නේ නම් එය අල්ලාහ් ප්‍රිය කරන නමුත් කවරෙකු හෝ එම ක්‍රියාවන් මෙම දින වල ඉටු කරන්නේ නම් එය අල්ලාහ් ප්‍රිය කරන අතරම ඔහු අභියස එය වඩා උතුම් වෙයි යන්නයි.
එමෙන්ම මෙම දින වල යහකම් කරන අය අල්ලාහ්ගේ මාර්ගයේ තම ජීවිතය හා ධනය පරදුවට තබා යුද වැදී ඒවාට කිසිදු අලාභ හානියකින් තොරව හැරී එන මුජාහිද් වරයෙකුට වඩා උතුම් බවයි. මෙම දිනයන් හි කරන යහ ක්‍රියාවන් වෙනුවෙන් කිසිදු වෙන් කිරීමකින් තොරව ඒවා සියල්ලෙහි ප්‍රතිඵල ප්‍රගුණ කර දෙනු ඇත.
දුල් හජ් මාසයේ දින දහයේ කරන සතුටු දායක ක්‍රියායාවන් අතුරින් සමහරක්.
වෙනත් දිනවලට වඩා දුල් හජ් මාසයේ දින දහය තුළ කරන ක්‍රියාවන් උතුම් බවත් එම කාලයෙහි අල්ලාහ් තම ගැත්තන් කෙරෙහි ඔහුගේ දායාදයන් හා වරප්‍රසාදයන් පිරිනමන බවත් එහි පල ප්‍රයෝජන නෙළා ගැනීමට අනඟි අවස්ථාවක් බවත් ඔබට පැහැදිළි වී නම් ඒ කෙරෙහි විශේෂ අවධානය යොමු කරන්න.
ඔබේ ආත්මය එහි කැප කිරීමට ආශාව ඇති කර ගන්න. විවිධාකාර යහපත් ක්‍රියාවන් හා නැමදුම් වල අධිකව නිරත වන්න. මෙය සලෆුස් සාලිහීන් හෙවත් පෙර සිටි දැහැමියන්ගේ පිළිවෙතයි. අබූ සිමාන් අන්-නදවි තුමා මෙසේ පවසා සිටියි. සලෆුස් සාලිහීන් වරු දස දින තුනක් මහිමයට පත් කරන්නන් වූහ. එනම් රමළාන් මස අවසන් දින දහය. දුල් හිජ්ජා මස මුල් දින දහය හා මුහර්රම් මස මුල් දින දහයයි.
මුස්ලිම්වරයෙකුට එම දිනයන්හි අධික වශයෙන් නැමදුම් කිරීම සඳහා සතුටුදායක ක්‍රියාවන්ගෙන් සමහරක්
1. හජ් හා උම්රා පිළිවෙත් ඉටු කිරීම.
මෙම පිළිවෙත් දුල් හජ් දින දහයේ කරන ක්‍රියාවන් අතුරින් උතුම්ම ක්‍රියාවන් වෙයි. අල්ලාහ් කවරෙකුට තම නිවසෙහි තමන් අපේක්ෂා කරන පරිදි හජ් ඉටු කිරීමටත් උම්රා ඉටු කිරීමටත් භාග්‍යය සලසා දුන්නේ ද ඔහුගේ ප්‍රතිඵලය වනුයේ ස්වර්ගය වේ.
"العمرة إلى العمرة كفارة لما بينهما، والحج المبرور ليس له جزاء إلا الجنة"
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් මෙසේ ප්‍රකාශ කළහ. (උම්රාවක් තවත් උම්රාවක් දක්වා වූ ඒ දෙක අතර කාලය පාපයන්ට වන්දියකි. පිළි ගනු ලබන හජ් සඳහා වූ ප්‍රතිඵලය ස්වර්ගය මිස වෙනෙකක් නොවේ. (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)
පිළි ගනු ලැබූ හජ් යනු එහි පිළිවෙත් කිසිදු අඩුපාඩුවකින් තොරව මූණිච්චාවෙන් හෝ පාපයෙන් හෝ ආඩම්බරකමින් තොරව කරන හජ් වේ.
2. අස්-සියාම් හෙවත් උපවාසය.
උපවාසය ද යහ ක්‍රියාවන් අතුරිනි. එපමණක් නොව එය උතුම් ක්‍රියාවකි. එහි උදාරත්වය හා මහිමය හේතුවෙන් එයට කුසල් පිරිනැමීමේ වගකීම තමන් වෙතම පවරා ගත්තේය. උත්තරීතර අල්ලාහ් ප්‍රකාශ කළ බවට බුහාරි හා මුස්ලිම් යන ග්‍රන්ථ වල සඳහන් වන කියමනක් මෙසේය.
ආදම්ගේ දරුවා කරන සෑම ක්‍රියාවක්ම ඔහු වෙනුවෙනි. නමුත් උපවාසය හැර. සැබැවින්ම එය (ඔහු කරනුයේ) මා වෙනුවෙනි. ඒ සඳහා ප්‍රතිඵල මා විසින්ම ලබා දෙන්නෙමි.
