×
1. අශීලාචාර අභ්යمන්තර ප්ර විෂ්ටය ප්රේغමවන්තයින්ගේ දිනය හඳුන්වා දී ඇත. මෙම පාපතර ක්රිතයාවට මාධ්ය්යෙන් ලැබෙන සහයෝගය විශාලය. 2. කාන්තා පිරිමි ආදරය පිවිතුරුය. ඔවුන්ගේ ඇසුර අති උතුම්ය. 3. ඉස්ලාමයට ආවේණික ප්ර තිපත්ති හා සංකල්ප ඇත. කිසිදු අවස්ථාවක එම ප්රبතිපත්තීන් කඩා දැමීම නොසුදුසුය. එසේ සිදු කළහොත් එයින් සිදුවන විනාශය ඔබටයි.

    ඉස්ලාමීය දැක්මෙන් ප්‍රේමවන්තයින්ගේ දිනය

    මව්ලවි යූසුෆ් ඉම්තියාස්

    ] සිංහල – Sinhala –[ سنهالي

    සිංහලෙන්

    මාහිර් රම්ඩීන්

    2014 - 1435

    عيد الحب

    « باللغة السنهالية

    محمد إمتياز يوسف

    ترجمة: ماهر رمدين

    2014 - 1435

    ඉස්ලාමීය දැක්මෙන්

    ප්‍රේමවන්තයින්ගේ දිනය

    M.S.M. ඉම්තියාස් යූසුෆ් සලෆි

    සිංහලෙන්: මව්ලවි මාහිර් රමුඩීන් (නූරි)

    තරුණයින්ගේ මනස අමතක නොකරන ආදර රැලි නගන දිනයක් වෙයි නම් එය පෙබරවාරි මාස 14 වැනි දින ප්‍රේමවන්තයින්ගේ දිනය ලෙස සඳහන් කරතොත් එය නිවැරදිය.

    තරණයින් වැඩිහිටියන් අඹුවන් යන බහුතරයක් මල් ඉති ත්‍යාග භාණ්ඩ පිරිනමා සුබ පතති. විශේෂයෙන් තරුණයන් තම ආදරය පිවිතුරු කර ගනු පිණිස මෙදින පුද පූජා පවත්වති.

    තම උපන් දිනය අමතක කළ ද ප්‍රේමවන්තයින්ගේ දිනය අමතක කළ නොහැකි තරමට මෙම දිනය ප්‍රකට වී ඇත.

    ජාත්‍යන්තර වශයෙන් ඇතැම් දිනයන් විශේෂ දිනයන් ලෙස පත් කොට ඒවා සමරනු ලැබෙති.

    · මත් ද්‍රව්‍ය වළක්වාලීමේ දිනය.

    · ලෝක ළමා හා වැඩිහිටි දිනය.

    · පරිසර සංරක්ෂණ දිනය.

    · සකසුරුවම් දිනය.

    · කාන්තා දිනය.

    · යෞවනයන්ගේ දිනය.

    · මව්වරුන්ගේ දිනය.

    · කම්කරු දිනය.

    · ලෝක පෘථිවි දිනය.

    · ජල සංරක්ෂණ දිනය.

    · පවුල් සංරක්ෂණ දිනය.

    මෙම විශේෂ දිනයන් පිළිබඳව අවබෝධය හා උනන්දුව දකින්නට ලැබෙනුයේ ඉතා සුළු වශයෙනි.

    ප්‍රේමවන්තයින්ගේ දිනය බටහිර ලොවේ පරිහානියට පත් වූ සංස්කෘතියේ චින්තනයෙන් බිහි වූ දිනයකි.

    රාත්‍රී 12ට ප්‍රේමවන්තයින් එක්රොක් වී සිප ගැනීමත් මල් අතු හුවමාරු කර ගැනීමත් ත්‍යාග භාණ්ඩ ලබා දීමත් චාරිකා යෑමත් කේවල්ව සිට ඇසුරු කිරීමත් ජනප්‍රිය සංස්කෘතියක් බවට පත් වී ඇත.

    දිනෙන් දින සාමාන්‍ය ඇසුරු කිරීමක් වශයෙන් පිරිමි හා කාන්තා ඇසුර (ප්‍රේමවන්තයින්ගේ ඇසුර) වෙනස් වෙමින් පවතී.

    ‘කෙනෙකුට එකියක්‘ යන සංකල්පයේ සිට වෙනස් වී දැන් ‘කෙනෙකුටත් එකියෙකුටත් බහුතරයක්‘ යන සංකල්පය සාමාන්‍ය සිද්ධියක් බවට පත් ව ඇත.

