×
ඉස්ලාමය සහජ ධර්මයේ, බුද්ධියේ හා සතුටේ දහමයි

ඉස්ලාමය

සහජ ධර්මයේ, බුද්ධියේ හා සතුටේ දහමයි.

මහා කාරුණික පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙන්

ඔබ ඔබෙන් ම විමසුවෙහි ද?

අහස් හා මහපොළොව මෙන්ම ඒ දෙක අතර ඇති සුවිසල් මැවීම් නිර් මාණය කළේ කවු ද? මෙම ස්ථාවර හා සූක්ෂම සැකසුම නිර්මාණය කළේ කවු ද?

මෙම මහා විශ්වය වසර ගණනාවක් පුරා එය නිශ්චිතව නියාමනය කරන, එම න්යායන් සමඟ එක් වී එය ස්ථාවර වන්නේ කෙසේද?

මෙම විශ්වය තමා විසින්ම තමාව නිර්මාණය කර ගත්තා ද? එසේ නැතිනම් කිසිවක් නැතිව බිහි වූයේ ද? එසේත් නැතිනම් අහම්බෙන් බිහි වූයේ ද?

ඔබව මැව්වේ කවු ද?

ඔබේ ශරීරයේ සහ ජීවීන්ගේ ශරීර සැකසුම තුළ මෙම නිශ්චිත පද්ධතිය තැබුවේ කවුද?

කිසිවකුගේ නිර්මාණයෙන් තොරව මෙම නිවස ඇතිවිය. එසේ නැතහොත් මෙම නිවස නිර්මාණය වූයේ කිසිවක් නොමැතිව ය යැයි පැවැසීම කිසිම කෙනෙක් පිළිගන්නේ නැත. එසේනම් මේ මහා විශ්වය මැවුම්කරුවෙකු නොමැතිව ඇති වූවක් යැයි පවසන සමහරු එය සහතික කරන්නේ කෙසේද? විශ්වයේ මෙම නිශ්චිත පද්ධතිය අහම්බෙන් ඇති වූවක් යැයි පැවසීම බුද්ධිමත් කෙනෙකුට පිළිගත හැක්කේ කෙසේද?

නිසැකවම මෙම විශ්වයේ හා එහි ඇති දෑ මැවූ, ඒවා පාලනය කරන බලවත් දෙවියකු සිටිය යුතුය. ඔහුය උත්තරීතර සුවිශුද්ධ අල්ලාහ්.

සුවිශුද්ධ පරමාධිපතියාණන් අප වෙත දූතවරු එවීය. ඔවුන් වෙත වහී හෙවත් දිව්ය පුස්තක පහළ කළේය. ඒවා අතරින් අවසානතම පුස්තකය වනුයේ අල්ලාහ් තම අවසන් දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පහළ කළ ශුද්ධ වූ අල් කුර්ආනයයි. ඔහුගේ ග්රන්ථ හා ඔහුගේ දූතවරුන් තුළින්:

* ඔහු ගැන, ඔහුගේ ගුණාංග හා අප වෙත පැවරෙන ඔහුගේ වගගීම් ගැන අප හඳුනා ගන්නෙමු. එය ඔහු වෙත පැවරෙන අපගේ වගකීම් ගැන ද පැහැදිළි කරයි.

සැබැවින්ම සියලු මැවීම් මැවූ පරමාධිපති ඔහු ය. ඔහු මිය නො යන අමරණීයය. සියලු මැවීම් ඔහු අතෙහිය, ඔහුගේ බලය හා ඔහුගේ මෙහෙයවීම යටතේය.

සර්වඥභාවය ඔහුගේ ගුණාංග අතරින් එකක් බව අපට දන්වා ඇත. එහෙයින් සියලු දෑ දැනුමෙන් ඔහු ආවරණය කරගෙන සිටියි. සැබැවින්ම ඔහු සර්ව ශ්රාවකය, සර්ව නිරීක්ෂකය. මහපොළොවේ හෝ අහසෙහි හෝ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත.

