රමදානින් පසුව කුමක් ද?
ප්‍රවර්ග / වර්ගීකරණයන්
Full Description
රමදානින් පසුව කුමක් ද?
] සිංහල – Sinhala –[ سنهالي
සවූදි අරාබියේ අරබ් නිව්ස් පුවත් පතේ
2014 අගොස්තු මස 1වන දින පළ කරන ලදි.
සිංහල පරිවර්තනය
ජාසිම් ඉබ්න් දඉයාන්
2014 - 1435
بعد رمضان
« باللغة السنهالية »
جريدة عرب نيوس(أخبار العرب) في 1 أغسطس 2014م
ترجمة: جاسم بن دعيان
2014 - 1435
රමදානින් පසුව කුමක් ද?
සවූදි අරාබියේ අරබ් නිව්ස් පුවත් පතේ
2014 අගොස්තු මස 1වන දින පළ කරන ලදි.
ආශීර්වාද ලත් රමදාන් මාසය අවසන් වන විට කරුණාව, පාපක්‍ෂමාව හා නිරයේ ගින්නෙන් ආරක්‍ෂාව අවධාරණය කරන මාසය අප පසු කර ගෙන ආවෙමු. එයින් අපි රැගෙන ආවේ කුමක් ද? අපේ තෘෂ්ණාවට එරෙහි ව අපි අභියෝග කර එහි ප්‍රගතියක් ලැබුවෙමු. දැන් පසුබට නොවී එම ප්‍රගතිය ඉදිරියට ගෙන යන වේලාවයි. මෙය ඉටු කර ගන්නේ කෙසේද? අභ්‍යන්තර කැපවීම, විශේෂ නැමදුම් සහ කුස ගින්න දරා ගෙන උපවාසය යෙදීම මගින් මෙම ප්‍රගතිය සිදු විය.
තරාවිහ් නැමදුම් තහජ්ජුද් නැමදුමක් (කියාම් අල් ලයිල්) බවට පත් කර ගත හැක.
මුහම්මද් (සල්) තුමාණන් ව අමතා උත්තරිතර අල්ලාහ් කුර්ආනයේ පවසන්නේ මෙසේය. “(පොරෝණයකින්) පොරවාගත් තැනැත්තාණනි! (නැමදුම පිණිස) රාත්‍රියේ නැගිට සිටිවු, (එයින්) ස්වල්පයක් මිස, එයින් අඩක් හෝ එයින් (එම අඩ කාලයෙන්) ස්වල්පයක් මිස, එසේ නොමැති නම්, එයට වඩා (කාලය) අධික කර ගනිවු. අල් කුර්ආනය නිසි අයුරින් කියවවු.” සූරා මස්සම්මිල් 73: වාක්‍ය 1-4 දක්වා
අල්ලාහ්ගේ රසූල් (සල්) තුමාණන් මෙසේ පැවසු බව වාර්තා වේ. “අපගේ පරමාධිපති අල්ලාහ් රාත්‍රියෙහි තුන්වන අවසාන කොටසේ මෙම විශ්වයේ අපට සමිපතම අහසට (ඔහුගේ මහිමයට සරලන අයුරින්) බැස ‘මට අමතන කිසිවෙක් සිටී ද මම ඔහුට ප්‍රතිචාර දෙන්නෙමි. (ඔහුගේ ප්‍රාර්ථනාව ඉෂ්ට කරන්නෙමි). මගෙන් කිසිවෙක් ඉල්ලීම් කරන්නේද මම ඔහුගේ ඉල්ලීම ලබා දෙන්නෙමි. මගෙන් කිසිවෙක් සමාව අයැදින්නේද මම ඔහුට සමා දෙන්නෙමි.‘ යනුවෙන් පවසයි.” මූලාශ්‍ර අල් බුහාරි සහ මුස්ලිම්.
“රමදාන් (මස) උපවාසයෙන් පසුව ඉතා යහපත් උපවාසය මුහර්රම් (මාසයේ) වන අතර අනුවාර්‍ය නැමදුමට පසුව ඉතා යහපත් නැමදුම රාත්‍රියන් හි ය.” යනුවෙන් අල්ලාහ්ගේ රසූල් (සල්) තුමාණන් පැවසු බව අබු හුරෙයිරා (රළි) දන්වයි. මූලාශ්‍ර බුහාරි.
