×
“මේ යුගයේ ප්රාමතිහාර්යයන් සිදු නොවන බව මිනිසුන් පවසති. එහෙත් මගේ ජිවිත කථාව එම තර්කය බිඳ දමන බව මට තරයේ කිව හැක.”

    ඉස්ලාමය කරා මා ගිය අසාමාන්‍ය ගමන

    (මාක් ස්ප්‍රින්ජර්ගේ කථාව)

    ] සිංහල – Sinhala – [ سنهالي

    2014 ජනවාරි 14 වන දින සවූදි අරාබියේ අරබ් නිව්ස් පුවත් පතේ පළ වු ලිපිය

    සිංහල පරිවර්තනය

    ජාසිම් ඉබ්න් දඉයාන්

    قصة إسلام مارك سبرينجر

    « باللغة السنهالية »

    جريدة عرب نيوز 14 يناير لعام 2014

    ترجمة: جاسم بن دعيان

    ඉස්ලාමය කරා මා ගිය අසාමාන්‍ය ගමන

    ඇමරිකා එක්සත් ජනපදයේ මාක් ස්ප්‍රින්ජර්

    සවුදියේ අරබ් නිව්ස් පුවත් පතේ 2014 ජනවාරි 24 දින ඵලවිය

    ජර්මනියේ හිට්ලර්ගේ ප්‍රතිපත්තියට පක්ෂ වු “හිස් මුඩු සංගමයේ” (Neo Nazi Skinhead Movement) සාමාජිකයෙකු වන මාක් ස්ප්‍රින්ජර්, ඉස්ලාම් විරෝධි යෙක් ලෙස, මුස්ලිම්වරුන් පිළිකුල් කරමින්, ජාති වාදි මත දරන කෙනෙක් වශයෙන් හැදී වැඩුණි. ඔහුගේ පොත් කියැවීමේ පිපාසය තුළින් ඉස්ලාම් හා මුස්ලිම්වරු පිළිබඳව බොහෝ විස්තර දැන ගත් ඔහු අවසානයේ තම ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කොට අල්ලාහ් කෙරෙහි පමණක් විශ්වාසය තැබු මුස්ලිම් බවට පත් විය. “මේ යුගයේ ප්‍රාතිහාර්යයන් සිදු නොවන බව බොහෝ දෙනෙක් පවසති. එහෙත් මගේ ජිවිත කථාව එම තර්කය බිඳ දමන බව මට තරයේ කිව හැක.” යැයි මාර්ක් ප්‍රකාශ කරයි.

    ඔහුගේ ජීවිත කථාව ඔහුගේම වදනින් බලමු.

    ඉස්ලාමය කරා මා ගිය ගමන අසාමාන්‍ය එකක් බව මට තරයේ ප්‍රකාශ කළ හැක. ඉස්ලාමයට පිවිසු මා දන්නා බොහෝ සුදු ජාතීන්, විවෘත හා නිදහස් මතධාරි පසුබිමෙන් පැවැති අය වෙති. එහෙත් මාගේ හැදී වැඩීම මේවාට හාත්පසින් වෙනස් ය. මගේ මව හා පියා දෙදෙනාම ඇමරිකානු හමුදාවේ සාමාජිකයන් නිසා මාගේ ඇතිදැඩි කිරීම ඉතාමත් දැඩි වාතාවරණයක සිදු විය. මේ හේතුවෙන් වයස අවුරුදු 24 දක්වා මම ද ඒ අයුරින්ම ද්වේෂ සහගත තරුණයෙක් ලෙස සිටියෙමි. මගේ පියා අරාබි ජාතින්ට සහ මුස්ලිම්වරුන්ට ඉතා පහත් ලෙස බැණ වැද, ඔවුන්ගේ දහම, ඔවුන්ගේ ජාතිය සහ ඔවුන්ගේ ජීවන රටාවට පවා අපහස කරනු ඇසුවෙමි. එම පරිසරයේ හැදී වැඩුනු මම ද ඒ ආකාරයෙන්ම සිතිමට පුරුද වී සිටියෙමි.

