×
විශ්වය මැව්වේ කවු ද? මා මැව්වේ කවු ද? ඒ ඇයි?

විශ්වය මැව්වේ කවු ද? මා මැව්වේ කවු ද? ඒ ඇයි?

මා සිටිනුයේ නිවැරදි මාර්ගයෙහි ද?

අහස් හා මහපොළොවත් ඒ දෙක අතර ඇති ග්රහණය කළ නොහැකි අති විශාල නිර්මාණයන් මැව්වේ කවු ද?

අහස් හි හා මහපොළොවෙහි සූක්ෂතම හා විස්තීරණ පද්ධතිය නිර්මාණය කළේ කවු ද?

මිනිසා නිර් මාණය කර, ඔහුට ඇසීම, පෙනීම සහ බුද්ධිය ලබා දී ඔහුට දැනුම ලබා ගැනීමට සහ කරුණු අවබෝධ කර ගැනීමට හැකියාව ලබා දුන්නේ කවු ද?

ඔබේ ශරීරයේ අවයවවල මෙම සූක්ෂම නිර්මාණය උත්පාදනය කර, ඔබව හැඩගන්වා ඔබේ රුව අලංකාර කළේ කවු ද?

ජීවීන්ගේ සියලු විවිධත්ව හා වෙනස්කම් මත මවන ලද මැවීම් ගැන සිතා බලන්න, අසීමිත දර්ශනයන් සහිතව ඔවුන් නිර්මාණය කළේ කවුද?

මෙම මහා විශ්වය, වසර ගණනාවක් පුරා නිශ්චිතව නියාමනය වී, එහි නීති සමඟ සංවිධානය වී ස්ථාවර වන්නේ කෙසේද?

මේ ලෝකය පාලනය කරන පද්ධති (ජීවිතය සහ මරණය, ජීවත්වන අයගේ ප්රජනනය, රාත්රිය හා දහවල, සෘතු වෙනස් වීම යනාදිය) ස්ථාපිත කළේ කවුද?

මෙම විශ්වය එය විසින්ම නිර්මාණය වූයේ ද? නැත්නම් ශුන්ය තත්ත්වයකින් පැමිණියේ ද? එසේත් නැතිනම් අහම්බෙන් සිදු වූවා ද? දෙවියන් වහන්සේ මෙසේ වදාළ සේක.﴿أَمْ خُلِقُوا مِنْ غَيْرِ شَيْءٍ أَمْ هُمُ الْخَالِقُونَ (٣٥) "එසේ නැතහොත් කිසිවක් නොමැති ව ඔවුන් මවනු ලැබුවෝ ද? එසේ නැතහොත් මවන්නෝ ඔවුහුම ද?" (35)أَمْ خَلَقُوا السَّمَاوَاتِ وَالْأَرْضَ بَلْ لَا يُوقِنُونَ﴾ "ඔවුහු අහස් හා මහපොළොව මැව්වෝද? එසේ නොවේ, ඔවුහු ස්ථීර ලෙස විශ්වාස නොකරති."(අත්-තූර් 52:35-37)

අප විසින්ම අප ව අප නිර්මාණය නොකළේ නම් සහ අපට ශුන්යතාවයකින් හෝ අහඹු සිදුවීමකින් පැමිණිය නොහැකි නම්, සත්යය සැකයෙන් ඔබ්බට ය: ඒනම්, මෙම විශ්වයට ශ්රේෂ්ඨ, සර්ව බලධාරී මැවුම්කරුවෙකු සිටිය යුතුය. මන්ද මේ විශ්වයට එය විසින්ම නිර්මාණය විය නොහැක. නැතිනම් කිසිවෙක් නොමැතිව එය බිහි වුයේද? එසේත් නැතිනම් අහඹුවෙන් සිදු වූයේ ද?

පුද්ගලයෙකු තමාට නොපෙනෙන (සංජානනය, මනස, ආත්මය, හැඟීම් සහ ආදරය වැනි) දේවල පැවැත්ම විශ්වාස කරන්නේ ඇයි? එය ඔහු ඒවායේ බලපෑම් දකින නිසා නොවේද? මිනිසෙක් මේ මහා විශ්වයේ මැවුම්කරු වෙකුගේ මැවීම්වල, ඔහුගේ ක්රියාවල සහ ඔහුගේ දයාවේ ප්රතිඵල, ඔහු දැක ඔහුගේ පැවැත්ම ප්රතික්ෂේප කරන්නේ කෙසේද?

කිසිවකුගේ ඉදි කිරීමකින් තොරව මෙම නිවස ඇතිවිය. එසේ නැතහොත් මෙම නිවස නිර්මාණය කළේ කිසිවක් නොමැතිව ය යැයි පැවසීම සිහිබුද්ධියක් ඇති කිසිම කෙනෙක් පිළිගන්නේ නැත. එසේනම් මේ මහා විශ්වය මැවුම්කරුවෙකු නොමැතිව ඇති වූවක් යැයි පවසන සමහර අය සහතික කරන්නේ කෙසේද? විශ්වයේ මෙම නිශ්චිත පද්ධතිය අහම්බෙන් ඇති වූවක් යැයි පැවසීම බුද්ධියක් ඇත්තෙකු පිළිගත හැක්කේ කෙසේද? එනම්:

මේ සියල්ල අපව එක් නිගමනයකට ගෙන එයි. එය නම්, මේ විශ්වය පාලනය කරන ශ්රේෂ්ඨ, බලගතු පරමාධිපතිපතියෙකු සිටින බවත්, ඔහු පමණක් නැමදුම් ලබන්නට සුදුසු බවත්, ඔහු හැර නැමදුම් ලබන සෙසු සියල්ල ව්යාජ බවත්, නැමදුම් ලබන්නට සුදුසුකම් නොලබන බවත් ය.

සර්වබලධාරී ශ්රේෂ්ඨ මැවුකරු

මෙහි සිටිනුයේ සියල්ල මැවූ එක් පරමාධිපතියෙකු පමණය. ජීවී හා අජීවි සියල්ලට පෝෂණය සලසා, ඒවා සැලසුම් කරන හිමිපාණන් ඔහුය. ඔහු භූමිය මවා එය වසඟ කර ඔහුගේ මැවීම්වලට ගැළපෙන ලෙස සකස් කළේ ඔහු ය. අහස් සහ ඒවායේ ඇති සියලුම නිර්මාණ මැව්වේ ඔහුය. ඔහුගේ ශ්රේෂ්ඨත්වය පෙන්නුම් කරන මෙම නිශ්චිත පද්ධතිය හිරුට සහ සඳුට, රාත්රියට සහ දහවලට ලබා දුන්නේය.

එය නැති ව ජීවත්විය නොහැකි වාතය අපට වසඟ කර දුන්නේ ඔහු ය. අප වෙත වැසි වස්වා මුහුදු හා ගංගාවන් වසඟ කර දුන්නේ ද ඔහු ය. කිසිදු හැකියාවකින් තොරව අපගේ මව්වරුන්ගේ කුසවල අපි කළලයක් සේ සිටිය දී අපට ආහාර සපයා අප ආරක්ෂා කළේ ඔහු ය. අප උපන් දා පටන් මරණය දක්වාම අපේ නහරවල් ඔස්සේ රුධිරය ගමන් කරවන්නා ඔහු ය.

මේ පරමාධිපති පෝෂක හා මැවුකරු උත්තරීතර සුවිශුද්ධ වූ අල්ලාහ් ය.

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:﴿إِنَّ رَبَّكُمُ اللَّهُ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ فِي سِتَّةِ أَيَّامٍ ثُمَّ اسْتَوَى عَلَى الْعَرْشِ يُغْشِي اللَّيْلَ النَّهَارَ يَطْلُبُهُ حَثِيثًا وَالشَّمْسَ وَالْقَمَرَ وَالنُّجُومَ مُسَخَّرَاتٍ بِأَمْرِهِ أَلَا لَهُ الْخَلْقُ وَالْأَمْرُ تَبَارَكَ اللَّهُ رَبُّ الْعَالَمِينَ﴾ "නියත වශයෙන්ම අහස් හා මහපොළොව දින සයකින් මැව්වේ නුඹලාගේ පරමාධිපති වන අල්ලාහ්ය. පසුව ඔහු අර්ෂය මත වූයේය. ඔහු රාත්රියෙන් දහවල ආවරණය කරයි. මෙය (දහවල) එය (රාත්රිය) සීඝ්රයෙන් සොයයි. තවද හිරු සඳු හා තරු ඔහුගේ නියෝගය අනුව වසඟ කරනු ලැබූ දෑ වෙති. දැන ගනු! මැවීම් හා නියෝගය ඔහු සතුය. සකල ලෝකයන්හි පරමාධිපති වන අල්ලාහ් උත්කෘෂ්ට විය."(අල් අඃරාෆ්: 54)

විශ්වයේ ඇති, අපි දකින හා නොදකින සියලු දෑහි මැවුම්කරු හා පරමාධිපති ඔහුය. ඔහු හැර සෙසු සියලු දෑ ඔහුගේ මැවීම් වෙති. නැමදුම් ලබන්නට සුදුස්සා ඔහු පමණය. ඔහු හැර වෙනත් කිසිවකු ඔහු සමග නැමදුම් නොලැබිය යුතුය. ඔහුගේ ආධිපත්යයෙහි හෝ ඔහුගේ මැවීමෙහි හෝ ඔහුගේ සැලසුමෙහි හෝ ඔහුගේ නැමදුමෙහි හෝ කිසිදු හවුල්කරුවකු ඔහුට නොමැත.

සර්වබලධාරී, කිර්තිමත් පරමාධිපතියාණන් සමග තවත් දෙවියෙකු සිටින බව අපි තර්කයක් ලෙස උපකල්පනය කළහොත් විශ්වය ව්යර්ථ වී යනු ඇත. හේතුව එකම අවස්ථාවක දෙවිවරුන් දෙදෙනෙකුට විශ්වයේ කරුණු කළමනා කිරීම සුදුසු නොවන බැවිනි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:{لَوْ كَانَ فِيهِمَا آلِهَةٌ إِلَّا اللَّهُ لَفَسَدَتَا} "ඒ දෙකෙහි අල්ලාහ් හැර තවත් දෙවියකු සිටියේ නම් ඒ දෙකම අර්බූදයට පත්වනු ඇත..." (33)(අල් අන්බියා 21:22)

මැවුම්කරු පරමාධිපතියාණන්ගේ ගුණාංග.

සුවිශුද්ධ පරමාධිපතියාණන්ට ගණනය කළ නොහැකි අලංකාර නාමයන් ඇත. එමෙන්ම ඔහුගේ පූර්ණත්වය පෙන්වා දෙන අතිමහත් උසස් ගුණාංග බොහෝමයක් ඇත. ඔහුගේ නාම අතරින්, "අල්-(ක)හාලික්" (මැවුම්කරු), "අල්ලාහ්" එනම්, නැමදුමට සුදුසු දෙවියා ඔහු පමණ ය, ඔහුට කිසිදු හවුල්කරුවකු නැත යන්නය. ඔහු ජීවමානය, සදා පැවැත්මක් ඇත්තාය, මහාකාරුණිකය, පෝෂකය යනනම් ද ඇත.

