සමාජය විනාශ කරන අල්ලස් හා දූෂණයට එරෙහි වන ඉස්ලාම්
ප්‍රවර්ග / වර්ගීකරණයන්
Full Description
සමාජය විනාශ කරන අල්ලස් හා දූෂණයට එරෙහි වන ඉස්ලාම්
] සිංහල – Sinhala –[ سنهالي
ජාසිම් ඉබ්න් දඉයාන්
2014 - 1435
منهج الإسلام ضد الفساد المنتشر في المجتمع
« باللغة السنهالية »
جاسم بن دعيان
2014 - 1435
සමාජය විනාශ කරන
අල්ලස් හා දූෂණයට එරෙහි වන ඉස්ලාම්
ලොවේ බොහෝ රටවල් ගොදුරු වී සිටින ඉතාමත් බරපතළ පීඩාව අල්ලස් හා දූෂණය වේ. රජය සහ රාජ්‍ය සේවකයින් විසින් නිලය, බල තල, ජාතික සම්පත් වැනි දේ අනිසි ලෙස දුෂ්ප්රයුක්ත කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ජාතියේ ප්‍රගතියට හානි සිදු වන අතර සාමාන්‍ය පුරවැසියන් අතරමං වීමද, රටේ සංවර්ධනය හා ආයෝජන කිරීමේ මාර්ගයටද එ මගින් කිසියම් බලපෑමක් ඇති කරනු ලබයි.
අල්ලස් හා දූෂණය යන මෙම රෝගයට බොහෝ ඉස්ලාමීය රටවල්ද භාජන වීම ඉතාමත් අවාසනාවකි. මෙවැනි අවස්ථාවක, පහත සඳහන් ප්‍රශ්න පැන නැගීම නොවැළැක්විය හැක.
- “මේ රටවල් අල්ලස් හා දූෂණයට සම්බන්ධ වන්නේ කුමක් නිසාද?
- ඔවුන් ඉස්ලාමීය රටවල් පමණක්ද?
- ඉස්ලාමීය සංස්කෘතියේ මෙය පෝෂණය කරන යම් කිසිවක් තිබේද?
2 හා 3වන ප්‍රශ්නවලට පිළිතුරු වන්නේ “නිසැකවම නැත“ යන්නයි. ඉස්ලාම් නොවන රටවල් ගැන අපි සාකච්ඡා නොකරමු. නමුත් ඉස්ලාමිය රටවල් ගැන සාකච්ඡා කිරීමේ දී මෙවැනි ඉස්ලාමීය රටවල් ඇත්ත වශයෙන්ම ඉස්ලාමීය මඟ පෙන්වීමට ප්‍රමාණවත් ව අවනත නොවන අතර, ඒ හේතුවෙන් ඔවුන් අල්ලස් හා දූෂණය වැනි රෝගයට දැනටමත් භාජන වි අවසාන බව පෙන්වා දිය යුතුයි.
පෞද්ගලික හා සමූහයක වගකීමක් වශයෙන් අල්ලස් හා දූෂණය එළිදරව් කිරීමට සහ නිලය හා බලය අයුතු ලෙස භාවිත කිරීමට එරෙහිව ඉස්ලාම් පියවර ගන්නේ කෙසේ දැයි පහත සඳහන් හදීස් වදන් කිහිපයක් පහදා දෙනු ඇත.
රජයේ සේවය මිනිසාට මහත් වගකීමකි
1. අල්ලාහ්ගේ රසූල් සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන් මෙසේ පවසනු තමා සවන් දුන් බව අබ්දුල්ලාහ් ඉබ්න් උමර් රලියල්ලාහු අන්හු දන්වයි.
“ඔබ සෑම කෙනෙක්ම තමන් භාරව තිබෙන සියලු දේ සඳහා භාරකරුවන්ය. රටේ නායකයා තම රට වැසියන් සඳහා වගකිව යුතු වන අතර ඔහු ඔවුන්ගේ භාරකරුය. ස්වාමි පුරුෂයා තම පවුලේ අය සඳහා වගකිව යුතු අතර, ඔවුන්ගේ භාරකරු වාය. බිරිය තම සැමියාගේ නිවස සඳහා වග කිවයුතු අතර, ඇය එහි භාරකාරිය වේ. සේවකයෙක් තමා භාරව තිබෙන තම හාම් පුතාගේ භාණ්ඩ සඳහා වගකිව යුතු අතර, ඒවා කෙරෙහි ඔහු භාරකාරයෙකි.“
රසූල් සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන් තව දුරටත් මෙසේ කීහ. “මිනිසෙක් තම පියාගේ දේපොළ සඳහා භාරකරුවෙකි. ඒ බැවින් ඔබ සියලු දෙනාම තම භාරය යටතේ තිබෙන සියල්ල සඳහා වගකිව යුතුයි.