    මගේ කුඩා අවදිය අසහනයෙන් පිරුණු එකකි. මගේ පියා මත් පැන් වලට වහල් වු කෙනෙක් හෙයින් අපේ මවට, සොයුරන්ට සහ මට කථා කළේ ඉතාමත් පහත් භාෂා ශෛලයෙන්ය. මෙම පසුබිමෙන් මිදෙන්නට, සහ මට නොලැබු පවුල් ජීවිතය මගේ මිත්‍රයන්ගෙන් සොයන්නට පටන් ගත්තෙමි. මෙහි ප්‍රධාන ගැටලුව වුයේ මගේ නිවස පසුබිමෙන් මිදෙන්නට මා සොයා ගිය මිතුරන් ඊට වඩා පහත් අය වීමයි.

    වසර කිහිපයක්, අන්ත ජාතිවාදීන් වන හිස් මුඩු සංගමය සමඟ සම්බන්ධ වී සිටි‍යෙමි. එහෙත් කිසිවෙකුගේ ගෝලයෙකු වීමට මම කැමති වුයේ නැත. මට අවශ්‍ය වූයේ නායකයෙකු වීමටයි. මේ හේතුවෙන් හිස් මුඩු සංවිධානය හා මගේ සම්බන්ධකම ද ඒ ආකාරයෙන්ම ය. මා හැදී වැඩුනු නගරයේ මම ප්‍රසිද්ධ වූ අතර සියලු දෙනාම මට බිය වුහ. එහෙත්, මගේ පවුලේ උදවිය සහ මිතුරන් සමඟ පැවැත් වූ සම්බන්ධකම නිසා, මම කරන්නේ වැරදි ක්‍රියාවක් බව ද මම කරන්නේ අධර්මිෂ්ඨකම බව ද මා තුළ නැඟු හඬ මට ඉවත දැමිය නොහැකි විය. මගේ පාසැලේ මැක්සිකානු ජාතික මිත්‍රයෙකු දිනක්, “අර පරාජිතයන් සමඟ ඔබ රැඳී සිටින්නේ ඇයි? ඔවුන්ට වඩා නුඹ දහස් ගුණයක් යහපත් කෙනෙකි.” යනුවෙන් මට පැවසීය. එවිට මගේ වයස අවුරුදු 16කි.

    ඔහු නිවැරදිය. එහෙත් මගේ පියා මගේ පවුලේ උදවියට සලකන ආකාරය මම පිළිකුල් කළ නමුත්, ඔහුමෙන් ජීවත් විය යුතු යැයි මා තුළ ආශාවක් තිබුණි. මා තුළ ජාතිවාදය සහ වෛරය ගොඩ නැගුණේ මගේ පියාගේ ආදර්ශය තුළින්ය.

    නිවසෙ හි මගේ ජීවිතය ඉතාමත් අසීරු බවට පත්වීමෙන්, නිවසින් බැහැර යන්නට මට සිදු විය. සැබැවින්ම, සියලු දෙනා කෙරෙහි ද්වේෂය දැක් වු මගේ පියාගේ ආභාසයෙන් මිදී, ලෝවේ අනිත් මිනිසුන් ගැන මගේම හැකියාවෙන් නිදහසේ හඳුන්වා ගන්නට, අත් දැකිම් ලබන්නට, ඔවුන් ගැන පහදා ගන්නට මව අවශ්‍ය විය. ඉස්ලාම් දහම මත මගේ අනාගතය රැඳී තිබෙන බව මම අවබෝධ කර ගත්තේ මා ගත් මේ පියවර නිසාය. ගත වු වසර කිහිපයක් මා ආරම්භ කළ ජීවන මාර්ගයේ දිගටම අකැමැත්තෙන් වුවද පසු කළෙමි. මත් පැන් වලට පුරුදු වී, මත් ද්‍රව්‍ය භාවිත කළෙමි. එමගින් අධිකරණය හා අනවශ්‍ය ගැටුම් වලට ද පැටලුනෙමි. මේ අතර මගේ පවුලේ සාමාජිකයින් වෙනුවෙන් මා තෝරා ගත් මිනිසුන්, මගේ පවුලේ අයට වඩා අයහපත් අය බව දුටුවෙමි. ඔවුන් සියලු දෙනාම සාහසික, වංක හා විශ්වාසය තැබිය නොහැකි පිරිසක් බව දුටුවෙමි. මගේ වයස අවුරුදු 23 වන විට මා ජීවත් වූ පළාතෙන් බැහැර යන්නට තීරණය කළෙමි. මගේ ජීවිතයේ ඉතා ප්‍රබල පුද්ගලයෙකු වන මගේ පියාගේ සහ මගේ දුෂ්ට මිතුරන්ගේ ආභාසයෙන් මිදී නිදහසේ යන්නට ප්‍රථම වරට තීරණය කළෙමි. වංචනික ලෙස පිළියෙල කර තිබුණු, අසත්‍ය මත ගොඩ නැගු මගේ තරුණ විය මා වටා කඩා වැටෙනු දුටුවෙමි. මගේ ජීවිතය පදනම් කර ගත් සියලු සත්‍ය, සීරුවෙන් පැහැදිලි වන්නට පටන් ගත්තේය. මගේ ජිවිතයේ, ආගමික විශ්වාසය ඇතුළු සියලු දේ ගැන මම ප්‍රශ්න කරන්නට පටන් ගත්තේ ඒ මොහොතෙහි ය. මගේ ජීවිතයේ කිසි දෙයක් විශ්වාස කළ නොහැකි බවද, ඒවා සියල්ල පිළිබඳව යළි ඇගයුම් කළ යුතු බවද මම තීරණ කළෙමි.