ශුද්ධ වූ අල් කුර්ආනයේ අල්ලාහ් මෙසේ පවසයි:﴿اللَّهُ لا إِلَهَ إِلَّا هُوَ الْحَيُّ الْقَيُّومُ لا تَأْخُذُهُ سِنَةٌ وَلا نَوْمٌ لَهُ مَا فِي السَّمَوَاتِ وَمَا فِي الأَرْضِ مَنْ ذَا الَّذِي يَشْفَعُ عِنْدَهُ إِلَّا بِإِذْنِهِ يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَلا يُحِيطُونَ بِشَيْءٍ مِنْ عِلْمِهِ إِلَّا بِمَا شَاءَ وَسِعَ كُرْسِيُّهُ السَّمَوَاتِ وَالأَرْضَ وَلا يَئُودُهُ حِفْظُهُمَا وَهُوَ الْعَلِيُّ الْعَظِيمُ﴾ අල්ලාහ් වන ඔහු හැර වෙනත් දෙවිඳෙකු නැත. ඔහු සදා ජීවමාන ය, සදා පැවැත්මක් ඇත්තා ය. මඳ නින්ද හෝ (තද) නින්ද ඔහු ව ග්රහණය නොකරන්නේය. අහස් හි ඇති දෑ ද මහපොළොවේ ඇති දෑ ද ඔහු සතු ය. ඔහු අනුමැතිය දුන් අය මිස ඔහු අබියස මැදිහත්වන්නෙකු විය හැක්කේ කවරෙකුට ද? ඔවුනට ඉදිරියේ ඇති දෑ ද ඔවුනට පසුපසින් ඇති දෑ ද ඔහු දන්නේය. ඔහු අභිමත වූ පරිදි මිස ඔහුගේ දැනුමෙන් කිසිවක් ඔවුහු ග්රහණය නොකරති. ඔහුගේ ආසනය අහස් හි හා මහපොළොවෙහි ව්යාප්ත ව ඇත. ඒ දෙක ආරක්ෂා කිරීම ඔහුට දුෂ්කර නොවේ. තව ද ඔහු අති උත්තරීතර ය. මහෝත්තම ය.(සුරතුල් බකරා: 255)

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:﴿قُلْ هُوَ اللَّهُ أَحَدٌ (١) (නබි මුහම්මද්!) පවසනු. ඔහු එනම්, අල්ලාහ් ඒකීයය. (1)اللَّهُ الصَّمَدُ (٢) අල්ලාහ් ස්වාධීනය. (2)لَمْ يَلِدْ وَلَمْ يُولَدْ (٣) ඔහු ජනිත නොකළේය. තවද ජනිත කරනු නොලැබුවේය. (3)وَلَمْ يَكُنْ لَهُ كُفُوًا أَحَدٌ﴾ තවද ඔහුට සමාන කිසිවෙකු නොමැත. (4)(අල්-ඉහ්ඃලාස්: 1-4)

නැමදුම් ලබන පරමාධිපතියාණන් පූර්ණවත් ගුණාංග තුළින් සංලක්ෂිත වේ.

සැබැවින්ම ඔහු නැමදුම් ලබන්නටත් දේවත්වය ලබන්නටත් සුදුස්සෙකු වීම ඔහුගේ ගුණාංග අතරිනි. ඔහු හැර සෙසු සියලු දෑ ඔහුගේ මැවීම් වන අතර ඒවා වගකීම් පවරන ලද, නියෝග කරන ලද හා යටහත් කරන ලද නිර්මාණ වේ.

එමෙන්ම සදා පැවැත්මැති ජීවමානී භාවය ද ඔහු සතු ගුණාංගය. එහෙයින් සෑම ජීවයක්ම එම පැවැත්ම මත වෙති. අල්ලාහ් ශුන්ය තත්ත්වයෙන් ජීවය ලබා දෙන්නා හා බිහි කරන්නාය. එමෙන්ම එහි නිර් මාණය, එහි පෝෂණය හා එහි ප්රමාණවත් භාවය ක්රියාත්මක කරනුයේ ඔහු ය. එහෙයින් පරමාධිපතියාණන් අමරණීය, සදා ජීවමානය. විනාශය ඔහු මත නැත. නො නිදා අවදිව සිටින්නාය. ඔහුට නින්ද හෝ සුළු නින්දක් හෝ හට ගන්නේ නැත.

අහස්හි හෝ මහපොළොවෙහි හෝ කිසිවක් ඔහුට නො සැඟවෙන, සියල්ල දත් සර්වඥානී භාවය ද ඔහු සතු ගුණාංගයකි.

සැබැවින්ම සෑම දෙයකටම සවන් දෙන සර්ව ශ්රාවක මෙන්ම සෑම දෙයක්ම දකින සර්ව නිරීක්ෂක භාවය ද ඔහු සතු ගුණාංග වෙති. සිත් තුළ දෝලනය වන දෑ ද හදවත් තුළ සැඟ වී ඇති දෑ ද ඔහු මැනවින් දනී. අහස්හි හෝ මහපොළොවෙහි හෝ කිසිවක් සුවිශුද්ධයාණන් හට සැඟවී යන්නේ නැත.

කිසිවකට අපොහොසත් නොවන සර්ව බලධාරිත්වය ද ඔහු සතු ගුණාංගයකි. කිසිවකු හෝ ඔහු සිතන පරිදි නො සිතයි. ඔහු අභිමත කරන දෑ සිදු කරයි. ඔහු අභිමත කරන දෑ වළක්වාලයි. එය කල් ඇති ව හෝ ප්රමාද කර හෝ පිරිනමයි. ගැඹුරු ප්රඥාව ඇත්තේ ඔහු සතුව ය.

සැබැවින්ම ඔහු මැවුම්කරුය, පෝෂකය, ඔහු මැවීම් මවා සැලසුම් කරන පාලකයාය. මෙය ද ඔහු සතු ගුණාංගයකි. සියලු මැවීම් පවතින්නේ ඔහුගේ පාලනය තුළ හා ඔහුගේ බලය යටතේ ය .

ඔහුගේ තවත් ගුණාංගයක් වනුයේ සැබැවින්ම ඔහු අසරණයන්ට ප්රතිචාර දක්වන්නාය. විපතට පත් වූවන්ට සහන සලසන්නාය. විපත දුරු කරන්නාය. මවන ලද සෑම ජීවියෙක්ම විපතකට හෝ පීඩාවකට ලක් වුවහොත්, ඔවුන් සරණ පතා යොමු වනුයේ ඔහු වෙතමය.

නැමදුම, උත්තරීතර අල්ලාහ්ට පමණකි. ඔහු හැර, වෙනත් කෙනෙකුට නොවිය යුතුය. ඒ සඳහා පූර්ණ සුදුසුකම් ලබනුයේ ඔහු පමණය. ඔහු හැර වෙනත් කිසිවෙකු හෝ නොවේ. ඔහු හැර නැමදුම් ලබන සෙසු සියලු දෑ ව්යාජ ලෙස නැමදුම් ලබන දෑය. අඩුපාඩු ඇති දෑය. මරණය හා විනාශය ළඟා වන දෑය.

සර්වබලධාරී අල්ලාහ්, ඔහුගේ ශ්රේෂ්ඨත්වය යම් තරමකට හෝ අවබෝධ කර ගන්නා තරමට බුද්ධිමත්භාවය අපට ආශිර්වාද කර ඇති අතර, ඔහු අප තුළ යහපත්කම ප්රිය කරන, අයහපත පිළිකුල් කරන, සකල ලෝහි අධිපති අල්ලාහ් වෙත යොමුවන විට සැනසීමක් දැනෙන සහජ ස්වභාවයක් අප තුළ ඇති කර ඇත. ඔහු අසම්පූර්ණ ගුණාංගවලින් සංලක්ෂිත විය නොහැකි අතර ඔහු සුවිශුද්ධය.

පරිපූර්ණ කෙනෙකුට හැර වෙනත් කිසිවකුට නැමදීම බුද්ධිය ඇත්තෙකුට සුදුසු නොවීය. එසේ නම් අඩුපාඩු සහිත, තමන් මෙන් වූ මැවීමකට හෝ තමන් වඩා පහත් මැවීමකට නැමදුම් කළ හැක්කේ කෙසේ ද?

නැමදුම් ලබන්නා, මිනිසෙකු හෝ පිළිමයක් හෝ ගසක් හෝ සතෙකු හෝ විය නො හැක.

පරමාධිපතියාණන් ඔහුගේ මැවීම් වලින් වෙන්ව, ඔහුගේ අහස්වලට ඉහලින් ඔහුගේ අර් ෂය හෙවත් රාජධානිය මත ස්ථාපිත විය. ඔහුගේ ස්ව පැවැත්ම තුළ ඔහුගේ මැවීම් කිසිවක් පිහිටන්නේ නැති අතර ඔහුගේ මැවීම් තුළ ද ඔහුගේ පැවැත්මෙන් කිසිවක් පිහිටන්නේ ද නැත. ඔහුගේ මැවීම් අතරින් කිසිදු ශරීරයකට ඔහු ආරූඪ වන්නේ ද නැත.

පරමාධිපතියාණන් කිසිවක් මෙන් හෝ නැත. ඔහු සර්ව ශ්රාවකය, සර්ව ඥානීය. ඔහුට සමාන කිසිවෙක් හෝ නැත. ඔහු ඔහුගේ මැවීම්වලින් ස්වාධීනය. ඔහු නිදන්නේ හෝ ආහාර අනුභව කරන්නේ හෝ නැත. ඔහුට බිරියක් හෝ දරුවකු හෝ ලබන්නට අවශ්යතාවක් නැති සර්වබලධාරියාණන්ය. මැවුම්කරු වන ඔහුට අති බලවත් ගුණාංග ඇත. අව්යතාවය හා අඩුපාඩුකම්වලින් ඔහු ගැන විස්තර කිරීම කිසිදා සිදු විය නොහැක්කකි.

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:﴿يَا أَيُّهَا النَّاسُ ضُرِبَ مَثَلٌ فَاسْتَمِعُوا لَهُ إِنَّ الَّذِينَ تَدْعُونَ مِنْ دُونِ اللَّهِ لَنْ يَخْلُقُوا ذُبَابًا وَلَوِ اجْتَمَعُوا لَهُ وَإِنْ يَسْلُبْهُمُ الذُّبَابُ شَيْئًا لَا يَسْتَنْقِذُوهُ مِنْهُ ضَعُفَ الطَّالِبُ وَالْمَطْلُوبُ (٧٣) "අහෝ ජනයිනි! උපමාවක් ගෙන හැර පෙන්වන ලදී. එහෙයින් නුඹලා එයට සවන් දෙනු. නියත වශයෙන්ම අල්ලාහ් හැර දමා නුඹලා ඇරයුම් කරන අය වනාහි, ඔවුන් සියලු දෙනා එකතු වුවද මැස්සෙකු හෝ ඔවුනට මැවිය නොහැක්කේමය. මැස්සා ඔවුන්ගෙන් යමක් පැහැර ගත්තේ නම් උගෙන් එය මුදවා ගන්නට පවා ඔවුනට නොහැක. අයැදින්නා හා අයැදිනු ලබන්නා දුර් වල විය." (73)مَا قَدَرُوا اللَّهَ حَقَّ قَدْرِهِ إِنَّ اللَّهَ لَقَوِيٌّ عَزِيزٌ﴾ "අල්ලාහ් ව ගරු කළ යුතු ප්රමාණයට ඔවුහු ඔහුට ගරු නොකළෝය. නියත වශයෙන්ම අල්ලාහ් අති බලවත්ය; සර්ව බලධාරීය." (74)(අල්-හජ් :73,74)

මේ උතුම් මැවුම්කරු අපව නිර්මාණය කළේ ඇයි? ඔහුට අපෙන් අවශ්ය වන්නේ කුමක්ද?

අල්ලාහ් මේ සියලු මැවීම් නිර්මාණය කළේ අරමුණක් නොමැති ව විය හැකි ද?ඔහු මහා ප්රඥාවන්ත හා සර ව බලධාරී නම්, ඒවා ඔහු හුදෙක් නිර්මාණය කර තිබේ ද?

මෙතරම් නිරවද්යතාවයකින් හා ප්රවීණතාවයකින් අපව නිර්මාණය කර අහසේ හා මහ පොළොවේ ඇති සෑම දෙයක්ම අපට වසඟ කර දුන් තැනැත්තා අරමුණකින් තොරව අපව නිර්මාණය කරයි ද? නැතහොත් "ඇයි අපි මෙතන? මරණයෙන් පසු කුමක් ද? අපගේ නිර් මාණයේ අරමුණ කුමක්ද?" යනාදී අපව වියවුල් කරන වැදගත්ම ප්රශ්නවලට පිළිතුරක් නොමැතිව අපව නිකරුණේ අත්හැර දමයි ද?

අපරාධකරුට දඬුවමක් සහ ධර්මිෂ්ඨයාට සරිලන ප්රතිඵලයක් නොමැති විය හැකි ද?

