කාන්තාවන්ට නිවේදනයක්
ප්‍රවර්ග / වර්ගීකරණයන්
Full Description
نصيحة للنساء
කාන්තාවන්ට නිවේදනයක්
< سنهالية>
අෂ් ෂෙයික් සාලිහ් අල් ෆවුzසාන් පැවැත් වු
සිකුරාදා කුත්බා දේශනයන් දෙකක් ඇසුරින් සකස් කරන ලදී
معالي الشيخ صالح بن فوزان الفوزان
Translator's name: ජාසිම් ඉබ්නු දඉයාන්
Reviser's name:මුහම්මද් අසාද්
ترجمة:جاسم بن دعيان
مراجعة: محمد آساد
අෂ් ෂෙයික් සාලිහ් අල් ෆවුzසාන් පැවැත් වු
සිකුරාදා කුත්බා දේශනයන් දෙකක් ඇසුරින් සකස් කරන ලදී
සිංහල බසින්
ජාසිම් ඉබ්නු දඉයාන්
http://salaf-us-saalih.com/2012/02/12/a-message-to-the-woman-lecture-by-shaykh-salih-al-fawzan-must-see/
සියලු ප්‍රශංසා හා කීර්තිය උත්තරීතර අල්ලාහ්ට හිමිය. ඔහුගේ රසූල් මුහම්මද් (සල්) තුමාණන්ට ද එතුමාණන්ගේ පවුලේ අයට ද, සහාබා වරුන්ට ද සාමය හා ශාන්තිය හිමිවේවා.
අෂ් ෂේයික් ෆවුසාන් (හෆිදහුල්ලාහ්) තුමා මෙසේ දේශනා කළේය.
බිස්මිල්ලාහ් හිර්රහ්මාන් නිර්රහීම්
මෙම සිකුරාදා කුත්බා දේශනා දෙකෙහි, කතීබ් තුමාගෙන් බොහෝ ගුණවත් කරුණු වලට අප සවන් දුනිමු. එතුමාට අල්ලාහ් ජය ලබා දෙත්වා. එතුමා ඉතාමත් බැරෑරුම් ප්‍රශ්න පිළිබඳ ව එනම් කාන්තා වන් පිළිබඳ ප්‍රශ්න සම්බන්ධ ව දේශනා කළේය.
හිතවත් සහෝදරයිනි! අල්ලාහු ( සුබ්හානහු වතආලා) පිරිමින් මැවු ආකාරයෙන්ම කාන්තාවන් ද මවනු ලැබුවේ ජීවිතයේ වැදගත් කරුණක් සඳහාය. සෑම කෙනෙක්ම තම තමන්ට නියමිත වැඩ කොටස දෙනු ලැබුවෝය. පිරිමින් තමන්ට හිමි වැඩ කොටස දෙනු ලැබු අතර කාන්තාවන්ද තම වැඩ කොටස දෙනු ලැබුවෝය. සෑම කෙනෙකුම තමන්ට නියමිත වැඩ කොටසට පමණක් සීමා වී ඒවා ඉටු කළේ නම්, එමගින් සමාජයට විශාල යහපතක් සිදු වනු ඇත. මෙම අණ ඉවත දමනු ලැබුවේ නම්, එයින් විශාල අඩු පාඩුවක් සිදු වනු ඇත. ඉස්ලාමයට පෙර වූ අඥාන යුගයේ කාන්තාවන්ගේ තත්ත්වය, ඉස්ලාමය නොවන දේශයන්හි අද පවතින කාන්තාවන්ගේ තත්වය සහ ආගමට ළැදි මුස්ලිම්වරු අතර ඇගේ තත්ත්වය පිළිබඳ ඔබ අසා ඇත.
කාන්තාවක් සමාජයක ඉතාමත් වැදගත් කෙනෙක් වන අතර, ඇය ගැන විශේෂ සැලකිලි දක්වන ලෙස නබි (සල්) තුමාණන් පැවසුවේ මේ නිසාය, අරෆාත් හි නබි (සල්) තුමාණන් පැවැත් වූ සමු ගැනීමේ කුත්බා දේශනයේ මෙසේ පැවසුහ.
“කාන්තාවන්ට යහපත් ලෙස සැලකිලි දක්වනු, මන්ද ඔවුන් ඔබ භාරයේ සිටින පිරිසකි.” මූලාශ්‍ර ඉබ්නු මාජා 1851.
