×
ඉස්ලාමය යනු ලෝකවාසීන්ගේ පරමාධිපතියාණන්ගේ ධර්මය වේ

මහා කාරුණික පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙන්

ඉස්ලාමය යනු ලෝකවාසීන්ගේ පරමාධිපතියාණන්ගේ ධර්මය වේ.

ඔබේ පරමාධිපති කවු ද?

පැවැත්ම පිළිබඳ අති වැදගත් ප්රශ්නයකි මෙය. එමෙන්ම මෙය මෙහි පිළිතුර හඳුනා ගැනීම සඳහා මිනිසාට අනිවාර්යය වන ඉතා වැදගත් ප්රශ්නයකි.

අපගේ පරමාධිපතියාණන් අහස් හා මහපොළොව මැවූ හිමිපාණන්ය. අහසින් ජලය පහළ කොට එමගින් ආහාරයට ගන්නා බවභෝග හා ගහකොළ අපට මෙන්ම සතුන්ට ද ආහාර වශයෙන් මතු කළේය.ඔහු අප මැව්වේ ය. අපගේ මුතුන්මිත්තන් මැව්වේය. සෑම දෙයක්ම මැව්වේය. රාත්රිය හා දහවල ඔහු නිර්මාණය කළේය. නින්ද හා විවේකය සඳහා, රාත්රිය නියම කළ වේලාවක් බවට ඇති කළේය. ජීවනෝපාය හා ආහාර සොයා ගැනීම සඳහා, දහවල නියම කළ වේලාවක් බවට නිර්මාණය කළේය.හිරු, සඳු, තාරකා සහ මුහුදු ඔහු අපට වසඟ කර දුන්නේය. අපි උන්ගෙන් ආහාර සපයා ගන්නටත්, උන්ගේ කිරි හා ලෝමවලින් ප්රයෝජන ලබන්නටත් සතුන් අපට වසඟ කර දුන්නේය.

ලෝවැසියන්ගේ පරමාධිපතිගේ ගුණාංග මොනවා ද?

සියලු මැවීම් මැවූ පරමාධිපතියාණන් ඔහු ය. සත්යය හා යහමග වෙත ඔවුනට මඟ පෙන්වන්නා ඔහු ය. සියලුම මැවීම්වල කටයුතු පාලනය කරන්නා ඔහු ය. ඔවුන් හට පෝෂණය සපයන්නා ද ඔහුය. මෙලොව ජීවිතයේ ඇති හා මතුලොවෙහි ඇති සියලු දෑහි රජු ඔහුය. සෑම දෙයකම හිමිපාණන් ඔහුය. ඔහු හැර සෙසු සියලු දෑ ඔහුට යටහත් වන ගැත්තෝ වෙති.ඔහු වනාහි සදා ජීවමාන, නින්දක් නැති අමරණීය ය. ඔහු තම නියෝගයෙන් ජීවත්වන සියලු දෑට පැවැත්ම ඇති කළ සදා පවතින්නාය. ඔහුගේ කරුණාව සෑම දෙයක්ම ආවරණය කර ගනී. අහස්හි හෝ මහපොළොවේ හෝ කිසිවක් ඔහුට සැඟවී නැත.ඔහුට සමාන කිසිව නැත. ඔහු සර්ව ශ්රාවකය; සර්ව නිරීක්ෂකය. ඔහු ඔහුගේ අහස්වලට ඉහළින් සිටින්නාය. ඔහු ඔහුගේ මැවීම්වල අවශ්යතාවන්ගෙන් තොරය. සියලු මැවීම් ඔහු වෙත අවශ්යතාවෙන් පෙළෙන්නෝ වෙති. ඔහුගේ මැවීම් අතරින් කිසිවකුගේත් ස්වරූපය ඔහු නොගන්නවා සේම ඔහුගේ ස්වරූපය ඔහුගේ මැවීම් අතරින් කිසිවකුත් ගන්නේ නැත.පරමාධිපතියාණන් වන ඔහු ඔහුගේ වෙනස් නොවන තුලනාත්මක සෑම සැකසුමකින්ම දකින්නට ඇති විශ්වය මැවූ මැවුම්කරුය. එය මිනිස් හා සත්ව ශරීරයේ සැකසුම වුව ද අප අවට ඇති ඔහුගේ හිරු, තරු හා වෙනත් නිර්මාණයන්හි සැකසුම වුව ද එක සමානය.