මෙහි දී නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් අරෆා උපවාසය ගැන විශේෂයෙන් අවධාරණය කළහ. එහි මහිමය පිළිබඳව පැහැදිලි කළහ.
අරෆා දිනයෙහි උපවාස ඊට පෙර වසර සඳහා ද ඊට පසු වසර සඳහා ද (කළ වැරදි වලට) වන්දියක් බවට පත් කිරීමට අල්ලාහ් තීරණය කළේය. (මුස්ලිම්)
දුල් හජ් මස දින දහයේ යහ ක්‍රියාවන් කිරීම නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) දිරි ගන්වා ඇති බැවින් ඒ අනුව එම දින වල උපවාසයේ නියැළීම මුස්ලිම්වරයෙකුට සුදුසුය. ඒ අනුව එම දිනයන්හි උපවාසයේ නියැළීම සතුටු දායක වෙයි. ඉමාම් නවවි තුමා පවසා සිටිනුයේ එම දිනයන් හි උපවාසයේ නියැළීම ඉතා දැඩි සතුටු දායක ක්‍රියාවක් බැවිනි.
3. සලාත් ඉටු කිරීම.
සලාතය ද යහ ක්‍රියාවන් අතුරිනි. එය මහිමයෙන් අධිකය. එමෙන්ම අති මහත්ය. එබැවින් මෙම දිනයන් හි සාමුහික සලාතයට සහභාගී වීම ද අධික වශයෙන් අමතර සලාතයන් හි නිරත වීම පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්විය යුතු වේ. අමතර සලාතයන් අල්ලාහ්ට සමීප වීමේ එක් වැදගත් මාධ්‍යයකි. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා මෙසේ ප්‍රකාශ කළේය. මාගේ ගැත්තා ඔහුට මා ආදරය දක්වන තුරු අමතර සලාතයන් වෙත සමීප වන්නේය යැයි පැවසීය. (මූලාශ්‍රය: බුහාරි)
4. අල්ලාහු අක්බර්, අල්හම්දු ලිල්ලාහ්, ලාඉලාහ ඉල්ලල්ලාහ් හා වෙනත් දික්ර් පැවසීම
فعن ابن عمر رضي الله عنهما عن النبي صلى الله عليه وسلم قال: "ما من أيام أعظم عند الله ولا أحب إليه العمل فيهن من هذه الأيام العشر، فأكثروا فيهن من التهليل والتكبير والتحميد" (رواه أحمد)
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලලම්) තුමාණන් ප්‍රකාශ කළ බව ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී. අල්ලාහ් අබියස අතිමහත් එමෙන්ම එහි යහකම් කිරීම වඩා ප්‍රිය කරන මෙම දින දහය හැර ඊට සමාන වෙනත් දින නැත. එබැවින් එම දින වල ඔබ අධික වශයෙන් තහ්ලීල් හෙවත් ලාඉලාහ ඉල්ලල්ලාහ්, තක්බීර් හෙවත් අල්ලාහු අක්බර්, තහ්මීද් හෙවත් අල්හම්දු ලිල්ලාහ් යැයි පවසන්න.
ඉබ්නු උමර් තුමා හා අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හුමා) යන දෙදෙනා මෙම දිනයන් හි වෙළදපොළට බැහැරව යන විට තක්බීර් පවසන්නන්ව සිටියහ. එය අසා ජනයාද තක්බීර් පවසන්නට පටන් ගත්තේ යැයි ඉමාම් බුහාරි තුමා පවසා ඇත. තවදුරටත් ප්‍රකාශ කිරීමේ දී මිනාවෙහි උස් තැනක සිට උමර් (රළියල්ලාහු අන්හු) තුමා තක්බීර් පවසන්නෙකු වූහ. එයට සවන් දුන් මස්ජිදයේ උදවිය පවා තක්බීර් පවසන්නට පටන් ගත්හ. එමෙන්ම වෙළඳුන්ද තක්බීර් පැවසූහ. එම තක්බීර් පැවසීමෙන් මිනා ප්‍රදේශය දෙවනත් විය. ඉබ්නු උමර් තුමා පවා මේ දින වල මිනාවෙහි සිටිය දී සෑම සලාතයකට පසු ද ඔහුගේ නිදි යහනෙහි ද ඔහුගේ වත්තෙහි ද ඔහුගේ සභාවෙහි ද ඔහු ගමන් කරන විට ද මෙවැනි සෑම අවස්ථාවක දීම තක්බීර් පවසන්නෙකු වූහ.
මෙම දින වල තක්බීරය හඩ නගා පැවසීම මුස්ලිම්වරයෙකුට සතුටු දායකය. සාමුහික වශයෙන් තක්බීර් පැවසීමෙන් අපි අවධානයෙන් සිටිය යුතු වේ. හේතුව එය නබි තුමාණන් පෙන්වා දුන් මාර්ගයක් නොවන බැවිනි. සුන්නාහ්ව වන්නේ සෑම කෙනෙකුම එය තනි තනිව පැවසීමය.