කාන්තාවන් සමාජයේ වැදගත් කාර්ය භාරයක් ඉටු කරන හේතුවෙන් ඔවුන්ට යහපත් ලෙස සැලකිලි දක්වන ලෙස නබි (සල්) තුමාණන් අපට අණ කළහ. මෙයින් එතුමාණන් අදහස් කළේ කාන්තාවන්ට සැලකිලි දැක්වීම සහ ඔවුන්ගේ අයිතිවාසිකම් ලබා දීම අනිවාර්යය හෙයින් ඒවාට අමතර ව ඇයව අපහසුතාවන් ගෙන් ආරක්ෂා කිරීම මෙහි බොහෝ වැදගත්වේ. කාන්තාවන් දුර්වල බව අපි දනිමු. එනිසා, ඔවුන් අයහපත් ලෙස පෙනී සිටීමෙන් සහ ඔවුන්ට කැමති දේ කිරීම තුළින් සිදු වන (ෆිත්නා) පීඩා වෙන් ඔවුන් ව ආරක්ෂා කළ යුතුය. කාන්තාවන් පිළිබඳ ව නබි (සල්) තුමාණන් නිකුත් කළ ඉතාමත් වැදගත් උපදෙස් ඔවුන් ව ආරක්ෂා කරන ලෙසය.
අල්ලාහ් අල් කුර්ආනයේ මෙසේ පවසා ඇත.
لرِّجَالُ قَوَّامُونَ عَلَى النِّسَاءِ بِمَا فَضَّلَ اللَّـهُ بَعْضَهُمْ عَلَىٰ بَعْضٍ وَبِمَا أَنفَقُوا مِنْ أَمْوَالِهِمْ ۚ فَالصَّالِحَاتُ قَانِتَاتٌ حَافِظَاتٌ لِّلْغَيْبِ بِمَا حَفِظَ اللَّـهُ ۚ .......﴿٣٤﴾
“පුරුෂයින් කාන්තාවන් මත වූ පාලකයෝය. හේතුව අල්ලාහ් ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුට වඩා උසස් කර ඇති බැවින් ද ඔවුන්ගේ ධනයෙන් ඔවුන් වියදම් කරන බැවින් ද වේ. දැහැමි කාන්තාවෝ (සැමියාට) අවනත වන, අල්ලාහ් ආරක්ෂා කර ඇති පරිදි ගුප්ත දෑ සුරක්ෂිත කරන අය වෙති.... ” අල් කුර්ආන් 4:34
මෙහිද පුරුෂයින් කාන්තාවන්ගේ භාරකාරයෝ ලෙස පැවසීමේ අර්ථය කුමක්ද? ඇයට සාධාරණත්වයක් ඉටු කිරීම පමණක් බව අදහස් කරන්නේද? එයින් අදහස් වන්නේ ඒ පමණක් නොවේ. පුරුෂයාගේ වගකීම එයට වඩා වැදගත් කාරණාවක් සම්බන්ධව පිණිසයි. කාන්තාවන් ඇයටම ආවේණික යමක් නැති කර ගැනීමෙන් ඇයව ආරක්ෂා කිරීම, එනම් තම කුලෑටිකම සහ පතිව්රතය සැලකිලි නොදක්වා ඒවා හෑල්ලුවට ගැනීමට ආරම්භ කිරීමෙන් ඇයව ආරක්ෂා කිරීම. මෙයයි කාන්තාවන් කෙරෙහි පුරුෂයෙකුගේ ප්‍රධාන වගකීම වනේනේ.
ඉහත සඳහන් වාක්‍යයෙහි පුරුෂයා යනු ඇගේ ස්වාමි පුරුෂයා ගැන පමණක් සඳහන් නොකරයි. මෙහි පුරුෂයා යනු ඇය ව ආරක්ෂා කිරීමට භාරව සිටින ඇගේ පියා, සහෝදරයා හෝ වෙනත් භාර කරු යන සියලු දෙනාම මෙහි අදාළ වෙති.