    එය ක්‍රියාත්මක කර පෙන්වීමය බටහිර ලොවේ ප්‍රේමවන්තයින්ගේ දිනය.

    නමුත් පතිවත හා කන්‍යාභාවය පිළිබඳව කිසිවෙකු ගණන් ගන්නේ නැත.

    ශරීර එකිනෙක හා ස්පර්ශ කර ගනිමින් මාරුවෙන් මාරුව දුටු පුද්ගලයා සමග සම්බන්ධකම් පවත්වා සැප විඳින්නන්ය මොවුන්.

    තරුණියන් අඩ නිරුවතින් පෙනී සිටීමට සලස්වා එයට ලකුණු ලබා දී ඔටුනු පැලඳ වීම ඔවුන්ගේ විනෝදාංශයයි.

    ලෝක රූ රැජින යන මැයෙන් කාන්තාවන්ගේ ශරීර අවයවයන් මැන බලා ආස්වාදය ලැබීමත් සතුටු විඳීමත් ඔවුන්ගේ ගෞරවනීය හා ජනප්‍රිය සංස්කෘතිය වී ඇත.

    රූපලාවන්‍ය කළමනා පිරිනමා වස්ත්‍ර අඩුවෙන් අන්දවා රස විඳීමත් ඔවුන්ගේ කියා නිම කළ නොහැකි විනෝදාංශයකි.

    කාන්තාවගේ ගර්භාෂය මත් ද්‍රව්‍යයක් බවට පත් කිරීමේ සියලුම අවස්ථාවන් හා මාර්ගයන් ඇති තරම් සලසා ගනිති. ඒ වෙනුවෙන් දින ගණනාවක් අවස්ථාවන් ගණනාවක් වෙන් කර ගනිති.

    ඇමරිකාවේ ප්‍රසිද්ධ ගණිකාවක් කළ ප්‍රකාශයක, ‘ මා සමග ගත කළ වී. අයි. පී වරුන්ගේ ලැයිස්තුව මා ගත්තේ නම් ඔවුන්ගේ වැදගත් පුද්ගලයින්ගේ ඉමෙජ් එක ඉවරයැයි පවසා සිටියාය.

    ඇමරිකාවේ ධවල මාලිගාවේ සේවය කළ වැදගත් නිලධාරිණියක් ඇමරිකාවේ හිටපු ජනාධිපති විසින් සිදු කළ රහස්‍ය දෑ පිළිබඳව ගෙනැවිත් හැළුවාය.

    සංස්කෘතියේ ප්‍රධානීන් ලෙස පෙන්වා ගන්නා වැදගත් මිනිසුන් බොහෝමයක් වැදගත් කාන්තාවන් සමඟ ඇසුරු කිරීමත් ‘අනියම් බිරියන්ගේ පහස විඳීමත් දිනෙන් දින ප්‍රකාශ වන පුවත් බවට පත් වී ඇත. විවාහ කර ගත් සහකාරියන්ට ද්‍රෝහි වීම පිළිබඳව කිසිදු තැකීමක් ඔවුනට නොමැත. පොදුවේ W තුනක් හැමවිටම විශ්වාස නොකරන්නේය යන න්‍යායාත්මක සංකල්පයක් මොවුන් නිර්මාණය කර ගෙන ඇත.

    1. Weather කාලගුණය

    2. Work රැකියාව

    3. Women කාන්තාව

    මොවුන්ගේ අනුවණ ක්‍රියාවන්ට කාන්තාවන් ද හේතුකාරකයක් බවට පත් කර ගෙන ඇත.

    බටහිර රටවල් වල දරුවන්ට මව විසින් ලබා දෙන අවවාදය නම්, ‘පුතේ කා සමග ඇසුරු කළත් උපත් පාලන කොපු පාවිච්චි කරන්න‘ යනුවෙනි.

    ‘කන්‍යාව බිඳුනත් ගැබ් ගෙන නොපැමිණෙන්නැයි යන ධාර්මික මන්ත්‍රනයකි එය!

    පාසැල් යන දැරියන් හා රැකියාවට යන කාන්තාවන් තම මලු වල උපත් පාලන ද්‍රව්‍ය හා කොපු දමා ගැනීමට අමතක නොකරති.