සුවිශුද්ධ අල්ලාහ් මෙසේ පැවසීය:﴿أَفَحَسِبْتُمْ أَنَّمَا خَلَقْنَاكُمْ عَبَثًا وَأَنَّكُمْ إِلَيْنَا لَا تُرْجَعُونَ﴾ "නියත වශයෙන්ම අපි නුඹලා නිකමට මවා ඇතැයි ද, නියත වශයෙන්ම නුඹලා අප වෙත නැවත හැරී නොඑනු ඇතැයි ද නුඹලා සිතුවෙහු ද?"(අල්-මුඃමිනූන්: 115)

එසේ අල්ලාහ් දූතවරුන් එවා සිටියේ 'අපගේ පැවැත්මේ අරමුණ අප හඳුනාගනු පිණිසත්, අප ඔහු නැමද ඔහු වෙතට සමීප විය යුත්තේ කෙසේ ද? ඔහු අපෙන් අපේක්ෂා කරනුයේ කුමක් ද?' යන වග හා 'ඔහුගේ තෘප්තිය අප ලබනුයේ කෙසේ ද?' යන වග අපට දන්වා සිටිනු පිණිසත්, එමෙන්ම මියගිය පසුව අප යොමුවන නවාතැන ගැන අපට දන්වා සිටිනු පිණිසත් ය.

එමෙන්ම, 'නැමදුමට සුදුස්සා අල්ලාහ් පමණක් වන වග අපට දන්වා සිටිනු පිණිසත්, අප ඔහුට නැමදිය යුත්තේ කෙසේදැ?යි අපි දැනගනු පිණිසත්, ඔහුගේ නියෝග හා තහනම් නියෝග ඔවුන් අපට දන්වා සිටිනු පිණිසත්, අපි ක්රියා කළ විට අපගේ ජීවිත යහකමින් හා සමෘද්ධියෙන් ආවරණය කෙරෙන උසස් ඍජු මාර්ගය අපට දන්වා සිටිනු පිණිසත්' අල්ලාහ් දූතවරුන් එවා සිටියේය.

(නූහ්, ඉබ්රාහීම්, මූසා හා ඊසා වැනි) ධර් ම දූතවරුන් බොහෝමයක් අල්ලාහ් එවීය. ඇතැම් සංඥා හා ප්රාතිහාර්යයන් මගින් ඔවුන්ගේ සත්යයභාවයත්, ඇත්තෙන්ම ඔවුන් සුවිශුද්ධ අල්ලාහ් අබියසින් එවනු ලැබූවන් බවත් සහතික කරමින් ඔවුන්ව ඔහු ශක්තිමත් කළේය. ඔවුන් අතරින් අවසාන දූතයා වූයේ මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ය.

සැබැවින්ම මෙම ජීවිතය පරීක්ෂණයක් බවත්, සැබැවින්ම සැබෑ ජීවිතය මරණයෙන් පසුව පිහිටන්නක් බවත්, සෑම පැහැදිලි කිරීමක්ම එම දූතවරු අප වෙත පැහැදිළි කර සිටියහ.

එමෙන්ම කිසිදු හවුල්කරුවකුගෙන් තොරව අල්ලාහ්ට පමණක් නැමදුම් කළ, සියලු දූතවරුන් විශ්වාස කළ, දේව විශ්වාසී මුඃමින්වරුන්ට ස්වර්ගය එහි ඇති අතර, අල්ලාහ් සමග වෙනත් දෙවිවරුන් ඈදාගෙන නැමදුම් කළ හෝ අල්ලාහ්ගේ දූතවරුන් අතරින් යම් කිසි දූතයකු හෙළා දුටු දේවත්වය ප්රතික්ෂේප කළ කාෆිර්වරුන්ට අල්ලාහ් සූදානම් කර ඇති නිරය ද එහි ඇත.

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:﴿يَا بَنِي آدَمَ إِمَّا يَأْتِيَنَّكُمْ رُسُلٌ مِنْكُمْ يَقُصُّونَ عَلَيْكُمْ آيَاتِي فَمَنِ اتَّقَى وَأَصْلَحَ فَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ (٣٥) අහෝ ආදම්ගේ දරුවනි! මාගේ වදන් නුඹලාට පවසන, නුඹලා අතරින් වූ ධර්ම දූතවරු නුඹලා වෙත පැමිණියේ නම්, එවිට කවරෙකු දේව බිය හැඟීමෙන් කටයුතු කොට තමන්ව හැඩගස්වා ගත්තේ ද එවිට ඔවුන් කෙරෙහි කිසිදු බියක් නොමැත. තවද ඔවුහු දුකට පත් නො වෙති.وَالَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا وَاسْتَكْبَرُوا عَنْهَا أُولَئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِيهَا خَالِدُونَ﴾ "තවද, කවරෙකු අපගේ වදන් බොරු කොට ඒ පිළිබඳ (විශ්වාස කිරීම ගැන) උඩඟු වන්නේද, ඔවුහු නිරා ගින්නේ සගයෝය. ඔවුහු එහි සදාතනිකයෝ වෙති."(අල් අඃරාෆ්: 35,36)

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:﴿يَا أَيُّهَا النَّاسُ اعْبُدُوا رَبَّكُمُ الَّذِي خَلَقَكُمْ وَالَّذِينَ مِنْ قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ (٢١) "මිනිසුනි! නුඹලා හා නුඹලාට පෙර වාසය කළ උදවිය මැවූ නුඹලාගේ පරමාධිපතිට නැමඳුම් කරනු. (එමඟින්) නුඹලාට අල්ලාහ් කෙරෙහි බැතිමත් විය හැකි ය." (21)الَّذِي جَعَلَ لَكُمُ الْأَرْضَ فِرَاشًا وَالسَّمَاءَ بِنَاءً وَأَنْزَلَ مِنَ السَّمَاءِ مَاءً فَأَخْرَجَ بِهِ مِنَ الثَّمَرَاتِ رِزْقًا لَكُمْ فَلَا تَجْعَلُوا لِلَّهِ أَنْدَادًا وَأَنْتُمْ تَعْلَمُونَ (٢٢) "ඔහු ම නුඹලා වෙනුවෙන් මහපොළොව ඇතිරිල්ලක් බවට ද අහස වියනක් බවට ද පත් කළේය. පසුව අහසින් වර්ෂාව පහළ කොට, එමඟින් නුඹලාට පෝෂණය පිණිස පළතුරු හට ගැන්වීය. එබැවින් දැනුවත්වම නුඹලා අල්ලාහ්ට සමානයන් නො තබනු." (22)وَإِنْ كُنْتُمْ فِي رَيْبٍ مِمَّا نَزَّلْنَا عَلَى عَبْدِنَا فَأْتُوا بِسُورَةٍ مِنْ مِثْلِهِ وَادْعُوا شُهَدَاءَكُمْ مِنْ دُونِ اللَّهِ إِنْ كُنْتُمْ صَادِقِينَ (٢٣) "අපගේ ගැත්තා වෙත අප පහළ කළ දෑ හි නුඹලා සැකයෙ හි පසු වූයෙහු නම්, එවැනි පරිච්ඡේදයක් ගෙන එනු. තව ද අල්ලාහ් හැර නුඹලා ගේ සාක්ෂිකරුවන් (හවුල්කරුවන්) කැඳවනු. නුඹලා සත්යවාදීන් නම්." (23)فَإِنْ لَمْ تَفْعَلُوا وَلَنْ تَفْعَلُوا فَاتَّقُوا النَّارَ الَّتِي وَقُودُهَا النَّاسُ وَالْحِجَارَةُ أُعِدَّتْ لِلْكَافِرِينَ (٢٤) "එහෙත් නුඹලා (එසේ) නො කළෙහු නම්, නුඹලා විසින් (මෙය) කිසිසේත් ම කළ නොහැකි ය. එසේ නම් එහි (නිරයේ) මිනිසුන් හා ගල් ඉන්ධන වූ ගින්නට බිය වනු. එය දේව ප්රතික්ෂේපකයින්ට සූදානම් කරනු ලැබ ඇත." (24)وَبَشِّرِ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ أَنَّ لَهُمْ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ كُلَّمَا رُزِقُوا مِنْهَا مِنْ ثَمَرَةٍ رِزْقًا قَالُوا هَذَا الَّذِي رُزِقْنَا مِنْ قَبْلُ وَأُتُوا بِهِ مُتَشَابِهًا وَلَهُمْ فِيهَا أَزْوَاجٌ مُطَهَّرَةٌ وَهُمْ فِيهَا خَالِدُونَ﴾ "තවද විශ්වාස කොට යහකම් කළවුනට, සැබැවින් ම පහළින් ගංගාවන් ගලා යන උයන් ඇතැයි සුබාරංචි දන්වනු. එහි පලතුරුවලින් ඔවුන් පෝෂණය කරනු ලබන සෑම විටක ම මීට පෙර අප පෝෂණය කරනු ලැබුවේ ද මෙය ම යැයි පවසති. තවද එකිනෙකට සමාන වූ දෑ ඔවුනට ගෙන දෙනු ලැබේ. තවද ඔවුනට එහි පිවිතුරු බිරින්දෑවරුන් ඇත. ඔවුහු එහි සදාතනිකයෝ වෙති."(අල් බකරා :21-25)

දූතවරුන් බොහෝමයක් කුමකට ද?

අල්ලාහ් තම දූතවරු විවිධ සමූහ වෙත පහළ කළේය. අල්ලාහ් දූතයකු නොඑවූ කිසිදු සමූහයක් නැත. එය ඔවුන්ගේ පරමාධිපතිට නැමදුම් කිරීම සඳහා ඔවුන් ඇරයුම් කිරීමටත්, ඔහුගේ නියෝග හා ඔහුගේ තහනම් නියෝග ඔවුනට දන්වා සිටීම පිණිසය. ඔවුන් සියලු දෙනාගේ අරමුණ වූයේ, සර්වබලධාරී අල්ලාහ්ට පමණක් නැමදුම් කිරීමය. ඒ අනුව එක් සමූහයක් ඔවුන් වෙත ඔහු ගෙන ආ අල්ලාහ්ගේ ඒකීයත්වයේ කරුණ ඔවුන් අත්හැර දැමූ විට හෝ එය විකෘති කිරීමට පටන් ගන්නා විට එම ගමන විධිමත් කරනු පිණිසත් අල්ලාහ්ගේ ඒකීයත්වය හා ඔහුට අවනත වීමේ සහජ ධර්මය වෙත මිනිසා නැවත ගෙන එනු පිණිසත් අල්ලාහ් තවත් දූතයකු පත් කළේය.

අවසාන දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පැමිණෙන තෙක්ම එසේ විය. ලොව අවසන් වන තුරුම පිළිපදිනු ලබන පූර්ණ දහමක් හා සියලුම මිනිසුන් හට පොදු වූ සදාතනික නීති පිළිවෙතක් එතුමා ගෙන ආහ. එය පරිපූර්ණ වූවක් මෙන්ම ඊට පෙර පැවති ආගමික පිළිවෙත වෙනස් කරන්නක් විය. සර්වබලධාරී අල්ලාහ් ලොව අවසන් වන දිනය තෙක්ම සදා පැවැත්මක් එම දහමට ආශිර්වාද කළේය.

සියලුම දූතවරුන් විශ්වාස කරන තෙක් පුද්ගලයකු දේව විශ්වාසී කෙනෙක් මුඃමින්වරයකු වන්නේ නැත.

දූතවරුන් එව්වේ අල්ලාහ්ය. ඔවුනට අවනත වන මෙන් අල්ලාහ් ඔහුගේ සියලුම මැවීම්වලට නියෝග කළේය. ඔවුන් අතරින් කිසිවකුගේ දූත මෙහෙය කිසිවකු හෝ විසින් ප්රතික්ෂේප කළේ නම්, සැබැවින්ම ඔහු සියලු දෙනා ප්රතික්ෂේප කළ අයෙකි. මිනිසා විසින් අල්ලාහ්ගේ දිව්ය පණිවිඩය ප්රතික්ෂේප කිරීමට වඩා මහත් පාපයක් වෙනත් නැත. සියලුම දූතවරුන් විශ්වාස කිරීම තුළින් ස්වර්ගය ට පිවිසීම අනිවාර්යය වනු ඇත.