2. මාආකිල් ඉබ්න් යාසිර් රලියල්ලාහු අන්හු තුමා නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන්ගෙන් මෙම හදීසය වාර්තා කරයි. “තම පාලන යටතේ ජිවත් වන ජනයා කෙරෙහි අවංකව ක්‍රියා නොකළ නිල බල සහිත කෙනෙක් මරණයට ලක් වුයේ නම්, ඔහුට ස්වර්ගය තහනම් කරනු ලැබේ. (ෂෙයික් අල්බානි මෙම හදිසය සනාථ කරයි.
3. අබු දර් රලියල්ලාහු අන්හු මේ ලෙස දන්වා ඇත.
“අල්ලාහ්ගේ රසූල් සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණනි! රජයේ සේවය සඳහා මා හට පත්වීමක් ලබා දෙන්නේ නැද්දැ?“ යයි විසුවෙමි. එවිට එතුමාණන් මගේ උරහිස මත අත තබා මෙසේ කීහ.
“අබු දර්, ඔබ දුබල කෙනෙක් වන අතර නිල බලය යනු වගකීමකි. ලෝකාන්ත දිනයේදී එය (නිල බල) රාජකාරිය සහ වගකීම හරියාකාරව ඉටු කළ අයට හැර අන් අයට අපකීර්තියට සහ පසු තැවිල්ලට හේතුවක් වනු ඇත. (මුස්ලිම් වාර්තා කරයි)
අල්ලස් හා දූෂණයට එරෙහිව සටන් වැදීම සමූහ වගකීමකි
4. අල්ලාහ්ගේ රසූල් සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන් පැවසු බව අබු සඊද් අල් කුද්රි රලි යල්ලාහු අන්හු මෙසේ දන්වයි.
“ඔබ අතර කවරෙකු හෝ අයහපතක් දුටුවේ නම් ඔහු එය අතින් වෙනස් කළ යුතුයි. ඔහුට එය කළ නොහැකි නම් තම දිවෙන් (වදනින්) වෙනස් කළ යුතුයි. එයද ඔහුට කළ නොහැකි නම් තම සිතෙන් පිළිකුල් කළ යුතුයි. ඊමානයේ අවම තත්ත්වය එයයි.“ ෂෙයික් අල්බානි මෙය සනාථ කර ඇත.
5. අල්ලාහ්ගේ රසූල් සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන් පැවසු බව අන් නුඃමාන් ඉබ්න් බසීර් රලි යල්ලාහු අන්හු මෙසේ දන්වයි.
“අල්ලාහ්ගේ නියෝග සහ සීමාවන්ට එකඟ ව ජීවත් වන්නන් හා ඒවා උල්ලංඝනය කරන්නන් අතර වෙනස, නැවක ගමන් කිරීමේදී කුස පත් ඇද තම ආසනය වෙන්කර ගත් ජනයාගේ උදාහරණයට සමානවේ. ඇතැමුන්ට උඩ තට්ටුවේ ආසන ලැබුණු අතර, ඇතැමුන්ට පහළ තට්ටුවේ ආසන ලැබුණි.
පහළ තට්ටුවේ සිටින අයට ජලය අවශ්‍ය වන විට, ඔවුන් උඩට ගොස් ජලය ලබා ගත යුතු ය. (මෙය කරදරයක් යැයි සැලකූ) පිරිසක් ‘නැවේ අපේ කොටසේ සිදුරක් විද (ජලය ගනිමු) උඩ සිටින අයට කරදර කිරීමෙන් වැළකී සිටිමු.‘ යැයි කීහ.