    එක් පුවත් පතක මෙසේ පළ විය. වසරක් පාසාම ප්‍රේමවන්තයින්ගේ දිනයේ සාමාන්‍යයෙන් සියයට 20 ක් පමණ උපත් පාලන කොපු හා උපත් පාලන ද්‍රව්‍යයන්හි විකිණීමේ වැඩි ප්‍රතිශතයක් ඇති බව පැය 24 යෙහිම උපත් පාලන කොපු විකුණුන මධ්‍යස්ථානයක් වන එන් 2 කොන්ඩම් ආයතනයේ මෙහෙයුම් නිලධාරී සිෂිර් මික්ලානී ප්‍රකාශ කළේය. (තිනක් කුරල් 12.02.2010)

    ආදරවන්තයන් හා ආදරවන්තියන් රෝස මල් පමණක් හුවමාරු නොකරති. ඉන් ඔබ්බට ගොස් ඇසුරුකම් ද පවත්වා ගනිති. උපත් පාලන කොපු විකිණීමේ ඉහළ අගයක් ගන්නා සමයක් බවට ප්‍රේමවන්තයින්ගේ දිනය පරිණාමයට පත් වී වර්ධනය වී ඇත. මෙයයි යථාර්ථය වනුයේ.!

    විවාහයට පෙර කන්‍යාභාවය නැති කර ගැනීම උපත් පාලන භාවිතය ගබ්සා කිරීම අවජාතක දරුවන් ප්‍රසූත කිරීම වැනි දෑ දැන් සාමාන්‍ය සිද්ධීන් බවට පත් වී ඇත. එය මහත් ව්‍යසනයක් බව නොසලකති.

    පිය නාමය නොදන්නා දරුවන් ද මව් සෙනෙහස නොමැති දරුවන් ද දිනෙන් දින බිහිවෙමින් පවතී. මේ හේතුව නිසා දරුවන් නඩත්තු කිරීමට විශේෂ මධ්‍යස්ථාන පවා දැන් නිර්මාණය වී ඇත.

    ඔවුන්ගේ මෙම අශීලාචාර අභ්‍යන්තර ප්‍රවිෂ්ටයයි ප්‍රේමවන්තයින්ගේ දිනය ලෙස හඳුන්වා දී ඇත්තේ.

    මාධ්‍යයන් පවා මෙය ජනරංජන දිනයක් බවට හඳුන්වා දෙන්නට උත්සාහ දරයි.

    පරිහානියට පත් වී ගිය සමාජයක හා දුඟද හමන සංස්කෘතියක පිළිවෙතක නාමයකි ප්‍රේමවන්තයින්ගේ දිනය. කුණු වී ගිය මෙම අශීලාචාර සංස්කෘතිය දැන් නැගෙනහිර රටවල් වල පවා මල්වඩම් දමා ඉහළින් සමරනු ලබයි.

    ශිෂ්ට සම්පන්න සංස්කෘතිය අවබෝධ කර ගත් අයට පවා දුඟද හමන අශීලාචාර කරුණු අවබෝධ කර ගත නොහැකි වීම කනගාටුවට කරුණකි.

    කාන්තා පිරිමි ආදරය පිවිතුරුය. ඔවුන්ගේ ඇසුර අති උතුම්ය. එය පහත් ලෙස නොසැලකිය යුතය යන අලංකාර වදන් වලින් ප්‍රේමය ගැන කතා කළ හැක, ප්‍රකාශ කළ හැක, තර්ක කළ හැක. නමුත් ප්‍රායෝගිකව එය සත්‍යය නොවන බව තහවුරු වෙමින් පවතී.

    ආදරය කර අතහැර දමනු ලැබූ අභාග්‍යවන්ත කාන්තාවන් ගැන අපට දකින්නට හා අසන්නට ලැබේ.

    කාන්තා ලිංගිකත්වය සුරා කන සතුටු වන කාමුකයින්ව ද අපි දකින්නෙමු.

    අවසානයේ දී අපි රැවටී ඇතැයි පවසා විලාප නගන කන්‍යාවන් ද අපි දකින්නෙමු.

    තම ගරුත්වය කෙලෙසී ඇතැයි ජීවිත හානි කර ගන්නා අසරණ කාන්තාවන් ගැන ද දවසින් දවස අපි අසන්නෙමු.

    තම දරුවා ගෙදරින් පැන ගොස් ඇතැයි තැවෙමින් සිටින දෙමාපියන් ද අපි දකින්නෙමු.

    ගබ්සා කොට මිය ගිය කාන්තාවන් පිළිබඳ පුවත් අපි කියවන්නෙමු.

    පෙම්වතිය සමග හුදකලාවෙ හි සිට අසභ්‍ය දර්ශන රහසිගතව පටිගත කර තර්ජනය කරන පෙම්වතා, එය ෆේස් බුක් හා අන්තර්ජලයන් හි ඉන්ටර්නෙට් හි පළ කර මුදල් පැහැර ගන්නා හා මුදල් උපයන පුවත් ද අපි දකින්නෙමු.