    එම වකවානුවේ මට පෙම්වතියක් සිටි අතර, ඇය හා විවාහ වුයෙමි. ඇය ද මා මෙන් හිස්මුඩු සංගමයේ උද්යෝගිමත්ව සම්බන්ධ වී සිටි කෙනෙකි. මගේ එකම ගැටලුව මගේ වෙනස් වූ නවක මතය ගැන ඇය අමනාපයට පත් විය හැක යන්නයි. මම කවදත් පොත් පත් කියවීමට මහත් කැමැති කෙනෙකි. එයට පසුව වසර කිහිපයක් හැකි තරම් පොත් කියවන්නට පටන් ගත්තෙමි. අතට ලැබෙන ඕනෑම පොතක් කිය වීමෙගේ කුඩා පුස්තකාලයක් ද ආරම්භ කළෙමි. දැන් එහි දහස් ගණනින් පොත් තිබේ. කාන්ට්, කාල් මාක්ස්, එඩ්වඩ් සයීද් වැනි අයගේ පොත් රාශියක් එහි තිබේ.

    මෙම වකවානුවේ පලස්තීනයේ ඉන්තිෆාදා නම් අවි ආයුධයට එරෙහි ව ගල් පහර දීමේ ව්‍යාපාරය ආරම්භ විය. මගේ ජාතිවාදි පියා යුදෙව් ජාතීන්ට පිළිකුල් කළ නමුත්, යුදෙව් රටට නිතර හිතවත්කම දැක්විය. ඔහු යුදෙව්වරුන් පිළිකුල් කළ නමුත්, අරාබි වරුන්ට ඊට වැඩියෙන් පිළිකුල් කළේය. සැබැවින්ම සුදු නොවන සියලු දෙනාට ඔහු‍ ද්වේෂය දැක්විය. මෙවැනි තත්ත්වයක් යටතේ, තරුණ වියේ මට උගන් වන ලද සියලු දේ ගැන යළි ඇගයුම් කරන්නට පටන් ගත් මම මැද පෙරදිග ගැටුම් පිළිබඳව සොයා බලන්නට තීරණය කළෙමි.

    මැද පෙරදිග ප්‍රදේශයේ ඉතිහාසය සහ එහි දේශපාලනය පිළිබඳව පොත් කියෙව්වෙමි. ඉස්ලාම් පිළිබඳව කිසිදු දැනුමක් නොමැති නිසා එහි ඉතිහාසය සහ දේශපාලන අරගලය පිළිබඳව කිසිවක් අවබෝධ නොවිය. කුඩා කාලයේ ක්‍රිස්තු පල්ලියට මම ගිය නමුත් ආගම පිළිබඳව කිසිදු බැඳීමක් මා තුළ නොතිබුණි. මගේ පියා ඉස්ලාමයට වෛරය දැක් වූ නිසා, ඉස්ලාම් යනු කුමක්ද, මුස්ලිම් වරුන්ගේ විශ්වාසය කුමක්ද යන කිසිවක් නොදැන, මා තුළද එවැනි හැඟීමක් පැවතුනු නමුත්, එයට හේතුවක් හෝ පදනමක් හෝ නොමැති විය. මගේ ජීවිත කාලයේ මම කිසිදු මුස්ලිම්වරයෙක් නුදුටු බව මෙයින් කාටත් අනාවරණය වෙයි.

