×
ඉස්ලාමයේ දූතයාණන් මුහම්මද් තුමා වේ. (එතුමා කෙරහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය උදාවේවා!)

අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වූ අල්ලාහ් ගේ නාමයෙනි.

ඉස්ලාමයේ දූතයාණන් මුහම්මද් තුමා වේ. (එතුමා කෙරහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය උදාවේවා!)

ඉස්ලාමයේ දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා පිළිබඳ කෙටි හැඳින්වීමක්. මෙහි එතුමාගේ නාමය පෙළපත, දේශය, බිරියන්, දූත මෙහෙවර, එතුමා ඇරයුම් කළ දෑ මෙන්ම එතුමාගේ නබිත්වයේ හා පිළිවෙතේ සාධක හා එතුමා ගැන වූ තර්කයේ ස්ථාවරය පැහැදිලි කර ඇත්තෙමි.

1- එතුමාගේ නම පෙළපත හා එතුමාණන් ඉපදී වැඩුණු දේශය.

ඉස්ලාමයේ දූතයාණන් වනුයේ: ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමාගේ පුත් ඉස්මාඊල් (අලයිහිස් සලාම්) තුමාගේ පරපුරෙන් පැවත එන හාෂිම්ගේ පුත් අබ්දුල් මුත්තලිබ්ගේ පුත් අබ්දුල්ලාහ්ගේ පුත් මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාය. අල්ලාහ්ගේ නබිවරයකු වූ ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමා ශාම් දේශයේ සිට මක්කාව වෙත පැමිණියේය. ඔහු සමග ඔහුගේ බිරිය හාජර් සහ ඔහුගේ පුත් ඉස්මාඊල් ද වූහ. ඉස්මාඊල් පසුවූයේ ළඳරු වියේය. සියළු කීර්ති හිමි අල්ලාහ්ගේ නියෝගය අනුව ඔහු ඔවුන් දෙදෙනා මක්කාහ්වේ වාසය කරවීය. දරුවා තරුණු වියට පත් වූ කල්හි නබි ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමා මක්කාව වෙත පැමිණියේය. ඔහු හා ඔහුගේ පුත් ඉස්මාඊල් යන දෙදෙනාම එක්ව ශුද්ධවූ දේව නිවස කඃබාව ඉදි කළෝය. එම නිවස වටා ජනයා බහුලව වාසය කරන්නට ගත්හ. සකල ලෝකයන් හි පරමාධිපති වන අල්ලාහ්ට නැමදුම් කරන, හජ් වන්දනාව ඉටු කිරීමෙහිලා ඉතා කැමැත්තෙන් ඒ වෙත පැමිණෙන බැතිමතුන්ගේ ගමනාන්තය බවට මක්කාව පත්විය. ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමාගේ පිළිවෙත අනුව ශත වර්ශ ගණනාවක් අල්ලාහ්ට නැමදුම් කිරීමෙහි ද ඔහු ඒකීයත්වයට පත් කිරීමෙහි ද ජනයා අඛණ්ඩව නිරතවූහ. පසුව අපගමනය සිදු විය. අරාබි අර්ධද්වීපය ද ඒ අවට පිහිටි ලොව අනෙකුත් දේශයන් තිබූ තත්ත්වයටම ඇද වැටුණි. පිළිම වන්දනාව, ගැහැණු දරුවන් පණ පිටින් වැළලීම, කාන්තා අපරාධ, බොරු සාක්ෂි දීම, මත් පානය, අපචාරය, අනාථයින්ගේ වස්තුව සූරා කෑම, පොළී ගැනීම වැනි මහා පාපයන් එහි එළිපිටම සිදු විය. මෙම පසුබිම තුළ මේ දේශයේ ඉබ්රාහීම්ගේ පුත් ඉස්මාඊල්ගෙන් පැවත ආ අබ්දුල්ලාහ්ගේ පුත් ඉස්ලාමයේ දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ක්රි.ව. 571 දී උපත ලැබූහ. එතුමාගේ පියා එතුමා උපත ලබන්නට පෙරම මියැදුණු අතර එතුමාගේ මව එතුමාගේ සයවැනි වියේදී මියැදුණාය. එතුමාගේ මහප්පකු වූ අබූ තාලිබ්ගේ භාරයේ වැඩුණු එතුමා අනාථයකු හා දිළිඳෙකු ලෙස ජීවිතය ගත කළහ. එතුමා තමන්ගේම අතින් සේවය කර උපයා තම ආහාරය ලබන්නකු වූහ.

2- භාග්යමත් නායිකාව සමග භාග්යමත් විවාහය.

එතුමා විසිපස්වන වියට පත් වූ කල්හි මක්කාවේ කාන්තාවන් අතර ප්රධානියක වූ කදීජා බින්ත් කුවයිලිද් (රළියල්ලාහු අන්හා) තුමිය සමග විවාපත් වූහ. ඇයගෙන් ගැහැණු දරුවන් සිව්දෙනකු හා පිරිමි දරුවන් දෙදෙනෙකු පෝෂණය වූහ. එතුමාගේ පිරිමි දරුවන් දෙදෙනා ඔවුන්ගේ ළමා වියේම මරණයට පත් වූහ. එතුමා තම බිරිය හා තම පවුල සමග ඉතාමත් ආදරයෙන් හා සෙනෙහසින් කටයුතු කරන්නෙකු වූහ. එබැවින් එතුමාගේ බිරිය කදීජා බොහෝ සේ එතුමාට ආදරය කළාය. එලෙසම ආදරයක් එතුමා ඇයට පෙරළා පෑහ. ඇය මියගිය පසුව පවා වසර ගණනාවක්ම ඇගේ මතකය එතුමාගෙන් ඉවත් නොවීය. එතුමා ආහාරය සඳහා එළුවකු කැපූ විට කදීජා (රළියල්ලාහු අන්හා) තුමියගේ මිතුරියන්ට, ඔවුනට කරන ගෞරවයක්, උපකාරයක් හා ඇයගේ ආදරය ආරක්ෂා කරන්නෙකු ලෙස බෙදා හැරියහ.

3- වහී හෙවත් දිව්ය පණිවිඩයේ ආරම්භය.

අල්ලාහ්ගේ දුත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා, තම උපන් දා පටන්ම මහඟු සදාචාර ගුණ යහපත්කම් මත සිටියහ. එතුමාගේ ජනයා එතුමාට 'අස්-සාදික්' සත්යහවාදියා, 'අල් අමීන්' විශ්වාසවන්තයා යන නමින් හැඳින්වූවෝය. ප්රශංසනීය කටයුතුවලදී එතුමා ඔවුන් සමග හවුල්වී කටයුතු කළ නමුත්, ඔවුන් යෙදී සිටි පිළිම වන්දනා කටයුතු පිළිකුල් කළහ. එවන් කටයුතු වලදී ඔවුන් සමග හවුල් නොවූහ.