    මෑත කාලයක සිට අප රටේ පවා පාසල් සිසු සිසුවියන් උද්‍යානවල ද මුහුදු වෙරළෙහි ද බස් නැවතුම් පොළවල ද තානායම් වල ද සැරිසරමින් අවිනීත ලෙස හැසිරීම නිසා පොලිස් නිලධාරීන් විසින් අල්ලා අවවාද කොට දෙමාපියන්ට භාර දුන් පුවත් අප කම්පාවට පත් කරයි.

    යොවුන් පොහොට්ටු අති නවීන ජංගම දුරකතන භාවිතා කරමින් තමන්ගේ හැඟීම් විකෘති කර ගනිති. ආදර කවි ලියා එතුළින් සිහිනයන් පිරි ජීවිතය ගොඩ නගන්නට සිතති. සැබෑ පැවැත්මෙන් සිටීමට වඩා කිසිවෙකුගේ හෙවණැල්ලෙහි සිට සුවය පතති. අවසානයේ දී සිත් තැවුනු මානසික රෝගීන් බවට පත් වෙති. තම අධ්‍යාපනික කටයුතු විනාශ කර දමති. අරමුණක් නොමැති ජීවිතයකට මෙකී ප්‍රේමය වේදිකාවක් බවට පත් වී ඇත.

    කූඩුවෙන් කූඩුවට පනිනවාක් මෙන් ආගමකින් තවත් ආගමකට මාරු වී ආදරය කරති. විවිධ වර්ණවලින් යුත් මල්, මල්මාල බවට පත්වනවාක් මෙන්ම ආදරය ද දහමින් තොරව පිවිතුරු විය යුතු යැයි සමහරුන් පවසති.

    මෙහි ඇති තවත් දරුණුකම අපරාධ තත්වයක් වන්නේ ප්‍රේමය නිසා හදාවඩා ගත් දෙමව්පියන්ට බැණ වැදීම ඔවුන්ගේ සිත් රිදවීම ඔවුනට එරෙහිව කතා කිරීම මෙන්ම නිවසින් පිට යෑම වැනි අශීලාචාර තත්ත්වයයි.

    පෙර දින හඳුනාගත් ප්‍රේමවන්තා වෙනුවෙන් හැදූ වැඩූ දෙමව්පියන්ව විනාඩි කිහිපයකින් අත හැර දමා පැන දුවති.

    නිදි මැරූ රාත්‍රියන් !

    කුසගින්නෙන් සිටි අවස්ථාවන් !

    ගැබෙ හි උසුලා ගෙන සිටි කාලයන් !

    ජීවිතය බේරුණු ප්‍රසූත වේදනාවන් !

    මේ ගැන කිසිදු වචනයක් හෝ පැවසිය නොහැකි තරම්ය.

    නියත වශයෙන්ම මව පෙන්වන ආදරයත් පියා පෙන්වන සෙනෙහසත් ලොවෙ හි කිසිවෙකුට ලබා දිය නොහැක.

    දෙමව්පියන්ගේ වේදනාව හා තැවීම පිළිබඳ දුක් නොවී සලන කදුළු පිළිබඳව කිසිදු සැලකිල්ලක් නොදක්වා ආදරය වෙනුවෙන් දරුවන් දෙමාපියන් අත හැර දමා නිවසින් බැහැරව යති.

    කිකිළිය තම පැටවුන් රකිනවාට වඩා දරුවන්ව දෙමව්පියන් රකින බව වටහා ගන්නට ඔවුනට අමතක වී ඇත.

    ආදරයෙන් ලැබෙන‍ සෙනෙහස හා සැප හැඟීම් වලින් පමණක් මුසුය. සිහිනයන්ගෙන් පිරී පවතින්නකි. නමුත් මව හා පියා පෙන්වන ආදරය හා සෙනෙහස ලෙයින් බැඳුනු එකකි. බඩවැලින් ඇමුණුනු එකකි.

    තම ප්‍රේම වන්තයාව අතිනත ගැනීමට බාධකයක්ව තිබූ දෙමාපියන්ව අවුරුදු 16 ක් සපිරුණු දෝණියැන්දෑ තම දෑතින් ඝාතනය කර තිබීමේ දුක්බරැති සිදුවීම් මෑත කාලයේ දී පවා අප රටේ සිදුවුණි. මෙම සැලැස්ම දමිළ සිනමාවෙ හි දර්ශනය වන මිනි මැරුම් ජවනිකාවන් මුල් කර ගෙන සිදු කර ඇති බවට පොලිස් නිලධාරීන් ඉදිරියේ ඇය කට උත්තර දී ඇත. ලොවට බිහි කළ ණය වෙනුවෙන් තම දෙමාපියන්ට දියණිය කළ අවසන් ගෞරවය ඉතා බිහිසුණුය.