අල්ලාහ් හා අල්ලාහ්ගේ සියලු දූතවරුන් විශ්වාස කිරීමත්, අවසන් දිනය විශ්වාස කිරීමත්, මෙම යුගයේ සියලු දෙනාගේ අනිවාර්යය කරුණක් වී ඇත. නමුත් ඔවුන්ගේ අවසානයා වූ, ඔවුන්ගේ මුද්රාව වූ, මහ පොළොව හා ඒ මත වෙසෙන්නන් උරුම කර ගන්නා තෙක් එය ආරක්ෂා කිරීමේ වගකීම අල්ලාහ් භාර ගෙන ඇති සදාතනික ප්රාතිහාර්යයක් වන ශුද්ධ වූ අල් කුර්ආනය තුළින් සහතික කරනු ලැබුවා වූ මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව විශ්වාස කිරීමෙන් තොරව එය සිදු විය හැක්කක් නොවේ.

ඔහුගේ දූතවරුන් අතරින් කිසියම් හෝ එක් දූතයකු විශ්වාස කිරීමට ප්රතික්ෂේප කරන්නා අල්ලාහ්ව ප්රතික්ෂේප කළ, ඔහුගේ දිව්ය පණිවිඩය බොරු කළ අයෙකු බව ශුද්ධ වූ අල්-කුර්ආනයේ අල්ලාහ් සඳහන් කළේය. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:﴿إِنَّ الَّذِينَ يَكْفُرُونَ بِاللَّهِ وَرُسُلِهِ وَيُرِيدُونَ أَنْ يُفَرِّقُوا بَيْنَ اللَّهِ وَرُسُلِهِ وَيَقُولُونَ نُؤْمِنُ بِبَعْضٍ وَنَكْفُرُ بِبَعْضٍ وَيُرِيدُونَ أَنْ يَتَّخِذُوا بَيْنَ ذَلِكَ سَبِيلًا (١٥٠) "සැබැවින්ම අල්ලාහ් හා ඔහුගේ රසූල්වරුන් ප්රතික්ෂේප කර, අල්ලාහ් හා ඔහුගේ රසූල්වරු අතර වෙනස්කම් කොට "ඇතැමුන් ව අපි විශ්වාස කරමු. එමෙන්ම ඇතැමුන් ව අපි ප්රතික්ෂේප කරමු යැයි පවසා මේ (විශ්වාසය හා ප්රතික්ෂේපය) අතර මඟක් ගන්නට අපේක්ෂා කරන අය වනාහී…" (150)أُولَئِكَ هُمُ الْكَافِرُونَ حَقًّا وَأَعْتَدْنَا لِلْكَافِرِينَ عَذَابًا مُهِينًا﴾ "සැබෑ ලෙසින් ප්රතික්ෂේප කළවුන් මොවුහු ම ය. තවද අපි ප්රතික්ෂේපකයින්ට නින්දනීය දඬුවමක් සූදානම් කර ඇත්තෙමු."(අන්-නිසා : 150,151)

එබැවින් අපි අල්ලාහ්ට අවනත වන මුස්ලිම්වරු වෙමු. අපි -අල්ලාහ් නියෝග කර ඇති පරිදි- අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කරමු. සියලුම දූතවරුන් හා පෙර පහළ වූ ග්රන්ථ අපි විශ්වාස කරමු. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:﴿آمَنَ الرَّسُولُ بِمَا أُنْزِلَ إِلَيْهِ مِنْ رَبِّهِ وَالْمُؤْمِنُونَ كُلٌّ آمَنَ بِاللَّهِ وَمَلَائِكَتِهِ وَكُتُبِهِ وَرُسُلِهِ لَا نُفَرِّقُ بَيْنَ أَحَدٍ مِنْ رُسُلِهِ وَقَالُوا سَمِعْنَا وَأَطَعْنَا غُفْرَانَكَ رَبَّنَا وَإِلَيْكَ الْمَصِيرُ﴾ "දහම් දූතයා තම පරමාධිපතිගෙන් තමන් වෙත පහළ කරනු ලැබූ දෑ පිළිබඳ ව විශ්වාස කළේය. විශ්වාස කළවුන් ද (විශ්වාස කළෝය.) සියල්ලෝම අල්ලාහ්ව ද, ඔහුගේ දේව ග්රන්ථ ද, ඔහුගේ දහම් දූතයින්ව ද, විශ්වාස කරති. 'ඔහුගේ රසූල්වරු අතුරින් කිසිවෙකු අතර හෝ අපි වෙනස්කම් ඇති නොකරන්නෙමු. තවද, අපි සවන් දුනිමු. අවනත වූයෙමු. අපගේ පරමාධිපතියාණනි! ඔබෙන් සමාව පතන්නෙමු. තවද යොමු වන ස්ථානය ඇත්තේ ඔබ වෙතය' යැයි ඔවුහු පැවසුවෝය."(අල් බකරා :285)

ශුද්ධ වූ අල් කුර්ආනය යනු කුමක් ද?

ශුද්ධ වූ අල් කුර්ආනය යනු අවසන් දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පහළ කළ උත්තරීතර අල්ලාහ්ගේ වදන් හා ඔහුගේ දිව්යමය ප්රකාශයයි. එතුමාණන්ගේ නබිත්වය තහවුරු කරන අති බලවත්ම ප්රාතිහාර්යය වේ. ශුද්ධ වූ අල් කුර්ආනය, එහි නීතිවල සැබෑ ස්වරූපය ඇති, එහි සඳහන් තොරතුරුවල නිරවද්යතාව ඇති මහඟු කියවීමකි.එවන් එක් පරිච්ඡේදයක් හෝ ගෙන එන මෙන් අල්ලාහ් එය බොරුකළවුන්ට අභියෝග කළේය. නමුත් ඔවුහු ඒ සඳහා අපොහොසත් වූවෝය. ඊට හේතුව එහි මෙලොව ජීවිතයේ හා මතුලොව ජීවිතයේ මිනිසා සමග බැඳුණු සියලු කරුණු අන්තර්ගත වූ ආවරණය වූ සඳහන් වූ අති මහඟු ග්රන්ථයක් වූ බැවිනි. එමෙන්ම විශ්වාස කළ යුතු, විශ්වාසය හා බැඳුණු සියලුම යථාර්ථයන් එය ඇතුළත් කර ගෙන ඇත.එමෙන්ම පුද්ගලයෙකු තමා සහ තම පරමාධිපතියාණන් අතර හෝ ඔහු සහ ඔහුගේ ආත්මය අතර හෝ ඔහු සහ සෙසු මැවීම් අතර අනුගමනය කළ යුතු නියෝග සහ තහනම් කිරීම් ද ඇතුළත් කර ගෙන ඇත. මේ සියල්ල උසස් සාහිත්යමය හා පැහැදිලි කිරීමේ ශෛලියකින් පිහිටා ඇත.මෙම ග්රන්ථය මිනිසුන් විසින් නිර්මාණය කළ නොහැකි, උත්තරීතර සුවිශුද්ධ වූ පරමාධිපතියාණන්ගේ වචන බව පෙන්නුම් කරන තාර්කික සාක්ෂි සහ විද්යාත්මක කරුණු රාශියක් ඇතුළත් කර ගෙන ඇත.

ඉස්ලාම් යනු කුමක් ද?

ඉස්ලාම් යනු, අල්ලාහ්ගේ ඒකීයත්වය පිළිගෙන ඔහුට යටහත් වීම, ගැතිකම් කරමින් ඔහුට අවනත වීම, ඔහුගේ පිළිවෙත පිළිගනිමින් හා තෘප්තියෙන් පිළිපැදීම හා අල්ලාහ් හැර නැමදුම් ලබන සෙසු සියල්ල ප්රතික්ෂේප කිරීමයි.

සැබැවින්ම අල්ලාහ් එකම දූත පණිවිඩය සමග දූතවරුන් එවීය. එනම්, අල්ලාහ්ට කිසිදු හවුල් කරුවකු නියම නොකර, ඔහුට පමණක් නැමදුම් කිරීම සඳහා ඇරයුම් කිරීම සහ අල්ලාහ් හැර නැමදුම් ලබන සෙසු සියලු දෑ ප්රතික්ෂේප කිරීමය.

ඉස්ලාමය යනු සියලු නබිවරුන්ගේ දහමයි. ඔවුන්ගේ පිළිවෙත් වෙනස් වුව ද ඔවුන්ගේ ඇරයුම එකම විය. වර්තමාන මුස්ලිම්වරු වනාහි, සියලුම නබිවරු ගෙන ආ නිවැරදි ධර්මය පිළිපදින එකම සමූහයා වෙති. වර්තමානයේ පවතින ඉස්ලාමයේ දූත පණිවිඩය, එයයි සත්යය. මිනිස් සමූහයා වෙනුවෙන් වූ මැවුම්කරු විසින් ප්රදානය කරන ලද අවසන් දූත පණිවිඩයයි.ඉබ්රාහීම්, මූසා හා ඊසා (අලයිහිමුස් සලාම්) වැනි නබිවරුන් එවූ පරමාධිපති වන අල්ලාහ්මය දූතවරුන්ගේ මුද්රාව වන දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් එවා සිටියේ. ඊට පෙර පැවති නීති/පිළිවෙත් සියල්ල වෙනස් කරමින් ඉස්ලාමයේ නීති/පිළිවෙත පැමිණියේය.

ඉස්ලාමය හැර, වර්මානයේ මිනිසා විසින් නැමදුමට ලක්ව ඇති සියලු ආගම් මිනිසා විනිස් නිර්මාණය කරනු ලැබුවා වූ ආගම් වෙති. එසේ නැතහොත් එය පෙර දිව්යමය ආගමක් වී පසුව මිනිසා විසින් විකෘති කරන ලද, මිථ්යා අදහස්, ප්රවේණිගත මිථ්යාවන් සහ මිනිස් උත්සාහයන්ගේ මිශ්රණයක් බවට පත් වූ ආගම් වෙති.

මුස්ලිම්වරුන්ගේ ආගම වනාහි, එය වෙනස් නොවන පැහැදිලි එකම දහමයි. එමෙන්ම අල්ලාහ්ට නැමදුම් කරන ඔවුන්ගේ නැමදුම් පිළිවෙත් ද එකම ය. ඔවුන් සියලු දෙනා දිනපතා පස්වාර සලාත් ඉටු කරති. ඔවුන්ගේ ධනයෙන් සකාත් නිකුත් කරති. රමළාන් මාසයේ උපවාසයේ නිරත වෙති. ඔවුන්ගේ ව්යවස්ථාව ලෙස සළකනුයේ ශුද්ධ වූ අල් කුර්ආනයයි. සියලුම දේශයන් සඳහා වන එකම ග්රන්ථය එයයි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:﴿ٱلۡيَوۡمَ أَكۡمَلۡتُ لَكُمۡ دِينَكُمۡ وَأَتۡمَمۡتُ عَلَيۡكُمۡ نِعۡمَتِي وَرَضِيتُ لَكُمُ ٱلۡإِسۡلَٰمَ دِينٗاۚ فَمَنِ ٱضۡطُرَّ فِي مَخۡمَصَةٍ غَيۡرَ مُتَجَانِفٖ لِّإِثۡمٖ فَإِنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٞ﴾ "...අද දින නුඹලාට නුඹලාගේ දහම මම සම්පූර්ණ කළෙමි. නුඹලා කෙරෙහි වූ මාගේ ආශිර්වාදය ද සම්පූර්ණවත් කළෙමි. නුඹලා වෙනුවෙන් දහමක් ලෙස ඉස්ලාමය මම පිළිගතිමි. එහෙත් පාපයට නැඹුරු නො වී, දුගී බව හේතුවෙන් (මේවා ආහාරයට ගන්නා මෙන්) බල කරනු ලැබුවේ නම්, එවිට (දැන ගනු) සැබැවින් ම අල්ලාහ් අතික්ෂමාශීලී අසමසම කරුණාන්විත ය."(සූරා අල් මාඉදා 5: 3)