එතුමා මක්කමෙහි සිටියදී එතුමාට වයස අවුරුදු හතළිහක් වූ විට දෙවියන් වහන්සේ එතුමාව දේවපණිවිඩකරුවෙකු ලෙස තෝරා ගෙන, ජිබ්රීල් නම් මලාඉකාවරයා - ඔහුට සාමය වේවා, අල් -කුර්ආනයෙන් හෙළිදරව් කළ පළමු සූරතය සර්ව බලධාරි අල්ලාහ්ගේ කියමන ගෙන ආවේය 'ඉක්රඃ බිස්මි රබ්බිකල්ලදී හඃලක්' මැවූ නුඹගේ පරමාධිපතිගේ නාමයෙන් කියවනු. 'හඃලකල් ඉන්සාන මින් අලක්' ඔහු මිනිසා ව ලේ කැටියෙන් මැව්වේය. 'ඉක්රඃ වරබ්බුකල් අක්රම්' අති ගෞරවනීය නුඹගේ පරමාධිපතිගේ නාමයෙන් කියවනු. 'අල්ලදී අල්ලම බිල් කලම්' ඔහු වනාහි පෑනෙන් ඉගැන් වීය. 'අල්ලමල් ඉන්සාන මා ලම් යඃලම්' ඔහු මිනිසාට තමන් නොදැන සිටි දෑ ඉගැන්වූයේය. (සූරා අල් අලක්: 1-5) තම හදවත වෙව්ලමින් එතුමා තම බිරිය හදීජා (රළියල්ලාහු අන්හා) තුමිය වෙත පැමිණ එතුමියට සිදු වූ තොරතුරු සැලකර සිටියහ. එතුමිය එතුමාගේ සිත් සනසාලන්නට ගත්තාය. එතුමාව කැටුව ඇය තම ඥාති පුත්රයා වන වරකා ඉබ්නු නව්ෆල් වෙත ගියාාය. කිතුනුවෙකු බවට පත් වරකා ඉබ්නු නව්ෆල් තව්රාතය හා ඉන්ජීලය කියවා තිබු අතර, ඔහුට කතීජා "මගේ මහප්පාගේ පුතුනුවනි! ඔබේ සහෝදරයාගේ පුතාගෙන් විමසන්න" යැයි පැවසුවාය. එවිට වරකා එතුමාට "මාගේ සහෝදරයාගේ පුතනුවනි! ඔබ කුමක් දුටුවෙහි දැ?" යි විමසුවේය. එවිට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා තමන් දුටු දෑහි තොරතුරු දන්වා සිටියහ. එවිට වරකා එතුමාට මෙසේ පැවසූහ. "මොහු මූසා වෙත පහළ වූ නාමූස් (ජිබ්රීල්) වේ. මා ඔබට සහාය වන කඳක් වූවානම්! ඔබේ ජනතාව ඔබව පිටුවහල් කරන විට මා ජීවත්ව සිටියා නම්! (කොතරම් හොඳ ද?)" යැයි පැවසුවෙිය. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ "ඔවුන් මා පිටුවහල් කරන්නෝ ද?" යැයි විමසුහ. ඔහු, 'එසේය. ඔබ ගෙන ආ දෑ මෙන් යමක් රැගෙන ආ කිසිකෙනෙක් නැවත හරවා යවනු ලැබුවා මිස නැත. ඔබේ ඒ දවස මා ජීවත්ව සිටින විට පැමිණියා නම් මම ඔබට තීරණාත්මක ජයග්රහණයක් ලබා දෙන්නෙමි.' යැයි පැවසුවේය.

මක්කාවෙහි අල් කුර්ආනය එතුමා වෙත නොකඩවා පහළ වූ අතර එය ලෝවැසියන්ගේ පරමාධිපතිගෙන් රැගෙන ජිබ්රීල් (අලෙ) තුමා එම දූත පණිවිඩය විස්තර කරමින් පැමිණියේය.

එතුමා තම ජනතාව ඉස්ලාමය වෙත දිගින් දිගටම කැඳවමින් සිටියේය. එතුමාගේ ජනයා එතුමාව ප්රතික්ෂේප කොට, එතුමාට එරෙහිව තර්ක කළෝය. එම පණිවිඩයෙන් එතුමා ඉවත්වුවහොත් ඒ සඳහා මුදල් දෙන බවද රජෙක් බවට පත් කරගන්නාා බවද ඔවුහු පොරොන්දු වුහ. එකුමා ඒ සියල්ල ප්රතික්ෂේප කළේය. එතුමාට පෙර පැමිණි දූතවරුන්ට එරෙහිව ඔවුනොවුන්ගේ ජනයා පැවසූ පරිදි විජ්ජාකාරයෙක්, බොරුකාරෙයෙක්, බොරු ගොතන්නෙක් යැයි ඔවුහු එතුමාට කීහ. එතුමාව පීඩනයට ලක් කළ අතර එතුමාගේ ගෞරවනීය ශරීරයට පහර දී එතුමාගේ අනුගාමිකයින්ට ද පීඩා කළෝය. මක්කාවෙහිදී දේව දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ජනතාව අල්ලාහ් වෙත ආරාධනා කර සිටි අතර හෙතෙම හජ් වන්දනා කාලය සහ අරාබි සෘතු කාලයේ වෙළඳපොලවල් වෙත ගියේය. එහි දී ජනතාව හමු වී ඉස්ලාමය ඔවුන්ට ඉදිරිපත් කළේය. මෙලොවට හෝ නායකත්වයට හෝ ඔහු ආශා කළේ නැත. කිසිදු අසිපතකින් කිසිවකු බිය වැද්දුවේ ද නැත. ඔහුට බලාධිකාරයක් හෝ රාජ්යයක් හෝ නොවීය. ඔහුගේ පළමු ඇමතුමේ මහඟු අල් කුර්ආනයෙන් තමා ගෙන ආ දේ හා සමාන දැයක් ගෙන එන මෙන් අභියෝගය ප්රකාශ කළේය. ඔහු දිගින් දිගටම තම විරුද්ධවාදීන්ට ඒ ගැන අභියෝග කළේය. ඒ අනුව ගෞරවනීය සහගාමීන් අතරින් විශ්වාස කළවුන් ඔහුව විශ්වාස කළෝය. (අල්ලාහ් ඔවුන් සියලුදෙනා පිළිගනිත්වා!)

මක්කාවෙහිදී අතිමහත් සාධකය තුළින් අල්ලාහ් එතුමාව ගෞරවයට ලක් කළේය. එය ජෙරුසලමේ පිහිටි බයිතුල් මක්දිස් වෙත හා ඉන්පසු අහස වෙත උත්ථාන කළ වූ රාත්රි ගමනය. මුස්ලිම්වරුන් මෙන්ම කිතනුවන් අතර සඳහන් කර ඇත්තාක් මෙන් ඉල්යාස් හා මසීහ් යන නබිවරුන් අල්ලාහ් අහසට උත්ථාන කළ බව දන්නා කරුණකි. අහසෙහිදී සලාතය පිළිබඳ නියෝගය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා අල්ලාහ්ගෙන් ලබා ගත්තේය. එය මුස්ලිම්වරුන් දෛනිකව ඉටු කරන පස්වේල සලාතයයි. ශුද්ධ වූ මක්කාවේ තවත් ඉමහත් ප්රාතිහාර්යයක් හට ගැනිණ. එය බහුදේව වාදීන් දකින තරමට සඳ දෙකඩ වීමයි.

දෙවියන් ප්රතික්ෂේප කළ කුරෙයිෂ්වරු ඔහු වැළැක්වීම සඳහා සෑම උපක්රමයක්ම යෙදුවෝය. ඔහුට එරෙහිව කුමන්ත්රණ කළහ. ඔහුගෙන් ඉවත් වුුහ. තමන් කැමති දේවවාක්ය හා ප්රාතිහාර්යයන් පැතීමෙහි ඔවුහු මුරණ්ඩු වූහ. ඔහු සමග වාද කිරීමට හා ඔහුගෙන් මිනිසුන් වැළැක්වීමට උපකාරී වන තර්ක ඉදිරිපත් කිරීම සඳහා යුදෙව්වන්ගේ සහාය පතූහ.

