×
කුර්ආනය සහ බයිබලය අතර තිබෙන එකඟතාව වදන් තුලින් සාමය සඳහා තිබන දොරටුව

    සාමයේ දොරටුව

    ] සිංහල- Sinhala –[سنهالي

    අෂ් ෂෙය්ක් මාහිර් රම්ඩීන්

    2013 - 1434

    باب السلام

    « باللغة السنهالية »

    الشيخ ماهر رمدين

    2013 - 1434


    සාමයේ දොරටුව

    සියලූ මනුෂ්‍ය වර්ගයාගේ අවසාන ඉලක්කය හා පරමාර්ථය සර්ව බලධාරී

    දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලබා ගැනීමය.

    ඒ සඳහා වූ සත්‍යය හා පැහැදිලි යහමඟ

    කියව ‘දහම් ලද්දවුනි‘ අප හා ඔබ එකඟ වන පොදු විෂය කරා පැමිණෙන්න’(එනම්) අපි අල්ලාහ් හැර අන්කිසිවෙකු නමස්කාර නොකරන්නෙමු’ අපි අන් කිසිවෙක් අල්ලාහ්ට සමාන නොකරන්නෙමු. අපෙන් කිසිවෙකු අල්ලාහ් හැර අන් කෙනෙකු දෙවියා ලෙස පිළි නොගන්නෙමු.

    ඔවුන් මෙය පිළි නොගන්නේ නම් “කියව” නියත වශයෙන්ම ඔබ අප මුස්ලිම්වරු යැයි සාක්ෂි දරන්නේය. (අල්-කුර්ආන් 3:64)

    හිතවත් දේව විශ්වාසවන්තයිනි!

    ඔබ කෙරෙහි සර්ව බලධාරී දෙවියාගේ ශාන්තිය හා සමාදානය හිමිවේවායි ප‍්‍රාර්ථනා කරමු.

    කිතු බැතිමතුන් ක‍්‍රිස්තුස් වහන්සේ නමින් ද මුස්ලිම් බැතිමතුන් ඊසා නමින් ද හඳුන්වන යේසූස් තුමා, ආදම්, ආබ‍්‍රහම් (ඉබ‍්‍රාහිම්), මෝසස් (මූසා), සාලමොන් (සුලෙයිමාන්) හා ඒ හා සමාන සර්ව බලධාරී දෙවියන් වහන්සේ විසින් සියලූ මනුෂ්‍ය වර්ගයාට යහමඟ පෙන්වීම සඳහා තෝරාගනු ලැබුවා වූ ධර්ම දූතයෙකු පමණි.

    යේසුස් තුමා ගෙන ආ ඒ උදාර දේව පණිවිඩයත් ආදම් (අලෙයිහිස් සලාම්) තුමාගේ පටන් ආ සියලූ ධර්ම දූතයින් ගෙන ආ දේව පණිවිඩයත් සර්ව බලධාරී දෙවියන් වහන්සේ එක්කෙනෙකු පමණක් ය යන්න සනාථ කළ ඒක දේව සංකල්පයෙහි හා එකම ජීවිත මාර්ගයක පදනම් වූවකි.

    නියත වශයෙන්ම අල්ලාහ් මාගේ මෙන්ම ඔබගේත් සර්ව බලධාරී දෙවියන් වහන්සේ ය. ඔබ නැමදිය යුත්තේ අල්ලාහ් පමණක් ය. මෙයයි යහමඟ යනුවෙන් ඊසා (අලෙයිහිස් සලාම්) - යේසුස් තුමා - පැවසීය. (අල්-කුර්ආන් 3:50) (නික්මයාම 20:3,4 විතීය කථාව 4:35, 5:8, 6-4, යෙසායා 43:10 සිට12, 44:6, මතෙව් 4:10, 13:32, ලූක් 18:19, යොහන් 17:3)

    යේසුස් තුමා තම ස්වාමියාගේ අණට අවනතවූ අතර තම ස්වාමියාට යාඥා කිරීම වැදගත් කොට සැලකුවේය. තම ගෝලයින්ටද සර්ව බලධාරී දෙවියන් වහන්සේට යාඥා කරන්නැයි අණ කළේය. (මතෙව් 14:23, 26:39 සිට41, ලූක් 6:12)

    සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලබා ගැනීම සඳහා දෙවියන් වහන්සේ කෙරෙහි පරිපූර්ණ විශ්වාසයකින් (ඊමාන්) යුතුව කටයුතු කිරීම අරමුණ කොටගත් යේසූස් වහන්සේ එම ස්ථාවරයේ සිට යහකම් කරන්නැයි අවවාද කළේය.(මතෙව් 5:2, මාර්ක් 10:17,19)