    අවශ්‍ය පෝෂණයත් අවශ්‍ය දැනුමත් ලබා දී ආදරයෙන් කරුණාවෙන් සෙනෙහසෙන් ඇති දැඩි කළ දෙමව්පියන් ජීවිතයට ගැළපෙන සහකරුවෙකු සොයා නොදෙන්නේ ද?

    කුඩා කල සිටම ලස්සන බලා සුළු සුළු ආශාවන් ඉටු කර දී සැබෑ ආදරය පිරිනැමූ උත්තමයන්ය දෙමාපියන්. කුඩා අවදියේ පපුවට ගැසූ අය වැඩුණු පසුව පිටට ඇණ පලා යෑම කවර ආකාරයකින් සාධාරණ වේවි ද?

    ප්‍රේමයේ තරම මාස තුනක් ගත වීමෙන් පසු පැහැදිලි වන විට ජීවන ගමන කුමක් දැයි වටහා ගන්නට සමත් වෙති. සත්‍යය අවබෝධ වී පසුතැවිලි වන විට සනසන්නට කිසිවෙකු නොසිටිනු ඇත.

    ප්‍රේමය හා එහි පිවිතුරු යැයි සලකන ප්‍රේමවන්තයින්ගේ දිනයෙන් ඇතිවූ විපාකයන්ය මේවා.

    පිරිමියා හා කාන්තාව හුදකලාවෙහි මුණ ගැසීම එකට එක්ව ලොව වටා සැරි සැරීම කොමළ කිරීම වැනි දෑ ආදරය වේ නම් ඒ වෙනුවෙන් ප්‍රේමවන්තයින්ගේ දිනය පිහිටා තිබේ නම් එවැනි දිනයන් ඉස්ලාම් පිටු දකියි.

    ලොව බිහි වූ දා පටන් අද දක්වා කාන්තාවගේ පතිවත ගැනය මෙම සමාජයන් වැඩි හරියක් අවධානය යොමු කරමින් සිටිනුයේ. පතිවතට කැළලක් ඇති කරවන කවර ක්‍රියාවක් හෝ ප්‍රකාශයක් හෝ වෙත්නම් එය කාන්තාවගේ ජීවිතයට ප්‍රශ්නාර්ථයක් වනු ඇත.

    විවාහයට පෙර නුඹ තවකෙකු සමග ලෝ වටා සැරිසැරුණු තැනැත්තියක් නොවේ දැයි සැමියා බිරිය බලා පැවසීමම ඇයගේ පතිවතට ප්‍රශ්නාර්ථයක් වීමට ප්‍රමාණවත් වෙයි. පොඩි වී ගිය ඇඳුමක් මෙන් ජීවිතය ද අස්ථාවර භාවයට පත් වනු ඇත.

    තවත් කාලයක් ගත වන විට, නුඹේ පතිවත තහවුරු කිරීමට සාක්ෂි පත්‍රයක් ගෙන එන්නැයි පැවසූවත් පුදුම වන්නට කිසිවක් නොමැත.

    පතිවත්භාවය යනු ඉතා පිවිතුරුය. එය පිරිමියාටත් කාන්තාවටත් පොදු දෙයකි. දෙදෙනාම පතිවත ආරක්ෂා කළ යුතු යැයි ඉස්ලාම් විධානය කරයි.

    قُلْ لِلْمُؤْمِنِينَ يَغُضُّوا مِنْ أَبْصَارِهِمْ وَيَحْفَظُوا فُرُوجَهُمْ ذَلِكَ أَزْكَى لَهُمْ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا يَصْنَعُونَ (30) وَقُلْ لِلْمُؤْمِنَاتِ يَغْضُضْنَ مِنْ أَبْصَارِهِنَّ وَيَحْفَظْنَ فُرُوجَهُنَّ .... (31)

    (නබිවරය) තමන්ගේ බැල්ම පහත හෙළන මෙන් ද තමන්ගේ ලිංගික අවයව ආරක්ෂා කරන මෙන් ද විශ්වාසවන්තයින්ට පවසවු. එය නුඹලාට ඉතාමත් පිවිතුරුය. සැබැවින්ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳව අභිඥානවන්තය.

    තවද තමන්ගේ බැල්ම පහත හෙළන මෙන් ද තමන්ගේ ලිංගික අවයව ආරක්ෂා කරන මෙන් ද විශ්වාසවන්තියන්ට පවසවු. (අල්-කුර්ආන් 24:30,31)

    පතිවත ආරක්ෂා කිරීමේ ක්‍රියා මාර්ගයන් දෙපිරිසටම අල්-කුර්ආන් නියම කර ඇත. අන්‍යයන් දකින විට බැල්ම පහත හෙළීමය පතිවත ආරක්ෂා කර ගැනීම සඳහා වූ ප්‍රථම ආයුධය වනුයේ.