وَاللَّاتِي تَخَافُونَ نُشُوزَهُنَّ فَعِظُوهُنَّ وَاهْجُرُوهُنَّ فِي الْمَضَاجِعِ وَاضْرِبُوهُنَّ ۖ فَإِنْ أَطَعْنَكُمْ فَلَا تَبْغُوا عَلَيْهِنَّ سَبِيلًا ۗ إِنَّ اللَّـهَ كَانَ عَلِيًّا كَبِيرًا ﴿٣٤﴾
“ඔවුන්ගේ අඩ දබර ගැන නුඹලා බිය වන අයට නුඹලා (පළමුව) උපදෙස් දෙනු. තවද නිදියහනින් ඔවුන් ව නුඹලා දුරස් කරනු. තවද ඔවුනට (අවවාදාත්මක ලෙසින්) ගසනු.* එවිට ඔවුන් නුඹලාට අවනත වූයෙහු නම් ඔවුන් කෙරෙහි (වෙනත් වැරදි ඉදිරිපත් කරමින් වැරදි) මඟක් නොසොයනු. සැබැවින්ම අල්ලාහ් අති උත්තරීතර අති මහත් ය.” කුර්ආන් 4:34
මෙයට එකඟ ව කාන්තාව රැක බලාගැනීම අත්‍යවශ්‍යය.
*මෙහිදී ගසනු යන පදයෙන් අදහස් කරන්නේ, බටහිර සමාජයේ සිදු කරන කාන්තා හිංසනය මෙන් නොවන බව ඉබ්නු කතීර් (රහි) සඳහන් කරයි.
මේ දිනයන්හි ඉස්ලාමයට එරෙහි ව චෝදනා නගන්නන්, කාන්තාවන් සම්බන්ධ මාතෘකාවෙහි තම අවධානය යොමු කරති. සමාජයේ වැදගත්ම කාරණය කාන්තාවන් බව දන්නා ඔවුන් ඇය කෙරෙහි තම බැල්ම කේන්ද්‍ර කරති. කාන්තාවන්ගේ පවිත්‍රභාවය සහ ගෞරවයට එරෙහි ව හඬ නඟන ඔවුන් ඉස්ලාම් කාන්තාවන්ට පීඩනය කරන බව ගෞරව පදයක් ද යොදා ගනිති. කාන්තාවක් තම ගෞරවය හා පවිත්‍රභාවය රැක ගන්නා අයුරින් කටයුතු කළේ නම්, ඇගේ නිදහස පැහැර ගන්නා බව චෝදනා කරති. එහෙත් එහි සැබෑ තත්ත්වය වන්නේ ඇය තම පවිත්‍රභාවය හා ගෞරවය රැක ගැනීමේ නිදහස ආරක්ෂාවන මොහොත එයයි. අල්ලාහ්ට අවනත වීම, තම දරුවන් රැක බලා ගැනීම සහ අල්ලාහ් විසින් දෙන ලද වගකීම නිසියාකාර ව ඉටු කිරීම වැනි ක්රියාවනේ හි නිරත වීමට ඇයට නිදහස තිබේ. තම ස්වාමි පුරුෂයගේ නිවස බලා ගන්නා පාලිකාව වන ඇය තම භාරයේ සිටින අය ගැන වගකීම දරයි. මෙයයි ඇගේ සැබෑ නිදහස.
ප්‍රසිද්ධියේ නිර්වස්ත්‍රව පෙනී සිටීමට, අන් අය ඉදිරියේ අසභ්‍ය ලෙස හැසිරීමට, හෝ තමා කැමති ස්ථානයට මහ මඟ ඉඟ සොළවා අන් අයගේ අවධානය ඇද ගන්නා අයුරින් ඇවිද යන්නේ නම්, සැබැවින්ම මෙය නිදහස නොව එක්තරා වහල් භාවයකි. එ නම් ෂෙයිතාන්ට හා පෙලඹවීමට වහල්වීමකි.
අල්ලාහ්ගේ ගැත්තනි! නිදහස රැඳී තිබෙන්නේ අල්ලාහ්ට කීකරුවීම සහ නැමදුම් කිරීමෙහි ය. ආත්මයේ කීර්තියේ ද මිනිසෙකු වශයෙන් ගෞරවය ද මෙලොව හා මරණයෙන් පසු සතුට ද රැඳී පවතින්නේ මෙම නැමදුමෙහිය. කාන්තාවක් හෝ වෙනත් යම් දැයක් පිළිබඳ ව කවරෙකු හෝ අල්ලාහ්ට සහ ඔහුගේ අණට එරෙහි ව ක්‍රියා කරන්නේද, ඔහු මිනිසුන් හා ජින්වරුන් අතරින් ෂෙයිතාන්ගේ පහත් වහලෙක් බවට පත් වු කෙනෙකි. මෙය වහල් භාවය මිස නිදහසක් නොවේ.