දෙවියන් විශ්වාස කළ තැනැත්තන්හට දෙවියන් ප්රතික්ෂේප කළ කුරෙයිෂ්වරුන්ගේ හිංසා පීඩා දිගටම පැවතුනු කල්හි, ඇබිසීනියාවට නික්ම යෑම සඳහා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ඔවුන්ට අවසර දී මෙසේ පවසා සිටියහ. "සැබැවින්ම එහි සිටින්නේ යුක්තිගරුක පාලකයෙකි. ඔහු ඉදිරියේ කිසිවකුට හිංසාවක් ඇති වන්නේ නැත." හෙතෙම කිතුනු රජකු විය. පසුව ඔවුන් අතරින් කණ්ඩායම් දෙකක් ඇබීසීනියාවට නික්ම ගියහ. එසේ ගිය මුහාජිරීන්වරුන් ඇබීසීනියාවට ලඟා වූ පසුව නෙගුස් රජුට මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ගෙන ආ දහම ඉදිරිපත් කළහ. ඔහු ඉස්ලාමය වැලඳගෙන මෙසේ පැවසීය. "අල්ලාහ් මත දිවුරා පවසමි. මෙය හා මූසා අලයිහිස් සලාම් තුමා කවර කරුණක් ගෙන ආවේ ද එය එකම ස්ථානයකින් මතු වන්නකි. එතුමාගේ ජනයා ද එතුමාට හා එතුමාගේ සහගාමීන්හට දිගටම හිංසා කළහ."

මෙම සමයේදී ඔහු කෙරෙහි විශ්වාසය තැබූ අය අතර මදීනා සිට පැමිණි පිරිසක්ද විය. ඉස්ලාමයට සහ ඔහු ඔවුන්ගේ නගරයට පැමිණියහොත් ජයග්රහණය සඳහා ඔහුට පක්ෂව උදව් කරන බව ට ඔවුන් ප්රතිඥා දුන්හ. (එවකට එම නගරය හැඳින්වූයේ යත්රිගබ් යනුවෙනි.) මක්කාවෙහි රැඳී සිටි මුුුුුුුස්ලිම් වරුන්ට මදීනා නගරයට සංක්රමණය කරන්නට නබිවරයා අනුුුුමැතිය දුන්නේය. ඒ අනුව ඔවුන් 'හිජ්රත්' - සංක්රමණය කළ අතර මදීනා නගරය තුළ ඉස්ලාම් ව්යාප්ත විය. ඉස්ලාමය නොපිවිසුනු නිවසක් මදීනාවෙහි නොමැති තරමටම ව්යාප්ත විය.

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා අල්ලාහ් වෙත ඇරයුම් කරමින් මක්කාවේ වසර දහ තුනක් කල් ගත කළ පසුව, මදීනා නගරයට හිජ්රත් -නික්ම- යෑමට අල්ලාහ් ඔහුට අවසර දුන්නේය. ඒ අනුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) හිජ්රත් කළ අතර අල්ලාහ් වෙත කරන ඇරයුම දිගටම පවත්වා ගෙන ගියේය. එහිදී ඉස්ලාමීය ආගමික පිළිවෙත් කොටසින් කොටස දිගටම පහළ වන්නට විය. ගෝත්ර නායකයින්ට හා පාලකයින්ට ඉස්ලාමය වෙත ඇරයුම් කරමින් ලිපි රැගෙන ඔහුගේ පණිවිඩකරුවන් යැවීමට පටන් ගත්හ. එසේ ලිපි එවනු ලැබූ අය අතරින්: රෝම පාලක, පර්සියානු පාලක හා ඊජිප්තු පාලකද වුුහ.

මදීනාහි සූර්ය ග්රහණයක් සිදු වූ විට ජනයා භීතියට පත් වූහ. මෙය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ පුත් ඉබ්රාහිම්ගේ මරණයට සමගාමීව සිදු වූ බැවින් ජනයා, 'සූර්ය ග්රහණය ඇති වූයේ ඉබ්රාහීම්ගේ මරණය හේතුවෙන්' යැයි පවසා සිටියහ. එවිට නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ ප්රකාශ කළහ. "කිසිවකුගේ මරණයක් වෙනුවෙන් සූර්ය හෝ චන්ද්රයා ග්රහණය වන්නේ නැත. නමුත් ඒ දෙක අල්ලාහ්ගේ සළකුණ් වන අතර, අල්ලාහ් ඒ දෙක මගින් තම ගැත්තන් තැති ගන්වයි." නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා බොරු කරන්නෙකු වුයේ නම්, ඔහු බොරු කියමින් මිනිසා බියගන්වන්නට යුහුසුළු වී සැබැවින්ම සූර්යග්රතහණය ඇති වූයේ මගේ පුතාගේ මරණය හේතුවෙනි. එහෙයින් යමෙක් මා බොරු කරනුයේ කෙසේදැ'?යි පවසන්නට තිබුණි.

දූතවරයාව (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) එතුමාගේ පරමාධිපති පූර්ණ ගුණාංගවලින් විස්තර කළේය. අල්ලාහ් එතුමා ගැන මෙසේ පවසමින් වර්ණනා කර ඇත්තේය. "තවද නියත වශයෙන්ම නුඹ අති උතුම් ගතිපැවතුම් මත වන්නෙහිය." (සූරා අල් කලම්: 4) සත්යතාවය, අවංකකම, ධෛර්යය, යුක්තිය සහ විරුද්ධවාදීන් සමඟ පවා යුක්තිය ඉටු කිරීම සහ ත්යාගශීලිත්වය යන ගුණාංගවලින් එතුමා වර්ණනා කරනු ලැබීය. එමෙන්ම දුප්පතුන්ට, දිළිඳුන්ට, වැන්දඹුවන්ට සහ අගහිඟකම් ඇති අයට පරිත්යාග කිරීමටත්,ඉඔවුනට මඟ පෙන්වීම, කරුණාව දැක්වීම හා ඔවුන් සමග නිහතමානිව කටයුතු කිරීමේ උනන්දුවත් එතුමා ප්රිය කළේය. නාඳුනන මිනිසෙක් රසූල්වරයා සොයමින් පැමිණ එතුමාගේ සගයන්ගෙන් එතුමා ගැන විමසුවේය. එවිට පවා එතුමා සිටියේ ඔවුන් අතරය. නමුත් එතුමාව හඳුනාගත නොහැකි විය. එවිට ඔහු 'ඔබ අතරින් මුහම්මද් කවුදැ?'යි විමසා සිටියේය.

සතුරා හා මිතුරා, ඥාතියා හා පිටස්තරයා, වැඩිහිටියා සහ බාලයා, පිරිමියා සහ කාන්තාව, සත්වයා හා පක්ෂියා යන සියල්ල සමග එතුමා කටයුතු කිරීමෙහි එතුමාගේ චරිතය පරිපූර්ණත්වයේ සහ උදාරත්වයේ ලක්ෂණයක් විය.