උන් වහන්සේ හැර නැමදුම් ලබන අන් සියලු දෑ, තමන්ට පවා කිසිදු සෙතක් හෝ කිසිදු හානියක් හෝ සිදු කර ගත නොහැකි අය වේ. එසේ නම් තමන්ට ගැතිකම් කරන්නාට සෙතක් ගෙන දීමේ හෝ ඔහුගෙන් හානිය වැළැක්වීමේ හැකයාව එවැන්නෙකු ලබනුයේ කෙසේ ද?

පරමාධිපති සතු අප කෙරෙහි පැවරෙන වගකීම කුමක් ද?

සියලු මැවීම් කෙරෙහි පැවරෙන ඔහුගේ වගකීම වනුයේ: ඔහුට පමණක් ඔවුන් නැමදීම හා කිසිවක් ඔහුට ආදේශ නොකිරීමය. එහෙයින් ඔවුහු ඔහු හැර වෙනත් කිසිවක් හෝ ඔහු සමග කිසිදු මිනිසෙක්, ගලක්, ගංගාවක්, භෞතික වස්තුවක්, ග්රහයක් හෝ වෙනත් කිසිවක් ආදේශ කරමින් නැමදුම් නොකළ යුතුය. නමුත්, ලෝවැසියන්ගේ පරමාධිපති වන අල්ලාහ්ට පමණක් අවංක ව නැමදුම පුද කළ යුතු වේ.

තම පරමාධිපති වෙත පැවරෙන මිනිසා සතු වගකීම කුමක් ද?

අල්ලාහ් මත පැවරෙන, මිනිසා සතු වන වගකීම වනුයේ, ඔවුන් ඔහුව නැමදුම් කළ විට ආරක්ෂාව, රැකවරණය, සුරක්ෂාව, සැනසුම හා තෘප්තිය දැකිය හැකි යහපත් ජීවිතයක්, ඔහු ඔවුනට පිරිනැමීමය. එමෙන්ම මතුලොවෙහි ඔවුන්ව ස්වර්ග උයනට ඇතුළත් කිරීමය. එහි සදා සැපය හා සදාතනික භාවය ඇත. නමුත් ඔවුන් ඔහුට පිටුපා ඔහුගේ නියෝගයට විරුද්ධ වූ විට, සැබැවින්ම ඔවුන් සතුටෙහි හා සොම්නසෙහි සිටින බව සිතුව ද, ඔවුන්ගේ ජීවිත ඔහු අභාග්යමත් ශෝකයෙන් පිරි ජීවිතයක් බවට පත් කරනු ඇත. මතුලොවෙහි ද ඔවුනට බැහැර විය නොහැකි අපා ගින්නට ඔහු ඔවුන් ඇතුළත් කරනු ඇත. ඔවුනට එහි බිහිසුණු දඬුවම හා සදාතනිකත්වය ඇත.

අපගේ පැවැත්මේ අරමුණ කුමක් ද? ඔහු අප මවා ඇත්තේ ඇයි?

සැබැවින්ම ගෞරවණීය අරමුණක් සඳහා ඔහු අප මවා ඇති බව ශුද්ධ වූ පරමාධිපතියාණන් අප හට දන්වා ඇත. එනම් ඔහුට පමණක් නමැදුම්කර, ඔහුට කිසිවක් අපි ආදේශ නොකිරීමය. මහපොළොව එහි යහපත සිදු කරමින් එය හැඩ ගස්වමින් පාලනය කිරීමට ඔහු අපට පවරා ඇත්තේය. එහෙයින් කවරෙකු තම පරමාධිපති හා මැවුම්කරු හැර දමා වෙනත් අයට නැමදුම් ඉටු කළේ ද ඔහු කවර කරුණක් සඳහා මවනු ලැබුවේ ද එහි අරමුණෙහි යථාර්ථය ඔහු වටහා නොගනු ඇත. ඔහුගේ මැවුම්කරු වෙතට තම වගකීම් ඉටු නොකරනු ඇත. කවරෙකු මහපොළොවේ දූෂිත කටයුතු සිදු කළේ ද, ඔහු කවර කරුණක් සඳහා එය පවරනු ලැබුවේ ද එම රාජකාරිය ඔහු හඳුනා නොගනු ඇත.

අපගේ පරමාධිපතිට අපි නැමදුම් කළ යුත්තේ කෙසේ ද?

