×
මුස්ලිම්වරයෙකුගේ ජීවිතය අල්ලාහ් සලාහ් මගින් අලංකාර කරයි. මෙවැනි සාමාන්යග ක්රි්යාව මාර්ග යෙන්, සීමා විරහිත පින් උපයන්න ට හැකි වනු ඇත.

    විශ්වාසීන්ගේ ආත්මයට නැමදීමෙන් යහපතක් සිදුවන්නේ කෙසේද?

    ] සිංහල – Sinhala –[ سنهالي

    ලෝක ප්‍රකට විද්‍යාඥ හාරූන් යහ්යා විසින්

    සවූදි අරාබියේ අරබ් නිව්ස් පුවත් පත්‍රයෙ හි

    2014 ජුනි මස 13 දින පළවු ලිපිය

    සිංහල පරිවර්තනය

    ජාසිම් ඉබ්න් දඉයාන්

    2014 - 1435

    الصلاة كيف تفيد نفوس المصلين؟

    « باللغة السنهالية »

    هارون يحيى

    من جريدة عرب نيوس13 يونيه 2014م

    ترجمة: جاسم بن دعيان

    2014 - 1435

    විශ්වාසීන්ගේ ආත්මය ට නැමදීමෙන් යහපතක් සිදුවන්නේ කෙසේද?

    ලෝක ප්‍රකට විද්‍යාඥ හාරූන් යහ්යා විසින්

    සවූදි අරාබියේ අරබ් නිව්ස් පුවත් පත්‍රයෙ හි

    2014 ජුනි මස 13 දින පළවු ලිපිය

    සෑම දිනක ම දහස් ගණන් දරුවන් උපත ලබති. ඔවුන් විශිෂ්ට නිර්මාණයක් වශයෙන්, දෑස්, අත්, දෙසවන්, හදවත්, මොළය සහ එවැනි තවත් අවයවන් රාශියක් සහිත නවක ජීවිතයක් ආරම්භ කරති. උත්තරීතර අල්ලාහ් මිනිසා ව ඔහුගේ මවගේ කුස තුළ කුඩා සෛලයකින් සිට වර්ධනය විමට සකස් කරන අතර, කුඩා ස්නායු පද්ධතිය සහ රුධිර නාලය ඔහුගේ සිරුර සම්පූර්ණයෙන් අවරණය කර ගනී. ඔහුගේ හෘදයෙ හි ස්පන්දනය ශීඝ්‍රව ආරම්භ වෙයි, එම සිරුර තුළ අක්මාව, වකුගඩු අනුක්‍රමයෙන් වර්ධනය වෙයි. ඒ තුළ අස්ථි ශ්‍රේෂ්ට ලෙස පිහිටුවනු ලබයි. සිය දහස් ගණන් විස්තර සහිත ව ඒකාබද්ධ කර මෙතරම් පරෙස්සමින් නිර්මාණය කරන ලද මිනිසාගෙන් අල්ලාහ් බලාපොරොතු වන්නේ එකම එකයි. එය අවංක භාවයයි.

    අවංක භාවය යනු සෑම දොරටුවක් ම විවෘත කළ හැකි ශක්තිමත් යතුරක් වේ. මිනිසුන් අවංක හා පිරිසිදු වන විට, ඔවුන්ගේ හදවත් අල්ලාහ් කෙරෙහි ආදරයෙන් දැල්වෙන විට අල්ලාහ් ඉදිරියේ ඔවුහු අගනා බවට පත් වෙති. සම්පූර්ණයෙන් ම අවංක වන කෙනෙක් අල්ලාහ් වෙනුවෙන් ජීවත් ව, අල්ලාහ් වෙනුවෙන් ම අවසාන හුස්ම හෙළයි. මේ පොළොවෙ හි ඔහු ගත කරන කෙටි කාලීන ජීවිතය, ඔහුගේ දීර්ඝ ගමනේ දී තාවකාලික සංක්‍රාන්ත ස්ථානයකි. ඔහුගේ සැබෑ නවා තැන මරණයෙන් මතු ජිවිතය බව ඔහු එක මොහොතකට වුව ද අමතක නොකරන අතර, මේ ලෝකයේ මුළාව නිසා ඔහු වියවුල් වන්නේ නැත.

