×
ධනවත් ඇමරිකානු කාන්තාවකගේ පැතුම: ඉස්ලාමිය දේව ධර්මය පිළිබඳ ව කිසිවක් නොදැන ඇමරිකානු ජනතාව සම්පූර්ණයෙන් ම අන්ධකාරයේ සිටිති.

    එක දෙවියෙකු වෙතට මම ස්වභාවිකව ඇදී ගියෙමි

    ඩයනා චාර්ල්ස් බ්‍රෙස්ලින්

    ] සිංහල – Sinhala – [ سنهالي

    2014 පෙබරවාරි මස 14 වන දින සවූදි අරාබියේ අරබ් නිව්ස් පුවත් පතේ පළ වු ලිපිය

    සිංහල පරිවර්තනය

    ජාසිම් ඉබ්න් දඉයාන්

    2014 - 1435

    شخصيات أسلموا

    قصة اسلام ديانا شارلس برسلين

    « باللغة السنهالية »

    جريدة عرب نيوس في 14فبراير2014م

    ترجمة: جاسم بن دعيان

    2015 - 1435

    එක දෙවියෙකු වෙතට මම ස්වභාවික ව ඇදී ගියෙමි

    ඩයනා චාර්ල්ස් බ්‍රෙස්ලින්

    2014 පෙබරවාරි 14 දින අරබ් නිව්ස් පුවත් පතේ පළ වූ ලිපිය

    ඇමරිකානු එක්සත් ජනපදයේ ජීවත් වන ඩයනා චාර්ල්ස් බ්‍රෙස්ලින් කතෝලික කාන්තාවකි. බයිබලය කියැවීමෙන් පසු තම ආගම කෙරෙහි තිබු ඇගේ විශ්වාසය ව්‍යාකූල තත්ත්වයට පත් විය. දෙවියෙක් කෙරෙහි ස්ථිර විශ්වාසය සහිත ඇය බෞද්ධාගම, හින්දු ආගම වැනි අනිකුත් ආගම ගැන ද අධ්‍යයනය කළාය. තම කතෝලික පසු බිම පිළිබඳ ව පවසන බ්‍රෙස්ලින්, නින්දට යෑමට පෙර සැබෑ එකම දෙවියෙකු සමඟ සෑම දාම සහජ බුද්ධියෙන් කථා කළ බව පවසයි.

    ඇගේ කතාව ඇයගේ වචන වලින් කියවා බලමු.

    මම මුස්ලිම් බවට පත් වුයේ කෙසේද යැයි මගෙන් ප්‍රශ්න කරන විට, මම කවදාත් සැබෑ එකම දෙවියෙකු වෙත විශ්වාසය තැබු බව නිතර පිළිතුරු දුනිමි. එහෙත් එම පදයේ සැබෑ අර්ථය කුමක් දැයි මම අවබෝධ කර ගත්තේ ඉස්ලාම් නම් දහමක් ගැනද, අල් කුර්ආන් කුමක්ද යන්න අවබෝධ කර ගත් පසුවයි. ප්‍රථමයෙන් මගේ ජීවිත කථාව ඔබට පවසන්නට මම කැමත්තෙමි. සම්ප්‍රදායික අයිරිෂ් කතෝලික පසුබිමෙන් පැමිණි මම ඇමරිකානු ජාතිකයෙකි.

    මිෂනාරි පුහුණු සඳහා ගිය මගේ පියා වසර තුනකින් එයින් බැහැර විය. දරුවන් 13 දෙනෙකුගෙන් සමන්විත පවුලේ උපත ලැබු මගේ පියා බොස්ටන් පළාතේ ඉප දි එහි හැදී වැඩුණේය. ඔහුගේ සොයුරියන් දෙදෙනක් ද ඔහුගේ මවගේ සොයුරියක් ද කන්‍යා ස්ත්‍රින් බවට පත් වුහ. මගේ පියාගේ මල්ලි කෙනෙක් මිෂනරියේ වසර නවයකට පසුව අවසාන ගිවිසුම දෙන්නට පෙර එය අත හැර දැමිය. මගේ ආච්චිඅම්මා, පාන්දර අපි ව අවදි කර අලුත් ඇඳුම් පලඳවා, කන්ද උඩ තිබෙන දෙව් මැදුරට පූජාවට අපිව රැගෙන යන විට නිවසේ ඉතිරි අය තද නින්දේ පසු වෙති. ඇය තද පරුෂ, කරුණා භරිත, රූමත් එහෙත් ගැඹුරු කාන්තාවක් බව මට මතකයි. ආය මෙන් කාත්තාවක් දැක ගැනීම එවකට දුර්ලබයි. ඇගේ ජීවිත කාලයේ ඉස්ලාම් ගැන ඇය අසා නැති බව මට සැකයක් නැත. දෙවියන් වහන්සේ ඇය තුළ පැවතු විශ්වාසයට සුදුසු ලෙස විනිශ්‍යචය කෙරෙත්වා. ඉස්ලාමය පිළිබඳ කිසිවක් අසා නොමැති බොහෝ දෙනෙක් තම මුතුන් මිත්තන්ගෙන් විවිධ ලේබල් උරුම කර ගත් නමුත්, සැබෑ එකම දෙවියෙකුට පමණක් නැමදුම් කිරීමට පොලඹ වනු ලබති.

