සාමය සදහා ඉස්ලාමිය සදාචාරය
ප්රවර්ග / වර්ගීකරණයන්
Full Description
සාමයේ සඳහාවූ සහාචාරය සමහරක්
] සිංහල – Sinhala –[ سنهالي
අෂ් ෂෙය්ක් මාහිර් රම්ඩීන්
නිරීක්ෂණය: ජාසිම් බින් දඉයාන්
2013 - 1434
أخلاق تهدي إلى السلام
« باللغة السنهالية »
ماهر رمدين
مراجعة: جاسم بن دعيان
2013 - 1434
සාමය සඳහා වූ ඉස්ලාමීය සදාචාර
සමහරක්
මව්ලවි මාහිර් ටී.ඞී. රම්ඞීන්
සියලූ ප්රශංසා ලොව නිර්මාණය කර, ඒ සියල්ල පෝෂණය කර, පාලනය කරන්නා වූ සර්වබලධාරී අල්ලාහ්ටම සතු වන්නේය.
ශාන්තිය හා සමාදානය සදාචාරයෙන් පිරිහී ගිය, සහජීවනය නොහදුනන අදුරු යුගයක ජීවත් වූ අඥාන ජනයාට සාර්ථක ජීවිතයක් ගත කරන්නට මඟ පෙන්වමින් අන්ධකාර යෙන් ආලෝකය වෙත පියනගන්නට අඩිතාලමක් වූ මුහම්මද් සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන් වෙත හිමිවේවා.
විශ්ව ගම්මානයක් ලෙස ලොව වැජඹෙන මේ යුගයේ රටවල් අතර දේශ සීමා පසුකරමින් මිනිසුන්, සමූහයන්, ජාතීන් අතර සබැදියාවන් වැඩි දියුණු වෙමින් පවතියි. මෙකී සබැඳියාවන් දේශීය හා ජාත්යන්තරව මිනිසාගේ සංවර්ධනයට කොතෙක් දුරට අතහිත දෙනවා ද යන්න බුද්ධිමත් ජනයා නොදන්නා රහසක් නොවේ. මිනිස් සංහතියේ ජය හා සතුට රැඳී ඇත්තේ ඔවුන් තුළ ඇති උසස් ගුණාංග මනුෂ්යකම හා සහෝදරත්වය වැඩිදියුණු කිරීමෙහිය.
වෛරය" ක්රෝධය ප්රචණ්ඩත්වය හෙළා දකිමින් සාමය හා සමාදානයට අතහිත දෙමින් මිනිසාගේ යහපත කේන්ද්ර කරගත් දහමකි ඉස්ලාම්" මෙහි පදානුගත අර්ථය වනුයේ අවනත වීම කීකරු වීම යන්නයි' තවත් අතකින් සාමය හා සමාදානය යන අර්ථවලින් ද විවහාර කරනු ලබයි' එසේ නම්" මෙහි සැබෑ අර්ථය වනුයේ' දේව නියෝගයට අවනත වී එමඟින් සාමය හා සතුට ලඟා කර ගැනීම යන්නය'
මිනිසා දේව නියෝගයට අවනත නොවන්නේ නම්" ඔහු තම ආත්මාශාවන්ට වහල් වී සීමාව ඉක්මවා කටයුතු කරන්නට පටන් ගන්නේය' එවිට තමන් කවුද? තමන් අවට සිටින නිවැසියන්" ඥාතීන්" සහෝදරයින්" අසල්වැසියන්" කවුදැයි නොදැන ඔවුන්ගේ අයිතිවාසිකම් පවා උල'ලංඝණය කරමින් ආත්මාර්තකාමීව කටයුතු කරන්නට පෙළඹෙන්නේය'