පරමාධිපතියාණන් වන ඔහු සදා පැවත්ම ඇති සදා ජීවමානය. සියලු මැවීම්වල ජීවයේ පැවැත්ම ශුද්ධ වූ ඔහු තුළින් වන්නේය. ඔහු සෑම මැවීමකම ජීවය ක්රියාත්මක කරවන සදා පැවැත්ම ඇති සුවිශුද්ධයාණන්ය. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:﴿اللَّهُ لا إِلَهَ إِلَّا هُوَ الْحَيُّ الْقَيُّومُ لا تَأْخُذُهُ سِنَةٌ وَلا نَوْمٌ لَهُ مَا فِي السَّمَوَاتِ وَمَا فِي الأَرْضِ مَنْ ذَا الَّذِي يَشْفَعُ عِنْدَهُ إِلَّا بِإِذْنِهِ يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَلا يُحِيطُونَ بِشَيْءٍ مِنْ عِلْمِهِ إِلَّا بِمَا شَاءَ وَسِعَ كُرْسِيُّهُ السَّمَوَاتِ وَالأَرْضَ وَلا يَئُودُهُ حِفْظُهُمَا وَهُوَ الْعَلِيُّ الْعَظِيمُ﴾ අල්ලාහ් වන ඔහු හැර වෙනත් දෙවිඳෙකු නැත. ඔහු සදා ජීවමාන ය, සදා පැවැත්මක් ඇත්තා ය. මඳ නින්ද හෝ (තද) නින්ද ඔහු ව ග්රහණය නොකරන්නේය. අහස් හි ඇති දෑ ද මහපොළොවේ ඇති දෑ ද ඔහු සතු ය. ඔහු අනුමැතිය දුන් අය මිස ඔහු අබියස මැදිහත්වන්නෙකු විය හැක්කේ කවරෙකුට ද? ඔවුනට ඉදිරියේ ඇති දෑ ද ඔවුනට පසුපසින් ඇති දෑ ද ඔහු දන්නේය. ඔහු අභිමත වූ පරිදි මිස ඔහුගේ දැනුමෙන් කිසිවක් ඔවුහු ග්රහණය නොකරති. ඔහුගේ ආසනය අහස් හි හා මහපොළොවෙහි ව්යාප්ත ව ඇත. ඒ දෙක ආරක්ෂා කිරීම ඔහුට දුෂ්කර නොවේ. තව ද ඔහු අති උත්තරීතර ය. මහෝත්තම ය.(සූරා-අල් බකරා :255)

සැබැවින්ම පරමාධිපතියාණන්, පරිපූර්ණ ගුණාංග තුළින් විස්තර කරනු ලැබ ඇතැයි ද අපට දන්වා ඇත. එමෙන්ම තම ශක්තිය හා බලය මෙන්ම තම පරිපූර්ණ ගුණාංග අපට පෙන්වා දෙන දැයින් තම හැකියාවේ හා මැවීමෙහි ප්රාතිහාර් යයන් වටහා ගත හැකි බුද්ධිය හා ඉන්ද්රියන් පිරිනැමීය. ඔහුගේ පරිපූර් ණත්වය පෙන්වා දෙන සහජ බුද්ධිය අප තුළ වැඩෙව්වේය. අඩුපාඩුකම් ඇති ගුණාංගවලින් වර්ණනා කිරීමට කිසිදු ඉඩක් නැත.

සැබැවින්ම පරමාධිපතියාණන් තමන් මැවූ අහස්වලට ඉහළින් සිටින බවත් ඔහු විශ්වය තුළ හෝ එහි අවට ඇති විශ්වයන් තුළ හෝ නො සිටින බවත් අපි දනිමු.

සුවිශුද්ධයාණන් වන ඔහුට අපි යටත් විය යුතු බවත් අපට දන්වා ඇත. අපගේ මැවුම්කරු ඔහු ය. විශ්වයේ මැවුම්කරු හා එහි සැළසුම්කරු ද ඔහු ය.

මැවුම්කරුට අති උත්කෘෂ්ඨ ගුණාංග ඇත. අවශ්යතා හෝ අඩුපාඩු සහිත ගුණාංගවලින් කිසිවිටෙක ඔහු වර්ණනා කළ නො හැකිය. පරමාධිපතියාණන්ට කිසිවක් අමතක නො වෙයි, නො නිදයි, ආහාර පාන නො ගනියි. ඔහුට කිසිදු සහකාරියක හෝ දරුවකු හෝ සිටිය නො හැකිය. මැවුම්කරුගේ උත්කෘෂ්ඨභාවයට විරුද්ධ කරුණ සහිත සියලු පාඨයන් දූතවරුන් ගෙන ආ නිවැරදි දිව්ය පණිවිඩ නොවේ.