    ත්‍රිත්වය යන සංකල්පය මට විශාල ප්‍රහේලිකාවකි.

    මම ඉස්ලාම් ගැන, එහි ඉතිහාසය සහ එහි විශ්වාසය පිළිබඳව සොයන්නට පටන් ගත්තෙමි. මෙම අවදිය අන්තර් ජාලයේ ආරම්භක යුගය යි. ඉස්ලාමයේ මූලික විශ්වාසය සහ ඉතිහාසය ගැන අවබෝධය ලබන්නට මුද්‍රණ සහ අන්තර් ජාල මාර්ගය උපයෝගි කළෙමි. මම එවකට වොෂින්ටන් පළාතේ වාසය කළ නමුත්, එහි ජීවත් වන මුස්ලිම් සමාජය පිළිබඳව කිසිවක් නොදනිමි. එනිසා මුස්ලිම් කිසිවෙක් සමඟ කථා කිරීමට පවා මට අවස්ථාවක් නොලැබුණි. ටික කලකින් මගේ බිරියට එංගලන්තයට ස්ථාන මාරුවීමක් ලැබු හේතුවෙන් මේවා සියල්ල වෙනස් විය.

    එංගලන්තයට ගොස් ටික කලක් මගේ අවධානය වෙනත් දෙසට හැරුණි. අලුත් සමාජයක, දීර්ඝ ඉතිහාසයක් සහිත රටක ජීවත් වීමේ වාසනාවෙන්, ඒ රටේ ඉතිහාසය ගැන අධ්‍යයනය කරමින්, යුරෝපයේ සෑම රටකටම සංචාරය කළෙමි. මැද පෙර දිග පලාතේ විටින් විට සිදු වන දේ නිසා එහි දේශපාලනය පිළිබඳව මගේ අවධානය යොමු විය. එංගලන්තය පැරණි කාලයේ සිට මුස්ලිම් සමාජය සමඟ ඉතා සමීප ව ආශ්‍රය කළ නමුත් මම ජීවත් වූ පළාතේ ඔවුන් කිසිවෙක් නොවුහ.

    මම දෙවන වරට ඉස්ලාමයේ විශ්වාසය, සංකල්පය, සහ ඉතාහාසය පිළිබඳ ඉතා ගැඹුරින් අධ්‍යයනය කරන්නට පටන් ගත්තෙමි. අල් කුර්ආනයද කියවන්නට පටන් ගත්තෙමි. මා හැදී වැඩුනු දහම පිළිබඳ මා තුළ නැගු සැක හා ප්‍රශ්න වලට එක්තරා පිළිතුරු ලැබෙන බව මට අවබෝධ වුණි. දෙවියන් වහන්සේ ට දරුවෙක් සිටින බව පවසන විශ්වාසය මම කිසිවිටෙක පිළිගත්තේ නැත. පොත් පත් කියවා ගෙන යන විට, මෙම දේව පුත්‍ර යන විශ්වාසය නුගත් අශිෂ්ට මූලාශ්‍ර යෙන් උපුටා ගන්නා ලද එකක් බව අවබෝධ විය. සිzයස්, ඕඩින් වැනි යුරෝපයේ බොහෝ දෙවි වරුන්ට දරුවන් සිටියහ.

    යුරෝපයේ ඕඩින් නම් දෙවියා ගසක එල්ලී මරණයට පත් වූ බව ඔහුගේ අනුගාමිකයින් විශ්වාස කළහ. ක්‍රිස්තු බැතිමතුන් ද ජේසුස් වහන්සේ (අලෙ) කුරුසයේ එල්ලනු ලැබු බව විශ්වාස කරති. උතුරු යුරෝපයට අයත් මෙම පැරණි ආගමේ ඕඩින්ගේ බැතිමතුන් ඕඩින්, ඔහුගේ පුත්‍ර තෝර් සහ ඔහුගේ අනියම් ස්ත්‍රිය (consort) වන ෆේජා සමඟ සකස් කරගත් ත්‍රිත්වයක් ගැන විශ්වාස කළහ. ත්‍රිත්වය ගැන පවසන ක්‍රිස්තු බැතිමතුන්, පැරණි නුගත් විශ්වාසයෙන් එම අදහස උපුටා ගත් අතර, දෙවියන් වහන්සේ ගෙන් මෙය සඳහා කිසිදු සාධකයක් තිබුණේ නැත.