    වයස අවුරුදු හතරේ දී කතෝලික පාසැලේ ළදරු පන්තියට ඇතුළත් කරන ලදුව, වසර 12ක් ත්‍රිත්වය පිළිබඳ අධිශීක්ෂණය යන බෙහෙත බලෙන් පොවනු ලැබුවෙමි.සෑම තැනකම, දවස පුරා මා දුටුවේ කුරුසය පමණි. කන්‍යා ස්ත්‍රීන් වෙත, පන්තියේ බිත්තිය මත, අපි ගිය දේව ස්ථානයන් හි පමණක් නොව අප නිවසේ සෑම කාමරයකම කුරුසක් තිබුණි. එයට අමතර ව ප්‍රතිමාවන් සහ පින්තූරු ද තිබුණි. මා නෙත් යොමු කළ සෑම දිසාවෙහිම, ජේසු පුත්‍ර සහ ඔහුගේ මව මේරි මෑණිය, ඇතැම් විට ශෝකයෙන්, ඇතැම් විට සතුටින් සිටී නමුත්, ඔවුන් නිතර යුරෝපා මුහුණ ලක්ෂණයෙන් යුත් යුරෝප ජාතින් බවට සිටියහ. නොයෙක් සුර දූතයන් සහ සාන්ත වරුන්ගේ පින්තූරු අදාළ උත්සවයන්ට එකඟ ව ඉදිරිපත් කරන ලදි.

    අපගේ වත්තෙන් එළ නිල් පැහැති ලිලැක් මල් සහ මානෙල් මල් කඩා ගෙනැවිත් අප නිවසේ උඩු මහලේ මගේ නිදන කාමරය අසල සාලයේ තිබුණු විශාල මේරි මෑණියගේ පිළිරුව අසල මල් පෝච්චියට දැමු දින මට තවමත් මතකයි. පිළිමය ළඟ මල් සුවඳ මැද දණ ගසා සිටින විට මේරි තුමියගේ දුඹුරු පැහැති දිගු හිස කෙස් හි අලංකාරය දෙස බලා කල්පනා ලොවේ සංචාරය කළෙමි. එහෙත් මම කිසි දිනක එතුමියට වැඳ නොපිදු බව සහ එතුමියට විශේෂ බලයක් තිබෙනවා යැයි විශ්වාස නොකළ බව මට ස්ථීර ව පැවසිය හැක. එමෙන්ම, චාරිත්‍ර ක්‍රමයට රාත්‍රියන්හි අපේ පිතාණන්ට සහ හේල් මේරි යන ආයාචනාවන් කරන විට හෝ පිතාණන්, පුත්‍රයා සහ ශුද්ධාත්මය සඳහා කීර්තිය පතන සෑම විටම අහස දෙස නෙත් යොමු කර, “දෙවියනි! සර්ව බලය හිමි දෙවියා ඔබ පමණක් බව මම දනිමි. එහෙත් මේවා සියල්ල මම පවසන්නේ මම ඉගෙන ගත්තේ මෙ පමණකි” යැයි සිත තුළ පැවසුවෙමි. මගේ දොළොස් වන උපන් දිනය සඳහා මගේ මව බයිබලයක් තෑගි වශයෙන් දුන්නාය. කතෝලිකයන් වශයෙන් වතිකානයෙන් අනුමත කරන ලද බැල්ටිමෝර් ප්‍රශ්නෝත්තර සංග්‍රහය (කැතිකිස්මය) හැර අන් කිසිවක් කියවන්නට අපි පොලඹවනු නොලැබුවෙමු. සංසන්දනාත්මක ආත්ම පරීක්ෂාව අපට තහනම් කරන ලද අතර ඒවා හෙළා දකින ලදි. එහෙත්. අපගේ මැවුම්කාරයා පිළිබඳ ව ඔහුගෙන් ම සුළු වශයෙන් හෝ තොරතුරක් ලබන අරමුණින් මම ඉතා උද්‍යෝගිමත් ව විවිධ පොත් පත් ඉගෙන ගත්තෙමි. මෙයින් මම තවත් අවුලට පත් වුයෙමි. මෙම පොත විවිධ මිනිසුන් විසින් ලියන ලදු ද, එක් රැස් කරනු ලැබු ග්‍රන්ථයක් වු අතර එය අවබෝධය කර ගැනීම අපහසුය. කෙසේ වෙතත්, සමාජයේ එවකට තිබුණේ එපමණයි.