උත්තරීතර අල්ලාහ් අල්-කුර්ආනයේ මෙසේ පවසා සිටියි:﴿قُلْ آمَنَّا بِاللَّهِ وَمَا أُنْزِلَ عَلَيْنَا وَمَا أُنْزِلَ عَلَى إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ وَإِسْحَاقَ وَيَعْقُوبَ وَالْأَسْبَاطِ وَمَا أُوتِيَ مُوسَى وَعِيسَى وَالنَّبِيُّونَ مِنْ رَبِّهِمْ لَا نُفَرِّقُ بَيْنَ أَحَدٍ مِنْهُمْ وَنَحْنُ لَهُ مُسْلِمُونَ (٨٤) "අපි අල්ලාහ් ව විශ්වාස කළෙමු. තව ද අප වෙත පහළ කළ දෑ ද ඉබ්රාහීම්, ඉස්මාඊල්, ඉස්හාක්, යඃකූබ් හා අස්බාත් (හෙවත් ඔවුන් ගේ පරපුර) වෙත පහළ කළ දෑ ද, මූසා හා ඊසා වෙත පිරිනමනු ලැබූ දෑ ද, තම පරමාධිපතිගෙන් නබි වරුන් ට පිරිනමනු ලැබූ දෑ ද විශ්වාස කළෙමු. ඔවුන් අතුරින් කිසිවෙකු ව අපි වෙන් නොකළෙමු තව ද අපි ඔහු ට අවනත වූවෝ වෙමු." යැයි නුඹ පවසනු." (84)وَمَنْ يَبْتَغِ غَيْرَ الْإِسْلَامِ دِينًا فَلَنْ يُقْبَلَ مِنْهُ وَهُوَ فِي الْآخِرَةِ مِنَ الْخَاسِرِينَ﴾ "කවරෙකු ඉස්ලාමය හැර වෙනත් දහමක් සොයන්නේ ද, එවිට ඔහුගෙන් කිසිවක් පිළිගනු නොලබන්නේ ම ය. තවද ඔහු මතු ලොවෙහි අලාභ වන්තයින් අතරින් කෙනෙකි."(සූරා ආලු ඉම්රාන් 3: 84, 85)

ඉස්ලාම් දහම පරිපූර්ණ ජීවන රටාවක් වන අතර එය සාමාන්ය බුද්ධියට හා තර්කයට අනුකූල වේ. එය සාමාන්ය සිත් ඇත්තන් විසින් පිළිගනු ලබන්නකි. එය ශ්රේෂ්ඨ මැවුම්කරු විසින් ඔහුගේ මැවීම් සඳහා නීති සම්පාදනය කරන ලද්දකි. එය මේ ලෝකයේ මෙන්ම මතුලොවෙහි සියලුම මිනිසුන්ට යහපත හා සතුට ගෙන දෙන ආගමකි. එය එක් ජාතියකින් තවත් ජාතියක් හෝ එක් වර්ණයකින් තවත් වර්ණයක් හෝ වෙන් කරන්නේ නැත. ඒ තුළ මිනිසුන් එක සමාන වේ. යහපත් ක්රියාවේ ප්රමාණයට අනුව මිස ඉස්ලාමය තුළ කිසිවෙක් වෙනත් කිසිවකුට වඩා වෙනස් වන්නේ නැත.

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:(مَنۡ عَمِلَ صَٰلِحٗا مِّن ذَكَرٍ أَوۡ أُنثَىٰ وَهُوَ مُؤۡمِنٞ فَلَنُحۡيِيَنَّهُۥ حَيَوٰةٗ طَيِّبَةٗۖ وَلَنَجۡزِيَنَّهُمۡ أَجۡرَهُم بِأَحۡسَنِ مَا كَانُواْ يَعۡمَلُونَ) "යම් පිරිමියකුගෙන් හෝ වේවා කාන්තාවකගෙන් හෝ වේවා දේව විශ්වාසියකු ලෙස සිට යමෙකු දැහැමි කටයුත්තක් කළේ ද එවිට යහපත් ජීවිතයක් ගත කිරීම සඳහා අපි ඔහු ව ජීවත් කරවන්නෙමු. තවද ඔවුන් සිදු කරමින් සිටි දෑට ඉතා යහපත් අයුරින් ඔවුන්ගේ ප්රතිඵල වලට අපි ඔවුනට යහපත පිරිනමන්නෙමු."(අන්-නහ්ල් 16:97)

ඉස්ලාමය සතුට සඳහා වන මාර්ගයයි

ඉස්ලාමය සියලුම නබිවරුන්ගේ දහමයි. එය සමස්ත මිනිස් වර්ගයා සඳහා වන අල්ලාහ්ගේ දහමයි. එය අරාබිවරුන්ට පමණක් සුවිශේෂී දහමක් නොවේ.

ඉස්ලාමය මෙලොවෙහි සැබෑ සතුට මෙන්ම මතුලොවෙහි සදා සැපත සඳහා වන මාර්ගයයි.

ආත්මයේ සහ ශරීරයේ අවශ්යතා සපුරාලන සහ සියලු මිනිස් ගැටලු විසඳන එකම දහම ඉස්ලාමයයි. උත්තරීතර අල්ලාහ් මෙසේ පැවසීය.﴿قَالَ اهْبِطَا مِنْهَا جَمِيعًا بَعْضُكُمْ لِبَعْضٍ عَدُوٌّ فَإِمَّا يَأْتِيَنَّكُمْ مِنِّي هُدًى فَمَنِ اتَّبَعَ هُدَايَ فَلا يَضِلُّ وَلا يَشْقَى (123) "නුඹලා දෙදෙනා සියල්ල සමග පහළට බසිනු. නුඹලාගෙන් ඇතැමෙකු ඇතැමෙකුට සතුරුය. මගෙන් නුඹලා වෙත යහ මග පැමිණෙනු ඇත. එහෙයින් කවරෙකු මාගේ යහ මග පිළිපදින්නේ ද එවිට ඔහු නොමග නොයනු ඇත. තවද අභාග්යවන්ත නොවනු ඇත." ඔහු (අල්ලාහ්) පැවසීය." (123)وَمَنْ أَعْرَضَ عَنْ ذِكْرِي فَإِنَّ لَهُ مَعِيشَةً ضَنْكًا وَنَحْشُرُهُ يَوْمَ الْقِيَامَةِ أَعْمَى﴾ "මා මෙනෙහි කිරීමට කවරෙකු පිටුපෑවේ ද එවිට නියත වශයෙන්ම ඔහුට පීඩිත ජීවිතයක් ඇත. තවද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අන්ධයකු ලෙස අපි ඔහු ව නැවත නැගිටුවන්නෙමු."(සූරා තාහා 20: 123, 124)

ඉස්ලාමය තුළට පිවිසීමෙන් මා ලබන ඵලය කුමක් ද?

ඉස්ලාමය තුළට පිවිසීමෙන් අති වැදගත් ප්රයෝජනය බොහෝමයක් ඇත. ඒවා නම්:

- මිනිසා අල්ලාහ්ට පමණක් ගැතිකම් පාමින් මෙලොව ජය හා ගෞරවය හිමි කර ගැනීම. එසේ නොවූ විටෙක, ඔහු ආත්මයට, ෂෙයිතාන්ට හා ආශාවන්ට වහල් වනු ඇත.

- අල්ලාහ් ඔහුට සමාව දී තම පිළිගැනීමට ඔහු ලක් කර, අල්ලාහ් ඔහුව ස්වර්ග උයනට ඇතුළත් කර, තෘප්තියෙන් හා සදාතනික සැප පහසුකම්වලින් යුතු සාර්තකත්වය හිමි කර දීමෙන් හා අපා ගින්නේ දඬුවමින් එම පුද්ගලයා ආරක්ෂා වීමෙන් මතුලොවෙහි ජය ලබයි.

- සැබැවින්ම එසේ විශ්වාස කරන්නා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නබිවරුන් (වක්තෘවරුන්), සිද්දීක්වරුන් (සත්යවාදීන්), ෂුහදාවරුන් (දිවි පිදූවන්) සාලිහ්වරුන් (ධිර්මිෂ්ඨයින්) සමග සිටිනු ඇත. එය මොනතරම් මිහිරි ඇසුරක් වන්නේ ද! නමුත් කවරෙකු විශ්වාස නොකළේ ද ඔහු නපුරු බලවේග, දුෂ්ඨයින්, අපරාධකරුවන් හා කලහකාරීන් සමග සිටිනු ඇත.

- අල්ලාහ් ස්වර් ග උයනට පිළිගන්නා අය මරණය, අසනීපය, වේදනාව, මහලු විය හෝ දුකින් තොරව සදාකාලින සැපයෙන් ජීවත් වෙති. ඔවුන් කැමති සෑම දෙයක් සඳහාම ඔවුන්ගේ ආශාවන් ලබා දෙනු ඇත. නිරයට ඇතුළු වන අය සදාකාලික, අඛණ්ඩ වධහිංසාවලට භාජනය වෙති.

- ස්වර්ගයේ කිසිම ඇසකින් නොදුටු, කිසිම කනකට නොඇසූ, කිසිම මිනිසෙක් නොසිතූ සැප සම්පත් තිබේ. ඒ සඳහා සර්වබලධාරි අල්ලාහ්ගේ ප්රකාශය සාක්ෂියකි:﴿مَنْ عَمِلَ صَالِحًا مِنْ ذَكَرٍ أَوْ أُنْثَى وَهُوَ مُؤْمِنٌ فَلَنُحْيِيَنَّهُ حَيَاةً طَيِّبَةً وَلَنَجْزِيَنَّهُمْ أَجْرَهُمْ بِأَحْسَنِ مَا كَانُوا يَعْمَلُونَ﴾ "යම් පිරිමියකුගෙන් හෝ වේවා කාන්තාවකගෙන් හෝ වේවා දේවත්වය විශ්වාස කරන්නෙකු ලෙස සිට යමෙකු දැහැමි කටයුත්තක් කළේ ද එවිට යහපත් ජීවිතයක් අපි ඔහුට උදා කරන්නෙමු. තවද ඔවුන් සිදු කරමින් සිටි දෑට ඉතා යහපත් අයුරින් ඔවුන්ගේ ප්රතිඵල අපි ඔවුනට පිරිනමන්නෙමු."(අන්-නහ්ල් :97)උත්තරීතර අල්ලාහ් තවදුරටත් මෙසේ පවසයි:﴿فَلَا تَعۡلَمُ نَفۡسٞ مَّآ أُخۡفِيَ لَهُم مِّن قُرَّةِ أَعۡيُنٖ جَزَآءَۢ بِمَا كَانُواْ يَعۡمَلُونَ﴾ "එහෙයින් ඔවුන් සිදු කරමින් සිටි දෑ සඳහා ප්රතිඵලයක් වශයෙන් ඇස් පිනවන ලෙසින් ඔවුන් සඳහා සඟවා තබනු ලැබූ දෑ කිසිදු ආත්මයක් නොදනී."(සූරා අස් සජදා: 17)

ඉස්ලාමය ප්රතික්ෂේප කළේ නම් ලබන අලාභය කුමක් ද?

මිනිසාට ශ්රේෂ්ඨතම දැනුම වන අල්ලාහ් පිළිබඳ දැනුම සහ අවබෝධය අහිමි වී යයි. ඔහුට මෙලොව ආරක්ෂාව සහ සන්සුන් භාවය මෙන්ම මරණින් මතු ජීවිතයේ සදාකාලික සතුට ලබා දෙන අල්ලාහ් කෙරෙහි වූ විශ්වාසය නැති වී යයි.

අල්ලාහ් මිනිසුන්ට හෙළි කළ ශ්රේෂ්ඨතම ග්රන්ථය දෙස බැලීමටත් එම ශ්රේෂ්ඨ ග්රන්ථය කෙරෙහි විශ්වාස කිරීමටත් මිනිසාට නොහැකි වනු ඇත.