අල්ලාහ් එතුමාට දහම සම්පූර්ණ කොට එතුමා ද තම ප්රචාරක වගකීම උපරිමයෙන්ම ඉටු කළ පසු එතුමා හැට තුන් වන වියේදී මරණයට පත් විය. ඉන් වසර හතළිහක් නබිත්වයට පෙර ද ඉතිරි වසර විසි තුන නබිවරයකු හා දූතයකු ලෙස ද ජීවත් වූහ. මදීනා නගරයේ සල්ලල්ලාහු අලයිහිස් වසල්ලම් තුමා වළ දමනු ලැබූහ. එතුමා මිය යන විට එතුමා ගමන් කළ සුදු කොටළුවකු හා අතරමංවූවන් හට දායාද ලෙස නියම කළ ඉඩමක් මිස වෙනත් කිසිදු වස්තුවක් හෝ උරුමයක් හෝ ඉතිරි නොකළේය.

ඉස්ලාමය වැලඳගත්, එතුමාව විශ්වාස කළ, එතුමාව අනුගමනය කළ අයගේ ප්රමාණය විශාල සංඛ්යාවක් විය. එතුමාගේ සගයන්ගෙන් ලක්ෂයකට අධික පිරිසක් සමග එතුමා සමුගැනීමේ හජ් වන්දනා චාරිකාව ඉටු කළ අතර එය එතුමාගේ මරණයට මාස තුනකට පමණ පෙරය. ඇතැම් විට මෙය එතුමාගේ දහම ආරක්ෂා කිරීමේ හා එය ව්යාාප්ත කිරීමේ රහසිගත කරුණුවලින් එකක් විය හැකිය. ඉස්ලාමයේ සාරධර්ම හා මූලධර්ම මත වැඩුණු එතුමාගේ සගයින් යුක්ති ගරුක, තණ්හාවෙන් මිඳුණු, ශ්රද්ධාවෙන් යුත්, වගකීම් ඉටු කරන සහ මෙම ශ්රේෂ්ඨ ආගම වෙනුවෙන් කැපවූ විශිෂ්ඨතම පිරිසක් වූහ.

එතුමාගේ සගයින් අතර විශ්වසනීයත්වය, දැනුම, ක්රියාව, මිත්රත්වය, අවංකකම, කැපවීම, ධෛර්යය සහ ත්යාාගශීලිත්වය යනාදියෙන් වඩාත් උතුම් සගයින් වූයේ අබු බකර් අස්-සිද්දීක්, උමර් ඉබ්න් අල්-කත්තාබ්, උස්මාන් ඉබ්න් අෆ්ෆාන් සහ අලි ඉබ්න් අබී තාලිබ් යනාදීහුය. (අල්ලාහ් ඔවුන් පිළිගනිත්වා!) ඔවුහු එතුමා හා එතුමාගේ සත්යවාදීභාවය ගැන විශ්වාස කළ ප්රමුඛයෝ වූහ. එතුමාගෙන් පසු කලීෆා නම් පාලක ධූරය හෙබ වූහ. එතුමාගෙන් පසුව ආගමේ ධජය ඔවුන් රැගෙන ගිය අතර ඔවුන් වෙත වක්තෘත්වයේ විශේෂාංග කිසිවක් නොවීය. එතුමාගේ ඉතිරි සගයින් හැරදමා කිසිදු විශේෂත්වයකින් ඔවුහු වෙන් කරනු නොලැබූහ.

එතුමා ගෙනා ග්රන්ථය, එතුමාගේ පිළිවෙත, චරිතාපදානය, වචන සහ ක්රියාවන් එතුමා කතා කළ භාෂාවෙන්ම අල්ලාහ් ආරක්ෂා කළේය. එබැවින් එතුමාගේ චරිතාපදානය ආරක්ෂා කරනු ලැබුවාක් මෙන් -ඉතිහාසය පුරාවටම-අන් කිසිදු චරිතාපදානයක් ආරක්ෂා කරනු නොලැබීය. එතුමා නිදා ගත්තේ කෙසේද, ආහාර ගත්තේ කෙසේද, පානය කළේ කෙසේද, සිනහසුනේ කෙසේද යන සියළු දේ සුරක්ෂිතව සටහන් කරනු ලැබ ඇත. එතුමාගේ නිවසෙහි එතුමාගේ පවුල සමග කටයුතු කළේ කෙසේද? යන්න ගැන පවා සුරක්ෂිතව සටහන් කරනු ලැබ ඇත. එතුමාගේ සියලු තත්ත්වයෙන් එතුමාගේ චරිතාපදානය තුළ සුරක්ෂිතව සටහන් කරනු ලැබ ඇත. එතුමා මිනිසෙකි. එතුමාට දේව පාලනයේ විශේෂාංග කිසිවක් නොවීය. තමන්ට පවා කිසිදු සෙතක් හෝ හානියක් හෝ සිදු කිරීමට එතුමාණන්ට නොහැකි විය.

4- එතුමාගේ දූත පණිවිඩය

බහු දේවවාදය, දේව ප්ර්තික්ෂේපය සහ නොදැනුවත්කම මහපොළොව පුරා පැතිරී ගිය පසු අල්ලාහ්, මුහම්මද් තුමාව එවීය. ආගම් ලත් ජනයා අතරින් ඉතිරිව සිටි ගණන් කළ හැකි ප්රමාණයක් මිස අල්ලාහ් සමග කිසිවක් හවුලේ නොතබා, ඔහුට පමණක් නමස්කාර කළ කිසිවෙකු මිහිපිට සිටියේ නැත. නබිවරුන්ගේ අවසන් මුද්රාව ලෙස අල්ලාහ් ඔහුගේ දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාව එව්වේ එවිටය. පොදුවේ ලෝවැසියන් සියල්ලන් වෙනුවෙන් මඟ පෙන්වීම සහ සත්යයේ ආගම සමග ඔහු එතුමාව එවීය. එය ඔහුගේ සියලු ආගම් මත එය ප්රකාශයට පත්වනු පිණිසත් මිථ්යා දෘෂ්ටිය, දේව ප්රතික්ෂේපය සහ නොදැනුවත්කම යන අන්ධකාරයෙන් ඒක දේවවාදයේ හා දේව විශ්වාසයේ ආලෝකය වෙත ජනයා ගෙන එනු පිණිසත්ය. එතුමාගේ දූත පණිවිඩය පෙර වක්තෘවරුන්ගේ දූත පණිවිඩය පූර්ණවත් කළ එකක් විය.

නූහ්, ඉබ්රාහීම්, මූසා, සුලෙයිමාන්, දාවූද්, හා ඊසා යනාදී නබිවරුන් හා දූතවරුන් දේව විශ්වාසයේ කවර කරුණක් වෙත ඇරයුම් කළේ ද, ඒ වෙතම එතුමා ද ඇරයුම් කළේය. එනම් සැබැවින්ම අල්ලාහ් වන ඔහුය පරමාධිපති. ඔහු මැවුම්කරුය, පෝෂකයාය, ජීවත් කරවන්නාය, මරණයට පත් කරන්නාය, සියලු රාජ්යයන්හි හිමිකරුය, සියලු කරුණු සැලසුම් කරන්නාය. ඔහු දයාලුය මහා කාරුණිකය. සැබැවින්ම අල්ලාහ් විශ්වයේ අපි දකින හා නොදකින සියලු දෑහි මැවුම් කරුය. අල්ලාහ් හැර ඔහුගේ සෙසු මැවීම් සියල්ල ඔහු විසින් මවන ලැබූ දෑය.