උඩ තට්ටුවේ සිටින පිරිස මෙම ක්‍රියාවට ඉඩ දුන්නේ නම්, නැවේ ගමන් කරන සියලු දෙනාම විනාශ වනු ඇත. එහෙත් මෙම ක්‍රියාව වැළැක් වුයේ නම් සියලු දෙනාම ආරක්ෂාව ලබනු ඇත.“ සහීහ් අල් බුහාරි වාර්තා කරයි.)
6. අල්ලාහ්ගේ රසූල් සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන් පැවසු බව අනස් ඉබ්න් මාලික් රලියල්ලාහු අන්හු මෙසේ දන්වයි.
“ඔබේ සහෝදරයා වරද කරන්නෙක් හෝ ඔහුට (එරෙහිව) වරදක් කරනු ලබන්නෙක් හෝ වේවා, ඔබේ සහෝදරයාට පිළිසරණ වන්න.“
එවිට සහාබාවරයෙක් “අල්ලාහ්ගේ රසූල් තුමාණනි, ඔහුට එරෙහිව වරදක් කරනු ලබන කෙනෙකුට අපට පිළිසරණ විය හැක. එහෙත් වැරදි කරන කෙනෙකුට පිළිසරණ වන්නේ කෙසේදැ? යි විමසුවේය.
අල්ලාහ්ගේ නබි තුමාණන් “වරද සිදු කිරීමෙන් ඔහුව වළකිනු“ යැයි පිළිතුරු දුන්හ.
රාජ්‍ය තනතුර අවභාවිත කරන්නෙකුට සමාවක් නැත
7. අල්ලාහ්ගේ රසූල් සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන් පැවසු බව අනස් ඉබ්න් මාලික් රලියල්ලාහු අන්හු මෙසේ වාර්තා කරයි.
අල්ලාහ්ගේ රසූල් සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන් අzස්ද් ගෝත්‍රයට අයත් ඉබ්න් අල් ලුතබියියා නම් කෙනෙක්ව සකාත් එකතු කිරීමට පත් කළහ. ඒවා රැස් කරගෙන පැමිණි ඔහු, “මේවා ඔබට. මේවා මට තෑගි වශයෙන් දෙන ලදී.“ යැයි කීය.
එවිට අල්ලාහ්ගේ රසූල් සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන් මිම්බරය මත නැඟ, අල්ලාහ්ට ප්‍රශංසා කර, පසුව මෙසේ කිහ.
“මම රාජකාරියකට පත් කර එවන කෙනෙක්, (එය ඉටු කර පැමිණ) ‘මෙය ඔබට, මෙය මට තෑගි වශයෙන් දෙන ලදී‘ යැයි පවසන්නේ කෙසේද?
ඔහුට තෑගි ලැබෙන්නේද නොලැබෙන්නේද යැයි දැන ගනු පිණිස ඔහු තම දෙමාපියන් සමඟ නිවසේ රැඳී නොසිටින්නේ ඇයි?
කවරෙකු සතුව මුහම්මද්ගේ ප්‍රාණය තිබේද ඔහු මත දිවුරා කියමි. ඔබෙන් කිසිවෙක් (අයුතු ලෙස) යමක් ගත්තේ නම්, එය තම කර මත ඔසවාගෙන ඔහු මළවුන්ගෙන් නැගිටින දිනයේ පැමිණෙනු අතැ.“
ඉන් පසුව අල්ලාහ්ගේ රසූල් සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන් කිහිල්ල අපහට පෙනෙන තරමට තම දෑත ඉහලට ඔසවා “යා අල්ලාහ්! (ඔබගේ අණ) මම නිකුත් කළෙම් ද? යැයි පැවසුහ. ඉමාම් මුස්ලිම් වාර්තා කරයි.
8. අල්ලාහ්ගේ රසූල් සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන් පැවසු බව ආදි ඉබ්න් උමෙයිරා රලි යල්ලාහු අන්හු මෙසේ දන්වයි.
“මා විසින් ඔබෙන් කවරෙකු හෝ තනතුරකට පත් ව, ඉඳි කටුවක් හෝ එයට වැඩි යම් දෙයක් සඟවා ගත්තේ නම්, ඔහු ද්‍රෝහියෙක් ලෙස ක්‍රියා කරන අතර, යළි නැගිටින දින ඔහු එය රැගෙන එන්නේය.“
මෙයට සවන් දුන් අන්සාර් වරුන් අතර කළු ජාතිකයෙක් නැගිට, “අල්ලාහ්ගේ රසූල් සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමණි! මට පැවරු රාජකාරිය මගෙන් ඉවත් කරන්න.“ යැයි කීය.