    මිනිසාගේ මුල් පාපය නම් සංකල්පය පිළිගැනීමේදී මම දුෂ්කර තාවට නිතර මුහුණු දුන් තවත් කරුණකි. වසර දහස් ගණනකට පෙර මරණයට පත් වූ කෙනෙකුගේ පාපය සඳහා මා සහ මිනිසුන් සියලු දෙනාටම දඬුවම් පවරන දෙවියෙක් මහත් අසාධාරණයක් සිදු කරන බව සිතුවෙමි. දෙවියෙක් පිළිබඳව මා තුළ එක්තරා මතයක් ගොඩ නැගී තිබුණු නමුත්, මෙවැනි අසාධාරණයක් සිදු කරන දෙවියෙකු ගැන සතුටු නොවුයෙමි. මෙවැනි ප්‍රශ්න වලට ක්‍රිස්තු බැතිමතුන් වෙත සුදුසු පිළිතුරු නොමැති බවද, ඔවුන් වෙත පිළිතුරු තිබුණේ නම්, ඒවා මෙවැනි ස්ථාවරය අසාධාරණ බව සනාථ කරන බවද සිතුවෙමි. යුදෙව්වරුන්ගේ දහම දෙස නෙත් යොමු කළ විට, එම දහමෙහි තවත් ප්‍රශ්න රාශියක් මා දුටුවෙමි. අනිත් නබිවරුන් කෙරෙහි ඔවුන් දැක් වු ආකල්පය ඉතාමත් නින්දිතය. ඔවුන්ගේ උතුම් නායකයින් ඉතාමත් පහත් පාප ක්‍රියාවන් ඉටු කළ බව ඔවුන්ගේ ආගමික ග්‍රන්ථය චෝදනා නගයි. එහෙත්, ලොවට නායකත්වය දරන්නට දෙවියන් වහන්සේ විසින් මෙවැනි පාපතරයන් තොරා පත් කරනු ලැබු බව විශ්වාස කිරීමට මම කෙහෙත්ම සූදානම් නැත. ජුදා දහම මෙවැනි විශ්වාසය මත ගොඩ නැගුණේ නම්, එහි දී යහ මග සොයන්නේ කෙසේද?

    සියලු ප්‍රශ්න වලට ඉස්ලාමයේ පිළිතුරු තිබෙන බව අවසානයේ දැනුණි. ත්‍රිත්වය පිළිබඳ අසත්‍ය තුළින් හට ගත් අවුල ඉස්ලාමය පැහැදිලි කර දුන් අතර, ජේසුස් වහන්සේ වක්තෘවරයෙක් බවද දේව පුත්‍රයෙකු නොවන බවද ඉස්ලාම් තහවුරු කරයි. සියලු වක්තෘ වරුන්ට ගරු කළ ඉස්ලාම්, ඔවුන් සියලු දෙනාම උතුම් මිනිසුන් බවද ඔවුන් සියලු දෙනාට දෙවියන් වහන්සේගේ සාමය හා ආශීර්වාදය හිමි බව ද ප්‍රකාශ කරයි. මා තුළ සහ අනාගත මිනිස් සමාජයට පැන නගින ගැටලු හා ප්‍රශ්නයන්ට, ඉස්ලාම් හි සහ එය අනුබල දෙන සාරධර්මයෙ හි සාර්ථක පිළිතුරු දුටුවෙමි. දැන් මා ඉදිරියේ තිබෙන ප්‍රශ්නය, මේම ඉස්ලාමය මගේ ජීවිතයේ අනුගමනය කරන්නේ කෙසේද යන්නයි.

    මම කලින් සඳහන් කළ අයුරින්, මගේම සමාජ පසුබිමෙන් පැමිණි කාන්තාවක් හා මම විවාහ වී සිටිමි. ඉස්ලාම් හා මැද පෙරදිග රටවල දේශපාලනය පිළිබඳව අධ්‍යයනය ලබන්නට මම දක්වන උනන්දුව ගැන ඇයට කිසිදු තැකීමක් නැත. මගේ ජිවිතය වෙනස් කරගන්නට මට තිබෙන අවශ්‍යතාව නිසා අප දෙදෙනා අතර විශාල ගැටලුවක් සිදු වන බව මට අවබෝධ වුණි. මගේ බිරිය සමඟ විවාහ වී සිටින තුරු මම සොයා ගත් නවක ආගම අනුගමනය කිරීමට මට නොහැකි වන තත්ත්වයක් අවසානයේ උදා වුණි. එනිසා අපි දික්කසාද වුයෙමු. එංගලන්තයෙන් බැහැර යන්නට පෙර, එහි මුණ ගැසු ලෙබනාන් ජාතික තරුණයෙකු සමඟ මස්ජිදයට ගොස් ෂහාදාව ප්‍රකාශ කළෙමි.