එමෙන්ම අල්ලාහ්ට පමණක් නැමදුම් කිරීමටත් ඔහු හැර සෙසු දෑට නැමදුම් කිරීම අතහැර දැමීමටත් එතුමා ඇරයුම් කළේය. සැබැවින්ම අල්ලාහ් ඒකීය බවත් ඔහුට නැමදුම් කිරීමෙහි, ඔහුගේ පාලනයෙහි, ඔහුගේ මැවීමෙහි හා සැලසුම් කිරීමෙහි ඔහුට කිසිදු හවුල් කරුවකු නොමැති බවත් ඉතා මැනවින් පැහැදිළි කළේය. එමෙන්ම ඔහු දාව කිසිවකු බිහි නොකළ බවත් ඔහු කිසිවකුගෙන් බිහි නොවූ බවත් ඔහුට සමාන, ඔහු මෙන් කිසිවකු නොමැති බවත්, ඔහුගේ මැවීම් කිසිවකු අතරට ඔහු පහළ නොවන බවත්, ශරීර ගත නොවන බවත් පැහැදිලි කළේය.

සියලුම දූතවරුන් විශ්වාස කරන මෙන් එතුමා ඇරයුම් කළා සේම ඉබ්රාහීම්, මූසා සහ ඊසා ට (අලයිහිමස් සලාම්) හිමි වූ ලේඛන වන තව්රාතය (ටෝරා), සබූරය හා ඉන්ජීලය (නව ගිවිසුම) යනා දී දිව්ය ග්රන්ථ පිළිබඳ විශ්වාස කරන මෙන් ද ඇරයුම් කළේය. කිසිවකු හෝ යම් නබිවරයකු බොරු යැයි පවසන්නේ නම් සැබැවින්ම ඔහු සියලු නබිවරුන් ප්රතික්ෂේප කළ අයකු මෙන් සළකනු ලැබේ.

සියලු මිනිසුන්හට අල්ලාහ්ගේ කරුණාව ගැන එතුමා ශුභාරංචි දැන්වූහ. එමෙන්ම සැබැවින්ම අල්ලාහ් මෙලොවෙහි ඔවුන්ගේ භාරකාරත්වය දරණ භාරකරු බවත්, සැබැවින්ම අල්ලාහ් මහා කාරුණික පරමාධිපතියාණන් බවත්, ඔහු ඒකීය බවත්, සියලු මැවීම් ඔවුන්ගේ මිනීවළවල් තුළින් අවදි කරන දිනයේ ඔහු ඔවුන්ගෙන් මතු ප්රශ්න කරන බවත්, දේව විශ්වාසීන්ගේ දැහැමි කටයුතු සඳහා වූ ප්රතිඵල දස ගුණයකින් වැඩි කර දෙන බවත්, පාපයට ඒ හා සමාන විපාකයක් පමණක් දෙන බවත්, ඔවුනට මතුලොවෙහි සදා කාලීන දිව්ය සැපත ඇති අතර, කවරෙකු ප්ර්තික්ෂේප කොට පාපකම් සිදු කරන්නේ ද ඔහුගේ ප්රතිවිපාකය මෙලොව මෙන්ම මතුලොවෙහි ද ඔහු අත් විදිනු ඇති බවත් එතුමා දන්වා සිටියහ.

දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තමන්ගේ දූත පණිවිඩය තුළ තම ගෝත්රය හෝ තම දේශය හෝ ගෞරවනීය ආත්මය හෝ උත්කර්ෂයට නැංවුයේ නැත. ඒ වෙනවුට අල් කුර්ආනයේ නූහ්, ඉබ්රාහීම්, මූසා, ඊසා (අලයිහිමුස් සලාම්) යන නබිරුන්ගේ නම් එතුමාගේ නාමයට වඩා අධිකව සඳහන් වී ඇත. ශුද්ධ අල් කුර්ආනයේ එතුමාගේ මවගේ නම හෝ එතුමාගේ බිරින්දෑවරුන්ගේ නාම හෝ සඳහන් නොවූ ව ද මූසා (අලයිහිස් සලාම්) තුමාගේ මවගේ නම එක් වරකට වඩා සඳහන්වී ඇති අතර, මර්යම් (අලයිහස් සලාම්) තුමියගේ නාමය තිස්පස් වතාවක් අල් කුර්ආනයේ සඳහන්වී ඇත.

දූත මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ආගමික නීතියට, සාධාරණයට සහ සහජ බුද්ධියට පටහැනි හෝ යහපත් සදාචාරය ප්රතික්ෂේප කරන සියලුම දැයින් ආරක්ෂා කරනු ලැබූවෙකි. ඊට හේතුව වක්තෘවරුන්- ඔවුනට සාමය හිමිවේවා, අල්ලාහ් පිළිබඳ දැනුම් දෙන දෑහි ආරක්ෂා කරනු ලැබූවෝ වන බැවින් හා අල්ලාහ්ගේ නියෝග ඔහුගේ ගැත්තන්හට දන්වා සිටීමේ වගකීම ඔවුන්ට පවරා ඇත. නබිවරුන්ට අල්ලාහ්ගේ ස්වාධිපත්යයේ හෝ දේවත්වයේ හෝ විශේෂ ලක්ෂණ කිසිවක් නැත. ඔවුන්ද අනෙක් සියලුම මනුෂ්යයන් මෙන් මිනිිිසුන් වන අතර සර්වබලධාරි අල්ලාහ් ඔවුනට ඔහුගේ දූත පණිවිඩ හෙළිදරව් කර ඇත.

දූත මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ වක්තෘ මෙහෙවර අල්ලාහ්ගෙන් වූ දේව පණිවිඩයක් බව පෙන්වා දෙන අතිමහත් සාක්ෂි වනුයේ, එතුමාගේ ජීවිතය පුරාවටම පැවතුනාක් මෙන්ම අදත් එය නොවෙනස්ව පැවතීමත්, බිලියනකට අධික මුස්ලිම්වරු එය අනුගමනය කිරීීමත්, සලාතය, සකාතය, උපවාසය, හජ් හා වෙනත් ආගමික කර්තව්යයන් හී කිසිදු වෙනසක් හෝ විකෘති කිරීමකින් තොරව ඒ ආකාරයෙන්ම යෙදීමයි.

5- එතුමාගේ නබිත්වයේ සාක්ෂි, එහි සාධක හා සංඥාවන්

අල්ලාහ් තම නබිවරුන්ව, ඔවුන්ගේ වක්තෘභාවය පෙන්වා දෙන ප්රාතිහාර්යයන් තුළින් සනාථ කරයි. ඔවුන්ගේ දූත මෙහෙවර පෙන්වා දෙන සාක්ෂි හා සාධක ඔවුනට පිහිටුවාලයි. අල්ලාහ් සෑම නබිවරයකුටම එහි ඇති උදාහරණ අනුව ජනයා විශ්වාස කළ හැකි ප්රමාණයට ප්රාතිහාර්යයන් පිරිනමා ඇත. නබිවරුන්ට පිරිනමන ලද එවන් ප්රාතිහාර්යයන් අතරින් බලවත්ම ප්රාතිහාර්යය වනුයේ අපගේ නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්හට පිරිනමන ලද ප්රාතිහාර්යයි. අල්ලාහ් එතුමාණන්ට අල් කුර්ආනය පිරිනැමීය. නබිවරුන්ගේ ප්රාතිහාර්යයන් අතරින් මළවුන් කෙරෙන් නැගිටවනු ලබන දිනය දක්වා පවතින බලවත් ප්රාතිහාර්යය මෙයයි. මෙම අතිමහත් ප්රාතිහාර්යය මගින් අල්ලාහ් තම දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව ශක්තිමත් කළාක් මෙන්ම එතුමා සතු තවත් ප්රාතිහාර්යයන් බොහෝමයක් විය. ඒවා අතරින්:

'ඉස්රා' හෙවත් රාත්රී කාලයේදී මුහම්මද් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් විසින් මක්කා පුරවරයේ සිට පලස්තීනයේ පිහිටි මස්ජිදුල් අක්සා වෙත ගමන් කිරීම , 'මිඃරාජ්' හෙවත් අහසට ආරෝපණය වීම, සඳ දෙකඩ වීම, නියඟයෙන් පසුවු ජනයා සඳහා තම පරමාධිපතිට ප්රාර්ථනා කිරීමෙන් පසු තද වර්ෂාව ඇද හැලීම.