ශ්රේෂ්ඨ අනාගත වක්තෘවරුන් කෙරෙහි විශ්වාසය නැති වී යනු ඇත. එමෙන්ම නැවත නැගිටුවනු ලබන දිනයේදී ස්වර්ග උයනේ ඔවුන් සමග වන සම්බන්ධතාව ද අහිමි කර ගනු ඇත. ඔහු ෂෙයිතානුන්, අපරාධකරුවන් සහ දුෂ්ඨයින් සමඟ අපා ගින්නේ සිටින අතරම එම නිවහන හා අසල්වැසිකම නපුරු වනු ඇත.

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:﴿قُلْ إِنَّ الْخَاسِرِينَ الَّذِينَ خَسِرُوا أَنْفُسَهُمْ وَأَهْلِيهِمْ يَوْمَ الْقِيَامَةِ أَلا ذَلِكَ هُوَ الْخُسْرَانُ الْمُبِينُ (15) "...(නබිවරය!) 'නියත වශයෙන් ම පරාජිතයින් වනුයේ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තමන්ට හා තම පවුලට පාඩු ඇති කර ගත්තවුන් ය. දැන ගනු! එයයි ප්රකට පරාජය' යැයි නුඹ පවසනු."لَهُمْ مِنْ فَوْقِهِمْ ظُلَلٌ مِنَ النَّارِ وَمِنْ تَحْتِهِمْ ظُلَلٌ ذَلِكَ يُخَوِّفُ اللَّهُ بِهِ عِبَادَهُ يَا عِبَادِ فَاتَّقُونِ﴾ "ඔවුනට ඉහළින් (නිරා) ගින්නෙන් වූ මහල් ද ඔවුනට පහළින් මහල් ද ඔවුනට ඇත. එය වනාහි අල්ලාහ් එමඟින් තම ගැත්තන් බිය ඇති කරවයි. 'අහෝ මාගේ ගැත්තනි! එහෙයින් නුඹලා මට බිය බැතිමත් වනු.' (යැයි තවදුරටත් පවසනු.)"(අස්-සුමර් :15,16)

මරණින් මතු ජීවිතයෙහි සාර්තකත්වය අපේක්ෂා කරන තැනැත්තා ඉස්ලාමය තුළට පිවිසිය යුතු අතර නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව පිළිපැදිය යුතු වේ.

වක්තෘවරුන් සහ දූතයින් (ඔවුන්ට සාමය අත්වේවා!) එකඟ වූ එක් යථාර්ථයක් නම්, සර්වබලධාරී අල්ලාහ්ව විශ්වාස කළ, ඔහුට නැමදුම් කිරීමේදී කිසිවෙකු සම්බන්ධ නො කළ, සියලුම වක්තෘවරුන් සහ පණිවිඩකරුවන් විශ්වාස කළ මුස්ලිම්වරුන් පමණක්, මරණින් මතු ජීවිතයේදී මිදෙන බවයි. දූතවරුන් විශ්වාස කරන, ඔවුන් සත්ය බව සහතික කරන ඔවුන්ගේ අනුගාමිකයින් සියලු දෙනාම ස්වර්ගයට ඇතුළු වී නිරයෙන් මිදෙනු ඇත.

නබි මූසා තුමාගේ යුගයේ, එතුමාව විශ්වාස කරමින් සහ එතුමාගේ ඉගැන්වීම් පිළිපදිමින් සිටි උදවිය වනාහි, ඔවුහු ධර්මිෂ්ඨ දේවත්වය විශ්වාස කළ දේව අණට යටත් වූ මුස්ලිම්වරු වෙති. නමුත් අල්ලාහ් ඊසා (අලෙයහීස් සලාම්) තුමාව දූතයකු ලෙස එවූ පසු, මූසා තුමාව අනුගමනය කළවුන් ඊසා තුමාව විශ්වාස කොට ඔහුව අනුගමනය කිරීම අනිවාර්යය වේ.ඒ අනුව කවරෙකු ඊසා තුමාව අනුගමනය කළේ ද ඔවුන් දැහැමි මුස්ලිම්වරුන් වෙති. නමුත් කවරෙකු ඊසා තුමාව ප්රතික්ෂේප කොට 'මම මූසාගේ දහම මත රැඳී සිටිමි' යැයි පවසන්නේද එම තැනැත්තා දේව විශ්වාසී මුඃමින්වරයකු වන්නේ නැත. හේතුව අල්ලාහ් එවූ නබිවරයාව විශ්වාස කිරීම ඔහු ප්රතික්ෂේප කළ බැවිනි.අනතුරුව අවසන් දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව දූතයකු ලෙස අල්ලාහ් එවූ පසු, ඔවුන් සියලු දෙනා එතුමාණන්ව විශ්වාස කිරීම අනිවාර්යය වේ. කවරෙකු මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ දූත පණිවිඩය ප්රතික්ෂේප කොට, මම මූසා හෝ ඊසාව අනුගමනය කිරීමෙහි ම රැඳී සිටිමි යැයි පවසන්නේ ද ඔහු මුඃමින්වරයකු වන්නේ නැත.

සැබැවින්ම තමන් මුස්ලිම්වරුන්ට ගරු කරන බව පුද්ගලයකු පැවසීම පමණක් ඔහුට ප්රමාණවත් වන්නේ නැත. එමෙන්ම දුගී දුප්පතුන්ට දානමාන පිරිනමා උදව් කිරීම මතුලොවෙහි සාර් තකත්වය ලබන්නට ප්රමාණවත් වන්නේ නැත. නමුත් ඔහු අල්ලාහ්, ඔහුගේ ග්රන්ථ, ඔහුගේ දූතවරු හා අවසන් දිනය විශ්වාස කරන්නෙකු විය යුතුයි. අල්ලාහ් ඔහුගෙන් එය පිළිගත යුතුයි. මෙහි අල්ලාහ්ට ආදේශ කිරීම, ඔහුව ප්රතික්ෂේප කිරීම, ඔහු පහළ කළ දිව්ය පණිවිඩ හෙළා දැකීම හෝ ඔහුගේ අවසන් දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව පිටුදැකීම යනාදී කරුණුවලට වඩා බරපතල පාපයක් වෙනත් නැත.

යුදෙව්වන් කිතුනුවන් හා වෙනත් ආගමිකයින් මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ සම්ප්රාප්තිය ගැන සවන් දී පසුව ඔවුහු එතුමාණන්ව විශ්වාස කිරීමට ප්රතික්ෂේප කළෝය. ඉස්ලාමය තුළට පිවිසීම හෙළා දුටුවෝය. ඔවුන් අපා ගින්නේ සදාකල් වෙසෙන්නන් වෙති. එය කිසියම් මිනිසකුගේ තීන්දුව නොව අල්ලාහ්ගේ තීන්දුවයි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි:﴿إِنَّ الَّذِينَ كَفَرُوا مِنْ أَهْلِ الْكِتَابِ وَالْمُشْرِكِينَ فِي نَارِ جَهَنَّمَ خَالِدِينَ فِيهَا ۚ أُولَـٰئِكَ هُمْ شَرُّ الْبَرِيَّة﴾ "සැබැවින් ම පුස්තක ලත් ජනයා අතරින් වූ ප්රතික්ෂේප කළවුන් හා ආදේශ තබන්නන් නිරා ගින්නෙහි ය. ඔවුහු එහි සදාතනිකයෝ වෙති. ඔවුන් මය මැවීම් අතරින් නපුරුම මැවීම වනුයේ."(අල්-බය්යිනා :6)

මිනිස් සමූහයා වෙත අල්ලාහ්ගෙන් වූ අවසන් දිව්ය පණිවිඩය පහළ වීමෙන් ඉස්ලාමය ගැන සවන් දීම, අවසන් දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණණ්ගේ දූත පණිවිඩය ගැන සවන් දීම, එතුමාණන්ව විශ්වාස කොට එතුමාණන්ගේ පිළිවෙත අනුගමනය කිරීම, එතුමාණන්ගේ නියෝග හා එතුමාණන් තහනම් කළ නියෝග පිළිපැදීම අනිවාර්යය වේ. එබැවින් කවරෙකු හෝ අවසන් දූත පණිවිඩයට සවන් දී එය ප්රතික්ෂේප කරන්නේ ද අල්ලාහ් ඔහුගෙන් කිසිවක් පිළිගන්නේ නැත. මතුලොවෙහි ඔහුට දඬුවම් කරනු ඇත.

උත්තරීතර අල්ලාහ්ගේ ප්රකාශය ඒ සඳහා වන සාධකය වේ.﴿وَمَنْ يَبْتَغِ غَيْرَ الْإِسْلَامِ دِينًا فَلَنْ يُقْبَلَ مِنْهُ وَهُوَ فِي الْآخِرَةِ مِنَ الْخَاسِرِينَ﴾ "කවරෙකු ඉස්ලාමය හැර වෙනත් දහමක් සොයන්නේ ද, එවිට ඔහුගෙන් කිසිවක් පිළිගනු නොලබන්නේ ම ය. තවද ඔහු මතු ලොවෙහි අලාභ වන්තයින් අතරින් කෙනෙකි."(ආලු ඉම්රාන් :85)

උත්තරීතර අල්ලාහ් තවදුරටත් මෙසේ පවසයි:﴿قُلْ يَا أَهْلَ الْكِتَابِ تَعَالَوْا إِلَى كَلِمَةٍ سَوَاءٍ بَيْنَنَا وَبَيْنَكُمْ أَلَّا نَعْبُدَ إِلَّا اللَّهَ وَلَا نُشْرِكَ بِهِ شَيْئًا وَلَا يَتَّخِذَ بَعْضُنَا بَعْضًا أَرْبَابًا مِنْ دُونِ اللَّهِ فَإِنْ تَوَلَّوْا فَقُولُوا اشْهَدُوا بِأَنَّا مُسْلِمُونَ﴾ "අහෝ දහම් ලත් ජනයිනි! අල්ලාහ් හැර වෙනත් කිසිවෙකු අපි නොනමදිමු. ඔහුට කිසිවක් ආදේශ නොතබමු. අල්ලාහ්ගෙන් තොර ව අප අතුරින් ඇතැමෙකු ඇතැමෙකු ව දෙවියන් ලෙස නොගත යුතු ය යනුවෙන් අප හා ඔබ අතර වූ පොදු සම්මත වදනක් වෙත පැමිණෙනු යැයි (නබිවරය) පවසනු. එවිට ඔවුහු (සත්යය පිළි නොගෙන) පිටුපෑවෙහු නම් සැබැවින් ම අපි අවනත වූවන් (මුස්ලිම්වරුන්) බවට නුඹලා සාක්ෂි දරනු යැයි පවසනු."(ආලු ඉම්රාන් :64)

මුස්ලිම්වරයකු වීම සඳහා මට අවශ්ය වනුයේ කුමක් ද?

ඉස්ලාමය තුළට පිවිසීම සඳහා පහත සඳහන් මූලිකාංග හයක් පිළිබඳ විශ්වාස කිරීම අනිවාර්යය වේ.

උත්තරීතර අල්ලාහ් පිළිබඳ විශ්වාසය. එනම්, සැබැවින්ම ඔහු මැවුම්කරු, පෝෂක, සැළසුම්කරු හා පාලක ය. ඔහු මෙන් කිසිවක් නැත. ඔහුට කිසිදු සහකාරිය් හෝ දරුවකු හෝ නැත. නැමදුම් ලබන්නට සුදුස්සා ඔහු පමණය. ඔහු සමග වෙනත් කිසිවකු නැමදුමට ලක් නොවිය යුතුය. ඔහු හැර නැමදුම් ලබන සෙසු සියලු නැමදුම් ව්යාජ නැමදුම් බව විශ්වාස කළ යුතුය.

දේව දූතයන් පිළිබඳ විශ්වාසය, එනම් ඔවුන් උත්තරීතර අල්ලාහ් වෙනුවෙන් වූ ගැත්තෝ වෙති. ඔවුන්ව ඔහු ආලෝකයෙන් මවා ඇත. ඔවුන්ගේ සේවාවන් අතරින් සැබැවින්ම ඔවුන් ඔහුගේ ධර්ම දූතවරුන් වෙත දිව්ය පණිවිඩ රැගෙන පැමිණීම ද සේවාවකි.