සැබැවින්ම කීර් තිමත් පරමාධිපතියාණන් අප මවා නිකරුණේ අත්හැර දැමුවේ නැත. අපගේ ජීවිතය අර්ථයකින් තොර ව මැව්වේ නැත. මිනිස් දූතයින් ඔවුන්ගේ ප්රජාවන්හට තෝරා ගත්තේය. ඔවුන් මිනිසුන් අතරින් පරිපූර්ණ ගුණාංග හෙබි අය වෙති. ආත්මයෙන් වඩාත් පිවිතුරු අය වෙති. හදවතින් වඩාත් පාරිශුද්ධ අය වෙති. ඔවුන් වෙත ඔහුගේ දූත පණිවිඩය පහළ කළේය. මිනිසුන් හට තම පරාමාධිපතියාණන් ගැනත්, විනිශ්චය හා ප්රතිඵල පිරිනමන මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයෙහි මිනිසා අවදි කිරීම ගැනත්, මිනිසා විසින් දැන ගත යුතු සියලු දෑ ඔහු එහි ඇතුළත් කළේය.ජනයා තම පරමාධිපතිට නැමදුම් කළ යුත්තේ කෙසේදැයි දූතවරු දැනුම් දුන්හ. නැමදුම් ඉටු කළ යුත්තේ කෙසේ ද ඒවායෙහි වේලාවන් හා මෙලොව හා මතුලොවෙහි ඒවායෙහි ප්රතිඵල කුමක් ද යන්න ගැන ද ඔවුහු ඔවුනට පැහැදිලි කළහ. තම පරමාධිපතියාණන් ඔවුන්ට තහනම් කළ ආහාර, පාන හා විවාහ ක්රම පිළිබඳ ඔවුහු ඔවුනට අවවාද කළහ. උතුම් ගුණාංග වෙත ඔවුහු ඔවුනට මඟ පෙන්වූහ. අවමන් සහගත ගුණාංගවලින් ඔවුහු ඔවුන් වැළැක්වූහ.

කීර්තිමත් පරමාධිපතියාණන් අබියස පිළිගනු ලබන දහම කුමක් ද?

අල්ලාහ් අබියස පිළිගනු ලැබූ දහම ඉස්ලාම් වේ. එය සියලු නබිවරුන් දන්වා සිටි ධර්මයයි. ඒ හැර වෙනත් කිසිදු දහමක් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් පිළිගන්නේ නැත. ඉස්ලාමය හැර මිනිසුන් වැළඳගෙන ඇති සියලු ආගම් ව්යාජ ආගම් වෙති. ඒවා අදාල තැනැත්තාට සෙත නොසළසන අතර මෙලොව මෙන්ම මතුලොවෙහි ඔහුට අභාග්යයක් ලෙස ඒවා පිහිටනු ඇත.

මෙම දහමේ (ඉස්ලාමයේ) මූලිකාංග හා එහි ප්රතිපත්ති මොනවා ද?

අල්ලාහ් තම ගැත්තන් හට මෙම දහම පහසු කළේය. එහි මූලිකාංග අතරින් වඩාත් වැදගත්ම කරුණ වනුයේ අල්ලාහ් පරමාධිපතියාණන් හා දෙවියන් ලෙස ඔබ විශ්වාස කිරීම, ඔහුගේ මලක්වරුන්, ඔහුගේ ග්රන්ථ, ඔහුගේ ධර්ම දූතවරුන්, අවසන් දිනය හා කද්ර් හෙවත් පෙර නියමය ඔබ විශ්වාස කිරීම. නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නොමැති බවත්, සැබැවින්ම මුහම්මද් අල්ලාහ්ගේ දූතයාණන් බවත් ඔබ විශ්වාස කිරීම, සලාතය ඉටු කිරීම, සකාත් නිකුත් කිරීමට අනිවාර්යය වන ධනය ඔබ සතුව ඇත්නම් එම සකාතය ඔබ නිකුත් කිරීම, රමළාන් මාසයේ උපවාසයේ නිරතවීම. එය වසරේ එක් මාසයකි. ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමාණන් තම පරමාධිපතිගේ නියෝගය පරිදි ඉදි කළ ශුද්ධ වූ නිවස වෙත යාමට පහසුකම් ඔබට ඇත්නම් ඒ වෙත ගොස් අල්ලාහ් වෙනුවෙන් හජ් ඉටු කිරීම වේ.ඔබට අල්ලාහ් තහනම් කළ, ඔහුට ආදේශ කිරීම, ප්රාණ ඝාතනය, දුරාචාරය, තහනම් කරන ලද ධනය අනුභව කිරීම යනාදියෙන් ඔබ වැළකී සිටීමය. එහෙයින් ඔබ අල්ලාහ්ව විශ්වාස කොට මෙම නැමදුම් ඉටු කොට මෙම තහනම් කරන ලද දැයින් වැළකී සිටියේ නම් ඔබ මෙලොවෙහි මුස්ලිම්වරයකු වන අතරම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ද සදාතනික සුව පහසුකම් හා ස්වර්ගයේ සදාතනිකත්වය අල්ලාහ් ඔබට පිරිනමනු ඇත.