    කුඩා වියෙහි දේවස්ථානයට සහභාගි වීමට ළැදි මම යොවුන් වියේ එය කෙරෙහි උනන්දුවක් නොදැක් වුයෙමි. යොවුන් වියේ ඕනෑම කෙනෙකුට මෙය සිදු වන අතර, විසි වන වයසේ දී මම විධිමත් ආගමක් නොමැති කෙනෙක් බවට පත් වුයෙමි. මම බෞද්ධාගම සහ හින්දු ආගම ගැන බොහෝ පොත් පත් කියැවු අතර, ළඟම තිබෙන බැප්තිස්ත් දේවාලයටද මාස කිහිපයක් ගියෙමි. බෞද්ධ සහ හින්දු ආගම් අධික ලෙස විදේශිය (exotic) වු අතර, බැප්තිස් දහම මහත් පිටිසර එකක් බව දුටුවෙමි. මෙවැනි අවුල් සහිතව විධිමත් ආගමක් අනුගමනය නොකළ දීර්ඝ කාල වකවානුවේ පවා කිසි දිනක දෙවියන් වහන්සේ සමඟ කතා නොකර නින්දට නොගියෙමි. එම අවස්ථාවන් හි මට ලබා දුන් සෑම ආශීර්වාදයක් සඳහාම දෙවියන් වහන්සේට ස්තූතිය පළ කර, මම මුහුණ දෙන ප්‍රශ්න වලින් මිදෙන්නට ඔහුගෙන්ම සහය පැතුවෙමි. මම කවදත් ඇමතුවේ එකම එක දෙවියන් වහන්සේ ට පමණි.ඔහු මට සවන් දෙන බව ද, මාහට ඔහුගේ ආදරය සහ සැළකිලි ලැබෙන බව ද මම ස්ථීරව විශ්වාස කළෙමි. මේ පිළිබඳව කිසිවෙක් මට මඟ පෙන්වුයේ හෝ ඉගැන්වුයේ හෝ නැත. මේවා සියල්ල ස්වභාවිකව සිත් තුළ නැගු පොලඹ වීමක් පමණි.

    ජේසුස් වහන්සේ කිසි දිනක දේවත්වයට හිමිකම් පෑවේ නැත

    මම ප්‍රථම වරට අල් කුර්ආනය ගැන ඇසුවේ මගේ ශාස්ත්‍රපති උපාධිය (MA) සඳහා සුදානම් කරමින් සිටින විටයි. එම අවස්ථාව දක්වා ඇමරිකානු බහුතරයමෙන් අපි ද දැන සිටියේ අරාබි වරුන් යනු අභිරහස්, දුෂ්ට, අපගේ ශිෂ්ටාචාරය පැහැර ගන්නට පැමිණි ගොදුර දඩයම් කරන සතුන් වශයෙන් පමණි. ඉස්ලාම් පිළිබඳ ව කිසිවක් සඳහන් වි නොතුබුණි. අරාබිවරු, කාන්තාරයේ ඔවුන් ගේ කූඩාරම්, ඔවුන්ගේ ඔටුවන් යනු පමණක් සඳහන් වී තිබුණි. දහම් පාසැලේ දරුවෙක් වශයෙන් “අනිත් ජනතාව” යනුවෙන් සඳහන් කරන ලද මිනිසුන් කවුද? යැයි මම කල්පනා කළෙමි.