ස්වල්පයක් ලෙස තිබූ ආහාර පාන අධික වී බොහොමයක් දෙනා එයින් අනුභව කිරීම හෝ පානය කිරීම.

අතීතය ගැන දෙවියන් වහන්සේ ඔහුට දැනුම් දීම, පැරණි නබිවරුන්-ඔවුනට සාමය හිමිවේවා, හා ඔවුන්ගේ ජනතාව සම්බන්ධ කතා වස්තු, ලෙන් වැසියන්ගේ කතා වස්තුව වැනි කිසිවකු විසින් සවිස්තරව නොදැන සිටි ඉතිහාසික ගුප්ත තොරතුරු අල්ලාහ්ගේ හෙළිදව්වන් මගින් එතුමා තම ජනතාවට දන්වා සිටීම.

තවද, සිරියාවේ සිටින ජනයා දකින තරම් හිජාස් භූමියේ අනාගතයේ හට ගන්නා ගින්න, උසට ගොඩනැගිලි තැනීමේදී ජනයා අතර පවතින තරඟකාරිත්වය වැනි අනාවැකි, සකල කීර්ති හිමි අල්ලාහ්, ඒවා එතුමාට හෙළිදරව් කිරීමෙන් පසුව නොපෙනෙන අනාගත ගුප්ත තොරතුරු එතුමා විසින් දන්වා සිටීම.

අල්ලාහ් එතුමාට ප්රමාණවත් තරමට පිරිනමා තිබීම හා මිනිසුන්ගෙන් නොඅඩුවන ආරක්ෂාව එතුමාට තිබීම.

එතුමා තම සගයින්ට කළ ප්රතිඥා තහවුරු වීම. එතුමා ඔවුනට මෙසේ පවසා සිටියහ. "ඔබ පර්සියාව සහ රෝමය යටත් කර ගනු ඇත. ඔබ ඒ දෙකහි වස්තු අල්ලාහ්ගේ මාර්ගයෙහි වියදම් කරනු ඇත."

මලාඉකා නොහොත් සුරදූතයින් මගින් අල්ලාහ් එතුමාව ශක්තිමත් කිරීම.

දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ නබිත්වය පිළිබඳ එතුමාට පෙර ආ නබිවරුන්, තම ජනයාට ශුභාරංචි දන්වා තිබීම. එසේ එතුමා ගැන සුභාරංචි දන්වා සිටි නබිවරුන් මූසා, දාවූද්, සුලෙයිමාන්, ඊසා සහ ඉස්රාඊල් දරුවන්ගෙන් බිහි වූ වෙනත් නබිවරුන් ද (අලයිහිමුස් සලාම්) ඇතුළත් වේ.

බුද්ධිමය සාධක හා තර්කානුකූූල උදාහරණ තුළින් නිරවුල්, සාමකාමී මනසක් එය පිළිගනු ඇත.

මෙම ප්රාතිහාර්යමය සාක්ෂි, සාධක හා බුද්ධිමය උදාහරණ ශුද්ධ වූ අල් කුර්ආනයේ හා නබිතුමාගේ සුන්නාවේ සඳහන් වේ. කෙටියෙන් සඳහන් කරනු ලැබූ දෑට වඩා එතුමාගේ ප්රාතිහාර්යයන් බොහෝමයකි. ඒවා ගැන සොයන්නට කැමැත්තක් ඇත්තන් ශුද්ධ වූ අල් කුර්ආනය හා නබි තුමාණන්ගේ චරිතාපදානය සහ කථා වස්තුව වෙත යොමු වී බලත්වා. එහි මෙම ප්රාතිහාර්යයන් පිළිබඳ ස්ථීර තොරතුරු තවදුරටත් දැක ගත හැක.

මෙම ශ්රේෂ්ඨ සාධක නොවුයේ නම්, එතුමාගේ විරුද්ධවාදීන් වන කුරෙයිෂි ජාතිකයින්ගෙන් සහ අරාබි අර්ධද්වීපයේ සිටි යුදෙව්වන්ගෙන් සහ ක්රිස්තියානුවන්ගෙන් එතුමාව ප්රතික්ෂේප කිරීමට සහ එතුමා ගැන මිනිසුන්ට බොරු ගොතා අනතුරු ඇඟවීමට අවස්ථාව ලැබීමට ඉඩ තිබුණි.

ශුද්ධ වූ අල් කුර්ආනය වනාහි, එය දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත අල්ලාහ් දන්වා සිටි පුස්තකයයි. එය ලෝවැසියන්ගේ පරමාධිපතිගේ වදනය වේ. එවැනි දෙයක් හෝ එවැනි සූරාවක් හෝ ගෙන එන මෙන් අල්ලාහ් මිනිසාට හා ජින්නුන්ට අභියෝග කරයි. අවසන් දිනය දක්වාම මෙම අභියෝගය පවතී. මිලියන ගණන් මිනිසුන් ව්යාකූලත්වයට පත් ව සිටින වැදගත් ප්රශ්න බොහෝමයකට ශුද්ධ වූ අල් කුර්ආනය පිළිතුරු සපයයි. අල් කුර්ආනය ලොව අවසන් දිනය දක්වාම එය පහළ වූ අරාබි බසින්ම සුරක්ෂා කරන ලදී. ඉන් කිසිදු අකුරක් හෝ කිසි විටෙක අඩු වී නැත. එය මුද්රුණය කර බෙදා හරිනු ලැබී ඇත. එය අතිමහත් ප්රාතිහාර්යයෙන් යුත් ග්රාන්ථයකි. මිනිසුන් වෙත පහළ වූ අති වැදගත් ලේඛනයකි. විශේෂයෙන්ම එය කියවීමටත් එහි අර්ථය කියවීමටත් නියම වූවකි. කවරෙකුට ඒ වෙත යොමු වී එය විශ්වාස කිරීමට නොහැකි වූයේ ද සැබැවින්ම ඔහුට බොහෝ යහපත මඟ හැරෙනු ඇත. එසේම දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ සුන්නාහ්ව නොහොත් නබි පිළිවෙත, එතුමාගේ මග පෙන්වීම හා එතුමාගේ චරිතාපදානය ආරක්ෂා කරන ලැබ ඇති අතරම විාසනීය වාර්තාකරුවන්ගේ සම්බන්ධතා වැලකට අනුව ඒවා සටහන් කරනු ලැබ ඇත. දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා කතා කළ අරාබි බසින්ම ඒවා මුද්රිණය කරනු ලැබ ඇති අතර එතුමා අප අතර ජීවත් වනවාක් සේ පිහිටා ඇත. එමෙන්ම ඒවා භාෂාවන් බොහෝමයකට පරිවර්තනය කරනු ලැබ ඇත. ශුද්ධ වූ අල් කුර්ආනය හා දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ සුන්නාව යන මූලාශ්රන දෙක ඉස්ලාමීය නීති සම්පාදනයට හා ඒවා දහම් ගත කිරීමට මුල් වන එකම මූලාශ්ර දෙක වන්නේය.

6- දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ගෙනා 'ෂරීආ' නොහොත් ආගමික පිළිවෙත්

දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ගෙන ආ ආගමික පිළිවෙත ඉස්ලාම් පිළිවෙතය. එය දිව්යම නීති සහ දිව්යම පණිවුඩවල මුද්රාවයි. පෙර සිට නබිවරුන්ගේ පිළිවෙත් ක්රම මෙයට වෙනස් වුව ද 'උසූල්' හෙවත් ඒවායෙහි මූලිකාංග එකිනෙකට සමානය.

එය පූර්ණවත් පිළිවෙතකි. සෑම කාලයකටම සෑම ස්ථානයකටම ඔබින පරිදි එය පිහිටා ඇත. මිනිසාගේ දහමෙහි හා මෙලොව ජීවිතයෙහි යහපත එහි ඇත. සලාතය හා සකාතය වැනි ලෝවැසියන්ගේ පරමාධිපති වූ අල්ලාහ් වෙනුවෙන් ගැත්තන් කළ යුතු නැමදුම් සියල්ල එහි අන්තර්ගතව ඇත. අවසරය ලත් සහ තහනම් මූල්ය, ආර්ථික, සමාජ, දේශපාලන, හමුදා හා පාරිසරික ගනුදෙනු සහ ජනතාවගේ ජීවිතයට සහ ඔවුන්ගේ අනාගතයට අවශ්යවන වෙනත් දෑ ද එහි ඔවුනට පැහැදිළි කර දී ඇත.

මෙම ෂරීආව නොහොත් ආගමික පිළිවෙත මිනිසුන්ගේ ආගම්, රුධිරය, ගෞරවය, වස්තුව, බුද්ධිය හා ඔවුන්ගේ දරු පරම්පරාවන් ආරක්ෂා කරනු ඇත. එහි සෑම ගුණධර්මයක්ම හා ධර්මිෂ්ඨකමක්ම ඇතුළත් වන අතර සෑම නපුරකටම එරෙහිව අනතුරු අඟවයි. මානව ගරුත්වය, මධ්යස්ථභාවය, යුක්තිය, අවංකභාවය, පිරිසිදුකම, බැතිමත්කම, ආදරය, මිනිසාට යහපත කිරීමේ කැමැත්ත, ජීවිත ආරක්ෂාව, රටවල් අතර සාමය වැනි කරුණු කාරණා වෙත ඇරයුම් කරන අතරම කිසිදු යුක්තියකින් තොරව මිනිසුනට ත්රස්ත ක්රියා කිරීම හෝ ඔවුන් බිය වැද්දීම තහනම් කර ඇත. මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ කුරිරුකම් හා දූෂණ කවර ආකාර හා ස්වරූපයන්ගෙන් පිහිටිය ද ඒවාට එරෙහිව සහ මිථ්යා විශ්වාස, හුදකලාව හා පැවිදිභාවයට විරුද්ධව ක්රියා කර ඇත්තාහ.

සැබැවින්ම අල්ලාහ් මිනිසාට - පුරුෂයින්ට හා ස්ත්රීන්ට ගෞරව කළ බවත්, ඔහුගේ සියලු අයිතිවාසිකම් ඔහුටම පවරා ඇති බවත්, ඔහුගේ සියලු තේරීම්, ක්රියාවන් සහ ගනුදෙනුවලට ඔහුම වගකිව යුත්තකු බවත් ඔහුට හානි කරන හෝ අන් අයට හානි කරන ඕනෑම ක්රියාවක් වුව ද එහි වගකීම ඔහුටම පවරා ඇති බවත් දේව විශ්වාසය, වගකීම්, ප්රතිඵල සහ විපාක යනාදී කරුණු අනුව පුරුෂයා හා ස්ත්රිය සම තැනට අල්ලාහ් තබා ඇති බවත්, මෙම පිළිවෙත් මවක්, බිරිඳක්, දියණියක් සහ සහෝදරියක් වශයෙන් කාන්තාවන්ට විශේෂ සැලකිල්ලක් දක්වා ඇති බවත් දේව දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කර සිටියහ.

මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ගෙනා ෂරීආ පිළිවෙත, බුද්ධිය ආරක්ෂා කරමින් සහ මත්පැන් පානය වැනි සියලු දූෂිත ක්රියා තහනම් කරමින් පැමිණියේය. ආගම යනු, මනසේ මාර්ගය ආලෝකමත් කරන ආලෝක ධාරාවක් ලෙස ඉස්ලාම් සැලකුවේය. එම මිනිසා, තම පරමාධිපතිට තීක්ෂ්ණ බුද්ධියෙන් හා දැනුමෙන් නැමදුම් කරන අතර, ඉස්ලාමිිය ෂරීආව මගින් මනසෙහි තත්වය ඉහළ නංවා, එය පැවරුමේ කේන්ද්ර ස්ථානය බවට පත් කර එය මිථ්යා විශ්වාස හා පිළිම වන්දනාවේ විලංගුවලින් නිදහස් කළේය.

තවද, ඉස්ලාම් ෂරීආව නිවැරදි දැනුමට ගරු කරයි. හිතේ ආශාවන් පසෙකලා විද්යාත්මක පර්යේෂණයන්ගෙන් කරුණු සෙවීමට දිරි ගන්වයි. විශ්වය හා තමන් ගැන මෙනෙහි කර නිරීක්ෂා කරන මෙන් ද ඇරයුම් කරයි. දැනුම වෙනුවෙන් කළ නිවැරදි විද්යානු ප්රතිඵල, දූතයාණන් සල්ලල්ලාහු අලෙයිහි ව සල්ලම් තුමාණන් ගෙන ආ දැය ට පටහැනි නොවේ.

මිනිසුන් අතර ජාතියක් හැර, තවත් නිෂ්චිත ජාතියක් වෙන් කිරීම හෝ ස්ත්රී පුරුෂ භේදය නැති හෙයින්, පිරිසක් තවත් පිරිසකට වඩා උසස් කිරීම හෝ ෂරීආවෙහි නැත. එහි තීන්දු තීරණ ඉදිරියේ සියල්ල සමානය. මක්නිසාද යත්, සියලු ජනයා ඔවුන්ගේ සම්භවයේ එක හා සමාන වන අතර, එක් ජාතියකට වඩා වෙනත් ජාතියකට හෝ එක් පිරිසකට වඩා වෙනත් පිරිසකට හෝ ධර්මිෂ්ඨකම හැර වෙනත් කිසිවකින් ශ්රේෂ්ඨත්වයක් නොමැති බැවිණි. මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ දන්වා සිටියහ. "සෑම දරුවෙකුම උපත ලබනුයේ සහජ බුද්ධිය මතය. පාපයක් කරන්නෙකු හෝ වෙනත් කෙනෙකුගේ පාපය උරුම කරගත් අයකු ලෙස හෝ කිසිම මිනිසෙකු ඉපදින්නේ නැත."