ඉස්ලාමය එක් පිරිසකට හෝ එක් ජන වර්ගයකට පමණක් සතු වූ ආගමක් ද?

ඉස්ලාමය මුළු මිනිස් සංහතිය සඳහා වූ අල්ලාහ්ගේ දහමයි. දේවත්වය පිළිබඳ හැඟීම හා දැහැමි ක්රියාවන් අනුව මිස කිසිවෙක් කිසිවෙකුට වඩා ශ්රේෂ්ඨ වන්නේ නැත. ජනයා එහි එක සමානය.

දූතවරුන් සත්යය බව ජනයා හඳුනා ගන්නේ කෙසේ ද?

නබිවරුගේ සත්යභාවය විවිධ මාර්ග ඔස්සේ ජනයාට හඳුනා ගත හැක. ඒවා අතරින්:

ඔවුන් ගෙන ආ සත්යය හා යහමග සහජ බුද්ධිය හා ධර් මය ජනයා පිළිගනු ඇත. එහි නිවැරැදි භාවය, බුද්ධිය සහතික කරනු ඇත. ඔවුන් ගෙන ආ දෑ මෙන් දෙයක් දූතවරුන් නොවන වෙනත් කිසිවෙක් ගෙන ආවේ නැත.

දූතවරු ගෙන ආ දෑ හි මිනිසුන්ගේ ආගම් හා ඔවුන්ගේ මෙලොව ජීවිතය හැඩ ගස්වන දෑ විය. ඔවුන්ගේ කටයුතුවල ස්ථාවරත්වය විය. ඔවුන්ගේ සංස්කෘතිය ගොඩ නගන්නක් විය. ඔවුන්ගේ ආගම් ඔවුන්ගේ බුද්ධිය ඔවුන්ගේ සම්පත් හා ඔවුන්ගේ ආත්මාභිමානයන් ආරක්ෂා කරන්නක් විය.

ඇත්තෙන්ම ධර්ම දූතවරු, මිනිසුන්ට යහපත හා යහමග පෙන්වා දෙනු පිණිස කිසිදු කුලියක් ඔවුන්ගෙන් ඔවුන් ඉල්ලා සිටියේ නැත. ඔවුන් තම කුලිය බලාපොරොත්තු වූයේ ඔවුන්ගේ පරමාධිපතියාණන්ගෙන් පමණි.

ධර්ම දූතවරු ගෙන ආ දෑ සත්යයයි. සහතිකයි. එහි කිසිදු සැකයක් නැත. එය එකිනෙකට පරස්පර නොවන අතර එහි ව්යාකූළත්වයක් නැත. සෑම නබිවරයකුම පෙර සිටි නබිවරුන් සහතික කළේය. ඔවුන් කවර කරුණක් වෙත ඇරයුම් කළේ ද ඒ වෙත ඇරයුම් කළේය.

සැබැවින්ම අල්ලාහ් දූතවරුන්ගේ දෑතට පිරිනැමූ පැහැදිලි සාධක හා පැහැදිලි ප්රාතිහාර්යයන් තුළින් ඔවුන්ව ඔහු ශක්තිමත් කළේය. එය සැබැවින්ම තමන් අල්ලාහ් වෙතින් එවන ලද දූතවරුන් බවට සහතික කිරීමේ සාක්ෂි හා සාධක වනු පිණිසය. නබිවරුන්ට පිරිනමන ලද ප්රාතිහාර්යයන් අතරින් අති බලවත්ම ප්රාතිහාර්යය වූයේ මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට පිරිනමන ලද ප්රාතිහාර්යයි. එය ශුද්ධ වූ අල් කුර් ආනයයි.