එබැවින් අප තුළ සාමය හා සහජීවන උදා කර ගැනීමට නම්" අපි කවුද? අපගේ ආරම්භය කෙසේ වී දැයි සොයා බැලීම වැදගත් වන්නේය' මිනිසාගේ ආරම්භය හා මිනිසා තුළ වූ විවිධත්වය අල්-කුර්ආනය පැහැදිලි කරනුයේ මෙසේය'
මිනිසුනි" සැබැවින්ම අපි නුඹලාව පිරිමියෙකුගෙන් හා කාන්තාවකගෙන් මැව්වෙමු' තවද අපි නුඹලාව ජාතීන් හා ගෝත්ර වශයෙන් පත් කළෙමු' එය නුඹලා එකිනෙකා හඳුනා ගැනීම පිණිසය' සැබැවින්ම දෙවියන් අභියස නුඹලා අතුරින් උසස් පුද්ගලයා වනුයේ දෙවියන්ට බියබැතිමත්ව කටයුතු කරන්නාය' (අල්-කුර්ආන් 49:13)
මෙම වැකියෙන් පැහැදිලි වන වැදගත්ම කරුණක් වන්නේ අප සියලූ දෙනාම එකම පියකුගෙන් හා එකම මවකගෙන් බිහි වූ දරුවන් බවයි' නමුත් අප අතර ජාති" කුල" ගෝත්ර" භාෂා යන විවිධත්වය පවතියි' එය එසේ පිහිටා අත්තේ අප එකිනෙකා හදුනාගනු පිණිස මිස තමන්ගේ ජාතිය, කුලය, භාෂාව පිළිබඳව පුරසාරම් දොඩන්නට නොවේ' ලොව මැවුම්කරු ඉදිරියේ අප කවුරුත් එක හා සමාන බව මෙයින් ඉතා පැහැදිලි වන්නේය'
නමුත් අද මිනිසා මෙම යථාර්තය තේරුම් ගන්නට නොහැකිව ජාති" කුල භේද පදනම් කරගනිමින් අසමගියෙන් ජීවත් වන අයුරු අපට දකින්නට පුළුවන' සාමය උදා කර ගන්නට අප කළ යුතු මුල්ම කාරණය වනුයේ මෙකී විවිධත්වය තුළ අවබෝධයෙන් යුතුව කටයුතු කිරීමයි'
සාමය හා සහජීවනයට බාධක වී ඇත්තේ අනවබෝධයයි' සාමයේ සතුරා පරදවාලීමට අපට හැකි වන්නේ නම් අප තුළ සාමය හා සෞභාග්යය උදාවීම නොඅනුමානය'
ගින්නක් නොමැතිව දුමක් හටගන්නේ නැත' ගින්න නිවා දමන්නේ නම්" දුම නැති වී යයි' මෙලෙස මිනිසා තම පවුල් ජීවිතයේ හා සමාජ ජීවිතයේ නොයෙකුත් ප්රශ්නවලට ගැටලූවටල මුහුණ දෙන්නේය' ඒවාට විසදුම් සොයමින් ව්යාකූලත්වයට පත් වන්නේය' ඉන් මිදීමට නොයෙකුත් මාර්ග සොයන්නේය'
මෙවන් අවස්ථාවක ඔහුගේ වගකීම වන්නේ මේ දුමට හේතු වූ ගින්න සොයා, එය නිවා දැමීමයි' එසේත් නොමැතිනම් දුම පැතිරෙන්නට කලින් ගින්න නිවා දැමීමයි' මෙසේ පැතිරෙන ගින්න නිවාදැමීමට හා ගින්නෙන් වැළකීමට ඉස්ලාමය මිනිසාගෙන් ඉල්ලා සිටිනුයේ" එයට තුඩු දුන් කරුණු අධ්යයනය කර එයින් වැළකෙන ලෙසයි' එවිට වෛරයෙන් හා ක්රෝධයෙන් තොර සාමකාමී ජීවිතයක් උදා කර ගන්නට හැකිවනු ඇත'