    සර්ව බලධාරී දෙවියන් වහන්සේට යාඥා කිරීමට ප‍්‍රථම අත් පා සෝදාගෙන පවිත‍්‍ර වීම ද බයිබලයේ සඳහන් වේ. (නික්මයාම 40:30, 31.ක‍්‍රියා 21:26)

    සර්ව බලධාරී දෙවියන් වහන්සේට යාඥා කිරීමේ දී මුහුණින් වැටී නමස්කාර කිරීම (සුජූද්) වැදගත් කොට සැලකුවේය. (උප්පත්ති 17:3, ගණන් කථාව 20:6, මතෙව් 26:39)

    ඌරා අපවිත‍්‍ර බවත් උගේ මස් කෑමෙන් වැළකිය යුතු බවත් අණ කොට තිබේ. (ලෙව් කථාව 11:17,18, විතීය කථාව 14:8)

    සර්ව බලධාරී දෙවියන් වහන්සේ වෙනුවෙන් ඉවසිලිවන්තව කටයුතු කරන්නෝ ආශිර්වාද ලද්දෝය. වාසනාවන්තයෝය යනුවෙන් යේසුස් තුමාණන් දේශනා කොට තිබේ. (මතෙව් 5:3 සිට 12)

    යහකම් කිරීමේදී පිරිසිදු චේතනාවෙන් සර්ව බලධාරී දෙවියන් වහන්සේ තෘප්තිමත් කිරීම පිණිස පමණක් කරන්නැයි යේසුස් තුමා දේශනා කොට ඇත. මතෙව් 6:1 සිට 4.

    අසල්වාසීන්ට පේ‍්‍රම කරන්නැයි යේසුස් තුමා තරයේ අණ කොට තිබේ. (මාර්ක් 12:31)

    පුරුෂයින් රැවුල් නොකැපිය යුතු බවත් (ලෙව් 19:27, 21:5) පුරුෂයින්ට චර්ම ඡේදය කිරීම අනිවාර්ය කොට ඇති බවත් (උත්පත්ති 17:10 සිට 13, ලූක් 2:21) ස්ත‍්‍රීන් තමන්ගේ හිස් වසා සිටිය යුතු බවත් (1 කොරින්ති 11:6) සඳහන් කොට ඇත.

    යේසුස් තුමා තම ගෝලයින් ඇමතූ අවස්ථාවන්හී දී සමාදානය වේවායි (සලාම්) කියමින් තම කථාව / දේශනය ආරම්භ කොට ඇත්තේ ය. (ලූක් 24:36, යොහන් 20:19, 20:26)

    යේසුස් තුමා හා සමාන අනාගත වක්තෘ කෙනෙක් ඉදිරියේ දී පැමිණෙනු ඇතැයි ද එතුමා උන්වහන්සේ ට ගෞරවය කරනු ඇතැයි ද එතුමාගේ කාර්යභාරයන් මොනවාද යන්න පිළිබඳව අනාවැකි පල කර ඇත්තේය. (විතීය කථාව 15:19, යොහන් 14:16, 15:26, 16:7 සිට 15, යෙසායා 29:12)

    ඉහත සඳහන් කරුණු සියල්ල මුස්ලිම් භක්තිකයින් විසින් මනාව පිළිගත් ඉස්ලාම් ධර්මයේ වෙනස් නොකළ හැකි ඒවාය. වර්තමාන මානව සංහතියේ බුද්ධිමතුන් එම කරුණු ප‍්‍රතික්ෂේප නොකරනු ඇතැයි විශ්වාස කරමු.

    ඉන් අපට පැහැදිලි වන කරුණු කිහිපයක් ඇත. එනම්: යේසුස් තුමා විසින් ගෙන ආ ඒ උදාර දේව පණිවිඩයේත් සර්ව බලධාරී දෙවියන් වහන්සේ විසින් අවසාන නබි වරයා (වක්තෘ වරයා) ලෙස තෝරාගනු ලැබුවා වූ මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ගෙන ආ ඒ උදාර දේව පණිවිඩයේත් මූලධර්මයන්හි හෝ දිව්‍යමය අනාවර ණයන් හී වෙනසක් නැතැයි අවබෝධ කරගත හැකිය.

    යේසුස් තුමා දෙවි කෙනෙක් හෝ දෙවියන් වහන්සේගේ පුත‍්‍රයෙක් හෝ නොව සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ පණිවිඩය සියලූ මනුෂ්‍ය වර්ගයාට පැහැදිලි කර දීම පිණිස මනුෂ්‍යයින් තුළින් තෝරාගනු ලැබුවා වූ තවත් වක්තෘ වරයෙක් පමණි. (ක‍්‍රියා 2:22)

    යේසුස් තුමා වක්තෘ වරයෙක් ලෙස ඉස්රාඊල් දරුවන්ට මෙසේ පැවසුවේය.