    “සැබැවින්ම, මගේ සලාහ් ද මගේ යහකම් ද මගේ දිවිය ද මගේ මරණය ද ලෝක වාසීන් නිර්මාණය කොට සංවර්ධනය කරන අල්ලාහු ට යැයි පවසනු.” සූරා 6:162.

    අවංක දාසයෙකුගේ හදවත නිතර තිබෙන්නේ අල්ලාහ් වෙත ය. ඔහු පාන්දර අවදි වන විට ඔහුගේ සිත ට අල්ලාහ් පිවිසෙන අතර, දවස පුරා ඔහු ට ආශීර්වාදය ලැබෙන්නේ අල්ලාහ්ගේ අනුමැතියෙන් පමණි. සැබෑ දේව විශ්වාසිකයෙක් සෑම විට ම අල්ලාහ්ගේ කරුණාව ඔහුට අවශ්‍ය බව දන්නා අතර, ඒවා සියල්ල සඳහා අල්ලාහ් ට කෘතඥතාවය ප්‍රකාශ කරයි.

    ප්‍රදර්ශනය කිරීමේ අහහසින් තොරව, මූඃමින්වරු අල්ලාහ් ට කෘතගුණය ප්‍රකාශ කිරීම සඳහා ඉතාමත් සුදුසු ක්‍රමය සලාහ් නමැති නැමදුමය. අල්ලාහ් ඉදිරියේ තම නොහැකියා ව පිළිබඳ ව සම්පූර්ණ අවබෝධ සහිත ව, නියමිත වේලාවට, දිනකට පස් වතාවක් අල්ලාහ් ට හිස නමා නැමදුම් කිරීම මුස්ලිම්වරයෙකු ට බොහෝ වැදගත් කරුණකි. ආගමික වතාවත් ඉටු කිරීමෙන්, අල්ලාහ් ව මෙනෙහි කිරීමෙන්, කුර්ආනය ට අවනත වීමෙන් තම පරමාධිපති ව කිසි මොහොතක අමතක නොකළ බව ඔහු ට පෙන්විය හැක. හිස පොළොව මත තබා සජදා කරමින්, ඔහු අලංකාරවත් වදනින් අල්ලාහ් ව උත්කර්ෂයට පමුණුවයි.

    “පුස්තකයෙන් නුඹ ට වහී ප්‍රකාශන කළ දැය හදාරවු. සලාහ් හි නිරත වවු. සැබැවින් ම සලාතය දූෂණයෙන් ද, පිළිකුල් දැයින් ද වළක්වන්නේය. අල්ලාහු මෙනෙහි කිරීම ඉමහත්ම ය. අල්ලාහු ඔබ කරන දැය දන්නේය.” සූරා අන්කබූත් 29:45.

    “අප පහළ කළාවූ ද, සෞභාග්‍යයක් වූ ද, එයට පෙර තිබු දැය සත්‍ය කළා වු ද මෙය (අල් කුර්ආනය) පුස්තකයෙකි. නගරයන් හි මාතාවට ද (මක්කා) එය වටා සිටින අයට ද අවවාද දෙනු පිණිස (අප එය පහළ කළෙමු). තවද අන්තිම දින ගැන විශ්වාස කරන අය එය ගැන විශ්වාස කරන්නෝය. ඔවුහු තමන්ගේ සලාහ් හි ආරක්‍ෂා වන්නෝ ය.” සූරා අන්ආම් 6:92.