    මගේ බිරිය හා දික්කසාද වීමෙන් එංගලන්තයෙන් බැහැර වීමට මට සිදුවිය. මගේ නව දහම පිළිබඳව තව තවත් ඉගෙන ගැනීමට එහි නොයෙක් අවස්ථා තිබුණු හේතුවෙන්, එහි දිගින් දිගට ජීවත් වීමට මම ප්‍රිය කළෙමි. කෙසේ වෙතත්, දෙවියන් වහන්සේ ඔහු කැමති ආකාරයට මට යහපතක් සිදු කරන බව දැන ගන්නට මට අවස්ථා ලැබුණි, අල්හම්දු ලිල්ලාහ්. එංගලන්තයෙන් බැහැර වූ පසු, ඇමරිකානු රාජ්‍ය සේවයේ ඇලස්කා ප්‍රාන්තයේ රැකියාවක් මට ලැබුණි.

    ඇලස්කා ප්‍රාන්තයේ මුස්ලිම් සමාජයක් කිසි තැනක දක්නට නැත. එහි ඉස්ලාමිය මධ්‍ය ස්ථාන ඇන්කරේජ් සහ ෆෙයාර් බෑන්ක්ස් නගර වල පිහිටා තිබුණු නිසා අන්තර් ජාලය සහ වෙනත් මාර්ග වලින් ඉස්ලාම් පිළිබඳ ව කියවා, වැඩි විස්තර ලබා ගත්තෙමි.

    විටින් විට වොෂිංටන් නගරයට රාජකාරිය සම්බන්ධ ව ගමන් කළෙමි. එහි ජීවත් වන මුස්ලිම් සමාජයට අයත් කිහිප දෙනෙක් සමඟ මිතුරුකම් පැවැත්වුයෙමි. මේ වන විට මම නැවත විවාහ වීම සම්බන්ධ ව කල්පනා කරන්නට පටන් ගත්තෙමි.

    අති බල සම්පන්න අල්ලාහ් මා සඳහා

    තොරා ගත්තේ අති උතුම් දේය.

    මම දික්කසාද වී වසර කිහිපයක් ගත වූ අතර, සැබෑ දහම සම්පූර්ණ කිරිමට එක් මාර්ගයක් විවාහ වීම බව මම දනිමි. පාරම්පරික මුස්ලිම් පසුබිමකින් පැමිණෙන බොහෝ මුස්ලිම්වරු, තම දියණියට ඇමරිකානු සුදු ජාතියට අයත්, නවක මුස්ලිම්වරයෙකු ප්‍රිය නොකරන බව සිතු මම සිත් කනස්සල්ලට පත් වුයෙමි. මෙයට අමතර ව තරුණ වියෙහි මගේ ශරීරයේ මම කොටා ගත් පච්ච රූපයද තිබුණු හෙයින්, මුස්ලිම් කාන්තාවක් සහ ඇගේ පවුලේ සාමාජිකයින් සොයා ගන්නට හැකි වේද යැයි සැක කළෙමි.

    මගේ නවක මිතුරෙක්, විවාහයක් බලා පොරොත්තුවෙන් සිටින මුස්ලිම් සොහොයුරියක් ඔහු දන්නා බව ද, ඇගේ දුරකථන අංකය දෙන්න දැයි මගෙන් විමසීය. මම ඇයට ඇමතුමත් ගත් නමුත්, ඇය එහි නොසිටි නිසා, පණිවුඩයක් දුන්නෙමි. පසු දින මම යළි ඇයට ඇමතුමක් දුන්නෙමි. අපි කථා කළෙමු. පැය ගණන් කථා කළෙමු. අපේ ඊ.මේල් ලිපිනයද හුවමාරු කරගත්තෙමු. ඉන් පසු දින කිහිපයක් අපි දෙදෙනා පැය ගණනාවක් කථා කළෙමු. මුල් දින තුන මම නිසි ලෙස නිදා නොගත් හේතුවෙන්, රාජකාරි වේලාවේ අඩ නින්දේ වැඩ කළෙමි. අපි බොහෝ දේවල් පිළිබඳව, විවාහයක් සාර්ථක කර ගනු පිණිස අපි දෙදෙනා දැන ගත යුතු සියලු තොරතුරු පිළිබඳව දීර්ඝ ව කථා කළෙමු.