ශුද්ධ වූ අල් කුර්ආනයේ අල්ලාහ් මෙසේ පවසයි:﴿قُلۡ هُوَ ٱللَّهُ أَحَدٌ * (නබි මුහම්මද්!) පවසනු. ඔහු, එනම් අල්ලාහ් ඒකීයය.ٱللَّهُ ٱلصَّمَدُ * අල්ලාහ් ස්වාධීනය. (කිසිම අවශ්යතාවයක් නොමැත්තාය.)لَمۡ یَلِدۡ وَلَمۡ یُولَدۡ * ඔහු ජනිත නො කළේ ය. තවද ජනිත කරනු නො ලැබුවේ ය.وَلَمۡ یَكُن لَّهُۥ كُفُوًا أَحَدُۢ﴾ තවද ඔහුට සමාන කිසිවෙකු නැත.(අල්-ඉහ්ඃලාස්: 1-4)

ඔබ මැවුම්කරු පරමාධිපතියාණන් ව විශ්වාස කර සිටින්නේ නම්, ඔබ ව මැවීමේ අරමුණ ගැනත් අපෙන් අල්ලාහ් අපේක්ෂා කරනුයේ කුමක් ද? අපගේ පැවැත්මෙන් අවානය කුමක් ද? යන්න වගත් කවදා හෝ කල්පනාකර බලා තිබේ ද?

සැබැවින්ම අල්ලාහ් අප මවා පසුව නිකරුණේ අත්හැර දමන්නට අල්ලාහ්ට හැකි ද? අල්ලාහ් මේ සියළු ජීවීන් මෙව්වේ කිසිදු අරමුණක් හෝ ඉලක්කයක් හෝ නොමැතිව හැකි ද?

යථාර්ථය නම්, සැබැවින්ම සර්වබලධාරී මැවුම්කරු 'අල්ලාහ්'ය. ඔහු අප මැවූ අරමුණු ගැන ඔහු අප වෙත දන්වා ඇත. එනම් එය අල්ලාහ් වන ඔහුට පමණක් නැමදීමටය. අපෙන් ඔහු අපේක්ෂා කරනුයේ කුමක් ද? සැබැවින්ම නැමදුමට සුදුස්සා අල්ලාහ් වන ඔහු පමණක් වන වග ඔහු අපට දන්වා ඇත. තවද ඔහුට නැමදුම් ඉටු කළ යුත්තේ කෙසේ ද? ඔහුගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දෑ අත්හැර දමමින් ඔහුට අප සමීප විය යුත්තේ කෙසේ ද? ඔහුගේ තෘප්තිය අප ලැබිය හැක්කේ කෙසේ ද? යන වගත් ඔහු ඔහුගේ දූතවරුන් මගින් අපට පැහැදිලි කළේය. එමෙන්ම මරණින් පසු අපගේ නවාතැන ගැන ද අපට දන්වා සිටියේ ය.

සැබැවින්ම මෙලොව ජීවිතය පරීක්ෂණයක් පමණක් බවත් සැබෑ පරිපූර්ණ ජීවිතය මරණින් පසු මතුලොවෙහි පවතින බවත් ඔහු අපට දන්වා සිටියේ ය.

කවරෙකු අල්ලාහ් නියෝග කළ පරිදි ඔහුට නැමදුම් ඉටු කර, ඔහු තහනම් කළ දැයින් වැළකී සිටියේ ද, ඔහුට මෙලොවෙහි යහපත් ජීවිතයක් ඇත. මතුලොවෙහි ද සදාතනික සැපත ඇත. නමුත් කවරෙකු ඔහුට පිටුපා ඔහුව ප්රතික්ෂේප කළේ ද ඔහුට මෙලොව අභාග්ය මෙන්ම මතුලොවෙහි සදා දඬුවම ද අනිවාර්යයෙන් ඇත.

අප අතරින් සෑම මිනිසෙකුම තමන් කළ ධර්මිෂ්ඨ හෝ අධර්මිෂ්ඨ ක්රියාවක් සඳහාම කිසිවක් නොලබා ජීවිතයේ අපට ගමන් කළ නොහැකි බව සැබැවින්ම අපි දන්නා බැවින්, මෙහිදී අපරාධකරුවන්ට දඬුවම් නොපවතින අතර දැහැමියන්ට ප්රමාණවත් ප්රතිඵල ද නොලබනු ඇත.