ඉස්ලාමීය ෂරීආව තුළ තව්බාව නොහොත් පසුතැවීලි වී පාපක්ෂමාව අයැද සිටීම අල්ලාහ් නීතිගත කර ඇත. එනම්, පුද්ගලයෙකු පසුතැවිල්ලෙන් තම පරමාධිපති වෙත හැරී පාපය අතහැර දැමීමයි. ඉස්ලාමයට පෙර කළ පාපකම් එය විනාශ කර දමයි. තව්බාව ඊට පෙර සිදු වූ පාපයන් ඉවත් කර දමයි. එහෙයින් මිනිසාගේ වැරදි තවත් පුද්ගලයකු ඉදිරියේ පිළිගැනීමට අවශ්යය නැත. ඉස්ලාමය තුළ, මිනිසා අතර හා අල්ලාහ් අතර පවතින්නේ ඍජු සම්බන්ධතාවකි. එහෙයින් ඔබ අතර හා අල්ලාහ් අතර මැදිහත් වීමට කිසිවකුගේ මැදිහත්වීමක් අවශ්ය වන්නේ නැත. දෙවිවරුන් බවට මිනිසුන් පත් කිරීම හෝ ඔහුගේ දේවත්වයේ හා පාලනයේ ඔහුට සමානයන් බවට ආශ්රය කිරීම හෝ ඉස්ලාම් තහනම කර ඇත.

දේව දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ගෙනා ෂරීආව පෙර පැවති සියලු පිළිවෙත් වෙනස් කරන්නක් විය. එය, සැබැවින්ම අල්ලාහ් අබියසින් මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ගෙනා ඉස්ලාම් පිළිවෙත මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය දක්වා පවතින අවසන් පිළිවත වන බැවිණි. එය මුළු ලෝකවාසීන්ටම පොදුවූවකි. ඊට පෙර පැවති පිළිවෙත්, තමාට පසුව පැමිණි පිළිවෙත් මගින් එකිනෙක වෙනස් කළාක් මෙන්, මෙයද ඊට පෙර පැවති දෑ වෙනස් කළේය. ඉස්ලාමීය පිළිවෙත මිස වෙනත් පිළිවෙතක් අල්ලාහ් පිළිගන්නේ නැත. මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ගෙනා ඉස්ලාමය හැර වෙනත් දහමක් ඔහු පිළිගන්නේ ද නැත. කවරෙකු ඉස්ලාමය හැර වෙනත් දහමක් වැළඳ ගත්තේ ද ඔහුගෙන් එය කිසිවිටෙක පිළිගන්නේ නැත. මෙම ආගමික නීති විස්තරාත්මකව දැනගන්නට අපේක්ෂා කරන තැනැත්තා ඉස්ලාමය පිළිබඳ හඳුන්වා දෙන විශ්වාසනීය පොත්පත් තුළ ඒ ගැන සෙවිය යුතු වේ.

-සියලු දිව්ය පණිවුඩවල පරමාර්ථය මෙන්- ඉස්ලාම් ෂරීආ නොහොත් පිළිවෙතෙහි පරමාර්ථයවන්නේ, සැබෑ දහම මිනිසා ඉක්මවා ගොස් ඔහු ලෝවැසියන්ගේ පරමාධිපති වූ අල්ලාහ්ට අවංක ගැත්තෙකු වීමය. මිථ්යාවන් හා භෞතික වස්තුන්ට වහල් වීමෙන් එය මිනිසුන්ව නිදහස් කරයි.

ඉස්ලාමයේ ෂරියා පිළිවෙත සෑම අවස්ථාවකටම හා ස්ථානයකටම වලංගු වන අතර මිනිසාගේ නිවැරදි අවශ්ය්තාවන්ට පටහැනි කිසිවක් එහි දක්නට නොමැත. මන්ද එය මිනිසුන්ට අවශ්ය දෑ දන්නා අල්ලාහ්ගෙන් පහළ වූවක් වන බැවිණි. මිනිසා තමන් හැඩ ගස්වන, එකිනෙකට පරස්පර නොවන, මිනිස් යහපත පවතින නිවැරදි ෂරීආ පිළිවෙතක අවශ්යතාවෙන් පසුවෙයි. මිනිසාට යහපත හා ඍජු මග වෙත එය මඟ පෙන්වයි. ඔවුන් ඔහු වෙත ආයාචනය කළ විට ඔවුන්ගේ කටයුතු ස්ථාවර වනු ඇත. ඇතැමුන්ගේ පීඩනවලින් ඇතැමුන් ආරක්ෂාව ලබනු ඇත.

7- එතුමා කෙරෙහි වූ එතුමාගේ විරුද්ධවාදීන්ගේ ස්ථාවරය එතුමාට දෙනු ලබන ඔවුන්ගේ සාක්ෂි වේ.

සෑම නබිවරයකුටම ඔහුගේ ප්රචාරක මාර්ගයේ රැඳී සිට, ඔහුට සතුරු වන, එය විශ්වාස කිරීමෙන් ජනයා වළක්වාලන විරුද්ධවාදීන් සිටි බවට කිසිදු සැකයක් නැත. එමෙන්ම අල්ලාහ්ගේ දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ටත් තම ජීවිත කාලයේ මෙන්ම එතුමා මිය ගිය පසුව පවා විරුද්ධවාදීහූ බොහෝමයක් එතුමාට සිටියහ. ඔවුන් සියලු දෙනාටම එරෙහිව අල්ලාහ් එතුමාට උපකාර කළේය. සැබැවින්ම එතුමා නබිවරයකු බවටත්, එතුමා ගෙනා දෑ, පෙර සිටින නබිවරුන් ගෙනා දෑට සමාන බවටත්, ඔවුන් අතර - අලුත් හා පරණ- බොහෝ දෙනාගේ සාක්ෂීන් අඛණ්ඩව පැවතිනි. සැබැවින්ම එතුමා සත්ය්ය මත පදනම්ව සිටින බව ඔවුහු දනිති. නමුත් එතුමාව විශ්වාස කිරීමෙන් බහුතරයක් දෙනා වළක්වාලීීීමට, නායකත්වයට ඇති තණ්හාව, සමාජය ගැන ඇති බිය, තම ධූරයේ සිට ඉපැයූ ධනය අහිමි වීම වැනි සාධක බොහෝමයක් පැවතුණි.

සියළු ප්රශංසා ලෝකයන්හි පරමාධිපති වූ අල්ලාහ්ටමය

ආචාර්ය මුහම්මද් ඉබ්නු අබ්දුල්ලාහ් අස්-සුහයිම් විසින් මෙය ලියන ලදී.

ඉස්ලාමීය අධ්යයන අංශයේ (හිටපු) අකීදා පිළිබඳ ආචාර්යය.

මාලික් සවූද් විශ්ව විද්යාලය - අධ්යාපන පීඨය.

සවුදි අරාබි රාජ්යය - රියාද්

ඉස්ලාමයේ දූතයාණන් මුහම්මද් තුමා වේ. (එතුමා කෙරහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය උදාවේවා!)

1- එතුමාගේ නම පෙළපත හා එතුමාණන් ඉපදී වැඩුණු දේශය.

2- භාග්යමත් නායිකාව සමග භාග්යමත් විවාහය.

3- වහී හෙවත් දිව්ය පණිවිඩයේ ආරම්භය.

4- එතුමාගේ දූත පණිවිඩය

5- එතුමාගේ නබිත්වයේ සාක්ෂි, එහි සාධක හා සංඥාවන්

6- දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ගෙනා 'ෂරීආ' නොහොත් ආගමික පිළිවෙත්

7- එතුමා කෙරෙහි වූ එතුමාගේ විරුද්ධවාදීන්ගේ ස්ථාවරය එතුමාට දෙනු ලබන ඔවුන්ගේ සාක්ෂි වේ.