    ජේසුස් වහන්සේ කනාන්, ගැලිලී සහ නාසරේත් නගරයන් හි ඇවිද ගිය අතර, එතුමාගේ දෑස් නිල් පැහැතිය. එසේ නම් මේ අනිත් ජනතාව කවුරුන් ද? මෙහි කුමක් හෝ අඩු පාඩුවක් තිබෙන බව මට දැනුණි. 1967 වර්ෂයේ අරාබි - ඉස්රයීල් යුද්ධයේ ප්‍රථම වරට අනිත් ජනතාව අපි දුටුවෙමු. ඇමරිකාවේ බොහෝ දෙනෙක් ඔවුන් සතුරන් ලෙස දුටු නමුත්, පැහැදිලි හේතුවක් නොමැති ව මම ඔවුන් ප්‍රිය කළෙමි. අද වනතුරු එයට හේතුව කුමක් දැයි මට පැවසිය නොහැකි නමුත්, ඔවුන් මගේ මුස්ලිම් සහෝදරයන් ලෙස මම දැන් අවබෝධ කර ගෙන සිටිමි.

    අවුරුදු 35ක් පමණ වයසේ අල් කුර්ආනයේ ප්‍රථම පිටුව මම කියව්වෙමි. මම එය පවා විවෘත කළේ, මගේ ශාස්ත්‍රපති උපාධියේ ප්‍රධාන විෂය වන මැද පෙරදිග ජනතාව පිළිබඳ ව අවශ්‍ය තොරතුරු ලබා ගනු පිණිසය. එම අවස්ථාවේ සූරා අල් මූඃමිනූන් (විශ්වාසීන්) හි පිටුව විවෘත කිරීමට සැලසුවේ අල්ලාහ්ගේ කරුණාවෙන්ය. “තවද, සැබැවින් ම නුඹලාගේ මේ සමූහය එකම ජන සමූහයකි. තවද, මම නුඹලාගේ පරමාධිපතිය. එබැවින් නුඹලා මට (පමණක්) බිය භක්තිමත් වව්. නමුත්, ඔවුහු තම කරුණු ඔවුන් අතර නොයෙකුත් කොටස් වලට වෙන් කළෝය. සෑම කණ්ඩායමක් ම ඔවුන් සතු දෑ පිළිබඳ ව සතුටු වන්නන්ය. එබැවින් නියමිත කාලය දක්වා එවුන්ගේ මුළාවෙහි ම ඔවුන්ව නුඹ අත හැර දමවු.” සූරා අල් මූඃමිනූන් වාක්‍ය 52 සිට 54 දක්වා.

    මෙම ප්‍රථම වාක්‍යයෙන් මෙය සැබෑ සත්‍යය බව, පැහැදිලි හා ශක්තිමත් මනුෂ්‍යත්වයේ සාරාශය එළිදරවු කරන ඉතිහාස පාඩමේ මා ඉගෙන ගත් සියල්ල සනාථ කළ බව මම අවබෝධ කර ගත්තෙමි. සත්‍යය ප්‍රතික්ෂේප කළ මිනිසාගේ ශෝක ජනක ක්‍රියාව, කැපී පෙනෙනු පිණිස අවසන් නොවන කිසිදු පළක් නොමැති අහංකාරකමින් කරන තරඟය, ඔවුන්ගේ පැවැත්මේ අරමුණ කෙරෙහි නොසැලකිලිමත් කම යන සියල්ල ඉහත සඳහන් වචන කිහිපයකින් පැහැදිලි විය. රටවල්, ජාතීන්, සංස්කෘතීන්, භාෂාවන් යන අල්ප දේ මගින් තමන් උසස් බව පෙන්නුම් කිරීම, නොව එවායෙ හි යථාර්ථය මත ඒවා බෙදා ගැනීමෙන් අපි සියලු දෙනාම සතුට ට පත් ව එකම දෙවියෙකු ට පමණක් සේවය කළ යුතු බව අපට පෙන්නුම් කරයි. අපව මැවු එම පරමාධිපතියා මේවා සියල්ලෙහි ද හිමිකරු ය.