අල්ලාහ් තම නබිවරුන්ට පහළ කළ (වෙනස් කිරීමට භාජනය වීමට පෙර පැවති තව්රාතය, ඉන්ජීලය වැනි) සියලු පුස්කත පිළිබඳ විශ්වාස කිරීම. එම පුස්තක අතරින් අවසානය වනුයේ ශුද්ධ වූ අල් කුර්ආනයයි.

නූහ්, ඉබ්රාහීම්, මූසා හා ඊසා යනාදී සියලුම ධර් ම දූතවරුන් පිළිබඳ විශ්වාස කිරීම. ඒ අතරින් අවසානයා වනුයේ මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ය. ඔවුන් සියල්ලෝම මිනිසුන් වෙති. දිව්ය පණිවිඩ තුළින් ඔහු ඔවුන් ශක්තිමත් කළේය. ඔවුන්ගේ සැබෑව පෙන්වා දෙන සාක්ෂි, සාධක හා ප්රාතිහාර් යයන් ඔහු ඔවුනට පිරිනැමුවේ ය.

අවසන් දිනය පිළිබඳ විශ්වාස කිරීම. එනම්, එය මුල් අය මෙන් ම අවසන් අය යන සියල්ලෝම අල්ලාහ් නැවත අවදි කර ඔහුගේ මැවීම් අතර තීන්දු පිරිනමනු අයුරිනි. දේවත්වය විශ්වාස කළ මුඃමින්වරුන් ස්වර්ගයට ඇතුළත් කරන අතර දේවත්වය ප්රතික්ෂේප කරන කාෆිර්වරු අපා ගින්නට ඇතුළත් කරනු ඇත.

පෙර නියමය පිළිබඳ විශ්වාසය. එනම් සැබැවින්ම අතීතයේ සිදු වූ දෑ මෙන්ම අනාගතයේ සිදු වන්නට යන සියල්ල පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නාය. සැබැවින්ම අල්ලාහ් ඒවා දැන සිටි අතර ඒවා සටහන් කර තබා ඇත. ඔහු ඒවා අභිමත කොට සෑම දෙයක්ම මවයි.

තීරණය ප්රමාද නොකරන්න!

මෙලොව සදාකාලික වාසස්ථානය නොවේ...

සෑම සුන්දරත්වයක්ම ඉන් අතුරුදහන් වනු ඇත. සෑම ආශාවක්ම නිවී යනු ඇත...

මිනිසා තමන් පෙර කළ දෑ සම්බන්ධයෙන් විභාග කෙරෙන දිනය පැමිණෙනු ඇත. එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයයි. උත්තරීතරයාණන් මෙසේ පවසයි:﴿وَوُضِعَ الْكِتَابُ فَتَرَى الْمُجْرِمِينَ مُشْفِقِينَ مِمَّا فِيهِ وَيَقُولُونَ يَا وَيْلَتَنَا مَالِ هَذَا الْكِتَابِ لاَ يُغَادِرُ صَغِيرَةً وَلاَ كَبِيرَةً إِلاَّ أَحْصَاهَا وَوَجَدُوا مَا عَمِلُوا حَاضِرًا وَلاَ يَظْلِمُ رَبُّكَ أَحَدًا﴾ "තවද වාර්තා පොත තබනු ලැබේ. එවිට වැරදිකරුවන් එහි ඇති දෑ ගැන බියට පත්වෙමින් සිටිනු නුඹ දකිනු ඇත. තවද ඔවුහු 'අහෝ අපගේ විනාශය! මෙම වාර්තාවට කුමක් සිදු වී ඇත් ද? එය කුඩා දෙයක් හෝ මහා දෙයක් හෝ සටහන් කර තිබෙනු මිස කිසිවක් අත්හැර නැත.' යැයි පවසනු ඇත. තවද ඔවුන් සිදු කළ දේ (ඔවුන්) ඉදිරියේම ඔවුහු දැක ගනිති. නුඹගේ පරමාධිපති කිසිවකුට අපරාධයක් නොකරයි."(අල්-කහ්ෆ් :49)

සැබැවින්ම ඉස්ලාමය පිළි නො ගත් තැනැත්තා, සදාතනික අපා ගින්න ඔහුගේ නවාතැන වන බව සර් ව බලධාරී අල්ලාහ් දන්වා ඇත.

එහෙයින් එම පාඩුව පහසු පාඩුවක් නොව, බරපතල පාඩුවකි. උත්තරීතර අල්ලාහ් මෙසේ පැවසීය:﴿وَمَن يَبْتَغِ غَيْرَ الْإِسْلَامِ دِينًا فَلَن يُقْبَلَ مِنْهُ وَهُوَ فِي الْآخِرَةِ مِنَ الْخَاسِرِينَ﴾ "කවරෙකු ඉස්ලාමය හැර වෙනත් දහමක් සොයන්නේ ද එවිට ඔහුගෙන් කිසිවක් පිළිගනු නොලබන්නේ ම ය. තවද ඔහු මතු ලොවෙහි අලාභ වන්තයින් අතරින් කෙනෙකි."(සූරා ආලු ඉම්රාන්: 85)

ඉස්ලාම් ධර්මය වනාහි, එය හැර වෙනත් කිසිදු ධර්මයක් දෙවියන් අල්ලාහ් පිළිගන්නේ නැත.

හේතුව අප මැව්වේ අල්ලාහ්ය. අපි හැරී යන්නේ ද ඔහු වෙතය. මෙලොව අපට පරීක්ෂණයකි.

මිනිසා ස්ථාවර වන්නට ඉඩ හරින්න: මේ ජීවිතය සිහිනයක් තරම් කෙටි ය... ඔහු කවදා මිය යනු ඇත්දැයි කිසිවෙකු දන්නේ නැත!

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ 'ඔබ සත්යය නො පිළිපැද්දේ ඇයි? අවසන් දූතයාණන්ව නො පිළිපැද්දේ ඇයි?' දැයි මිනිසාගෙන් විමසන විට, ඔහුගේ පිළිතුර කෙසේ වනු ඇත් ද?

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔබේ පරමාධිපති කුමකින් ප්රතිචාර දක්වනු ඇත් ද? ඉස්ලාමය ප්රතික්ෂේප කිරීම ගැන ඔහු අවවාද කළේය. දේවත්වය ප්රතික්ෂේප කරන්නන්ගේ නවාතැන සදාතනික අපා ගින්නේ විනාශය යැයි ඔහු අපට දන්වා සිටියේය.

උත්තරීතර අල්හ් මෙසේ පවසා ඇත:﴿وَالَّذِينَ كَفَرُوا وَكَذَّبُوا بِآيَاتِنَا أُولَئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِيهَا خَالِدُونَ﴾ "දේවත්වය ප්රතික්ෂේප කොට අපගේ වදන් බොරු කළවුන් වන ඔවුහු මය නිරා ගින්නෙහි සගයෝ. ඔවුහු එහි සදාතනිකයෝ වෙති."(අල් බකරා :39)

සත්යය අතහැර දමා තම මුතුන් මිත්තන් අනුකරණය කරන අයට සමාවක් නැත.

බහුතරයක් දෙනා තමන් ජීවත් වන පරිසරයට බියෙන් ඉස්ලාම් ආගමට පිවිසීම ප්රතික්ෂේප කරන බව සර්ව බලධාරී අල්ලාහ් අපට දන්වා ඇත.

බොහෝ අය ඉස්ලාමය ප්රතික්ෂේප කරනුයේ ඔවුන්ට තම මුතුන් මිත්තන්ගෙන් උරුම වූ හෝ ඔවුන්ගේ පරිසරයෙන් හා සමාජයෙන් ලබා ගත් සහ ඒ මත පුරුදු පුහුණු වී ඇති ඔවුන්ගේ විශ්වාසයන් වෙනස් කිරීමට කැමැත්තක් නැති බැවිනි. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ඉන් වළක්වාලීයේ මුරණ්ඩුකම සහ ඔවුන්ට උරුම වූ මිථ්යාව කෙරෙහි වූ කැමැත්තයි.

මේ සියලු දනන්හට මේ සඳහා නිදහසට කරුණක් නොමැති අතර, ඔවුන් කිසිදු විවාදයකින් තොරව අල්ලාහ් ඉදිරියෙහි පෙනී සිටිනු ඇත.

මම අදේවවාදී පවුලක ඉපදුනු බැවින් අදේවවාදී ලෙසම රැඳී සිටිමි යැයි පැවසීම ආදේව වාදියෙකුට නිදහසට කරුණක් වන්නේ නැත. නමුත් දෙවිඳුන් ඔහුට ත්යාග කළ බුද්ධිය භාවිතා කර අහස්හි හා මහපොළොවේ විශාලත්වය ගැන සිතීමත්, මැවුම්කරු ඔහුට ලබා දුන් බුද්ධියෙන් විශ්වයේ මැවුම්කරු ගැන වටහා ගැනීම සඳහා ඒ ගැන කල්පනා කර බැලීමත් ඔහුට අනිවාර්යය වේ.ගල් හා පිළිමවලට වන්දනාමාන කරන්නන් ද එලෙසමය. තම මුතුන් මිත්තන් අනුගමනය කිරීම ඔහුට කිසිදු නිදහසට කරුණක් නොවේ. සත්ය සෙවීම ඔහුට අනිවාර්යය වන අතර, තමන්ට සවන් නොදෙන. තමන්ව නොදකින, තමන්ට කිසිදු සෙතක් නොසළසන භෞතික වස්තුවකට තමන් නැමදුම් කළ හැක්කේ කෙසේද යැයි තමන් තුළ විමසා සිටීමත් අනිවාර්යය වේ.

සහජ බුද්ධියට පටහැනි කරුණු පිළිබඳ විශ්වාස කරන කිතුනු ජනයා ද එලෙසය. කිසිදු පාපයක් නොකළ තම පුතණුවන් ව සෙසු මිනිසුන්ගේ පාපකම් හේතුවෙන් දෙවිඳුන් ඝාතනයට ලක් කරනුයේ කෙසේ ද? එය මහා අපරාධයකි! දේව පුත්රයාව මිනිසුන් කුරුසියේ ඇණ ගසා මරා දැමිය හැක්කේ කෙසේ ද? තම පුතණුවන් ඝාතනය කිරීමෙන් ඔවුනට සමාව දීමෙන් තොරව ඔවුන්ගේ පාපකම්වලට සමාව දීමට දෙවිඳුන්ට නොහැකි ද? තම පුතණුවන්ව ආරක්ෂා කිරීමට දෙවිඳුන්ට නොහැකි වූයේ ද? යනාදී ලෙස තමන්ගෙන් විමසා සිටීම අනිවාර්යය වේ.

සත්යය පිළිපැදීම බුද්ධිමතා කෙරෙහි වූ වගකීමකි. ව්යාජ දෑ මත සිටින තම මුතුන් මිත්තන් අනුගමනය නොකළ යුතුය.

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:﴿وَإِذَا قِيلَ لَهُمْ تَعَالَوْا إِلَى مَا أَنْزَلَ اللَّهُ وَإِلَى الرَّسُولِ قَالُوا حَسْبُنَا مَا وَجَدْنَا عَلَيْهِ آبَاءَنَا أَوَلَوْ كَانَ آبَاؤُهُمْ لَا يَعْلَمُونَ شَيْئًا وَلَا يَهْتَدُونَ﴾ " 'අල්ලාහ් පහළ කළ දෑ වෙත ද රසූල්වරයා වෙත ද නුඹලා පැමිණෙනු' යැයි ඔවුනට පවසනු ලැබූ විට, 'අපගේ මුතුන් මිත්තන් කවර කරුණක් මත සිටිනු අප දුටුවෙමු ද එය අපට ප්රමාණවත් වේ' යැයි ඔවුහු පැවසුවෝය. ඔවුන්ගේ මුතුන් මිත්තන් කිසිවක් නොදැන, ඔවුන් යහමඟ ගමන් නොකර සිටියදී (ඔවුහු පිළිපදින්නෝ) ද?"(අල්-මාඉදා: 104)

ඉස්ලාමය වැළඳ ගැනීමට අපේක්ෂා කරන, තම ඥාතීන්ගේ හිංසාවට තමන් භාජනය වනු ඇතැයි බියවන අය සිදු කළ යුත්තේ කුමක් ද?