“ඔබට කුමක් සිදුවුණා දැ යි “ නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන් ඔහුගෙන් විමසීය.
“ඔබ තුමාණන් දැන් පැවසූ දැයට මම සවන් දුනිමි.“ යැයි ඔහු පිළිතුරු දුන්නේය.
එවිට නබි (සල්) තුමාණන්, “මම නැවත එය පවසමි. මා විසින් ඔබෙන් කවරෙකු හෝ තනතුරකට පත් කළේ නම්, ඔහු කුඩා හෝ ලොකු (රජයේ ආදායම්) සියල්ල ගෙන ආ යුතුයි. එයින් ඔහුට කුමක් දෙනු ලබන්නේද, ඔහුට එය ලබා ගත හැක. එයින් කුමක් ගැනීම ඔහුට තහනම් කරනු ලබන්නේද, එයින් ඔහු වැළකිය යුතුයි.“ යනුවෙන් පැවසුහ.
9. අල්ලාහ්ගේ රසූල් සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන් පැවසු බව අබු හුමෙයිද් අස් සය්යිදි රලි යල්ලාහු අන්හු මෙසේ දන්වයි.
“රජයේ සේවකයන්ට දෙනු ලබන තෑගි , අයුතු ලෙස ලබා ගත් ආදායම්වේ. (ගුලූල්)“ මෙම හදීසය ෂෙයික් අල්බානි සනාථ කර ඇත.
10. අල්ලාහ්ගේ රසූල් සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන් පැවසු බව බුරෙයිදා ඉබ්න් අල් හුසෙයින් රලි යල්ලාහු අන්හු මෙසේ දන්වයි.
“අපි රජයේ සේවයට වේතනයක් දී කෙනෙක් පත් කළ විට, එයට අමතරව ඔහු ලබා ගන්නා සියල්ල අයුතු ලෙස ලබා ගත් ආදායම් වේ.“ අබු දාවුද් වාර්තා කර ෂෙයික් අල්බානි සනාථ කර ඇත.
11. අල්ලාහ්ගේ රසූල් සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන් පැවසු බව හඃව්ලා බින්ත් ආමිර් රලි යල්ලාහු අන්හා තුමිය මෙසේ දන්වයි.
“ඇතැම් මිනිසුන් අල්ලාහ්ගේ ධනය (මහජන මුදල් හා සම්පත්) අනිසි පාවිච්චියට ගනිති. යළි නැගිටින දින ඔවුන් අපායට යොමු කරනු ලබති.“ බුහාරි වාර්තා කරයි.
අල්ලසට එරෙහිව දැඩි අවවාද
12. අල්ලාහ්ගේ රසූල් සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන් පැවසු බව අබ්දුල්ලාහ් බින් අම්ර් රලියල්ලාහු අන්හු මෙසේ දන්වයි.
“අල්ලස් දෙන පුද්ගලයා සහ අල්ලස් ලබා ගන්නා පුද්ගලයා මත අල්ලාහ්ගේ ශාපය හිමිවේ.“ අහ්මද්, ඉබ්න් මාජා වාර්තා කර ෂෙයික් අල්බානි සනාථ කර ඇත.
අධිකරණයේ දූෂණයට එරෙහිව සටන් කිරීම
13. අල්ලාහ්ගේ රසූල් සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන් පැවසු බව ඉබ්න් බුරෙයිදා රලියල්ලාහු අන්හු මෙසේ දන්වයි.
විනිසුරුවරු පිරිස් තුන ට අයත්වෙති. ඔවුන්ගෙන් දෙපිරිසක් අපා ගත වන අතර, එක් පිරිසක් ස්වර්ගයට ඇතුළු කරනු ලබති.
ü සිය අභිමතය අනුව විනිශ්චය කරන්නා - ඔහු නිරා ගත වේ.
ü සුදුසු දැනුමකින් තොරව විනිශ්චය කරන්නා - ඔහුද නිරා ගත වේ.
ü සත්‍යයට පමණක් එකඟ ව විනිශ්චය කරන්නා - ඔහු ස්වර්ගස්ථ වෙයි.