    අප දෙදෙනා අතර බොහෝ දේ පිළිබඳව එකඟත්වයක් තිබෙන බවද, එවායේ භූමිකාව දහම සහ දෙවියන් වහන්සේ වෙත අපි දක්වන බිය බැතිකම් බවද ආරම්භයේ සිට මට පැහැදිලි වුණි. මෙම කාන්තාව මට සුදුසු කෙනෙක් බව මම විශ්වාස කළෙමි. ඇය ඉතාමත් බැතිමත් කාන්තාවක් වන අතර, දහම පිළිබඳව පමණක් නොව ඇගේ මව් බස වන අරාබි භාෂාව ද මට උගන්වන හැකියාව ඇයට තිබුණි. දුරකථනයෙන් සහ ඊ මේල් මගින් මාස කිහිපයක් අපි සාකච්ඡා කළෙමු.

    දුරකථනයෙන් හා ඊ.මේල් මගින් අදහස් හුවමාරු කිරීම ඉතාමත් හොඳයි, එහෙත් අපි එකිනෙකා මුණ ගැසී අපේ සම්බන්ධකම තහවුරු කර ගත යුතු බව අපි දෙදෙනාම දැන සිටයෙමු. ආගම සහ දෙවියන් වහන්සේ මුල් කර ගෙන, සියලු දේ හලාල් ලෙස හරියාකාරයෙන් සිදු කළ යුතු යැයි අපි සිතුවෙමු. ඇයගේ පවුලේ අනුමැතිය සහිතව, එම වසරේ රමදාන් මාසයේ ඇය හමු වීමටද, ඉෆ්තාර් සහ රාත්‍රි ආහාරයට සහභාගි වන බවට ද අපි තීරණය කළෙමු. මේ ගැන මා තුළ සුළු චකිතයක් හට ගත් නමුත්, එම හමුවීම සිදු විය යුතු යැයි සිතුවෙමි. මෙයට හේතුව නම්, මෙම කාන්තාව මැද පෙර දිග අරාබි ජාතිකයට අයත් කෙනෙක් වු අතර, ඇගේ දෙමාපියන් දෙදෙනාම මක්කාවේ උපන් අය වෙති . මේ හේතුවෙන් මා හා මනමාලි සහ ඇගේ පවුලේ සාමාජිකයන් අතර, සංස්කෘතික ගැටුම් මතු විය හැකි බවද බිය වූයෙමි.

    දෙවියන් කෙරෙහි විශ්වසය තබා, මෙම උතුම් කාන්තාව සහ ඇයගේ තැති ගැන්වන ඥාතීන් මුණ ගැසීමට මම පිටත් වුයේ සැක සහිතවයි. වොෂිංටන් ගුවන් තොටුපොළට හිර බැස යන මොහොතේ පා තැබුවෙමි. මගේ පොදිය රැගෙන ටෙක්සියේ මගේ වාරය ලැබෙන තුරු බලා සිටියෙමි. මට ලැබු ටැක්සියේ රියදුරු රතු සහ සුදු කොටු සහිත ගුත්රා නම් අරාබි හිස් වැසුමකින් ආවරණය කර සිටියේය. මම ටැක්සියට ගොඩ වූ විගස “අස්සලාමු අලෙයිකුම්” යනුවෙන් ඔහුට සුබ පැතු විට, ඔහුද එයට පිළිතුරු දුන්නේය. හිර බැසු විගස, ඔහු රට ඉඳි ගෙඩියකින් උපවාසය අවසන් කර, මම උපවාසයේ සිටිනවා දැයි විමසුවේය. “ඔව්” යනුවෙන් මම පැවසු විට, ඔහු තම අතේ තිබෙන ඉඳු ගෙඩියක් මට දුන්නේය. මෙම කුලි රථයේ රියදුරු සහෝදරයා ඇෆ්ගනිස්ථාන් ජාතිකයෙක් බව දැන ගත් මම මෙය සුබ ලකුණක් යැයි සිතුවෙමි.