    මම නුඹලා වෙත පැමිණියේ නුඹලාගේ දෙවියන් වහන්සේ ගෙන් වූ සලකූනක් ලෙසය. (අල්-කුර්ආන් 3:49)

    යේසුස් තුමා අවනත වූ දෙවියන් සර්ව බලධාරීය. විශ්වයේ පවතින සෑම වස්තුවකම නිර්මාතෘවරයාය. මුස්ලිම් භක්තික යින් විසින් අල්ලාහ් යැයි පවසනු ලබන්නේ ද එම දෙවියන්ට ම ය.

    නියත වශයෙන්ම මාගේත් ඔබගේත් දෙවියන් සර්වබලධාරී අල්ලාහ්ය යනුවෙන් පැවසූ ඊසා (අලෙයිහිස් සලාම්) - යේසුස් තුමා - අල්ලාහ්ට පමණක් යාඥා කරන්න. එයයි නිවැරදි මඟ යනුවෙන් පැවසුවේය. (අල්-කුර්ආන් 43:64)

    මරණයෙන් පසු ඇති ජීවිතාන්තයකින් තොර වූ ජීවිතයේ අපායෙන් ගැලවී සදාකල් සතුටින් සහනයෙන් පිරි වාසනා වන්ත ජීවිතයක් ස්වර්ගයේ ගත කිරීමේ අභිලාෂයෙන් සර්ව බලධාරී අල්ලාහ් කෙරෙහි පමණක් විශ්වාසය තබමු.

    මම පියාණන් වහන්සේගෙන් ඉල්ලන්නෙමි. එවිට උන් වහන්සේ නුඹලා සමඟ සදාකල්ම සිටිනු පිණිස වෙන සැනසිලිකාරයෙකු නුඹලාට දෙන සේක. (බයිබලයේ ශු-යොහන් -14:16)

    සර්ව බලධාරී අල්ලාහ් විසින් සියලූ මනුෂ්‍ය වර්ගයාට යහමඟ පෙන්වීම සඳහා අවසාන වශයෙන් පහළ කරනු ලැබුවා වූ අල්-කුර්ආනය අවබෝධ කර ගැනීම සඳහා දැඩි උත්සාහයක යෙදෙමු.

    ඊසා (අලෙයිහිස් සලාම්) - යේසුස් තුමා ගේ අනාවැකිය සනාථ කරමින් සර්ව බලධාරී අල්ලාහ්ගේ අවසාන වක්තෘ වරයාණන් වශයෙන් පැමිණි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාගේ ජීවන ක‍්‍රමය ගැන පැහැදිලි අවබෝධයක් ලබා ගැනීම සඳහා උත්සාහ කරමු.

    නියත වශයෙන් ම අල්ලාහ් සහ ඔහුගේ ධර්ම දූතයින් අතර වෙනස්කම් කිරීමේ අභිලාෂයෙන්: අපි එම වක්තෘවරුන් ගෙන් සමහරක් දෙනා කෙරෙහි විශ්වාසය තබන අතර සෙසු අය ප‍්‍රතික්ෂේප කරමුයි පවසති. මොවුන් සියල්ලෝම කාෆිර්වරුන් (අල්ලාහ් ප‍්‍රතික්ෂේප කරන අය) වෙති. කාෆිර්වරුන්ට ඉතා නින්දා සහගත වේදනාවන් සූදානම් කර ඇත්තෙමු. යමෙක් අල්ලාහ් සහ ඔහුගේ ධර්ම දූතයින් කෙරෙහි විශ්වාසය තබා ඔවුන් අතර වෙනස්කම් නොකරන්නේ ද ඔවුන්ට හිමි ආනිසංස අල්ලාහ් ඔවුන් ට පිරිනමනු ඇත. අල්ලාහ් ක්‍ෂමාශීලීය, අති කාරුණිකය. (අල්-කුර්ආන් 4:150)

    ලෝකයේ මහා විපර්යාසයන් සිදුවෙමින් පවතින මෙම වකවානුවේ සර්ව බලධාරී අල්ලාහ්ගේ ආශිර්වාදයෙන් අපට එළිය දකින්නට ඇත්නම්‘.... අප ජයග‍්‍රහණය කරා ළං වෙනවා නියතයි. ඉන්ෂා අල්ලාහ්.

    සර්ව බලධාරී දෙවියාගේ ආශිර්වාදය ජීවිතයේ පරමාර්ථය කරගත් සියලූ දෙනාට ජය ප‍්‍රාර්ථනා කරමු.

    ලොව සාමය පැතිරේවා