    කුඩා දරුවෙකු වශයෙන් “ශුද්ධ වු මේරි මෑණියනි! පාපිෂ්ඨයන් වන අප වෙනුවෙන් දැන් සහ අපගේ මරණාසන්න ව ප්‍රාර්ථනා කරනු මැනව, ආමෙන්.” යනුවෙන් “හේල් මේරි” පවසන වදන මම ප්‍රාර්ථනා කළෙමි. දේව මෑණිය ලෙස වරදවා හඳුන්වා දීමෙන් මේරි තුමිය අවමන් කරනු ලැබුවේ දැයි දැන් මම දකිමි. කන්‍යාවක් වන මේරි තුමිය ජේසු නබි තුමාට ප්‍රජනනය කිරීම සඳහා තෝරා ගනු ලැබු උතුම් කාන්තාවක් වශයෙන් ගරුත්වය ලැබිය යුතුය. මේරි තුමිය වෙත නිතර ප්‍රාර්ථනා කරන මගේ මව, මේරි තුමිය මවක් වන හෙයින්, මගේ මවගේ සිත් තැවිල්ල ගැන අවබෝධ කරගන්නා බව පවසයි. එලෙස ප්‍රාර්ථනා කිරීමට වඩා, ඉතාමත් පවිත්‍ර කාන්තාව වන මේරි තුමිය ඉතාමත් නින්දිත පාපයක් වන මෛථුන සේවයේ යෙදුනු බව චෝදනා කළ යුදෙව් වරුන්ගේ අපහාසයට පත් වු සිද්ධිය ගැන මගේ මව සහ අනෙකුත් කතෝලික බැතිමතුන් කල්පනා කිරීම වඩාත් ඵලදායි ක්‍රියාවක් වේ. මේරි තුමිය මේ සියලු චෝදනාවන්ට ඉවසීමෙන් මුහුණු දුන්නේ, අති උතුම් දෙවියන් වහන්සේ මෙම චෝදනා වලින් නිදොස් බවට පත් කරන බව ද, මෙම අපවාදය උසුලා ගැනීමට ශක්තිය දෙන බවද දැන සිටි නිසාය.

    මේරි තුමියගේ මෙම දේව භක්තිය සහ දේවියන් වහන්සේගේ කරුණාව කෙරෙහි තැබු විශ්වාසය නිසා ඇය කාන්තාවන් අතර පවරන ලද උතුම් තත්ත්වය ගැන හඳුනා ගැනිමට හැකි වන අතර, ඇය දේව මෑණිය වශයෙන් අමතනු ලබන අපවාදය, පැරණි යුදෙව් ජාතීන් ඇයට පැවරු චෝදනාවන් ට වඩා බරපතළ එකක් බව පෙන්වා දිය යුතුය. මුස්ලිම් වරයෙකු වශයෙන් ඔබ මේරි තුමියට සහ ජේසුස් වහන්සේට ආදරය දක්ව නමුත්, දෙවියන් වහන්සේ ට ඊට වැඩිය ආදරය දැක් වීමෙන් ස්වර්ගය ලබා ගත හැකි වනු ඇත. ඔබ අනුගමනය කළ යුත්තේ දෙවියන්ගේ නිතියයි. අන් කිසිවෙකුට උදව් කළ නොහැකි දිනක ඔහු ඔබ ව විනිශ්චය කරනු ඇත. ඔබ ව, ජේසුස් වහන්සේ ,එතුමාගේ මෑණිය, මැවු ආකාරයෙන්ම මුහම්මද් (සල්) තුමාණන්ව ද මැවුවේය. සියලු දෙනාම මරණයට පත් වන අතර, දෙවියන් වහන්සේ අමරණියයි.

    ජේසුස් වහන්සේ කිසි විටෙක තමා සතු ව දේවත්වය තිබෙන බව පැවසුවේ නැත. එතුමා නැවත නැවත පැවසුවේ තමා යවනු ලැබු කෙනෙක් බවයි. කුඩා කාලය පටන් මම මුහුණ දුන් මෙම අවුල පිළිබඳ ව කල්පනා කරන විට, එය දේව ස්ථානයෙන් ආරම්භ වු බව දුටුවෙමි. ජේසුස් වහන්සේ විසින් පිළි ගනු ලැබු ප්‍රමාණයට වඩා එතුමා උතුම් බව දේව ස්ථානයේ පාදිලිවරු පැවසුහ. දේව ස්ථානයේ පාදිලිවරු, ත්‍රිත්වයේ සංකල්පය ප්‍රබන්ධ කිරීම සඳහා මතයක් ක්‍රමවත් ව නිපද වුහ. ත්‍රිත්වය නම් ප්‍රශ්නයේ හරය වුයේ තව්රාත් නම් යුදෙව් වරුන්ගේ මූලික ග්‍රන්ථයේ සහ ක්‍රිස්තුස් වහන්සේගේ ඉන්ජීල් ගොස්පලයේ අවුල් සහගත වු මිශ්‍ර කිරීමකි.