ශුභ ඵල නොනවතී
රාත්‍රියන් හි නැමදුමට අමතරව, රමදාන් මාසයේ අප ලැබු ප්‍රගතිය රැකගන්නේ කෙසේද? රමදාන් මාසය ආධ්‍යාත්මික ත්‍යාග සහ සෞඛ්‍යට යහපතක් ලබා දුන්නේය. මෙම ත්‍යාග සහ උපකාරය රමදාන් මාසය සමඟ අවසන් නොවෙයි. රමදාන් මාසය ට පසුවද උපවාසයේ යෙදීමෙන් එවැනි ආධ්‍යාත්මික ත්‍යාග සහ සෞඛ්‍යට යහපතක් ලබා දීමට අමතරව තවත් අමතර කුසල් ලබා ගත හැකි වනු ඇත. තවද, උපවාසයට අමතරව සිදු කරන කුසල් ක්‍රියාවන් ගෙන් බොහෝ කුසල් ලැබෙන ඇත. “අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කිරීමට වඩා නැමදුම්, උපවාසය සහ අල්ලාහ්ව මෙනෙහි කිරීම වැනි ක්‍රියාවන් සඳහා (කුසල්) හත් සිය වාරයක් අධිකව ලැබෙයි.” යනුවෙන් නබි (සල්) තුමාණන් දැන්වු බව මුආද් ඉබ්නු ජබල් (රළි) පවසයි. මූලාශ්‍ර අබු දාවුද්.
රමදාන් මාසයෙන් පසුව උපවාසයේ යෙදීම පිළිබඳව මුහම්මද් නබි (සල්) තුමාණන්ගේ සුන්නා අපට උගන්වන්නේ කුමක් ද? අබු හුරෙයිරා (රළි) වාර්තා කළ අයුරින් රසූල් (සල්) තුමාණන් පැවසු “උපවාසය පලිහකි” (මූලාශ්‍ර මුස්ලිම්) යන හදීසය අප ප්‍රථමයෙන් මතක තබා ගත යුතුය. “එය පාපයන් සිදු කිරීමෙන් සහ කෙනෙකුගේ තෘෂණාවට ගොදුරු වීමෙන් වළකින පලිහකි.” ‘උපවාසය මං වෙනුවයි, එයට ත්‍යාග මම දෙන්නෙමි‘ යනුවෙන් උත්තරිතර අල්ලාහ් පැවසු බව මතකයේ තබා ගනු මැනවි.‘ මූලාශ්‍ර බුහාරි සහ මුස්ලිම්.
සුන්නාහ් උපවාසයේ යෙදීම සඳහා අවස්ථාවන්
රමදාන් මාසය අවසන් වූ වහාම සුන්නාහ් උපවාසයේ නිරත වීමට අවස්ථාවක් පැමිණෙයි. ‘අල්ලාහ්ගේ රසූල් (සල්) තුමාණන් පවසා අබු අයියූබ් අල් අන්සාරි මෙසේ වාර්තා කරයි. “කවරෙකු හෝ රමදාන් උපවාසයේ යෙදී, ඒ සමඟ ෂව්වාල් මස දින හයක් උපවාසයේ යෙදුනේ නම්, ඔහු වසරෙහිම උපවාසයේ යෙදුනු බව සළකණු ලබයි.” මූලාශ්‍ර මුස්ලිම්.
සුන්නාහ් උපවාසය සඳහා ලැබෙන තවත් අවස්ථාව ෂව්වාල් මාසයේ සහ සෑම මසයෙහිම පැවිණෙන බව කතාදා ඉබ්නු අල් කයිස් (රළි) දන්වයි. ඒවා නම් “අල්ලාහ්ගේ රසූල් (සල්) තුමාණන් සුදු දිනයන් වන 13,14,15 (රාත්‍රි) හි උපවාසයේ නිරත වන ලෙස අපට උපදෙස් කළහ. එම ක්‍රියාව සදහටම උපවාසයේ යෙදන හා සමානය යි එතුමා පැවසුහ.” මූලාශ්‍ර මුස්ලිම්.
සුන්නාහ් උපවාසය සඳහා ලැබෙන අනිත් අවස්ථාව දුල් හිජ්ජා මස නව වන දිනය අරෆාත් දිනයෙහි ය. මෙම දිනයේ උපවාසයේ යෙදීමෙන් පෙර වසර සහ ලබන වසරේ පාපයන් සඳහා සමාව ලැබෙන බව මුහම්මද් නබි (සල්) තුමාණන් පැවසු. මූලාශ්‍ර මුස්ලිම්.