    බැතිමතෙක්, තමා ආගමේ අනුගමනය කරන සියලු දේ කරන්නාක් මෙන් තම නැමදුමෙහි ද අල්ලාහ් ට අධික ලෙස ආදරය කරයි. ඔහු අලුයම නැමදුම සදහා අවදි වන්නේ ඉතාමත් හා බලවත් උනන්දු වෙන් ය. දහවල් කාලයේ තම කාර්‍යයන් සියල්ල නවතා දමා, යළි නමදුමෙ හි යෙදෙන්නේ මහත් උද්‍යෝගිමත් ආකාරයෙන් ය. මිනිසාගේ ආත්මය නිර්මාණය කරනු ලැබුවේ නැමදුමට ප්‍රිය කරනු පිණිස ය. කෙනෙක් අලංකාරවත් දර්ශනය ප්‍රිය කරනවාක් මෙන්, සුන්දර මුහුණක් දකින්නට ප්‍රිය කරනවාක් මෙන්, අලංකාරවත් කථා බසට සවන් දීම ප්‍රිය කරනවාක් මෙන් තම ආගමික බන්ධනය ඉටු කිරීම ට දේව විශ්වාසය සහිත කෙනෙක් ප්‍රිය කරයි. නැමදුම් ක්‍රියාව කෙනෙකුගේ ආත්ම විශ්වාසය ශක්තිමත් කරයි. එමගින් අල්ලාහ් සහ ඔහු අතර ගැඹුරු හා අචල බැඳීමක් ගොඩ නැඟේ. දිනකට පස් වතාවක් මූඃමින්වරු තමන්ගේ සමීපත ම උතුම් මිත්‍රයා හා හිතවතා ට හිස නමා සුජූද් කරති. මෙය කිසි දිනක පිටුපෑමක් සිදු නොවන ඉතා විශේෂ හා ශක්තිමත් මිත්‍රකමේ බැඳීමකි. අපගේ පරමාධිපති යහපත් හා අයහපත් දිනයන් හි, අසනීප හා සුවයෙ හි, දිළිඳුකමේ හා හිඟයක් තිබෙන කාලයෙ හි ඔහුට සමිපව සිටියි. මූඃමින්වරයෙක් තම මිතුරා හා නිර්මාතෘ වරයා වන පරමාධිපති වෙත ට බොහෝ උනන්දුවෙන් හා මහත් ළැදිකමින් හැරී, ඔහු ඉදිරියේ සුජූද් කරයි. ඔහුගේ ඉතාමත් අලංකාරවත් නාමයන්ගෙන් ඔහුට අලංකාර ව පැසසුම් කිරීමෙන් ඔහුගේ ආත්මය සාමයට පත්වේ.

    මූඃමින්වරයෙකුගේ ලක්ෂණය මෙවැනි ශක්තිමත් අවංකකම වේ. නැමදුම් කිරීම බරක් ලෙස සලකන, නැමදුම් වේලාවට බොහෝ අකැමැත් තෙන් ඇඳෙන් නැගිට සිටින, හෝ හැකිනම් වෙනත් වෙලාවට කල් දමන පිරිසක් අප සමාජයේ ම සිටිති. ඔවුන්ගේ පුද්ගලික ප්‍රශ්නයක දී අලුයම ඇඳෙන් ලහිලහියේ නැගිට සිටින, අවශ්‍ය වු නම් තම වාසිය සඳහා උස කඳු මුදුනට පවා නගින්නට සූදානම් වෙති. කුමක් හෝ ලාභයක් ලැබෙන්නේ නම් මෙවැනි දේ පිළිබඳ ව ඔවුන් කිසි විටෙක අමතක නොකරති, අතපසු නොකරති, කිසිවක් කල් නොදමති. එහෙත් ඔවුන්ගේ මෙවැනි අතපසු වන ක්‍රියාවන් සියල්ල අල්ලාහ් දකියි. මිනිසුන්ගේ හදවතෙ හි තිබෙන සියලු දේ අල්ලාහ් දන්නා අතර, ඔවුන්ගේ අවංක හා වංක ක්‍රියාවන් අල්ලාහ් ඉතාමත් සියුම් අන්දමින් වෙන් කර දකින බව ඔවුහු නොදනිති.

    “සැබැවින්ම, වංචනිකයෝ අල්ලාහු රවටන්න ට අදහස් කරන්නෝ ය. එහෙත් ඔහු ඔවුන් රවටන්නේ ය. සලාහ් කිරීමට පිවිසු කල් හි ඔවුහු කම්මැලි භාව යෙන් - මිනිසුන් ට පෙන්වීම පිණිස සිටින්නෝය. ඔවුහු ඉතා ස්වල්ප වශයෙන් මිස සලාහ් නොකරන්නෝ ය.” සූරා 4:142.