මෙහි අප දැන ගත යුතු වැදගත් කරුණක් තිබේ. අපේ බිරියන්, දියණියන් සහ ඥාතීන් වන කාන්තාවන් ව අපි ආරක්ෂා කර ගත යුතුය. බටහිර කාෆිර්වරුන්ගේ ප්රචාරක කටයුතු වලට සවන් දීමෙන් වැළකී අපේ කාන්තා පිරිස ආරක්ෂා කිරීම සඳහා අපි සහයෝගයෙන් වැඩ කළ යුතුය. දේව විශ්වාසය නොමැති කාෆිර්වරු ඉස්ලාමය අතු ගා දමන්නට සෑම අයුරින්ම වෙහෙස දරන බව අපි දැන ගත යුතුය. ඉස්ලාමය විනාශ කිරීම වන මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීමට ඔවුන් යොදා ගන්නා පහසු මාර්ගය මුස්ලිම් කාන්තාවන් විනාශ කිරීමය. මෙයට හේතුව පවුල් ජීවිතයේ හා නිවසේ පදනම කාන්තාවන් වීමය. ඇය විනාශ කළේ නම්, ඇය සමඟ නිවස හා පවුල් ජීවිතය විනාශ වන බව ඔවුහු දනිති. තම මව්වරුන් හා ඥාතී කාන්තාවන්ගේ අයහපත් නිදසුන අනුගමනය කරන දියණියන් ද විනාශ වනු ඇත. මේ හේතුවෙන්, අපගේ කාන්තා පාර්ශවය අපි ආරක්ෂා කර ගත යුතුය.
ඇතැම් මුස්ලිම් දේශයන්හී සමාජ තත්ත්වය පතහ හෙළන්නට කුෆ්ෆාර්වරු සමත් වූවද, ශුද්ධ වූ මස්ජිද් දෙකක් සහිත, අල් කුර්ආනය පහළ වූ, මුහම්මද් (සල්) තුමාණන් යවන ලැබු මෙම දේශය විණාශ කිරීමට ඔවුන්ට කිසි විටෙක නොහැකි වේ.මෙම දේශයේ මුළාවට ලක් වූ පිරිමින් හා කාන්තාවන් සුළු පිරිසක් මෙම තර්ජනය සැහැල්ලුවට ගත හැකි නමුත්, මෙම දේශයේ ගෞරවය සුරැකීමට නිතර සූදානම් ව පිරිසක් සිටිති. මෙම දේශයේ ගෞරවය හා මෙහි කාන්තාවන්ගේ ගෞරවය ආරක්ෂා කරන පිරිමින් පිරිසක් සිටිති. ඉන්ෂා අල්ලාහ් ඔබද මෙම අරගලයට සම්බන්ධ වන පිරිසට අයත් වේ.
සියලු කීර්ති හිමි අල්ලාහ්ට බිය බැතිමත් ව, මෙම බරපතල වගකීම ඉසිලීම සඳහා අප සූදානම් විය යුතුය. අපි එසේ කළේ නම් අපගේ නිවෙස්, අපගේ දරුවන්, පවුලේ ඥාතින් සහ සමාජයන් ආරක්ෂා කිරීමට අපට හැකි වනු ඇත. මේ සියලු දැයන්හි පදනම කාන්තාවන් වන හෙයින් අපගේ සතුරන් ඉලක්ක කරන්නේ ඇය දෙසට ය. ඔවුන් අපගේ කාන්තාවන් දෙසට අපි හොඳ හැටි දන්නා මාර්ග තුළින්, එනම් පොත්පත්, සඟරා, පුවත් පත්, මාධ්‍යය, අන්තර් ජාලය සහ තවත් හැකි සෑම මාර්ගයෙන්ම මාන බලති. අන් ජාතින් මෙන් ආචාර විධි අතුරුදන් වී, ගෞරවය විනාශ වී මුස්ලිම් වරුන් ද පහත් තත්ත්වයට පත් වනු දකින්නට ඔවුන් කැමතිය. එවිට ඉස්ලාමයේ පදනම් විනාශ කර දමන්නට කාෆිර්වරුන්ට හැකි වනු ඇත.
“සමාජයේ ආචාර විධි තිබෙන තුරු සමාජය පවතිනු ඇත. ආචාර විධි අතුරුදහන් වුයේ නම් සමාජය ද එසේම අතුරුදහන් වී යන්නේය.” යනුවෙන් පවසයි.