මිනිසා තමන් සතු අයිතිවාසිකම් හඳුනනවා සේම, අන් සතු අයිතිවාසිකම් පිළිබඳව සැලකිලිමත් විය යුතුයි' එසේ නම් තම සහෝදරයා සතු ජීවිතය, ඔහුගේ මාන්යය, ඔහුගේ දහම, ඔහුගේ දේපළ හා බුද්ධිය වැනි අයිතිවාසිකම් ඔහුට ලබා දීම මිනිසාගේ පරම යුතුකමකි' මිනිසාට භුක්ති විදිය හැකි නිදහසක් තිබෙනවාක් මෙන්ම, තම නිදහස තවත් කෙනෙකුට හිරිහැරයක් නොවන්නට වගබලාගත යුතුයි' තම නිදහස සෙස්සන්ට බාධාවක් නම්" එය නිදහස යැයි කිව නොහැක'
එමෙන්ම ප්රජාතන්ත්රවාදී රටක ජීවත් වීමේ, අදහස් ප්රකාශ කිරීමේ හා තමන් අභිමත දහමක් පිළිපැදීමේ අයිතිය මිනිසාට ඇත' එබැවින් මිනිසා තම අයිතිය අහිමි වන විට ඒවා ලබා ගැනීමට නොයෙකුත් ආකාරයේ වෑයම් දරයි' සමහරු සාමකාමීව කටුයතු කරති' තවත් සමහරු ප්රචණ්ඩත්වය විසදුමක් බවට පත්කර ගනී' කෙසේ වෙතත් මෙවන් අවස්ථාවක ධනාත්මකව මුහුණ දෙන්නට හැකි වන්නේ අනෙකා පිළිබඳව අවබෝධයෙන් යුතුව කටුයුතු කිරීමෙන් පමණි'
සාමයට බාධාවක් වූ මේ අනවබෝධය පෝෂණය කරනුයේ මිනිසාගේ වැරදි අනුමානය, නොමනා විපරම හා කේළමයි' අවසානයට එය ගැටුමක් බවට පත් වී විනාශය කරා අප කැටුවාගෙන යනු ඇත'
මේ පිළිබඳව අල්-කුර්ආන් 49 - 12 වැනි වැකිය දේව විශ්වාසවන්තයින් අමතා මෙසේ ප්රකාශ කරයි'
විශ්වාස කළවුනි" අනුමානයන් බොහෝමයකින් වැළකෙවු' සැබැවින්ම අනුමානයන් සමහරක් පාපතරය' (නොමනා) විපරම් නොකරවු' නුඹලාගේ සමහරු සමහරුන්ට කේළම් නොකියවු' නුඹලාගෙන් කෙනෙකු තම සහෝදරයාගේ මාංශ අනුභව කිරීමට කැමති වන්නේ ද? නුඹලා එය පිළිකුල් කරන්නෙහුය' (ඒ පිළිබඳව) නුඹලා අල්ලාහ්ට බියවවු' සැබැවින්ම අල්ලාහ් පසුතැවිල්ල භාර ගන්නාය' අසමසම කරුණාන්විතය'
එනිසා අනවබෝධය පොෂණය කරන මෙකී කරණු පිළිබඳව අපි අවදානය යොමු කළ යුතුයි' එසේ නම්" අපි'
1' අනුමාන කිරීමෙන් වැළකෙමු .