    මිනිසා තම බැල්ම සිතන පරිදි සැරිසරන්නට ඉඩ හැරියේ නම් කාමාශාවන් උද්දීපනය වනු ඇත. යහ හැඟීම් වැනසී යනු ඇත. ඔහුගේ සෙසු කාර්යයන් පවා විනාශ වී යනු ඇත.

    عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، قَالَ: «كُتِبَ عَلَى ابْنِ آدَمَ نَصِيبُهُ مِنَ الزِّنَا، مُدْرِكٌ ذَلِكَ لَا مَحَالَةَ، فَالْعَيْنَانِ زِنَاهُمَا النَّظَرُ، وَالْأُذُنَانِ زِنَاهُمَا الِاسْتِمَاعُ، وَاللِّسَانُ زِنَاهُ الْكَلَامُ، وَالْيَدُ زِنَاهَا الْبَطْشُ، وَالرِّجْلُ زِنَاهَا الْخُطَا، وَالْقَلْبُ يَهْوَى وَيَتَمَنَّى، وَيُصَدِّقُ ذَلِكَ الْفَرْجُ وَيُكَذِّبُهُ (أخرجه مسلم)

    ආදම්ගේ දරුවනට zසිනා හෙවත් කාමයේ වරදවා හැසිරීමෙහි කොටසක් නියම වී ඇත. අන්‍ය කාන්තාවක් දෙස බැලීම දෑස් කරන කාමයේ වරදයි. අසභ්‍ය දෑ ඇසීම කන් සිදු කරන කාමයේ වරදයි. අසභ්‍ය දෑ කතා කිරීම දිව කරන කාමයේ වරදයි. ඇයව ස්පර්ශ කිරීම දෑත් කරන කාමයේ වරදයි. ඇය වෙත ගමන් කිරීම පාද කරන කාමයේ වරදයි. සිත නැඹුරු වෙයි ආශා කරයි. රහසග (කාමයේ වරදවා හැසිරීම තුළින්) එය සැබෑ කරවයි. එසේ නොමැති නම් බොරු කරවයි යනුවෙන් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. (මූලාශ්‍රය: මුස්ලිම්)

    එක් පිරිමියෙකු අන්‍ය කාන්තාවක් දෙස බැලීමත් කාන්තාවක් අන්‍ය පිරිමියෙක් දෙස බැලීමත් කාමයේ වරදවා හැසිරීමක් වන්නේ යැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පැහැදිලි කළහ. ආදරය යන වේදිකාවේ සිට ක්‍රියාත්මක වන සියලුම හැසිරීම් කාමයේ වරදවා හැසිරීම යන්නට අන්තර්ගත වේ.

    عَنْ عُقْبَةَ بْنِ عَامِرٍ رضي الله عنه : أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «إِيَّاكُمْ وَالدُّخُولَ عَلَى النِّسَاءِ» فَقَالَ رَجُلٌ مِنَ الأَنْصَارِ: يَا رَسُولَ اللهِ، أَفَرَأَيْتَ الحَمْوَ؟ قَالَ: "الحَمْوُ المَوْتُ" (أخرجه البخاري)

    කාන්තාවන් වෙත නුඹලා යෑම පිළිබඳව මම අවවාද කරමි යැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා පැවසූහ. එවිට එක් අනුගාමිකයෙකු, සැමියාගේ සමීප ඥාති පිරිමියෙකුට එම කාන්තාව වෙත යා හැකි දැයි විමසුවේය. එයට නබි තුමාණන් සැමියාගේ සමීප ඥාති පිරිමියා (වෙත යෑම) මරණයකි යැයි පැවසූහ. (වාර්තා කරු: උක්බත් ඉබ්නු ආමිර්, මූලාශය: බුහාරි)

    عَنِ ابْنِ عَبَّاسٍ رضي الله عنه عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: "لاَ يَخْلُوَنَّ رَجُلٌ بِامْرَأَةٍ إِلَّا مَعَ ذِي مَحْرَمٍ" (رواه البخاري)

    නුඹලාගෙන් කිසිවෙකු අන්‍ය කාන්තාවක් සමඟ ඇයගේ (පියා, සහෝදරයා, පුතා වැනි) මහ්රම් උදවිය ඇය සමඟ සිටියේ නම් හැර හුදකලාවේ නොසිටින්න. යැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළහ. (වාර්තා කරු: ඉබ්නු අබ්බාස් -රළියල්ලාහු අන්හු - මූලාශ්‍රය: බුහාරි)

    මහ්රම් යන මෙම ඥාතී සම්බන්ධතාව අනුගමනය නොකරන හේතුවෙන් නොයෙකුත් විෂමතාවන් හා විනාශ දායක විපත්තියන් සිදු වෙමින් පවතී.