ඉස්ලාමය වැළද ගන්නට අපේක්ෂා කර, තමන් අවට පරිසරය ගැන බිය වන්නා, ඉස්ලාමය වැළඳ ගත් පසු තමන් ස්වාධීන වී, තම ඉස්ලාමය හෙළි කරන්නට හැකි යහපත් තත්ත්වයක් අල්ලාහ් ඔහුට පහසු කර දෙන තෙක් තම ඉස්ලාමය රහසිගතව තබා ගැනීමට ඔහුට පුළුවන.

මිනිසාට අනිවාර්යය වනුයේ ඉස්ලාමය වහාම වැළඳ ගැනීමය. නමුත් ඔහු අවට සිටින්නන් හට තම ඉස්ලාමය ගැන දන්වා සිටීම හෝ එය ප්රසිද්ධ කිරීම හෝ ඔහුට හානියක් වන්නේ නම් ඒ ගැන දන්වා සිටීම ඔහුට අනිවාර්යය නැත.

සැබැවින්ම මිනිසා ඉස්ලාමය වැළඳ ගත් විට ඔහු මිලියන ගණනාවක මුස්ලිම්වරුන්ගේ සහෝදරයකු වනු ඇත. තම ප්රදේශයේ මස්ජිද් හා ඉස්ලාමීය මධ්යස්ථාන සමඟ සන්නිවේදනය කර ඔවුන්ගෙන් උපදෙස් හා උපකාර ඉල්ලා සිටිය හැකිය. එය ඔවුන් සතුටු කරනු ඇත.

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:﴿وَمَنْ يَتَّقِ اللَّهَ يَجْعَلْ لَهُ مَخْرَجًا "... තවද කවරෙකු අල්ලාහ්ට බිය බැතිමත් වන්නේ ද ඔහු ඔහුට බැහැර වීමේ මගක් ඇති කරයි."وَيَرْزُقْهُ مِنْ حَيْثُ لَا يَحْتَسِب﴾ "තවද ඔහු නො සිතූ අයුරින් ඔහු(අල්ලාහ්) ඔහුට පෝෂණය කරයි..."(අත්-තලාක්: 2, 3)

හිතවත් පාඨක! ඔබ

මිනිසුන් අප ගැන තෘප්තිමත් වනවාට වඩා වැදගත් වන්නේ, - අපේ මව්වරුන්ගේ කුසවල් තුළ කලලයන්ව සිටියදී අපට ආහාර ලබා දුන්, අප කෙරෙහි සියලු ආශීර් වාද ලබා දුන්- මැවුම්කරු දෙවියන් සතුටු කිරීම නොවේද?

මෙලොව හා මතුලොව සාර්ථකත්වය, තම ජීවිතයේ සියලු ක්ෂනික සැප සම්පත් කැප කිරීමට වඩා වටිනවා නොවේද? එසේය, අල්ලාහ් මත දිවුරා සිටිමි.!

එබැවින් තම වැරදි මාර්ගය නිවැරදි කර ගැනීමෙන් සහ නිවැරදි දේ සිදු කිරීමෙන් තමන් වළක්වාලන තම අතීතයට ඉඩ දිය යුතු නැත.

මිනිසා අද සත්ය මුඃම්න්වරයකු විය යුතුය! සත්යය පිළිගැනීමෙන් ඔහුව වළක්වන්නට ෂෙයිතාන්ට ඉඩ නොදිය යුතුය.

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:﴿يَا أَيُّهَا النَّاسُ قَدْ جَاءَكُمْ بُرْهَانٌ مِنْ رَبِّكُمْ وَأَنزلْنَا إِلَيْكُمْ نُورًا مُبِينًا (174) "අහෝ මිනිසුනි! නුඹලාගේ පරමාධිපතිගෙන් සාධකයක් පැමිණ ඇත. තවද නුඹලා වෙත පැහැදිලි ආලෝකයක් අපි පහළ කළෙමු." (174)فَأَمَّا الَّذِينَ آمَنُوا بِاللَّهِ وَاعْتَصَمُوا بِهِ فَسَيُدْخِلُهُمْ فِي رَحْمَةٍ مِنْهُ وَفَضْلٍ وَيَهْدِيهِمْ إِلَيْهِ صِرَاطًا مُسْتَقِيمًا﴾ "අල්ලාහ්ව විශ්වාස කොට, ඔහුව තදින් ග්රහණය කර ගත් අය වූ කලී ඔහුගෙන් වූ දයාවෙහි හා භාග්යයෙහි ඔහු ඔවුන් ඇතුළත් කරනු ඇත. තවද ඔහු ඔවුනට ඍජු මාර්ගයෙන් ඔහු වෙත මඟ පෙන්වනු ඇත." (අන්-නිසා: 174-175)(අන්-නිසා 174,175)

ඔබේ ජීවිතයේ හොඳම තීරණය ගැනීමට ඔබ සූදානම්ද?

ඉහත කී මේ සියල්ල තාර්කික නම්, පුද්ගලයා තම හදවත තුළ සත්යය දැන ගත්තේ නම්, ඔහු මුස්ලිම්වරයකු වීමට පළමු පියවර ගත යුතුය.

ඔහුගේ ජීවිතයේ හොඳම තීරණය ගැනීමට සහ මුස්ලිම්වරයෙකු වන්නේ කෙසේද යන්න පිළිබඳ මග පෙන්වීමට උදව් අවශ්ය වනුයේ කාහටද?

ඔහුගේ පව් ඔහු ඉස්ලාමයට පිවිසීම සඳහා බාධකයක් වීමට ඉඩ නොතැබිය යුතුය. අල්ලාහ් අල්-කුර් ආනයේ අපට පවසා ඇත්තේ පුද්ගලයෙකු ඉස්ලාම් ආගම වැළඳගෙන තම මැවුම්කරු වෙත පසුතැවිලි වුවහොත් ඔහුගේ සියලු පාපකම්වලට සමාව දෙන බවයි. ඉස්ලාමය පිළිගත් පසුව ද එය ස්වාභාවිකය. අප මනුෂ්යයන් මිස වැරදි නොකරන දේවදූතයන් නොවන බැවින් පුද්ගලයකු පව් කිරීම ස්වභාවික කරුණකි.නමුත් අපෙන් අපේක්ෂා කරනු ලබන්නේ, අල්ලාහ්ගෙන් සමාව අයැද ඔහු වෙත පශ්චාත්තාප වීමය. සැබැවින්ම අපි සත්යය පිළිගන්නටත්, ඉස්ලාමය තුළට පිවිසීමටත්, සාක්ෂියේ ප්රකාශ දෙක පැවසීමටත් අපි යුහුසුළු වන බව අල්ලාහ් දක්නේ නම්, සැබැවින්ම ඔහු අනෙකුත් පාපකම් අත්හැර දැමීමට අපට උපකාර කරනු ඇත. එවිට ඔහු අල්ලාහ්ව පිළිගෙන සත්යය අනුගමනය කරයි. යහපත අධික කිරීමට අල්ලාහ් ඔහුට ආශිර් වාද කරයි. දැන් ඉස්ලාමයට පිවිසීමට මිනිසා පසුබට නොවිය යුතුයි.

ඒ සඳහා වන සාධකය නම්, උත්තරීතර අල්ලාහ්ගේ ප්රකාශයයි.﴿قُلْ لِلَّذِينَ كَفَرُوا إِنْ يَنْتَهُوا يُغْفَرْ لَهُمْ مَا قَدْ سَلَفَ﴾ "(නබිවරය!) අකටයුතුකම් කිරීමෙන් ඔවුන් වැළකී සිටින්නේ නම් පෙර සිදු කළ දෑ ට ඔවුනට සමාව දෙනු ලබන බව දේවත්වය ප්රතික්ෂේප කළවුනට පවසනු…"(අල්-අන්ෆාල්: 38)

මුස්ලිම්වරයකු වීමට මා සිදු කළ යුත්තේ කුමක් ද?

ඉස්ලාමය තුළට පිවිසීම පහසු කාර්යයකි. ඒ සඳහා චාරිත්ර වාරිත්ර හෝ රාජකීය කටයුතු හෝ කිසිවකු ඉදිරියේ සිදු වීමට අවශ්ය වන්නේ නැත. සාක්ෂියේ ප්රකාශ දෙක ඒවායෙහි තේරුම හොඳින් වටහා ගෙන ඒ ගැන විශ්වාස කරමින් ප්රකාශ කිරීම පමණක් ප්රමාණවත්ය. එනම්: අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාහු වඅෂ්හදු අන්න මුහම්මදන් රසූලුල්ලාහ් (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැති බව මම සාක්ෂි දරමි. මුහම්මද් තුමාණන් අල්ලාහ්ගේ දූතයාණන් බව ද මම සාක්ෂි දරමි.) එය අරාබි බසින් පැවසීම ඔබට පහසු නම්, එය යහපත් ය. නමුත් එය ඔබට අපහසු නම් ඔබේ බසින් එය උච්ඡාරණය කිරීම ඔබට ප්රමාණවත්ය. එමගින් ඔබට මුස්ලිම්වරයකු විය හැක. ඉන්පසුව මෙලොව සතුටට හා මතුලොව ඔබේ ජයග්රහණයට මූලික වන ඔබේ දහම හැදෑරීම ඔබට අනිවාර්යය වනු ඇත.





විශ්වය මැව්වේ කවු ද? මා මැව්වේ කවු ද? ඒ ඇයි?

සර්වබලධාරී ශ්රේෂ්ඨ මැවුකරු

මේ පරමාධිපති පෝෂක හා මැවුකරු උත්තරීතර සුවිශුද්ධ වූ අල්ලාහ් ය.

මැවුම්කරු පරමාධිපතියාණන්ගේ ගුණාංග.

නැමදුම් ලබන පරමාධිපතියාණන් පූර්ණවත් ගුණාංග තුළින් සංලක්ෂිත වේ.

මේ උතුම් මැවුම්කරු අපව නිර්මාණය කළේ ඇයි? ඔහුට අපෙන් අවශ්ය වන්නේ කුමක්ද?

දූතවරුන් බොහෝමයක් කුමකට ද?

සියලුම දූතවරුන් විශ්වාස කරන තෙක් පුද්ගලයකු දේව විශ්වාසී කෙනෙක් මුඃමින්වරයකු වන්නේ නැත.

ශුද්ධ වූ අල් කුර්ආනය යනු කුමක් ද?

ඉස්ලාම් යනු කුමක් ද?

ඉස්ලාමය සතුට සඳහා වන මාර්ගයයි

ඉස්ලාමය තුළට පිවිසීමෙන් මා ලබන ඵලය කුමක් ද?

ඉස්ලාමය ප්රතික්ෂේප කළේ නම් ලබන අලාභය කුමක් ද?

මරණින් මතු ජීවිතයෙහි සාර්තකත්වය අපේක්ෂා කරන තැනැත්තා ඉස්ලාමය තුළට පිවිසිය යුතු අතර නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව පිළිපැදිය යුතු වේ.

මුස්ලිම්වරයකු වීම සඳහා මට අවශ්ය වනුයේ කුමක් ද?

තීරණය ප්රමාද නොකරන්න!

සත්යය අතහැර දමා තම මුතුන් මිත්තන් අනුකරණය කරන අයට සමාවක් නැත.

ඉස්ලාමය වැළඳ ගැනීමට අපේක්ෂා කරන, තම ඥාතීන්ගේ හිංසාවට තමන් භාජනය වනු ඇතැයි බියවන අය සිදු කළ යුත්තේ කුමක් ද?

හිතවත් පාඨක! ඔබ

ඔබේ ජීවිතයේ හොඳම තීරණය ගැනීමට ඔබ සූදානම්ද?

මුස්ලිම්වරයකු වීමට මා සිදු කළ යුත්තේ කුමක් ද?