රමදාන් මාසයේ උපවාසය අනිවාර්‍ය කරන අල්ලාහ්ගේ අණ පහළ වන්නට පෙර ආෂූරා දිනය වැදගත් එකක් විය. ඉබ්නු අබ්බාස් (රළි) මෙසේ වාර්තා කරයි. “ නබි (සල්) තුමාණන් මදීනාවට පැමිණි වට එහි (යුදෙව්වන්) ආෂූරා දිනයේ (මුහර්රම් 10 වන දින) උපවාසයේ නිරව වනු දුටුහ. ‘අල්ලාහ් මෝසස් (අලෛ) තුමාව ආරක්ෂා කර ෆිර්අවුන්ගේ ජනයාව ජලයේ ගිල දැමු දිනය වේ, මූසා (අලෛ) තුමා එයට කෘතගුණය දක්වනු පිණිස එදින උපවාසයේ නිරත විය.‘ යැයි ඔවුන් පවසති. “මූසා(අලෙ) තුමාට ඔවුන්ට වඩා මම සනීප වෙමි“ යැයි පැවසු නබි (සල්) එතුමා එදින උපවාසයේ යෙදී මුස්ලිම්වරුන්ටද උවාසයේ යෙදෙන ලෙස අණ කළහ. (බුහාරි) රමදාන් උපවාසය අනිවාර්‍යය කරනු ලැබු විට “කැමති කෙනෙක් (මෙම මුහර්රම්) උපවාසයේ යෙදි ය හැකි. කැමති කෙනෙක් එය අත හැරිය හැක.” යැයි දැන්වුහ.
සඳුදා සහ බ්‍රහස්පතින්දා උපවාසයේ යෙදීම පිළිබඳව සුළු මත භේදයක් ඇත. “මිනිසුන්ගේ (ක්‍රියාවන් හි) ලේඛනය සෑම සතියේ දින දෙකක අල්ලාහ් වෙත් ඉදිරිපත් කරනු ලබයි.” යනුවෙන් නබි (සල්) තුමාණන් පැවසු බව අබු හුරෙයිරා (රළි) වාර්තා කරයි. එනම් සඳුදා සහ බ්‍රහස්පතින්දා වන් හි ය. මූලාශ්‍ර මුස්ලිම්.
අල්ලාහ්ගේ රසුල් (සල්) තුමාණන් පැවසු බව අබු හුරෙයිරා (රළි) වාර්තා කරයි. “ස්වර්ගයේ දොරටු සඳුදා සහ බ්‍රහස්පතින්දා යන දින දෙක හැර අනිත් දිනයන් හි විවෘත නොකෙරේ.” මූලාශ්‍ර මුස්ලිම්.
ඉහත සඳහන් පළමුවන හදීසය සම්පන්ධයෙන්, මුහම්මද් නබි (සල්) තුමාණන්, මෙම දිනයන් හි උපවාසයේ යෙදුනු බව පිලිගත්හ. “මන්ද මම උපවාසයේ යෙදී සිටින අවස්තාවෙහි මගේ ගිණුම් ඉදිරිපත් කරනු ලබනවාට මම කැමති.” යැයි එතුමාණන් පැවසුහ.
සඳු දිනයන් හි උපවාසය පිළිබඳව ප්‍රශ්න කළ විට මුහම්මද් නබි (සල්) තුමාණන් මෙසේ පිළිතුරු දුන්හ. “මම උපත ලැබුවේ එදිනයේ දී ය. (අල් කුර්ආන්) පහළ කරන ලැබු වේ එදිනයේ දීය.” මූලාශ්‍ර මුස්ලිම්. මුහම්මද් නබි (සල්) තුමාණන් සෑම මාසයකම දින තුනක් උපවාසයේ යෙදුනු බව දන්වන හදීස් වදන් තවත් කිහිපයක් ඇත. මේවා සුදු රාත්‍රියන් ගැන සඳහන් විය හැක. කෙසේ වෙතත් හෆ්සා (රළි) තුමිය මෙසේ දැන්වුවාය. “අල්ලාහ් ගේ නබි (සල්) වරයා සෑම මාසයකම දින තුනක් උපවාසයේ යෙදුනහ. ඒවා සඳුදා, බුහස්පතින් දා සහ ලබන සතියේ සඳුදා වේ.” මූලාශ්‍ර අබු දාවුද්. අල්ලාහ් සියල්ල හොඳින් දනී.