    ඒක පුද්ගලක පවුල් හා සමාජ සංස්ථා ස්ථාවරත්වය පරිහානියට ලක් කරන අර්ථවත් නොවන ක්‍රියාදාමයන් ඉස්ලාම් තහනම් කර ඇත.

    කවර අවස්ථාවක වුව ද අන්‍ය පිරිමියෙකු හා අන්‍ය කාන්තාවක හුදකලාවෙ හි මුණ ගැසීම කතා කිරීම සැරිසැරීම තහනම් කරයි.

    පිවිතුර පතිවත රකින්නට අපේක්ෂා කරන සෑම පිරිමියෙකු හා කාන්තාවකගේ යහපත උදෙසා ඉස්ලාම් මෙම තහනම් නියෝගය පැනවීමට හේතුව වෙයි.

    කාන්තාවක් තමන්ට කැමති ස්වාමි පුරුෂයෙක් ද පිරිමියෙක් තමන්ට කැමති බිරියක් ද තෝරා ගැනීම ඉස්ලාම් තහනම් නොකරයි.

    දරුවන්ගේ කැමත්ත අනුවය විවාහ කර දිය යුත්තේ යැයි ඉස්ලාම් නියෝග කරයි.

    මේ කියමන මුල් කර ගෙන වැට කඩා ගෙන යා යුතු යැයි ඉස්ලාම් පැවසුවේ නැත.

    විපත්තියක් සිදු වීමට පෙර එහි ප්‍රතිවිපාකය පිළිබඳව දැනුවත් කර සිටියි.

    හදිසි අවශ්‍යතාවක් ඇති වූ විටක පවා පිරිමියා හා කාන්තාව කතා නොකළ යුතුම යැයි ඉස්ලාම් පැවසූවේ නැත. එවැනි අවස්ථා වල පතිවතට හානියක් නොවන පරිදි ගෞරවයෙන් කටයුතු කරන මෙන් නියෝග කරයි.

    මෙයට උදාහරණ වශයෙන් අල්-කුර්ආන් මර්යම් (අලෙයිහස් සලාම්) තුමියගේ ඉතිහාසය ද මූසා (අලෙයිහිස් සලාම්) තුමාණන්ගේ ඉතිහාසය ද ඉගැන්වීම අපි දකින්නෙමු.

    فَأَرْسَلْنَا إِلَيْهَا رُوحَنَا فَتَمَثَّلَ لَهَا بَشَرًا سَوِيًّا (17) قَالَتْ إِنِّي أَعُوذُ بِالرَّحْمَنِ مِنْكَ إِنْ كُنْتَ تَقِيًّا (18

    ඇය(මර්යම්) ඔවුන්ගෙන් වෙන්ව තිරයක් (දමා) ගත්තාය. එවිට (ජිබ්රීල් නම්) අපගේ පිවිතුරු ආත්මය අපි ඇය වෙත එව්වෙමු. එවිට ඔහු ඇයට පූර්ණ මිනිසෙකු ලෙස නිරූපණය විය.

    ඇය, ඔබ බිය භක්තිකයෙකු නම් ඔබ ගැන සැබැවින්ම මම කරුණා භරිතයාණන්ගෙන් ආරක්ෂාව පතමි යැයි කීවාය. (අල්-කුර්ආන් 19:17,18)

    මූසා නබිතුමාණන් මද්යන් වැසියන් අතර සිට කාන්තාවන් දෙදෙනෙකුට ජලය ඇද දී උදව් කළහ. එවිට

    فَجَاءَتْهُ إِحْدَاهُمَا تَمْشِي عَلَى اسْتِحْيَاءٍ قَالَتْ إِنَّ أَبِي يَدْعُوكَ لِيَجْزِيَكَ أَجْرَ مَا سَقَيْتَ لَنَا

    ඔවුන් දෙදෙනාගෙන් එකියක් ඔහු වෙතට ලැජ්ජාවෙන් යුතුව පැමිණ නුඹ අපට ජලය ලබා දීමෙහි කුලිය නුඹට ප්‍රතිඵල වශයෙන් පිරි නැමීමට සැබැවින්ම මාගේ පියාණන් නුඹට ඇරයුම් කරන්නේ යැයි ඇය පැවසුවාය.... (අල්-කුර්ආන් 28:23-25)

    මෙම සම්බන්ධතාවය ඉස්ලාම් පිළිගන්නේ.