    අවංකව පවසන්නේ නම් ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේ විසින් එවනු ලැබු නබි වරයෙකි, සන්දේශවරයෙකි. එතුමා ව යැවු දෙවියන් වහන්සේගේ වදනක් සමඟ ජේසුස් වහන්සේ පැමිණියහ. මෙවැනි නිවැරදි භූමිකාව මත ජේසුස් වහන්සේ ගැන අවබෝධ කර ගත්තේ නම්, එම නිවේදනය සමඟ, එතුමාට පසුව පැමිණි සහෝදරයා වන මුහම්මද් (සල්) තුමාණන් ව පිළි ගත හැකි වනු ඇත. මේ දෙදෙනාම ගෙන ආ නිවේදනය සියලු දේ මැවු සහ අපි සියලු දෙනාම ආපසු පැමිණිය යුතු අති උතුම් දෙවියන් වහන්සේ ට පමණක් නමදින ලෙසයි.මේ දෙදෙනාගේ කායික අංග ලක්‍ෂණයන් ගැන සංවාදයේ යෙදීමෙන් කිසිදු ඵලක් නැත. අරාබි, යුදෙව්, සුදු ජාතිය, නිල් හෝ දුඹුරු පැහැති දෑස්, දිගු හෝ කොට හිස කෙස් යන මේවා සියල්ල මෙහි දී වැදගත් නැත. වැදගත් වන්නේ මේ දෙදෙනා දෙවියන්ගේ එකම නිවේදනය සමඟ පැමිණි බවයි. ඉස්ලාමය පිළිබඳ ව අවබෝධය ලැබුණු පසුව ජේසුස් වහන්සේ ගැන දැන් සිතන විට ප්‍රීතිමත් පවුලක ට සම්බන්ධ වීමේ සතුට මා තුළ ඇති විය. එය දේව විශ්වාසිකයින්ගේ පවුලයි. මෙම පසුබිමෙහි ජේසුස් වහන්සේ මුස්ලිම් වරයෙක් බව ද, අහසේ සිටින දෙවියන් වහන්සේ ට අවනත වන කෙනෙක් බව ද ඔබ දකනු ඇත.

    දස පණතේ මුල් පණත් දෙක මෙසේ පවසයි.

    1. මම ඔබගේ ස්වාමියා වන දෙවියන් වහන්සේය. මා හැර අන් කිසිදඅ ව්‍යාජ දෙවියෙක් ඔබ නොගත යුතුය.

    2. ඔබේ දෙවියන් වන ස්වාමින් වහන්සේගේ නාමය ඔබ ආඩම්බර යෙන් භාවිත නොකළ යුතුය.

    ලා ඉලාහ ඉල්ලල්ලාහ් යන වදනෙ හි (නැමදුමට සුදුසු දෙවියෙක් හැර අන් දෙවි කෙනෙක් නැත) සැබෑ අර්ථය දන්නා කෙනෙක් මෙම දහම් දෙකේ ම දක්වන අදහස් හි සමානතාව ක්ෂණිකව හඳුනා ගනී. එවිට සියලු නබි වරුන්ගේ සැබෑ කථා එක් රැස් කර, එම ඉගැන්වීම් හි සිදු වු විකෘති සියල්ල අවසන් කිරීමට හැකි වනු ඇත.

    “කරුණාභරිතයාණන් (තමන්ට) පුතෙකු ගත්තේ යැයි ඔවුහු පැවසුවෝය. සැබැවින් ම නුඹලා මහත් පිළිකුල් සහගත දෙයක් ගෙන ආවෙහුය. එයින් (ඔවුන්ගේ එම ප්‍රකාශයෙන්) අහස් බිඳී මහ පොළොව ද පැළී, තඳු සුණුවිසුණු වී වැටෙන්නට විය.” සූරා මර්යම් 19: වාක්‍ය 88 සිට 90 දක්වා.