සැබැවින්ම ඔහුගේ තෘප්තිය තුළින් ජයග්රහණයත්, ඔහුගේ දඬුවමින් මිදීමත් ඉස්ලාම් දහම තුළට පිවිසීමෙන් තොරව සිදු නොවන්නක් බව අපගේ පරමාධිපතියාණන් අපට දන්වා ඇත. එය ඔහුට යටහත් ව, කිසිදු හවුල්කරුවකුගෙන් තොරව ඔහුට පමණක් නැමදුම් කිරීමයි. ඔහුට අවනත වීමයි. පිළිගැනීමෙන් හා තෘප්තියෙන් ඔහු දහම් ගත කළ පිළිවෙත් පිළිපැද ඔහුට යටහත් වීමයි. එය හැර වෙනත් දහමක් අල්ලාහ් මිනිසාගෙන් පිළිගන්නේ නැති බවත් ඔහු අපට දන්වා සිටියි. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:(وَمَن يَبۡتَغِ غَيۡرَ ٱلۡإِسۡلَٰمِ دِينا فَلَن يُقۡبَلَ مِنۡهُ وَهُوَ فِي ٱلۡأٓخِرَةِ مِنَ ٱلۡخَٰسِرِينَ) "කවරෙකු ඉස්ලාමයෙන් තොර ව වෙනත් දහමක් සොයන්නේ ද එවිට ඔහුගෙන් (කිසිදු දහමක්) පිළිගනු නොලබන්නේ මය. තවද ඔහු මතු ලොවෙහි අලාභවන්තයින් අතරින් කෙනෙකි."(ආලු ඉම්රාන් :85)

වර්තමානයේ මිනිසුන් බහුතරයක් දෙනා නමදින දෑ දෙස බලන විට දැකිය හැකි වනුයේ, ඔවුන් යම් කිසි පුද්ගලයකුට නමදින ආකාරයයි. ඇතැමුන් පිළිමවලට නමදිති. තවත් ඇතැමුන් ග්රහ තාරකාවන්ට නමදිති. තම ගුණාංගවල පරිපූර්ණත්වය ලැබූ, සර්වලෝකයන්හි පරමාධිපතියාණන්ට හැර වෙනත් කිසිවකුට නැමදීම බුද්ධිමත් මිනිසෙකුට යුතු වන්නේ නැත. තමන් මෙන් මැවීමකට හෝ ඊටත් වඩා පහත් දැයකට නමදිය හැක්කේ කෙසේ ද? එහෙයින් නැමදුම් ලබන්නා මිනිසෙකු හෝ පිළිමයක් හෝ ගසක් හෝ සතෙකු හෝ විය නොහැකිිය

ඉස්ලාමය හැර වර්තමානයේ මිනිසුන් නමදින සෙසු සියලු ආගම්, අල්ලාහ් විසින් පිළිගනු ලබන්නේ නැත. ඒවා මිනිසුන් නිර්මාණය කරගත් ආගම් ය. එසේ නැතහොත් දිව්ය ආගම් ලෙස පැවත, පසුව මිනිස් දෑතින් විකෘතියට පත් ආගම්ය. ඉස්ලාමය වනාහි ලෝවැසියන්ගේ පරමාධිපතියාණන්ගේ ආගමයි. එය වෙනස් නොවන අතර වෙනස් කළ ද නොහැකිිය මෙම දහමේ ග්රන්ථය ශුද්ධ වූ අල් කුර්ආනයයි. අල්ලාහ් එය පහළ කළ අයුරින්ම සුරක්ෂිතව පවතින ග්රන්ථයයි. අවසන් දූත (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට පහළ කළ බසින්ම අද දක්වාම මුස්ලිම්වරුන්ගේ අත්වල එය පවතී.

අල්ලාහ් එවූ සියලුම ධර්ම දූතවරුන් විශ්වාස කිරීම ද ඉස්ලාමයේ මූලිකාංගයකි. ඔවුහු සියලු දෙනාම මිනිසුන් අතරින් වූහ. සාක්ෂි සාධක සහ ප්රාතිහාර් යයන් තුළින් අල්ලාහ් ඔවුන්ව ශක්තිමත් කළේය. කිසිදු හවුල් කිරීමකින් තොරව ඔහුට පමණක් නැමදීම සඳහා ඇරයුම් කරනු වස් ඔහු ඔවුන් එව්වේය.අවසන් දූතයා වනුයේ දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ය. එතුමාණන්ට පෙර සිටි දූතවරුන්ගේ පිළිවෙත් වෙනස් කරමින් අවසන් දිව්යමය පිළිවෙත සමඟ අල්ලාහ් එතුමාණන්ව එව්වේය. බලවත් සාධක මගින් එතුමාණන්ව ශක්තිමත් කළේය. ඒ අතරින් බලවත්ම සාධකය ශුද්ධ වූ අල් කුර්ආනය විය. එය ලෝවැසියන්ගේ පරමාධිපතියාණන්ගේ වදන්ය. මිනිසා හඳුනන, ඉතා ප්රබලතම ග්රන්ථයයි. එහි අන්තර්ගතයෙහි, වචනයෙහි, සැකැස්මෙහි හා නීතිවල ප්රාතිහාර්යයන් දක්නට ලැබේ. මෙලොව හා මතුලොව සතුට ගෙන දෙන සත්යය සඳහා වන මඟපෙන්වීම එහි ඇත. එය පහළ කරනු ලැබුවේ අරාබි බසිනි.