    නබි (සල්) තුමාණන් සතුටින් හා උද්‍යෝගි මත් ව සලාහ් ඉටු කළ ආකාරයෙන් අප සෑම කෙනෙක් ම සලාහ් ඉටු කළ යුතුය. මුස්ලිම්වරයෙ කුගේ ජීවිතය අල්ලාහ් සලාහ් මගින් අලංකාර කරයි. මෙවැනි සාමාන්‍ය ක්‍රියාව මාර්ග යෙන්, සීමා විරහිත පින් උපයන්න ට හැකි වනු ඇත. සැබැවින් ම අපගේ පරමාධිපතියාණන් ට අපගේ නැමදුම් අවශ්‍ය නැත. මුළු විශ්වය ම ඔහුගේ අලංකාරවත් නාමයන්ගෙන් මෙනෙහි කර ඔහුට හිස නමා නමස්කාර කරයි. එහෙත් අපි අපගේ පරමාධිපති ට ස්තූතිය ප්‍රකාශ කර, අපගේ හෘදයාංග මනාපය හා ගෞරවය ප්‍රකාශ කළ යුතුය.

    අවසාන කාලවකවානුවෙ හි තමන් විශ්වාස කරන බව පවසන ජනතාවක් බිහි වන නමුත්, ඔවුන් නැමදුම් ක්‍රියාව හැර දමා යති. මූඃමින්වර යෙකුගේ ආත්මය ට නැමදුම් කිරීමෙන් හිමි වන අලංකාරය පමණක් නොව හිස නැමීම නිසා ඔහුගේ නළලෙහි තබන ලද මුද්‍රාවද ඔවුන් විසින් ම අහිමි කර ගනිති. කෙසේ වෙතත් අවසාන කාල වකවානු වේ, කෙතරම් නින්දාවට පත් වු වත්, ඒවා ගැන නොතකා, ඉතාමත් ළැදිකමෙන් හා උනන්දුවෙන් නැමදුම් කරන පිරිසක් ද සිටිති. ඔවුන් කිසිවිටෙක කිසිම හේතුවක ට නැමදුම නවත් වන්නේ නැත. නැමදුම ඔවුන්ගේ ජීවිතයේ ඉතාමත් වැදගත් කොටසක් වෙයි. ඔවුන් ජීවත් වන්නේම පවා නැමදුම් ඉටු කිරීම සඳහා වන අතර, තම වගකීම ඉතාමත් අවංක ව අවසාන මොහොත දක්වා ම ඉටු කරති. ඔවුන්ගේ බලාපොරොත්තුව මරණයෙන් මතු ජිවිතයේ, අල්ලාහ්ගේ අනුමැතියෙන් සතුටින් සිටින සමාජය සමඟ එක්ව සිටීමයි.

    අපා ගත වන ජනයාගෙන් ඔවුන් එහි රැඳී සිටින්නේ කුමක් නිසා දැයි විමසු විට ඔවුන් සියල්ල එක හඬින් පවසන්නේ “අපි නැමදුම් ඉටු නොකිරීම නිසාය.” යනුවෙන් ය.

    මූඃමින්වරු සාතාන්ගේ මෙම උගුලට හසු නොවෙති. මෙම ප්‍රධාන වගකීම පැහැර හැරීම නිසා සිදු වන හානිය සහ එහි භයානක ප්‍රතිඵල අපට නොසලකා හැරිය නොහැක. මිනිසා අල්ලාහ් ට තම කෘතගුණය ප්‍රකාශ කර, අල්ලාහ් වෙත ඇල්ම දක්වමින් දිනකට පස් වතාවක් නැමදුම් කළ යුතුය. ඔහු අවට නැමදුම් කරන කිසිවෙක් නොසිටියද, ඔහු දෙස කිසිවෙක් නොබලන විට ද, නැමදුම් කිරීමෙහි කිසිදු අතපසු වීමක් සිදුවිමට ඉඩ තැබිය නොහැක. අල්ලාහ්ගේ අසීමිත හා අසමසම පාපක්‍ෂමා දෙන මෛත්‍රිය වෙත සෙවන පැතිය යුතුය.

    “අහස් හි දැයද, පොළොවෙහි දැය ද අල්ලාහුටය. ඔහු සිතු කෙනකුට ක්‍ෂමා කරන්නේය. ඔහු සිතු කෙනකුට දඬුවම් දෙන්නේය. අල්ලාහු ක්‍ෂමාව දෙන්නේය. දයාලූය.” සූරා 3:129.

    ඔබගේ අගනා අදහස් මෙම ලිපියට දන්වන්න.

    [email protected]