5. සදකා
සදකා ලබා දීම ද යහ ක්‍රියාවන් අතුරිනි. මෙම දින වල මුස්ලිම්වරු අධික වශයෙන් දානමාන කිරීම සතුටු දායක වේ. මේ පිළිබඳව අල්ලාහ් දිරි ගන්වා ඇත.
يَا أَيُّهَا الَّذِينَ آَمَنُوا أَنْفِقُوا مِمَّا رَزَقْنَاكُمْ مِنْ قَبْلِ أَنْ يَأْتِيَ يَوْمٌ لَا بَيْعٌ فِيهِ وَلَا خُلَّةٌ وَلَا شَفَاعَةٌ وَالْكَافِرُونَ هُمُ الظَّالِمُونَ
විශ්වාසවන්තයිනි, දිනයක් පැමිණීමට පෙර නුඹලාට අප දුන් දැයින් විය පැහැදම් කරවු. එ(ම දිනයෙ)හි කිසිම ව්‍යාපාරයක් නොමැත. මිත්‍රත්වයක් ද නොමැත. කෙනෙකු වෙනුවෙන් වූ අයැදීමක් ද නොමැත. ප්‍රතික්ෂේපකයෝ වන ඔවුහුමය අපරාධකාරයෝ වන්නේ. (අල්-කුර්ආන් 2:254)
وقال صلى الله عليه وسلم (ما نقصت صدقة من مال) [رواه مسلم
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් මෙසේ ප්‍රකාශ කර සිටියහ. එනම් සදකාවෙන් කිසිදු වස්තුවක් හිඟ නොවන්නේය. (මූලාශ්‍රය: මුස්ලිම්)
ඉහත සඳහන් කරුණු දිහා බලන විට මෙම දිනයන් හි ඉටු කිරීමට සතුටු දායක වෙනත් ක්‍රියාවන් ද සැලකිල්ලට ගත හැක. ඒ ගැන අපි කෙටියෙන් සඳහන් කරන්නෙමු.
අල්-කුර්ආනය කියවීම හා එය ඉගැන්වීම, සමාව අයැද සිටීම, දෙමව්පියන්ට උවටැන් කිරීම, ඥාතී සම්බන්ධතා ගොඩ නැගීම, සලාම් පතුරුවාලීම, දුගීන්ට ආහාර සැපයීම, මිනිසුන් අතර සමාදානය ඇති කිරීම, යහ දේ විධානය කර අයහ දැයින් වැළැක්වීම, දිව හා රහස්‍ය පෙදෙස් ආරක්ෂා කර ගැනීම, අසල්වැසියන් සමග යහ අයුරින් කටයුතු කිරීම, ආගන්තුක සත්කාර කිරීම, අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කිරීම, පාරේ ඇති පීඩාදායික දෑ ඉවත් කිරීම, තම බිරියට පවුලේ අයට වියදම් කිරීම, අනාථයින් භාර ගැනීම, රෝගීන්ගේ සුවදුක් විමසීම, සෙසු අයගේ අවශ්‍යතාවන් ඉටු කිරීම, නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් වෙත සලවාත් ප්‍රකාශ කිරීම, සෙසු අයට හිංසා නොකිරීම, තමන්ගෙන් යැපෙන්නන් සමඟ මෘදු ලෙස කටයුතු කිරීම, දෙමව්පියන්ගේ මිතුරන් සමඟ සම්බන්ධතා පවත්වා ගැනීම, ප්‍රාර්ථනා කිරීම, පැවරුම් හා ගිවිසුම් ඉටු කිරීම, අල්ලාහ් තහනම් කළ දැයින් තම ශරීර අවයවයන් ආරක්ෂා කිරීම, වුළු ධෝවනය සම්පූර්ණයෙන් ඉටු කිරීම, අදාන් ඉකාමත් අතර ප්‍රාර්ථනාවෙහි නියැළීම, ජුමුආ දින කහ්ෆ් සූරාව පාරායනය කිරීම්. මස්ජිදයට යෑම සමූහ සලාතය රැකීම, අනුමත දෑ ඉපැයීමට ආශා කිරීම, මුස්ලිම්වරුන්ට සතුට ගෙන දීම, දුර්වලයින්ට අතහිත දීම, යහ දේ වෙත මඟ පෙන්වීම, ක්‍රෝධය වෛරය වැනි නපුරු සිතුවිලි වලින් හදවත පිරිසිදු කර ගැනීම, දරුවන්ට දැනුම ලබා දීම, පොදුවේ සියලු දෙනා සමග පරිත්‍යාගශීලීව කටයුතු කිරීම.
මෙවන් කටයුතු සෑම දිනකම කළ යුතු වේ. නමුත් දුල් හජ් ආරම්භ දින දහයේ විශේෂයෙන් සැලකිල්ලට ගෙන උපරිම අයුරින් කටයුතු කිරීම සතුටු දායක වෙයි.
අල්ලාහ් ඔබ සැමට මෙහි භාග්‍යය ලබා දෙත්වා !