ආචාරවිධි අතුරුදහන් වුයේ නම්, එම සමාජයේ අන් කිසිවක් ඉතිරි වී නොතිබේ. ගෞරවය, හැසිරීම. ලැජ්ජාව සහ උදාර ලීලාව යන සියල්ල ආචාර විධි මගින් සිදු වේ. මෙය අහ්ඃලාක් ලෙස ඉස්ලාමයේ හැඳින්වේ. තවත් තවියෙකු මෙසේ පවසයි.
“මුහුණ ප්‍රදර්ශන කර වෙළෙඳ පොළ වටා ඇවිද යන පිරිමින් මෙන් කාන්තාවන් ද සක්මන් කිරීමට අනුමත දෙනු ලැබිය යුතු යැයි මම නොකියමි. එහෙත් අසිපත හා හෙල්ල අයත් පිරිමින්ට තිබෙන රාජකාරි මෙන් (කාන්තාවන්) ඔවුන්ටද නිවසේ ඕනෑ තරම් රාජකාරි ඇත. (පිරිමින්ට බාහිර ලොවේ අයත් රාජකාරි මෙන් කාන්තාවන් සිදු කළ යුතු රාජකාරිය නිවසේ තිබෙන බව පවසන මෙම කවි පදයේ අලංකාරය වෙනත් භාෂාවෙන් කිව හැක.)
කාන්තාවන්ට ඔවුන්ට අයත් රාජකාරි බොහෝමයක් තිබෙන ආකාරයෙන් පිරිමින් ද ඉටු කළ යුතු රජකාරි විශාල ප්‍රමාණයක් තිබේ. ඔවුන් තමන්ට ගැළපෙන රාජකාරියන්හි නිරත වුයේ නම්, සමාජය යහපත් ස්ථානයක් බවට පත් වන අතර එහි සුබ සාධනය සම්පූර්ණ ව සිදු වනු ඇත. එහෙත් මෙම නියමය චලිත වුයේ නම්, සමාජයම අසම්පූර්ණවීම සිදු වේ. මේ හේතුවෙන් “පුරුෂාකාර ගති පැවතුම් සහිත කාන්තාවන්ට සහ කෝමල ගති පැවතුම් සහිත පිරිමින්ට නබි (සල්) තුමාණන් ශාප කළහ. මේ සියලු දේ සිදුවන්නේ තම ස්වභාවය, දහම, ගුණාංගය හා ගෞරවය යන සීමාව තුළ කාන්තාවක් රැඳී සිටිය හැකි වන පරිසරය ආරක්ෂා කරනු පිණිසය. ඇයගේ කීර්තිය හා ගෞරවය ආවරණය හා රැක ගැනීම ලැබිය යුතුය. අල් කුර්ආනයේ සූරා අන් නූර් පරිච්ඡේදය කියවන්න. එහිදී කාන්තාවන් ඉතාමත් උතුම් ලෙස හා ගෞරවයෙන් ආරක්ෂා දෙනු ලබන ආකාරය ද, නිවසකට ඇතුළු වීමට පෙර පිරිමින් අනුමැතිය පැතිය යුතු බව ද සඳහන් වී ඇත. නබි (සල්) තුමාණන්ගේ සුන්නාහ් ද මෙය තහවුරු කරයි. මහ්රම් කෙනෙක් නොමැති ව කාන්තාවක් තනිවම ගමන් කිරිම තහනම් කළ නබි (සල්) තුමාණන් මෙසේ පැවසුහ.
“අල්ලාහ් සහ අවසාන දිනය කෙරෙහි විශ්වාස සහිත කාන්තාවක් මහ්රම් නොමැති ව ගමන් කිරීම තහනම්ය.” මූලාශ්‍ර අල් බුහාරි 306 සහ මුස්ලිම් 1341.
කාන්තායක් මහ්රම් නොවන පිරිමියෙකු සමඟ තනිවම සිටීම එතුමාණන් මෙසේ තහනම් කළහ.