ශුද්ධ වූ අල් කුර්ආනය යනු කුමක් ද?

ශුද්ධ වූ අල්-කුර්ආනය යනු එය ලෝවැසියන්ගේ පරමාධිපතිගේ පුස්තකයයි. එය සුරදූත ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමාගේ මාර්ගයෙන් දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පහළ කළ අල්ලාහ්ගේ වදන්ය. අල්ලාහ් පිළිබඳවත්, ඔහුගේ මලක්වරුන්, ඔහුගේ පුස්තක, ඔහුගේ දූතවරුන්, අවසන් දිනය හා යහපත හා අයහපත පෙර නියමය අනුව පිහිටන බවත් වටහා ගන්නට අවශ්ය, අල්ලාහ් මිනිසාට නියම කළ සෑම දෙයක්ම එහි ඇත.එහි අනිවාර්යය කරන ලද නැමදුම්, වැළකී සිටිය යුතු තහනම් කරුණු, උසස් ගතිගුණ හා පහත් ගතිගුණ මෙන්ම මිනිසුන්ගේ දහම, ඔවුන්ගේ ලෞකික කටයුතු හා ඔවුන්ගේ මතුලොව කටයුතු සම්බන්ධ සියලු දෑ එහි ඇතුළත් වී ඇත. එමෙන්ම එය හැකිනම් එවැන්නක් ගෙන එන මෙන් අල්ලාහ් මිනිසාට අභියෝග කර සිටින ප්රාතිහාර්යමය ග්රන්ථයකි. එක් අකුරක් හෝ අඩු නොවී පහළ වූ බසින්ම ලොව අවසන් දිනය දක්වා ආරක්ෂිතව පවතින්නකි. ඉන් එකදු වචනයක් හෝ වෙනස් කරනු නොලබනු ඇත.

යළි අවදි කරනු ලැබීම හා විනිශ්චය පිළිබඳ දන්වා සිටින සාධකය කුමක් ද?

ජීවයක් නැති මළ ගිය භූමිය දෙස ඔබ දැක නැද්ද? ඒ මතට ජලය පහළ වූ විට විකසිත වී සෑම වර් ගයකම පැළෑටි හොඳින් හට ගනී. සැබැවින්ම එය ජීවමානය කළ හැකි බලධාරියාට මළවුන් නැගිටුවන්නට ද බලය ඇත්තාය.සැබැවින්ම මිනිසාව තුච්ඡ ශුක්රාණු බිඳුවකින් මැවූ ඔහු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහුව නැවත නැගිටුවා ඔහුගෙන් ප්රශ්න කර යහපත් වී නම් යහපත ද නපුරු වී නම් නපුර ද යනාදියෙන් පූර්ණ ප්රතිඵල ඔහුට පිරිනමයි.අහස්, මහපොළොව හා තරු මැවූ ඔහු මිනිසාගේ මැවීම යළි උත්පාදනය කිරීමට බලය ඇත්තාය. හේතුව අහස් හා මහපොළොව මැවීමට වඩා දෙවන වර මිනිසා නැවත නිර්මාණය කිරීම වඩාත් පහසු කාර්යයකි.

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින සිදු වනුයේ කුමක් ද?

තම පැසසුම කීර්තියට පත් පරමාධිපතියාණන් ඔවුන්ගේ මිනීවලවල්වලින් ඔවුන් අවදි කරවා පසුව ඔවුන්ගේ ක්රියාවන් පිළිබඳව ඔවුන්ගෙන් විමසනු ඇත. කවරෙකු විශ්වාස කොට ධර් ම දූතවරුන් සැබෑ බව පිළිගත්තේ ද ඔහුව ඔහු ස්වර්ගයට ඇතුළු කරවනු ඇත. එය එහි විශාලත්වය මිනිසා විසින් උපකල්පනය කළ නොහැකි සදාතනික සැප පහසුකම්වලින් යුත් ස්ථානයකි. නමුත් කවරෙකු ප්රතික්ෂේප කළේ ද, ඔහුව නිරයට ඇතුළු කරවයි. එය මිනිසා විසින් විස්තර කළ නොහැකි බිහිසුණු දඬුවම් සහිත ස්ථානයකි. මිනිසා ස්වර්ගයට හෝ නිරයට පිවිසුණු විට සැබැවින්ම ඔහු කිසිදා මිය නොයනු ඇත. ඔහු සැපයෙහි හෝ වේදනාවෙහි හෝ සදාතනික ලෙස සදාකල් ජීවත් වනු ඇත.