    පිරිමියාගේ පතිවතට යම් දොසක් ඇති වූයේ නම් කිසිදු සමාජයක් එය විශාල වශයෙන් නොතකයි. නමුත් කාන්තාවගේ පතිවතට යම් සීරීමක් සිදු වුවද සියලු සමාජයන් නැගී සිටිති. කාන්තාවගේ ගෞරවය ද පිරිමියාගේ පතිවත ද ආරක්ෂා විය යුතු බව ඉස්ලාම් පවසයි.

    ඉස්ලාම් එක් සංස්ථාවක් ගොඩ නගා ගත් දහමකි. එයටම ආවේණික ප්‍රතිපත්තියක් හා සංකල්පයක් ඇත. කිසිදු අවස්ථාවක එම ප්‍රතිපත්තීන් කඩා දැමීම නොසුදුසුය.

    ආදරය යන නාමයෙන් මුස්ලිම් නොවන්නන් සමඟ අත්වැල් බැඳීම හෝ කූඩුවෙන් කූඩුවට මාරුවීම හෝ ඉස්ලාම් අනුමත කර නැත. එනම් මුස්ලිම්වරයෙකු මුස්ලිම්වරියක් විවාහ කර ගැනීමය ඉස්ලාම් අනුමත කර ඇත්තේ. ඉස්ලාමය තුළ සිටම එහි ප්‍රතිපත්තීන් කඩා දැමීම කිසිවිටකත් ඉස්ලාම් අනුමත නොකරයි.

    وَلَا تَنْكِحُوا الْمُشْرِكَاتِ حَتَّى يُؤْمِنَّ وَلَأَمَةٌ مُؤْمِنَةٌ خَيْرٌ مِنْ مُشْرِكَةٍ وَلَوْ أَعْجَبَتْكُمْ وَلَا تُنْكِحُوا الْمُشْرِكِينَ حَتَّى يُؤْمِنُوا وَلَعَبْدٌ مُؤْمِنٌ خَيْرٌ مِنْ مُشْرِكٍ وَلَوْ أَعْجَبَكُمْ أُولَئِكَ يَدْعُونَ إِلَى النَّارِ وَاللَّهُ يَدْعُو إِلَى الْجَنَّةِ وَالْمَغْفِرَةِ بِإِذْنِهِ وَيُبَيِّنُ آَيَاتِهِ لِلنَّاسِ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ

    අල්ලාහ්ට ආදේශ කරන්නියන් ඔවුන් විශ්වාස කරන තෙක් නුඹලා ඔවුන්ව විවාහ කර නොගනිවු. අදේශ කරන්නිය නුඹලාව ආකර්ෂණය කළත් ඇයට වඩා විශ්වාස කළ වහලියක් උසස්ය. නුඹලා (විශ්වාස කළ කාන්තාවන්ව) ආදේශ කරන්නන්ට ඔවුන් විශ්වාස කරන තෙක් නුඹලා විවාහ කර නොදෙවු. ආදේශ කරන්නා නුඹලාව ආකර්ෂණය කළ ද ඔහුට වඩා විශ්වාස කළ වහලෙක් උසස්ය. ඔවුහු (අදේශ කරන්නන් නුඹලාව) නිරය කරා කැඳවන්නෝය. අල්ලාහ් ඔහුගේ අභිමතය අනුව ස්වර්ගය හා ක්ෂමාව කරා කැඳවන්නෝය. ජනයා (අල්ලාහ්) මෙනෙහි කරනු පිණිස ඔවුනට ඔහුගේ වදන් ඔහු පැහැදිලි කරන්නේය. (අල්-කුර්ආන් 2:221)

    ඒක දේවත්වය පිළි ගත් දේව විශ්වාස වන්තයෙකු හා එය පිළි නොගත් අවිශ්වාස වන්තයෙකු එක හා සමාන නොවෙයි. එබැවින් ආදරයේ නාමයෙන් ප්‍රත්පත්තීන් දෙකක් හෝ ආගම් දෙකක් සතු උදවිය එක් වීම ඉස්ලාම් අනුමත කර නොමැත. ඉස්ලාම් වාමාංශික දහමක් නොවෙයි.

    එබැවින් ඉස්ලාම් ලබා දෙන පිරිමි හා කාන්තා සම්බන්ධතා පිළිබඳව අවබෝධය ඉතා පැහැදිලිය. පිවිතුරුය. එය ඉක්මවා යන සියලු ක්‍රියාවන් ඉස්ලාම් තහනම් කරයි.