“කාන්තාවක් සමඟ තනිවම පිරිමියෙක් නොසිටී, එහි තුන්වැන්නා වශයෙන් ෂෙයිතාන් නොමැතිව.” මූලාශ්‍ර අත් තිර්මිදි 1171
පිරිමින් හා සමීප ව මිශ්‍ර වීම රසූල් (සල්) තුමාණන් තහනම් කළහ. රසූල් (සල්) තුමාණන්ගේ මස්ජිදයේ සලාහ් අවස්ථාවන්හි, එතුමාට පිටු පස පිරිමින් සලාහ් කළ අතර, පිරිමින් පිටුපසින් කාන්තාවන් සලාහ් ඉටු කළේ මේ හේතුවෙන්ය. කෙනෙකුට හඳුනා ගත නොහැකි තරමට ඔවුන් ආවරණය කරගෙන සිටියහ. ඔවුන් පිරිමින් පිටුපස සිට ගෙන සලාහ් ඉටු කළෝය. කාන්තාවන් සහ පිරිමින් සමිපව මිශ්රවීම තහනම් බවට මෙය ද තවත් සාධක බව සලකන්න. නැමදුම් කරන හා ශ්රද්ධාවන්ත ස්ථානයක් වන මස්ජිදයක
කාන්තාවන්ට පිරිමින් සමඟ මිශ්‍ර වීමට අනුමැතිය නොලැබුණේ නම්, කාර්යාලය, විනෝද ස්ථානයන්, සාදය පවත්වන තැන් හා පොදු වෙළෙඳ සැල් වැනි ස්ථානයන් හි පිරිමින් හා කාන්තාවන් සමිප ව මිශ්‍ර වීමට අනුමැතියක් තිබේ ද? මෙය ඉතාමත් බරපතළ කරුණකි. මුස්ලිම්වරු මේ යුගයේ සතුරන්ගෙන් වැටලීමට හා සංකල්පවාදී යුද්ධයට මුහුණු පාන්නට සිදුවේ ඇත. මෙවැනි සංකල්පවාදී පහර දීමට ඉස්ලාම් ලක් වී තිබෙන බව ඔබ දනී. මෙවැනි අවස්ථාවක අපි අවදානම් සහිත ව සිටිය යුතුය.
අප අල්ලහ් සමඟ වන්නේ නම්, අල්ලාහ් ද අප සමඟය
لَا تَخَافَا إِنَّنِي مَعَكُمَا أَسْمَعُ وَأَرَى
20:46
අපි අල්ලාහ් සමඟ වන්නේ නම් අල්ලාහ් අප සමඟය. අල්ලාහ් අප සමඟ වන්නේ නම්, අපට හානි සිදු කිරිමට කිසිවෙකුට නොහැක.
لاَ تَحْزَنْ إِنَّ اللّهَ مَعَنَا
9:40
එසේ නම්, අල්ලාහ් සමඟ සිටින්නේ කවරුන් ද? ශ්‍රද්ධාවන්තයින්, නිවැරදි දේ ඉටු කරන්නන් සහ විශ්වාසවන්තයින් සමඟ අල්ලාහ් සිටන්නේය. මේ හේතුවෙන් අල්ලාහ් සමඟ සිටිය යුතුය. මේ පිළිබඳව රසූල් (සල්) තුමාණන් මෙසේ වදාළහ.
“තරුණයිනි! අල්ලාහ් කෙරෙහි සැලකිලිමත් වන්න. එවිට අල්ලාහ් ඔබ ගැන සැලකිලිමත් වන්නේය. අල්ලාහ් ගැන සැලකිලිමත් වන්න. එවිට ඔබ ඉදිරියෙහි අල්ලාහ් ව දකින්නේය.” මූලාශ්‍ර අත් තිර්මිදි 2516.
අපි පෙර පැවසු ආකාරයෙනන්ම, අල්ලාහ් සමඟ සිටිය යුතුය. ඔහුගේ අණට එකඟ ව අනුගමනය කළ යුතුය, ඔහුගේ තහනම මඟහැරිය යුතුය. එවිට ඔහු ද අප සමඟ වී අපට ජය, ඔහුගේ සහය සහ ඔහුගේ උදව් උපකාර ලබා දෙයි.
මම පාපෝච්චාරණය කරමින් පාප ක්ෂමාව අයැදිමි. අප ව ඔහුගේ රක්ෂිතයෙන් රක්ෂිත ව තබා ගන්නා ලෙස අයැදිමි. තමද, අප ව රැක බලාගන්නා ලෙසද, අපට ජය හා උදව් ලබා දෙන ලෙසද ඉල්ලමි. සාමය හා ආශීර්වාදය මුහම්මද් නබි (සල්) තුමාණන්ට, එතුමාණන්ගේ පවුලේ අයට සහ සගයින්ට හිමිවේවා.
නිමි