    මගේ ගමන් මල්ල හෝටලයක තබා, රමදාන් මාසයේ සාම්ප්‍රදායික තෑගි වන රට ඉඳි සහ සුවඳ භාණ්ඩ රැගෙන ඇයගේ නිවසට ගියෙමි. ටැක්සියෙන් බැස, එම නිවසේ ප්‍රධාන දොරටුව වෙත “බිස්මිල්ලාහ්“ යැයි පවසා පා තබත විට අල්ලාහ් මට සුදුසු දෙයක් සලස් වන බව විශ්වාස කළෙමි. ඇය මට කැමති විය හැකි නමුත් ඇගේ පවුලේ අය මට අකැමැති වෙයි; පවුලේ අය අනුමත කළ හැකි නමුත් ඇය මට කැමති නැති වෙයි; ඒ සියලු දෙනාම මට කැමති විය හැකි නමුත් මම ඒ අයට කැමති වුයේ නැත්නම්? වාහනයෙන් බැස දොරටුව දක්වා අඩි විස්සක් පමණ දුර ඇවිද ගිය විට මෙවැනි නොයෙක් ප්‍රශ්න මා තුළ හට ගත්තේය. අවසානයේ නිවසේ සීනුව නාද කළෙමි.

    විශාල පිරිසක් නිවස තුළ දොරටුව අසල සිටිනු දුටුවෙමි. පවුලේ ඡ්‍යෙෂ්ඨ අය, මා හා සමාන වසසැති අය, සොයුරියන්, පුතුන්, දූ වරුන් සහ පවුලේ මිතුරන් වැනි බොහෝ අය සිටියහ. ඉතා උණුසුම් ලෙස මා පිළිගත් සියලු දෙනාම නිවස තුළට පැමිණෙන ලෙස ඇරයුම් කළහ. නිවසට ඇතුළු වු පසු පාවහන් ඉවත් කර, මා සඳහා සකස් කර තිබුණු ආහාර මේසයට පවුලේ සාමාජිකයන් සමඟ වාඩි වන ලෙස ආරාධනා කළහ. අල්හම්දු ලිල්ලාහ්, මට කලබල වීමට කිසිදු හේතුවක් නොතිබුණි. දුටු විගස අපි සියලු දෙනාම එකිකෙනා ප්‍රිය කළෙමු. රාත්‍රි ආහාර ගනිමින් කථා කරන විට, එම කාරුණික කාන්තාව සහ මා අතර වැදගත් සමීපකමක් මට දැනුණි.

    එම වසර ජනවාරි මස වොෂිංටන් නුවරට මම යළි පැමිණ, මිතුරන් හා පවුලේ ඥාතීන් ඉදිරියේ විවාහ වුයෙමු. මධු සමය අවසන් වූ පසු මගේ රැකියාව සඳහා අලස්කා ප්‍රාන්තයට ගියෙමි. එහි මගේ රාජකාරිය අප්‍රේල් මස අවසන් වු පසු, වොෂිංටන් නුවර එම ආයතනයේ වෙනත් අංශයකට මාරුවක් ලැබුවෙමි. දැන් වසර දෙකකට වැඩි කාලයක් මම මෙහි සේවය කරමි.

    සුබ්හානල්ලාහ්. දෙවියන් වහන්සේගේ ක්‍රියා කෙතරම් විස්මය ජනකද! දේව විශ්වාසය විරහිත, ද්වේෂයෙන් පිරුණු නිවසකින් තමා වෙතට දෙවියන් වහන්සේ මා රැගෙන ආවේය. මගේ කුඩා වියේ නිවසෙ හි අල්ලාහ් ගෙන් මම ඈත්ව සිටි බව පැවසිය හැකිද? නමුත් එය සත්‍යයක් නොවේ. අල්ලාහ් මා ගැන නිතර සෙවිල්ලන් සිට, ඇතැම් අයහපත් හා අනතුරු දායක අවස්ථා වලින් මා ආරක්ෂා කර, අද ඔබ ඉදිරියේ මුස්ලිම් බවට පත් කර ඇත.

    “මේ යුගයේ ප්‍රාතිහාර්යයන් සිදු නොවන බව මිනිසුන් පවසති. එහෙත් මගේ ජිවිත කථාව එම තර්කය බිඳ දමන බව මට තරයේ කිව හැක.”