    සත්‍ය සෙවීම සහ අල් කුර්ආනය අධ්‍යයනය කර මුස්ලිම් වරියක් බව පත් වන ප්‍රකාශය පැවසීමට මට සම්පූර්ණයෙන්ම වසර තුනක් ගත විය. මගේ ඇඳුමෙහි, මත් පැන් පානය කිරීම, පිරිමි මිතුරන් සමඟ මිශ්‍ර වීම වැනි හැසිරීම් හි සිදු විය හැකි වෙනස පිළිබඳ ව මම බිය වුයෙමි. සංගීතය හා සමාජීය නැටුම් මගේ ජීවිතයේ කොටසක් වු අතර, බිකිනි නම් නාන ඇඳුම්, මිනි ගවුම නම් කොට ඇඳුම් වැනි දේ මගින් මිතුරන් අතර මම ප්‍රසිද්ධිය ට පත් වු කෙනෙකි. මෙම කාලය තුළ කිසිදු මුස්ලිම් වරයෙකු මුණ ගැසීමට මට අවස්ථාවක් නොලැබුණි. සමීපතම මස්ජිදය, වාහනයක පැයක් ගමන් කරන දුරින් පිහිටා තිබුණු අතර, එ තැනට පැමිණෙන (ඇමරිකානු නොවන) විදේශිකයන් කිහිප දෙනෙක් ඉංග්‍රීසි භාෂාව නොදනීති. එම වකවානුවේ එහි තිබුණු එකම මස්ජිදය එය පමණි. සිකුරාදා නැමදුම ට මස්ජිදයට ගොස් එහි සිදු වන්නේ කුමක් දැයි දැන ගන්නට උත්සාහ කළෙමි. එහෙත් මා දෙස කවුරුත් සැකයින් බැලුවේ, මම ඔත්තු සෙවීමට පැමිණි කෙනෙක් ලෙසය. එදා මෙන් අදත් මුස්ලිම් වරුන්ගේ බොහෝ රැස්වීම් හි තොරතුරු සෙවීම සිදු වේ. මට සහය වන්නට එකදු මුස්ලිම් ඇමරිකානු ජාතිකයෙක් නොසිටි අතර, මම ඉහත සඳහන් කළ අයුරින් විදේශික මුස්ලිම්වරු මා දෙස බැලුවේ අකාරුණිකවයි.

    මෙම කාලවකවානුවේ මගේ පියා පිලිකා රෝගයෙන් මිය ගියේය. මගේ පියාගේ ඇඳ අසල වාඩි වී මරණයේ දේවතාව ඔහුගේ ප්‍රාණය ඇද ගැනීමේ දර්ශනය ඇත්ත වශයෙන්ම දුටුවෙමි. මගේ පියා මහත් බියට පත්ව, ඔහුගේ දෑසින් කඳුළු කම්මුල් දිගේ සැළුණි. මගේ පියාට හා මවට අයත් සුඛෝපභෝගි ජීවිතය, මිල අධික කෙළි නැව් (yacht), ධනවතුන්ට පමණක් සාමාජිකත්වය සීමා වු සමාජ ශාලා, මිල අධික යාන වාහන යන සියල්ල පොලී මුදල් ආදායමෙන් ලබා ගත් ඒවාය. එහෙත් දැන් ඒවා සියල්ල අවසානයි.

    මගේ ජීවන රටාව වෙනස් කරගන්නට ද, සතුටු ජිවිතයක් බව විශ්වාස කිරීමට පුරුදු වු අසත්‍ය පිටුපස අන්ධයෙක් මෙන් ලුහු බැඳිමෙන් ඉවත් වී, තවමත් කල් තිබිය දී ලහිලහියේ ඉස්ලාමයට පිවිසීමට මට අවශ්‍ය වුණි. සුළු කාලයකින් ඊජිප්තුව ට පැමිණි මම, ආශ්චර් මත් අරාබි භාෂාව ඉගෙන ගැනීම තුළින් දීර්ඝ හා මන්දගාමි ගමනට පා තබා ඉතාමත් පැහැදිලි සත්‍ය සොයා ගත්තෙමි. එනම් “දෙවියන් වහන්සේ එක්කෙනෙකි; ඔහු සදා කාලිකය, නිත්‍යය. ඔහු ජාතක නොකරන්නේය; ඔහුද ජාතක නොකරවනු ලබන්නේය. ඔහුට සමාන වන කිසිවෙක් නැත.” යන්නයි.

    ඉස්ලාමීය ඉගැන්වීම් හි ප්‍රතිඵලයක් වශයෙන් මිනිසුන් අතර පවතින සමානතාවය නිසා එම දහමට වැඩියෙන්ම මා ඇද ගනු ලැබුවෙමි. මිනිසුන් සියලු දෙනාම පණාවක තිබෙන දත් මෙන් බවද, සියලු දෙනාම සමාන බවද, ඔවුනතර අධික බැතිමත් තැනැත්තා උතුම් කෙනෙකු බවද නබි මුහම්මද් (සල්) තුමාණන් පැවසුහ.