මිනිසා ඉස්ලාමය තුළට පිවිසීමට සිතූ විටෙක ඔහු සිදු කළ යුත්තේ කුමක් ද? ඔහු කළ යුතු චාරිත්ර තිබේ ද? නැතහොත් ඔහුට අවසර දිය යුතු පුද්ගලයින් කිසිවෙක් සිටිත් ද?

සැබැවින්ම සැබෑ දහම ඉස්ලාමය බවත් සැබැවින්ම එය ලෝවැසියන්ගේ පරමාධිපතිගේ දහම බවත් මිනිසා හඳුනා ගත් විට, ඉස්ලාමය තුළට පිවිසීමට ඔහු යුහුසුළු විය යුතුය. හේතුව බුද්ධිමතෙකු නම් ඔහුට සත්යය පැහැදිලි වූ විටෙක ඒ වෙත යුහුසුළු විය යුතු අතර එම කටයුත්ත ප්රමාද නොකළ යුතු වේ.කවරෙකු ඉස්ලාමය තුළට පිවිසීමට සිතන්නේ ද ඒ සඳහා ඔහු නියමිත චාරිත්රවාරිත්ර කිසිවක් ඉටු කිරීමට අනිවාර්යය වන්නේ නැත. කිසිදු කෙනෙකු ඉදිරියේ එය විය යුතු වන්නේ ද නැත. නමුත් එය මුස්ලිම්වරයකු හෝ ඉස්ලාමීය ආයතනයක ඉදිරියේ සිදු වූයේ නම් එය වඩාත් යහපත් ය. එසේ නොවුව ද ඔහු "අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාහු වඅෂ්හදු අන්න මුහම්මදන් රසූලුල්ලාහ්" යනුවෙන් පැවසීම ප්රමාණවත් වේ. එය එහි තේරුම ඔහු වටහා ගනිමින් හා එය තරයේ විශ්වාස කරමින් විය යුත්තකි. එමගින් ඔහු මුස්ලිම්වරයකු බවට පත් වේ. පසුව තමන් කෙරෙහි අල්ලාහ් අනිවාර්යය කළ කටයුතු ඉටු කරනු පිණිස ඔහු ඉස්ලාමයේ සෙසු පිළිවෙත් කොටසින් කොටස ඉගෙන ගත යුතුව ඇත.

ඉස්ලාමය යනු ලෝකවාසීන්ගේ පරමාධිපතියාණන්ගේ ධර්මය වේ.

ඔබේ පරමාධිපති කවු ද?

ලෝවැසියන්ගේ පරමාධිපතිගේ ගුණාංග මොනවා ද?

පරමාධිපති සතු අප කෙරෙහි පැවරෙන වගකීම කුමක් ද?

තම පරමාධිපති වෙත පැවරෙන මිනිසා සතු වගකීම කුමක් ද?

අපගේ පැවැත්මේ අරමුණ කුමක් ද? ඔහු අප මවා ඇත්තේ ඇයි?

අපගේ පරමාධිපතිට අපි නැමදුම් කළ යුත්තේ කෙසේ ද?

කීර්තිමත් පරමාධිපතියාණන් අබියස පිළිගනු ලබන දහම කුමක් ද?

මෙම දහමේ (ඉස්ලාමයේ) මූලිකාංග හා එහි ප්රතිපත්ති මොනවා ද?

ඉස්ලාමය එක් පිරිසකට හෝ එක් ජන වර්ගයකට පමණක් සතු වූ ආගමක් ද?

දූතවරුන් සත්යය බව ජනයා හඳුනා ගන්නේ කෙසේ ද?

ශුද්ධ වූ අල් කුර්ආනය යනු කුමක් ද?

යළි අවදි කරනු ලැබීම හා විනිශ්චය පිළිබඳ දන්වා සිටින සාධකය කුමක් ද?

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින සිදු වනුයේ කුමක් ද?

මිනිසා ඉස්ලාමය තුළට පිවිසීමට සිතූ විටෙක ඔහු සිදු කළ යුත්තේ කුමක් ද? ඔහු කළ යුතු චාරිත්ර තිබේ ද? නැතහොත් ඔහුට අවසර දිය යුතු පුද්ගලයින් කිසිවෙක් සිටිත් ද?