සැබැවින්ම අල් කුර්ආනය සර්වබලධාරී උත්තරීතර මැවුම්කරුවාණන්ගේ ප්රකාශයක් බවටත්, එය මිනිස් නිර්මාණයක් විය නො හැකි බවටත් කිසිදු සැකයක් නොමැති බව තහවුරු කරන විද්යාත්මක හා බුද්ධිමය සාධක බොහෝමයක් මෙහි ඇත.

ඉස්ලාමයේ මූලිකාංග අතරට මලක්වරුන් හෙවත් සුර දූතයින් පිළිබඳ විශ්වාස කිරීමත්, අවසන් දිනය පිළිබඳ විශ්වාස කිරීමත් ඇතුළත් වේ. එහිදී අල්ලාහ් මිනිසාගේ ක්රියාවන් පිළිබඳ ඔවුන්ගෙන් ප්රශ්න කරනු පිණිස මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ මිනීවලවල්වලින් ඔවුන්ව යළි අවදි කරනු ඇත. එහෙයින් කවරෙකු දේව විශ්වාස කරන්නෙකු ලෙස සිටිමින් දැහැමි ක්රියාවන් සිදු කළේ ද ඔහුට ස්වර්ග උයනේ සදා සැපත ඇත. කවරෙකු ප්රතික්ෂේප කොට නපුරු ක්රියාවන් සිදු කළේ ද ඔහුට අපා ගින්නේ බරපතල දඬුවම ඇත. එමෙන්ම අල්ලාහ් නියම කළ යහපත හා අයහපත පිළිබඳ විශ්වාස කිරීමත් ඉස්ලාමයේ මූලිකාංග අතරින් තවත් කරුණකි.

ඉස්ලාම් දහම, ජීවිතයට පරිපූර්ණ ජීවන රටාවක් වන අතර එය සාමාන්ය බුද්ධියට හා තර්කයට අනුකූල වේ. එය සාමාන්ය සිත් ඇත්තන් විසින් පිළිගනු ලබන්නකි. එය ශ්රේෂ්ඨ මැවුම්කරු විසින් ඔහුගේ මැවීම් සඳහා නීති සම්පාදනය කරන ලද්දකි. එය මේ ලෝකයේ මෙන්ම මතුලොවෙහි සියලුම මිනිසුන්ට යහපත හා සතුට ගෙන දෙන ආගමකි. එය එක් ජාතියකින් තවත් ජාතියක් හෝ එක් වර්ණයකින් තවත් වර්ණයක් හෝ වෙන් කරන්නේ නැත. ඒවා තුළ මිනිසුන් එක සමාන වේ. යහපත් ක්රියාවේ ප්රමාණයට අනුව හැර ඉස්ලාමය තුළ කිසිවෙක් වෙනත් කිසිවකුට වඩා වෙනස් වන්නේ නැත.

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:(مَنۡ عَمِلَ صَٰلِحا مِّن ذَكَرٍ أَوۡ أُنثَىٰ وَهُوَ مُؤۡمِن فَلَنُحۡيِيَنَّهُۥ حَيَوٰة طَيِّبَة وَلَنَجۡزِيَنَّهُمۡ أَجۡرَهُم بِأَحۡسَنِ مَا كَانُواْ يَعۡمَلُونَ) "යම් පිරිමියකුගෙන් හෝ වේවා කාන්තාවකගෙන් හෝ වේවා දේව විශ්වාසියකු ලෙස සිට යමෙකු දැහැමි කටයුත්තක් කළේ ද, එවිට යහපත් ජීවිතයක් ගත කිරීම සඳහා අපි ඔහු ව ජීවත් කරවන්නෙමු. තවද ඔවුන් සිදු කරමින් සිටි දෑට ඉතා යහපත් අයුරින් ඔවුන්ගේ ප්රතිඵල වලට අපි ඔවුනට යහපත පිරිනමන්නෙමු."(අන් නහ්ල්: 97)