කිසිදු දැනුමකින් තොරව යමෙකු පිළිබඳව හෝ සමාජයක් පිළිබඳව හෝ කෙනෙකු සිතෙහි ඇති කරගන්නා වූ වැරදි සිතුවිල්ල අනුමානයයි' මෙය සෑම ප්රශ්නයකටම මූලාරම්භය වන්නේය' පසුව මෙම අනුමානය දර්ශනයක් බවට පත්වී එම දර්ශනය සැබෑවක් බවට උපකල්පනය කරමින් අනතුරුව ඒ අනුව ක්රියාත්මක වන්නට මිනිසා උත්සාහ දරන්නේය'
වැරුද්දක් සිදුවන ස්ථානයක පුද්ගලයෙකු සිටි පමණින් ඔහු වැරදිකරු බවට අනුමාන කිරීම මහා වරදකි' ඉස්ලාමය පෙන්වා දෙන්නේ කෙනෙකු වැරදි කළ බව ඔප්පුවන තරමට සාක්ෂි නොමැත්තේ නම්" ඒ පිළිබඳව නීතිමය ක්රියාමාර්ග කිසිවක් නොගෙන එය දෙවියන් වෙත භාර කරන ලෙසයි'
එසේම අනුමානයට වඩා නිරතුරුව සෙසු අය පිළිබඳව ධනාත්මකව සිතන මෙන් ඉස්ලාමය අපට උගන්වයි' නබි තුමාණෝ වරක් මෙසේ ප්රකාශ කළහ' ශරීරයේ මස් කැබැල්ලක් ඇත' එය හැඩ ගැසුනු විට මුළු ශරීරයම හැඩ ගැසෙනු ඇත' එය විනාශ වූ විට මුළු ශරීරයම විනාශ වනු ඇත' දැනගනු එයයි හදවත' මිනිසාගේ බාහිර ක්රියාකාරකම් ප්රතික්රියා වන්නේ ඔහුගේ සිතේ ඇති කර ගන්නා සිතුවිලි අනුවය'
2' අනවශ්ය විපරමින් වැළකෙමු'
කෙනෙකු පැවසීමට අකමැති දෙයක් අයහපත් චේතනාවෙන් යමෙකුගෙන් අසා දැනගන්නට කරන උත්සාහය හෝ ඔහු පිළිබඳව අනවශ්ය ලෙස සොයා බැලීම විපරම වන්නේය' මේ හේතුවන් තමන් ද පාපියෙකු වී අන් අය ද මුසාවාදයේ පාපයට ගොදුරු කරවයි' එවිට එම පාපය ද තමන් වෙත පැවරෙයි'
මිනිසා තම අනුමානය ඔස්සේ ක්රියාත්මක වීමට මුළින්ම පෙළඹෙන්නේ අනවශ්ය ලෙස විපරම් කිරීම තුළිනි' තමන්ගේ අනුමානය සැබෑවක් කර ගැනීමට මේ දරණ උත්සාහයේ ප්රතිවිපාකය වනුයේ තමන් තුළ තිබූ ඥාතිත්වය, සහෝදරත්වය, මිත්රත්වය යන සබැඳියාව බිඳී යාමයි'
3' කේළම් කීමෙන් වැළකෙමු'
ලබාගත් අසත්ය තොරතුරු පතුරුවාලීම හෝ තවත් කෙනෙකු පිළිබඳව වැරදි ලෙස කතා කිරීම කේළම වන්නේය' මෙම වරද අල්ලාහ් උපමා කර ඇත්තේ තම සහෝදරයාගේ මාංශ අනුභව කිරීමේ පිළිකුල් සහගත ක්රියාවටය' මේ සඳහා අල්ලාහ්ගෙන් සමාව ලබන්නට නම් තමන් විසින් අසාධාරයණයට පත් පුද්ගලයාගෙන් සමාව ඇයැද සිටිය යුතුය'
එබැවින් ඉහත කී කරුණු පිළිබඳව සැළකිල්ලට ගෙන ක්රියා කරන්නේ නම් සාමයෙන් හා සතුටින් පිරි සෞභාග්යමත් ජීවිතයක් ගත කරන්නට අප හැම දෙනාට අවස්ථාව උදාවන්නේය'
අපගේ පරමාධිපතියාණනි" සාමය සතුට හා සෞභාග්ය වෙනුවෙන් උරදෙන පුද්ගලයින් බවටත් ජන්නතුල් ෆිර්දවුස් හෙවත් උසස් ස්වර්ගයේ හිමිකරුවන් බවට අප සියලූ දෙනා පත් කරනු මැනව'