උපවාසයේ යෙදිය නොයුතු දින කුමක් ද?
අප උපවාසයේ නිරතවීමට අනුමත නොමැති දින කුමක් ද? අප සිකුරාදා දිනයේ පමණක් උපවාසයේ යෙදිය නොහැක. සිකුරාදාට පෙර හෝ පසු දිනයේ උපවාසයේ යෙදෙන්නේ නමි එයට අනුමත ඇත. උදාහරණයක් වශයෙන් සුදු රාත්‍රියක් සිකුරාදාට යෙදුනේ නම් උපවාසයේ යෙදීමට අනුමත ඇත. ඊද් අල් ෆිත්ර් සහ ඊද් අල් අද්හා යන අවුරුදු උත්සව දිනයන් හි උපවාසයේ යෙදිය නොහැක.
නබි (සල්) තුමාණන්, “අල් විසාල් අනුගමනය නොකරනු” යැයි පැවසු බව අනස් (රළි) වාර්තා කරයි. (අල් විසාල් යනු සවසට උපවාසය අවසන් නොකර හෝ අළුයම සුහුර් ආහාර නොගෙන දිගින් දිගට උපවාසයේ නිරතවීම වේ.)
එමෙන්ම, මුහම්මද් නබි (සල්) තුමාණන් නිරන්තර යෙන් යෙදෙන උපවාසය තහනම් කළහ. එනම් සෑම දිනකම උපවාසේ යෙදීම තහනම් ය. මෙහි දී මුස්ලිම් වරුන්ට විකල්ප මාර්ග දෙකක් පෙන්වන ලදී. “සෑම මාසයෙහිම දින තුනක් සහ රමදාන් මාසයේ උපවාසයේ යෙදීම නිත්‍ය උපවාස“ යැයි අල්ලාහ්ගේ නබි (සල්) තුමාණන් දැන්වුහ. මුලාශ්‍ර අබු දාවුද්.
අනිත් විකල්පය එයට වඩා ත්‍යාග රැසක් ගෙන දෙන්නේය. “දාවුද් (අලෛ) තුමාගේ උපවාසය. එතුමා දවසක් හැර දවසක් උපවාසයේ යෙදුනේය. මෙයට වඩා හොඳ එකක් නැත.” යැයි මුහම්මද් නබි (සල්) තුමාණන් දැන්වහ. මූලාශ්‍ර මුස්ලිම්.
අල් කුර්ආනය පාරායනය කිරීම
රමදාන් මාසයේ දී සෑම කෙනෙක්ම අල් කුර්ආනය පාරායනය කර සම්පූර්ණ කරන බව අපි දනිමු. එහෙත් රමදාන් උපවාසයෙන් පසුව කුර්ආනයට ආයුබෝවන් කිව හැකිද? දිනපතාම අල් කුර්ආන යෙන් කොටසක් පාරායණය කිරීමද, එම වාක්‍යයන් හි අර්ථය ඉගෙන ගැනීමද රමදාන් මාසයෙන් පසුවද සිදු කළ යුතුය. මෙ මගින් අප කුර්ආනය සමඟ පවත්නා සම්බන්ධය නොබිඳී පවතින අතර, වාක්‍යයන් හි අර්ථය වටහා ගැනීමෙන් අප ජීවිතයේ විශාල වෙනසක් සිදුවනු ඇත.
මෙවායෙහි සාරාංශය නම්, රමදාන් උපවාසය සමඟ ආරම්භ කළ අපගේ ආධ්‍යාත්මික ජීවිතය ලබන රමදාන් උපවාසය දක්වා නොකඩවා පැවැත්වීම සඳහා පසු කර ගෙන ගිය රම්දාන් සුදුසු වාතාවරණ යක් සපයනු ඇත.
ඉන්ෂා අල්ලාහ් ලබන උපවාසයට මුහුණ දෙන විට අපගේ ආධ්‍යාත්මික තත්ත්වය මෙයට වඩා උතුම් මට්ටමක තිබිය හැකිවේ වා යැයි පතමු.
සියලු දේ ගැන අල්ලාහ් දන්නේය.
ඔබේ අදහස් පහත සඳහන් ලිපිනයට එවන්න.