ශුද්ධ වූ අල් කුර්ආනයේ අල්ලාහ් සහතික කර පවසා සිටිනුයේ, සැබැවින්ම අල්ලාහ් පරමාධිපතියාණන් හා නැමදුමට සුදුස්සා බවත් ඉස්ලාමය එකම දහම බවත් මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දූතයාණන් බවත් විශ්වාස කළ යුතු බවයි. ඉස්ලාමය තුළට පිවිසීම අත්යවශ්ය කරුණකි. එහි මිනිසාට කිසිදු විකල්පයක් නැත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය හා ප්රතිඵල ඇත. කවරෙකු සැබෑ දේව විශ්වාසියෙකු හා සත්යවාදියෙකු ලෙස සිටින්නේ ද ඔහුට අතිමහත් ජයග්රහණය හා සාර්ථකත්වය ඇත. කවරෙකු ප්රතික්ෂේප කරන්නෙකු ලෙස සිටින්නේ ද ඔහුට පැහැදිලි අලාභය ඇත.

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:(... وَمَن يُطِعِ ٱللَّهَ وَرَسُولَهُۥ يُدۡخِلۡهُ جَنَّٰت تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَاۚ وَذَٰلِكَ ٱلۡفَوۡزُ ٱلۡعَظِيمُ، "... තවද කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වන්නේ ද ඔහු ව ඊට පහළින් ගංගාවෝ ගලා බස්නා (ස්වර්ග) උයන් වලට ඔහු ඇතුළත් කරන්නේය. එහි ඔවුහු සදාතනිකයෝ ය. ඉමහත් ජයග්රහණය එයයි."وَمَن يَعۡصِ ٱللَّهَ وَرَسُولَهُۥ وَيَتَعَدَّ حُدُودَهُۥ يُدۡخِلۡهُ نَارًا خَٰلِدا فِيهَا وَلَهُۥ عَذَاب مُّهِين) "තවද කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට පිටු පා ඔහු(අල්ලාහ්)ගේ සීමාවන් ඉක්මවා යන්නේ ද ඔහු ව (අල්ලාහ්) අපා ගින්නට ඇතුළත් කරන්නේය. එහි ඔහු සදාතනික ය. තවද ඔහුට නින්දා සහගත දඬුවමක් ඇත."(අන්-නිසා 13,14)

කවරෙකු ඉස්ලාමය තුළට පිවිසීමට අපේක්ෂා කරන්නේ ද ඔහු, "අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාහු වඅෂ්හදු අන්න මුහම්මදන් රසූලුල්ලාහ් (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැති බවට මම සාක්ෂි දරමි. තවද මුහම්මද් තුමාණන් අල්ලාහ්ගේ දූතයාණන් බවට මම සාක්ෂි දරමි) යනුවෙන් එහි අර් ථය හොඳින් වටහා ගෙන ඒ ගැන විශ්වාස කරමින් පැවසිය යුතුයි. එමගින් ඔහු මුස්ලිම්වරයකු බවට පත්වනු ඇත. පසුව අල්ලාහ් ඔහුට අනිවාර්යය කළ දෑ ක්රියාත්මක කරනු පිණිස ඉස්ලාමයේ ඉතිරි පිළිවෙත් ද ටිකෙන් ටික හැදෑරිය යුතුයි.

ඉස්ලාමය

සහජ ධර්මයේ, බුද්ධියේ හා සතුටේ දහමයි.

ඔබව මැව්වේ කවු ද?

සැබැවින්ම අල්ලාහ් අප මවා පසුව නිකරුණේ අත්හැර දමන්නට අල්ලාහ්ට හැකි ද? අල්ලාහ් මේ සියළු ජීවීන් මෙව්වේ කිසිදු අරමුණක් හෝ ඉලක්කයක් හෝ නොමැතිව හැකි ද?

අප අතරින් සෑම මිනිසෙකුම තමන් කළ ධර්මිෂ්ඨ හෝ අධර්මිෂ්ඨ ක්රියාවක් සඳහාම කිසිවක් නොලබා ජීවිතයේ අපට ගමන් කළ නොහැකි බව සැබැවින්ම අපි දන්නා බැවින්, මෙහිදී අපරාධකරුවන්ට දඬුවම් නොපවතින අතර දැහැමියන්ට ප්රමාණවත් ප්රතිඵල ද නොලබනු ඇත.