    බැතිමත් ජනතාව උතුම් බව අල් කුර්ආනය අපට උගන්වයි. බිය බැතිමත්කමෙහි අල්ලාහ් කෙරෙහි පමණක් ආදරය සහ බිය අඩංගු වේ. එහෙත් ඔබ සැබෑ භක්තිවන්තයෙකු වීමට පෙර, දෙවියන් වහන්සේ කවුරුන් දැයි ඔබ දැන ගත යුතුය. ඔහු ගැන අවබෝධ ලබන්නට ඔහු කෙරෙහි ආදරය තිබිය යුතුය. ඒ අතර කුර්ආනය පහළ වූ ආකාරයෙන් ම කියවීම සඳහා, අරාබි භාෂාව ඉගෙන ගන්නට පටන් ගත්තෙමි.

    කුර්ආනය කියවීම මගේ ජීවිතයේ සෑම ඉරියව්වක් ම වෙනස් කළේය.

    ලෞකික සුඛෝපභෝගි කිසිවක් කෙරෙහි ආශාව මගෙන් ඉවත් විය. අතිතයේ වැදගත් යැයි මා සිතු යාන වාහන, විසිතුරු ඇඳුම්, ගමන් බිමන් වැනි නිෂ්ඵල ආශාවන් යන දැල ට මින් ඉදිරියට මා හසු කර ගත නොහැක. විශ්වාසවන්තියක් වශයෙන් ගුණවත් පවුල් ජිවිතයෙන් මම සුතුට ලබන නමුත්, ඒවා මගේ හදවත තුළ බලවත් ස්ථානයක් අත්පත් කර නොගත්තේය. මේවා බාහිර ව තැබුවෙමි.

    මගේ පෙර වු මිතුරන් සහ ඥාතීන් මට අහිමි වීම මම වැදගත් බව නොසිතමි. දෙවියන් වහන්සේ ඔවුන් ට මා සමීපව ගෙන එන්නට තීරණය කළේ නම්, එය සිදුවනු ඇත, එහෙත් මට සැබැවින් ම අවශ්‍ය දේ දෙවියන් වහන්සේ මට ලබා දෙන බව මම දනිමි. වැඩිවීමක් හෝ අඩුවීමක් එහි සිදු නොවේ.

    සෑම ඇමරිකානුවෙකුට ම සැබෑ එකම දෙවියන් වහන්සේ පිළිබඳ දැනුම සරල ව හා සෘජු ව ලබන්න ට අවස්ථාවක් දෙන ලෙස ප්‍රාර්ථනා කරමි. ඉස්ලාමිය දේව ධර්මය පිළිබඳ ව කිසිවක් නොදැන ඇමරිකානු ජනතාව සම්පූර්ණයෙන් ම අන්ධකාරයේ සිටිති.

    අප සමාජයේ නිතර අවධාරණය යොමු කරන්නේ දේශපාලනය කෙරෙහි ය. යොමු කරන්නේ මිනිසුන්ගේ කාර්යයන් පිළිබඳවයි. මිනිසා ව අන්ධකාරයේ සිට ආලෝකය වෙත මග පෙන්වීමට පැමිණි සියලු නබි වරුන්ගේ ක්‍රියාවලිය කෙරෙහි සිත යොමු කරන්න ට වේලාව දැන් පැමිණ ඇත. වර්තමාන ඇමරිකාවේ පැතිර පවතින රෝගයේ බලපෑම නිසා අන්ධකාරය තවතවත් පැතිර පවතින බව කිසිදු සැකයක් නැත.

    කෙනෙක් ඉස්ලාමිය ජිවිතය අනුගනය කළ ද නොකළ ද සත්‍ය මාර්ගයේ ආලෝකය අප සැමට ප්‍රයෝජනවත් වනු ඇත. එයට අවහිර කිරීම හෝ අනිත් අය එය අනුගමනය කිරීමට බාධා කිරීම නිසා තව තවත් අභාග්‍යතාව වෙත මාර්ගය විවෘත කරන බව නම් නිසැකයි.

    මගේ මව් බිමේ සෞභාග්‍යමත් අනාගතය ගැන මම බොහෝ සේ සැලකිල්ල දක්වන අතර ඉස්ලාමය පිළිබඳ ව තව තවත් අධ්‍යනය කිරීමෙන් මගේ බලාපොරොත්තු සැබෑ වන බව තරයේ විශ්වාස කරමි.

    ඔබේ අදහස් දන්වන්න

    [email protected]