ෂෙය්ක් අල් අල්බානි සනාථ කළහ.
14. අල්ලාහ්ගේ රසූල් සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන් මහා පාපයන් පිළිබඳව සඳහන් කළ බව හෝ එතුමාණන්ගෙන් විමසනු ලැබු බව හෝ උබෙයිදුල්ලාහ් ඉබ්න් අබි බකර් රලි යල්ලාහු අන්හු මෙසේ දන්වයි.
“අල්ලාහ් සමඟ කිසිවෙක් ආදේශ කිරීම, ප්‍රාණ ඝාතනය කිරීම, දෙමාපියන්ට හිමි යුක්තිය පැහැර හැරීම.“ පසුව එතුමාණන්, “මේවා සියල්ලට වඩා ඉතාමත් භයානක මහා පාපය ගැන ඔබට දන්වන්නදැ?“ යි විමසුහ. පසුව “ එනම් බොරු කීම“ හෙවත් “බොරු සාක්ෂි කීම“ යනුවෙන් එතුමාණෝ පැවසුහ.
එය “බොරු සාක්ෂි කීම“ යනුවෙන් විය යුතු යැයි ෂුබා ප්‍රකාශ කළේය. මුලාශ්‍රය බුහාරි සහ මුස්ලිම්.
15. අයිෂා රලි යල්ලාහු අන්හා මෙසේ දැන්වුවාය.
සොරකමක් කළ බනු මක්දූම් ගෝත්‍රයට අයත් වංශවත් කාන්තාවක් ගැන කුරෙයිෂි ජනතාව මහත් කනස්සල්ලට පත් වුහ.
“අල්ලාහ්ගේ රසූල් වරයා වෙත මැදිහත් වන්නේ කවුරුන් දැ?“ යි ඔවුන් විමසුහ.
“මෙම කටයුත්තට අල්ලාහ්ගේ රසූල් සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන්ගේ හිතවත් පුත්‍ර උසාමා ඉබ්න් සෙzයිද් රලියල්ලාහු අන්හු හැර අන් කිසිවෙක් ඉදිරිපත් නොවෙයි.“ යනුවෙන් ඇතැමුන් කීහ.
මේ ගැන නබි තුමාණන් සමඟ උසාමා රලියල්ලාහු අන්හු කථා කළ විට, “අල්ලාහ්ගේ නියමිත දඬුවම සම්බන්ධ වන නඩුවක ඔබ මැදිහත් වීමට උත්සාහ කරනවාද?“ යැයි එතුමාණන් ඔහුගෙන් ප්‍රශ්න කළහ. මෙම වදනින් තිගැස්සීමට ලක් වූ උසාමා රලියල්ලාහු අන්හු, “ මා වෙනුවෙන් සමාව අයදින්න“ යැයි කීය.
පසුව රසූල් සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන් නැගිට දේශනාවක් පැවැත් වුහ.
“ඔබට පෙර වූ ජාතීන් විනාශ වීමට හේතුව, ඔවුනතර වංශවත් කෙනෙක් සොරකමක් කළහොත්, ඔහුට ඔවුන් සමාව දුන්හ. ඔවුන්ගෙන් දුප්පත් කෙනෙක් සොරකමක් කළ හොත් අල්ලාහ්ගේ දඬුවම ඔහුට පැන වුහ.
ජාතියක් ස්ථීර පදනමක් මත ගොඩ නැගීම සඳහා මැවුම්කරු වන අල්ලාහ් දුන් මාර්ගයක් ඔහුගේ අවසාන නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන් විසින් වාචික උපදෙස් සහ ආදර්ශමත් ජීවිත මගින් පෙන්වා දෙන ලදී. ඒවායින් බැහැර වන සියලු සමාජයක් හා ජාතීන්ම විනාශයට පත්වන්නේ තමන් විසින්ම තොරාගත් අයහපත් ජීවිත මාර්ගය තුළින්මයි. මෙලොව දමා යන විට මේවා සියල්ල අත හැර දමා හිස් අතින් යායුතු ය. අල්ලස් හා දූෂණ මගින් මුදල් රැස් කළ අයට අවසානයේ මෙ ලොවෙහි පමණක් නොව මරණයෙන් පසුවද මහත් බරක් උසුලන්නට සිදුවීම ඉතා අභාග්‍ය කරුණකි.